23.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, රාවණ නිසා ඔබ බොහෝ දුක් විඳ ඇත, එමනිසා, බැතිමතුන්ගේ ආරක්ෂකයා වන පරමාත්ම දෙවියන්, ඔබගේ දුක නැති කිරීමට දැන් පැමිණ සිටියි.

ප්‍රශ්නය:
අගනා දරුවන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?

පිළිතුර:
අගනා දරුවන් නිරන්තරයෙන් මව සහ පියා අනුගමනය කර, ඔවුන්ගේ සිහසුන හිමි කරගනී. ඔවුන් බොහෝ උත්සාහ දැරීමේ නිරත වී සිටියි. ඔවුන් පියා සමඟ ඉතා අවංකයි. අවංක හදවත් ඇති අය, නිරන්තරයෙන් ශ්‍රීමත් පිළිපදියි. අභ්‍යන්තරයේ අවංකභාවය නොමැති නම්, ඔබට සිහිපත් කිරීමේ සිටිය නොහැක.

ගීතය:
අවිහිංසක ස්වාමියා තරම් අසහාය කෙනෙක් නැත.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි දරුවන්, භක්ති මාර්ගයේ ගීතයට සවන් දුන්නා. මෙම ගීතයේ අරුත, බැතිමතුන්ට නොවැටහෙයි. ඔබ, පරමාත්ම දෙවියන්ගේ දරුවන් වී ඇත. පරමාත්ම දෙවියන්, බැතිමතුන්ගේ ආරක්ෂකයාය. ඔබත් බැතිමතුන්ගේ ආරක්ෂකයන්ය ඔබ බැතිමතුන් ආරක‍්ෂා කරයි. පැමිණ, ඔවුන්ව ආරක‍්ෂා කරන ලෙස ඔවුන් දෙවියන්ට යදින්නේ, ඔවුන්ට ඇති කුමන ව්‍යසන නිසාද? බැතිමතුන්ට රාවණගෙන් බොහෝ දුක ඇතිවෙයි. රාවණගේ සමාජය, ඔවුන්ගේ බොහෝ දුක් පීඩා වලින් වේදනා විඳිනවා. එබැවින් ඔවුන් අවිහිංසක ස්වාමියාව සිහි කරයි. එය රාවණගේ සමාජය වන අතර මෙය රාමාගේ සමාජයයි. ඔවුන්ගේ ආරක්ෂකයා කවුරුන්ද කියා බැතිමතුන් නොදනී. අවිහිංසක ස්වාමියා ඔවුන්ගේ ආරක්ෂකයා බව ඔවුන් ගායනා කරන නමුත්, ඔහු ඔවුන්ව ආරක‍්ෂා කරන්නේ කෙසේද කියා ඔවුන් නොදනී. අවිහිංසක ස්වාමියා වන ශිව බාබා, නරක් වී ඇති දේ නිවැරදි කරන බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. දෙවියන් කවුරුන්ද කියා, ලෝකයා නොදනී. ඔවුන් පරමාත්ම දෙවියන්ව හඳුනන්නේ නම්, ඔවුන් ඔහුගේ නිර්මාණයේ මුල, මැද සහ අවසානයද දැනගනී. ඔවුන් දෙවියන්ව නොදන්නා අතර ඔහුගේ නිර්මාණය පිළිබඳව කිසිවක්ද නොදනී. එබැවින් එවන් මනුෂ්‍ය සමාජයක් අන්ධ බව කියයි. අනෙක් අතට දිව්‍යමය ද්‍රිෂ්ඨිය ලබා ඇති, ඔබ සියලු දෙනා සිටිනවා. ඔබගේ නාමය වන්නේ බ්‍රහ්ම කුමර කුමරියන්ය. පුවරුවේ ලියා ඇති නම වන්නේ ’බ්‍රහ්ම කුමාරි ලෝක ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයයි’. එය බ්‍රහ්ම කුමාරී පමණක් විය නොහැක. ප්‍රජාවගේ පියා, බ්‍රහ්මායි. පියෙකුට, දියණියන් සහ පුතුන් සිටියි. මෙතරම් දරුවන් සංඛ්‍යාවක් සිටිය හැක්කේ ප්‍රජාපිතා බ්‍රහ්මාට පමණයි. එබැවින්, ඔහු අසීමිත පියෙක් බව, ඔබ වටහාගත යුතුයි. එමෙන්ම බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ව නිර්මාණය කරන්නේ පියා පමණක් බවත්, ඔහුට අශාරීරික කෙනා යැයි කියන බවත් ඔබ දන්නවා. ඔහු අසීමිත පියාය. පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය සිදු කරන බවත් ඔබ දන්නවා. ඇත්තවශයෙන්ම ඔහුගේ මුළු නිර්මාණයම, සියලුම මනුෂ්‍යයන්, ශිවාගේ පෙළපතේය. ඔබ දැන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වී ඇත. නව නිර්මාණය මෙයයි. පරම පියා, පරමාත්ම ජීවය, නිර්මාණය සිදු කරන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙනි. එබැවින් ඔබට බ්‍රහ්ම කුමර කුමරියන් යැයි කියයි. අසීමිත දරුවන් බොහෝ දෙනෙක් සිටින අතර, ඔවුන් නිසැකයෙන්ම අසීමිත උරුමයක් හිමි කරගන්නවා ඇති. ඔය බ්‍රහ්ම කුමර කුමරියන්ව, ශිව බාබා දරුකමට හදාගෙන ඇති බව, ඔය දරුවන් දන්නවා. ශිව බාබා පවසන්නේ ඔබලා මගේ දරුවන්ය. ඔය ජීවාත්මයන්ද සිටියේ අශාරීරිකවයි. කෙසේවෙතත්, දැනුම අවශ්‍ය වන්නේ ශාරීරික ස්වරූපයෙනි. ඔබ අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට බව ඔබ දන්නවා. මෙහි නිර්මාණය සිදුවන්නේ බ්‍රහ්මාගේ මාර්ගයෙන්. ශිවාගේ ජන්ම දිනය සමරන්නේද මෙහිදීය. ඔහු මෙම අපවිත්‍ර දේශයේ උපත ලැබුවා. පියා පවසන්නේ මෙම ලෝකය, පිවිතුරු දිව්‍ය ලෝකයව පැවතුණි. එයට දැන් අපාය, අපවිත්‍ර, කිලිටි දේශය යැයි කියයි. එය නැවතත් දිව්‍ය ලෝකය විය යුතුයි. ශිව බාබා ඔබට නැවත වරක් රාජයෝගාව උගන්වා ඔබව පිවිතුරු කරන බව, ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. පරමාත්ම දෙවියන්, පාරිශුද්ධකරු බවත්, බැතිමතුන්ගේ ආරක්ෂකයා බවත් ඔවුන් ගායනා කරයි. කන්නලව් කරන්නේ බැතිමතුන් පමණයි. ඔවුන් අපවිත්‍ර නමුත් තමන් අපවිත්‍ර බව ඔවුන් සලකන්නේ නැත. ඔබ සෑම කෙනෙක්ම අපවිත්‍ර බව පියා විස්තර කරයි. ස්වර්ණමය යුගයට පිවිතුරු ලෝකය යැයිද, කලි යුගයට, අපවිත්‍ර ලෝකය යැයිද කියයි. පියා ඔබට පවසන සෑම දෙයක්ම නිවැරදියි. වසර සිය දහස් ගණනක් පැරණි කිසිවක් තිබිය නොහැක. මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේය. කලි යුගය තවමත් එහි ළදරු අවස්ථාවේ තිබෙන බව ඔවුන් සිතයි. මරණය අත ලඟ බව ඔබ දන්නවා. අන්ධකාරය සහ ආලෝකය ගැන ඔබ කතා කරන්නේ, සංගම යුගයෙදි පමණයි. ඔබ දැන් සම්පූර්ණ ආලෝකය වෙතට පැමිණ ඇත. ඔබට ස්වර්ණමය යුගයෙදී මෙම දේවල් ගැන කතා කිරීමට නොහැකි වෙයි මෙම දැනුම එහි පවතින්නේ නැත. පියා මෙකල මෙතැන අසුන් ගෙන, ඔබට විස්තර කර දෙන්නේ, ස්වර්ණමය යුගයෙදී ඔබ සූර්ය වංශයට අයත්ව සිටි බවත්, අවසානයේදී ඔබ ශුද්‍ර වංශයේ කොටසක් බවට පත් වූ බවත්ය. ඔබ දැන් නැවත වතාවක් බ්‍රහ්මිණ් වංශයේ කොටසක් බවට පත් වී සිටියි. ඔබ අයත් වන්නේ වඩාත්ම උසස් බ්‍රහ්මිණ් වංශයටයි ඔබ උසස්ම-උසස්ය. මෙය දේවමය වංශයයි. ඔබ පියා වෙතට පැමිණි විට, ඔහු ඔබගෙන් විමසන්නේ ඔබ පැමිණ ඇත්තේ කවුරුන් වෙතටද? ඔබ පිළිතුරු දෙන්නේ පියා වෙතටයි. පියවරුන් දෙදෙනෙකි. ලෞකික කෙනා සහ මෙලොවට එපිටින් සිටින කෙනා. සියලුම සැලිග්‍රමයන්ගේ පියා, ශිවා පමණයි. මෙම දැනුම ඔබගේ බුද්ධිය තුළට බිඳෙන් බිඳ ගලා යයි. අපි අපගේ උරුමය හිමි කරගන්නා එකම පියාගේ දරුවන්ය. අශාරීරික කෙනා, ශාරීරික කෙනාගේ මාර්ගයෙන් උරුමයක් ලබා දෙයි. පියාම පවසන්නේ මා පැමිණ, සාමාන්‍ය සිරුරකට ඇතුළු වෙමි. පියා දැන් පවසන්නේ දරුවනි, ඔබ ජීවාත්ම අවධානයට පත්වේවා! තමන් ජීවාත්ම බව සළකන්න. මෙම ශරීරය විනාශ වන නමුත් ජීවාත්මය අවිනාශීය. උපත් 84ක් ගත යුත්තේ ශරීරය නොවෙයි, ජීවාත්මයයි. ශරීරය අඛණ්ඩව වෙනස් වන අතර, එයට විවිධ මිතුරන් සහ නෑදෑයින්ද සිටියි. ජීවාත්මයන්ට දැන් ඔවුන්ගේ උරුමය හිමි විය යුත්තේ, අසීමිත පියා, පරම පියා, පරමාත්ම ජීවයෙනි. ඔබ මෙයට සවන් දී ඉන්පසුව එය ධාරණය කරගනී. සංස්කාර තිබෙන්නේ ඔය ජීවාත්ම තුළයි. සංස්කාර ජීවාත්ම තුළ රැඳී තිබෙයි. ඒවා, සිරුරේ සංස්කාර කියා ඔබ නොකියයි. නැහැ, ජීවාත්මය වන ඔබගේ සංස්කාරයි, තමෝප්‍රධාන් වන්නේ. ඔබ දැන් ඒවා වෙනස් කළ යුතුයි. මෙසේ කියයි සිරුර සදාතනිකයි. ශරීරය, කල්ප වෘක්ෂය මෙන් සදාතනික වෙයි. ඉන් කියැවෙන්නේ, එයට දීර්ඝ ආයුෂ කාලයක් තිබෙන බවයි. මෙහි ආයු කාලය ඉතා කෙටි බව ඔබ දන්නවා. කොහේ හෝ අසුන්ගෙන සිටින විට, ඇතැමුන්ට තරුණ වියේදී අකල් මරණ සිදුවෙයි. ඔබ දැන් මරණය ජයගනිමින් සිටිනවා. එහිදී ඔබට මරණය කිසිදා පැමිණෙන්නේ නැත. එහිදී කිසිම කෙනෙක් අකලට ඔහුගේ සිරුර අත් නොහරියි. මෙම ශරීරය දැන් පැරණි වී ඇති බව ඔබ දන්නවා. ඔබ එය අතහැර, අළුත් එකක් ගත යුතුයි. එහිදී සිරුර අත්හරින විට මෙන්ම උපත සිදුවන විටද සංගීත භාණ්ඩ (හාමෝනියම) වාදනය වෙයි. එහි හැඬීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ගුමු නද දෙන සලබයාගේ නිදසුන ඔබට පහදා දී තිබේ. ඔබ බ්‍රහ්මිණ්වරුන්ය. ’බ්‍රහමිණ්’ සහ ’බ්‍රාමරී’ (ගුමු නද දෙන සලබයන්) යන වචන වල හඬ සමානය. ඔබද ගුමු නද දෙන සලබයන් කරන එම ක්‍රියාම කරයි. එය විශ්මයකි, එහෙම නේද? ගුමු නද දෙන සලබයා, ඉබ්බා සහ සර්පයා යන මෙම සියලුම නිදසුන්, ආගමික ග්‍රන්ථ වල සඳහන් කර ඇත. සන්යාසීන්ද මෙම නිදසුන් ගෙනහැර පායි. ඔය දරුවන්ට දැන් මෙම සියලුම වටහාගැනීම්, පියා විසින් ලබා දෙනවා. එය, ඔවුන් අතීතය සිහි කරන, භක්ති මාර්ගයයි. මෙහි සිදුවන සෑම දෙයක්ම පසු කාලයකදී සිහි කරයි. පියා මෙම සිරුර තුළට ඇතුළු වන්නේ මෙකල පමණයි. මෙම කෙනාට (බ්‍රහ්මා) දෙවියන් යැයි නොකියයි. එවිට, එය අන්ධ විශ්වාසය වෙයි. රාමා සහ ක්‍රිෂ්ණා දෙවියන් යැයි හඳුන්වන මිනිසුන්ද සිටියි. ඔවුන්, රාමා සහ ක්‍රිෂ්ණා සෑම තැනකම සිටින බව පවා පවසයි. ඇතැම් අය රාධේගේ මාර්ගයට අයත් වන අතර තවත් සමහරු ක්‍රිෂ්ණාගේ මාර්ගයට අයත්ය. රාධේ ගැන විශ්වාස කරන අය පවසන්නේ, ඔවුන් කොහේ බැලුවත් දකින්නේ, රාධේව පමණක් බවයි. ක්‍රිෂ්ණා ගැන විශ්වාස කරන අය පවසන්නේ, ඔවුන් කොහේ බැලුවත් දකින්නේ ක්‍රිෂ්ණාව පමණක් බවය. රාමාව විශ්වාස කරන අය, සෑම තැනකම දකින්නේ රාමාව පමණය. රාමාව පෙන්වා ඇත්තේ රිදී යුගයේ වන අතර ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ තඹ යුගයේ බැවින්, ඔවුන් සිතන්නේ, රාමා, ක්‍රිෂ්ණාට වඩා උසස් කියාය. බොහෝ සෙයින් අවිද්‍යාව තිබේ! පරම පියා දැන් විස්තර කරන්නේ ඔය දරුවන්ටයි. බ්‍රහ්ම කුමර කුමරියන් බොහෝ සිටින බැවින්, නිසැකයෙන්ම අසීමිත පියෙක් සිටිය යුතුයි. ඔවුන්, ප්‍රජාපිතා යන නම අසා තිබෙනවාද කියා, ඔබට ඕනෑම කෙනෙකුගෙන් විමසිය හැක. පරමාත්ම පියා, දිව්‍ය ලෝකයේ නව නිර්මාණය, බිහි කළේය. බ්‍රහ්මිණ්වරුන්, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය කරන බව, සිහි කර තිබේ. ඔබ බ්‍රහ්මිණ්වරුන්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණය බවට පත්වන තුරු, ඔබට සීයාගේ උරුමයට හිමිකම් කිව නොහැක. අසීමිත දරුවන්, අසීමිත උරුමය හිමි කරගන්නේ, පරමාත්ම පියාගෙන් පමණයි. ඔබට සත්‍ය වශයෙන්ම එය ලැබුණි. ඔබ සත්‍ය වශයෙන්ම දිව්‍ය ලෝකයේ නිවැසියන් විය. ඔබ දැන් අපායේ වැසියන් වී ඇත. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, දැන් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන්, විෂ්ණුගේ දේශය, දිව්‍ය ලෝකය නිර්මාණය කරනවා. මෙය ඉතා පහසුය! ශිව බාබා විමසන්නේ ඔබට පෙර, මෙම දැනුම තිබුණාද? මෙම ජීවාත්මය (බ්‍රහ්මා) පවසන්නේ මා තුළ මෙම දැනුම තිබුණේ නැත. මමද විෂ්ණුගේ වන්දනාකරුවෙක් විය. වැඳුම් ලබන්නට සුදුසුව සිටි අපි, දැන් වඳින්නන් බවට පත් වී ඇත. බාබා දැන් පැමිණ නැවත වරක් වන්දනාකරුවන් වන අපව, වැඳුම් ලබන්නට සුදුසු දේවතාවන් බවට පත් කරවනවා. ඔය දරුවන්ගේ ඇතුලාන්තයේ මෙම සතුට තිබිය යුතුයි. පරම පියා, පරමාත්ම ජීවය විත්, ඔබව දරුකමට හදාගෙන. මනුෂ්‍යයන්, මනුෂ්‍යයන්ව දරුකමට හදාගන්නවා. ඔවුන්ටම කියා දරුවන් නොමැති බොහෝ දෙනෙක්, දරුවන් දරුකමට හදාගනී. ඔහුගේ සියලුම දරුවන් දැන් රාවණට අයත් බව පරමාත්ම පියා දන්නවා, මේ නිසයි ඔහුට නැවතත් පැමිණ, ඔබව දරුකමට හදාගැනීමට සිදුවී ඇත්තේ. ඔහුගේ දරුවන්ව ඔහු දරුකමට හදාගන්නේ, බ්‍රහ්මාගේ මාර්ගයෙනි. මෙම දරුකමට හදාගැනීම බොහෝ සෙයින් ආශ්චර්යමත්ය! බ්‍රහ්මාගේ මාර්ගයෙන්, ශිව බාබා ඔබව දරුකමට හදාගෙන ඇති බව දන්නේ ඔබ පමණයි. ශිව බාබා පවසන්නේ මම ඔය දරුවන්ව දරුකමට හදාගෙන තිබෙන්නේ, ඔබගේ අසීමිත සතුටෙහි උරුමය ඔබට ලබාදීම පිණිසයි. මෙම බ්‍රහ්මාට එය ඔබට දිය නොහැක. ප්‍රජාපිතා බ්‍රහ්මාද මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයන්ට මෙම දැනුම ලබා දිය නොහැක. මෙතැන අසුන් ගෙන, මෙම දැනුම ලබා දෙන්නේ, දැනුමේ මහා සාගරය, අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය පමණයි. බ්‍රහ්මාට හෝ විෂ්ණුට දැනුමේ මහා සයුර යැයි කිව නොහැක. ඔවුන් තිදෙනාගේම වර්ණනාව වෙනස්ය. දැනුමේ මහා සාගරය සහ පාරිශුද්ධකරු වන්නේ ඒකායන පියා පමණයි. මුළු ලෝකයේම මිනිසුන් ඔහුට කන්නලව් කරති. ඉංග්‍රීසියෙන් ඔහුට මුක්තිදායකයා යැයි ඔවුන් කියයි. කෙනෙක්ව මුදවාගත යුත්තේ, ඔබට දුක දෙන කෙනෙකුගෙන්ය. පියා මෙහි පැමිණ, ඔබව රාවණගෙන් මුදවාගනී. රාවණගේ රාජධානිය තිබෙන්නේද මෙහිය. ඔවුන් රාවණ පුළුස්සා දමන්නේ මෙහිය. ඔවුන් ඔහුව පුළුස්සා දමා, ඉන්පසුව ස්වර්ණමය ලංකාව කොල්ලකෑමට යයි. රාවණ යනු කවරෙක්ද හෝ ඔහු ඔබගේ සතුරා වූයේ කවදා සිටද යන කිසිවක් ඔවුන් නොදනී. ඔවුන් විශ්වාස කරන්නේ, රාමාගේ සීතාව පැහැරගත් බවයි. අප සියලු දෙනාම සීතාවන් බවත්, අප රාවණගේ සිරගේ සිරවී ඇති බවත්, ඔවුන්ට වැටහෙන්නේ නැත. බොහෝ දෙනෙක් ඉඳගෙන ආගමික කතාපුවත් පවසන නමුත්, කිසිවෙකුට මෙම දැනුම නොමැත. ශිව බාබා පවසන්නේ දුර ඈත දේශයේ වාසය කරන මා, මෙම විදේශයට පැමිණ සිටියි. මෙම අපවිත්‍ර ලෝකය, පැරණියි එය රාවණගේ ලෝකයයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ බාබා, පැමිණෙන්න අප අපවිත්‍ර වී සිටියි! පියා පවසන්නේ ඔබව පිවිතුරු කිරීමට, මම අපවිත්‍ර ලෝකයට පැමිණිය යුතුයි. අංක එකට පිවිතුරුව තිබුණු ශරීරය තුළට මා ඇතුළු විය යුතුයි. ලස්සනව සිටි කෙනා, දැන් අවලස්සන වී ඇත. මේවා බොහෝ සේ ආශ්චර්යමත් කාරණාය! ක්‍රිෂ්ණාට, ලස්සන සහ අවලස්සන කෙනා යැයි කියන්නේ මන්ද කියා කිසිවෙක් නොදනී. සර්පයෙක් දෂ්ඨ කළේ ක්‍රිෂ්ණාව පමණක්ද? ස්වර්ණමය යුගයේ සර්පයින් නැත. පරම පියා පවසන්නේ මෙම අවසන් උපතෙදී, මා වෙනුවෙන් පිවිතුරු වන්න, එවිට ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් වෙයි. මා සිහිපත් කර පිවිතුරු වන්න, එපමණයි! ඇල්ෆා සිහිපත් කරන්න, එවිට රාජධානිය වන බීටා ඔබගේය. මෙය පහසු රාජයෝගාවයි, පහසු රාජධානියකි. දරුවෙක් උපත ලද සැනින්, ඔහු උරුමයකට හිමිකමක් ලබයි. මෙහිදීද ඔබ පියාට අයත් බැවින්, දිව්‍ය ලෝකයේ රාජධානියට ඔබට අයිතිය ඇති බව, ඔය දරුවන් දන්නවා. පියා පවසන්නේ සතෝප්‍රධාන්ව සිට ඔබ දැන් තමෝප්‍රධාන් වී ඇත. ඔබ දැන් නැවතත් සතෝප්‍රධාන් විය යුතුයි. යෝගාව සහ දැනුම ඉගැන්වීමට ගත වන්නේ තත්පරයකි. දරුවෙක් ඉපදුණු සැනින් ඔහු උරුමකරුවෙක් යන විශ්වාසය ඔහුට තිබේ. ඔබ දැන් පියාට අයත් බැවින් රාජධානියේ උරුමය, ඔබගේය. කෙසේවෙතත්, සෑම කෙනෙක්ම රජෙක් හෝ රැජිනක් වන්නේ නැත. මෙය රාජ යෝගාවයි. සෑම කෙනෙක්ම අවශ්‍ය වෙයි - රජ, රැජින, පුරවැසියන්, ධනවත් සහ දුගී මිනිසුන්. මේ නිසයි භක්ති මාර්ගයේදී, නිර්මාණය කර ඇති, රුද්‍රාගේ මාලාව මිනිසුන් විසින් බ්‍රමණය කරන්නේ. ඔබ මෙහි පැමිණ ඇත්තේ රාජයෝගාව ඉගෙන ගැනීමට බව ඔබ දන්නවා. මව සහ පියා අනුගමනය කිරීමෙන්, ඔබ පළමුව සූර්ය සහ චන්ද්‍ර රජ පෙළපත් වල කොටස් බවට පත්වෙයි. මව සහ පියා අනුගමනය කර, ඔවුන්ගේ සිහසුන දිනාගන්නා දරුවන්, අගනා දරුවන්ය. ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. පරමාත්ම පියා පවසන්නේ මා සිහි කරන්න! කෙසේවෙතත්, ඔබ එය නොකරයි. ඔබ ශ්‍රීමත් පිළිපදින්නේ නැත. ඔබගේ ඇතුලාන්තයේ එම අවංක බව නොමැත. ඔබගේ හදවත් තුළ අවංකකම තිබුණේ නම්, ඔබ ශ්‍රීමත් පිළිපැද, පියාව සිහිපත් කරනු ඇත. ඔබට සීයාගේ උරුමය ලැබෙන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පමණයි. බ්‍රහ්මාට, ඔබට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දිය නොහැක. මුනුපුරන්ට, ඔවුන්ගේ සීයාගේ ධනයට අයිතියක් තිබේ. දරුවන්, ඔවුන්ගේ පියාගේ ආදායමට උරුමකරුවන් වෙයි, එබැවින් ඔවුන්ට එයට අයිතියක් තිබේ. මෙහි, ඔබට ශිව බාබගෙන් උරුමයක් හිමි වෙයි. ඔබට දැනුමේ මිණි මුතු ලැබෙන්නේ පියාගෙන් පමණයි. ඔබ දේවතාවන් වන බව, ඔය බ්‍රහ්මණයින් දන්නවා. ලෝක මාතාව වන ජගදම්බා කවරෙක්ද? ඇයද බ්‍රහ්මණයෙක් වූ බව, පියා විස්තර කර දෙයි. ඇය මතුවට රාජ කුමාරියක් බවට පත් වන, දැනුමින් පිරුණු කෙනෙකි. ඔබද එසේම වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. යෝගා බලයෙන්, ජීවාත්මය තුළ තිබෙන තමෝප්‍රධාන් සංස්කාර පරිවර්ථනය කරන්න. සතෝප්‍රධාන් වන්න.

2. පියාගෙන් රාජධානියේ උරුමය හිමිකර ගැනීමට, නිරතුරුවම අගනා දරුවෙක් වී, පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. සත්‍ය පියා සමඟ අවංක වන්න. සම්පූර්ණයෙන්ම මව සහ පියාව අනුගමනය කරන්න. අඛණ්ඩව දැනුමේ මිණි මුතු දන් දෙන්න.

වරදානය:
ඔබ ඔබේම පරිවර්තනයෙන් නිරන්තරයෙන් ජයග්‍රහණය අත්විඳිමින් සැබෑ සේවාධාරීවරයෙකු බවට පත්වේවා.

ඔබ නිරන්තර යෝගීන් බවට පත් වූවාක් මෙන්, ඒ හා සමානව, නිරන්තරයෙන් ජයග්‍රාහී වන අතර එවිට ඔබ සැබෑ සේවාධාරීවරයෙකු බවට පත්වනු ඇත. මෙයට හේතුව ජයග්‍රාහී ජීවාත්ම සෑම සිතිවිල්ලකින්ම සහ සෑම පියවරකදීම ජයග්‍රහණය අත්විඳින විට, බොහෝ ජීවාත්ම ඔවුන්ගේ පරිවර්තනය තුළින් ඉබේටම සේවය ලබයි. ඔවුන්ගේ ඇස් ආධ්‍යාත්මිකත්වයේ අත්දැකීම ලබා දෙයි, ඔවුන්ගේ හැසිරීම පරමාත්ම පියාගේ ක්‍රියාකාරකම් පිළිබඳ දර්ශනයක් ලබා දෙන අතර ඔවුන්ගේ නළලෙහි ඇති මැණික තෘප්තියේ මැණිකක් පෙන්නුම් කරයි. ඔවුන්ගේ අව්යක්ත රූපයෙන් සේවය කරන විශේෂ ජීවාත්ම සැබෑ සේවාධාරීවරුන් ලෙස හැඳින්වේ.

පාඨය:
විශේෂතා සහ ගුණධර්ම දෙවියන් ගෙන් ලැබෙන තෑගි වන බැවින් පුද්ගලයා දෙස නොව, දානපතියා දෙස බලන්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ජීවාත්ම අවධානයේ පුහුණුව සමඟ, වාතාරණය ආධ්‍යාත්මික කර ගන්න, එවිට සියල්ල ඉබේටම හොඳින් ක්‍රියාත්මක වනු ඇත. සෑම කෙනෙකුම එක් දිශාවකට එක්සත් වී ස්ථාවර වනු ඇත, එවිට වාතාරණය බලවත් වන බැවින්, මායා නොපැමිණෙනු ඇත. වාතාවරණය බලවත් කිරීම සඳහා, සිහිපත් කිරීමේ වැඩසටහනක් සකස් කර, ඔබේම දියුණුව සඳහා පන්ති සහ ආධ්‍යාත්මික කතාබස් පවත්වන්න. සෙනෙහෙබර රැස්වීම් පවත්වන්න, ධාරණා පිළිබඳ පන්ති පවත්වන්න, එවිට ඔබට සාර්ථකත්වය ලැබෙනු ඇත.