22.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙය ඔබ හට ඇති ඉතාම වටිනා කාලයයි. මේ කාලයේදී ඔබ පියාගේ සම්පූර්ණ
උදව්කරුවන් බවට පත්වෙයි. උදව්කරුවන් වන දරුවන් උසස් තත්ත්වයකට හිමිකම් ලබයි.
ප්‍රශ්නය:
සේවය කිරීමට
හැකි දරුවන් ගැලවීම සඳහා ඉදිරිපත් කළ නොහැක්කේ කුමන හේතු කාරණාද?
පිළිතුර:
ඔය සේවය කිරීමට හැකි දරුවන් ගැලවීම සඳහා කිසිම විටෙක මෙම හේතුව නොදැක්විය යුතුයි:
බාබා මෙහි සීතලයි, එසේත් නැතිනම් උෂ්ණයි, එබැවින් මට මෙහි සේවය කළ නොහැක. ටිකක්
සීතල හෝ උණුසුම් වන විට සියුමැලි නොවන්න. ඔබට කිසි දෙයක් දරාගත නොහැකි තත්තවයක්
ඇති නොවිය යුතුයි. මෙම දුක් දේශයේ ඔබ සෑම දෙයක්ම දරාගත යුතුයි: සතුට සහ දුක, උණුසුම
හා සීතල, ප්‍රශංසා සහ නින්දා. ගැළවීමට කාරණා ඉදිරිපත් නොකරන්න.
ගීතය:
ඉවසිලිවන්ත
වන්න, අහෝ මනස! ඔබේ සතුටින් පිරි දින පැමිණෙන්නට ආසන්නයි.
ඕම් ශාන්ති.
සතුට සහ දුක
යනු කුමක්දැයි දන්නේ ඔය දරුවන් පමණයි. මෙම ජීවිතයේ කවදාද සැප ලැබෙන්නේ, කවදාද දුක
ලැබෙන්නේ කියා, ඔබ කෙතරම් උත්සාහ කරන්නේද, එම අනුපිළිවෙලට දන්නේ ඔය බ්‍රහ්මිණ්වරුන්
පමණයි. මෙය දැන් දුක ඇති ලොවයි. ඔබට සැප සහ දුක, ප්‍රශංසා සහ නින්දා, සෑම දෙයක්ම
දරා ගැනීමට සිදු වන්නේ තව ටික කලකට පමණයි. ඒ සෑම දෙයින් ම ඔබ්බට ඔබ යා යුතුයි. ඔබලා
සමහරෙක් ටිකක් උණුසුම දැනෙන විට කියන්නේ ‘මට ඊට වඩා සීතල තැනකට යන්න ඕනේ‘ කියායි.
දැන් සීතල වුවත් උණුසුම් වුවත් ඔය දරුවන් සේවය කළ යුතුයි. වර්තමානයේ මෙම පොඩි
අපහසුතාවයන් අළුත් දෙයක් නොවේ. මෙය දුක ඇති දේශයයි. සැපෙහි දේශයට යෑම සඳහා ඔය
දරුවන් දැන් පූර්ණ උත්සාහයන් දැරිය යුතුයි. මෙය ඔබගේ ඉතාම වටිනා කාලයයි. ගැලවීමට
හේතු කාරණා ඉදිරිපත් කළ නොහැක. පියා කතා කරන්නේ සේවය කිරීමට හැකි දරුවන්ටයි. සේවය
කරන අන්දම නොදන්න දරුවන් ගෙන් කිසිදු වැඩක් නැත. පියා මෙහි පැමිණ සිටින්නේ භාරතය
පමණක් නොව මුළු ලොවම සතුටු දේශය බවට පත් කරවීමටයි. එබැවින් ඔය බ්‍රහ්මිණ් දරුවන්
පියාගේ උදව්කරුවන් බවට පත්විය යුතුයි. පියා පැමිණ සිටියි, එබැවින් ඔබ ඔහුගේ උපදෙස්
පිළිපැදිය යුතුයි. දෙව්ලොව පැවති භාරතය, දැන් අපාය බවට පත්ව ඇත. එය නැවත වතාවක්
දෙව්ලොව බවට පත් කළ යුතුයි. ඔබ දැන් මෙය දනී. ස්වර්ණමය යුගය පාරිශුද්ධ රජවරුන්ගේ
රාජධානියයි. ඔවුන් සතුටින් සිටියේය. පසු කලෙක ඔවුන් අපවිත්‍ර රජවරුන් බවට පත්වූයේය.
දෙවියන්ගේ නාමයෙන් දන් දීමෙන්, ඔවුන්ට ශක්තිය ද ලැබේ. වර්තමානයේ ඇත්තේ මිනිසුන්ගේ
රජයයි. ඒ කිසිවෙකුට භාරතයට සේවයක් කළ නොහැක. එකම අසීමිත පියා පමණයි භාරතයට සහ මුළු
ලොවටම සේවය කරන්නේ. පියා දැන් දරුවන් හට කියන්නේ සුමිහිරි දරුවනේ, දැන් මගේ
උදව්කරුවන් බවට පත්වන්න. ඔහු මහත් සෙනෙහසින් විස්තර කර දෙයි. ජීවාත්ම අවධානයෙන්
සිටින දරුවන් ඔහුව තේරුම් ගනී. ශරීර අවධානයෙන් සිටින දරුවන් ඔහුට උදව් කරන්නේ
කෙසේද? ඔවුන් මායා ගේ දම්වැල් වල සිරගත වී සිටියි. පියා දැන් සෑම කෙනෙක්ම මායාගේ
දම්වැල් වලින්, ගුරුන්ගේ දම්වැල් වලින් මුදවා ගන්නා ලෙසට ඔබට උපදෙස් දී ඇත. මෙය
ඔබගේ ව්‍යාපාරයයි. පියා පවසන්නේ : මා හට හොඳින් උදව් කරන්නන් උසස් ස්ථානයක් හිමි කර
ගනී. පියා පෞද්ගලිකවම පවසන්නේ : මා සාමාන්‍ය නිසා කිසි කෙනෙක් නිවැරදිව මා කවුරුන්ද
කියා හෝ කුමක් ද කියා නොදනී. පියා අපව ලොවට අධිපතියන් බවට පත් කරවයි. ඔවුන් මෙය
නොදනී. ලක‍්ෂ්මි සහ නාරායන ලොවට අධිපති ව සිටි බව කිසි කෙනෙක් නොදනි. ඔවුන් එම
රාජ්‍යය හිමි කර ගත් සැටි සහ ඉන්පසු එය නැති කරගත් සැටි ඔබ දැන් දනි. මිනිසුන්ගේ
බුද්ධි සම්පූර්ණයෙන්ම පහත් වී ඇත. සෑම දෙනාගේම බුද්ධියෙහි අගුල විවෘත කිරීමට, ගල්
බුද්ධි දියමන්ති බුද්ධි බවට වෙනස් කිරීමට පියා දැන් පැමිණ සිටියි. පියා පවසන්නේ :
දැන් මගේ උදව්කරුවන් වන්න. මිනිසුන් දෙවියන්ගේ උදව්කරුවන් ගැන කතා කළත් ඔවුන්ම
දෙවියන්ගේ උදව්කරුවන් බවට පත්වන්නේ නැත. දෙවියන් තමන් පාරිශුද්ධ කරන ඕනෑම කෙනෙකුට,
අන් අයවත් තමන් මෙන් පාරිශුද්ධත්වයට පත් කරන්න යැයි කියයි. ශ්‍රීමත් අනුගමනය කරන්න!
පියා පැමිණ සිටින්නේ ඔබලා දෙව්ලොව පාරිශුද්ධ වැසියන් බවට පත් කිරීමටයි. මෙය මරණයේ
දේශය බව ඔය බ්‍රහ්මිණ් දරුවන් දන්නවා. හදිසියේම තැනක වාඩි වී සිටිය දී මිනිසුන් මිය
යති. එබැවින් එය සිදුවීමට පෙර පියාගෙන් අපේ සම්පූර්ණ උරුමය හිමි කරගෙන අනාගතය
ගොඩනඟා ගැනීමට අප උත්සාහ නොගත යුත්තේ ඇයි? තම විශ්‍රාමික වයසට එලඹි විට භක්තියෙහි
තම කාලය ගත කළ යුතු බව මිනිසුන් විශ්වාස කරති. විශ්‍රාමික තත්ත්වයට එළඹෙන කාලය තෙක්
ඔවුන් මුදල් උපයාගැනීම ආදිය කරයි. දැන් ඔබ හැම දෙනාගේම විශ්‍රාමික තත්ත‍්වයයි.
එබැවින් ඔබ පියාගේ උදව්කරැවෙකු නොවීය යුත්තේ මන්ද? ඔබ පියාගේ උදව්කරුවෙකු වී
ඇත්දැයි ඔබගේ හදවතින් විමසා බලන්න. සේවය කළ හැකි දරුවන් ඉතා ප්‍රසිද්ධය. ඔවුන් ඉතා
හොඳ උත්සාහයන් ගනී. යෝගාවෙහි හිඳීමෙන් ඔබට සේවය කළ හැක. ස්මරණයේ ශක්තියෙන් ඔබ මුළු
ලොවම පාරිශුද්ධතවයට පත් කළ යුතුයි. මුළු ලොවම පාරිශුද්ධ කිරීමේ උපකරණ බවට ඔබ පත්
වී ඇත. ඔබ වෙනුවෙන් පාරිශුද්ධ ලොවක් අනිවාර්යෙන්ම අවශ්‍යය. එබැවින් පැරණි ලොව විනාශ
වීමට යයි. දැන් සැමටම කියන්න: ශරීර අවධානයෙන් මිදෙන්න! එකම පියා පමණක් ස්මරණය
කරන්න! පාරිශුද්ධ කරන්නා ඔහු පමණයි. සැවොම ඔහු සිහිපත් කරයි. එකම උත්තරීතර ජීවාත්මය
ඔහු පමණක් බවත් සැමට සතුට ලබාදෙන්නේ ඔහු පමණක් බවත් ඇඟිල්ලක් උඩට දිගු කරමින්
පැවිද්දන්, තපසුන් ආදිය සංඥාවක් කරයි. මිනිසුන් දෙවියන් හෝ උත්තරීතර ජීවාත්ම ගැන
කතා කළත් ඔවුන් කිසිවෙකු ඔහු හඳුනන්නේ නැත. සමහරු ගණ දෙවියන් (ඇත් දෙවි), සමහරු
හනුමාන් (වඳුරු දෙවි) සහ සමහරු ඔවුන්ගේම ගුරුන්ව සිහිකරයි. ඔබ දැන් දන්නවා ඒ සෑම
දෙයක්ම භක්ති මාර්ගයට අයත් බව. භක්ති මාර්ගය චක්‍රයෙන් භාගයක් පවති. මහා ඍෂිවරුන්
සෑම කෙනෙක්ම, “නැත නැත (මෙයත් නොව එයත් නොව) යැයි කියමින් සිටියි. අප නිර්මාණකරු හෝ
නිර්මාණය පිළිබඳව නොදන්නෙමු”. පියා පවසන්නේ : ඔවුන් ත්‍රිකාල්දර්ශීන්(කාල තුන දකින
අය) නොවේ. ඒකායන කෙනා පමණයි, බීජය, දැනුමේ සාගරය වන්නේ. ඔහු භාරතය තුළට පැමිණෙයි.
මිනිසුන් ශිව ජයන්ති (ශිවාගේ උපත) මෙන්ම ගීතා ජයන්ති (ගීතාවෙහි උපත) සමරති. ඔවුන්
ක්‍රිෂ්ණාව මෙනෙහි කරති. එහෙත් ඔවුන් ශිවාව නොහඳුනති. ශිව බාබා පවසන්නේ : දැනුමේ
සාගරය, පාරිශුද්ධ කරන්නා, මා පමණයි. ක්‍රිෂ්ණා පිළිබඳව කිසිවෙකු මෙය නොකියයි.
“ගීතාවෙහි දෙවියන් කවුරුන් ද?” යනු හොඳ පිංතූරයකි. සෑම දරුවෙකුගේම යහපත උදෙසා පියා
මේ සෑම පිංතූරයක්ම නිර්මාණය කරවා ඇත. ශිව බාබාගේ සම්පූර්ණ ප්‍රශංසාව ලියන්න. සෑම
දෙයක්ම රඳා පවතින්නේ මෙය මතයි. උඩ සිට පහළට එන සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. කිසිවෙකුට
පාරිශුද්ධ නොවී ආපසු නිවහනට යා නොහැක. ප්‍රධානම දේ වන්නේ පාරිශුද්ධ වීමයි. සෑම
ජීවාත්මයක්ම වෙසෙන පාරිශුද්ධ දේශය එයයි. මෙහි, ඔබගේ චරිත කොටස් රඟපාන අතරේ, ඔබ
අපවිත්‍ර වූයේය. වැඩියෙන්ම පාරිශුද්ධ වූ අය අපවිත්‍ර වී ඇත. දේවතා ධර්මය පිළිබඳ සෑම
නමක්ම, සළකුණක්ම මැකී ගොසින්ය. දේවතා ධර්මයෙහි නම හින්දු ධර්මය යැයි වෙනස් කළේය. ඔබ
පමණයි දෙව්ලොව රාජධානිය හිමි කරගන්නේ. ඉන්පසු ඔබ එය නැති කර ගනී. මෙය ජය පරාජය
පිළිබඳ නාට්‍යයකි. මායා හට පරාජය වන්නන් සෑම දේකින්ම පරාජය වන අතර, මායාව ජය ගන්නන්
සෑම දෙයක්ම ජයගනී. රාවණ් ගේ විශාල ප්‍රමාණයේ පඹයෙකු නිර්මාණය කිරීමට මිනිසුන් විශාල
මුදල් ප්‍රමාණයක් වැය කරති. ඉන්පසු එය එක් දිනයකදී විනාශ කරති. ඔහු සතුරා නොවේද? එය
බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම වැනිය. ඔවුන් ශිව බාබාගේ පිළිරුවක්ද නිර්මාණය කරති.
එයට වන්දනාමාන කොට එය කඩා දමති. ඒ අයුරින්ම දේවතා රූප ද නිර්මාණය කොට ඉන්පසු ඒවා
ගිල්වති; ඔවුන් කිසිදෙයක් වටහා නොගනී. ඔය දරුවන් දැන් අසීමිත භූගෝලය සහ ඉතිහාසය සහ
මෙම ලෝකය කැරකෙන අන්දම දනී. වෙන කිසිවෙකු ස්වර්ණමය සහ රිදී යුගයන් පිළිබඳව නොදනී.
ඔවුන් නිර්මාණය කොට ඇති දේවතා පිළිරූ පහත්ය. පියා විස්තර කරන්නේ සුමිහිරි දරුවනේ,
ලොවට අධිපතියන් වීම සඳහා පියා ලබා දෙන ඔවදන් පිළිපැදිය යුතුයි. ස්මරණ තත්ත‍්වයේ හිඳ
ආහාර පිළියෙල කරන්න. ස්මරණයේ හිඳිමින් කෑම කන්න. මා ස්මරණය කිරීමෙන් නැවත වතාවක් ඔබ
ලොවට අධිපතියන් වෙයි කියා පියාම පවසයි. පියා ද නැවත වතාවක් පැමිණ සිටියි. ඔබ දැන්
පූර්ණ වශයෙන්ම අධිපතියන් විය යුතුයි. මව සහ පියා අනුගමනය කරන්න. පියා පමණක් විය
නොහැක. සන්‍යාස්වරුන් කියන්නේ, ඔවුන් සෑම කෙනෙක්ම පියා බව. ඔවුන් මෙය කියන්නේ
ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය බව කියන නිසාය. එය වැරදිය. මව සහ පියා යන දෙදෙනාම මෙහි
උත්සාහ ගනිමින් සිටියි. ‘මව සහ පියා අනුගමනය කරන්න’ යන කියමනින් අදහස් කරන්නේ මෙහි
ගැනයි. ලොවට අධිපතියන්ව සිටි බවත් ඔවුන් දැන් අපවිත්‍ර වී සිටින බවත් ඔබ දැන්
දන්නවා. ඔවුන් නැවත වරක් පාරිශුද්ධ වෙමින් සිටියි. අපද ඔහුගේ ශ්‍රීමත් අනුගමනය
කරමින් එම තත්තවය ලබමින් සිටියි. ඔහු මොහුගේ මාර්ගයෙන් උපදෙස් ලබාදෙයි. අපි ඔවුන්ව
අනුගමනය කළ යුතුයි. ඔබලා සමහරෙක් ඔවුන්ව අනුගමනය නොකර නිකම්ම ‘බාබා, බාබා’ කියමින්
තමන්ගේ කටවල් මිහිරි කරගනී. ඔහුගේ උපදෙස් අනුගමනය කරන අයට පමණයි අගනා දරුවන් යැයි
කියන්නේ. මමා සහ බාබාව අනුගමනය කිරීමෙන් ඔබ රාජධානියට ඇතුලු වන බව ඔබ දන්නවා. මෙය
වටහා ගත යුතු කාරණයකි. පියා පවසන්නේ : මා ස්මරණය කිරීමෙන් ඔබගේ පාපයන් ක‍්ෂය වේවි.
එපමණයි! සරළව අන් අයට විස්තර කරන්න: ඔවුන් උපත් 84 ගන්නා අතර අපිරිසිඳු වු අන්දමත්
දැන් නැවත වරක් පාරිශුද්ධ විය යුතු බවත්. ඔබ වැඩියෙන් ස්මරණයෙහි සිටින තරමට
වැඩියෙන් පාරිශුද්ධ වෙයි. බොහෝ සේ ස්මරණයේ සිටින්නන් නව ලෝකයට පළමුවෙන්ම යයි. ඔබ
අන් අයවත් තමන්ට සමාන කළ යුතුව ඇත. ප්‍රදර්ශන වල විස්තර කර දීමට මමාට සහ බාබාට යා
නොහැක. විදේශයක සිට වැදගත් අමුත්තෙක් පැමිණි විට පැමිණ සිටින්නේ කවුරුන්ද කියා දැක
බලා ගැනීමට බොහෝ දෙනෙක් එකතු වෙයි. ඒකායන මොහු බොහෝ සේ නොපෙනේ. පියා පවසන්නේ : මම
කතා කරන්නේ බ්‍රහ්මාගේ ශරීරය තුළිනි. මම මේ දරුවාගේ වගකීම දරනවා. ඔබට කතා කරන්නේ සහ
උගන්වන්නේ ශිව බාබා බව ඔබ සැම විටම සිහි තබා ගත යුතුයි. ඔබ දැකිය යුත්තේ ශිව බාබා
පමණයි; මොහු නොවේ. තමන් ජීවාත්මයක් ලෙස සළකා පියාව, උත්තරීතර ජීවාත්මය ස්මරණය
කරන්න. මම ජීවාත්මයක්මි. ජීවාත්මයක් තුළ සම්පූර්ණ චරිත කොටසක් ඇත. මෙම දැනුම තම
බුද්ධිය තුළින් නැවත නැවත මෙනෙහි කරන්න. ඔබගේ බුද්ධිය තුළ ඇත්තේ ලෞකික දේවල් පමණක්
නම් ඉන් අදහස් වන්නේ ඔබ කිසි දෙයක් වටහාගෙන නැති බවයි. ඔවුන් සම්පූර්ණයෙන්ම පහත්ය.
එහෙත් එවැනි අයටත් යහපතක් සැලසිය යුතුයි. ඔවුන් දිව්‍යලෝකයට යයි, එහෙත් උසස්
තත්ත‍්වයක් නොලබයි. ඔවුන් දඬුවම් විඳ ආපසු නිවහනට යයි. උසස් තත්ත‍්වයක් ලබන්නේ
කෙසේදැයි පියා විස්තර කර දී තිබේ. පළමුව ස්වදර්ශන චක්‍රය කරකවන අය බවට පත්වී ඉන්පසු
අන් අයටත් එය කිරීමට කියන්න. ස්ථිර යෝගීන් බවට පත්වී අන් අයවත් එසේ කරවන්න. පියා
පවසන්නේ : මා ස්මරණය කරන්න. ඔබ එවිට කියන්නේ ‘බාබා අපට අමතක වෙයි’. ඔබ ලැජ්ජා විය
යුතුයි නේද? ඇත්ත කතා කරන බොහෝ දෙනෙක් සිටියි. බොහෝ අය අමතක කරති. පැමිණෙන ඕනෑම
කෙනෙකුට පියාගේ හැඳින්වීම ලබා දෙන්න යැයි පියා විස්තර කර දී ඇත. උපත් 84 චක්‍රය
දැන් නිමාවෙමින් තිබෙන අතර අප ආපසු නිවස බලා පිටත් විය යුතුයි. ‘රාමා ගිය විට රාවණ්
ද ගියා’ යැයි කියමනක් ඇත. මෙහි තේරුම ඉතා සරළයි! රාමාගේ සහ රාවණ්ගේ පවුල් ඇත්තේ
අනිවාර්යෙන්ම මෙම සංගම් යුගයෙදි විය යුතුයි. සියල්ලන්ම විනාශ වී ඉතා ස්වල්පයක්
පමණක් ඉතිරි වන බවත් ඔබ දන්නවා. ඔබ ඉදිරියට යන අතර තුර ඔබගේ රාජධානිය ලබාගන්නා
අන්දම පිළිබඳව ඔබට දැන ගැනීමට ලැබෙයි. සෑම දෙයක්ම මුලදී ඔබට නොකියනු ඇත. එසේ නොවේද?
නැතිනම් එය නාට්‍යයක් වන්නේ නැත. ඔබ නොබැඳි නිරීක‍්ෂකයෙකු සේ එය නිරීක‍්ෂණය කළ
යුතුයි. ඔබට දිගටම දර්ශන පෙනෙයි. උපත් 84 චක්‍රය ලොවෙහි අන් කිසිවෙකු නොදනී. ඔබ
දැන් ආපසු නිවස බලා යා යුතු බව ඔය දරුවන් ගේ බුද්ධිය තුළ ඇත. ඔබ දැන් රාවණ්ගේ
රාජධානියෙන් සමුගනිමින් සිටියි. ඉන්පසු ඔබගේ ම රාජධානියට ඔබ යයි. තව ඇත්තේ ඉතාමත්ම
ටික දින කිහිපයකි. චක්‍රය නොනවත්වා කැරකෙයි. ඔබ මෙම චක්‍රය වටේ බොහෝ වාර ගණනක් ගොස්
තිබේ. පියා දැන් පවසන්නේ : ඔබ සිරවී සිටි සෑම කර්ම බනධනයක්ම අමතක කර දමන්න. තම
පවුලත් සමඟ නිවසෙහි වසන අතර ඔවුන් අමතක කරන්න. මෙම නාටකය දැන් නිමාවට පත්වෙමින්
තිබේ. අපි දැන් ආපසු නිවෙසට යා යුතුයි. මහා භාරත යුද්ධයෙන් පසුව පමණයි දෙව්ලොව
දොරටු විවෘත වන්නේ, මේ නිසයි බාබා පැවසුවේ ‘දෙව්ලොවට යන දොරටුව’ යන නම ඉතා හොඳ බව.
මෙම යුද්ධ සැමදාම පැවතුන බව සමහරු කියයි. ඔවුන්ගෙන් අහන්න මිසයිල සමඟ යුද්ධය
පැවතුනේ කවදාද කියා. මිසයිල සමඟ යුද්ධය අවසන් යුද්ධයයි. අවුරුදු 5000 කට පෙර මෙම
යුද්ධය පැවතුන විටද මෙම යාගය ඇති කරන ලදි. මෙම පැරණි ලොව දැන් විනාශ වීමට ඇත අළුත්
රාජධානිය ස්ථාපනය වෙමින් පවතී. ඔබගේ රාජධානිය හිමිකර ගැනීමටයි ඔබ මේ අධ්‍යාත්මික
දැනුම ඉගෙන ගන්නේ. ඔබගේ ව්‍යාපාරය අධ්‍යාත්මික ව්‍යාපාරයයි. භෞතික දැනුම ඔබට කිසි
ප්‍රයෝජනයක් නොවනු ඇත. ආගමික ග්‍රන්ථ වුවද ඔබට කිසිදු ප්‍රයෝජනයක් නොවනු ඇත.
එබැවින් මෙම ව්‍යාපාරයේ ඔබ නොයෙදෙන්නේ මන්ද? පියා ඔබව ලොවටම අධිපතියන් බවට පත්
කරවයි. ඔබ කුමන ඉගෙනුමේද යෙදිය යුත්තේ කියා සිතා බලන්න. ඒ මිනිසුන් නිකම් උපාධියක්
ලබාගැනීමට ඉගෙන ගන්නා නමුත් ඔබ ඉගෙන ගන්නේ රාජධානියක් ලබා ගැනීමටයි. එය රැයත්
දහවලත් අතර වෙනසකි. එම ඉගෙන ගැනීම් වලින් ඔබට රටකජු ටිකක් වත් ලැබේද කියා ඔබ දන්නේ
නැත. කෙනෙක් ඔහුගේ ශරීරය අතහැර දමා යන විට රටකජු ටික ද දමා යති. මෙම ඉගෙනීම ඔබත්
සමඟ යයි. මරණය ඔබගේ හිස මත ඇත. එබැවින් එය සිදුවීමට පෙර අපි සම්පුර්ණ ආදායමක්
ඉපැයිය යුතුයි. ඔබ මෙම ආදායම උපයාගන්නා අතරතුර ලෝකය විනාශ වෙයි. ඔබගේ ඉගෙනුම අවසන්
වන විට ලෝක විනාශය සිදුවෙයි. සෑම මනුෂ්‍යයෙක්ම අත මිට මොලවගෙන සිටින්නේ රටකජු
කිහිපයක් බව ඔබ දන්නවා. ඔවුන් රිලවුන් මෙන් ඒවා අල්ලාගෙන සිටියි. ඔබ දැන් මිණි මුතු
වලට උරුමකම් කියමින් සිටියි. එම රටකජු කිහිපයට ඇති බැඳීම දැන් අත්හරින්න. සෑම
දෙයක්ම පැහැදිලිව ඔවුන් වටහා ගත් විට අත මිට මොලවගෙන සිටින රටකජු කිහිපය අත්හරියි.
මෙහි ඇති සෑම දෙයක්ම දුහුවිලි බවට හැරෙනු ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ මෙම
අධ්‍යාත්මික ඉගැන්වීම ඉගෙන ගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි. නොනැසෙන දැනුමේ මිණි
මුතු වලින් ඔබගේ දෑත් පුරවාගන්න. රටකජු කිහිපයක් පසුපස එලවමින් ඔබේ කාලය අපතේ
නොහරින්න.
2. නාටකය දැන් අවසන්
වෙමින් පවති. එබැවින් ඔබගේ කර්ම බන්ධන වලින් තමන්ව මුදව ගන්න. ස්ව දර්ශන චක්‍රය
කරකවන අය බවට පත්වී අන් අයවත් එවැනි අය බවට පත් කරන්න. මව සහ පියා අනුගමනය කොට
රාජකීය තත්ත‍්වයකට හිමිකම් කියන කෙනෙක් බවට පත්වන්න.
වරදානය:
ඔබ උසස්
සේවාදායකයෙක් වී සෑම සිතිවිල්ලක්ම පරීක්ෂා කිරීමෙන් ඕනෑම නාස්ති ගිණුමක් අවසන්
කරත්වා.
උසස් සේවාදායකයෙක්
යනු සෑම සිතිවිල්ලක්ම බලවත් වන අයෙකි. එක සිතිවිල්ලක්වත් නාස්තිකාර නොවිය යුතුය,
මන්ද සේවාදායකයෙක් යනු ලෝක වේදිකාවේ ක්‍රියා කරන අයෙකි. මුළු ලෝකයම ඔබව අනුකරණය
කරයි, එබැවින් ඔබ එක් සිතිවිල්ලක් නාස්ති කළහොත්, ඔබ එය ඔබටම කර ගන්නා නාස්තියක්
පමණක් නොව, තවත් බොහෝ දෙනෙකුට උපකරණයක් බවට පත් වේ. එබැවින්, දැන් ඕනෑම නාස්තියක
ගිණුම අවසන් කර උසස් සේවාදායකයෙක් වන්න.
පාඨය:
සේවා
වාතාවරණයක් මෙන්ම, අසීමිත නිරාශාව පිළිබඳ ආකල්පයක් ද නිර්මාණය කරගන්න.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
සංගම යුගය, ඒකාබද්ධව
රැදී සිටීමේ යුගයයි. ඔබට පියාගෙන් වෙන්ව සිටිය නොහැක. ඔබ සෑම කලටම සහකරුවන්ය. පියා
සමග නිරතුරුවම සිටීම යනු නිරන්තරයෙන් තෘප්තිමත්ව සිටීමයි. පියා සහ ඔබ නිරන්තරයෙන්
ඒකාබද්ධව සිටින අතර ඔබගේ ඒකාබද්ධ ස්වරූපයේ බලය, එක කාර්යයක් වෙනුවට ඔබට කාර්ය දහසක්
කළ හැකි මහා බලයකි, මන්ද අත් දහසක් ඇති පියා, ඔබ සමග සිටින නිසා.