21.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඥාන සාගරය නැවත නැවතත් ආවර්ජනය කොට සේවය කිරීම සඳහා අලුත් විධි සොයා ගන්න.
එවිට සෑම කෙනෙකුටම පියාගේ හැඳින්වීම ලබාගත හැකිවනු ඇත.
ප්රශ්නය:
ඔබගේ වාසනාව
උසස් කරලීම සඳහා පියා දරුවන් වන ඔබ සියලුම දෙනාට පෙන්වා දෙන ක්‍රමය කුමක්ද?
පිළිතුර:
ඔබගේ වාසනාව උසස් වාසනාවක් බවට පත්කර ගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ තුළ ඇති සියලු නරක
පුරුදු ඉවත්කර දමන්න. බොරු කීමත්, කෝපයට පත්වීමත් ඉතාමත් නරක පුරුදුයි. සේවය කිරීමට
බලවත් ඕනෑකමක් තමා තුළ ඇතිකර ගන්න. නිරහංකාරී තත්ත්වයේ සිට පියා සේවය කරන්නා සේම,
අනෙක් අයට ප්‍රයෝජනයක් වීම උදෙසා හැකි උපරිම අයුරින් ආධ්‍යාත්මික සේවයෙහි නිරතවන්න.
ගීතය:
ඔබගේම
වීථියෙහි ජීවත්වන්නටත් ඔබගේම වීථියෙහි මිය යන්නටත්...
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවන් වූ ඔබ තේරුම්ගෙන, පියා කවුද යන පළවෙනිම කරුණ විස්තර කර දිය
යුතුයි. ඔබ ඒ අසීමිත වූ පියාගේ දරුවන්ය යන විශ්වාසය තිබෙන විට තමයි දරුවන්ට
අතීන්ද්‍රිය සතුට අත්දැකිය හැකි වන්නේ. එපමණයි. මේ එකම කරුණ නිසා ඔබේ සතුටෙහි ධාරාව
ඉහළ යනවා. මෙය තාවකාලික සතුටක් සඳහා පමණක් වූ කරුණකි. ඔබ දන්නවා ඔබ තමාවම බ්‍රහ්ම
කුමරුන් හා කුමරියන් ලෙස හඳුනාගන්නා බව. මෙය අලුත් නිර්මාණයක්. ඉතින් පළමුවෙන්ම, මේ
ඔබගේ පියා යන විශ්වාසය අනිවාර්යෙන්ම ඔබ තුළ තිබිය යුතුයි. පියාගෙන් පසු, විශ්ණු
(ත්‍රිමූර්ති පින්තූරය) තිබෙනවා. පියාගෙන් ඔබ විශ්ණුගේ දේශයෙහි උරුමය ලබා ගන්නා
නිසා, ඔබ තුළ විශාල සතුටක් තිබෙනවා. ඔබ අන් අය තුළ මෙම විශ්වාසය ඇති කරවීමට ඔවුන්ව
පෙළඹවිය යුතු අතර ඔවුන්ට කියා එය ලියවා ගත යුතුයි. වෛශ්නව් කියන්නේ විශ්ණුයි කියා
ඔවුන් කියනවා. භාරතයේ මිනිස්සු ඉතාමත් හොඳින් දන්නවා, දේවතාවන් කියන්නේ පාපයෙන් තොර
අය බව. ස්වර්ණමය යුගයේ තිබුණේ පිරිසිඳු ගෘහ ජීවිතයක්. ඔවුන් ගායනා කරනවා ඔබ
සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි, නමුත් අප පාපයෙන් පිරිලා. ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම
සම්පූර්ණයෙන් පාපයෙන් තොර වන නමුත්, කලි යුගයේ සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම පාපයෙන්
පිරිලා. රාගයේ ගැලෙන අය හැඳින්විය හැක්කේ අපිරිසිඳු, දූෂිත අය ලෙසයි. කෝපාධික
මිනිසෙක් අපිරිසිඳුයි හෝ දූෂිතයි කියා කියන්නේ නැහැ. සන්යාසීන් පවා කෝපයට පත්වනවා.
ඉතින්, ප්‍රථමයෙන් පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඒ උසස්ම පියා භාරතයට පැමිණි කල, මේ
විශාල යුද්ධය අනිවාර්යෙන්ම සිදු වනවා. මන්ද, ඒ උත්තරීතර පියා, පැමිණ ඔබව අපිරිසිඳු
ලෝකයෙන් පිරිසිඳු ලෝකය කරා ගෙන යනවා. ශරීර සියල්ල දැන් විනාශ වීමටයි තිබෙන්නේ. අපට
උගන්වන්නේ පියාය යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි. එමනිසා, ඔබ ක්‍රමවත් විය යුතුයි.
මෙහි තිබෙන්නේ නේවාසිකාගාරයක් නොවේ. නේවාසිකාගාරයක් තනනවානම් ගොඩනැගිලි විශාල
ප්‍රමාණයක් අවශ්‍ය වනවා. මිනිස්සු දින 4ක් හෝ 7ක් හෝ නැවතීමට පැමිණියත් ගොඩනැගිලි
ගණනාවක් අවශ්‍ය වෙනවා. පියා කියනවා ඔබේ පවුලේ අයත් සමඟ ගෙදරම ජීවත් වී බාබා
සිහිකරන්න. එපමණයි. බාබා පමණයි පාරිශුද්ධකරුවා වන්නේ. පියා කියනවා මා සිහිකරන්න.
එවිට ඔබගේ පාප සියල්ල නැති වී යන බවට මා වගකිනවා. පළමුවෙන්ම ඔබ, ඔවුන් සත්‍ය ලෙසම
ශිව බාබාගේ දරුවන් වන බවත්, ඔවුන් ලෝක පාලකයන් බවට පත්වීමට ඔහුගෙන් උරුමයක්
ලබාගන්නා බවත්, ඔවුන්ට කියා ලියවා ගත යුතුයි. සෑම රජෙක්ම, රැජිනක්ම හා සේවකයෙක්ම
ලෝක පාලකයන්ය. ප්‍රදර්ශන වලදී හා පොළවල් වලදී විස්තර කරන සෑම කෙනෙකුටම විස්තර කර
දෙනවා ප්‍රධානම දෙය තමයි පරමාත්ම දෙවියන්. ඒ උසස්ම වූ අය ඉන්නේ එකම කෙනයි. ඔහු තමයි
ඥාන සාගරය හා පාරිශුද්ධකරුවා වන්නේ. ඔහු ඥාන සාගරය වන නිසා, ඔහු අනිවාර්යෙන්ම ඔබට
උපදෙස් දෙනවා ක්‍රිෂ්ණාට එසේ උපදෙස් දෙන්න බැහැ. ශිව බාබා හැර වෙන කිසිම කෙනෙක්ට
දෙවියන් විය නොහැකියි. බ්රහ්මා, විශ්ණු හා ශන්කර් දේවතාවන්ය. ස්වර්ණමය යුගයේ
දිව්‍යමය ගුණාංගයන්ගෙන් යුතු මනුෂ්‍යයන් සිටින අතර, මෙහි කලියුගයේ සිටින්නේ යක්ෂ
ගතිවලින් යුතු මනුෂ්‍යයන්ය. ඔවුන්ට මෙය විස්තර කළ යුත්තේ පසුවයි. පළමුවෙන්ම ඔවුන්ට
පියාගේ හැඳින්වී ලබා දී ඔවුන්ගෙන් අත්සන ලබාගන්න. ඥාන සාගරය ආවර්ජනය කිරීම සඳහා
නොයෙකුත් ආකාරයේ විධි කිහිපයක් සොයාගෙන බාබාට කියන්න බාබා, ඔවුන් මේ මේ ප්‍රශ්න
අහනවා, එවිට අප විස්තර කරන්නේ මේ අයුරිනි. එවිට බාබා ඔබට කුමන ආකාරයේ කරුණක් කියා
දෙනවාද කියතොත්, එය ඔවුන් තුළ යම්කිසි බලපෑමක් ඇතිකිරීමට සමත් වනවා. බාබා සෑම තැනකම
සිටිනවාය කියා කීමත්, ඔහු කිඹුලන් තුළ හා මාළුවන් තුළ ඉන්නවා කියා කීම නිග්‍රහ
කිරීමකි. මේ නිසා තමයි ඔබ බාබාගේ හැඳින්වීම ලබාදිය යුතු වන්නේ. බාබා පමණයි ඔබව ලෝක
පාලකයන් බවට පත්කරවන්නේ. මේ ලක්ෂ්මි හා නාරායන තමයි ලෝකයේ සතෝප්‍රධාන් පාලකයන් ලෙස
සිටියේ. පසුව නැවත නැවතත් උපත් ලබාගැනීමෙන් ඔවුන් තමෝප්‍රධාන් වූවා. දැන් පියා
කියනවා මා සිහිපත් කරන්න. එවිට ඔබ සතෝප්‍රධාන් තත්ත්වයට පත්වනු ඇත. කවුරු, කුමන
ආගමක වුවත් පියාගේ පණිවිඩය සෑම කෙනෙක්ටම අදාල වූවකි. ඔහුව හඳුන්වන්නේ දෙවියන්,
පියා, විමුක්තිදායකයා ලෙසයි. ඔහු අනිවාර්යෙන්ම ඔබව පාරිශුද්ධත්වයට පත්කිරීම උදෙසා
මේ අපිරිසිඳු ලෝකයට එනවා. කලි යුගය අවසානයේදී මුළු ලෝකයම තමෝප්‍රධාන්ය. සෑම කෙනෙක්ම
සතෝප්‍රධාන් වූ පසුව පමණයි ඔවුන්ට නව ලෝකය වෙත යාමට හැකි වන්නේ. එහි නොයන අය සාම
දේශයට වී ඉන්නවා. මෙය ඔවුන්ගේ බුද්ධිය තුළ ස්ථිර කරන්න. එවිට තමා ඒ පියාව සිහිකළ
යුතුයි යන්න ගැන ඔවුන් තේරුම් ගන්නවා. ඔබ මනුෂ්‍ය ශරීර සිහි නොකළ යුතුයි. පියා
ශරීරයකින් තොර, පිළිරුවකින් තොර වූ කෙනෙක්. අනෙක් සෑම කෙනෙක්ටම නොයෙකුත් ආකාරයේ
පිළිරූ තිබෙනවා. අනෙක් අයට විස්තර කිරීමට ඔබ තුළ ආශාවක් තිබිය යුතුයි. ප්‍රදර්ශනවලට
බොහෝ දෙනා එනවා. නමුත් මධ්‍යස්ථානවලට එතරම් එන්නේ නැහැ. සේවයෙහි නිරත වී සිටීමෙන්
දරුවන් තුළ විශාල උද්යෝගයක් ඇති වනවා. මෙහිදී ඔබ නැවත නැවතත් පියාව අමතක කරනවා. ඔබ
සේවයෙහි නිරතව සිටිනවා නම්, ස්මරණය නැමති වන්දනා ගමන අමතක කරන්නේ නැහැ. ඔබත්
ස්මරණයෙහි යෙදෙන අතර අනෙක් අයටත් බාබා සිහිකිරීමට මතක් කරනවා. දරුවන් වන ඔබ
ඉගෙනගන්නවා. ඔබ අනිවාර්යෙන්ම රාජ්‍යය හිමිකරගන්නවා යන්න ගැන දැන් ඔබ සිහියේ
තිබෙනවා. මෙපමණක්ම තේරුම් ගැනීමෙන් ඔබ සතුටක් අත්දකිනවා. එය අමතක කිරීමෙන්, ඔබ
පැටළිලි සහගත තත්ත්වයට පත්වනවා. ඔබ බාබාට මෙසේ ලිවිය යුතුයි බාබා, මම අතීන්ද්‍රිය
සතුටක් අත්දකිනවා. කොහොමනමුත්, අප අපගේ සතුටේ දේශය වෙත යාමට පෙර තවත් ඉතාමත් කෙටි
කාලයයි ඉතිරි වී තිබෙන්නේ. අප උපත් 63ක් පුරා අසනීප තත්ත්වයෙන් සිටි අතර කිසිම
ඖෂධයක් නොතිබුණු හෙයින් අසනීපකාරයන් බවට පත්වූවා. අපව රැකබලා ගැනීමට කිසිම කෙනෙක්
සිටියේ නැහැ. එමනිසා, එම අසනීප උඩුදුවන්න පටන්ගත්තා. මේ අසනීපය කෙතරම් භයානකද
කියතොත්, ඒ සදාකාලික ශල්‍යවෛද්‍යවරයා හැර වෙන කිසිම කෙනෙක්ට ඔබව එයින් නිදහස් කර
ගැනීමට නොහැකියි. මේ, සෑම කෙනෙක්ම නිදහස ලැබිය යුතු කාලයයි. ඔබ පාරිශුද්ධත්වයට
පත්වී විමුක්තියේ දේශය වෙත යනු ඇත. සමහරු කියනවා විමුක්තියට වී සිටීම හොඳයි. ඔවුන්ට
කිසිම කොටසක් නැහැ. නාට්‍යයක ඉතාමත් පුංචි කොටසක් තිබෙන කෙනෙක් වීරවරයෙක් හෝ
වීරවරියක්වත්, ප්‍රධාන නළුවෙක් ලෙසවත් හැඳින්විය නොහැකියි. පියා විස්තර කරනවා හැකි
උපරිම අයුරින් පියාව සිහිකර ශක්තිමත් වන්න. පියා සිහිකිරීමට ඔබ අමතක නොකළ යුතුයි.
පියා තමයි ප්‍රධානම තැනැත්තා. මේ පුංචි පුංචි පින්තූරත් තිබෙන්නේ අනෙක් අයට විස්තර
කර දීම සඳහායි. ශිවා හා ශංකර් කියන්නේ එකම කෙනෙක් නොවන බව ඔප්පු කිරීම සඳහා ඔබ මෙම
පින්තූර පාවිච්චියට ගත යුතුයි. සූක්ෂම ලෝකයේ කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. මේ සෑම
දෙයක්ම භක්ති මාර්ගය බව ඔබට දැන් තේරෙනවා. ඥානය දෙන්නේ ඒ එකම එක පියා පමණයි. ඔහු එය
සංගම් යුගයේදී දෙන බව සහතික වශයෙන්ම දැනගන්න. භාරතයේ මිනිස්සු දිව්‍ය ලෝකයේ උරුමය
සෑම කල්පයකදීම ලබා ගන්නවා. මෙය අවුරුදු 5000ක් පිළිබඳ වූ කරුණක්. නමුත් ඔවුන්
අවුරුදු සියදහස් ගණනක් ගැන කතා කරනවා. කලි යුගය පමණක් අවුරුදු සිය දහස් ගණනක් වන බව
ඔවුන් කියන නමුත්, අප කියන්නේ මේ මුළු කල්පයම අවුරුදු 5000ක් පමණක් බවයි. ඔවුන්
එවන් වූ ලොකු බොරුවක් කියා තිබෙනවා. ඔවුන් කන්නලව් කරනවා අහෝ පාරිශුද්ධකරුවාණනි!
ක්‍රිෂ්ණා පාරිශුද්ධකරුවා ලෙස හැඳින්විය නොහැකියි. වෙන කිසිම ආගමක අය ක්‍රිෂ්ණා
විමුක්තිදායකයා කියා කියන්නේ නැහැ. මිනිස්සු ’අහෝ පාරිශද්ධකරුවාණනි‘ කියා කන්නලව්
කරන විට ඔවුන්ගේ සිහිය යොමුවන්නේ ඉහළටයි. නමුත් ඔවුන් එය තේරුම් ගන්නේ නැහැ. මායාගේ
අඳුර බොහෝ සෙයින් පැතිරී තිබෙනවා. සෑම කෙනෙක්ම දැන් ඉන්නේ වරදවා වටහා ගැනීමකයි.
ආගමික ග්රන්ථ සදාකාලිකයි කියා ඔවුන් කියනවා. කොහොමනමුත්, ඔවුන් ස්වර්ණමය හෝ රිදී
යුගවලට එන්නේ නැහැ. මෙය කෙතරම් පහසු අධ්‍යාපනයක්ද කියතොත් ඔබ අසනීප තත්ත්වයක සිටියා
වුවත් පන්තියට පැමිණ ඉඳගෙන ඉගෙනගත හැකි අධ්‍යාපනයකි. මෙහිදී, ඔබට සමාවට කරුණු
ඉදිරිපත් කළ නොහැකියි. සමහර එළදෙනුන් ඉතාමත් හොඳයි. නමුත් සමහරු ඔබට පයින් ගසා
දමනවා. මෙහිදීත්, අහංකාර බවට ගොදුරු වී සිටින අය, කෝපයට පත්වන අය අන් අයට පයින්
ගහනවා. ඔවුන් කරන්නේ සේවයක් නොව, නිග්‍රහ කිරීමකි. කිසිම දුර්වලතාවයක් ඔබ තුළ
නොතිබිය යුතුයි. කොහොමනමුත්, කර්ම බන්ධන කෙතරම් බලවත්ද කියතොත් ඒවා ඔබට උසස්
තත්ත්වයක් ලැබීමට ඉඩදෙන්නේ නැහැ. පියා ඔබට ඔබගේ වාසනාව උසස් කරගැනීම සඳහා වූ මාර්ගය
පෙන්වා දෙනවා. නමුත් ඔබෙන් සමහර අය මෙය පිළිපැද්දේ නැතහොත්, පියා මොනවා කරන්නද?
ආදායම ඉතාමත් විශාලයි. ආදායමක් ලැබීමෙහි කුල්මත්භාවය ඔබ තුළත් තිබිය යුතුයි. ඔබ
ආදායමක් ලැබුවේ නැත්නම් මොකද වෙන්නේ? සෑම කල්පයකදීම ඔබේ තත්ත්වය වන්නේ එයයි. පියා
සෑම කෙනෙකුටම අනතුරු අඟවනවා. ඔහු ඔබට අපහාස කරන්නේ නැහැ. දරුවන් තුළ කිසිමාකාරයක
අපිරිසිඳු පුරුදු නොතිබිය යුතුයි. බොරු කීම ඉතා නරකයි. සතුටින් යගියාවෙහි සේවය
කරන්න. ඔබ බාබා ළඟට පැමිණි විට, බාබා ඔබට සේවය කිරීමට සංඥා කරනවා. ඔබට ආහාර සපයන
තැනැත්තාට ඔබ අනිවාර්යෙන්ම සේවයක් කළ යුතුයි. පියා ඔබට සේවය කරන ආකාරය උගන්වනවා. ඒ
උසස්ම වූ පියා කෙතරම් විශාල වූ සේවාවක් කරනවාද බලන්න. ඔබ සමහර විට ඥාන මාර්ගයට
පැමිණීමට ප්‍රථමවත් නොකළ තරම් වැඩ දැන් කරනවා විය හැකියි. ඔබ ඒ තරමට නිරහංකාර විය
යුතුයි. නීතියට පටහැනිව ඔබ කිසිම ක්‍රියාවක් නොකළ යුතුයි. අනෙක් අයට ප්‍රයෝජනයක්
වීම සඳහා, හැකි උපරිම අයුරින් ඔබේ දෑතින්ම වැඩ කරන්න. ඔබට අපහසුම අවස්ථාවකදී ඔබගේ
වැඩ අන් කෙනෙකු ලවා කරවා ගැනීමට සිදුවුවහොත්, එය වෙනම දෙයක්. නිරහංකාර වී
බැඳීම්වලින් නිදහස් වන්න. බාබාගේ ස්මරණය නොමැතිව කිසිම කෙනෙකුට තවත් කෙනෙක්ට සේවයක්
කළ නොහැකියි. ඔබ ඔහුව සිහිපත් කරනා තරමට, ඔබ පාරිශුද්ධත්වයට පත්වනු ඇත. ස්මරණයෙහිදී
පමණයි ඔබට මෙම බාධක එල්ලවන්නේ. ඥාන මාර්ගයේ ඒ තරම් බාධක නැහැ. ඥාන කරුණු බොහොමයක්
තිබෙනවා. පියා සිහිපත් කිරීමෙන්, ඔබ සුවඳවත් මල් බවට පත්වනු ඇත. කොහොමනමුත්, ඔබ
ඔහුව, ටිකක් සිහි කළහොත්, ටිකක් සුවඳ මල් බවට පත්වනවා. සමහරු හරියට නිකං මිනී මල්
වගෙයි. එමනිසා, ඔබ තමාව සුවඳවත් මලක් බවට පත්කර ගත යුතුයි. ඔබ තුළින් කිසිම ගඳක්
වහනය නොවිය යුතුයි. ජීවය අනිවාර්යෙන්ම සුවඳවත් විය යුතුයි. එවන් වූ කුඩා තිතක එවන්
වූ දැනුමක් පටිගත වී තිබෙනවා යන්නත් පුදුමයට කරුණක්. මෙහි තිබෙන්නේ එකම ලෝකයයි
ලෝකයෙන් උඩ හෝ පහළින් කිසිම දෙයක් නැහැ. ඔබට ත්‍රිමූර්තියෙහි අර්ථය වැටහෙනවා. ඔවුන්
’ත්‍රිමූර්ති පාර‘ කියා පාරකට නමක් දමා තිබෙනවා. සමහරු බ්‍රහ්මාට ත්‍රිමූර්ති කියා
කියනවා. ඔවුන් ඔහුගේ ජීවිත කතාව ගැන කිසිවක් දන්නේ නැහැ. ආගමික ග්‍රන්ථවල, ඔවුන්
උසස් මනුෂ්‍යයන්ගේ ජීවිත කතා ලියා තිබෙනවා ලක්ෂ්මි හා නාරායන, රාධේ සහ ක්‍රිෂ්ණා
ආදී සෑම කෙනෙක්ම මනුෂ්‍යයන්. නමුත්, අනෙක් අයගේ ජීවිත කතා ආගමික ග්රන්ථ ලෙස
හඳුන්වන්නේ නැහැ. දේවතාවන්ගේ ජීවිත කතා ආගමික ග්රන්ථ ලෙස ගැනෙනවා, නමුත් ශිව
බාබාගේ ජිවිත කතාව කෝ? ඔහු අශාරීරිකයි. ඔහුම කියනවා මම තමයි පාරිශුද්ධකරුවා. සෑම
කෙනෙක්ම මට පියා කියා කතා කරනවා. මා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපනය කරනවා. මීට අවුරුදු
5000කට ප්‍රථම භාරතය දිව්‍ය ලෝකයක් වූවා. එය දැන් නැවතත් එම තත්ත්වයට පත්විය
යුතුයි. මෙය තේරුම් ගැනීමට ඉතාමත් පහසු දෙයක්. කොහොමනමුත්, ඔවුන්ට තිබෙන්නේ කෙතරම්
ගල් බුද්ධියක් ද කියතොත්, එම අගුල විවෘත වන්නේම නැහැ. ඥානය හා යෝගා යන අගුල් දෙක
දැන් වැසී තිබෙනවා. පියා කියනවා පියා උසස්ම වූ තැනැත්තා යන පණිවිඩය සෑම නිවසකටම
ලබාදෙන්න. පළවන පඩිය අශාරීරික ලෝකයයි. දෙවන පඩිය සූක්ෂම ලෝකය වන අතර, තුන්වන පඩිය
තමයි භෞතික ලෝකය. දරුවන් මෙම පඩි ගැන සිහිපත් කළා නම්, ඔබ අනිවාර්යෙන්ම ප්‍රථමයෙන්ම
බාබා සිහිපත් කරනවා. සේවය කිරීම සඳහා ඔබ දුව යා යුතුයි. බාබා කිසිම තැනකට යාමට ඔබට
තහනමක් කරන්නේ නැහැ. මගුල් ගෙවල්වල හෝ වන්දනා ගමන් හෝ යාමට ඔබට පුළුවන්. නමුත් එහි
යා යුත්තේත් සේවයක් කිරීම සඳහායි. ඔබට කතා පවත්වමින් මෙසේ කියන්න පුළුවන් මෙය
ආධ්‍යාත්මික වන්දනා ගමනක් නමුත්, එය භෞතික ගමනකි. ඔබ දිගින් දිගටම නොයෙකුත් කරුණු
දැනගන්නවා. විශ්‍රාම ගිය අයගේ රැස්වීම්වලට ගොස් ඔවුන්ට සේවය කරන්න. ඔවුන්ට සවන් දී,
ඔවුන් මොනවද කරන්නේ කියා බලන්න. ඔබ තමා ළඟ සෑම විටම විස්තර පත්‍රිකා ද තබා ගත
යුතුයි. එහි ප්‍රධාන කරුණු හතරක්, පහක් සඳහන් කළ යුතුයි. ’දෙවියන් සෑම තැනකම නැහැ‘.
’ක්‍රිෂ්ණා ගීතාවේ දෙවියන් නොවේ‘. මෙය ඉතාමත් පැහැදිලි ලෙස ලියන්න. එවිට මෙය කියවන
ඕනෑම කෙනෙක්, මෙය සත්‍යයයි යන්න තේරුම් ගනීවි. මෙහිදී ඔබ බොහෝ දක්ෂ විය යුතුයි.
බාබා ඔබට ත්‍රිමූර්තිය ගැනත් කියා දෙනවා ඔබගේ සාක්කුවෙන් සෑම විටම මෙම පින්තූරය ගෙන
එදෙස බලන්න. ඕනෑම කෙනෙක්ට විස්තර කර දෙන්න මේ බාබායි. මේ උරුමයයි. විශ්ණුගේ
පින්තූරයත් ඉතා හොඳයි. දුම්රියේ ගමන් කරන විටත් ඔබට සේවය කළ හැකියි. පියා සිහිපත්
කරන්න. එවිට ඔබ ලෝක පාලකයන් බවට පත්වනු ඇත. සෑහෙන සේවයක් කරන්න පුළුවන්.
කොහොමනමුත්, කිසිම කෙනෙක්ට එම ඥානය නැහැ. ඔබ බොහෝ සෙයින් උත්සාහ කළ යුතුයි. සටන්
බිමෙහිදී කම්මැලි වී බැහැ. බොහෝ සැළකිල්ලෙන් යුතුව ඉන්න. කෝවිල්වල විශාල සේවයක්
කරන්න පුළුවන්. බාබා කියනවා මන්මනාභව්! එච්චරයි! තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන්
තත්ත්වයට පත්වන්න. ප්‍රධානම කරුණු කිහිපය ඔවුන් තුළට ගියාද යන්න ගැන ඔබ සැළකිලිමත්
විය යුතුයි. සේවය කිරීම ගැන දරුවන් බොහෝ උනන්දු විය යුතුයි. ත්‍රිමූර්ති පින්තූරයේ
සිටම ඥානය මතුවනවා. ඉනිමගේ පින්තූරයත් ඉතාමත්ම හොඳයි. මුදල් උපයා ගැනීම සඳහා සෑම
කෙනෙක්ටම වර්ධනය වීමට අවශ්‍යයි. පුංචි දරුවන්ට පවා මේ ක්‍රම උගන්වන්න. සෑම කෙනෙක්ම
ඔබට ස්තුතිවන්ත වෙමින් මෙසේ කියයි ’සන්යාසීන්ට පවා දීමට නොහැකි දැනුමක් පුංචි ළමයි
දෙනවා. මේක නම් බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්ගේ පුදුමයක්‘. මිනිස්සු නොමිලේ මේ
සියල්ල ලබන විට, ඔබ මෙය දෙන්නේ ඔවුන්ගේ ප්‍රයෝජනයට බව ඔවුන් තේරුම් ගනියි. ඔවුන්ට
කියන්න මෙය නොමිලේ කිසිම අය කිරීමකින් තොරව කරන දෙයක්. ඔබට එය කියවා එමඟින් ඔබටම
ප්‍රයෝජනයක් ලබා ගත හැකියි. ශිව බාබා තමයි අහිංසක භාණ්ඩාගාරිකයා. දරුවෝ බොහොමයක්
ඉන්නවා. පියා ඔබගෙන් අය කරන්නේ මොකටද? දුම්රියවලදීත් ඔබට විශාල සේවයක් කරන්න
පුළුවන්. ඔබ හොඳ මනුෂ්‍යයෙක් දැක්කොත්, ඔහුට විස්තර කර පින්තූරයක් දෙන්න. ඔහුට
කියන්න: ඔබට යහපත සළසාගෙන, අන් අයටත් යහපත සළසන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. නීතියට
පටහැනිව කිසිම දෙයක් කරන්න එපා. නිරහංකාර වී බැඳීම්වලින් නිදහස් වන්න. හැකිතාක්
දුරට ඔබගේ දේවල් ඔබ විසින්ම ඉටුකර ගන්න. දැඩි සතුටකින් යගියාවේ සේවය ඉටු කරන්න.
2. ඉගෙනීම අතපසු
කිරීම ගැන කිසිම සමාවට කාරණාවක් දෙන්න එපා. ඔබ අසනීප තත්ත්වයක සිටිනා විටත් කෙසේ හෝ
මෙම ඉගෙනීම නොනවත්වා කරන්න. උද්යෝගිමත්ව සිටීමට, සේවය කිරීමට ආශාවක් ඇතිකර ගන්න.
වරදානය:
නිහතමානී
ස්ථිතිය තුළින් සැමට ගෞරවය ලබා දෙන සහ ආත්ම ගෞරවය තුළ ස්ථාවරව සිටිමින් ගෞරවයට හා
වන්දනාවට සුදුසු අයෙකු බවට ඔබ පත්වේවා.
පරමාත්ම පියාගේ
ප්‍රශංසාවම ඔබගේ ආත්මගෞරවයයි. මෙම ආත්මගෞරවය තුළ ස්ථාවරව සිටින්න; එවිට ඔබ නිහතමානී
වනු ඇති අතර, සැමගෙන්ම ඉබේම ගෞරවය ලැබීමට ඔබට හැකි වනු ඇත. ගෞරවය ඉල්ලා සිටීමෙන් එය
ලැබෙන්නේ නැත; ඒ වෙනුවට, අන් අයට ගෞරවය දීමෙන්, තමාගේ ආත්ම ගෞරවය තුළ ස්ථාවරව
සිටීමෙන් සහ ගෞරවය අත්හැරීමෙන්, ඔබ ගෞරවයට හා වන්දනාවට සුදුසු වීමේ භාග්‍යය ලබයි.
මන්ද, අන් අයට ගෞරවය දීම යනු ඇත්ත වශයෙන්ම ගෞරවය ගැනීමක්ම වන බැවිනි.
පාඨය:
සියල්ල දන්නා
අයෙකු වීමට අමතරව, සියල්ල ක්‍රියාවට නංවන අයෙකු වන්න; එසේම, දුබල (බල රහිත)
ජීවාත්මයන්ට අත්දැකීම් නම් වූ ප්‍රසාදය (දිව්‍යමය ආහාරය) බෙදා දෙන්නෙකු වන්න.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
ශරීරය, සබඳතා හෝ
ද්‍රව්‍යමය දේ සම්බන්ධ කිසිදු බැඳීමකට ඔබව ඇද ගැනීමට ඉඩ නොදෙන්න. මෙලෙස බැඳීම්
වලින් නිදහස් වූ ජීවාත්මයන්ට පමණක් කර්මතීත් ස්ථිතිය අත්විඳිය හැකිය; එනම් පියාගේ
ස්ථිතියට සමාන වූ සම්පූර්ණ හා පරිපූර්ණ අවස්ථාවයි. මේ සඳහා, එක් මොහොතක කර්ම යෝගී
අයෙකු ලෙසත්, ඊළඟ මොහොතේ කර්මාතීත් ස්ථිතියේ පසුවන්නෙකු ලෙසත් පුහුණු වන්න. කිසිදු
ක්‍රියාවක් ඔබව එහි බැඳීම් වලට හසු කර ගැනීමට ඉඩ නොදෙන්න.