22.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අසීමිත බුද්ධියක් තබා ගන්න. වැදගත් පුද්ගලයන්ගේ අදහස් උදහස් දැනගෙන සෑම
ජීවයකටම යහපත සලසන්න. ප්‍රදර්ශන ගණනාවක් පැවැත්වීම සඳහා ඔවුන්ගේ ශාලා ලබා ගත
හැකිදැයි අසා දැන ගන්න.
ප්‍රශ්නය:
ඔබට දැන් මතක්
කර දී තිබෙනා, ඔබව කවදාවත් අසතුටට පත් නොකරවන අවධානය කුමක්ද?
පිළිතුර:
ඔබව වන්දනාවට සුදුසු රජවරුන් වශයෙන් සිට පසුව හිඟන්නන් බවට පත් වූ බව ඔබ දන්නවා.
බාබා දැන් පැමිණ සිටින්නේ ඔබව නැවතත් වතාවක් එවන් රජවරුන් බවට පත් කරවීමටයි. බාබා
දැන් මුළු ලෝකයේම තොරතුරු ඔබට කියා දෙනවා. ඔබ දැන් ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන
දන්නවා. අඛණ්ඩවම මෙම අවධානය පවත්වා ගන්න. එවිට ඔබට කවදාවත් අසතුටක් නොදැනෙනු ඇත. ඔබ
නිරන්තරයෙන් සතුටින්ම සිටිනු ඇත.
ගීතය:
ආදරණීය
දෙවියනි. අන්ධ අයට මාවත පෙන්වා දෙන්න!
ඕම් ශාන්ති.
ඉතාමත් මිහිරි
වූ, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වූ ආධ්‍යාත්මික දරුවන් ගීතයට ඇහුම්
කන් දුන්නා. පියාව හමුවී ඔහුගෙන් උරුමය දිනා ගැනීම ඉතාමත් පහසු දෙයක් බව දරුවන් වන
ඔබ තේරුම් ගෙන තිබෙනවා. එක තත්පරයකින් ඔබ ජීවන් මුක්තිය නම් වූ උරුමය පියාගෙන් ලබා
ගත් බව සඳහන් වී තිබෙනවා. ’ජීවන් මුක්තිය’ යනු සතුට, සාමය, සෞභාග්‍යය ආදියෙහි
උරුමයයි. මෙහිදි පද දෙකක් තිබෙනවා ජීවන් මුක්තිය සහ ජීවිත බැඳීම. භක්ති මාර්ගය නිසා
හා රාවණ්ගේ රාජ්‍යය නිසා මේ මොහොත වන විට සෑම කෙනෙක්ටම ඇත්තේ ජීවිත බැඳීමක් බව
දරුවන් වන ඔබ දන්නවා. පරමාත්ම පියා පැමිණ ඔබ බැඳීමෙන් නිදහස් කරවා ගෙන ඔබට උරුමය
ලබා දෙනවා. දරුවෙක් ඉපදුණු සැනෙකින්ම ඔහුගේ දෙමාපියන්, මිතුරන් හා ඥාතීන් සියලු
දෙනාම තමන්ට උරුමක්කරුවෙක් ලැබී සිටිනා බව තේරුම් ගන්නවා. අන්න එය තේරුම් ගැනීම
ඉතාමත් පහසු දෙයක් වනවාක් සේම මේ දේත් තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි. දරුවන් කියනවා
බාබා, ඔබ මීට පෙර කල්පයේදී පැමිණි ඒ ආකාරයෙන්ම පැමිණ අපව හමු වුණා. අප ඔබගෙන් උරුමය
ලබා ගැනීම සඳහා ඉතාමත් පහසු මාර්ගයක් සොයාගෙන තිබෙනවා. නව ලෝකයේ නිර්මාණකරු දෙවියන්
වන බව සෑම කෙනෙක්ම දන්නවා. ඔහු අතරමග රස්තියාදු වීමෙන් හා වෙහෙසට පත් වීමෙන් අපව
නිදහස් කර ගන්නවා. ඊයේ දවස තුළ අපි භක්ති කරමින් සිටියා. නමුත් අද දවස තුළ අපි පහසු
ඥානයේ හා රාජයෝගා වල මාර්ගය සොයාගෙන සිටිමු. පියවරුන් දෙදෙනෙක් තබා ගැනීමේ බ්‍රහ්ම
කුමාරිලාගේ අත්දැකීම් දරුවන් සෑම තැනම කියනවා. ඔබ හැර වෙන කිසිම කෙනෙක් තමන්ට
පියවරුන් දෙදෙනෙක් සිටිනවා කියා කියන්නේ නැහැ. ඔබගේ සෑම කරුණක්ම ඉතාමත් පුදුම
සහගතයි. මෙතනට අයිති අයට ඉතාමත් ඉක්මණින් මේ දේවල් මතක තබා ගත හැකි බව දැන් ඔබ
දන්නවා. ඔව්, ඇතැම් විට මේ සියලු දේම හොඳින් මතක තබාගෙන සිටි අයට පවා මායා ප්‍රහාර
එල්ල කර තිබෙනවා. එසේ පහර දී ඔවුන්ට සෑම දේම අමතක කරවනවා. දරුවන් වන ඔබ මේ
සම්බන්ධයෙන් ඉතාමත් සැළකිලිමත් විය යුතුයි. පියා දැන් ඔබට සෑම දෙයක් ගැනම මතක් කර
දී තිබෙනවා. පාරිශුද්ධත්වයේ අත් පළඳනාව ඉතාමත් තදින් ඔබ පැළඳ ගත යුතුයි. රක්ෂා
බන්ධන් උත්සවයේ වැදගත්කම දැන් ඔබ තේරුම් ගෙන සිටිනවා. ඔබට මෙම පොරොන්දුව ගන්නැයි
කිව්වේ කවුද? ලොකුම සතුරා රාගයයි. පියා කියනවා කවදාවත් අපිරිසිඳු නොවන බවට පොරොන්දු
වන්න. අඛණ්ඩවම මා සිහිපත් කරන්න. එවිට කල්ප බාගයකම පාප දුරු වී යනු ඇත. පියා මෙය
සහතික කර කියනවා. ඔබට සහතිකය දෙන්නේ පියා වන එකේ, එය නිවැරදි දෙයක් විය යුතු බව
දරුවන් වන ඔබ තේරුම් ගත යුතුයි! රන්කරුවන් ලඟ ඇති සහතිකය කුමක්ද? පැරණි ආභරණ අළුත්
කර දෙන්නම් කියා ඔවුන් කියාවි. එය ඔවුන්ගේ රැකියාවයි. ගින්නට දැමූ විට ඒවා කොහොමත්
පිරිසිඳු රත්තරන් බවට පත් වෙනවා. එමනිසා, පරමාත්ම පියා පැහැදිලි කරනවා ජීවාත්මයේ
කහට බැඳී තිබෙනවා. ඔබ සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසු කර යන ආකාරය පැහැදිලි කර දීම
ඉතාමත් පහසුයි. පින්තූර නිර්මාණය කර තිබෙනවා. එවිට ඒවාත් යොදාගෙන ඉතාමත් පහසුවෙන්
සියල්ල සරළව තේරුම් කර කියා දිය හැකියි. විශ්ව විද්‍යාල හා පාසල් වල නොයෙකුත්
වර්ගයේ සිතියම් තිබෙනවා. මෙහි තිබෙන්නේ ඔබගේ සිතියමයි. ඔබට පුළුවන් කෙනෙක්ට ඉතාමත්
හොඳින් සියල්ල තේරුම් කර කියා දෙන්න. ඥානයේ සාගරය, පාරිශුද්ධකරු වන පියා පැමිණ, ඔබට
මෙම මාවත පෙන්වා දෙනවා. අපිරිසිඳු කෙනෙක්ව පාරිශුද්ධත්වයට පත් කරවන්න වෙන කිසිම
කෙනෙක්ට බැහැ. මිනිස්සුන්ට ඇස් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් සිටින්නේ අසතුටින්.
ප්‍රථම යුග දෙකේදී, කිසිම දුකකුත් නැහැ, කිසිම භක්තියකුත් නැහැ. එය ස්වර්ගයයි. මේ
කාලයේ භාරතයේ සිටිනා මිනිසුන් අතරත්, එදා භාරතයේ සිටි මිනිසුන් අතරත් කිසියම්
වෙනසක් තිබෙනවා. කොහොමනමුත්, වෙන කිසිම කෙනෙක් මෙය තේරුම් ගන්නේ නැහැ. ඔවුන් බොහෝ
භක්ති කරනවා. ධනවත් අය දෙවි දේවතාවන්ගේ පිළිම වලට දමන ආභරණ අනිත් ඒවාට වඩා ඉතාමත්
අලංකාරයි. බාබාට හොඳ අත්දැකීම් තිබෙනවා. බොම්බේ වල ලක්ෂ්මි නාරායන දේවාලයේ භාරකරු
ලක්ෂ්මි හා නාරායනට දියමන්ති මාලයක් සාදා තිබුණා. බාබාට ඔහුගේ නම පවා මතකයි. ඔහු
පළමුවෙන්ම ශිව බාබා වෙනුවෙන් දේවාලයක් සාදා එය ලස්සනට සරසා පසුව දේවතාවන් වෙනුවෙන්
දේවාලයක් සාදා ලක්ෂ්මි හා නාරායනව ඉතාමත් ලස්සනට සැරසුවා. ඒ කාලයේ කෙතරම් මුදල්
ප්‍රමාණයක් තිබෙන්න ඇත්ද? මොහොමඩ් ගුස්නාවි පැමිණ ඒ සෑම දෙයක්ම මංකොල්ලකාගෙන ගියා.
භාරතයේ මහා ධනස්කන්ධයක් තිබුණා! ඔබගේ භාරතය තිබුණේ කෙසේද යන්න පිළිබඳව දැන් ඔබට
ඉතාමත් හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ භාරතයේ ධන නිධාන රාශියක් තිබුණා. දියමන්ති හා
රත්තරන් වලින් දේව මාළිගා සාදා තිබුණා. දැන්නම් තවදුරටත් ඒ කිසිවක් නැහැ. සෑම
කෙනෙක්ම, සෑම දෙයක්ම පැහැරගෙන ගියා. දැන් පත්වී ඇති තත්ත්වය කුමක්දැයි කියා බලන්න!
ඔබ වන්දනාවට සුදුසු දේවතාවන් වශයෙන් සිටියා. දැන් උපත් 84 සම්පූර්ණ වීමත් සමඟම ඔබ
හිඟන්නන් බවට පත් වෙලා. ඔබ සෑම විටම මේ දේවල් ගැන හොඳින් ආවර්ජනය කරමින් සිටිය
යුතුයි. එවිට ඔබට කවදාවත් ඔබ දුකෙන් සිටිනා කෙනෙක් කියා සිතෙන එකක් නැහැ. බාබාගෙන්
ලැබෙන දේවල් ඔබ නිතරම හදවතින් ආවර්ජනය කළ යුතුයි. පියා පැමිණ මුළු ලෝකයේම තොරතුරු
අපට කියා දෙනවා. මේ ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ.
ආරම්භයේදී තිබුණේ එකම එක ආගමයි, එකම එක අධිරාජ්‍යයයි, එකම එක උපදේසයයි, එකම එක
භාෂාවයි. එමනිසාම සෑම කෙනෙක්ම සතුටින් සිටි බවත් ඔබ දන්නවා. පසුව ඔවුනොවුන් ගැටුම්
ඇති කර ගන්න පටන් ගත්තා. භාරතය කෑලි කෑලි වලට කැඩෙන්න පටන් ගත්තා. ආරම්භයේදී එය එසේ
තිබුණේ නැහැ. එහි කිසිම ආකාරයක දුකක් තිබුණේත් නැහැ. කිසිම ලෙඩ රෝගයක් ගැන සඳහනක්
වත් තිබුණේත් නැහැ. ඔබට දැන් ඔබ ගැන සෑම දෙයක්ම මතකයි. අපි සෑම කල්පයකදීම සෑම
දෙයක්ම අමතක කර පසුව නැවතත් සෑම දෙයක්ම මතක් කර ගන්නවා. අප කළ පළවෙනිම වැරැද්ද නම්
නිර්මාණකරු හා නිර්මාණය අමතක කර දැමීමයි. ඔබ දැන් මුල, මැද හා අග ගැන දන්නවා. මෙම
ඥානය ස්වර්ණමය යුගයේදීවත් තිබෙන්නේ නැහැ. ඉතින් එසේනම් එය නොමැරී පවතිනවා වෙන්නේ
කොහොමද? එකල ප්‍රධානත්වය දරන්නේ රජවරුන්. කිසිම රිෂි කෙනෙක් හෝ මුණිවරයෙක්වත් එහි
නැහැ. ඔවුන් එන්නේ තඹ යුගයේදීයි. රිෂිවරුන් හා මුණිවරයින් තමන්ගේ ආහාරපාන සපයා
ගන්නේ රජවරුන්ගෙන්. රිෂිවරුන් හා මුනිවරයින් සෑම දෙයක්ම අත්හල කොටසක් වන නිසා
රජවරුන් ඔවුන්ව රැකබලා ගන්නවා. පැරණි භාරතයේ පැරණිම රාජයෝගාව ගැන සඳහන් වී තිබෙනවා.
රිෂිවරුන් හා මුනිවරයින් පැරණි අය යැයි කියන්නේ නැහැ. ඔවුන් පැමිණෙන්නේ තඹ
යුගයේදීයි. ඔවුන්ව රැකබලා ගන්නේ රජවරුන් මගිනි. ඔවුන් කියනවා අපි නිර්මාණකරු හෝ
නිර්මාණය ගැන දන්නේ නැහැ. පියා කියනවා රජවරුන් මේ ගැනවත් දන්නේ නැහැ. මේ ලෝකයේ
සිටිනා කිසිම කෙනෙක් මෙම ඥානය ගැන දන්නේ නැහැ. දරුවන් වන ඔබ දැන් ඥානවන්ත වී
සිටිනවා. ලක්ෂ්මි හා නාරායන දේවාල සාදනා අයට මෙසේ ලිවිය හැකියි ඔබ දේවාල හැදුවා.
මුදල් සිය දහස් ගණනක් වියදම් කළා. නමුත් ඔබ ඔවුන්ගේ ජීවිත කතාව ගැන දන්නවාද? ඔවුන්
තමන්ගේ අධිරාජ්‍යය දිනාගත්තේ කෙසේද, පසුව ඔවුන් ගියේ කොහේද? ඒ අය දැන් සිටින්නේ
කොහේද කියා ඔවුන් පිළිබඳ වූ මුළු කතාවම ඔබට කියා දෙන්න අපට පුළුවන්. ඔවුන්ට ලියා
අරින්න. ඔබ දැන් සෑම කෙනෙක්ගේම ජීවිත කතාව ගැන ඉතා හොඳින් දන්නවා. ඉතින් ඇයි
ලියන්නේ නැත්තේ? අපිට ටික කාලයක් දෙන්න. අපි සෑම කෙනෙක්ගේම ජීවිත කතාව ගැන ඔබට කියා
දෙන්නම්. ශිවා වෙනුවෙන් දේවාල හදන අයට පවා ලිවිය හැකියි. බරණැස ශිව දේවාලය ඉතාමත්
විශාල එකක්! එහි භාරකරුවන් සිටිය යුතුයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේවා පැහැදිලි කර
කියා දෙන්න උත්සාහ කළ යුතුයි. ප්‍රසිද්ධ වැදගත් අය මේවා තේරුම්ගත් විට ඔවුන්ගේ හඬ
සෑම කෙනෙක්ටම ඇසේවි. දුප්පත් අය එවන් අයට ඉක්මනින්ම ඇහුම් කන් දෙනවා. එවන් වැදගත්
අයගේ උදව් ඔබ ලබාගත යුතුයි. ඔවුන් කියනා දෙයක වැඩි බලයක් තිබෙනා නිසා ඔවුන්ගේ අදහස්
ලිඛිතව ලබා ගන්න. ඇත්තෙන්ම කියනවානම් ඒ අය තමන් විසින් නැගිය යුතු තරමේම හඬක්
නගන්නේ නැහැ. ජනාධිපතිට පවා පැහැදිලි කර කියා දෙන්න. මෙය හොඳ දෙයක් බව පවා ඔවුන්
කියනවා. කුමන හෝ විවෘත කිරීමක් මහ ඇමති කෙනෙක් ලවා හෝ ආණුඩුකාරවරයෙක් ලවා කරගත් විට
බ්‍රහ්ම කුමාරීන් සත්‍යය මුණගැසීම සඳහා ඉතාමත් පහසු මාර්ගයක් පෙන්වා දෙන බව කියාවි.
කොහොමනමුත්, දෙවියන් කවුද කියා ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඒ වේලාවට, ඔබ පෙන්වා දෙන
මාර්ගය ඉතාමත් හොඳයි. සාමය සඳහා ඔබ යන මාවත ඉතාමත් හොඳයි කියා පමණක් ඔවුන් කියාවි.
කොහොමනමුත්, ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ප්‍රසිද්ධ වැදගත් පුද්ගලයන්ට කතා
කරන්න කියා බාබා ඔබට කියනවා. එවන් වැදගත් පිරිසකගේ උදව් ඇතිව ප්‍රසිද්ධ ශාලාවක්
ඉල්ලන්න. සෑම මනුෂ්‍යයෙක්ටම යහපත උදාකර දීම සඳහා මෙම ප්‍රදර්ශනය දිගටම පැවැත්විය
යුතුයි කියා ඔවුන්ට කියන්න. මෙය ප්‍රචාරය කරන්න. මෙවන් ශාලා 50ක්, 100ක් පමණ ගන්න!
භාරතය ඉතාමත් විශාලයි. සෑම නගරයකින්ම ශාලා 10ක්, 12ක් පමණ ගන්න. මෙපමණ ශාලා ගණනාවක
ප්‍රදර්ශන පැවැත්වෙන බව පුවත්පත්වල දැන්වීම් පලකළ යුතුයි. තේරුම් ගැනීමට අවශ්‍ය අය
පැමිණ අවබෝධයක් ලබා ගත යුතුයි. මේ සෑම දෙයකින්ම කී දෙනෙක් ප්‍රයෝජන ලබා ගනීවිද?
දරුවන් වන ඔබට ඉතාමත් පුළුල් බුද්ධියක් තිබිය යුතුයි. දරුවන් වන ඔබ සේවය කළ යුතුයි.
බාබා ඔබ සෑම දරුවෙක්ටම කියනවා හොඳ උත්සවශ්‍රීයකින් යුතුව ප්‍රදර්ශන පවත්වන්න. බාබා
සියලු දේ සූදානම් කරනවා. දරුවන් උත්සාහ දැරිය යුතුයි. මේ සෑම දෙයක්ම හොඳින් තේරුම්
ගත යුතු කරුණුයි. පරමාත්ම පියා පැමිණ ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය,
නිර්මාණය කරනවා. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම බ්‍රහමිණ්වරුන් රාශියක් නිර්මාණය කරන්න
ඇති. ඔහු දැන් නැවතත් ඔවුන්ව නිර්මාණය කරනවා. බ්‍රහමිණ්වරු රාශියක් සිටිනවා! බාබා
මෙම බ්‍රහමිණ් ධර්මය සංගම යුගයේදී නිර්මාණය කරනවා. ඔබ මේ සෑම දෙයක්ම දැක,
ප්‍රායෝගිකවම සියල්ල තේරුම් ගන්නවා. මේ කිසිවක් ග්‍රන්ථ වල සඳහන්ව නැහැ. අපිරිසිඳු
ලෝකය පාරිශුද්ධ විය යුතු වෙලාවට බාබා පැමිණෙන බව දරුවන් වන ඔබ තේරුම් ගන්නවා.
උත්තරීතර ජීවය ප්‍රජාපිතා බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය සිදුකරනා බව මිනිස්සු
දන්නවා. නමුත් ඔහු එය කරන්නේ කවදාද යන්න ඔවුන් දන්නේ නැහැ. ඔහු අළුත් නිර්මාණයක්
නිර්මාණය කරන්න ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. බ්‍රහ්මා සූක්‍ෂම කලාපයේ සිටිනා කෙනෙක්
යැයි විශ්වාසයක් තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්මා දැන් සිටින්නේ මෙහි බව ඔබ තේරුම් ගෙන
තිබෙනවා. ඔබ සූක්‍ෂම කලාපයට යනවා. ඔබ පාරිශුද්ධත්වයට පත්වී සුර දේවතාවන් බවට පත්
වෙනවා. දර්ශනත් ලබා ගන්නවා. සූක්‍ෂම කලාපයේ සිට පැමිණි දරුවන් එහි ඇති සෑම දෙයක්ම
’චලන’ දේවල් බව කියනවා. එය ’චලන’ ලෝකයයි. ඔබ ’චලන’ චිත්‍රපට දැක තිබෙනවා. ඔබට දැන්
සෑම දෙයක්ම ඇස් පනාපිටම ඔප්පු වනවා. ජීවාත්ම සිටිනා අශාරීරික ලෝකය නිශ්ශබ්දතාවයේ
ලෝකයයි. සූක්‍ෂම ලෝකයේ තිබෙන්නේ සූක්‍ෂම ශරීරයි. එමනිසා, එහි කිසියම් භාෂාවකුත්
තිබිය යුතුයි. ජීවාත්ම වන ඔබගේ නේවාසික ස්ථානය වන්නේ නිහඬ දේශය බව දැන් ඔබ දන්නවා.
පසුව බ්‍රහ්මා, විශ්නු හා ශන්කර් සිටිනා සූක්‍ෂම කලාපය තිබෙනවා. මෙය කලි යුගයේ හා
ස්වර්ණමය යුගයේ අතරමැදි ස්ථානයයි. පියා පැමිණෙන්නේත් මෙහෙටයි. බ්‍රහමිණ්වරුන් වන ඔබ
මෙහි සිට යනවා. දෙමාපියන්ගේ නිවහනත්, නැන්දම්මාගේ නිවහනත් තිබෙනවා. මෙහි දෙකම ඔබගේ
දෙමාපියන්ගේ නිවෙස්ය. බාප් හා දාදා දෙදෙනාම දරුවන් වන ඔබව ලස්සන කරවීමට (මල් මෙන්)
උත්සාහ දරණවා. මුස්ලිම්වරුන් අල්ලාගේ ගෙවත්ත ගැන සඳහන් කර තිබෙනවා. කරාච්චි වල එක්
පුද්ගලයෙක් සිටියා, ඔහු බාබා ඉදිරියේ සිටගෙන සිට බාබාව දුටු ගමන්ම බිමට ඇදගෙන
වැටෙනවා. ඒ ගැන ඔහුගෙන් ඇසූ විට ඔහු කියන්නේ ඔහු දෙවියන්ගේ ගෙවත්තට ගියා, දෙවියන්
ඔහුට මලක් දුන්නා කියලයි. ගෙවත්ත යනු කුමක්දැයි දැන් ඔබට තේරෙනවා. මෙය කටු කැළයක්
වන අතර එය මල් වත්තකි. කලි යුගය මොන වගේද, ස්වර්ණමය යුගය මොන වගේද යන දේවල් ගැන වූ
සියලුම රහස් දැන් ඔබගේ සිහියේ තිබෙනවා. මුළු කල්පයම දැන් ඔබගේ බුද්ධියේ තිබෙනා නිසා
ඔබ ඉතාමත් සතුටට පත්විය යුතුයි. එහි ලොකු ව්‍යාප්තියක් තිබෙනවා. එය කෙටියෙන් ඔබගේ
බුද්ධියේ තැන්පත්ව තිබෙනවා. නිර්මාණකරු වන පියාගේ දරුවන් වන ඔබ නිර්මාණකරු ගැන හා
නිර්මාණය ගැන දැන ගන්නවා. බ්‍රහ්මා නිර්මාණකරු කියා හඳුන්වන්නේ නැහැ. සිටින්නේ එකම
එක නිර්මාණකරුවෙක් පමණක් වන අතර ශ්‍රේෂ්ඨත්වයත් ඒ කෙනාගේයි. පළමුවෙන්ම බ්‍රහ්මා
මාර්ගයෙන් නිර්මාණය සිදුවන අතර, පසුව ක්‍රිෂ්ණා යන නිර්මාණය බිහි වෙනවා. බ්‍රහ්මා
සිටිනවා, නමුත් බ්‍රහමිණ්වරුනුත් අවශ්‍යයි. පාණ්ඩවයින් බ්‍රහමිණ්වරුන් වශයෙන්
හඳුන්වන්නේ නැහැ. බ්‍රහ්මා මාර්ගයෙන් නිර්මාණය වුණු බ්‍රහමිණ්වරුන් අවශ්‍යයි. මෙය
ආධ්‍යාත්මික යාගයකි. මෙය හඳුන්වන්නේ ආධ්‍යාත්මික ඥානය කියලයි. ජීවාත්ම වන ඔබට ඥානය
දෙන්නේ එකම එක පියා පමණයි. ඔබට උගන්වන්නේ මනුෂ්‍යයෙක් නොවන බව ඔබ දන්නවා. පියා ජීව
වන ඔබ සෑම කෙනෙක්ටම උගන්වනවා. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදුවන බව සඳහන්ව
තිබෙනවා. එය ක්‍රිෂ්ණා මාර්ගයෙන් සිදුවන දෙයක් කියා ඔබ කියන්නේ නැහැ. එය සිදුවිය
නොහැකි දෙයක්. බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපන කරවන්නේ කවුද? ක්‍රිෂ්ණා ද? නැහැ, ඒ
උත්තරීතර පියා වන උත්තරීතර ජීවයයි. පැවැත්ම කරගෙන යන්නේ විශ්නු මාර්ගයෙනි. බ්‍රහ්මා
හා විශ්නුටත් ඔවුනොවුන්ට අයිති චරිත තිබෙනවා. බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් වන
බ්‍රහමිණ්වරුන් පසුව විශ්නුගේ දේශයේ දේවතාවන් බවට පත්වෙනවා. බ්‍රහ්මා විශ්නු වන
අතර, විශ්නු බ්‍රහ්මා වෙනවා. බ්‍රහ්මාට විශ්නු බවට පත්වීමට එක තත්පරයක් ගත වෙන අතර,
විශ්නුට බ්‍රහ්මා වීමට උපත් 84ක කාලයක් ගත වෙන බව සඳහන් වී තිබෙනවා. එවන් අරුම
පුදුම දේවල් රාශියක් තිබෙනවා! කිසිම කෙනෙක්ට ඒවා තේරුම් ගන්න බැහැ. මේවා අසීමිත
කරුණුයි. ඔබ අසීමිත පියාගෙන් අසීමිත අධ්‍යාපනය ලබාගෙන, අසීමිත රාජ්‍යය දිනා ගත
යුතුයි. ලෝක චක්‍රය ගැන දැනගන්න! ජීවය ශරීරය හරහා ඒ ගැන දැන ගන්නවා. ශරීරය, ශරීරය
මඟින් ඥානය ගන්නේ නැහැ. නැහැ. ඥානය ගන්නේ ජීවාත්මයයි. එතරම් සතුටක් ඔබ තුළ තිබෙනවා!
අභ්‍යන්තර අදෘශ්‍යමාන සතුටක් ඔබට තිබිය යුතුයි. ජීවාත්මය තුළ ඉගෙන ගැනීමේ සංස්කාර
තිබෙනවා. දුක දැනෙන්නේ ජීවයටයි. ’මගේ ජිවයට දුක දෙන්න එපා’ කියා කියනවා. දරුවන් වන
ඔබ දැන් ලොකු ආලෝකයක් ලබා ගන්නවා. ඔබ සතුටින් සිටිනවා. වළාකුළු වන ඔබ සාගරයෙන්
අළුත් වී, ඒත් සමඟම ඥානයේ වැසි වස්සවනවා. එකට එකතු වී මෙම ප්‍රදර්ශන සෑදීමට උදව්
වන්න. මේවා කිරීමට ඔබ තුළ ආශාවක් තිබිය යුතුයි. සේවය, සේවය, තව තවත් සේවය! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන්
ලද ඥානය ආවර්ජනය කර ඔබ ලැබූ අතිශය වූ සතුට රැක ගන්න. අසීමිත බුද්ධියකින් යුතුව
උත්සවශ්‍රීයෙන් සේවය කරන්න.
2. බාබා ඔබට මතක් කර
දී ඇති දේ අමතක කරන්න එපා. පාරිශුද්ධව සිටීමට වූ පොරොන්දුව සම්පූර්ණයෙන්ම ඉෂ්ඨ
කරන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන්ම 'සහජ යෝගි' වී, නොබැඳිව සිටීමේ පුහුණුව තුළින් සුරදූත ස්වරූපයක දර්ශනය
ලබා දෙන්නෙකු වේවා.
ඇඳුමක් පළඳිනවා ද
නැද්ද යන්න ඔබේ අතේ පවතිනවාක් මෙන්ම, ඔබේ ශරීරය නම් වූ ඇඳුම සම්බන්ධයෙන් ද එම
අත්දැකීමම ලබා ගන්න. යම් කාර්යයක් ඉටු කිරීම සඳහා ඔබ විශේෂ ඇඳුමක් පළඳින අතර, එම
කාර්යය අවසන් වූ වහාම එය ඉවත් කර දමයි. එලෙසම, ගමන් බිමන් යනවිට සහ ක්‍රියාකාරකම්
වල යෙදෙන විට ජීවාත්මය වන ඔබ සහ ඔබේ ශරීරය අතර ඇති නොබැඳීම අත්විඳින්න; එවිට ඔබව
'නිරන්තර සහජ යෝගි' ලෙස හැඳින්වෙනු ඇත. මෙලෙස නොබැඳිව සිටින දරුවන් හරහා බොහෝ
ජීවාත්මයන්ට ඔබේ සුරදූත ස්වරූපය සහ ඔබේ අනාගත රාජකීය තත්ත්වය පිළිබඳ දර්ශන ලැබෙනු
ඇත. අවසානයේ දී, මෙවැනි සේවාවක් විශාල බලපෑමක් ඇති කරනු ඇත.
පාඨය:
සංගම් යුගයේ
එක් තත්පරයක් හෝ අපතේ යැවීම යනු වසරක් අපතේ යැවීම හා සමාන වේ.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
නිරන්තර සතුට, සාමයේ
ප්‍රතිමූර්තියක් වීම සහ මනසේ තෘප්තිය යන බ්‍රාහ්මණ ජීවිතයේ ස්වභාවික උරුමය අත්විඳීම
සඳහා ඔබේ මනසේ පාරිශුද්ධත්වය තිබිය යුතුය. මෙය වර්ධනය කර ගැනීමේ ක්‍රමය වන්නේ ඔබේ
සිතිවිලි, වචන සහ ක්‍රියා තුළ පවිත්‍රත්වය පවත්වා ගැනීමයි. මෙහි පදනම
පාරිශුද්ධත්වයි. සේවාවේ සාර්ථකත්වයේ පදනම ද පාරිශුද්ධත්වයි. ඔබේ සිතිවිලි හෝ වචන
තුළ වෙනත් කිසිදු හැඟීමක් මිශ්‍ර වීමට ඉඩ නොදෙන්න. ඔබේ අභිප්‍රායන් සහ හැඟීම් තුළ ද
පාරිශුද්ධත්වය පවතින්නට ඉඩ හරින්න.