22.11.26    Avyakt Bapdada      Sinhala Murli     03.04.2012    Om Shanti    Madhuban


"මගේ" යන්න "ඔබේ" (පරමාත්ම දෙවියන්ගේ) බවට පරිවර්තනය කර, සැහැල්ලු අධිරාජ්‍යයෙකු බවට පත්වන්න. පරමාත්ම පියා කෙරෙහි ඇති සෙනෙහස සහ ඔහුට කරන සේවය තුළ ඔබේ මනස කොතරම් කාර්යබහුල ද යත්, එහි කිසිදු ආකාරයක නාස්තියකට ඉඩක් ඉතිරි නොවේවා.


අද, බාප්දාදා සෑම තැනකම ඔහුගේ සැහැල්ලු අධිරාජ්‍යයන් දකියි. උදෑසන අවදි වූ මොහොතේ සිට, සෑම දරුවෙකුම සෑම ක්‍රියාවක්ම කරමින් සැහැල්ලු අවධියේ ස්ථාවරව සිටියි. සෑම දරුවෙකුම මෙම සැහැල්ලු අධිරාජ්‍යයාගේ ජීවිතය ස්වෛරීභාවයේ එකක් ලෙස සහ සැහැල්ලු බවකින් යුතුව අත්විඳියි. ඔබ සියලු දෙනාම ඔබේ කරදර (ෆිකාර්) පියාට දී ආධ්‍යාත්මික කුල්මත් වීම (ෆකුර්) ලබාගෙන ඇති නිසා එය ඉතා ආදරණීය බවක් දැනේ. ඔබ ගත් ආධ්‍යාත්මික කුල්මත් වීම අවිනාශී අධ්‍යාත්මික කුල්මත් වීමකි. ඔබ සෑම කෙනෙකුම මෙම සැහැල්ලු ජීවිතය කෙතරම් ආදරණීයදැයි අත්විඳිති. දිවා රෑ, ඔබට කිසිවක් ගැන කරදර නැත, නමුත් ඔබට ඇත්තේ ආධ්‍යාත්මික කුල්මත් වීම පමණි. පියා ඔබට මෙම ජීවිතය ලබා දී ඇත්තේ මෙම එක් උපතක් සඳහා පමණක් නොව, බොහෝ උපත් සඳහා ඔබව සැහැල්ලු අධිරාජ්‍යයන් බවට පත් කර ඇති බව ඔබ දන්නවා. දැන්, ඔබේ අත්දැකීම නම්, ඔබට සැහැල්ලු ජීවිතයක් තිබේ නම්, ඔබේ නළල මත දිව්‍ය ආලෝකයක් නිරන්තරයෙන් දිලිසෙන අතර, ඔබට කරදරයක් තිබේ නම්, ඔබේ හිස මත බොහෝ ආකාරයේ දුකෙන් පිරුණු කූඩයක් ඇත. මෙම සැහැල්ලු ජීවිතයේ ක්‍රමය ඉතා පහසුය. ඔබ සියලු සීමිත "මගේ"(මේරා), "ඔබගේ"(තේරා) බවට පත් කර ඇත. “මගේ” සහ “ඔබේ” යන වචන අතර ඇත්තේ එක් අකුරක වෙනසක් පමණි; එනම් 'M' සහ 'T' යන අකුරු දෙකයි. කෙසේවෙතත්, ඔබ “මගේ” යන්න “ඔබේ” ලෙස වෙනස් කරගත් විට, ඔබේ ජීවිත ඉතා ප්‍රීතිමත් වේ. ඇත්තෙන්ම එසේ වී තිබෙනවා නේද? හිස සලන්න. එසේ වී තිබෙනවා නේද? ඔබේ ජීවිත දැන් සැහැල්ලු බවට පත්ව ඇත. මන්ද, කනස්සල්ලෙන් පිරුණු ජීවිතයකට මූලික හේතුව වන්නේ අනවශ්‍ය හෝ නිෂ්ඵල සිතිවිලි ය. බාප්දාදා දැන් සෑම දරුවෙකුගෙන්ම බලාපොරොත්තු වන්නේ මෙයයි: ඔබ “මගේ” යන්න “ඔබේ” ලෙස වෙනස් කරගෙන ඇති බැවින්, කිසිදු දරුවෙකු තුළ නිෂ්ඵල සිතිවිලි වල හෝඩුවාවක්වත් ඉතිරි නොවිය යුතුය. එසේ නම්, ඔබ කවුරුන් බවට පත්වේද? ඔබ සැහැල්ලු අධිරාජ්‍යයන් බවට පත්වේ; මෙවැනි ජීවිතයක් ඉතා ආදරණීය ය. ඔබ ඕනෑම ක්‍රියාවක් කරන විටත්, සැහැල්ලු අධිරාජ්‍යයෙකු ලෙසම සිටියි. “ඇයි?”, “කුමක්ද?”, “කෙසේද?” හෝ “කොපමණ කාලයක් දක්වාද?” වැනි කිසිදු ගැටළුවක් හෝ කනස්සල්ලක් ඔබට නැත. ඒ සියලු ප්‍රශ්න දැන් අවසන් වී ඇත. අද, මෙම කාල වාරයේ අවසාන දිනයේ දී, බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙකුම නිෂ්ඵල “මගේ” යන හැඟීම “ඔබගේ” ලෙස වෙනස් කර ගැනීමයි. පියාම එය දවා හරිනු ඇත. ඔබ කළ යුත්තේ එක් අකුරක් වෙනස් කිරීම පමණි. ඔබ එකඟද? මෙය කළ හැකිද? එසේ කළ හැකි නම්, ඔබේ අත් ඔසවන්න! ඉතා හොඳයි! මන්ද, ඉදිරි මාස පහ හය තුළ, ඔබේ බලවත් ආකල්පය හරහා, ලෝකයේ දුක් විඳින ජීවාත්ම වෙත සතුටේ සහ සාමයේ කිරණ ලබා දීමට ඔබ සැමට සිදුවනු ඇත. මේ කාර්යයෙහි නිරත වෙමින් ඔබේ මනස කාර්යබහුලව තබා ගත යුතුය. නිෂ්ඵල සිතිවිලි හටගන්නේ කොහේද? ඒවා හටගන්නේ ඔබේ මනස තුළමයි, නේද? එබැවින්, බාප්දාදාට අවශ්‍ය වන්නේ, සැහැල්ලු අධිරාජ්‍යයන් වන සෑම දරුවෙකුම තම මනස—එනම්, තම ආකල්පය—එතරම් කාර්යබහුලව තබා ගැනීමයි; එවිට එහි කිසිදු නිෂ්ඵල සිතිවිල්ලකට ඉඩක් ඉතිරි නොවනු ඇත. ඔබට දැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නැත; ඒ වෙනුවට, පරමාත්ම පියා කෙරෙහි ඇති සෙනෙහස තුළ සහ ඔබේ ආකල්පය තුළින් සේවය කිරීමෙහි නිරත වෙමින් ඔබේ මනස කාර්යබහුලව තබා ගන්න. එවිට ඔබට කිසිදු අරගලයක් හෝ සටනක් කිරීමට පවා අවශ්‍ය නොවනු ඇත. සමහර දරුවන් මෙසේ පවසයි: "මට මේවා අවශ්‍ය නැහැ, නමුත් ඒවා එනවා." ඔබ මෙය හඳුන්වන්නේ කුමක් කියාද? මෙයින් අදහස් වන්නේ, ඔබ පරමාත්ම පියා කෙරෙහි ඇති සෙනෙහස සේවය තුළ ඔබේ මනස නිරත කර නොතිබූ බවයි. පරමාත්ම පියා කෙරෙහි ඇති සෙනෙහස කෙසේදැයි ඔබ සැමගෙන් ඇසුවහොත්, ඔබ කුමක් පවසන්නේද? එය සීමා රහිතයි. එබැවින්, ඔබ සෙනෙහස දක්වන තැනැත්තා ඔබට යමක් පවසන විට, එයට සවන් දීම ඔබට අපහසු නොවනු ඇත. ඉතින්, ඔබ සැමට පියා කෙරෙහි නොබිඳි සෙනෙහස තිබෙනවා නේද? එසේත් නැතිනම්, එය ඇත්තේ සමහර අවස්ථා වල දී පමණක්ද? එය නිරන්තරයෙන් පවතින එකක්ද, නැතහොත් ඉඳහිට පමණක් ඇතිවන එකක්ද? සෑම විටම සෙනෙහස පවතින බව පවසන අය, ඔබේ අත් ඔසවන්න! ඔබට සෑම විටම සෙනෙහස තිබෙනවාද? බලන්න, ඒ ගැන හොඳින් සිතා බලන්න! ඔබට නිරන්තර සෙනෙහසක් තිබේ නම්, පියා පවසන ඕනෑම දෙයක් දරුවන් විසින් ඉටු කරනු ලබයි. ඔබ මෙය දන්නවා නේද?

එබැවින්, දැන් මෙම වාරය තුළ, බාප්දාදා ඔබ දරුවන්ට, මෙවැනි අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරවීමට අවශ්‍යයි. ඔබ ඒ සඳහා සූදානම් නේද? ඔබේ හිස සලන්න. ඔබ අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කර ගැනීමට සූදානම්ද? පිටුපස සිටින අය, ඔබ සූදානම්ද? මව්වරු, ඔබ සූදානම්ද? පාණ්ඩවයන්, ඔබ සූදානම්ද? ඔබේ දෑත් හොඳින් ඔසවන්න! මේ වෙනුවෙන් ඔබේ දෑත් දෙකම ඔසවන්න. ඔබ දෑත් ඔසවන විට, ඔබ බාප්දාදාව සතුටු කරවනවා. ඔබ ඔබේ භෞතික දෑත් ඔසවන ආකාරයටම, ඔබේ මනසේ දෑත් ද ඔසවන්න: "මම කිසිදු නිෂ්ඵල සිතිවිල්ලක් මනසට ඒමට ඉඩ නොදෙන්නෙමි." නිෂ්ඵල සිතිවිලි මනසට පැමිණීම ඒවායේ රාජකාරියයි; එසේ නම් ඔබේ යුතුකම කුමක්ද? ඒවා නැති කර දැමීමයි. මෙම වාරය තුළම, ඔබ අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් ගැන බාප්දාදා මීට පෙරත් ඔබට පැවසුවා: එකක් සිතිවිලි, අනෙක කාලය. ඔබ මෙය දන්නවා. සංගම් යුගයේ සෑම විනාඩියකටම ඔබේ ඉදිරි උපත් 21ක් සමඟ සම්බන්ධයක් තිබෙනවා. මෙම අවස්ථාවේදී, බාප්දාදාට ඔය දරුවන් කෙරෙහි සෙනෙහසක් ඇති අතර, ඔබටත් පරමාත්ම පියාට සෙනෙහස තිබෙනවා. එබැවින්, සංගම් යුගයේ එක් තත්පරයක් යනු සාමාන්‍ය තත්පරයක් පමණක් නොවේ; මන්ද එය උපත් 21ක් සමඟ සම්බන්ධ වී පවතී. දැන් නොවේ නම්... ඔබ ඔබේ කාලය දැන්ම ඉතිරි කර ගත යුතුයි. මන්ද, ඔබට උපත් 21ක් පුරා පරමාත්ම පියා කෙරෙහි සෙනෙහසක් පවතින අතර, ඔබ සෑම කෙනෙකුටම දැන් පියා සමඟ සිටීමටත්, අවසානයේ ඔහු සමඟ නැවත ආපසු යාමටත් අවශ්‍යයි. ඔබට දැන් ඔබේ නිවසට ආපසු යාමට සිදු වෙනවා නේද? ඔබ සියලු දෙනා එකට නිවසට ආපසු ගොස්, ඉන්පසු බාප්දාදා සමඟ රාජධානියට ඇතුළු විය යුතුයි. ඔබ සියලු දෙනා එකට, විශේෂයෙන්ම බ්‍රහ්ම බාබා සමඟ රාජ්‍යයට ඇතුළු වනු ඇත. බ්‍රහ්ම බාබා සිටින්නේ සුරදූත ස්වරූපයෙන් ය; එබැවින් ඔබටත් ඔහු සමඟ ආපසු යාමට අවශ්‍ය නම්, ඔබ කුමක් කළ යුතුද? ඔබ සුරදූතයන් විය යුතුයි නේද? ඔබ සුරදූතයන් වනු ඇත. ඔබ අනිවාර්යෙන්ම එසේ විය යුතුමයි.

ඔබ පියා වන බ්‍රහ්මගේ අත ඔබේ අතේ තබාගෙන ඉදිරියට යා යුතුයි. එසේ නම්, මෙහි 'අත' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සුරදූතයෙකුට භෞතික අත් නැත. එසේ නම්, පියා වන බ්‍රහ්මගේ අත් යනු මොනවාද? 'ශ්‍රීමත්' ය. බාප්දාදාගේ ශ්‍රීමතය වන්නේ මෙයයි: දැන් ඔබ සැහැල්ලු අධිරාජ්‍යයෙකු වන්න. ඔබගේ ජගදම්බා කෙසේ උත්සාහය දැරුවාද - එනම්, පියා පැවසූ දේ ඇය ක්‍රියාවට නැංවූවා - එලෙසම ඔබත් ජගදම්බාව අනුගමනය කළ යුතුයි. ඔබ ඔබේ කාලය සහ සිතිවිලි අනිවාර්යෙන්ම අර්ථවත් ලෙස යෙදවිය යුතුයි; ඒවා කිසිවිටෙකත් අපතේ නොයා යුතුයි. සෑම සිතිවිල්ලකටම ඔබේ ඉදිරි උපත් 21ක් සමඟ සම්බන්ධයක් ඇති බව ඔබට පවසා තිබුණා නේද? එබැවින්, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ ඔබේ මනස නිරන්තරයෙන් කාර්යබහුලව තබා ගැනීමයි. 'මුරලි' මතගාන විටදී හෝ සේවයේ නිරත වීමේ දී වේවා, සෑම මොහොතකම කාර්යබහුලව සිටින්න. ඔබේ අධ්‍යාත්මික ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් තබා ගන්න. බාප්දාදා කලින් කලට ඔබට පවසා ඇති 'අභ්‍යාසය' විටින් විට කරන්න. අශරීරික තත්ත්වයට පත්වීම සඳහා වන එම අභ්‍යාසය ගැන ඔබ දන්නවා නේද? එනම්, ඔබේ ස්වරූප තුන පිළිබඳව සිහි තබා ගැනීමේ අභ්‍යාසයයි. ඔබ ඒ ගැන දන්නවා නේද? පියාට ස්වරූප තුනක් තිබෙන්නාක් මෙන්ම, ඔබටත් ස්වරූප තුනක් තිබේ - එනම්, බ්‍රහ්මින්, සුරදූත සහ දේවතා ස්වරූපයි. මෙම අභ්‍යාසය හරහා, එම ස්වරූප තුන පිළිබඳ සිහිය තුළ ඔබේ මනස නිරතව තබා ගන්න. මේ සඳහා ඇති මහා මන්ත්‍රය කුමක්ද? මන්මනභාව්.

බාප්දාදාට සෑම දරුවෙකු කෙරෙහිම බොහෝ බොහෝ සෙනෙහස ඇත. එබැවින්, සෑම දරුවෙකුටම "ඔබ ජයග්‍රාහී වේවා!" යන ආශිර්වාදය ලබා දීමට බාප්දාදාට අවශ්‍යයි. සමහර දරුවන් සිතන්නේ තමන් ජයග්‍රාහී වුවද, 'මාලාව' සමන්විත වන්නේ 108 දෙනෙකුගෙන් පමණක් බැවින්, තමන්ට එම මාලාවට ඇතුළත් වීමට නොහැකි වනු ඇති බවයි. නමුත් බාප්දාදා තුළ ඇති අසීමිත සෙනෙහස නිසා, ඔබ ජයග්‍රාහී වුවහොත්, බාප්දාදා එම මාලාවට තවත් නූල් එකතු කරනු ඇත. ඔබ කළ යුත්තේ ජයග්‍රාහී වීම පමණි. ඉතින්, ඔබ කුමක් සිතන්නේ ද? ඔබ අනිවාර්යෙන්ම ජයග්‍රාහී වනු ඇත, එසේ නොවේද? නැතහොත්, ජයග්‍රාහී වන්නේ 108 දෙනෙකු පමණක්ද? එසේ නොවේ. පියාගේ සෑම දරුවෙක්ම ජයග්‍රාහී වේ. බාප්දාදා සෑම දරුවෙකුගේම නළල මත දකින්නේ කුමක්ද? ජයග්‍රහණයේ තිලකයයි; මන්ද ඔබ පියාණන්ව ඔහුගේ සාමාන්‍ය ස්වරූපයෙන් හඳුනාගෙන ඇති බැවිනි. අවසාන දරුවා වුවද, ඔහු උත්සාහය දැරීමේදී දුර්වල වුවද, සාමාන්‍ය ස්වරූපයෙන් පැමිණි පියාව හඳුනාගෙන "මගේ බාබා" යැයි පැවසීමේ විශේෂත්වය ඔහු සතුව ඇත. මේ හේතුව නිසා, සෑම දරුවෙකුම ධෛර්යය පවත්වා ගනිමින් ජයග්‍රහණය ලබා ගත යුතුය. ඔබ කළ යුත්තේ කුමක්ද? මෙය දැඩි උත්සාහයක් දැරිය යුතු කාරණයක් නොවේ; මෙය සෙනෙහසට සම්බන්ධ කාරණයකි. ඔබට බාප්දාදා කෙරෙහි සෙනෙහසක් ඇත, පවුල කෙරෙහි සෙනෙහසක් ඇත; එබැවින් ඔබ සෙනෙහස දක්වන අයගෙන් ඔබට වෙන්ව සිටිය නොහැක. ඉතින්, බ්‍රහ්ම බාබා කෙරෙහි ඔබට කොපමණ සෙනෙහසක් තිබේද? බ්‍රහ්ම බාබා සහ ශිව බාබා කෙරෙහි නොබිඳි සෙනෙහසක් තමන් තුළ ඇතැයි හැඟෙන අය ඔබේ අත් ඔසවන්න! නොබිඳි සෙනෙහසක් ද? සැබැවින්ම නොබිඳි සෙනෙහසක් ද? ඉතා හොඳයි. එසේ නම්, ඉදිරි වාරයේ දී බාප්දාදා දැකීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබ ඒ බව දන්නවා, නේද? නිෂ්ඵල සිතිවිලි බලවත් සිතිවිලි බවට පරිවර්තනය කර ගැනීමට ඔබට මාස පහක සිට හයක දක්වා කාලයක් ලැබෙනු ඇත.

එසේනම් කතා කරන්න! මධුබන්හි සිටින අය නැගිටින්න; ඔබ ඉහළ මහල් වල සිටියත් හෝ පහළ මහල් වල සිටියත්, ඔබ බොහෝ දෙනෙක් සිටිනවා. බාප්දාදා මධුබන්හි සිටින අයට සෙනෙහස දක්වයි. මෙයින් අදහස් වන්නේ බාප්දාදා අනෙක් අයට සෙනෙහස නොමැති බව නොවේ. ඔවුන්ටත් සෙනෙහස තිබේ, නමුත් මධුබන්හි වෙසෙන්නන් සම්බන්ධයෙන් බාප්දාදාට විශේෂ සෙනෙහසක් ඇත. ඒ කුමක්ද? ඔබ සැමගේ මනසේ ස්මෘතිය තිබේ. ඔබ සැම යෝගී ජීවාත්මයන්ය. ඔබ සැම ග්‍යානී ජීවාත්මයන් ද වෙයි. කෙසේවෙතත්, මධුබන්හි සිටින ඔබට ඔබේ අනාගතය පහසුවෙන් ගොඩනඟා ගැනීමට සෝපානයක් ලැබී තිබේ. ඒ කුමක්ද? මධුබනයට පැමිණෙන ඕනෑම අයෙකුට සේවය සැපයීම සඳහා ඔබ උපකරණ ලෙස ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස, ආහාර පිසින අය හෝ වෙනත් ඕනෑම රාජකාරියක් කරන අය ගැන සිතන්න; බාප්දාදා පවසන්නේ, යමෙකු බිම අතුගාන්නේ නම්, ඔහු පවා ඉතා වාසනාවන්ත බවයි. ඇයි? මෙහි පැමිණෙන ඕනෑම අයෙකු මෙහි ඇති වාතාවරණය දකින විටත්, ඔබේ හදවත් තුළ ඇති සෙනෙහසේ ශක්තිය දකින විටත් සතුටට පත් වේ. ආහාර පිළියෙල කිරීම වේවා, වෙනත් ඕනෑම රාජකාරියක් වේවා, මධුබන් සිටින අයට මෙවැනි අවස්ථාවක් ලැබී තිබේ. මධුබනයේ ඇති සෙනෙහස සහ මෙහි නිර්මාණය වී ඇති බලවත් වාතාවරණය දකින බාප්දාදා, මධුබන්හි වෙසෙන්නන්ට විශේෂයෙන්ම සුබ පැතුම් පිරිනමයි. ඔබ මෙම වාරය සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර, අනාගතයේදීත් ජීවාත්මයන් තෘප්තිමත් කිරීමට සහ ඔබේ මනස හරහා ඔවුන්ට බලවත් අත්දැකීම් ලබා දීමට ඔබ උපකරණ ලෙස දිගටම කටයුතු කරනු ඇත. එබැවින්, මධුබන්හි වෙසෙන්නන් වෙනුවෙන් සැමදෙනාම අත්පොළසන් දිය යුතුය. අච්චා.

අද, අම්රිත් වේලාව තුළ, මධුබන්හි සේවකයන් බාප්දාදා ඉදිරියට පැමිණියහ. බාප්දාදා සූක්ෂම කළාපයේ දී ඔවුන් එක් එක් අයව හමුවූ අතර, බාබා මීට පෙර ඔබට පවසා ඇති පරිදි, අලුයම 4.00 ට පෙර, පෙර ගමන් ගිය ගිය ඔබේ විශේෂ දාදීවරුන් අනිවාර්යෙන්ම එහි පැමිණෙති. අද දින, විශේෂ දාදීවරුන් සහ විශේෂ සහෝදරයන් ද එහි පැමිණ සිටි අතර, මධුබන්හි වෙසෙන්නන්ව එහි මතු කරදෙන ලෙස ඔවුහු විශේෂයෙන් ඉල්ලා සිටියහ. දිදි සහ දාදි යන ​​දෙදෙනාම, මෙන්ම විශේෂ සහෝදරයන් ද, මධුබන්හි සිටින අයව විශේෂයෙන් සිහිපත් කළහ. දාදි විශේෂ ස්නේහ ස්මෘතියක් ලබා දුන් අතර, ඒ සමඟම සූක්ෂම ලෝකයේ අඹ ද පිරිනැමූහ. සූක්ෂම ලෝකයේ පලතුරු ඉතා උසස් තත්ත්වයේ පවතින බව ඔබ දන්නවා; ඒවා කෝටුවකින් ගසා බිම හෙළීමට අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය ඕනෑම පලතුරක් ඔබේ දෑතින්ම නෙළා ගත හැකිය. එබැවින් දාදි මෙසේ පැවසුවාය: "අද අපි මධුබන්හි සිටින අය සමඟ අඹ රස විඳින විනෝද ගමනක් යන්නෙමු." ඇය සමඟ තවත් දාදිවරුන් සහ විශේෂ සහෝදරයන් ද සිටියහ. බාප්දාදා මෙසේ විමසුවේය: "මධුබන් ගැන ඔවුන්ගේ සිත් තුළ ඇති දේ කුමක්දැයි ඔවුන්ගෙන් අසන්න." දාදි කුමක් පැවසුවාද? ඔබ දන්නවා නේද? ඔබ දාදිව දන්නවා, එසේ නොවේද? දාදි මෙසේ පැවසුවාය: "මධුබන්හි සිටින සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම මට තවමත් එක් බලාපොරොත්තුවක් තිබේ - ඔබේ උත්සාහයන්හි යම් අඩුවක් තිබේ නම්, ඒ සඳහා ඔබ තවදුරටත් උත්සාහ කළ යුතුයි - නමුත් මධුබන්හි වෙසෙන්නන්ගෙන් මට එක් දෙයක් අවශ්‍යයි. මට අවශ්‍ය කුමක්ද? එනම්, මධුබන්හි වෙසෙන සෑම කෙනෙකුම පියාට සමාන තත්ත්වයට පත්වීමයි. ඇත්ත වශයෙන්ම, සෑම කෙනෙකුම එසේ විය යුතුයි, නමුත් මධුබන් යනු විශේෂ ස්ථානයකි." මධුබන්හි සිටි අයට දාදි කෙරෙහි සෙනෙහසක් තිබුණි. දාදි මෙසේ පවසමින් සිටියාය: "මම මෙය දන්නවා. එබැවින්, එම සෙනෙහසට ප්‍රතිචාරයක් ලෙස, මට අවශ්‍ය වන්නේ මමා තබා ගත් ඉලක්කයම අනුගමනය කිරීමයි: බාබා පැවසූ ඕනෑම දෙයක් මමා ඉටු කළාය. මධුබන්හි සිටින අය අනිවාර්යෙන්ම මෙය දන්නවා." ඒ හා සමානව, අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා, මධුබන්හි සිටින සෑම කෙනෙකුටම බාබා, මමා සහ දාදිවරුන් කෙරෙහි සෙනෙහසයක් තිබේ නම්, මමා පියාගේ සෑම උපදෙසක්ම තම ජීවිතයට ඇතුළත් කර ගත්තාක් මෙන්ම, අප ද එසේම කළ යුතුය. එබැවින්, ඔබට දාදිවරුන් කෙරෙහි සෙනෙහසයක් තිබේ නම්, එය මෙසේ ප්‍රදර්ශනය කරන්න: උදෑසන සිට රාත්‍රිය දක්වා, දාදිවරුන්ට, පියාට හෝ වෙනත් කිසිවෙකුට අකමැති වන ආකාරයේ කිසිදු සිතිවිල්ලක්, වචනයක් හෝ ක්‍රියාවක් නොකරන්න.

ඔබ ගුරුවරු දැක, බාප්දාදා සතුටු වෙනවා, මන්ද ඔබට පියාට සමාන වීමේ ආසනයේ භාග්‍යය ලැබී තිබෙනවා. පියාගේ 'මුරලි' කියවීමේ වගකීම ඔබට ලැබී ඇත. පියා නිතරම පවසන්නේ ගුරුවරු යනු ඔහුගේ සහායකයින් බවයි. බාප්දාදාට දැන් ගුරුවරුන්ගෙන් එක් දෙයක් අවශ්‍යව තිබේ. බාබා ඒ ගැන ඔබට කියන්නද? බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම ගුරුවරයෙකුගේම මුහුණ, පියා වන බ්‍රහ්මගේ මුහුණ මෙන් සතුටින් බබළන අයුරින් දැකීමටයි. එය එලෙසම දිස්විය යුතුය. ඇතුළතින් යම් උත්සාහයක් දැරීමට සිදු වුවද, ඔබේ මුහුණෙන් පරමාත්ම පියාව ප්‍රදර්ශනය විය යුතුය. කවුරුන් ඔබ දෙස බැලුව ද, ඔවුන්ට ඔබ තුළින් පියාගේ දිදුලන ස්වභාවය දැකගත හැකි විය යුතුය. මෙලෙස ප්‍රීතිමත් මුහුණින් සේවය කරන අය අනිවාර්යෙන්ම පියාව ලොවට හෙළිදරව් කරනු ඇත. ඔබේ මුහුණ හරහා පියාව හෙළිදරව් කිරීමට කාලය එළඹ ඇත. ගුරුවරුන් වන ඔබ නිතරම ස්වභාවිකවම "මේරා බාබා" (මගේ බාබා) යැයි සිහිපත් කරති. දැන් ඔබ ඔබේ මුහුණ හරහා පියාව හෙළිදරව් කළ යුතුය. ඔබට මෙය කළ හැකිය, එසේ නොවේද? ඔබට එය කළ හැකි නම්, එසේ නම් එය කරන්න! මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵල අනුව සියලු දෙනා පවසන්නේ කුමක්දැයි බලන්න! "බ්‍රහ්ම කුමාරිවරුන් ඉතා හොඳ සේවයක් කරමින් සිටිනවා" යන්නයි. නමුත් පරමාත්ම පියා තවමත් ලොවට හෙළිදරව් වී නැත; ඔහු තවමත් අදෘශ්‍යමානව සිටිති. එබැවින්, ඔබ හරහා ඔහුව හෙළිදරව් වන කාලය දැන් ළඟා වෙමින් පවතී. සේවයේ නියුතු ගුරුවරුන් වේවා, වෙනත් ඕනෑම දරුවෙකු වේවා, දැන් ඔබ පියාව හෙළිදරව් කළ යුතුය. "බ්‍රහ්ම කුමාරිවරුන් ඉතා හොඳ සේවයක් කරමින් සිටිනවා" - මෙය දැනටමත් සිදුවී ඇත. ඔබ මේ දක්වා පැමිණ සිටී. කෙසේවෙතත්, දැන් පෙන්වා දිය යුත්තේ, දෙවියන්ම බ්‍රහ්මගේ ශරීරය තුළ පැමිණ බ්‍රහ්ම කුමාරිවරුන්ව මෙතරම් සුදුසුකම් ලත් අය බවට පත් කරමින් සිටින බවයි. මෙම කරුණ තවමත් ඉතිරිව ඇත. ඔබ "මේරා බාබා ආ ගයා" (මගේ බාබා පැමිණ ඇත) යන ගීතය ගායනා කරනවා. නමුත් දැන් ජීවාත්මයන්ට අවබෝධ විය යුත්තේ, පරමාත්ම දෙවියන්ම පැමිණ, මෙම සහෝදර සහෝදරියන් හරහා මෙම කාර්යය ඉටු කරමින් සිටින බවයි. ඔබ මෙම හෙළිදරව්ව කළ යුතුයි, එසේ නොවේද? ඔබ එය කරන්නේ කවදාද? ඔබ කුමක්ද කියන්නේ? "දැන්", එසේ නොවේද? (අපි දැන් එය ආරම්භ කරන්නෙමු, එය ඊළඟ වාරය වන විට සම්පූර්ණ වනු ඇත.) ඔබ සියලු දෙනාම එකඟද? ඊළඟ වාරය වන විට එය සිදුවේද? මේ සඳහා එකඟ වන අය අත් ඔසවන්න! අත ඔසවන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. අත නොඔසවන අය බලා සිටිනු ඇත, නමුත් ඔබ මෙය කරනු ඇත. ගුරුවරුන් වන ඔබටත් මෙවැනි සිතිවිල්ලක් ඇති වී තිබෙනවා නේද? මන්ද, සියල්ල හදිසියේම සිදුවන බව බාප්දාදා පවසන බව ඔබට පෙනෙනවා. සමහර දරුවන් සිතන්නේ බාබා බොහෝ කලක සිට "හදිසියේම, හදිසියේම" යැයි පවසමින් සිටින බවත්, දැන් එය සිදුවිය යුතු බවත්ය. කෙසේවෙතත්, දරුවන් පියාට සමාන වූ විට එය හදිසියේම සිදුවනු ඇත. ඔබේ මුහුණු, ඔබේ ප්‍රතිරූප සහ ඔබේ සෑම වචනයක්ම පියාව ප්‍රකාශයට පත් කරත්වා. මෙය අනිවාර්යෙන්ම සිදුවන්නකි. එය සිදුවිය යුතුමයි; ඒ සඳහා ඔබ හුදෙක් මාධ්‍යයන් බවට පත්විය යුතුයි. ඉදිරි කාල පරිච්ඡේදයේ දී ඔබ කුමක් කරනු ඇත්ද? පළමුව, ඔබ ඔබවම පියාට සමාන කර ගනු ඇත. ඉතිරිව ඇති ඕනෑම දුර්වලතාවයක් ඔබ ඉවත් කරනු ඇත. කෙසේවෙතත්, බාප්දාදා සතුටු වන්නේ කුමක් ගැනද? කුඩා හා විශාල සියලු මධ්‍යස්ථාන වල සිටින දරුවන්, තමන් කරන කාර්යයන් වචනයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ තුළින් වාතාවරණය ද වෙනස් කර ඇත. ඒ වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පැතුම් පිරිනමයි. විවිධ ස්ථාන වල වැඩසටහන් සංවිධානය කළ සියලු දෙනාම ඒවා ඉතා හොඳින් කර ඇත. බ්‍රහ්ම කුමාරිවරුන් සැබැවින්ම වසර 75ක් පුරා ඉතා අදෘෂ්‍යමාන ආකාරයෙන් තම සේවාව කර ඇති බව දැන් සැමගේ අවධානයට ලක්ව තිබේ. දැන්, "බ්‍රහ්ම කුමාරිවරුන්ගේ බාබා වන පරමාත්ම දෙවියන් පැමිණ සිටිනවා" යැයි මිනිසුන් පැවසිය යුතුය. ඔබටත් එවැනි අරමුණක් තිබෙනවා නේද? එසේනම්, ඉදිරි කාල පරිච්ඡේදය වන විට මෙම කාර්යය ආරම්භ වේවා. ඒ සඳහා ප්‍රායෝගික වැඩසටහනක් සකස් කරන්න. ඔබ වැඩසටහන් සකස් කරනවා, රැස්වීම් පවත්වනවා නේද? එම රැස්වීම් වලදී මෙම වැඩසටහන සැලසුම් කරන්න. උරුමය ලබා දෙන පියාණන් පැමිණ සිටින බව සියලු දරුවන් දැනගත යුතුය. ඔවුන් කිසිවෙකුත් (මෙම උරුමයෙන්) අහිමි වූවන් ලෙස නොසිටිය යුතුය. දරුවන්ගේ දුක දකින විට පියාට දැඩි දයාවක් දැනේ. ඔවුන් දුකෙන් කෑගසන විට ඔහුට ඔවුන් කෙරෙහි දයාව ඇති වේ. ඔවුන් ඔබ වැනි දෙවි දේවතාවුන්වද දැඩි ලෙස ආයාචනා කරමින් සිටී. එබැවින්, ඉදිරි කාල පරිච්ඡේදය වන විට, කිසිදු ආකාරයක නිෂ්ඵල දෙයක් ඉතිරි නොවීමට වග බලා ගන්න. එකඟද? ඔබ එකඟද? ඔබේ හදවතේ අත ඔසවන්න. ඔබේ හදවතේ අත ඔසවන්න. නිෂ්ඵල දේ පිළිබඳ සියලු දැනුම හෝ මතකයන් පවා අතුරුදහන් වේවා. ස්වර්ගීය කුමාරිකාවන් (ධ්‍යානගතව) පැමිණෙන විට, ඔවුන්ට කිසිදු ශෝකයක් හෝ කලබලකාරී බවක් පිළිබඳ හැඟීමක් නොමැත. ඔවුන් විමසන්නේ, "ඔවුන් කුමක් පවසන්නේද? ඒ කුමක්ද?" යනුවෙනි. එලෙසම, බ්‍රාහ්මණ පවුලේ කිසිවෙකුටත් 'නිෂ්ඵල දේ' යනු කුමක්දැයි දැනගැනීමටවත් ඉඩ නොතබන්න. තමන් වෙනුවෙන් පිරිසිදු හා යහපත් සිතිවිලි ද, අන් අය වෙනුවෙන් ද පිරිසිදු හා යහපත් සිතිවිලි ද පවත්වා ගන්න. හොඳයි.

සෑම තැනකම සිටින සියලුම දරුවනි, බාප්දාදාගේ හදවතින්ම ඔබට ආදරය සහ ආශිර්වාද පිරිනමමි. තම ආත්ම ගෞරවය පිළිබඳ විශ්වාසයෙන් හා ඒ පිළිබඳ කුල්මත්භාවයෙන් සිටින සෑම දරුවෙකුම දැක පරමාත්ම පියා ඉතා සතුටට පත් වේ. කිසිවිටෙකත් ඔබේ ආත්ම ගෞරවය අත් නොහරින්න. ආත්ම ගෞරවයෙන් යුතුව සිටීම යනු සියලු ලැබීම් වලින් පරිපූර්ණව සිටීමයි. ආත්ම ගෞරවය පිළිබඳ කරුණු ලැයිස්තුව ඉතා දිගු එකකි. දිනපතා ආත්ම ගෞරවයට අදාළ එක් කරුණක් ඔබේ සිහියෙහි තබාගෙන, එය ඔබේ ප්‍රායෝගික ජීවිතයට එක් කරගන්න; දැඩි උත්සාහයක නිරත වෙමින් ඉදිරියටම ගමන් කරන්න. බාප්දාදාව ඔබේ හදවතෙහි තබාගන්න, එමෙන්ම ඔබ ද බාප්දාදාගේ හදවතෙහි ස්ථානගත වන්න. නිර්භීතව, සියලු බලයන්ගෙන් යුත් 'මාස්ටර් සර්ව බලධාරියෙකු' ලෙස ඉදිරියට ගමන් කරන්න. ඔබත් ඉහළට පියාසර කරන්න, අන් අයවද එසේ පියාසර කිරීමට සලස්වන්න. ඕම් ශාන්ති.

වරදානය:
ඔබ සේවා වේදිකාව මත සියල්ලට හැඩගැසීමේ ශක්තියෙන් යුත් 'මාස්ටර් සාගරයක්' බවට පත් වී, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔබ සේවා වේදිකාවට පිවිසෙන විට, විවිධ ආකාරයේ අවස්ථාවන් ඔබ ඉදිරියට පැමිණේ. එබැවින්, එම අවස්ථාවන් ඔබ තුළම දරා ගන්න, එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වනු ඇත. 'හැඩගැසීම' යන්නෙන් අදහස් කරන්නේ, කිසිදු ආකාරයක අහිතකර හෝ දළ ස්වභාවයක් සිතිවිල්ලක් හෝ හැඟීමක් ලෙස ඔබ තුළ මුසු නොවීමයි. යහපත් නොවන වචන ඔබට ඇසෙන විට, ඒවා යහපත් හැඟීම් බවට පරිවර්තනය කරන්න; එනම්, එම අයහපත් වචන කිසිදා නොපැවසුවාක් මෙන් සිතන්න. අඩුපාඩු ගුණාංග බවටත්, අපහාස ප්‍රශංසා බවටත් පරිවර්තනය කරන්න, එවිට ඔබව 'මාස්ටර් සාගරයක්' ලෙස හැඳින්විය හැකිය.

පාඨය:
බාහිර ව්‍යාප්තිය දෙස නොබලා, එහි සාරය දැක එය තමා තුළම ඒකාබද්ධ කර ගන්නා තැනැත්තා, දැඩි උත්සාහයක නිරත වන්නෙකි.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

ඔබගේ නිර්මාණයක් වන ඉබ්බාට, තමාගේ සියලු අවයව එක තත්පරයකින් තමා තුළට ගොනු කරගැනීමට හැකියාව ඇත. එනම්, නිර්මාණයක් වන සතෙකුට පවා මෙලෙස 'ඒකාබද්ධ කර ගැනීමේ' බලය තිබේ. මෙම බලය පදනම් කරගෙන, නිර්මාණකරුවන් වන ඔබට, සියලු සිතිවිලි එක තත්පරයකින් තමා තුළට ගොනු කර ගනිමින්, එක සිතිවිල්ලක් මත ස්ථාවර වීමට හැකියාව ඇත. ඔබේ භෞතික අවයව වල ක්‍රියාකාරිත්වය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව, ඔබගේ ජීවාත්ම අවධානය තුළ ඔබව ස්ථාවර කරගත් විට, ඔබට 'කර්මාතීත්' අවධිය, එනම් පරිසමාප්ත අවධිය අත්විඳිය හැකි වනු ඇත.