21.12.25    Avyakt Bapdada      Sinhala Murli     05.03.2008    Om Shanti    Madhuban


සංගම යුගයෙදි, නිශ්ශබ්දතාවයේ සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ බලය, බැංකුවේ එක්රැස් කර ගන්න.
“මම” යන අවධානය පරිවර්ථනය කිරීමට ශිව මන්ත්‍රය භාවිතා කරන්න.


අද දින සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ සෙනෙහස, බාප්දාදා දකිනවා. ඔබ සියලු දෙනාද මෙහි පැමිණ ඇත්තේ සෙනෙහස් විමානයෙනි. මෙම සෙනෙහස් විමානය, ඔබ සෙනෙහස දක්වන ඒකායන කෙනා වෙතට ඔබට ළගා වීමට ඉතා පහසුවෙන් මග පාදයි. විශේෂයෙන් අද දවසේ, සෙනෙහසේ ගිලී සිටින සියලුම ජීවාත්ම, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස් ඔංචිල්ලාවල පැද්දෙන බව, බාප්දාදා දකිනවා. බාප්දාදාද සෑම තැනකම සිටින දරුවන්ගේ සෙනෙහස තුළ ගිලී සිටියි. පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස, ඔබව පහසුවෙන්, පරම පියා හා සමානව, අශාරීරික කරවයි. එය ඔබව දළ හැගීම් ඉක්මවා ගෙන යන අතර ඔබට අව්‍යක්ත ස්ථිතියේ සහ අව්‍යක්ත ස්වරූපයේ ස්ථාවර වීමට මගපාදයි. සෑම දරුවෙක්ම, ඔහුගේ ස්ථිතියට සමාන ස්ථිතියක සිටිනවා දැකීමට බාප්දාදා සතුටු වනවා.

අද දින, සියලුම දරුවන් මෙහි පැමිණ ඇත්තේ ශිව රාත්‍රිය, ශිව ජයන්තිය වන පරම පියාගේ උපන් දිනය සහ ඔවුන්ගේ උපන් දිනය සැමරීමටයි. බාප් සහ දාදා යන දෙදෙනාමත් ඔවුන්ගේ දේශයේ සිට මෙහි පැමිණ ඇත්තේ ඔබ සියලු දෙනාගේ උපන් දිනය සැමරීමටයි. පරම පියාගේ සහ ඔබගේ උපන් දිනය මුළු කල්පයෙන්ම අසහායයි, එමෙන්ම උපරිම ලෙස ආදරණීයයි.

බැතිමතුන් මෙම උත්සවය බොහෝ සෙනෙහසින් සහ භක්තියේ හැගීම් වලින් සමරයි. ඔබ මෙම දිව්‍යමය උපතෙදි සිදුකර ඇති සහ තවමත් සිදු කරමින් සිටින කුමන හෝ ශ්‍රේෂ්ඨ සහ අලෞකික ක්‍රියා, සීමිත කාලයකට, තාවකාලික කාලයකට සිහිවටනයක් ලෙස සමරයි. කෙසේවෙතත්, එය බැතිමතුන්ගේද විශ්මයකි. සිහිවටන නිර්මාණය කර ඇති අයගේ සහ එම සිහිවටන සමරන අයගේ ආශ්චර්යය කෙතරම්ද කියා ටිකක් බලන්න. අඩු තරමින් ඔබව අනුකරණය කිරීමේදි ඔවුන් දක්ෂයි, මන්ද, ඔවුන් ඔබගේ බැතිමතුන් නේද? එබැවින්, සිහිවටන නිර්මාණය කර ඇති අයට, ආශිර්වාදයක් ලෙස ඔබගේ ශ්‍රේෂ්ඨත්වයේ ඵලය ලැබී තිබේ. ඔබ එක් වරක් පමණක් එක උපතකට සම්පූර්ණ පාරිශුද්ධත්වය වෙනුවෙන් භාරයක් වෙයි. ඔවුන් ඔබව අනුකරණය කර තිබේ. ඔවුන් එක් දිනයකට පාරිශුද්ධත්වයේ භාරයක් වෙයි. මුළු උපතටම පිවිතුරු ආහාර ගැනීමේ භාරයක් ඔබ සිදුකර ඇති අතර ඔවුන් එක දිනයක් උපවාසයේ යෙදෙයි. එබැවින් අද අම්රිත් වේලාවේ, ඔබ සියලු දෙනාගේ බැතිමතුන්ද අඩු නැති බව, බාප්දාදා දකිමින් සිටියා. ඔවුන්ගේ විශේෂත්වයද ඉතා හොද වී ඇත. එබැවින් ඔබ සියලු දෙනාමත්, ඔබගේ මෙම මුළු උපතටම, ඔබගේ ආහාර පාන වෙනුවෙන්, ඔබගේ මනසේ සිතිවිලි වල පාරිශුද්ධත්වය වෙනුවෙන්, ඔබගේ වදන් සහ ක්‍රියා වෙනුවෙන් සහ නෑ සම්බන්ධතා පවත්වන අතර ඔබගේ ක්‍රියා වෙනුවෙන් ඔබ ස්ථිර භාරයක් වී තිබෙනවාද? ඔබ මෙම භාරය සිදුකර තිබෙනවාද, නැත්නම් සුළුවෙන් පමණයිද? බ්‍රහ්මින් දිවියේ අත්තිවාරම, පාරිශුද්ධත්වයයි. වන්දනීයත්වයට පත්වීමේ පදනම එයයි. ශ්‍රේෂ්ඨ ලැබීම්වල පදනම එයයි. එබැවින් මෙහි ළගා වී ඇති, ඔය සියලුම භාග්‍යවන්ත ජීවාත්ම, පරීක්ෂා කරන්න: ආකාර සතරින්ම පිවිතුරු වීම සදහා, මෙම උපතේ උත්සවය වෙනුවෙන්, මා ස්ථිර භාරයක් සිදුකර තිබෙනවාද? බඹසර රැකීම අතින් පමණක් පිවිතුරු වීම නොවෙයි, නමුත් සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතාවන්හි පිවිතුරු වීම අතින්? ඔබ මෙම ස්ථිර භාරය සිදුකර තිබෙනවාද? ඔබ එය කළාද? මෙම ස්ථිර භාරය සිදුකළ සහ ටිකක් දුර්වල නැති අය, අත් ඔසවන්න! ස්ථිරයි? එය ස්ථිරද? එය කෙතරම් ස්ථිරයිද? කෙනෙක් ඔබව චංචල කළොත්, ඔබ සැලෙනවාද? ඔබ සැලෙයිද? ඔබ නොසැලී සිටියිද? විටෙක මායා එනවා නේද? එසේ නැත්නම් ඇය පැමිණෙන්නේ නැද්ද? ඔබ මායාට සමුදී තිබේද? ඔබ ඇතැම් විටෙක මායාට එන්නට අවසර දෙන අතර ඒ නිසා ඇය එනවාද? පිරික්සන්න: මා ස්ථිර භාරයක් සිදුකර තිබෙනවාද? මා සෑම කලටම ස්ථිර භාරයක් සිදුකර තිබේද? නැත්නම් එය ටික කාලයකට පමණයිද? ඇතැම් විට ටිකක්, ඇතැම් විට ගොඩක්, විටෙක ස්ථිර භාරයක්, විටෙක සුළුවෙන් දුර්වල? එය එහෙම නොවෙයි නේද? බාප්දාදා කෙරෙහි ඇති සෙනෙහස අතින්, ඔබ සියලු දෙනාම විශ්වාස කරන්නේ ඔබ තුළ බාප්දාදා කෙරෙහි 100% කට වැඩි සෙනෙහස තිබෙන බවයි. බාප්දාදා කෙරෙහි ඔබ තුළ කෙතරම් සෙනෙහස තිබෙනවාද කියා, බාප්දාදා ඔබගෙන් විමසන්නේ නම්, ඔබ සියලු දෙනාම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් අත් ඔසවයි. ඔබගේ සෙනෙහස අතින් ප්‍රතිශතයක් තිබෙන්නේ මිනිසුන් සුළු පිරිසකට පමණයි; බහුතරයකට සෙනෙහස තිබෙනවා. සෙනෙහස යන විෂයෙන් ඔබ සමත් වී ඇති අතර ඔබගෙන් බහුතරයක් සෙනෙහස අතින් සමත් වී ඇති බව, බාප්දාදා ද පිළිගනී. කෙසේවෙතත්, පාරිශුද්ධත්වයේ භාරය අතින්, සතරින්ම සම්පූර්ණ පාරිශුද්ධත්වයේ භාරය ඉටු කිරීම අතින්, එනම්, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතා අතින් සම්පූර්ණ භාරය ඉටු කිරීම අතින්, ප්‍රතිශතයක් තිබේ. බාප්දාදාට දැන් අවශ්‍ය කුමක්ද? සමාන වීමට ඔබ සිදුකළ පොරොන්දුව, ඔබ ඉටු කිරීම, බාප්දාදාට අවශ්‍යයි: සෑම දරුවෙකුගේම මුහුණේ පරම පියාගේ ප්‍රතිරුව දිස්විය යුතු බව, ඔබගේ සෑම වදනක්ම පරම පියාට සමාන විය යුතු බව. බාප්දාදාගේ වචන, ආශිර්වාදයක් වෙයි. එබැවින් ඔබ සියලු දෙනා පරීක්ෂා කළ යුතුයි: මගේ මුහුණේ පරම පියාගේ රුව දිස් වනවාද? පරම පියාගේ රුව කුමක්ද? පරිසමාප්ත. සෑම ආකාරයකින්ම පිරිපුන්. මේ ආකාරයට, සෑම දරුවෙකුගේම ඇස් සහ මුහුණ, පරම පියාගේ වැනිද? මගේ මුහුණේ නිරන්තරයෙන් මද සිනහවක් තිබෙනවාද? එසේ නැත්නම් එය විටෙක සිතිවිලි වල ලක්ෂණ, විටෙක නිෂ්ඵල සිතිවිලි වල සෙවණැල්ලක්, විටෙක අසතුටින් සිටින, විටෙක බොහෝ වෙහෙස වීමේ ලක්ෂණ පෙන්වනවාද; එය එවන් මුහුණක් නොවෙයි නේද? එය නිරන්තරයෙන් රෝස මලක් වැනිය. එය විටෙක පිපුණු රෝස මලක් මෙන් වී, විටෙක තව දෙයක් වනවා නොවෙයි. ඔබගේ මෙම ශ්‍රේෂ්ඨ උපතෙදි, මායා ඔබට විරුද්ධ වීමට පැමිණෙයි කියා, ඔබ උපත ලද සැනින් බාප්දාදා ඔබට පැවසුවා. කෙසේවෙතත්, මායාගේ වගකීම වන්නේ පැමිණීම වන අතර නිරන්තරව පිවිතුරුව සිටීමේ භාරයක් වී ඇති ඔය ජීවාත්මයන්ගේ වගකීම වන්නේ දුර සිට මායාව පලවා හැරීමයි.

සමහර දරුවන් දුර තියා මායාව පලවා නොහරින බව, බාප්දාදා දැක තිබෙනවා. මායා පැමිණෙයි. ඔබ ඇයට එන්නට ඉඩ දෙයි, එනම්, ඔබ ඇගේ බලපෑමට හසුවෙයි. ඔබ දුර සිටම ඇයව පලවා නොහරින්නේ නම්, මායාද එම පුරුද්ද වර්ධනය කරගනී, මන්ද, ඔබ ඇයට එතැන ඉන්නට ඉඩ දෙන බව ඈ දන්නවා. මායාට ඉන්නට ඉඩ දීමේ ලක්ෂණය වන්නේ, මායා පැමිණි විට, ඒ මායා බව ඔබ සිතයි, නමුත් ඔබ ඉන්පසුව සිතන්නේ කුමක්ද? ‘අපි තාමත් පරිසමාප්ත වී නැහැ, තවම කිසිවෙක් පරිපූර්ණ වී නැහැ. අපි දැන් තාමත් එය වෙමින් සිටිනවා. අප එය වෙයි.’ ඔබ ‘ගේ, ගේ’ (එය අනාගතයේ වෙයි) කීමට පටන් ගනී, එබැවින් එතැන සිටීමේ පුරුද්ද මායා වර්ධනය කරගනී. ඉතිං අද ඔබ මෙම උපන් දිනය සමරනවා. පරම පියා ඔබට ආශිර්වාද සහ සුබ පැතුම් ලබා දෙන නමුත්, සෑම දරුවෙක්වම පියා දැකීමට පතන්නේ කුමන ස්වරූපයෙන්ද, අවසන් අංකය ඇති දරුවා පවා? අවසන් අංකය ඇති දරුවාට පවා පරම පියා තුළ සෙනෙහස තිබේ. එබැවින් අවසන් අංකය ඇති දරුවාව පවා පරම පියා දැකීමට ප්‍රිය කරන්නේ නිරන්තර රෝස මලක්, පිපුණු මලක් ලෙසයි, මිලාන වූ මලක් ලෙස නොවෙයි. මිලාන වීමට හේතුව, සුළු නොසැලකිල්ලයි: ‘එය සිදුවෙයි. මා ඒ ගැන බලන්නම්. මා එය කරන්නම්. මා එතැනට ළගා වෙන්නම්’. ඉතිං මේ ‘ගේ, ගේ’ යන භාෂාව, ඔබව බිමට වට්ටයි. එබැවින් පරීක්ෂා කරන්න: කෙතරම් කාලයක් ගෙවී ගොසින්ද? දැන්, කාලයේ සමීපත්වයට සහ හදිසියේ යමක් වන බවට බාප්දාදා දැනටමත් සංඥාව ලබා දී ඇත. ඔහු දැන් සංඥාව ලබා දෙනවා නොවෙයි, ඔහු දැනටමත් එය ලබා දී තිබේ. එවන් කාලයක් වෙනුවෙන් නිති සූදානමින් සහ අවදිව සිටීම අත්‍යාවශ්‍යයි. අවදිව සිටීම සදහා පරීක්ෂා කරන්න: මගේ මනස සහ බුද්ධිය සෑම විටම පිරිසිදු සහ පැහැදිලිද? ඒවා පිරිසිදු විය යුතුයි; ඒවා පැහැදිලි විය යුතුයි. මේ සදහා, එම වෙලාවේ ජයගැනීම සදහා, ඔබගේ මනස සහ බුද්ධියේ, අල්ලා ගැනීම සහ ස්පර්ෂ කිරීම, යන බල දෙකම තිබීමට අවශ්‍යයි. ඔබගේ මනස සහ බුද්ධිය පිරිසිදු සහ පැහැදිලි නම්, ඔබ දුරක අසුන්ගෙන සිටියත්, ඔබට පරම පියාගෙන් ලැබීමට තිබෙන සංඥා, උපදෙස් සහ ශ්‍රීමත් හසුකර ගැනීමට හැකි වන එවන් අවස්ථා පැමිණීමට තිබේ. ඔබ ස්පර්ෂ වෙයි: මා මෙය කළ යුතුයි, මා එය නොකළ යුතුයි. එබැවින් බාප්දාදා දැනටමත් ඔබට මින් පෙර පවසා තිබේ: ඔබට අවශ්‍ය තරම් නිහැඩියාවේ බලය රැස් කරගන්න. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, අවශ්‍ය අන්දමකට, ඔබගේ මනස සහ බුද්ධිය ඔබට පාලනය කිරීමට හැකි විය යුතුයි. නිෂ්ඵල සිතිවිලි කිසිසේත්ම ඔබගේ සිහින ස්පර්ෂ නොකළ යුතුයි, එතරම් පාලනයක් ඔබගේ මනස මත තිබිය යුතුයි. මෙවන් කියමනක් තිබෙන්නේ මේ නිසයි: “ඔබගේ මනස ජයගත් විට ඔබ ලෝකය ජයගෙන ඇත.” ඔබගේ අත් දෙක යන භෞතික අවයව නිදසුනක් ලෙස ගන්න - ඔබගේ අණට අනුව ඔබට අවශ්‍ය විටෙක සහ අවශ්‍ය අන්දමකට ඔබට ඒවා ක්‍රියාත්මක කළ හැක. ඒ අන්දමින්ම, ඔබගේ මනසේ සහ බුද්ධියේ පාලන බලය, සෑම මොහොතකම ජීවාත්මයේ මතු වී තිබිය යුතුයි. යෝගාවේ සිටින වෙලාවේ ඔබට එම අත්දැකීම තිබෙන නමුත් ඔබ ක්‍රියා සිදු කරන විට හෝ අන් අය සමග අන්තර් සම්බන්ධතා පවත්වන වෙලාවට එම අත්දැකීම අඩු වීම සිදු නොවිය යුතුයි. ප්‍රශ්න පත්‍ර හදිසියේ පැමිණීමට නියමිතයි, මන්ද, අවසන් ප්‍රශ්න පත්‍රයට පෙර ඔබ විටින් විට ප්‍රශ්න පත්‍ර වලට පෙනී සිටිය යුතුයි.

ඉතිං, මෙම උපන් දිනයේ ඔබ කුමන විශේෂත්වයද ඇති කරන්නේ? ඔබට හැකි තරම් නිහැඩියාවේ බලය රැස් කරගන්න. තත්පරයකදි මිහිරි නිහැඩියාවේ ගිලෙන්න, මන්ද, විද්‍යාව සහ නිහැඩියාව අතින් බලන විට විද්‍යාව එහි අන්තයට යමින් තිබේ. නිහැඩියාවේ බලය, විද්‍යාවේ බලය මතින් ජය ගැනීම, පරිවර්ථනය ගෙන එයි. දුර ඈත අසුන්ගෙන සිටින ඕනෑම ජීවාත්මයකට වුවද, ඔබට නිහැඩියාවේ බලයෙන් සහයෝගය ලබා දීමට හැකි වෙයි. ඔබට සැරිසරන මනසක් නිහඩ කළ හැක. ඔබ බ්‍රහ්ම බාබාව දුටුවා: ඕනෑම විශේෂ ආදරණීය දරුවෙක් කිසියම් අන්දමක කැලඹීල්ලක හෝ ශාරීරික කර්මික ගිණුමක් පියවමින් සිටින විට, බාබා හිමිදිරි උදෑසනින් අවදි වී, නිහැඩියාවේ බලයෙන් සකාශ් ලබා දෙන අතර එම ජීවාත්මය එය අත්විදිනු ඇත. ඉතිං, අවසානයේ, ඔබට මෙම නිහැඩියාවේ සහයෝගය දීමට සිදු වෙයි. අවස්ථාවට අනුව, ඔබ මෙයට බොහෝ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබට නිහැඩියාවේ බලය සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ බලය රැස් කිරීම සදහා බැංකුව විවෘතව තිබෙන්නේ මේ කාලයේ පමණයි. රැස් කර ගැනීමට ඇති මෙම බැංකුව, වෙනත් කිසිම උපතකදි නොපවති. ඔබ දැන් මේවා රැස් කර නොගන්නේ නම්, බැංකුව නොමැති විට, ඔබ මේවා රැස් කරගන්නේ කොහේද? එබැවින් ඔබට මෙකල අවශ්‍ය තරම් ශේෂ‍යක් රැස් කරගත හැක. සාමාණ්‍යයෙන් මිනිසුන්ද කියන්නේ: ඔබට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් දැන් කරන්න, ඔබට සිතීමට අවශ්‍ය ඒනෑම දෙයක් දැන් සිතන්න. ඔබ දැන් සිතන ඕනෑම දෙයක් සිතිවිලි ස්වරූපයෙන් රැදී තිබෙයි, නමුත් ටික කාලයකට පසුව, ඔබගේ කාල සීමාව සමීපයට පැමිණි විට, සිතිවිල්ල, පසුතැවිල්ලට පරිවර්ථනය වෙයි: ‘මා මෙය සිදුකර තිබුණා නම්, මට මෙය කිරීමට සිදුවිය’. එවිට එම සිතිවිල්ල, සිතිවිල්ලක ස්වරූපයෙන් නොතිබෙයි; එය පසුතැවීමට පරිවර්ථනය වෙයි. මේ නිසයි බාප්දාදා කල් තියා ඔබට සංඥාවක් ලබා දෙන්නේ. කුමක් සිදු වුනත් කම් නැහැ, තත්පරයකදි නිහැඩියාවේ බලය තුළ ගිලෙන්න. ‘මා එම උත්සාහය දරනවා’ කියා නොකියන්න. මෙකල මේවා රැස් කරගැනීමට ඔබට උත්සාහ දැරිය හැක.

ඉතිං බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබෙනවා. බාප්දාදාට අවශ්‍ය, සෑම සියලු දරුවෙක්ම තමන් සමග ආපසු ගෙන යාමටයි. පොරොන්දුව වන්නේ, බාබා ඔබ සමග රැදි සිට, ඔබ සමග ආපසු යන බවයි. එම පොරොන්දුව ඉටුවීම සදහා, ඔහු සමග ආපසු යන්නේ, සමාන වන අයයි. ද්විත්ව විදේශිකයන් අතිනත් ගෙන ඇවිදීමට ප්‍රිය කරයි. එබැවින් ඔබගේ අත, ශ්‍රීමත් හස්තය තුළ තිබිය යුතුයි. පරම පියාගේ ශ්‍රීමත් සහ ඔබගේම මත (මන්මත්) අතිනත ගෙන ඇති බව කියයි. එසේ නම් එය හරිද? අද ඔබ ඇවිත් සිටින්නේ මෙම උපන් දිනය සැමරීමට නේද? බාප්දාදා සතුටු වන අතර ඔහුගේ දරුවන් සෑම විටම උද්යෝගයෙන් සිටිමින් නිරන්තරයෙන් උත්සවයක් සැමරීම ගැන ඔහුට විශාල ආධ්‍යාත්මික කුල්මත් බවක් තිබේ. ඔබ දිනපතාම උත්සවයක් සමරනවාද නැත්නම් විශේෂ දිනවල පමණයිද? සංගම යුගයම උත්සවයකි. යුගය, උත්සවශ්‍රීයේ එකකි. වෙනත් කිසිම යුගයක් සංගම යුගය මෙන් නොවෙයි. එබැවින් ඔබ අනිවාර්යෙන්ම පරම පියා හා සමාන විය යුතු බවට උනන්දුව සහ උද්යෝගය ඔබ සියලු දෙනාටම තිබෙනවා නේද? තිබෙනවාද? ඔබ එය විය යුතුයි. එසේ නැත්නම්, ඔබ ඒ ගැන බලන්නම්, අනාගතයේ ඔබ එය වෙන්නම්, ඔබ එය අනාගතයෙදි කරන්නම්ද? ඔබ “ගෙ, ගේ” (එය අනාගතයේ සිදුවෙයි) කියන්නේ නැහැ නේද? ඔබ මෙය වෙයි කියා සිතන අය, අත් ඔසවන්න! ඔබ එය විය යුතුයි. ඔබට යමක් අත්හරින්නට සිදු වෙයි. ඔබට තපස්යාවේ සිටීමට සිදුවෙයි. ඔබට අත්හරින්නට සිදුවන දෙයක්, අත්හැරීමට ඔබ සූදානම්ද? ලොකුම අත්හැරීම කුමක්ද? අත්හැරීමේදි, විශාලතම බාධාව නිර්මාණය වන්නේ එක වචනයකින්. ඔබගේ අත්හැරීමට, තපස්යාවට, නිරාශාවට, අසීමිත වෛරාගයට බාධක සිදු කරන්නේ එක වචනයක් පමණයි. ඔබ දැනටමත් එය දන්නවා. එම එක වචනය කුමක්ද? “මම”. ශරීර අවධානයේ “මම”. මේ නිසයි බාප්දාදා කියා තිබෙන්නේ: ඔබ “මගේ” කියන ඕනෑම විටෙක ඔබට පළමුවෙන්ම සිහි වන්නේ කුමක්ද? මගේ බාබා (මේරා බාබා). එය “මගේ බාබා” නේද? ඔබ වෙනත් දේකට “මගේ” කියයි, නමුත් මගේ කියන විට, පළමුවෙන් “මගේ බාබා” කීමේ පුරුද්ද ඔබ ඇති කරගෙන තිබේ. ඒ අන්දමින්ම ඔබ “මම” කියා කියන විට, ඔබට “මගේ බාබා” කිසි විටෙක අමතක නොවන සේම, ඔබ “මගේ” කියන විට, එවිට බාබා යන වචනයද භාවිතා වෙයි, ඔබ “මම” යන වචනය කියන ඕනෑම විටෙක, ඔබට ජීවාත්මයත් මතක් විය යුතුයි: මා කවුද? මම ජීවාත්මයක්මි. ජීවාත්මය වන මා මේ දේ කරනවා. මම සහ මගේ: සීමිත දේ අසීමිත බවට වෙනස් වී ඇත. මෙය කළ හැකිද? පුළුවන්ද? අඩු තරමින් එකගතාවයෙන් හිස වනන්න. මෙම පුරුද්ද සනිටුහන් කරගන්න. ඔබ “මම” කියන විටම, ජීවාත්මය මතක් කරගන්න. ඉන්පසුව “මගේ” යන අවධානය ඇති වන විට, ඔබට සැනෙකින් එක වචනයක් සිහි වෙයි: කරවන්හාර් යනු කවුද? (ඔබට ක්‍රියා කිරීමට දිරිගන්වන කෙනා). “කරවන්හාර්, පරම පියා, මාව එය කිරීමට දිරිගන්වනවා.” ඕනෑම දෙයක් සිදු කරන වේලාවේ, සෑම විටම කරවන්හාර් යන වචනය මතක් කරගන්න. එවිට “මගේ” යන අවධානය නොතිබෙයි: “මගේ අදහස්, මගේ යුතුකම්.” ඇතැම් විට ඔබගේ යුතුකම ගැන බොහෝ කුල්මත් බවක් තිබේ. “මගේ යුතුකම” - නමුත් ඔබට එම යුතුකම ලබා දුන් දානපති කවුද? මෙම යුතුකම් පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙන තිලිණ. පරමාත්ම දෙවියන්ගේ තෑග්ගකට “මම” කියා සිතීම: එය හොදද?

බාප්දාදාට සෑම ස්ථානයකින්ම ප්‍රතිඵලය අවශ්‍යයි. මෙම එක මාසයේදි ඔබගේ ස්වාභාවික ස්වභාවය එවන් එකක් කරගන්න, මන්ද, ස්වාභාවික ස්වභාවයක් විගසින් වෙනස් කළ නොහැක. එබැවින් ඔබගේ ස්වාභාවික ස්වභාවය බාබා ඔබට පැවසූ පරිදි සකස් කරගන්න: ඔබගේ මුහුණේ බාබාගේ ගුණධර්ම නිරන්තරයෙන් දිස් විය යුතුයි; ඔබගේ ක්‍රියාකාරකම් තුළ පියාගේ ශ්‍රීමත් දිස් විය යුතුයි. ඔබගේ මුහුණේ නිරන්තරයෙන් මද සිනහවක් තිබිය යුතුයි. ඔබ සෑම දෙයක්ම සිදුකරන ආකාරය විය යුත්තේ, තෘප්තිමත්ව රැදී සිටිමින් සියලු දෙනාව තෘප්තිමත් කිරීමය. සෑම ක්‍රියාවකම, කර්මය සහ යෝගාවේ තුලනය තිබිය යුතුයි. ඇතැම් දරුවන් බාබාට ඉතා හොද දේවල් කියයි. ඔවුන් කියන දේවල් බාබා ඔබට කියන්නද? ඔවුන් පවසන්නේ: මෙය මගේ ස්වභාවය බව, බාබා වටහාගන්න. එය වෙනත් දෙයක් නොවෙයි, නමුත් මගේ ස්වභාවය එවැනිය. බාප්දාදා එයට කිව යුත්තේ කුමක්ද? එය මගේ ස්වභාවයද? සමහරු පවසන්නේ “මම කතා කරන අන්දම ඒ වගෙයි. මා කෝප වුනේ නැහැ, නමුත් මා කතා කරන ආකාරය ටිකක් ඒ වගෙයි. මම ටිකක් උස් හඩින් කතා කළා, නමුත් මට තරහ ගියේ නැහැ. මම ටිකක් උස් හඩකින් කතා කළා පමණයි.” ඔවුන් කියන දේවල් කෙතරම් මිහිරිද කියා බලන්න! බාප්දාදා පවසන්නේ: ඔබ “මගේ ස්වභාවය” ලෙස හදුන්වන දේට “මගේ” කියා කීම, වැරදියි. “මගේ ස්වභාවය”, රාවනගේ ස්වභාවයද, ඔබගේ ස්වභාවයද? ඔබගේ ස්වභාවය, සදාතනික කාලයේ, ආදි කාල වකවානුවේ ස්වභාවයයි, ඔබ පිදුම් ලැබීමට සුදුසු කාල වකවානුවේ: ඔබගේ මුල් ස්වභාවය එයයි. රාවනට අයිති දේකට ඔබ “මගේ, මගේ” කියන නිසයි, ඔබට එය අත්හැරීමට නොහැකී වී තිබෙන්නේ. ඔබට අයිති නැති දෙයක් ඔබ තමන්ගේ මෙන් තබාගෙන ඇත. ඔවුන්ට අයිති නැති දෙයක්, කෙනෙක් රහසේ ප්‍රවේසමින් සගවාගෙන තබා ගැනීම, හොද බව සැලකෙනවාද? එසේ නම් රාවනගේ ස්වභාවය, වෙනත් කෙනෙකුගේ ස්වභාවය, තමන්ට අයිති බව ඔබ සලකන්නේ ඇයි? සමහරු බොහෝ කුල්මත් බවින් පවසන්නේ: එය මගේ වරදක් නොවෙයි; එය මගේ ගති ස්වභාවය පමණයි. ඔවුන් බාබාව සැනසීමට පවා තැත් කරයි. ඉතිං ඔබ දැන් මෙයට සමාප්තියේ උත්සවය පවත්වනවාද? ඔබ එය කරනවාද? බලන්න, ඔබගේ හදවතින්ම එය කියන්න. ඔබගේ මනසින් එය කරන්න. ඔබගේ මනස එකග නම්, ඕනෑම දෙයක් කළ හැක. ඔබගේ මනසින් මෙය පිළිගන්න: “මෙය මගේ ස්වභාවය නොවෙයි. එය අයිති වෙනත් කෙනෙකුට වන අතර එබැවින් මා එය තබා නොගත යුතුයි.” ඔබ ජීවමානව මිය ගොස් සිටිනවා නේද? ඔබගේ ස්වභාවය, බ්‍රහ්මින් ස්වභාවයද, ඔබගේ පැරණි ස්වභාවයද? ඉතිං, බාප්දාදාට අවශ්‍ය කුමක්ද කියා ඔබට වැටහෙනවාද? ඔබට විනෝද විය හැක, ඔබට නටන්න සහ ක්‍රීඩා කරන්න පුළුවන් නමුත්... “නමුත්” තිබේ. සෑම දෙයක්ම සිදු කරන අතර ඔබ සමාන විය යුතුයි. ඔබ සමාන නොවී, පරම පියා සමග ආපසු නිවසට යන්නේ කෙසේද? ඔබට රේගුවේ, ධර්මරාජ් දේශයේ සිටීමට සිදු වෙයි; ඔබට පියා සමග එකට ආපසු යාමට නොහැකි වෙයි. ඉතිං, අපි එක් මාසයකට පසුව ප්‍රතිඵලය දෙස බැලිය යුතුද? දාදීන් කතා කරන්න! අප එවිට එය දෙස බැලිය යුතුද? කතා කරන්න, අප එවිට එය බැලිය යුතුද? ඔබ එක මාසයකට අවධානය යොමු කරනවාද? ඔබ එක් මසකට අවධානය යොමු කළොත්, එය ස්වාභාවික වෙයි. මාසයේ එක දවසක්වත් අතපසු නොකරන්න. අච්චා, ඔය දාදීන් මෙහි වගකීම ගන්නවාද? ඔබ සියලු දෙනාම එකට එකතු වී, එකිනෙකාට සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ලබා දීමේ දෑත දිගු කරන්න. කෙනෙක් වැටුණු විට, ඔහුව නැවත එසවීමට ඔබ බොහෝ සෙනෙහසින් ඔබගේ දෑත දිගු කරයි. එබැවින් සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් යන දෑතින්, එකිනෙකාට සහයෝගය ලබා දෙන්න, නොකඩවා ඔවුන්ට ඉදිරියට ගමන් කිරීමට මග පාදන්න. එය හොදද? ඔබ කළ යුතු තරමට පරීක්ෂා නොකරයි. ඔබ යමක් සිදු කර ඉන්පසුව පරීක්ෂා කරයි, නමුත් එවිට එය සිදු වී අවසන් නොවේද? එබැවින් පළමුව සිතා, ඉන්පසුව කරන්න. ඔබ පළමුව යමක් සිදුකර, ඉන්පසුව ඒ ගැන සිතීම නොවෙයි. ඔබ මෙය කළ යුතුයි. අච්චා.

බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔබ කුමන අභ්‍යාසය කිරීමද? එක තත්පරයකදි, නිහැඩියාවේ බලයේ ප්‍රතිමූර්තියක් වන්න: ඒකාග්‍රතාවයට පත් වූ මනසක් සහ ඒකාග්‍ර වූ බුද්ධියක්. දවස පුරාම, විටින් විට එක තත්පරයක් ගෙන, මෙය පුහුණු කරන්න. ඔබට නිහැඩියාවේ සිතිවිල්ලක් ඇති වූ සැනින්, එහි ප්‍රතිමූර්තියක් වන්න. මෙයට ඔබට කාලය අවශ්‍යයි. එක් තත්පරයක - නිහැඩියාවේ මෙම පුහුණුව සිදු කරන්න. අච්චා.

ඔබගේ උපන් දිනය සමරන සෑම තැනකම සිටින ඔය වාසනාවන්ත ජීවාත්මයන්ට, තම උද්යෝගය පවත්වාගෙන සංගම යුගයේ උත්සවය සමරන අයට, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් නොකඩවා පියාසර කරන දරුවන්ට, තම මනස සහ බුද්ධිය, නිරන්තරයෙන් ස්ථාවර සහ ඒකාග්‍රතාවයට පත් කිරීමේ අත්දැකීම් ඇති කරන මහාවීර දරුවන්ට, පියාව අනුගමනය කර, සමාන වීමට ඇති ඔවුන්ගේ උද්යෝගය, ප්‍රායෝගික ස්වරූපයකට දමන දරුවන්ට, එකිනෙකා සමග නිරන්තරයෙන් ආදරණීය සහ සහයෝගී වන අයට, අන් අයට පරම පියාගෙන් උදව් ලැබීමේ ආශිර්වාදය ලබා ගැනීමට උදව් කරන සහ ධෛර්යය ලබා දෙන අයට, ආශිර්වාද පිරිනමන්නන් සහ මහා දානපතියන් වන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ කෝටි-කෝටි- කෝටි-කෝටි ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!

වරදානය:
ඔබ අසීමිත විශ්‍රාමික අවදියක මෙන්ම හුදකලාවේ සහ සිහිපත් කිරීමේ නියැලී සිටිත්වා.

වත්මන් කාලයට අනුව, ඔබ සියලු දෙනාම ඔබගේ විශ්‍රාමික අවදියට සමීපයි. විශ්‍රාමික අවදියේ සිටින අය, ළමා වියේ කෙලි සෙල්ලම් නොකරයි. ඔවුන් නිරන්තරයෙන් හුදකලාවේ සහ සිහි කිරීමේ සිටියි. ඔබගේ අසීමිත විශ්‍රාමික අවදියේ හිදින ඔය සියලු දෙනා, නිරන්තරයෙන් ඒකායන කෙනාගේ ගැඹුරෙහි ගිලී සිටියි, එනම්, ඔබ නිරන්තරයෙන් හුදකලාවේ සිටියි. එයත් සමගම ඔබ අඛණ්ඩව ඒකායන කෙනාව සිහි කර, ස්මරණයේ ප්‍රතිරූප විය යුතුයි. ඔය සියලුම දරුවන් වෙනුවෙන් බාප්දාදාගේ පිවිතුරු බලාපොරොත්තුව වන්නේ, දරුවන් සහ පියා දැන් සමාන විය යුතු බවයි. නිරන්තරයෙන් සිහි කිරීමේ මුසුවී හිදින්න. සමාන වීම යනු, මුසුවී හිදීමයි: මෙය විශ්‍රාමික ස්ථිතියේ සිටීමේ ලක්ෂණයකි.

පාඨය:
ඔබ නිර්භීතව එක පියවරක් ගත් විට, පරම පියා පියවර දහසක උපකාර ලබා දෙයි.

අව්‍යක්ත සංඥාව: දැන් සම්පූර්ණ හා කර්මතීත් වීමේ ගැඹුරු සැලකිල්ල ඇති කරගන්න.

සියලු දෙනාගේ දෙතොලගින් පරම පියා වෙනුවෙන් “මගේ බාබා” යන එක හඩ නැගුණු අන්දමින්ම, ඔය සෑම ශ්‍රේෂ්ඨ ජීවාත්ම වෙනුවෙන්ද මෙම භාවනාව (යහපත් හැගීම) සහ අවබෝධය තිබිය යුතුයි. සෑම කෙනෙක් තුළම අයත්වීමේ හැගීම තිබිය යුතුයි. ඔබ යනු, ඔවුන් වෙනුවෙන් පිවිතුරු සහ සාධනීය සිතිවිලි තිබෙන සහ ඔවුන්ගේ සහයෝගී සහකරුවෙක් බව, සියලු දෙනා සැලකිය යුතුයි. මෙය හැදින්වෙන්නේ, පියාට සමාන සහ කර්මතීත් ස්ථිතියේ, හදවත් සිහසුනේ අසුන්ගෙන සිටීම ලෙසයි.

දැන්වීම: අද තුන්වන ඉරු දින, ලෝක භාවනා දිනයයි, මෙදින සියලුම රාජ යෝගී තපස්වි සහෝදර සහෝදරියන් ප:ව 6.30 සිට 7.30 දක්වා සාමූහිකව යෝගාවේ සිටියි. යෝගාවේ සිටින වෙලාවේ, ඔබගේ ආලෝකමත් සහ බලවත් ස්ථිතියේ ස්ථාවරව ඔබගේ නළල මධ්‍යයේ රැදි සිටිමින්, බාප්දාදාව කැදවා, ඒකාබද්ධ ස්වරූපය අත්විදිමින්, සෑම තැනකටම ආලෝකය සහ බලය බෙදා හැරීමේ සේවය සිදු කරන්න.