22.03.25 Avyakt Bapdada
Sinhala
Murli 07.04.2009 Om Shanti Madhuban
“හේතු” යන වචනයෙන්
මිදී, ඔබගේ ක්‍රියාකාරකම් සහ මුහුණින් විමුක්තිය ලබා දෙමින්, විමුක්ති දායකයෙක්
වන්න. සේවය කිරීමට උනන්දුව සහ උද්යෝගය තිබීමත් සමගම අසීමිත නිරාශාවේ ආකල්පයක්ද ඇති
කර ගන්න.
අද දින ද්විත්ව
පාලකයන් වන, සෑම තැනකම සිටින දරුවන් දෙස බාප්දාදා බැලුවා. පලමුව, ඔබ පරම පියාගේ
සියළුම සම්පත් වල පාලකයන් වන අතර දෙවනුව, ඔබ ස්ව-අධිකාරි පාලකයන්ය. මෙම දෙයාකාරයේ
පාලකයන් වීම සදහා ඔය සියළුම දරුවන්ට පියාගෙන් අයිතියක් ලැබී තිබේ. ඔබ, දරුවන් මෙන්ම
පාලකයන්ය. ඔබ ‘මගේ බාබා’ කියූ අතර බාබා ‘මගේ දරුවන්’ කීහ. එබැවින් ඔබ, දරුවන් සහ
පාලකයන් වීම, යන දෙකම අත්දකියි.
අද දරුවන් බොහෝ
දෙනෙක් ඇවිත්. මේ වසරේ මෙය අවසන් වාරයයි. එබැවින් අද බාප්දාදා සියළුම දරුවන්ගේ
වීර්යය පරීක්ෂා කර බැලුවා. ඉතිං ඔහු කුමක් දකින්න ඇතිද කියා බාබාට කියන්න. ඔය එක්
එක් කෙනාට තමන්ගෙන් විමසිය හැක: මා දරන වීර්යය කුමක්ද? ඔය සියළුම දරුවන් දැකීමෙන්,
බාප්දාදා සතුටු වූ නමුත් පියාට එක බලාපොරොත්තුවක් තිබෙනවා. එය කුමක්ද කියා බාබා ඔබට
කිව යුතුද? ඔබ පියාගේ බලාපොරොත්තු ඉටු කරනවා නේද? බාබාට තිබෙන්නේ එක බලාපොරොත්තුවක්
පමණයි. ඔහු ඔබට කිව යුතුද? එම බලාපොරොත්තුව ඉටු කරන අය අත් ඔසවන්න! ඉතා හොදයි. එය
කුඩා බලාපොරොත්තුවක් වන අතර එය නම්, අද සිට ඔබ එක වචනයක් වෙනස් කළ යුතු බවයි. එම
වචනය කුමක්ද? ඔබ නැවත නැවතත් පහලට ගෙන එන එම වචනය වන්නේ ‘හේතු’. ‘හේතු’ යන මෙම වචනය
පරිවර්ථනය කර සෑම විටම ‘විසදුම්’ යන වචනය ආරූඨ කරගන්න, මන්ද, ඔබ දැන් කරන සේවය
කුමක්ද? ලෝකයේ සියළුම ජීවාත්මයන්ගේ ප්‍රශ්න ඇති වීමට හේතු වෙනුවෙන් විසදුම් සෙවීමට
තැත් කිරීම වන අතර ඔබ විසදුම සොයා ගත් සැනින්, ඔබට ඔවුන්ව නිර්වාණ දේශයට රැගෙන යාමට
සිදුවෙයි, මන්ද, ඔබ සියළු දෙනා විමුක්ති දායකයන් නිසා. ඉතිං, අන් අයට විමුක්තිය ලබා
දෙන අය ඔබලා බැවින්, ඔබගේ සියළුම හේතු වලට ඔබ විසදුම් සොයා ගත යුතුයි, මන්ද ඔබට
විමුක්තිය ලබා දීමට හැකි වන්නේ එවිට පමණයි. ඔබට ඔවුන්ව නිර්වානයට යැවීමට හැකි වන්නේ
එවිට පමණයි. ඉතිං මෙම එක වචනය වෙනස් කිරීම පහසුද, අපහසුයිද? ඒ ගැන සිතන්න!
අද බාප්දාදාට අවශ්‍ය
වන්නේ මෙහි පැමිණ ඇති ඔය සියළුම දරුවන් මෙන්ම තමන්ගේම ස්ථාන වල සිට නරඹන හෝ සවන්
දෙන සියළු දෙනා එක වචනයක් වෙනස් කළ යුතු බවයි, මන්ද, “හේතු” ඔබව පරිහානියට පත්
කරයි. ඔබ කල්ප භාගයක් “හේතු” සමග ජීවත් වෙමින් හිද ඇති අතර එය දැන් විසදුම සොයා
ගැනීමට කාලයයි; නිර්වාරණ (විසදුම) සහ නිර්වාණය (ශබ්දයට එපිට දේශය), විමුක්තිය. ඉතිං
අද මෙය ලබා දීමට ඔබට එඩිතරකම තිබෙනවාද? එය අවසන් වාරය නොවෙයිද? ඔබ සියළු දෙනා
උනන්දුවෙන් සහ උද්යෝගයෙන් පැමිණ ඇති අතර බාප්දාදා ඔය සෑම සියළු දෙනාටම සුබ පතනවා.
සියළු දෙනාටම නිදා ගැනීමේ සහ ආහාර සැපයීමේ පහසුකම් සපයා දීමේ අපහසුතා තිබෙන නමුත්
සෑම දෙයක්ම සිදු කරන්නේ සෙනෙහසින් යුතුවයි. සෙනෙහස් ගුවන්යානය ඔබ සියළු දෙනාට
මධුබන් වලට ලගා වීමට මගපෑදුවා. එක් එක්කෙනාගේ සෙනෙහස දැක, බාප්දාදා සෑම කෙනෙකුටම
හදවතින් කෝටි ගුණයක සෙනෙහස ලබා දෙනවා. කෙසේවෙතත්, ඔබ සෙනෙහසින් කරන්නේ කුමක්ද? ඔබ
සෙනෙහස දක්වන්නේ කාට වුනත්, සෙනෙහස නිසා, ඔබ එම කෙනාට තෑග්ගක් ලබා දෙනවා. ඉතිං අද
බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබගෙන් මෙම “හේතු” කියන වචනයේ තෑග්ග ලබා ගැනීමටයි. ඔබ
බාප්දාදාගේ මෙම බලාපොරොත්තුව ඉටු කරනවා නේද? නැවතත් ඔබගේ අත් ඔසවන්න! ඔබ එය මෙහි
දමා යනවද? ඔබ මෙම ගේට්ටුවෙන් පිටතට ගිය සැනින් “හේතු” යන වචනය අවසන් විය යුතුයි. එය
වැරදීමකින් පැමිණියත්, එය ඔබ පියාට විශ්වාසයෙන් භාර දී ඇති වටිනා දෙයකි. ඉතිං ඔබ
කෙනෙකුට විශ්වාසයෙන් භාර දුන් දෙයක් සමග කරන්නේ කුමක්ද? ඔබ එය නැවතත් අර ගන්නවාද?
ඉතිං ඔබ සියළු දෙනා මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කළාද? ඇති කළාද? නැවතත් අත්
ඔසවන්න! පිටුපස අසුන්ගෙන සිටින අය අත් වනන්න! (අද ශාලාවේ සහ පිටත, මුරලියට සවන් දෙන
28,000 – 29,000ක් පමණ සිටිනවා. සියළු දෙනාම ඔවුන්ගේ අත් වනනවා.) අච්චා. බොහොම
හොදයි. මන්ද, කාලයට අනුව, දැන් ඔබ ඉදිරියේ පෝළිමක් තිබෙයි. පෝළිමක් තිබෙන්නේ ඇයි?
“අහෝ විමුක්ති දායකයාණෙනි, අපට විමුක්තිය ලබා දෙන්න!” ඉතිං එය ලබා දීමට යන විමුක්ති
දායකයාණෙනි, ඔබ ප්‍රථමයෙන් මෙම “හේතු” යන එක් වචනයෙන් නිදහස් වූ විට පමණයි ඔබට
විමුක්තිය ලබා දීමට හැකි වන්නේ.
බාප්දාදාට අවශ්‍ය
වන්නේ, මේ වසරේ ගෙදරවැඩ ලෙස ඔබ විමුක්තිය ලැබ, විමුක්තිය පිරිනැමිය යුතු බවයි,
මන්ද, දිනෙන් දින ප්‍රශ්න බොහෝ සේ වැඩි වීමටයි යන්නේ. එබැවින් ප්‍රශ්න, විසදුම් වල
ස්වරූපයට වෙනස් විය යුතුයි. දැන් ඔබගේ කාලය සහ උත්සාහය, ප්‍රශ්න අවසන් කිරීමට
භාවිතා නොකළ යුතුයි. ඔබගේ බැතිමතුන්නේ කන්නලව්ව සහ කාලයේ කන්නලව්ව ඔබට ඇසෙන්නේ
නැද්ද? ඉතිං දැන් කාලයට අනුව, අවශ්‍ය වන්නේ කුමන පරිවර්ථනයක්ද? දැන් ඔය සෑම සියළු
දෙනාම අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වී, අනිවාර්යෙන් එක් හෝ වෙනත් අත්දැකීමක් ලබා
දිය යුතුයි. ඉතිං දැන් බාබාට අවශ්‍ය වන්නේ ඔබ සියළු දෙනාගේ මුහුණු සහ ක්‍රියාකාරකම්
කෙතරම් පැහැදිලි විය යුතුද යත්, මුක්තිය ලබා දෙන මුක්තිදායකයාගේ දරුවන් ඔබ බව,
එ්වායින් දිස් විය යුතුයි. ඔබගේ නළලින් දිදුලන තාරකාවන්ගේ අත්දැකීම ඔවුන්ට ලැබිය
යුතුයි - ඔබ ඔවුන්ට මෙම දැනුම පැවසීමෙන් පමණක් නොව, නමුත් ඔවුන් මෙය ඔබගේ මුහුණින්
අත්විදිය යුතුයි, මන්ද, අත්දැකීම් ඔවුන්ව සමීපයට ගෙන එන නිසා. විද්‍යාවේ උපකරණ
මගින් ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීමට මග පාදන අන්දමින්ම ඔබගේ මුහුණු සහ ක්‍රියාකාරකම්
වලින් ඔවුන්ට මෙම අත්දැකීම පෙන්වන්න. එය දැන් උණුසුම් කාලගුණයේ ඍතුව බැවින්
විද්‍යාව ඔබට උණුසුම සහ සිසිලස අත්විදීමට මග පාදයි. විද්‍යාවේ උපකරණ ඔබට අත්දැකීමක්
ලබා දෙන්නේ නම්, නිහැඩියාවේ බලයට ඔබට බලයේ අත්දැකීම ලබා දිය නොහැකිද? ඉතිං දැන්
බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔය දරුවන් එම අත්දැකීමේ මනෝ ස්ථිතියේ ස්ථාවරව රැදී සිට,
ඔබගේ දෑස් සහ නළලින් ඔවුන්ට එක් හෝ වෙනත් බලයක අත්දැකීම ලබා දිය යුතු බවයි. ඔවුන්
කුමන දේකට සවන් දුන්නත්, එයට සවන් දෙන වෙලාවේ ඔවුන් එය ප්‍රිය කරන නමුත් බාධකයක්
පැමිණි විට, ඔවුන්ට එය අමතක වෙයි. කෙසේවෙතත් අත්දැකීමක් ජීවිත කාලය පුරාම අමතක
නොවෙයි.
බාප්දාදා එක් හේතුවක්
දුටුවා. බාබා ප්‍රතිඵලයත් දුටුවා. එක් ප්‍රතිඵලයක් දැක බාබා බොහෝ, බොහෝ සුබ පැතුම්
ලබා දුන්නා. කුමන ප්‍රතිඵලයද? මේ වනතුරු සේවය කිරීමට ඔබ තුල හොද උනන්දුවක් සහ
උද්යෝගයක් තිබී ඇත. එබැවින් බාප්දාදා ඔබට සුබ පතනවා: ඔබ සේවය වැඩි කරන අතර හොද
සැලසුම්ද සාදනවා. ඔබගේ හැකියාවට අනුව ඔබට ප්‍රතිඵලය ලැබෙන නමුත් අත්දැකීමක් ලබා දීම
සදහා ඔබට තමන් වෙතට අවධානය යොමු කිරීමට සිදුවෙයි. ඔබගේ සේවය දැන් ප්‍රසිද්ධ වෙමින්
පවතිනවා. මිනිසුන් සතුටු වන අතර මේ දිනවල ඔවුන්ගේ උනන්දුව වර්ධනය වනවා. එසේ නම්
අත්දැකීමක් ලබා දෙන අන්දම කුමක්ද? එය වන්නේ, උනන්දුව සහ උද්යෝගයට අමතරව, ඔබට
උද්යෝගය තිබෙන ප්‍රමාණයට අනුව, කාලයට අනුව ඔබ තුල දැන් අසීමිත නිරාශාවේ ආකල්පයක්
තිබිය යුතුයි. යම් කෙනෙක් ඔබගේ උත්සාහයට ගැටළුවක් සිදු කරන්නේ නම්, එයට හේතුව වන්නේ
අසීමිත නිරාශාවේ ආකල්පයේ අඩුවක්. දැන් අසීමිත නිරාශාව අවශ්‍යයි. අසීමිත නිරාශාව සෑම
විටම රදා පවතියි. එය කාලයට අනුව නම් සිදුවන්නේ, එවිට කාලය අංක එක වන අතර ඔබ අංක දෙක
වෙයි, ඉන් අදහස් වන්නේ ඔබ තුල අසීමිත නිරාශාව ඇති වීමට මගපෑදුවේ කාලය බවයි. අසීමිත
නිරාශාව නොකඩවා සෑම විටම තිබෙයි. එක් පසෙක උනන්දුව, උද්යෝගය සහ සතුට තිබෙන අතර
අනෙක් පසින් තිබෙන්නේ අසීමිත නිරාශාවයි. සෑම විටම අසීමිත නිරාශාව නොතිබීමට හේතුව
කුමක්ද? එයට හේතුව ශරීර අවධානය බව බාප්දාදා දැක තිබෙනවා. “ශරීර” යන වචනය බොහෝ දේ
සමග භාවිතා කරයි. නිදසුනක් ලෙස: ශරීරයේ නෑදෑයින්, ශරීරයට අයත් බඩු භාණ්ඩ, ශරීරයේ
සංස්කාර. “ශරීර” යන වචනය සෑම දෙයක් තුල ඇතුලත්ය, නමුත් ශරීර අවධානය විශේෂයෙන්
පැමිණෙන්නේ කුමන ස්වරූපයෙන්ද? මේ වන තෙක් බාප්දාදා පරීක්ෂා කළේ, ඔබව ජීව අවධානයෙන්
ශරීර අවධානයට ගෙන යන ප්‍රධාන හේතුව වන්නේ ඔබගේ පැරණි සංස්කාර ඔබව පහතට හෙලීමයි. ඔබ
සංස්කාර අවසන් කර ඇත, නමුත් දැන් පවා, ඔබගේ ස්වභාවයේ ස්වරූපයෙන් එක හෝ වෙනත්
සංස්කාරයක් නොකඩවා ක්‍රියාත්මක වෙයි. ශරීර අවධානයේ ස්වභාවය, ස්වාභාවික වී තිබේ,
නමුත් ජීව අවධානයේ ස්වභාවය, ඒ අන්දමින්ම ස්වාභාවික වී නැහැ. ඔබ පවසන්නේ ඔබ එය අවසන්
කර ඇති බවයි. කෙසේවෙතත් ඔබ බීජය සම්පූර්ණයෙන් පුළුස්සා නැහැ. මේ නිසයි, කාලය
පැමිණෙන විට, ශරීර අවධානයේ සංස්කාර ඉස්මතු වන්නේ. එබැවින් දැන් ශක්තිමත් ජීව අවධාන
ස්ථිතියකින් ශරීරය පිලිබද අවධානයේ ස්වභාවය සහ එහි දරු පරම්පරාව විනාශ කිරීමේ
අවශ්‍යතාවයක් තිබේ, මන්ද, එය පැමිණෙනවාට ඔබ අකමැති වුවද එය විටෙක මතුවන බව, ඔය
දරුවන් පවසයි. එය මතු වන්නේ ඇයි? තවමත් එහි සලකුණක් තිබෙන බැවින් එහි දරු පරම්පරාව
මතු වෙයි. එබැවින් දැන් ශක්තියේ ස්වරූපයක් වීමේ අවශ්‍යතාවයක් තිබේ. මෙහි පදනම
වන්නේ, ඔබගේ ශරීර අවධානයේ පැරණි සංස්කාර සලකුණක ස්වරූපයෙන් තවමත් තිබේද කියා තමන්ව
පරීක්ෂා කර බැලීමයි. ඉන්පසුව ඔබගේ අසීමිත නිරාශාවේ ආකල්පයෙන් එය නතර වෙයි. ඔබ සිදු
කරන සේවය ගැන ඇසීමෙන් සහ දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, නමුත් දැන් පියාගේ ආශාව
වන්නේ ඔබගේ සේවයේ දීප්තිය සහ ආධ්‍යාත්මික කුල්මත්බව මිනිසුන්ට දැන් දැක ගැනීමට හැකි
විය යුතු බවයි. සේවය තුලින් ඔවුන්ට අත්දැකීමක් ලබා ගත හැක. ඒ ආකාරයෙන්ම, ඔබගේ
අසීමිත නිරාශාවේ ආකල්පයේ බලපෑමක් තිබිය යුතුයි, මන්ද මෙකල, ඔබ සිදු කරන සේවයෙන්
ඔබගේ ප්‍රශංසාව වැඩි වෙයි. පදාර්ථ ඔබගේ සේවකයා බවට පත් වෙයි. ඔවුන්ට ඔබගෙන්
අත්දැකීමක් ලැබෙයි. පහසුකම් වැඩි වෙයි, නමුත්, ඔබ තුල අසීමිත නිරාශාවේ ආකල්පයක්
තිබීම තුලින් පහසුකම් සහ ඔබගේ ආධ්‍යාත්මික වීර්යය අතර සමබරතාවයක් තිබෙයි. ඔබ සෑම
දෙයක්ම සිදු කරමින් කර්ම යෝගීවරු ලෙස රැදී සිට, නෙළුම් මලක් ලෙස හිදින බව, ඔබ
ගෘහවාසීන්ට ඔබගේ ආදර්ශය ලබා දෙන සේම, ඔබ සියළු දෙනාට සේවය කර ඔබගේ සියළුම පහසුකම්
ලබාගන්න අතර එම පහසුකම් සහ ඔබගේ ආධ්‍යාත්මික වීර්යය අතර සමබරතාවයක් තිබෙයි. ඉතිං
මෙකල මෙම එකතුව තිබිය යුතුයි: ඔබ සිදු කරන සේවය සමග අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබිය
යුතුයි. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර ඔබ විශේෂ ජීවාත්ම බව ඔවුන් අත්විදිය
යුතුයි. යෝගාවේ අසුන්ගෙන සිටින විට හෝ දේශන පවත්වන වේලාවේ පමණක් නොව, නමුත් ඔබ
ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට ඔවුන්ට ඔබගේ නළලින් සාමය, බලය සහ සතුට අත්විදීමට
සලස්වන්න, මන්ද කාලය දැන් වෙනස් වෙමින් පවතිනවා.
බාප්දාදා දැනටමත් ඔබට
විටින් විට සංඥා ලබා දී තිබෙනවා, නමුත් අද, බාප්දාදා ඔබට විශේෂයෙන් සංඥා කරන්නේ ඔබ
තුල අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබිමටයි. ඒ සදහා ඔය සෑම සියළු කෙනෙක්ම තමන්ව පරීක්ෂා
කර බැලිය යුත්තේ, ඔබට ජීව අවධානයට පත්වීමට බාධකය වන ශරීර අවධානය පිලිබදවයි. ඔබ බොහෝ
විවිධ අන්දමේ ශරීර අවධානය අත්දකියි; ඔබ එය පරිවර්ථනය කළ යුතුයි. දෙවනුව, ඔබගේ දීර්ග
කාල වකවානුව ගැනත් සිතන්න. දීර්ග කාලයක් පුරා මෙම පුහුණුව තිබිය යුතුයි. දීර්ග
කාලයක් පුරා සිදු කරන වීර්යය, ඔබට දීර්ග කාලයක් පුරාවට ප්‍රතිලාභය ගෙන දෙයි. ඔබ
දැන් දීර්ග කාලයක් පුරා අඩු අවධානයක් යොමු කරන්නේ නම්, ඔබට දිගු කාලයකට කිසි දෙයක්
රැස් කරගැනීමට නොහැකි වෙයි. අවසන් නිමේශයන්හිදි; ‘ප්‍රමාද වැඩියි’ යන නාම පුවරුව
දමනු ඇත. මේ නිසයි බාප්දාදා ඔබට ලබන ඍතුව වෙනුවෙන් ගෙදරවැඩ ලබා දෙන්නේ. සියළු
ප්‍රශ්න වලට හේතු වන්නේ මෙම ශරීර අවධානයයි, එමෙන්ම සමහර දරුවන් විනෝදජනක වෙයි: තමන්
වෙලාවට නිවැරදි වෙයි, කියා පවසමින් ඔවුන් පියාව සනසයි. බාප්දාදා විමසන්නේ: ඔබගේ
ගුරුවරයා වන්නේ කාලයද? ඔබ නිසි වෙලාවට සූදානම් වන්නේ නම්, එවිට ඔබගේ ගුරුවරයා කවුද?
ඔබගේ නිර්මාණය වන කාලය ඔබගේ ගුරුවරයා වනවාට ඔබ කැමතිද? එබැවින් ඔබ කාලය සමීපයට ගෙන
ආ යුතුයි. කාලය සමීපයට ගෙන ඒමට යන අය, ඔබලාය. ඔබ කාලය මත යැපෙන්නට යන්නේ නැහැ. කාලය
ඔබගේ ගුරුවරයා බවට පත්කර නොගන්න.
ඉතිං අද, බාප්දාදා
ඔබට නැවත නැවතත් මෙම සංඥාව ලබා දෙනවා: තමන්ව පරීක්ෂා කර බලන්න! නැවත නැවතත් තමන්ව
පරීක්ෂා කර බලා ඉන්පසුව තමන්ව පරිවර්ථනය කරගන්න! දීර්ග කාලයක පරිවර්ථනය, ඔබට එම
ප්‍රතිලාභයට දීර්ග කාලයක් පුරා අයිතියක් හිමි කරගැනීමට මග පාදයි. ඉතිං ඔබ මේවන තෙක්
මන්දගාමී වීර්යය දරණ කෙනෙක් වී ඇත්නම් වුනත්, අවසන් අංකය දරන දරුවා කෙරෙහි පවා පරම
පියා තුල සෙනෙහස තිබේ. ඔබ පියාට අයත් වන්නේ ඔහු තුල සෙනෙහස තිබෙන නිසයි. ඔබ පියාව
හදුනාගෙන තිබේ. ඔබ ‘මගේ බාබා’ කියා පවසයි, මේ නිසයි ඔබ එය කාලයට නොපැවරිය යුත්තේ.
එම කාලය පැමිණෙන්නේ නැත. ඔබ කාලය පරිසමාප්තියට ගෙන ආ යුතුයි. ඔබ සියළු දෙනාම
පියාගේ ලෝක පරිවර්ථන
කාර්යයයේ සහකරුවන්. පරම පියා තනිවම එම කාර්යය සිදු කරන්නේ නැහැ. ඔහුට ඔය දරුවන්ගේ
සහකාරිත්වය අවශ්‍යයි. පියා පවසන්නේ: ප්‍රථමයෙන් දරුවන්. ඉදිරියේ සිටින්නේ ඔය
දරුවන්. එසේනම් ලබන වාරයේ ඔබට නියත වශයෙන්ම මෙහි පැමිණීමට අවශ්‍ය නම් ඔබගේ ගෙදරවැඩ
ඔබ සිදු කරනවා නේද? ඔබ එය කරනවාද? ඔව් අත් ඔසවන්න! අච්චා. පසුපස අසුන්ගෙන සිටින
අයත් අත් වනනවා.
බලන්න, අද සංඛ්‍යා
වැඩිවෙලා, එබැවින් අද බාප්දාදා දරුවාට (දාදි ගුල්සාට) සංඥාවක් ලබා දුන්නේ ගොස්
ඔවුන් සියළු දෙනා දිගු පෝලිමි වල හිදිමින් නිදාගන්නේ, කෑම ගන්නේ කෙසේද කියා
බැලීමටයි. කෙසේවෙතත් සියළු දෙනාගේ මුහුණු වල සතුට තිබෙනවා. ‘අඩු තරමින් අපි මධුබන්
වල සිටිනවා’. කෙසේවෙතත් මෙම සතුට මධුබන් වල දමා යන්න එපා. එය ඔබත් සමග ආපසු රැගෙන
යන්න. සූක්ෂ්ම දේශයේ අසුන්ගෙන සිටින විට, ඔබ සියළු දෙනා නිදාගන්න අන්දම සහ පෝලිම්
වල සිටගෙන සිටින ජවනිකාව බාප්දාදා දුටුවා. ඔබ සියළු දෙනාටම මේ දැන් මෙට්ට සහ
බ්ලැන්කට් වර්ෂාවක් තිබිය යුතු බවට සිතිවිල්ල බාප්දාදාට ඇති විය. කෙසේවෙතත් මෙයත්
ප්‍රීතිමත් සමූහයකි! බාප්දාදා එය ඉතා පැහැදිලිව දුටුවා. ඔබට ඉඩක් ලැබුණේ කොතැනකද,
කෙසේද, ඔබගෙන් බහුතරයක් ඉන් ඉතා හොදින් සමත් විය. ඔබට අත්පොලසන් ගැසිය හැක.
කෙසේවෙතත් ගෙදරවැඩ අමතක නොකරන්න. ඔබ අත්පොලසන් ගසන්නේ මෙයට නොවෙයි. දරුවන් මධුබන්
වල අලංකාරය බව, බාප්දාදා සහ විශේෂයෙන් බ්‍රහ්ම පියා සෑම විටම පැවසුවා. ඉතිං ඔබ
සියළු දෙනා මධුබන් වලට පැමිණ ඇත. බාප්දාදාද ශාරීරික ස්වරූපයෙන් මෙතරම් විශාල පවුලක්
දැකීමට සතුටු වනවා. ඔබට මෙය දරා ගැනීමට සිදුවූ නමුත්, මෙය දරා ගැනීමෙන් ඔබගේ දරා
ගැනීමේ බලය සෑම කලටම වැඩි වෙයි. ඔබ සියළු දෙනාම සතුටින් නේද? ඔබට අපහසුතා තිබුණේ
නැහැ නේද? මෙතරම් විශාල පවුලක් සිටියත් ඔබට අඩු තරමින් ජලය නොකඩවා ලැබුණා. ඔබ සියළු
දෙනා ජලය භාවිතා කළා නේද? හිගයක් තිබෙන නිසා ඔබ අවධානය යොමු කළ යුතුයි, නමුත් වෙනත්
ස්ථාන වල මිනිසුන්ට පානීය ජලය වත් නොමැත, නමුත් මෙහිදී ඔබගේ ඇදුම් සේදීමට පවා ඔබට
ජලය තිබුණා. තවද මෙතරම් විශාල පවුලක් දැකීමෙන් සතුටද තිබේ. මුළු කල්පය පුරා වෙනත්
කිසිම කෙනෙකුට මෙතරම් විශාල පවුලක් නොමැති බවට ආධ්‍යාත්මික කුල්මත්බව බාප්දාදාට
තිබේ. අච්චා.
බාප්දාදා ඔය
ගුරුවරුන්ට ඔබ කළ යුතු එක් විශේෂ සේවයක් ගැන, ඔබ කළ යුතු ගෙදරවැඩ ගැන මතක් කර
දෙනවා. ඔය ගුරුවරුන්ට තිබෙන ගෙදරවැඩ වන්නේ, ඔය ගුරුවරු තමන් නිරන්තරයෙන් බාප්දාදාගේ
සැබෑ සහකරුවන් බව, සමීප සහකරුවන්, තමන් තුලින් පියාව හෙලිදරව් කිරීමට යන අය බව
සැලකිය යුතුයි. ඔබව දකින ඔනෑම කෙනෙකුට මෙවන් කුතුහලයක් ඇති විය යුතුයි: ඔවුන්ව මේ
ආකාරයට හැදුවේ කවුද? ඔවුන්ගේ පියා, ගුරුවරයා, ගුරූ කවුද? ඔවුන් දැකිය යුත්තේ ඔබව
නොව, නමුත් පියාවයි. ඔබගේ ගෙදරවැඩ ලෙස ඔබ මෙම ස්ව-අභිමානයේ මාස පහක් හෝ හයක් සිටිය
යුතුයි. ඉන්පසුව බාප්දාදා ඔබගේ ගෙදරවැඩ ගැන ඔබගෙන් විමසනවා. ඔය එක් එක් කෙනා කෙතරම්
ප්‍රතිශතයකට එය අවසන් කර තිබේද? බාප්දාදා ඔබගෙන් තොරතුරු බොහොමයක් විමසන්නේ නැත,
නමුත් ඔබගේ ගෙදරවැඩ කෙතරම් ප්‍රතිශතයකට සිදු කළාද. ඔබ දිස්විය යුතු නැහැ, පරම පියා
දිස් විය යුතුයි. සියළු ධාරණා මෙයට ඇතුලත්. බාප්දාදා මධුබන් වාසීන්ට කොහොමත් සෙනෙහස
සහ සිහි කිරීම ලබා දෙනවා, නමුත් මධුබන් වටා සිටින සියළු දෙනා සහ මධුබන් වාසීන්
වටහාගත යුත්තේ, මධුබන් වල සෑම සියළු මැණිකක්ම පියාව හෙලිදරව් කිරීමට උපකරණයක් බව.
එබැවින් මධුබන් වල අය, සෑම විටම මනසින් සේවය කරන, තම චර්යාවෙන් සේවය කරන සහ පියා හා
සමාන නිදසුන් බවට පත් විය යුතුයි. මධුබන් වල අය මෙම ප්‍රතිඵලය ලබා දිය යුතුයි: මා
තුලින් පරම පියාගේ ප්‍රතිරුව මා පෙන්නුවාද? සියළු දෙනාගේ දෙතොලගින් මතු විය යුත්තේ:
අපූරුයි බාබාගේ දරුවන්! අපූරුයි! ඉතිං ඔබ සියළු දෙනා කරන්නේ කුමක්ද? ඔබ සියළු දෙනාම
අංකානුරූපි නොව, නමුත් අංක එකේ නිදසුනක් බව තමන්ව පෙන්විය යුතුයි. අංකපිලිවෙලට
පත්වීමේ සතුටක් නොමැත. ඔබ යමක් වීමට යන්නේ නම්, අංක එක වන්න. අංකපිලිවෙලට පත් වීමේ
ඇති මහ ලොකු දේ කුමක්ද? එබැවින් ඔබ සියළු දෙනාම ‘ජයග්‍රහණය සහ එක’ යන ප්‍රතිඵලය ලබා
දිය යුතුයි. අච්චා.
බාප්දාදාගේ හදවත්
සිහසුනේ සහ නළල මැද සිහසුනේ මෙන්ම අනාගත රාජකීය සිහසුනේ අසුන්ගෙන සිටින සෑම තැනකම
සිටින ඔය සියළුම දරුවන්ට, බාප්දාදාගෙන් එවන් දිගු කලක් නැතිව සිට දැන් හමුවුනු කෝටි
ගුණයක් වාසනාවන්ත දරුවන්ට, ඔවුන්ගේ දෑසින් සෑම විටම ආධ්‍යාත්මිකත්වයේ අත්දැකීම ලබා
දෙන අයට, ඔවුන්ගේ මුහුණු මත සෑම විටම සතුටේ වාසනාව ඇති අයට, ඔවුන්ගේ මනස සෑම විටම
සතුටින් නර්ථනය කරන අයට, වෙනත් කිසිම තැනක මෙවන් අන්දමක සතුටක් නොමැති බව ඔබගේ
ඉදිරියට පැමිණෙන සියළු දෙනා අත්විදිය යුතුයි - ඔවුන් මෙම පාඩම මෙහිදි ඉගෙනගෙන
ඉන්පසුව ආපසු යන බව. මේ ආකාරයට පරම පියාගේ සෑම දරුවෙක්ම තමන් තුලින් පියාගේ
අත්දැකීම ලබා දෙන අතර වදන් මගින් හැදින්වීම ලබා දෙයි. කෙසේවෙතත් ඔබගේ දෑස් වලින් සහ
මුහුණින් පියාගේ දර්ශනයක් ලබා දෙන ඔය සියළුම දරුවන්ට, ලිපි සහ ඊ-මේල් එවා ඇති සෑම
තැනකම සිටින එවන් සියළුම දරුවන්ට, ඒ සියල්ලම බාප්දාදා වෙතට ලගා වී තිබේ. ඒවා එවීමට
ඔබට සිතිවිල්ල ඇති වූ සැනින් ඒ සියල්ල බාප්දාදා වෙතට ලගා විය. එබැවින් බොහෝ බොහෝ
සුබ පැතුම්. ඔබගේ හදවත් වල සෙනෙහස වෙනුවෙන්, මේ දේශයේ සහ විදෙස් රටවල සියළුම
දරුවන්ට බාප්දාදා ප්‍රතිචාර ලබා දෙනවා. එබැවින් සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට,
බාප්දාදා හදවතින් කෝටි ගුණයක සෙනෙහස සහ ස්නේහය ලබා දෙන අතර සියළු දෙනාට නමස්තේ
කියයි.
වරදානය:
ඔබ ක්‍රියා
සිදු කරන අතර පහසු සහ ස්වාභාවික යෝගීවරයෙක් වී, කර්ම බන්දන වලින් නිදහස්ව සිටිත්වා.
මහාවීර දරුවන්ව මෙම
භෞතික ලෝකයේ කිසිම ආකර්ෂණීය දේකින් ඇද ගත නොහැක. ඔවුන් තත්පරයකදි තමන්ව නොබැදි සහ
පියාට ආදරණීය කරගනී. ඔවුන්ට උපදෙසක් ලැබුණු සැනින්, තම ශරීර වලින් වෙන්වී,
අශාරීරික, ජීව අවධානයෙන්, බන්දන වලින් නිදහස් සහ යෝග්යුක්ත වීම අත්දකින අය, පහසු
යෝගීවරු, ස්වාභාවික යෝගීවරු, නිරන්තර යෝගීවරු, කර්ම යෝගීවරු සහ ශ්‍රේෂ්ඨ යෝගීවරු
බවට පත්වෙයි. ඔවුන්ට අවශ්‍ය ඔනෑම විටෙක, අවශ්‍ය ඔනෑම වෙලාවක්, ප්‍රාණයට ස්වාමී
(ප්‍රාණේශ්වර) වන පරම පියාව සිහිකිරීමට තම සිතිවිලි සහ හුස්ම යොමු කළ හැක.
පාඨය:
නිරන්තර සහ
ස්ථාවර මනෝ ස්ථිතියක ශ්‍රේෂ්ඨ ආසනයේ අසුන්ගෙන සිටීම, තපස්වි ජීවාත්මයකගේ ලක්ෂණයකි.
අව්‍යක්ත සංඥාව: ඔබේ
ශ්‍රද්ධා විශ්වාසයෙ අත්තිවාරම ශක්තිමත් කර නිරන්තරයෙන් නිර්භීතව හා බාධක වලින්
නිදහස්ව සිටින්න.
ඔබ පරමාත්ම පියාට
අයත් වී ඇති බවත්, මායා ගණන් කළ නොහැකි වාර ගණනක් පරාජය කළ ඇති බවට විශ්වාසයත් ඇත.
එසේනම් දැන් එය වීමේ දුෂ්කරතාවය කුමක්ද? උසස් ජීවාත්මයක් වන ඔබ, බොහෝ වාරයක්
ජයග්‍රාහී චරිතයක් රඟපා ඇති බවට ඔබට පැහැදිලි අවබෝධයක් නැද්ද? ඔබට මෙම අවබෝධය
පැහැදිලිව නොමැති නම්, එයින් පෙනී යන්නේ ඔබ පරම පියා ඉදිරියේ ඔබව පැහැදිලි කර ගෙන
නොමැති බවයි.