22.02.25 Avyakt Bapdada
Sinhala
Murli 05.02.2009 Om Shanti Madhuban
සේවය කරන අතර,
ආලෝකමත් සහ සැහැල්ලු සුරදූත ස්ථිතියේ සිටින්න; අශාරීරික වීම පුහුණු කරන්න.
අද දින, බාප්දාදා සෑම
තැනකම සිටින දරුවන්ගේ ස්වරූප තුනක් දකිනවා. ඔබ පරම පියාගේ ස්වරූප තුන දන්නා
ආකාරයෙන්ම, ඔය දරුවන්ගේ මෙම සංගම යුගයේ අරමුණ සහ සුදුසුකම් වන ස්වරූප තුනක් ඔහු
දකිනවා. එකක් බ්‍රහ්මින් ස්වරූපය, දෙවැන්න සුරදූත ස්වරූපය සහ තුන්වැන්න දේවතා
ස්වරූපයයි. බ්‍රහ්මින්වරු, සුරදූතයන් වීමට යන අතර සුරදූතයන් දේවතාවන් වීමට යයි.
එබැවින් වර්ථමානයේ, ඔබ ඉදිරියේ තිබෙන විශේෂ අරමුණ කුමක්ද? සුරදූතයන් නොවී, ඔබට
දේවතාවන් විය නොහැක. එබැවින් වත්මන් කාලයට සහ ඔබගේ උත්සාහයට අනුව, ඔබගේ අරමුණ වන්නේ
සුරදූතයෙක් වීමයි. සංගම යුගයේ අංගසම්පූර්ණ ස්වරූපය වන්නේ දේවතාවක් වීමට යන
සුරදූතයෙකි. සුරදූතයෙකුගේ අර්ථකතනය ඔබ දන්නවා. සුරදූතයෙක් යනු පැරණි ලෝකයේ
සම්බන්ධතා, සංස්කාර සහ සිතිවිලි වලින් සැහැල්ලු කෙනෙකි; පැරණි සංස්කාර වලින් පවා
සැහැල්ලුයි. ඔබගේ පැරණි සංස්කාර, ස්වභාවය සහ ලෝකයෙන් සැහැල්ලු වීම පමණක් නොවෙයි,
නමුත් සුරදූතයෙක් යනු සියලු දෙනා සමග සබඳතාවයක් තිබෙන අතර සැහැල්ලුවෙන් සිටීම සහ
සියලු දෙනාගේ ස්වභාවය සහ සංස්කාර සමග සැහැල්ලු වීමයි. මෙම සැහැල්ලු බවේ ලක්ෂණය
කුමක්ද? එම සුරදූත ජීවාත්ම තුළ පරම පියා කෙරෙහි සේම, සියලු දෙනා කෙරෙහි, ඇතැම් අය
කෙරෙහි පමණක් නොව, නමුත් සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබෙයි. ඔබ සියලු දෙනා සලකන්නේ,
බ්‍රහ්ම ඔබගේ පියා ලෙසයි. ඔබ පවසන්නේ ‘මගේ බාබා’ කියා. එවන් සුරදූතයෙක් යනු, සියලු
දෙනාගෙන් සෙනෙහස ලබන කෙනෙකි. සමහර දරුවන් සිතන්නේ බ්‍රහ්ම බාබා යනු බ්‍රහ්ම බවය,
නමුත් ඔබ සියළු දෙනාම දැක තිබෙනවා, ඔබ හා සමාන බ්‍රහ්මින් ජීවාත්ම අතරේ ඔබගේ ආදරණීය
දාදී සියලු දෙනාගේ සෙනෙහසට පාත්‍ර වූ බව, එමෙන්ම සියලු දෙනා ඔවුන්ගේ අත්දැකීමෙන්
බොහෝ සෙනෙහසින් යුතුව පැවසුවේ, ‘මගේ දාදී’ කියා. ස්වභාවය, සංස්කාර අතින් සහ මෙම
පැරණි ලෝකයේ ජීවත් වන අතර ඇය ආදරණීයව සහ නොබැදිව රැදී සිටියා. සියලු දෙනාම අයිතියක්
ඇතිව පැවසුවේ ‘මගේ දාදී!’ ඉතිං එයට හේතුව කුමක්ද? ඇගේ සංස්කාර සහ ස්වභාවයෙන් ඇය
සැහැල්ලු විය. ඈ සියලු දෙනාටම අයත් වීමේ හැගීම ලබා දුන්නා. ඇය නිදසුනක් විය. ඔබ
ජගදම්බාවත් දුටුවා. ඇය ලෝක මාතාව බව සමහරු සිතයි. කෙසේවෙතත්, දාදී ඔබගේ බ්‍රහ්මින්
පවුලේ සහකාරියක් විය. ඇගේ උත්සාහය පිළිබද ඔබට අසන්නට ලැබුණු ඕනෑම විටෙක හෝ ඒ ගැන ඔබ
ඇගෙන් විමසන්නේ නම්, ඇය සෑම විටම පවසන්නේ: අප කර්මතීට් විය යුතුයි. කර්මතීට් වීමට ඈ
තුළ තිබුණු ගැඹුරු ආශාවෙන්, ඇය අන් අයටත් නැවත නැවතත් ඒ පිළිබදව මතක් කර දෙයි. ඉතිං
සෑම බ්‍රහ්මින් කෙනෙකුගේම විශේෂ අරමුණ සහ සුදුසුකම විය යුත්තේ මෙයයි. එය එසේ වන
නමුත් එය අංක පිළිවෙලයි. දැන් තිබිය යුත්තේ මෙම ආශාව පමණයි: අපි අනිවාර්යෙන්ම
සුරදූතයන් විය යුතුයි. සුරදූතයන් යනු තම භෞතික සිරුරු වලින් වෙන්ව සිටින අයයි, සෑම
විටම ආලෝකමත් සිරුරු ඇති අයයි. සුරදූතයන් යනු තම භෞතික ඉන්ද්‍රියන්ගේ රජවරුය.
බාප්දාදා ඔබට මින්
පෙරද පැවසුවේ, මුළු චක්‍රයේම එම පිවිතුරු අභිමානයෙන් මෙසේ පැවසිය හැකි එක් බාප්දාදා
කෙනෙක් පමණයි සිටින්නේ: මගේ සෑම දරුවෙක්ම රජ දරුවෙකි, තමන්ගේ පාලකයෙක්. සුරදූතයෙක්
යනු ස්ව-ආධිපත්‍යය ඇති කෙනෙකි. එවන් ස්ව-අධිරාජයෙක් ආලෝක ස්වරූපයක් ඇති කෙනෙකි.
ආලෝකමත් සහ සැහැල්ලු ස්ථිතියේ ස්ථාවරව සිටින කෙනෙක්ව ඔබට මුණ ගැසෙන ඕනෑම විටෙක එවිට
ඔබට එම කෙනාගේ නළලේ, ජීවාත්මය, ආලෝකය, පිළිබද අවධානය දිස් වෙයි. දැන් සෑම විටම
තීව්‍ර උත්සාහයේ අරමුණ සහ සුදුසුකම ඉස්මතු කර තබා ගන්න. යම් කෙනෙක් බ්‍රහ්ම පියාව
මුණ ගැසුණු විට හෝ ඔහුගෙන් ද්‍රිෂ්ඨි ලබා ගත් විට, ඔහු තුළ දිස්වූයේ කුමක්ද කියා ඔබ
දුටුවා. ඔහුගේ අවසන් කාල වකවානුවේදි කතා කරන විට පවා බ්‍රහ්ම පියා බොහෝ විට,
මිහිරි, අශාරීරික මනෝ ස්ථිතියක ස්ථාවරව රැදී සිටියා. වෙනත් අයට කෙතරම් සේවා පුවත්
බෙදා ගැනීමට තිබුණත්, බාබා ඔවුන්ට තත්පරයකදි අශාරීරික වීමේ අත්දැකීම ලබා දුන්නා.
එබැවින් ඔබ මුරලි පරීක්ෂා කර බලන්නේ නම්, බාබා කී වතාවක් ඔබට ජිවාත්මය පිළිබද පාඩම
ගැන නැවත නැවතත් සිහි කර දෙන්නේද කියා ඔබ දකියි. ‘මා අශාරීරික ජීවාත්මයක්.’ එබැවින්
දැන් කාලයට අනුව, නොවැදගත් විස්තරාත්මක දේවල්, මිනිසුන්ගේ ස්වභාවය සහ සංස්කාර
පිළිබද කාරණා, ඔබව අශාරීරික ස්ථිතියෙන් ඈතට ගෙන යයි. දැන් පරිවර්ථනයක් සිදුවිය
යුතුයි.
සේවා ප්‍රතිඵලය හොද
බව බාප්දාදා දුටුවා. සේවය කිරීම සදහා ඔබගෙන් බහුතරයකට උනන්දුව සහ උද්යෝගය තිබෙනවා,
එමෙන්ම ඔබ නොකඩවා සැලසුම්ද සාදයි, නමුත් සේවය කිරීමත් සමගම, පණිවිඩය ලබා දීමත්
අවශ්‍යයි. අදත් විවිධ අංශ සහ විවිධ ස්ථාන වල සේවයේ හොද ප්‍රතිඵලය බාප්දාදා දුටුවා.
කෙසේවෙතත්, අශාරීරික වීමේ වාතාවරණයට අවශ්‍ය වන්නේ අඩු උත්සාහයක් වන නමුත් එය වැඩි
බලපෑමක් ඇති කරයි. ඔව් සැබවින්ම මිනිසුන් සවන් දෙන දෙයින් විනෝදයක් ලබයි, නමුත්
අශාරීරික වීමේ ද්‍රිෂ්ඨියෙන් සහ වාතාවරණයෙන් ඔවුන්ට අත්දැකීමක් ලැබෙන විට, එම
අත්දැකීම කිසිදා අමතක නොවෙයි. එබැවින් දැන් සේවයේදී, සුරදූතයෙක් වීමට සැලකිල්ලක්
දැක්වීමේ එකතුව තිබිය යුතුයි. සාමය, සතුට, ප්‍රීතිය හෝ ආධ්‍යාත්මික සෙනෙහසේ එක් හෝ
වෙනත් අත්දැකීමක් ලබා දෙන්න. ඔබගේ හැසිරීමේ ඇති සෙනෙහස සහ ඔබ පුද කරන සත්කාරය
තුළින්, ඔබගේ සම්බන්ධතා සහ පවුල තුළින්, ඔවුන් අත්දැකීමක් ඇතිව පිටව යයි, නමුත්
දැන් වාතාවරණය සහ චිත්ත තරංග තුළින් අතීන්ද්‍රීය සතුට සහ සාමයේ ආධ්‍යාත්මික කුල්මත්
බවේ හැගීම ලබා දීමට වැඩියෙන් අවධානය යොමු කරන්න. එක් හෝ වෙනත් දෙයක විශේෂ
අත්දැකීමක් ඔවුන්ට ලබා දෙන්න. මෙහිදි ඔවුන් දකින ක්‍රමවේද ගැන ඔවුන් උද්දාමයට පත්
වි යන ආකාරයෙන්, මන්ද වෙනත් කිසිම තැනක ඔවුන් මෙවන් පවුලක සෙනෙහසේ ක්‍රමවේදයක්
සොයාගෙන නැති බැවින්; එලෙසින්ම එවන් යම් බලයක් හෝ ලැබීමක්ද මෙහිදි අත්විදීමෙන් පසුව
ඔවුන්ට පිටත්ව යෑමට සලස්වන්න. දැන් වසර 72ක් අවසන් වනවා. ප්‍රතිඵලයක් ලෙස බාබා
වර්ථමානයේ දුටුවේ කුමක්ද? ඔබ වෙහෙස වී වැඩ කර ඇති බව. කෙසේවෙතත්, මේ වන තෙක්, ඔවුන්
පවසමින් සිට ඇත්තේ බ්‍රහ්ම කුමාරීන් මෙම කාර්යය සිදු කරන බවත් බ්‍රහ්ම කුමාරීන්ගේ
දැනුම හොද බවත්ය. එය ලබා දෙන ඒකායන කෙනා කවුද? මේ සියල්ල පවත්වාගන්නේ කවුද?
මූලාශ්‍රය කවුද? ඔබ සියලු දෙනාගෙන් ‘බාබා’ යන වචනය ඇසීමෙන් ඔවුන් පවසන්නේ, ‘ඔවුන්ගේ
බාබා’ කියාය, නමුත් ‘මගේ බාබා එම කෙනාමයි’ කියා ඔවුන්ට පැවසීමට, පරමාත්ම පියාගේ
හෙළිදරව්ව තවමත් සිදුවීමට තිබේ. ඔවුන් ‘බාබා, බාබා’ කියා පවසන නමුත් කෝටි ගණනකින්
අතලොස්සකගේ මුවින් පමණයි එය මතු වන්නේ. ‘මේ මගේ බාබාය; මා බාබාට අයත් වන අතර බාබා
මගෙයි.’
ඉතිං, සංගම යුගයේ
අරමුණ කුමක්ද? අප සියලු දෙනාගේ පියා පැමිණ ඇති බව. පරම පියාගෙන් ඔබට උරුමය හිමි
වීමට යනවා නේද? එම බලපෑම ඔබගේ සුරදූත ස්ථිතිය තුළින් වාතාවරණය තුළ පැතිරී යයි. ඔබගේ
ද්‍රිෂ්ඨියෙන් ඔවුන්ට ආලෝකය ලැබෙන බව ඔවුන් පවසයි, ඔවුන්ගේ ද්‍රිෂ්ඨියේ
ආධ්‍යාත්මිකත්වයේ ආලෝකය දිස්වන බව. එබැවින් දැන් ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයෙක්
වීම සදහා තීව්‍ර උත්සාහ දැරීමේ අරමුණ තබා ගන්න. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට,
සුරදූත ස්වරූපයේ අත්දැකීම වැඩි කරගන්න. අශාරීරික ස්ථිතියේ අත්දැකීම වැඩි කරගන්න.
තත්පරයකදි ඕනෑම සිතිවිල්ලක් අවසන් කිරීම සදහා, ඔබගේ ස්වභාවයෙන් සහ සංස්කාර වලින්
ආලෝකමත් සහ සැහැල්ලු වන්න. ඔවුන් සැහැල්ලුවෙන් රැදී සිටින නමුත් වෙන අය ඔවුන්ව
නොදන්නා බව සමහර දරුවන් පවසයි. කෙසේවෙතත්, එවන් ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයන්ගේ
ආලෝකය, ආලෝකමත් සහ සැහැල්ලු අයට සැගවී සිටිය නොහැක. කුඩා ටෝච් එලියක් හෝ දැල්වූ
ගිණි කූරක් පවා සගවා තැබිය නොහැක, නමුත් මෙය ආධ්‍යාත්මික ආලෝකයයි, එබැවින්, ඔබගේ
වාතාවරණයෙන් ඔබ කවුරුන්ද යන අත්දැකීම ඔවුන්ට ලබා දෙන්න. එය ජගදම්බා හෝ දාදී වුවද,
ඔවුන්ව කිසි කෙනෙක් නොදන්නා බව ඔවුන් පැවසුවේ නැහැ. ඔවුන් නිර්මාණය කළ වාතාවරණය
තුළින් ඔවුන් සියලු දෙනාටම ආදරණීයව රැදී සිටියා. මේ නිසයි දාදීගේ නිදසුන ලබා
දෙන්නේ, මන්ද, බ්‍රහ්ම බාබා ගැන ඔබ සිතන්නේ, ශිව බාබා ඔහු සමග සිටි බවය. ශිව පියා
ගැන ඔබ සිතන්නේ: “ඔහු කොහොමත් අශාරීරිකයි; ඔහු නොබැදී සිටින අතර අශාරීරිකයි, නමුත්
අපි ශාරීරික ජීවාත්මයි. අපි මෙතරම් විශාල සමූහයක් තුළ වාසය කරනවා, අපි සියලු දෙනාගේ
සංස්කාර මැද ජීවත් වන්නේ.” ඔබගේ සංස්කාර සුසංයෝග කිරීම යනු සුරදූතයන් වීමය. සංස්කාර
දැක, සමහර දරුවන් අධෛර්යමත් වනවා. බාබා ඉතාමත්ම හොදයි, මෙම දැනුම ඉතාම හොදයි, ලැබීම
හොදයි. කෙසේවෙතත්, ඔබගේ සංස්කාර සුසංයෝග කිරීම යනු, සියලු දෙනා කෙරෙහි ආදරණීය
වීමයි, ඇතැම් අයට පමණක් ආදරණීය වීම නොවෙයි, මන්ද, සමහර දරුවන් පවසන්නේ ඔවුන්ගේ
විශේෂතා දැක ඔබ සමහරු කෙරෙහි සෙනෙහස වර්ධනය කරගන්නා බවයි. “මේ කෙනාගේ දේශන ඉතා
හොදයි. මේ කෙනාට මෙම ඉතා හොද විශේෂතාවය තිබෙනවා. මේ කෙනා ඉතා හොදින් කතා කරයී.” මෙම
බාධක ඔබ සුරදූතයන් වීමේදි පැමිණෙයි. ඔබ ආදරණීය ඇති, නමුත් ඔබ, සෑම ජීවාත්මයකටම,
නොබැදි සිටියි: ඔබගේ නොබැදි ස්ථිතියෙන් සියලු දෙනාට ආදරණීය වන්න. විශේෂත්වය නිසා
ආදරණීය නොවන්න. “මා මේ කෙනාගේ ගුණධර්ම වලට බොහෝ ප්‍රිය කරනවා.” ඔබට එය ධාරණය කරගත
හැක, නමුත් ඒනිසා පමණක්ම ආදරණීය වීම වැරදි. සුරදූතයෙක් සියලු දෙනාටම ආදරණීයයි. සෑම
කෙනෙක්ම කිව යුත්තේ, “මගේ” කියා. අයත් වීමේ හැගීම තිබිය යුතුයි. එවන් සුරදූත
ස්ථිතියකට කාරණා දෙකක් බාධා කරයි. එකක් ශරීරය පිළිබද අවධානය (භාන්), එමෙන්ම ඔබ
සියලු දෙනාට ඒ ගැන ස්වාභාවික අත්දැකීමක් තිබේ; උපත් 63ක සිරුරේ අවධානය ස්වාභාවිකවම
පැන නගී. අනෙක ශරීරයේ අහංකාරකම (අභිමාන්). ශරීරයේ අවධානය සහ ශරීරයේ අහංකාරකම. ඔබ
මෙම දැනුම තුළ වඩාත් ප්‍රගතිය ලබත්ම, ඇතැම් විට ඔබට වැඩියෙන් තමන් පිළිබද
අහංකාරකමක් ඇති වන අතර එම අහංකාරකම ඔබව පහතට හෙලයි. ශරීරය පිළිබද අහංකාරකමක් ඇති
වන්නේ ඇයි? ඔබට කුමන විශේෂත්වයක් තිබෙන්නේද, එම විශේෂත්වය නිසා අහංකාරකම තිබෙයි.
“මම අන් අයට වඩා අඩුද? සියලු දෙනාම මගේ දේශන වලට ප්‍රිය කරයි. මා සිදු කරන සේවය
බලපෑමක් ඇති කරයි. මා සියල්ල හසුරුවන ආකාරය ඉතා හොදයි. මා පාඨමාලාව ලබා දෙන අන්දම
හොදයි.” ඔබ මෙම දැනුමේ හෝ සේවයේ තව ප්‍රගතිය ලබත්ම, ඔබට තමන් පිළිබදව මෙම අහංකාරකම
ඇති වෙයි, හෝ අන් අයගේ ගුණධර්ම, කුසලතා හෝ විශේෂතා ගැන ප්‍රියතාවයක් තිබෙයි.
කෙසේවෙතත්, ඔබ සිහි කරන්නේ කාවද? ඔබට ශරීර අවධානය පිළිබද සිහිය පමණක් තිබෙයි.
“අහවල් කෙනාට ඉතා හොද බුද්ධියක් තිබේ. මගේ කළමනාකරණය ඉතාම හොදයි.” සේවයේ හෝ ඔවුන්ගේ
උත්සාහයේ ඉදිරියට ගමන් කරන අයට මෙම අහංකාරකම තිබේ. එබැවින් මෙය පරීක්ෂා කරන්න.
අහංකාරකම ඇති අයට සැබවින්ම එම අහංකාරකම තිබේද කියා පරීක්ෂා කරන අන්දම වන්නේ: යම්
කෙනෙක් ඔවුන්ට හෝ ඔවුන්ගේ අදහස් වලට, ඔවුන්ගේ කුසලතා හෝ ඔවුන්ගේ කළමනාකරණයට සුළු
වශයෙන් හෝ අපහාස (අප්මාන්) කරන ඕනෑම විටෙක, ඔවුන් විගසින් ඒ පිළිබදව සංවේදී වෙයි.
ඔවුන්ට අපහාසාත්මක හැගීමක් ඇති වන විට, එහි තව වඩාත්ම සියුම් ලක්ෂණයක් වන්නේ, එය
ඔවුන්ව කෝපයට පත් කිරීමයි. ලොකුකමද තිබේ. (bossiness). එය ඔබට සුරදූතයන් වීමට ඉඩ
නොදෙයි. එබැවින් වත්මන් කාලයට අනුව, බාප්දාදා ඔබට නැවත වරක් සංඥාවක් ලබා දෙනවා:
ඔබගේ ජීවිතයේ, සංගම යුගයේ අවසන් ස්වරූපයේදී, ඔබගේ සුරදූත ස්වරූපය හෙළිදරව් කරන්න.
එය ඔබගේ භෞතික ස්වරූපයට දමන්න. සුරදූතයෙක් වීමෙන්, අශාරීරික වීම ඉතා පහසු වෙයි.
තමන්ව පරීක්ෂා කරන්න: සූක්ෂම අන්දමකින් වත් තමන්ගේම හෝ වෙනත් කෙනෙකුගේ විශේෂතාවයට
බැදීමක් නැහැ නේද? අහංකාරකම තිබේද? ඇතැම් විට සුළු කාරණාවක් නිසා වුවද සමහර
දරුවන්ගේ ස්ථිතිය සැලෙයි. එවිට සතුටින් පිරි හදවතක් සහ සතුටු මුහුණක් තිබෙනවා
වෙනුවට ඔවුන්ගේ මුහුණ සිතිවිලි වලින් හෝ කණස්සළු වලින් පිරෙන අතර ගමන් කරන අතර
ඔවුන් අධෛර්යමත් වෙයි. සතුටු හදවතක් තිබෙනවා වෙනුවට ඔවුන් අධෛර්යමත් වෙයි. එබැවින්
ඔබට වැටහෙනවාද? දැන් ඔබගේ සුරදූත ස්ථිතියේ සංස්කාර, සංගම යුගයේ අවසන් ස්ථිතිය,
ඉස්මතු කරගන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා. ඔබ පියාව අනුගමනය කළ යුතුයි නේද? අවසන්
කාලවකවානුවේ, ඔවුන්ගේ පුවත් පැවසීමට පැමිණි විට, බාබා පුවත ඉක්මවා සිටි බව ශබ්දය
ඉක්මවා සිටි බව, බොහෝ දරුවන් අත්දුටුවා. ඔවුන් සිදුවීම් පිළිබද තොරතුරු විස්තර
කිරීමට පැමිණෙයි, ඔවුන් මෙසේ සිතමින් බොහෝ සැලසුම් සාදා පැමිණෙයි, “මම බාබාට අහවල්
දේ ගැන පවසන්නම්. මා බාබාගෙන් මේ ගැන විමසන්නම්’, නමුත් ඔවුන් බාබා ඉදිරියට පැමිණි
විට ඔවුන්ට කීමට ඇති දේ අමතක වෙයි. සුරදූත ස්ථිතිය මෙයයි. ඉතිං ඔබ අද කුමන පාඩමද
ස්ථිර කළේ? මම කවුද? සුරදූතයෙක්. සිදුවීම්, විශේෂතා, ඔබගේම විශේෂතා සහ ඔබගේ සිරුරු
පිළිබද අවධානය ඉක්මවා සිටින්න. ආලෝකමත්, සැහැල්ලු සුරදූතයෙක් වන්න, මන්ද,
සුරදූතයෙක් නොවී, ඔබට දේවතාවකගේ උසස් තත්ත්වයක් හිමි කරගත නොහැක. ඔබ දරුවන් වී ඇති
නිසා ඔබ ස්වර්ණමය යුගයට යයි, එමෙන්ම ඔබට උරුමය හිමි වෙයි, නමුත් උසස් තත්ත්වයක්
නොලැබෙයි. ඔබ නිරන්තරයෙන් එකට සිටින බව, ඔබ එකට පාලනය කරන බවට පොරොන්දු විය. ඔබ
සිංහාසනය මත අසුන් නොගන්නවා විය හැක, නමුත් අඩු තරමින් ඔබ රාජකීය පවුලට අයිතියක්
හිමිකර ගනී. එම ස්ථානයේ රාජ සභාව ඔබ දැක තිබෙනවා නේද? රාජ සභාවට අයිතියක් ඇති අයට
තිලකයක් සහ ඔටුන්නක්ද තිබේ; රාජධානියේ තිලකය, එමෙන්ම රාජධානියක සලකුණ වන්නේ
කිරුළයි. එබැවින් ඉදහිට පමණක් නොවෙයි, දීර්ඝ කාලයක් පුරා ස්ව-අධිරාජයෙක් වන්න.
දීර්ඝ කාලයක් පුරා ස්ව-අධිරාජයෙක් වන කෙනෙක් සිංහාසනයක් මත අසුන් නොගත්තත්, අඩු
තරමින් ඔහු රාජකීය පවුලේ කොටසක් වීමට අයිතියක් හිමිකර ගිනියි. අච්චා.
ප්‍රථම වතාවට මෙහි
පැමිණි අය නැගිටින්න! සමූහයෙන් අඩු වශයෙන් හතරෙන් තුනක් නැගී සිටිනවා. ශාරීරිකව
පියාව මුණගැසීමට ප්‍රථම වතාවට මෙහි පැමිණිම වෙනුවෙන් උපන් දින සුබ පැතුම්. ප්‍රථම
වතාවට මෙහි පැමිණි ඔය සියලු දරුවන්ට බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා: ඔබ ‘ප්‍රමාද
වැඩියි’ කාලයේ ඇවිත්, නමුත් පැමිණ සිටින ඔය අළුත් දරුවන්ට විශේෂ ආශිර්වාදයක්
තිබෙනවා. ‘අප ඉදිරියට යන්නේ කෙසේද?’ යන සිතිවිල්ල කිසි විටෙක ඇති කර නොගන්න.
‘ප්‍රමාද වැඩි’ වී පැමිණි අයට - වර්ථමානයේ ඔබ ප්‍රමාද, කාලයේ ඇවිත්, ඔබ ප්‍රමාද
වැඩි නැහැ, එමෙන්ම බාප්දාදා සහ බ්‍රහ්මින් පවුලේ සහෝදර සහෝදරියන් තුළ ඔබ සියලු දෙනා
කෙරෙහි සහයෝගයේ විශේෂ හැගීම් තිබේ. ඉතිරිව ඇති කෙටි කාලයේ, සෑම තත්පරයක්ම වටිනා ලෙස
භාවිතා කරන්න, මන්ද, ඔබට කෙටි කාලයකදි බොහෝ ලැබීම් ලබා ගත යුතුව තිබේ. ඔබ
තත්පරයක්වත් අපතේ නොහැරිය යුතුයි. නොකඩවා කර්ම යෝගීවරයෙක් ලෙස ගමන් කරන්න. ක්‍රියා
සිදු කිරීම නතර නොකරන්න, නමුත් කර්මයට යෝගාව එකතු කර, කර්ම සහ යෝගාව අතර තුලනයක්
පවත්වා ගන්න. ඉතිං මෙම තුලනය පවත්වා ගන්න අයට අතිරික්ත ආශිර්වාද හිමි වෙයි. පමා වී
පැමිණ ඇති අය - අනාගතයේදි එය ප්‍රමාද වැඩියි, වෙයි - තවමත් අවස්ථාවක් තිබෙනවා. කෙටි
කාලයකදි ඔබට බොහෝ උත්සාහ දැරිය හැක. බාප්දාදා මෙම ආශිර්වාදය ලබා දෙනවා: ඔය දරුවන්
එඩිතරකම පවත්වා ගන්න විට, ඔබට පියාගෙන් නියත වශයෙන්ම උපකාර ලැබෙයි.
සෑම තැනකම සිටින ඔය
සියලුම දරුවන්ට, හදවතින් සුබ පැතුම් සහ කෝටි ගුණයක සුභාශිංසන. ශිව රාත්‍රියේදි
ඔවුන්ගේ සේවය කරමින් කාර්යබහුලව සිටින අයට, බාබා දැන් ශිව රාත්‍රිය වෙනුවෙන් උපන්
දින සුභාශිංසන සහ සුබ පැතුම් ලබා දෙනවා. පැමිණීමට යන අයට සහ ඔවුන්ගේ ලිපි සහ ඊ-මේල්
පණිවිඩ එවන අයට - ඒවා සියල්ල බාප්දාදා වෙතට තත්පරයකට අඩු කාලයකදි ළගා වනවා, ඔවුන්
සියලු දෙනාට මෙන්ම බාප්දාදා වෙනුවෙන් පිපාසාවෙන් සිටින සියලුම ජීවාත්මයන්ට, බන්දන
වල සිටින සහ ඔවුන් විදින පහර කෑම් පවා තම ගෙල වටා මල්දම් බවට පත් කරගන්නා අයට, එවන්
ජීවාත්මයන්ටත් සෙනෙහස සහ ස්මරණය. දැන් මතුවෙමින් සිටින නමුත් බොහොමයක් නොවන, අළුත්
ආදරණීය ජීවාත්මයන්ට, ඔවුන් ආදරණීය සහ සහයෝගී විය යුතුයි, ඔවුන් දෙගුණයක් විය
යුතුයි. සෑම තැනකම සිටින සියලුම තරුණ සහ මහළු දරුවන්ට, මව්වරුන්, පාණ්ඩවයන්ට, කල්
තියාම ඔබගේ උපන් දිනය සහ පියාගේ උපන් දිනය වෙනුවෙන් සුභාශිංසන. සුබ පැතුම්. අච්චා.
වරදානය:
ඔබ ශාරීරික සහ
අශාරීරික පියවරුන්ගේ ඇසුර ඇතිව, සෑම සිතිවිල්ලකින්ම ජයගැනීමෙන් නිරන්තරයෙන් සාර්ථක
වේවා.
අශාරීරික ජීවාත්මයකට
සහ භෞතික ශරීරයකට එකට සෑම දෙයක්ම සිදු කළ හැකි ආකාරයෙන්ම, ඔබ සෑම කාර්යයක්ම සිදු
කරන විට සහ සෑම සිතිවිල්ලක්ම නිර්මාණය කරන විට, භෞතික සහ ශාරීරික යන පියවරුන්
දෙදෙනාම ඔබ සමග හෝ ඔබ ඉදිරියෙන් තබා ගත් විට, ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්ථියක් වෙයි.
මෙයට හේතුව වන්නේ බාප්දාදා පෞද්ගලිකව ඔබ ඉදිරියේ සිටින විට ඔබ අනිවාර්යෙන්ම සෑම
දෙයක්ම ඔහු ලවා තහවුරු කරගෙන ඉන්පසුව විශ්වාසයෙන් සහ බියක් නොමැතිව එය සිදු
කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ කාලය සහ සිතිවිලි ඉතිරි වෙයි. කිසිම දෙයක් අපතේ නොයන
අතර එවිට සෑම ක්‍රියාවක්ම ඉබේටම සාර්ථක වෙයි.
පාඨය:
ආධ්‍යාත්මික
සෙනෙහස භෞතික ධනයටත් වඩා වටින්නේය, එබැවින් මාස්ටර් සෙනෙහස් සාගරයක් වන්න.
අව්‍යක්ත සංඥාව:
එකමුතුකම සහ විශ්වාසයේ විශේෂත්වයෙන් සාර්ථකත්වයෙන් පිරිපුන් වන්න.
ආගම් අධිකාරිත්වය
ඉදිරියේ පාරිශුද්ධත්වයේ බලය සහ දේශපාලන අධිකාරිත්වය ඉදිරියේ එකමුතුකමේ බලය ඔප්පු කර
පෙන්වන්න. මෙම බල දෙකම පෙන්වීමෙන් පරමාත්ම දෙවියන්ගේ අධිකාරිත්වයේ ධජය ඉතා විගසින්
එසැවෙයි. මේ දෙකම වෙනුවෙන් දැන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔබගේ
පාරිශුද්ධත්වයේ සහ එකමුතුකමේ බල භාවිතා කරන අතර ඔබ ඔවුන් සමග නොකඩවා සම්බන්ධතාවයකට
පැමිණීම වඩාත් සමීප වන තරමට, ඔවුන්ම වැඩියෙන් ඔබ ගැන කතා කිරීම ආරම්භ කරනු ඇත.