22.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පිංකම් ආරම්භ වන්නේ නිවසිනි. එනම්, පළමුව දේවතා ධර්මයට අයත් අයට මෙන්ම ශිවාව සහ දේවතාවන්ව වන්දනා කරන අයට දැනුම ලබා දෙන්න.

ප්‍රශ්නය:
පියාගේ කුමන ක්‍රියාවද, කිසිම මනුෂ්‍යයෙකුට සිදු කළ නොහැක්කේ, එමෙන්ම ඒ ඇයි?

පිළිතුර:
මුළු ලොවෙහිම සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාව පියාගේම පමණයි. ඔවුන් සියලු දෙනාම දූෂිත බැවින්, මනුෂ්‍යයන්ට ලෝකයේ සාමය ස්ථාපිත කළ නොහැක. සාමය ස්ථාපිත කළ හැක්කේ ඔවුන් පියාව හඳුනාගත් විට සහ පිවිතුරු වූ විට පමණයි. පියාව හඳුනා නොගැනීම නිසා ඔවුන් අනාථ දරුවන් වී ඇත.

ගීතය:
ඔබගේ මාවතේ දිවි ගෙවන්නත්, ඔබගේ මාවතේ මියැදීමටත්!

ඕම් ශාන්ති.
ඔබ නැවත නැවතත් ’ඕම් ශාන්ති’හි අරුත විස්තර කර දිය යුතුයි, මන්ද කිසිම කෙනෙක් ’ඕම් ශාන්ති’හි අරුත නොදන්නා බැවින්. ඒ අන්දමින්ම ඔබ නැවත නැවතත් ’මන්මනාභව’යැයි ද කිව යුතුයි, එනම්, අසීමිත පියාව සිහි කරන්න. මිනිසුන් පවසන්නේ ’ඕම්’හි අරුත, දෙවියන් කියාය. පියා පවසන්නේ ’ඕම්’ යනු, මා ජීවාත්මයක් වන අතර, මෙය මගේ සිරුරයි. පරම පියා, පරමාත්ම ජීවය ද මෙසේ කියයි ඕම්. මාද ජීවාත්මයකි, උත්තරීතර දේශයේ නිවැසියෙක්මි. ඔය ජීවාත්ම, උපත් සහ මරණ චක්‍රයට පැමිණෙයි. මා එසේ නොඑමි. ඔව්, මා නිසැකයෙන්ම ලෝකයේ ආරම්භය, මැද සහ අවසානයේ සාරය ඔය දරුවන්ට විස්තර කර දීම සඳහා, ශාරීරික ස්වරූපයකින් පැමිණෙන්නෙමි. වෙනත් කිසිම කෙනෙකුට මෙය විස්තර කළ නොහැක. ඔබට මෙම විශ්වාසය නොමැති නම්, ගොස් මුළු ලෝකය වටා සැරි සරා, තමන් ගැන සහ ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ලබා දිය හැකි කෙනෙක් සිටිනවාද කියා සොයා බලන්න. පරම පියා, පරමාත්ම ජීවය හැර, වෙනත් කිසිවෙකුට ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ රහස් කියා දීමට හෝ රාජ යෝගාව ඉගැන්වීමට නොහැක. වෙනත් කිසිවෙකුට අපවිත්‍ර අයව පිවිතුරු කළ නොහැක. පළමුවෙන්ම දේවතාවන් වන්දනා කරන අයට විස්තර කර දීමට උත්සාහ දරන්න. සම්පූර්ණ උපත් 84 ගෙන ඇත්තේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් අය පමණයි ඉතා හොඳින් වටහාගැනීමට හැකි අය වන්නේ, ඔවුන්ය. පසුව පැමිණෙන අයට උපත් 84 ගත නොහැක. දේවතාවන් වන්දනා කරන අය සහ ගීතාව හදාරන අය පමණයි, මෙම දැනුමට සවන් දෙන්නේ. ගීතාවේ, දෙවියන්ගේ නම වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කිරීමේ වරද පමණක් සිදු කර තිබේ. එබැවින් ඔබ ගීතාව කියවන අයට විස්තර කළ යුතුයි. ඔබ ඔවුන්ගෙන් මෙසේ විමසිය යුතුයි පරම පියා, පරමාත්ම ජීවය වන ශිවා සමඟ ඔබගේ ඇති සම්බන්ධය කුමක්ද? ඔහුට පරමාත්ම දෙවියන් යැයි කියයි. ශ්‍රී ක්‍රිෂ්ණා යනු, දිව්‍යමය ගුණදම් ඇති කෙනාය. ඔහුට දිව්‍යමය රාජධානියක් තිබුණු අතර, එම රාජධානියේ සිටි සියලුම මිනිසුන්ට දිව්‍යමය ගුණදම් තිබුණා. දැන් වැඳුම් ලබන්නට සුදුසු බවින්, ඔවුන් වඳින්නන් බවට පත් වී ඇත. එබැවින් ඔබ පළමුව, දෙවි දේවතා ධර්මයට අයත් අයව ඉහළ නැංවීමට උත්සාහ දැරිය යුතුයි. පුණ්‍යකර්ම ආරම්භ වන්නේ නිවසිනි! තවද ඔබ ශිවාගේ වන්දනාකරුවන්ටද විස්තර කළ යුතුයි. ඔවුන් ඔහුගේ ජන්ම දිනය සමරන බැවින්, ශිවා අනිවාර්යෙන්ම පැමිණෙනවා. පරම පියා, පරමාත්ම ජීවය, ඔහුයි. ඔහු අනිවාර්යෙන්ම පැමිණ, ඔබට රාජයෝගාව ඉගැන්විය යුතුයි. කිසිම මනුෂ්‍යයෙකුට ඔබට මෙය ඉගැන්විය නොහැක. ක්‍රිෂ්ණාට හෝ බ්‍රහ්මාට දෙවියන් කියා කිව නොහැක, මන්ද, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නේ ඒකායන පියාය. ඔහු දැනුමේ මහා සාගරය වන නිසා, ඔහු සියල්ලන්ගේම ගුරුවරයාය. ලෝකයේ මුල, මැද සහ අවසානයේ ඉතිහාසය සහ භූගෝලය ගැන වෙනත් කිසිවෙකු නොදනී. පියා පවසන්නේ මාව දැනුමේ මහා සාගරය, ජීවමාන බීජය යැයිද හඳුන්වයි. බීජය තුළ, උඩු යටිකුරු වෘක්ෂයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ දැනුම තිබෙයි. මේ නිසයි මට, දැනුමේ මහා සයුර, සර්ව බලධාරි යැයි කියන්නේ. ඔහුට තිබෙන්නේ කුමන බලධාරිත්වයද? ඔහු සියලුම වේද, ග්‍රන්ථ සහ ග්‍රාන්ත් ආදිය දනී. ඔහු ඔය දරුවන්ට විස්තර කරයි. ග්‍රන්ථ කියවන අය පවසන්නේ, චක්‍රයේ කාල වකවානුව, වසර සිය දහස් ගණනක් බව කියාය, නමුත් එය එසේ විය නොහැක. මෙය විවිධ ආගම් වල මනුෂ්‍ය වෘක්ෂයයි. එහි කාල වකවානුව ඉතා දීර්ඝ බව, ඔවුන් භගවතයේ ලියා ඇත. භගවතය, ආගමික ග්‍රන්ථයක් නොවෙයි. දේවතා ධර්මය ස්ථාපිත කළ ආගමික ග්‍රන්ථය, ගීතාවයි. මහාභාරතය හෝ භගවතය තුළින්, ස්ථාපනය වන ආගමක් නැත. ඒ ඔවුන් ලියා ඇති ශ්‍රී ක්‍රිෂ්ණාගේ ඉතිහාසය පමණයි. පරම පියා විස්තර කරන්නේ දරුවනි, ඔවුන් උපත් 84ක් ගෙන ඇති බව, දේවතා ධර්මයට අයත් අයට විස්තර කරන්න. ස්වර්ණමය යුගයේ තිබුණේ භාරතය පමණක් වන අතර වෙනත් ආගමක් නොවීය. දිව්‍ය ලෝකය වූයේ භාරතය පමණයි. උසස්ම-උසස් ලෙස සිහිකර තිබෙන්නේ භාරතය පමණකි. පැමිණ අපවිත්‍ර අයව පිවිතුරු කරන, පරම පියා, පරමාත්ම ජීවයගේ උපන් ස්ථානයද එයයි. එබැවින් ශිවාව මෙහි වන්දනා කෙරෙන අතර ඔහුගේ ජන්ම දිනයද මෙහි සමරයි. ඔහු නිසැකයෙන්ම අපවිත්‍ර ලෝකයට පැමිණෙන්ට ඇති. සෑම කෙනෙක්ම කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි පැමිණෙන්න! භාරතය පිවිතුරු වූ අතර, ඉන්පසුව එහි වැසියන් උපත් 84හි චක්‍රය වටා ගියහ. දිව්‍ය ලෝකයේ පිවිතුරු නිවැසියන් වූ අය, දැන් අපායේ අපවිත්‍ර වැසියන් වී සිටියි. ශිව බාබා ඔවුන්ව පිවිතුරු කළ අතර, ඉන්පසුව රාවණ ඔවුන්ව අපවිත්‍ර කළා. මෙකල, එය රාවණගේ රාජධානියයි. සෑම මනුෂ්‍යයෙකු තුළම පාපයන් පහ තිබේ. ස්වර්ණමය යුගයේ පාපයන් තිබුණේ නැත, සෑම කෙනෙක්ම පාපයෙන් තොර විය. දැන් ඔවුන් සෑම කෙනෙක්ම අපවිත්‍ර අතර, ඔවුන් මේ අන්දමින් කන්නලව් කරන්නේ මේ නිසාය නැවත පැමිණ, අපව පිවිතුරු කරනු මැන! ස්වර්ණමය යුගයෙදී අප පිවිතුරු විය. අප උපත් 21ක් රාමාගේ රාජධානියේ සිටියා. එය දැන් රාවණගේ රාජධානිය වන අතර සෑම කෙනෙක්ම දූෂිතයි. පියා පවසන්නේ විශාලතම සතුරා රාගයයි. එහි ආරම්භයේ සිට, මැද තුළින්, අවසානය තෙක්ම දුක ඇති කරයි. දැන් එය ජයගෙන, පිවිතුරු වන්න! ඔබ උපතින් උපතට පාපයන් සිදු කරමින් සිටියා. වැඩියෙන්ම තමෝප්‍රධාන් වී ඇත්තේ ඔබයි. ජීවාත්ම තුළට වෙනත් ලෝහ මිශ්‍ර වී තිබේ. මුලදී ඔබ ස්වර්ණමය යුගී වූ අතර ඉන්පසුව ඔබ රිදී යුගී සහ පසුව තඹද ඊටත් පසුව යකඩද විය. ඔබ තුළට වෙනත් ලෝහ මිශ්‍ර වූ විට, ඔබ ඉනිමඟ දිගේ දිගින් දිගටම පහළට පැමිණියා. මින් හැඳින්වෙන්නේ භාරතය ගැන පමණයි. ඔබ ස්වර්ණමය යුගයේ උපත් 8ක්ද ඉන්පසුව රිදී යුගයේ උපත් 12ක්ද ගනී. භාරතයේ එම මිනිසුන්ම ඉන්පසුව චන්ද්‍ර පෙළපතද පසුව වෛශ්‍ය පෙළපතද වෙයි. ජීවාත්ම අපවිත්‍ර වෙයි. පියා පවසන්නේ මා පැමිණ, සෑම චක්‍රයකදීම භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරවමි. පසුව රාවණ, එය අපාය බවට පත් කරවයි. මෙම නාටකය, පෙර නියමිත වූවක්. පියා දැන් විස්තර කරන්නේ ශිව බාබා, දැනුමේ මහා සාගරයයි. උසස්ම-උසස් කෙනා, සෑම කෙනෙකුගේම වැඳුම් ලබන්නට සුදුසු කෙනා, ශිවාය. පළමුවෙන්ම වන්දනාවට පාත්‍ර වන්නේ ඔහුයි. අසීමිත පියා ඔහුය. ඔබට අනිවාර්යෙන්ම ඔහුගෙන් අසීමිත උරුමයක් හිමි වෙයි. දෙවියන් ලෙස හැඳින්වෙන්නේ අශාරීරික කෙනා පමණක් බව, භාරතයේ ජනයාට අමතක වී ඇත. මිනිසුන් ඔහුව සිහි කරයි සෑම කෙනෙක්ම දෙවියන් නොවෙයි. එක් අතකින් ඔවුන් දෙවියන් සිහි කරන අතර, අනෙක් අතට, ඔවුන් ඔහුට අපහාසද කරයි. එක් අතකින් ඔවුන් පවසන්නේ ඔහු සෑම තැනකම සිටින බවය, ඉන්පසුව ඔවුන් ඔහුට මෙසේ කන්ලව් කරයි අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැන! පරමාත්ම පියා පැමිණ, බ්‍රහ්මාගේ ශරීරය මඟින්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය වන බ්‍රහ්මණයින්ට පමණක් විස්තර කරයි. ඔය බ්‍රහ්මණයින් දැන් ඉහළම ගැටයයි. බ්‍රහ්මණයන්ට ඉහළින් සිටින්නේ ශිවාය. බහු-රූපි පිළිරුවේ ඔවුන් දේවතාන්, ක්ෂත්‍රීයයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයින්ව පෙන්වා ඇත. බ්‍රහ්මණයින් ගැන කිසිසේත් සඳහන් කර නැත, මන්ද, එම බ්‍රහ්මණයන් දූෂිත බව ඔවුන් දකින නිසා. එබැවින් ඔවුන් දේවතාවන්ට වඩා උසස් බව හැඳින්වෙන්නේ කෙසේද? ඔවුන් මෙසේ පවා ගායනා කරන බව, පියා විස්තර කර දෙයි දේවතාවන් වීමට යන බ්‍රහ්මණයින්ට නමස්කාර වේවා. එය ඔවුන්ගේ රාජධානිය වූයේ කවදාද කියා කිසිවෙක් නිවැරදිව නොදනී. දිව්‍ය ලෝකය පැමිණුනේ කොහේ සිටද? බාබා පැමිණ ඇති බවත්, ඔහු, බ්‍රහ්මාගේ මාර්ගයෙන් දිව්‍ය ලෝකය ස්ථාපිත කරන බවත් ඔබට දැන් වැටහෙයි. ඔහු ශංකර්ගේ මාර්ගයෙන් විනාශය දිරිගන්වයි. දිව්‍ය ලෝකයේ දොරටු විවර වුණු, මහාභාරත යුද්ධයද වීය. ඔවුන් මෙය ගායනා කරන නමුත් ඔවුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. රුද්‍රාගේ මෙම දැනුමේ යාග ගින්නෙන්, විනාශයේ ගිණි දැල් මතු වූ බවත් ඔවුන් පෙන්වයි. එම කොටස සැබවින්ම දැන් රඟ දැක්වෙනවා. වසර 5000කට පෙර, යුද්ධය සිදු වූ අතර, එවිට අපවිත්‍ර ලෝකයද විනාශ විය. ඔවුන් ගීතාවේ දැනුම පවසන විට, සේනා තුනක් තිබුණු බව, ඔවුන් පවසයි. යාදවයන් යනු විද්‍යාව මඟින් මිසයිල නිපදවූ, යුරෝපයේ වැසියන්ය. ගීතාව හරියටම වසර 5000කට පෙර පවසන ලදි. මෙම සේනා තුන, දැනුදු පවතින බව, පියා විස්තර කරයි. මෙසේ ගැයෙයි විනාශ කාලයේදී සෙනෙහස නොමැති බුද්ධි ඇති අය සිටියි. එනම්, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය කෙරෙහි ඔවුන්ගේ බුද්ධියේ සෙනෙහසක් නොමැති අය සිටියි. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත! ඔබ හැර, වෙනත් කිසිවෙකුට කිසියම් හෝ සෙනෙහසක් නොමැත. සෑම කෙනෙකුටම, විනාශ කාලයේ තිබෙන්නේ සෙනෙහස නොමැති බුද්ධීන්ය. සෙනෙහසින් යුතු බුද්ධි තිබෙන්නේ පාණ්ඩවයන් වන ඔබට පමණයි. ඔබ සිහිපත් කරන්නේ ශිව බාබා පමණයි. ශිව බාබා ඔබට උපත් 21කට උරුමයක් ලබා දීමට පැමිණ ඇති බව ඔබ දන්නවා. ඔබගේ බුද්ධිය තුළ ශිව බාබා කෙරෙහි සෙනෙහස තිබේ. වෙනත් කිසිවෙක් පරම පියාව කිසිසේත් නොදනී. එබැවින් සේනා තුන තිබේ. පාණ්ඩව සේනාව ඔබලායි. මෙය විනාශ කාලයයි. මරණය, ඔබගේ අත ලඟ බව ඔබ දන්නවා. ශිව බාබා පවසන්නේ ඔබ පිවිතුරු වූ විට, ඔබ නව ලෝකයේ අධිපතියන් වෙයි. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් දේවතා ධර්මය පමණයි වෙනත් ආගම් නොතිබිණි. දැන් අන් සෑම ආගමක්ම පවතින අතර, ආදි සනාතන දෙවි දේවතා ධර්මය නොපවති. තමන් දේවතාවන් යැයි ඔවුන් නොසලකති. ඔවුන් පවසන්නේ අපි අපවිත්‍රයි. ඔවුන් දේවතා ප්‍රතිමා ඉදිරියට ගොස් ප්‍රශංසා ගයති ’ඔබ සියලුම ගුණධර්ම වලින් පිරී ඇත, දිව්‍යමය අංශක 16කින් සිපිරිය’, නමුත් ඔවුන් තමන් ගැන පවසන්නේ ’මා දූෂිතයි. මට ගුණධර්ම නැත, මා ගුණදම් වලින් තොරයි.’ ඔවුන් පියා සිහි කරයි. ඔබත් ඒකායන පියා සිහි කළ යුතුයි. පියා සිහිපත් නොකර, ඔබට පිවිතුරු විය නොහැක. එසේ වුවහොත් ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. අපවිත්‍ර ලෝකය විනාශ වූ විට පමණයි, ලෝකයේ සාමය තිබිය හැකි වන්නේ. භාරතයේ සහ ලෝකයේ සාමය ඇති කිරීමට මිනිසුන් උත්සාහ දරන නමුත්, එය ඒකායන පියාගේ කාර්යය පමණයි. මනුෂ්‍යයන් දූෂිතයි. ඔවුන් සාමය ස්ථාපිත කරන්නේ කෙසේද? සෑම නිවසකම ගැටුම් තිබේ. පියාව හඳුනා නොගැනීම නිසා ඔවුන් අනාථයින් බවට පත් වී ඇත. ස්වර්ණමය යුගයේ ඔවුන් සම්පූර්ණයෙන්ම පිවිතුරුව සිටි අතර, සාමය සහ සතුට පැවතුණි. පියා දැන් නැවත වතාවක් එම පාරිශුද්ධත්වය, සාමය සහ සතුට ස්ථාපිත කරනවා. වෙනත් කිසිවෙකුට එය කළ නොහැක. භාරතයේ ජනතාව දැන් අපායේ නිවැසියන්ය. ඔවුන් දිව්‍ය ලෝකයේ වාසය කළ විට, ඔවුන් නැවත උපත් ගත්තේ දිව්‍ය ලෝකයේය. දැන් ඔවුන් අපවිත්‍රයි, පාරිශුද්ධකරු පියාව ඔවුන් සිහි කරන්නේ මේ නිසාය. ඔබගේ පාපයන් දුරු වන්නේ මේ ලෝකයට ඔබ්ඛෙන් සිටින පරමාත්ම පියාව සිහිපත් කිරීමෙන් පමණක් බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. ඔබගේ ලෞකික පියාගෙන් ඔබට සීමිත උරුමයක් ලැබෙන නමුත්, මෙලොවට ඔබ්ඛෙන් සිටින අසීමීත පියාගෙන් ඔබ දැන් අසීමිත උරුමයක් හිමි කරගන්නවා. මෙම කරුණු වටහාගත යුතුයි. මෙය වෙනත් කිසිම ආධ්‍යාත්මික හමුවක් මෙන් නොවෙයි. එය භක්ති මාර්ගය වන අතර මෙය දැනුමේ මාවතයි. බාබා ඔබව දිව්‍ය ලෝකයේ නිවැසියන් බවට පත් කිරීමේ සතුට ඔබට තිබේ. පෙර චක්‍රයේදී දිව්‍ය ලෝකයේ වැසියන් වූ අය, නැවතත් එය බවට පත් වෙයි. බ්‍රහ්මණයින් නොවී ඔබට දේවතාවන් විය නොහැක. මෙම කරුණු වටහා ගත යුතුයි. භාරතයේ වර්තමානයේ අංශක (පාරිශුද්ධත්වයේ) නොමැත. කිසිම කෙනෙක් කිසිම දෙයක් නොදනී. සෑම කෙනෙක්ම කුම්බකරණ නින්දේ නිදියයි. පියා දැන් ඔබව අවදි කර ඇත. ඔබ දැන් දිව්‍ය ලෝකයේ නිවැසියන් වීම සඳහා මෙහි පැමිණ සිටියි. පියා හැර වෙනත් කිසිවෙකුට ඔබව එසේ කළ නොහැක. ස්වර්ණමය යුගයට දිව්‍ය ලෝකය යැයිද, කලි යුගයට අපාය යැයිද කියයි. රජ සහ රැජිණ මෙන් පුරවැසියන්ද එසේමයි සෑම කෙනෙක්ම උපත් ලබන්නේ පාපය තුළිනි. දේවතාවන් කිසිම විටෙක පාපය තුළින් උපදින්නේ නැත. ඔබ පිවිතුරුව රැඳී සිටින බවට ඔය දරුවන් පියාට පොරොන්දු වන නමුත්, ගමන් කරන අතර, ඔබ පරාජය වී, ඒ වන විට ඔබ උපයාගත් සියලුම ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී යයි ඔබ බොහෝ සේ පීඩා විඳියි. මෙම දැනුමට සවන් දීමෙන් විශ්මයට පත් වී, එය වෙනත් අයටත් පැවසූ අය, ඉන්පසුව පැන ගියා. ඔවුන්ට දර්ශන ඇති වන නමුත්, එම දර්ශන වල, බොහෝ සෙයින් මායාගෙන් බාධා ඇතිවෙයි. ගුවන් විදුලියේ හඬ නෑසෙන සේ, මිනිසුන් එම තරංග වලට බාධා සිදු කරන ආකාරයෙන්, මෙහිදීද එය එසේමයි. මායා, යෝගාවේ බාධා ඇති කරයි. මුළු උත්සාහයම රඳා පවතින්නේ යෝගාවේය. භාරතයේ පෞරාණික යෝගාව සිහිකර ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඒකායන පියාට සැබෑ සෙනෙහසක් ඇති කර, සැබෑ පාණ්ඩවයන් වන්න. මරණය ඔබගේ අත ළඟය. එබැවින් පිවිතුරු වී, පිවිතුරු ලෝකයේ අධිපතියන් වන්න.

2. එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය තෙක් දුක් ගෙන දෙන, විශාලතම සතුරා වන රාගය පරාජය කර, පිවිතුරු වන්න. සිහිපත් කිරීම තුළින්, පාපයන්ගේ ලෝහ ඉවත් කර, ජීවාත්මය ස්වර්ණමය යුගී කරගන්න.

වරදානය:
කර්ම බන්ධන, සබඳතා බවට පරිවර්තනය කිරීමෙන් සහ ජීව මරණයක මිය ගිය ඔබේ උපත පිළිබඳ අවධානයෙන් සිටීමෙන් ඔබ අන් අයව උසස් කරනු ලබත්වා.

මෙය ඔබ ජීව මරණයක මිය ගිය උපත වන බැවින්, කර්ම බන්ධන පිළිබඳ ඔබේ පවුල් සබඳතා දැන් ඔබේ සේවය සඳහා ශ්‍රීමත් අනුගමනය කිරීමේ සබඳතා වල පදනම වේ. එය කර්ම බන්ධනයක් නොව, සේවා සම්බන්ධතාවයකි. ඔබ ජීවාත්මයන්ගේ විවිධත්වය පිළිබඳ අවධානයෙන් සේවය කරන අතරතුර ඉදිරියට ගියහොත්, කිසිදු බන්ධනයකින් පීඩාවට පත් නොවනු ඇත. එපමණක් නොව, අන් අයට හානි කරන අතිශය පව්කාර ජීවත්ම කෙරෙහි වෛරයක් හෝ අකමැත්තක් ඇතිවනවා වෙනුවට, දයානුකම්පිත වන්න සහ එය සේවා සම්බන්ධතාවයක් ලෙස සලකා දයාවේ හැඟීම් වලින් සේවය කරන්න. එවිට ඔබව ප්‍රසිද්ධ ලෝක දානපතියෙකු සහ අන් අයව උසස් කරන කෙනෙකු ලෙස සිහිපත් කරනු ඇත.

පාඨය:
ඔබේ නිරාශාව කාලය හෝ අවස්ථාවන් මත රඳා පවතී නම්, එය තාවකාලික නිරාශාවකි. එබැවින්, සෑම විටම නිරාශාවක් ඇති කෙනෙකු බවට පත් වන්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඕනෑම ආකාරයක බාධකයක්, ගැටළුවක් හෝ මායාගේ ප්‍රහාරයක් සැබවින්ම ප්‍රහාරයක් නොව ක්‍රීඩාවක් ලෙස සැලකීමෙන්, ඔබට සතුටින් එය ජය ගැනීමට හැකි වන අතර ඔබේ මනෝ ස්ථිතිය නියතව පවතිනු ඇත. කෙසේවෙතත්, ඔබ එය ප්‍රහාරයක් ලෙස සලකන්නේ නම්, බියට පත් වී කැලඹීමකටද පත් වනු ඇත. පැමිණීම මායාගේ යුතුකම වන අතර ජයග්‍රහණය කිරීම ඔබේ යුතුකමයි.