22.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ඇස් දෙකට පෙනෙන්ට ඇති සෑම දෙයක්ම පැරණි ලෝකයට අයත් දේවලුයි. ඒ සියල්ල විනාශ වී යා යුතුයි. එමනිසා, ඔබගේ සිහියෙන් මෙම දුක්ඛිත දේශය ඉවත් කර දමන්න.

ප්‍රශ්නය:
කිසිම කෙනෙකුගේ වරදක් නොවන නමුත් මිනිසුන් විසින් පියාට වරද පටවන කරුණ කුමක්ද?

පිළිතුර:
සිදුවෙමින් පවතින මහා විනාශය දෙවියන් විසින් උද්ගත කරවූවක් කියා මිනිසුන් සිතනවා. මිනිසුන්ට දුක් දෙන්නේත් සතුට දෙන්නේ ඔහුම බවයි. ඔවුන් සිතන්නේ, සම්පූර්ණ වරද පටවා ඇත්තේ දෙවියන් මතයි. පරමාත්ම පියා කියනවා: දරුවනි, මම සෑම විටම සතුට දානය කරන්නායි. මට කිසිම කෙනෙකුට දුකක් දෙන්න බැහැ. ලෝකය විනාශ වීම මා අතින් උද්ගත වූවක් නම් එහි සම්පූර්ණ පාපය වැටෙන්නේ මා මතයි. සියල්ල සිදු වන්නේ නාටකයට අනුවයි. මම එය කරවන්නේ නැහැ.

ගීතය:
අහෝ රාත්‍රියේ සංචාරය කරන්නාණනි, වෙහෙස නොවන්න. ගමනාන්තය වැඩි ඈතක නොවෙයි...

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට යමක් ඉගැන්වීමට ඉතාමත් හොඳ ගීත රැසක්ම තිබෙනවා. එවන් ගීත වල අර්ථය උපුටා ගෙන ඔබට ඥානය කතා කළ හැකියි. රාත්‍රි වන්දනා ගමන් සියල්ල දැන් අවසානයකට පැමිණ ඔබ සියලු දෙනාම හිමිදිරි වන්දනා ගමනක යෙදී සිටිනවා. භක්ති මාර්ගය ඔබව අඳුරේ එහා මෙහා යවනා රාත්‍රී වන්දනා ගමනක් වේ. කල්ප බාගයක් පුරා රාත්‍රි ගමනේ නිරතව සිට ඔබ දැන් බිමටම ඇද වැටිලා ඔබ මෙහි පැමිණ සිටින්නේ හිමිදිරි වන්දනා ගමනේ යාමටයි. මෙම වන්දනා ගමන ඔබ යන්නේ එක් වතාවයි. ස්මරණ වන්දනාවේ යාමෙන් ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන බවත් සතෝප්‍රධාන් ස්වර්ණමය යුගයේ පාලකවරුන් බවට පත් වන බවත් ඔබ දන්නවා. සතෝප්‍රධාන් වීමෙන් ඔබ ස්වර්නමය යුගයේ පාලකවරුන් වෙනවා. පසුව තමෝප්‍රධාන් වීමෙන් ඔබ කලි යුගයේ පාලකවරුන් වෙනවා. එය දිව්‍ය ලෝකය කියා හඳුන්වන අතර මෙය හඳුන්වන්නේ අපාය ලෙසයි. ඔය දරුවන් දැන් පරමාත්ම පියාව සිහි කරනවා. ඔබ සතුට ලබන්නේ පියාගෙන් පමණයි. ඥානය කතා කිරීමට නොදන්නා අය. අප සෑම ජීව සත්තාවකගේම නිවහන ශාන්ත දේශය බවත් සතුටේ දේශය දිව්‍ය ලෝක අධිරාජ්‍ය බවත් දැන් මේ ඇත්තේ දුක්ඛිත දේශය. රාවණගේ රාජ්‍ය බවත් සිහියේ තබා ගත යුතුයි. පරමාත්ම පියා කියනවා: දැන් මේ දුක්ඛිත දේශය අමතක කර දමන්න. ඔබ මෙහි ජීවත් වූවත් ඇසට පෙනෙන්නට ඇති සෑම දෙයක්ම රාවණ රාජ්‍යයට අයිති දේවල් බව ඔබ මතක තබා ගත යුතුයි. ඔබට පෙනෙන ශරීර සෑම එකක්මත් පැරණි ලෝකයට අයිති මෙවලමුයි. ඒ සියල්ල මෙම යාග ගින්නට බිලි දිය යුතුයි. ඒ අපිරිසිදු බ්‍රහමිණ්වරුන් යාග ගින්නක් සෑදූ විට ඔවුන් තල ඇට ආදිය එයට දමනවා. විනාශය සිදු විය යුතුයි. ඉහළම ඉහළ කෙනා පරමාත්ම පියායි. පසුව බ්‍රහ්මා හා විෂ්ණු පැමිණෙනවා. ශංකර්ට එවන් වැදගත් චරිත කොටසක් නැහැ. විනාශය සිදු විය යුතුයි. පරමාත්ම පියාගේ පෙළඹවීම වන්නේ කිසිම කෙනෙකුට පාපයක් සිදු නොවන ආකාරයෙන් විනාශය සිදුවීමටයි. දෙවියන් විනාශය කළා කියා කිවහොත් එහි වරද පැටවෙන්නේ ඔහු මතයි. මෙන්න මේ නිසා තමයි මේ සියල්ල නාටකයේ තීරණය වී තිබෙන්නේ. මෙය කවුරුත් දන්නා අසීමිත නාටකයයි. කිසිම කෙනෙක් නිර්මාණකරු ගැන හෝ නිර්මාණය ගැන දන්නේ නැහැ. ඔහු ගැන නොදන්නා නිසා ඔවුන් අනාතයින් වෙලා: ඔවුන්ට කිසිම ස්වාමියෙක් හිමිකරුවෙක් නැහැ. පියෙක් නොමැති පවුලක දරුවන් අඬ දබර කර ගන්නවා. එවිට ඔවුන්ගෙන් අහනවා ඔබව බලා ගන්න කෙනෙක් නැති ද? කිසිම හිමිකරුවෙක් නොමැති මිනිසුන් මිලියන ගණනක් දැන් සිටිනවා සෑම ජාතියක් අතරම අඬදබර. සෑම නිවසකම දරුවන් තම පියා සමඟත් බිරිඳ තම සැමියා සමඟත් රණ්ඩු සරුවල් කරගන්නවා. දුක්ඛිත ලෝකයේ ඇත්තේ නොසන්සුන්තාවයමයි. පරමාත්ම පියා දුක් දෙනවා කියා කියන්න බැහැ. මිනිස්සු සිතන්නේ පරමාත්ම පියා සතුටත් දුකත් දෙකම දෙනවා කියලයි. කෙසේවෙතත්. පරමාත්ම පියා කිසිම විටෙක දුකක් දෙන්නේ නැහැ. ඔහුව හඳුන්වන්නේ සතුට දානය කරන්නා කියායි. ඉතින් ඔහු කොහොමද දුකක් දෙන්නේ?පරමාත්ම පියා කියනවා: මම ඔබව ඉතාමත් සතුටට පත් කරවනවා. පළමුවෙන්ම, තමා ජීවාත්මයක් බව සලකන්න. ජීවය අවිනාශි වන අතර ශරීරය විනාශ වන සුළුයි. පරම නිර්වාණ දනව්ව අප ජීවාත්මයන්ගේ නිවහනයි. එය නිහඬ දේශය කියාත් හඳුන්වනවා මෙම වචන නිවැරදියි. දිව්‍ය ලෝකයට පරමදාමය කියන්නේ නැහැ. පරම යනු එහායින් ඇති තැනකුයි. දිව්‍ය ලෝකය පවතින්නේ මෙහිය. අශාරීරික ලෝකය ජීවාත්ම සත්තාවන් සිටිනා පරමදාමයයි. සතුටේ හා දුකේ චරිත ඔබ රඟදක්වන්නේ මෙහිදියි. අහවල් අහවල් කෙනා දිව්‍ය ලෝකයට ගියායි කියා මිනිස්සු කියූ විට එය හොඳටම වැරදියි. දිව්‍ය ලෝකයක් දැන් නැහැ. දැන් ඇත්තේ කලි යුගයයි. මේ කාලයේදී ඔබ සිටින්නේ සංගම යුගයේයි නමුත් අන් සෑම කෙනෙක්ම සිටින්නේ කලි යුගයේයි. එකම ගෙදර පියා කලියුගයේ සිටිනා අතර දරුවා සංගම යුගයේ සිටිනවා විය හැකියි: බිරිඳ සංගම යුගයේ සිටිනා අතර සැමියා කලි යුගයේ සිටිනවා විය හැකියි. විශාල වෙනසක්. බිරිඳ ඥානය ගෙන නමුත් සැමියා එය ලැබුවේ නැතිනම් ඔවුන් එකිනෙකා සහයෝගශීලි වන්නේ නැහැ. එවිට එම නිවහන ගැටුම්කාරි වෙනවා. බිරිඳ මලක් වන අතර ඔහු කටුවක්ම වී සිටිනවා. එකම ගෙදර දරුවා තමන් සංගම යුගයේ සිට උසස් දේවතාවරයෙක් වෙනවා කියන අවධානයෙන් සිටියත් පියා ඔහුට කියන්නේ විවාහ වී විනාශ වී යන්න කියලයි. අපායේ වැසියෙක් වෙන්න කියලයි. පරමාත්ම පියා කියනවා: දරුවනි, දැන් පාරිශුද්ධ වන්න. වර්තමාන කාලයේ ඔබගේ පාරිශුද්ධත්වය උපත් 21 ක් පුරාවටම පවතිනවා. රාවණගේ මෙම රාජ්‍යය විනාශ වී යා යුතුයි. මිනිස්සු තම සතුරන්ගේ පඹයින් සාදා පුළුස්සා දමනවා. එමනිසා, රාවණගේ පඹයා පුළුස්සනවා. එම සතුරා කෙරෙහි දැඩි වෛරයක් තිබිය යුතුයි. නමුත් රාවණ යනු කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. එම පඹයා පිළිස්සීමටම ඔවුන් දැඩි වියදමක් දරණවා. මිනිස්සු පිළිස්සීමට එතරම් වියදමක් දරන්නේ නැහැ. මේ දේවල් දිව්‍ය ලෝකයේ නැහැ. එහි, ස්විචයක් පණ ගැන්වුණු වහාම සියල්ල අවසන් වී යනවා. ඒ අළුවත් ප්‍රයෝජනයකට ගත හැකියි කියා එහිදී ඔවුන් සිතන්නේ නැහැ. එහි ඇති සිරිත් විරිත් සියල්ල කිසිම කෙනෙකුට කිසිම අපහසුවක් හෝ වේදනාවක් ගෙන නොදෙන ආකාරයේ ඒවායි. එහි ඇත්තේ විශාල සතුටක්. එමනිසා, පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: දැන් නිරන්තරයෙන් මා පමණක්ම සිහි කිරීමට උත්සාහ දරන්න. සිහියේ සිටීමට ඇති සටන මෙයයි. පරමාත්ම පියා ඔය දරුවන්ට නිතර නිතරම කරුණු පහදා දෙනවා: සුමිහිරි දරුවනි, ඉතාමත් සුපරික්ෂාකාරී වී තමා පිළිබඳ විශේෂ අවධානයකින් සිටින්න මායා ඔබගේ සැතිරිය වන නිසා ඇය ඔබගේ කන් නාසා කපා දමාවි. ප්‍රවේශම් වන්න. ඔබ පරමාත්ම පියාව සිහි කරනා විට මායා තම කුණාටු වලින් ඔබව ගසා දමනවා. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: මුළු දවස පුරාම ඔබ කොතෙක් දුරට පියාව සිහි කළාදැයි කියා වාර්තා සටහනක් තබා ගන්න. ඔබගේ මනස ගියේ කොහේටද? කොතෙක් දුරට පියාව සිහි කලාදැයි කියා දින පොතේ සටහන් කර ගන්න. තමාව පරීක්ෂා කර ගන්න. එවිට මායා දකීවි ඔබ ඉතාමත් ධෛර්යවන්ත කෙනෙක්. හොඳ ස්වඅවධානයක සිටිනා කෙනෙක් කියලා. හොඳින්ම සුපරික්ෂාකාරී වන්න. පරමාත්ම පියා දැන් පැමිණෙන්නේ ඔය දරුවන්ට තම උරුමය උරුම කර දීමටයි. ඔහු කියනවා: ඔබගේ ගෙදර දොර ඔබ හොඳින් බලා ගන්න. නිතැතින්ම පරමාත්ම පියාවත් සිහි කරන්න. මොහු ඒ සන්‍යාසීවරුන් වැනි කෙනෙක් නොවෙයි. ඔවුන් ජීවත් වන්නේ පිඩුසිඟා වැඩලයි. ඒ වගේම ඔවුන්ටත් තවම නොයෙක් ක්‍රියා කිරීමට සිදුවෙනවා. ඔවුන් හතා යෝගීන් බව ඔබට කිව හැකියි. රාජයෝගාව ඉගැන්විය හැක්කේ එකම එක පරමාත්මයට පමණයි. ඔය දරුවන් දැන් සිටින්නේ සංගම යුගයේයි. මෙම සංගම යුගය ඔබ සිහි කළ යුතුයි. අප ඉතාමත්ම උතුම් දේවතාවරුන් බවට පත් වන්නේ මෙම සංගම යුගයේදියි. අප ඉතාමත් උතුම් මනුෂ්‍ය කොට්ඨාශයක් එනම් පූජණීය දේවතාවරුන් ලෙසින් සිටියා. නමුත් දැන් පහළම පිරිසක් බවට පත් වෙලා. කිසිම වැදගැම්මකට නැති අය බවට පත් වෙලා. දැන් අපි පත් වෙමින් ඉන්නේ කුමන තත්ත්වයකටද? නීතිඥවරුන් වීමට ඉගෙන ගන්නා කාලයේ දීම කෙනෙකුට ඒ තත්ත්වය ලබන්න බැහැ. විභාගය සමත් වුණු විට පමණයි එම තත්ත්වයට අදාල හිස්වැසුම ඔවුන් පළදන්නේ. පසුව ඔවුන් රාජ්‍ය සේවයේ නිරත වෙනවා. ඉහළම ඉහළ පරමාත්මය දැන් ඔබට උගන්වන්නා බව ඔබට තේරෙනවා. එමනිසා, ඔහු ඔබට අනිවාර්යෙන්ම ඉහළම ඉහළ තත්ත්වයක් ලබා දේවි. මෙය ඔබගේ අරමුණ හා ඉලක්කයයි. පරමාත්ම පියා දැන් කියනවා: දැන් නිතරම මා පමණක්ම සිහි කරන්න. මම කවුදැයි කියා මා ඔබට පහදා දී තිබෙනවා. මම සියලුම ජීවාත්මයන්ගේ පරම පියායි. ආලෝක තිතයි. මුළු ඥාන සම්භාරයම ඇත්තේ මා ලඟයි. ජීවාත්ම සත්තාවක් ආලෝක තිතක් කියා ඔබ මීට පෙර දැන සිටියේ නැහැ. ඔබගේ උපත් 84 මුළු අවිනාශි චරිත කොටසම ඔබ තුළ පටිගත වී තිබෙනවා. ක්‍රිස්තුන් වහන්සේ තම චරිත කොටස රඟපා යන්න ගියා: අනිවාර්යෙන්ම ඔහු නැවතත් වාතාවක් පැමිණේවි. ක්‍රිස්තුන් වහන්සේගේ සියලුම අනුගාමිකයිනුත් ආපසු පැමිණේවි. ක්‍රිස්තු ජීවයත් දැන් තමෝප්‍රධාන් වී ඇති. ඉතාමත් උතුම් සියලුම ආගම් නායකවරුන් දැන් තමෝප්‍රධාන්. මොහුත් කියනවා: උපත් ගණනාවක් අවසානයේ තමෝප්‍රධාන් වී සිටිනා මම දැන් නැවතත් සතෝප්‍රධාන් වෙමින් සිටිනවා. ඔබටත් එය අදාලයි. දේවතාවරුන් වීමට නම් ඔබ දැන් බ්‍රහ්මණවරුන් විය යුතු බව ඔබ දන්නවා. බහුරූපි ප්‍රතිමාවේ අර්ථය කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔය ජීවාත්මයන් මධුර නිවහනේ සිටියදී ඔබ පාරිශුද්ධව සිටි බව ඔය දරුවන් දන්නවා. අපිරිසිදු වන්නේ මෙහි පැමිණීමෙන් අනතුරුවයි. මෙන්න මේ නිසා තමයි ඔබ කන්නලව් කරන්නේ: අහෝ පාරිශුද්ධ කාරුවාණනි පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. මුක්ති දේශ නිවහනට අපට යා හැක්කේ එවිටයි. මෙම කරුණත් අවබෝධ කර ගත යුතුයි. මුක්ති දේශය කුමක්ද ජීවනමුක්ති දේශය කුමක්දැයි කියා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මුක්ති දේශය ශාන්ත දේශය කියා හඳුන්වනවා. ජීවන මුක්ති දේශය සතුටේ දේශය කියා හඳුන්වනවා. මෙහි දුක්ඛිත දේශයේ බන්ධන තිබෙනවා. ජීවන මුක්තිය හඳුන්වන්නේ සතුටේ සබැඳියාවන් ඇති තැනක් ලෙසයි. දුක්ඛිත බන්ධන දැන් ඉවත් වීමටයි ඇත්තේ. අප උත්සාහ දරන්නේ ඉහළ තත්ත්වයක් දිනා ගැනීමටයි. එමනිසා, ශ්‍රීමත් අනුගමනය කර තමන් තම අධිරාජ්‍යය ස්ථාපනය කර ගන්නවාය යන කුල්මත් බව ඔබ තුළ තිබිය යුතුයි. ජගදම්බා අංක එක වෙනවා. අපිත් ඇය අනුගමනය කරමු. මව හා පියාගේ හද සිහසුනේ අසුන් ගන්නා දරුවන් අනාගත සිහසුන ද දිනා ගන්නවා. දිවා රෑ සේවයේ කාර්ය බහුලව ඉන්නා දරුවන් පමණයි හද සිහසුනේ අසුන් ගන්නේ. පරමාත්ම පියා සිහිකිරීමේ පණිවිඩය සෑම කෙනෙක්ටම දෙන්න. ඒ සඳහා ඔබ එක් පැන්සයක්වත් නොගත යුතුයි. රාඛි බැඳීමට කවුරු හෝ ලඟට ගිය විට ඔවුන් සිතනවා මොවුන්ට කුමන හෝ දෙයක් දිය යුතුයි කියලා. ඔවුන්ට කියන්න: දුර්ගුණ පහේ දානය දෙන්න. අපට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. අප පැමිණ සිටින්නේ මෙම දානය පමණක් ඔබගෙන් ගෙන යන්නයි. මෙන්න මේ නිසා තමයි පාරිශුද්ධත්වය සඳහා රාඛිය ඔබට බඳින්නේ. පරමාත්ම පියා සිහි කරන්න. පාරිශුද්ධ වන්න. ඔබ දේවතාවරුන් වේවි. අපට ඔබගෙන් මුදල් ගන්න බැහැ. අපි ඒ බ්‍රහ්මණවරුන් නොවෙයි. දුර්ගුණ පහ පමණක් අපට දානය කරන්න ඔබගේ අපල දුරු වී යාවි. කිසිම කලාවක් තවත් ඉතිරි වී නැහැ. සෑම කෙනෙක්ටම රාහු ලබලා. ඔබලා බ්‍රහ්මණවරුනුයි. නේද? ඔබ කොහේ ගියත් ඔවුන්ට කියන්න: මෙම දානය දෙන්න අපල දුරු වේවි. පාරිශුද්ධ වන්න. කිසිදු විටෙක පාපයේ ගැලෙන්න එපා. පරමාත්ම පියා සිහි කර පාප දුර කර ගත් විට ඔබ මල් බවට පත් වනු ඇත. එක කාලෙක ඔබ මල් ලෙසින් සිටියා දැන් කටු වෙලා. උපත් 84 ක් ගෙන එන ගමන් ඔබ පහළටම ඇද වැටිලා. දැන් ඔබ නැවතත් නිවස බලා යා යුතුයි. බාබා මොහු හරහා උපදෙස් දී තිබෙනවා. ඔහු ඉහළම ඉහළ දෙවියනුයි. ඔහුට තමාටම කියා ශරීරයක් නැහැ. අච්චා. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර්ට ශරීර තිබෙනවාද? ඔබ කියාවි: ඔව් ඔවුන්ට සුක්ෂම ශරීර තිබෙනවා. කෙසේවෙතත්, එය මානව ජීවයන්ගේ ලෝකයක් නොවෙයි. මුළු නාටකයම රඟ දැක්වෙන්නේ මෙහියි. සූක්ෂම ලෝකයේ නාට්‍යයක් රඟ දැක්වෙන්නේ කෙසේද? ඇත්තටම කියනවා නම් අශාරීරික ලෝකයේ හිරු සඳු නැහැ. ඉතින් කොහොමද නාටකයක් තිබෙන්නේ. මෙය විශාල වියනක්. නැවත උපත් ගැනීම සිදු වන්නේ මෙහියි: සූක්ෂම කලාපයේ සිදු වන්නේ නැහැ. මෙම අසීමිත නාටකය දැන් ඔබගේ සිහියේ තිබෙනවා. ඔබලා දේවතාවරුන් ලෙසින් සිට දැන් පාප මාර්ගයට වැටී ඇති බව දැන් ඔබලා දන්නවා. පාප මාර්ගය දූෂිත මඟක් කියාත් හඳුන්වනවා. කල්ප බාගයක් පුරා අප පාරිශුද්ධව සිටියා. මෙම ජය පැරදුමේ සම්පූර්ණ කතාව අප ගැනයි. භාරතය අවිනාශි දේශයයි: එය කවදාවත් විනාශ වන්නේ නැහැ. ඒ කාලයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණු කල, වෙනත් ආගමක් තිබුණේ නැහැ. මීට කල්පයකට පෙර මෙම කරුණු තේරුම් ගත් අයම නැවතත් තේරුම් ගනීවි. වසර 5000 කට වඩා පැරණි දෙයක් තිබෙන්න බැහැ. ඔබ පළමුවෙන්ම ස්වර්ණමය යුගයට ගිහින් තම මාළිඟා තනා ගනීවි. ඔබගේ රන් නගරය මහ සයුරෙන් මතු වෙනවා කියා දෙයක් සිදු වන්නේ නැහැ. මහ සයුරින් මතු වන දේවතාවරුන් බන්දේසි පුරවා මුතු මැණික් ගෙන එන ආකාරය පෙන්වා තිබෙනවා. ඇත්තටම කියනවා නම් ඥාන සාගරය වන පරමාත්ම පියා තමයි ඔබට බන්දේසි පුරවා ඥාන මිණිමුතු දෙන්නේ. අමරණීයත්වයේ කතාන්දරය පාර්වතීට කියමින් ශංකර් ඇය ඥාන මිණිමුතු වලින් පුරවන ආකාරය පෙන්වා තිබෙනවා. ඒ වගේම ශංකර් මත් වෙන බීමක් බිව්වා කියාත් පෙන්වනවා. මිනිස්සු ඔහුගේ රූපයක් ඉදිරියට ගිහින් තමන්ට ධනය ලබා දෙන්නැයි කියා කන්නලව් කරනවා. බලන්න ඔවුන් ශංකර්වත් අපහාසයට ලක් කර ඇති සැටි. වැඩියෙන්ම අපහාසයට ලක් කරන්නේ මාවයි. මෙයත් නාටකයේ කොටසක් නැවතත් එය රඟ දැක්වේවි. කිසිම කෙනෙක් මෙම නාටකය දන්නේ නැහැ. ආරම්භයේ පටන් අවසානය දක්වා සියලුම රහස් මා පැමිණ ඔබට කියා දෙනවා. ඉහළම ඉහළ කෙනා වන්නේ පරමාත්ම පියායි කියා ඔබ දන්නවා. විෂ්ණු බ්‍රහ්මා වෙන්නේ කෙසේද බ්‍රහ්මා විෂ්ණු වෙන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔය දරුවන් දැන් විෂ්ණු වංශයේ කෙනෙක් වීමට උත්සාහ දරනවා. විෂ්ණු දේශයේ පාලකවරුන් වීමට ඔබ දැන් බ්‍රහමිණ්වරුන් වී සිටිනවා. තමන් දැන් ශ්‍රීමත් අනුගමනය කර සූර්ය වාංශික හා චන්ද්‍ර වාංශික රාජ්‍යයන් ස්ථාපනය කරමින් සිටිනා බව ඔය බ්‍රහමිණ්වරුන්ගේ හදවතේ තිබෙනවා. සටනක් පිළිබඳ දෙයක් මෙහි නැහැ. දේවතාවරුන් හා යක්ෂයින් අතර සටනක් සිදු වූයේ නැහැ. දේවතාවරුන් සිටියේ ස්වර්ණමය යුගයේයි. එහි කොහේද සටන් ඇති වන්නේ? ඔය දරුවන් දැන් යෝග බලයෙන් ලෝක පාලකවරුන් බවට පත් වෙමින් සිටිනවා. භෞතික බලය ඇති අය විනාශය කරා ඇදී යනවා. නිහඬතාවයේ බලයෙන් ඔබ විද්‍යාව පරාජය කරනවා. ඔබ දැන් ජීව අවධානයට පත් විය යුතුයි. මම ජීවාත්ම සත්තාවක්මි: මා දැන් නිවහන බලා යා යුතුයි.ජීවාත්මයන් ඉතාමත් වේගවත්. එක් තැනක සිට තවත් තැනකට එක් පැයකින් යා හැකි තරමේ වේගවත් ගුවන් යානා දැන් නිපද වී තිබෙනවා. ඇඟිලි ගසන ඇසිල්ලකින් ජීවයක් එක් තැනක් අතහැර තවත් උපතක් ගන්නවා. ඇතැම් අය විදේශීය රටවලට ද ගොස් උපත ලබනවා. වේගවත්ම රොකට්ටුව ජීවාත්ම සත්තාවයි. එහි කිසිම යන්ත්‍රයක් නැහැ. තම ශරීර අතහැර දමා ඔවුන් වෙන කොහාට හෝ යනවා. තමන් දැන් නිවහන බලා යා යුතුයි යන්න ඔබගේ සිහියේ තිබෙනවා. අපිරිසිදු ජීවයන්ට නිවහන කරා යා නොහැකියි. පාරිශුද්ධ වී ඔබ නිවහන කරා යාවි. අන් සෑම කෙනෙක්ම දඬුවම් විඳ ආපසු යාවි. දැඩි දඬුවම් විදීමට සිදු වේවි. ඇතැම් දරුවන් ක්‍රිෂ්ණා උපදින ආකාරය ධ්‍යාන වලින් දැක තිබෙනවා. එහි කිසිම අපිරිසිදු දෙයක් නැහැ. හදිසියේම මහා ආලෝකයක් පැතිරෙනවා. ඔබලා දැන් පාරාදීසයේ පාලකවරුන් වෙනවා. එමනිසා, එයට අනුව ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබගේ කෑම බීම පිරිසිදු පාරිශුද්ධ ඒවා විය යුතුයි. පරිප්පුයි බතුයි තමයි හොඳම. රිෂිකේෂ්හි සන්‍යාසිවරුන් ජනේලයකින් තම ආහාර පත ගෙන යන්න යනවා. ඔවුන් වෙනස්ම පිරිසක්. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරීක්ෂාකාරීව තමා කෙරෙහි අවධානය යොමු කරන්න. මායාගෙන් ප්‍රවේශම් වන්න. පියා සිහි කිරීමේ අවංක වාර්තාවක් තබා ගන්න.

2. මව හා පියා අනුගමනය කර හද සිහසුනේ අසුන් ගන්න. දිවා රෑ සේවයේ නිරත වන්න. පරමාත්ම පියාව සිහි කිරීමේ පණිවිඩය සෑම කෙනෙකුටම දෙන්න. දුර්ගුණ පහේ දානය දී අපල දුර කර ගන්න.

වරදානය:
අරුත්බර වීම යනු මෙම ඥානයේ සහ අවබෝධයේ කරුණු තේරුම් ගැනීම වන අතර සාරය යනු බලයේ ප්‍රතිමූර්තියක් ලෙස සියලු බලයන්ගේ ප්‍රතිමූර්තියක් වීමේ අවධානය තබා ගැනීමයි. ඔබ මේ දෙකෙහි සමතුලිතතාවයක් පවත්වා ගන්නේ නම්, ඔබ පිළිබඳ සියලු විඥානය සහ ඔබේ පැරණි සියල්ල කැප කරනු ලැබේ. ලෝක පරිවර්තනයේ සේවය සඳහා සෑම තත්පරයක්ම, සෑම සිතිවිල්ලක්ම, සෑම වචනයක්ම සහ සෑම ක්‍රියාවක්ම කැප කිරීමෙන්, ඔබ ස්වයංක්‍රීයව ලෝක පරිවර්තකයෙකු බවට පත්වනු ඇත. තමන්ගේම ශරීර පිළිබඳ සියලු අවධානයන් සමඟ තමන්ව කැප කරන අයට ඔවුන්ගේ උසස් කම්පන මඟින් වාතාවරණය පරිවර්තනය කිරීමට පහසුවෙන් හැකි වේ.

පාඨය:
ඔබේ ලැබීම් මතක තබා ගන්න, එවිට දුකක් හෝ අසහනකාරී ඕනෑම දෙයක් අමතක වනු ඇත.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ගේ අත්තිවාරම පාරිශුද්ධත්වයයි. කෙසේවෙතත්, පාරිශුද්ධත්වය යනු බඹසර රැකීම පමණක් නොවෙයි. එය ශ්‍රේෂ්ඨ වන නමුත් ඔබ තුළ ඕනෑම ජීවාත්මයක් වෙනුවෙන් යම් විශේෂිත බැදීමක් හෝ යටහත් බවක් ඇත්නම්, ඕනෑම ජීවාත්මයකගේ විශේෂත්වයකින් ඔබ ප්‍රබෝධමත් වන්නේ නම් හෝ ඕනෑම ජීවාත්මයක් ගැන ඔබ තුළ ඍණාත්මක සිතිවිලි ඇත්නම්, ඔබ නරක වචන පවසන්නේ නම් හෝ විනය රීතීන්ට පටහැනි වචන පවසන්නේ නම් එයත් පාරිශුද්ධත්වය නොවෙයි.