23.08.26 Avyakt Bapdada
Sinhala
Murli 31.03.2011 Om Shanti Madhuban
ආතතියෙන් නිදහස්ව
සිටීමට සහ සියලු දෙනාට ආධාරක ප්‍රතිමූර්තියක නිදසුනක් වීමේ
අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න.
දුක් විඳින ජීවාත්මයන්ට සතුටේ ආශිර්වාදය ලබා දීමට ඔබගේ මනසේ බලය භාවිතා කරන්න.
අද දින, කෝටි ගණනකින්
සුළු පිරිසක් සහ එම සුළු පිරිසෙන් අතලොස්සක් වන ඔහුගේ දරුවන්ගේ භාග්‍යයේ රේඛා,
මීමුත්තා දකිනවා. සෑම කෙනෙකුගේම නළලේ, දිව්‍යමය බැබලෙන තාරකාවක දීප්තිය ඔහු දකිනවා.
ඔවුන්ගේ දෑස් තුළ ඔහු සෙනෙහසේ රේඛාව දකිනවා. ඔවුන්ගේ දෙතොල් මත ඔහු මෙම දැනුමේ
රේඛාව දකිනවා. හදවතට සැනසුම ගෙනෙන කෙනාගේ හදවත වෙනුවෙන් සෙනෙහසේ ගැලී සිටීමේ රේඛාව
ඔවුන්ගේ හදවත්වල ඔහු දකිනවා. ඔවුන්ගේ දෑත් තුළ මෙම දැනුමේ සම්පතේ රේඛාව ඔහු දකිනවා.
ඔවුන්ගේ දෙපා වල සෑම පියවරකම කෝටි ගුණයක රේඛාව ඔහු දකිනවා. මේ සෑම රේඛාවකින්ම, සෑම
දරුවෙක්ම අංක පිළිවෙලට පිරිපුන්ය. ඔබ හැර වෙනත් කිසිවෙකුට මෙම භාග්‍යය තිබිය නොහැක.
සෑම කෙනෙකුගේම, මේ තරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක්, දිදුලන අයුරු පෙනෙන අතර, මෙම භාග්‍යය
අවිනාශි වෙයි. ඇයි? මන්ද, ඔබට එය ලබා දෙන්නේ අවිනාශී පියා නිසා. අනාගතයේද දිගටම
පවතින මෙම ශ්‍රේෂ්ඨ භාග්‍යය ඔබට හිමි වන්නේ සංගම යුගයෙදි පමණයි. මෙම සංගම යුගය
සියලු ලැබීම් වල යුගයයි. ඔය එක් එක් කෙනා ඔබගේ භාග්‍යය රැස් කරගන්න ප්‍රමාණයට අනුව,
ඔබට නොකඩවා බොහෝ උපත් ගණනාවක් භාග්‍යයේ ඵලය ලැබෙයි. මෙම සංගම යුගයේ ප්‍රශංසාව දන්නේ
ඔය දරුවන් පමණයි. සංගම යුගයේ ලැබීම්, මුළු කල්පයෙන්ම වඩාත්ම උසස් ඒවාය.
සංගම යුගයේ ලැබීම්
වලින් එක් එක් දරුවා, කෙතරම් පිරි සිටින්නේද කියා, බාප්දාදා දකිනවා. ඔබ සියලු දෙනා
නිරන්තරයෙන් සංගම යුගයේ සියලු ලැබීම් අත්දකිනවාද, නැත්නම් විටෙක පමණයිද? පියා
අවිනාශීය, එබැවින් ලැබීම්ද අවිනාශීය. බාප්දාදා ඔය සියලු දෙනාව දැකීමට ප්‍රිය කරන්නේ
කුමන ස්වරූපයෙන්ද කියා ඔබ දන්නවා නේද? බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම
ස්ව-අධිපති රජෙක්, රජෙක් වී තමන්ව පාලනය කිරීමටයි, එනම්, ඔබගේ භෞතික ඉන්ද්‍රියයන්
මත සහ ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර මත. ඔව් සැබවින්ම, අනාගතයේ රාජධානියට ඔබට
අයිතියක් තිබෙයි, නමුත් ඔබ දැන් ස්වරාජ්‍ය අධිකාරියට අයිතියක් ඇති රජෙක් විය
යුතුයි. ඔබගේ සියලුම භෞතික ඉන්ද්‍රියයන් ඔබගේ පාලනය යටතේ තිබිය යුතුයි, මන්ද, ඔබට
පරම පියාගෙන් සියලුම බලයන්ගේ සම්පත ලැබී තිබෙනවා. සෑම දරුවෙක්ම ස්ව-රාජ්‍ය
අධිකාරියට අයිතියක් ඇති රජ කෙනෙකුගේ ස්වරූපයෙන් දැකීමටයි, බාප්දාදා පතන්නේ. ඔබ
සියලු දෙනාම ස්ව-රාජ්‍ය අධිකාරීන්, තමන්ගේ පාලකයන් වෙලාද? ඔබගේ මනස සහ බුද්ධිය මත
පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලය ඔබ වර්ධනය කරගෙන තිබෙනවාද? කිසිම යැපීමක් නැහැ නේද?
ඔබට අයිතියක් තිබේ. ඔබ නිරතුරුවම බාප්දාදා ඔබ සමග තබා ගන්න විට සහ ඔබ තනි නොවන විට,
පියාව ඔබගේ සහකරු ලෙස ඔබ නිරන්තරයෙන් තබා ගන්න විට, එවිට ඔබගේ මනසට, බුද්ධියට හෝ
සංස්කාර වලට ඔබගේ පාලනය යටතේ නොසිටීමට බලයක් නොමැති වෙයි. මේ නිසයි බාප්දාදා සෑම
විටම ඔය ශක්තීන්ට මෙසේ පවසන්නේ : ඔබට පරම පියාගේ ඇසුර, කිසිම විටෙක අමතක නොවීමට, ඔබ
තමන්ගේ කුමන ස්වරූපයද නිරන්තරයෙන් මතකයේ තබාගත යුත්තේ? එම ස්වරූපය නම්: මම ශිව
ශක්ති කෙනෙක්මි. ශිව් සහ ශක්ති සිටින්නේ බද්ධ වෙලා. මෙම අවධානය ඔබව ඉබේටම මායා
ජයගන්න සහ පදාර්ථ ජයගන්නා කෙනෙක් කරවයි, මන්ද, වර්ථමානයේ පදාර්ථයන්ගේ මහා භූත,
නොකඩවා ඔවුන්ගේ කාර්යය සිදු කරන බව, බාප්දාදා ඔබට දැනටමත් පවසා තිබේ. මනුෂ්‍ය
ජීවාත්ම, සොබා දහමේ පදාර්ථයන්ට කරදර කර ඇති නිසයි, ඒවාද මනුෂ්‍ය ජීවාත්මයන්ට කරදර
සිදු කරන්නේ. මේ දිනවල පදාර්ථ නොයෙක් ස්ථාන වල ඔවුන්ගේ කාර්යය සිදු කරන බව ඔබට
පෙනෙයි, නමුත් ඔබ පදාර්ථ ජය ගනිමින් පදාර්ථ සතෝප්‍රධාන් බවට පත් කරනවා. පදාර්ථයන්ගේ
කැලඹීලි දැක, මිනිසුන් බියට පත් වී, හෙට දිනයේ කුමක් සිදුවෙයිද කියා සිතමින්
සිටියි. එය දැන් සංගම යුගය, ලෝක චක්‍රයේ අම්රිත් වේලාව නිසා සිදුවන්නේ හොඳම දේ බව,
ඔබ දන්නවා. අම්රිත් වේලාවට පසුව පැමිණෙන්නේ කුමක්ද? උදෑසන. අන්ධකාරය අවසන් වී ආලෝකය
තිබෙයි. පදාර්ථද සතුට ලබා දෙන, සතුටු ලෝකයේ ඔබගේ රාජධානිය, දැන් පැමිණීමට ඉතාම
ආසන්න නිසා ඔබ දැන් සිටින්නේ සතුටින්. ඔබට මෙම සතුට තිබෙනවා නේද? එම රාජධානියේ, දුක
හෝ අසාමයේ නමක් හෝ සලකුණක් වත් නොතිබෙයි, මන්ද ඔබ සංගම යුගයේ පදාර්ථ ජයගන්නා අය බවට
පත් වන නිසා. ඔබ සියලු දෙනාට තිබෙන සතුට කුමක්ද? කියන්න, ‘අපගේ රාජධානිය පැමිණීමට
ඉතා ආසන්නයි.’ ඔබට මෙම සතුට තිබෙනවාද? මෙම සතුට පවත්වාගන්න අය, අත් ඔසවන්න! ඉතා
හොඳයි. ඔබ සතුටින් රැඳී සිටියි, එබැවින් එයට සුබ පැතුම්! කෙසේවෙතත්, පරම පියාගෙන්
ඔබට ලැබී ඇති කිරණ මගින් ඔබගේ සහෝදර සහෝදරියන්ට මෙම සතුට ළඟා වීමට ඔබ මඟ පාදනවාද,
මන්ද, ඔවුන් දුක සහ අසාමය අත්විඳිනවා? බාප්දාදා මෙසේ පවසා තිබෙනවා: ඔය සෑම කෙනෙක්ම
ඔබගේ දිනපතා කාලසටහන තුළ ඔබගේ මනසින් එවන් සේවයක් කිරීමට යම් කාලයක් නියම කරගත
යුතුයි. ඔබ වෙනත් දේවල් වලට කාලය නියම කරගෙන ඇති සේම, ඔබගේ සතුටේ පෝෂණයෙන් සහ ඔබගේ
මනසේ බලයෙන්, ඔවුන්ට යම් ආශිර්වාද ලබා දී, ඔවුන්ව සතුටට පත් කරවන්න. ඔවුන්ගේ මනසින්
මෙම සේවය කිරීමට කාලය නියම කරගෙන ඇති අය අත් ඔසවන්න! අච්චා. මෙය නොකළ අය සිටින්නේ
ස්වල්ප දෙනෙකි; ඔබට ඔවුන් ගැන අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? ඔබට දැනෙනවා නේද? සංගම
යුගයේ මිල කළ නොහැකි විශේෂ කරුණු දෙක බාප්දාදාට දැකීමට අවශ්‍යයි: එකක්, සිතිවිලි වල
බලය වන අතර අනෙක සංගම යුග කාලයයි, මන්ද, සංගම යුගයේ එක උපතෙදී ඔබ බොහෝ උපත් ගණනාවක්
වෙනුවෙන් ප්‍රතිලාභය නිර්මාණය කරගත යුතුයි. මෙකල, බාප්දාදා දකින්නේ, බොහෝ දෙනෙකුට
අපවිත්‍ර සිතිවිලි අඩුවෙන් ඇති නමුත් දැන් නිෂ්ඵල සිතිවිලි නොකඩවා පැමිණෙන බවයි.
මෙම එක උපතේ වටිනාකමට අනුව, නිෂ්ඵල සිතිවිලි දැන් අවසන් විය යුතුයි, මන්ද, සංගම
යුගයේ වැදගත්කමට අනුව, එක තත්පරයක් ඔබට බොහෝ මිල කළ නොහැකි කාලයකට අයිතියක් ලබා
දෙයි. මේ නිසයි ඔය සෑම කෙනෙක්ම මෙම කාරණා දෙකේ වටිනාකම දැන සිටිය යුත්තේ - කාලය සහ
සිතිවිලි - එමෙන්ම ඔබගේ කාලය සහ සිතිවිලි වටිනා ලෙස භාවිතා කළ යුතුයි. ඔබගේ භෞතික
සම්පත් ඔබ වටිනා ලෙස භාවිතා කරන ආකාරයෙන්, එමෙන්ම මෙම එක උපතෙදී ඒවා වටිනා ලෙස
භාවිතා කිරීමෙන් ඔබ එම ලැබීම් බොහෝ උපත් ගණනාවක් සඳහා රැස් කරගන්න බවද ඔබ දන්නවා, ඒ
අන්දමින්ම, මේ කාරණා දෙකට අවධානය යොමු කරන්න; ඒවා වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වන්න.
අද බාප්දාදා සෑම
දරුවෙකුටම එක විශේෂ ආශිර්වාදයක් ලබා දෙනවා. ඔය සෑම දරුවෙකුටම අද සිට තමන්ව ආතතියෙන්
නිදහස් කරගන්න පුළුවන්ද? අද සිට ආතතියක් නොමැතිව, අවධානය යොමු කරන බවට අධිෂ්ඨානගත
සිතිවිල්ල ඇති කරගන්න. (attention, no tension). ඔය දරුවන් ආතතියෙන් සිටින බව
බාප්දාදා දකින විට, ඔබ කුමක් බවට පත් වී සිටින්නේද කියා, ඔබට වැටහෙන සේ, ඔහු
ක්ෂණයකින් ඔබගේ ඡායාරූපයක් ගෙන එය ඔබට එවිය යුතු බව, බාප්දාදාට සිතෙනවා. බාප්දාදාට
අවශ්‍ය වන්නේ ඔය සෑම කෙනෙක්වම මනස ජයගන්න සහ ලෝකය ජයගන්න කෙනෙක් බවට පත් කිරීමටයි.
ඇත්ත වශයෙන්ම ආතතිය පැමිණෙන්නේ කොහේ සිටද? එය පැමිණෙන්නේ මනසට නේද? ඔබ රජවරුන්. ඔබ
තමන්ගේ පාලකයන් නේද? මනස ඔබට අයත්ද, නැත්නම් මනස ඔබගේ පාලකයාද? ඔබ කුමක්ද කියන්නේ?
දවස පුරාම ඔබ පවසන්නේ: ‘මගේ මනස’ කියා, එහෙම නේද? එය පාලකයා නොවෙයි නේද? එඩිතරකම
තිබෙන්නේ කාටද? ඔබට පහසුවෙන් පියාගේ ආශිර්වාදය ලැබෙයි, නමුත් ඔබ ටිකක් අවධානය යොමු
කළ යුතුයි, එපමණයි. පරම පියාගේ ආශිර්වාදයේ උපකාරය අත්විඳ, ඉන්පසුව බලන්න. එවිට ඔබ
ඕනෑම කෙනෙකුගේ මුහුණ දෙස බලන විට එය කුමක් වගේ තිබෙයිද? ආතතියෙන් නිදහස්, පිපුණු
නෙළුමක් හෝ රෝස මලක් මෙන්.
බාප්දාදා ඔබට ලබා
දුන්, ඔබගේ ප්‍රතිශතය ලිවීමේ ගෙදර වැඩ පිළිබඳ පුවත්, ඇතැම් ස්ථාන වලින් ඔහුට ලැබී
ඇති බව, බාප්දාදා දුටුවා. ඔබට මෙහි සිටද ප්‍රතිඵලය තිබෙනවා. අවධානය යොමු කිරීම ගැන
බාප්දාදා ඔබට සුබ පතනවා. කෙසේවෙතත්, කාලයට අනුව, ඔබට සවන් දීමට එතරම් කාලයක් නොමැති
වෙයි, එබැවින්, බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔබගේ මනසින්, ඔබගේ මුහුණින් සහ ඔබගේ
ක්‍රියාකාරකම් වලින් ඔබ සේවය කිරීමයි. ඔබට දැන් තිබෙන පුහුණුව, පැමිණීමට යන කාලයේදී
ප්‍රයෝජනවත් වෙයි. අද සිට ආතතියෙන් නිදහස්ව සිටීමට සිතිවිල්ලක් ඔබට ඇති කළ හැකිද?
ඔබට එය කළ හැකිද? කළ හැකිද? අත් ඔසවන්න! ආතතියෙන් නිදහස්ව! අච්චා, සියලු දෙනාගේ
ඡායාරූපයක් ගන්න. ඉතා හොඳයි. මෙකල ලෝකයේ ආතතිය බොහෝ වැඩි වනවා. අවස්ථාවන්ට අනුව,
ආතතිය ඇති ජීවාත්ම, ඔබගේ ආතතියෙන් නිදහස්ව සිටීමේ අත්දැකීම සහ ඔබගේ ක්‍රියාකාරකම්
සහ මුහුණ ආතතියෙන් නිදහස් බව දකින විට, ඔබ ඔවුන්ට ආධාරක මූර්තියක් වෙයි. අද ඔබ ලෝකය
වටා සංචාරය කරන විට හෝ ඔබට පුවත් ඇසෙන විට, ඔබ දකින්නේ කුමක්ද? ඔවුන් අඛණ්ඩව තමන්ව
තාවකාලිකව සතුටට පත් කිරීමට නව නිපැයුම් නිපදවයි. ආතතිය ඇති අයට, ආතතියෙන් නිදහස්ව
සිටීමේ නිදසුනක් පෙන්වන්න, එවිට ඔවුන්ට යම් ආධාරකයක් දැක ගැනීමට හැකි වෙයි. ඔබ
ආතතියෙන් නිදහස්ව සිටින බවට සිතිවිල්ල ඔබගේ මනසේ ඇති වුණාද? තිබුණාද? එය අධිෂ්ඨානගත
සිතිවිල්ලක්ද, සාමාන්‍යද? අධිෂ්ඨානය ඇති තැන සාර්ථකත්වය සහතිකයි. ඔබ යම් අවස්ථාවකදි
එය සිදු කරයි නොවෙයි, නමුත් ඔබ අනිවාර්යෙන් එය කරන බව. ඔබ මෙයට කැමතිද? මේ සඳහා අත්
ඔසවන්න!
ඔබ අත් එසවීමෙන්
බාබාව සතුටු කරවන එක දෙයක් බාප්දාදා දුටුවා. ඔබ අත් එසවීමෙන් බාබාව සතුටු කළා,
නමුත් ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? අධිෂ්ඨානගත සිතිවිල්ලක් සහ සාමාන්‍ය
සිතිවිල්ලක් අතර දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබේ: ඔබ යම් අවස්ථාවකදි එය සිදු කරයි
සහ ඔබ අනිවාර්යෙන්ම එය සිදු කළ යුතු බවයි. මේ වසරේ ඍතුවේ අවසන් දිනය අදයි, නමුත්
බාප්දාදාට අවශ්‍යයි, ලබන ඍතුවේ කුඩා වුනත් විශාල වුනත් සෑම මධ්‍යස්ථානයක්ම - ඔබට ඒ
වන තෙක් බොහෝ කාලය තිබේ - ලබන වසරේ බාබාට කිසිම හේතු හෝ නිදහසට කාරණා අවශ්‍ය නැහැ,
නමුත් ඔහුට අවශ්‍ය වන්නේ ඔබ විසඳුම් වල ප්‍රතිමූර්ති ලෙස දැකීමටයි. බ්‍රහ්මින් පවුල
තුළ ආතතියක නමක් හෝ සලකුණක් නොතිබීම සඳහා, ඔබට කෙතරම් එඩිතරකමක් සහ උද්යෝගයක්
තිබෙනවාද? මෙය කළ හැකිද? ඔය එක් එක් කෙනාට තමන්ගෙන්ම විමසිය හැක: මෙය කළ හැකිද?
බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙම සුබ පුවත ඇසීමටයි.
සියලු දෙනාටම මෙය
කිරීමට ආශාවක් ඇති බව බාප්දාදා දුටුවා, නමුත් ගැටළු එන විට, ඒවා ඔබව අයිති
කරගන්නවා. එවිට ඔබ බොහෝ මිහිරි දේවල් කියයි: ‘මෙය සිදුවනවා නේද? ඔව් සැබවින්ම මෙය
සිදුවෙයි. මෙය සෑම විටම නොකඩවා සිදුවනවා නේද?’ ඔබ බාප්දාදාට ඉතා මිහිරි දේවල්
බොහොමයක් කියයි. සෑම දේකටම විසඳුම වන්නේ සරළව රජෙක් වීමයි, එපමණයි! තමන්ගේ
පාලකයෙක්, ස්ව-රාජ්‍ය අධිකාරියෙක් වන්න. බාබා ඔය සියලුම දරුවන්ව දකිනවා; ඔබ
බාප්දාදා ඉදිරිපිට අසුන්ගෙන සිටියත් දුර ඈත අසුන්ගෙන සිටිමින් ඔහුගේ හදවතේ අසුන්ගෙන
සිටියත්. ඔබ සියලු දෙනාම සිටින්නේ ඔහුගේ දෑස් ඉදිරියේය. දුර ඈත සිටින ඔබ සියලු
දෙනාව බාප්දාදා ඔහුගේ හදවත තුළ දකිනවා.
අද මධුබන් වල කුඩා
ගීතා පාඨශාලා සාදා ඇති බව බාප්දාදා දන්නවා. බිම අසුන්ගෙන සිටින සහ බොහෝ විවිධ ස්ථාන
වල සිටින අයට ප්‍රථමයෙන්ම බාප්දාදා බොහෝ බොහෝ බොහෝ සෙනෙහස සහ ආදරය ඔහුගේ හදවතින්
ලබා දෙනවා. (සහෝදර සහෝදරියන් 28,000කට වැඩි පිරිසක් අද මධුබන් වලට ළඟා වී සිටිනවා).
සමහර දරුවන්ට අපහසුතා ටිකකට මුහුණ පෑමට සිදු වූ බව, බාප්දාදා දුටුවා, නමුත් සතුට
නිසා ඔබට කිසි අපහසුතාවයක් නොදැනෙයි. ඔබට අඩු තරමින් සුවෙන් නිදා ගැනීමට අඩි තුනක
ඉඩක් ලැබුණා.“පත්-රානී” (බිම සැතපෙන රාජිනියන්) වී ඇති අයට බාප්දාදා විශේෂ සෙනෙහස
සහ සිහි කිරීම ලබා දෙනවා. අච්චා.
පළමු වතාවට මධූබන්
වලට හෝ බාප්දාදා මුණගැසීමට පැමිණි අය නැගිටින්න!
ප්‍රථම වතාවට අළුත්
බ්‍රහ්මින් පවුල තුළට පැමිණි අයට ඔහු සහ බ්‍රහ්මින් පවුල වෙනුවෙන් බාප්දාදා බොහෝ,
බොහෝ සුබ පැතුම් ලබා දෙනවා, මන්ද, ඔබ පමා වැඩි වී පැමිණී නමුත්, ඔබ අඩු තරමින්
ඇවිත්. ඔබ අද පැමිණ ඇති මුත්, ඔබට විශේෂ වරදානයක් ඇති බව බාප්දාදාට හැගෙයි, එනම්,
ඔබගේ හදවතින් ඔබට අවශ්‍ය නම්, ඔබ අවසානයට පැමිණි නමුත්, ඔබට වේගයෙන් යන්න පුළුවන්;
ඔබට වේගයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඔය සියලුම ජීවාත්ම කෙරෙහි බාප්දාදා සහ පවුලේ අය
තුළ බොහෝ සෙනෙහස තිබේ. ඔවුන් (බ්‍රහ්මින් පවුලේ අය) සහයෝගී වෙයි; ඔවුන් ඔබට සෙනෙහස
ලබා දී, ඔබට ඉදිරියට යාමට මඟ පාදයි. ඔවුන් ඔබට අවස්ථාවක් ලබා දෙයි. මේ නිසයි අද
පැමිණ ඇති අයට ඉදිරියට යාමට, නාටකයේ ඉතා හොඳ අවස්ථාවක් තිබෙන්නේ. ඔබ කොහේ සිට
පැමිණියත් මුළු පවුලම ඔබට සහයෝගය ලබා දෙන අතර ඔබට තිබෙන්නේ පහසු යෝගීවරුන් වීම
පමණයි. අච්චා.
සේවය කිරීමේ වාරය
රාජස්ථාන් සහ බෝපාල් වලටයි:
බ්‍රහ්ම පියා රාජස්ථාන් භූමියට කෙතරම් ආදරය කළේද යත්, ඔහු රාජස්ථාන් වල මධුබන්
නිර්මාණය කළා. රාජස්ථාන් වල සියලුම ස්ථාන වල ඉතා හොඳ ව්‍යාප්තියක් සිදුවන බව,
බාප්දාදා දුටුවා. අළුත් ජීවාත්මයන්ට පියාගේ පණිවිඩය ලබා දීමේ ඉතා හොඳ වැඩසටහන් දැන්
පැවැත්වෙනවා. කෙසේවෙතත්, බාප්දාදා සියලු දෙනාට පවසන්නේ: යග්යාවට ආදරය කරන උරුමක්කාර
ජීවාත්ම කණ්ඩායමක්, සෑම මධ්‍යස්ථානයක්ම සූදානම් කළ යුතුයි, තමන්ම ඉදිරියට ගමන්
කරමින් අන් අයටත් යග්යාවට ආදරය කිරීමට මඟ පාදන අය. බාප්දාදා මෙසේ පැවසුවා: යග්යාවට
ආදරය කරන ජීවාත්මයන්ගේ ව්‍යාප්තියක් ඇති වී තිබේ, සේවයට ප්‍රිය කරන සහ සෑම දෙයක්ම
නිරන්තරයෙන් වටිනා ලෙස භාවිතා කරමින් ඉදිරියට ගමන් කරන අය. එය හොඳයි. පණිවිඩය ලබා
දීමේ කාර්යයට සියලු දෙනා තුළ බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවා. බාප්දාදාට දැන්
අවශ්‍ය වන්නේ, සෑම මධ්‍යස්ථානයකම, තමන් සහ සේවයේ සමබරතාවයක් ඇති අයගේ උපරිම
සංඛ්‍යාවක් ඉදිරියට ගමන් කළ යුතු බවයි. සේවය පමණක් නොවෙයි, නමුත් තමා සහ සේවය,
මන්ද, ස්ව-පරිවර්ථනයට දැන් එතරම් කාලයක් ඉතිරි වී නොමැත. මේ නිසයි එය පළමුව තමන් සහ
ඉන්පසුව එයත් සමගම සේවයයි. සෑම සේවා මධ්‍යස්ථානයක්ම බාධක වලින් නිදහස් විය යුතුයි,
සියලුම සහකරුවන් බාධක වලින් නිදහස් විය යුතුයි. ගුරුවරු පමණක් නොවෙයි, නමුත් මුළු
පංතියම බාධක වලින් නිදහස් විය යුතුයි. ඉතිං ඔබ සියලු දෙනාම ස්ව-පරිවර්ථනයට අවධානය
යොමු කළ යුතුයි. දැන් මෙය වැඩි කරන්න. සියලු දෙනාටම සවන් දී, ඔවුන් සියලු දෙනාටම
උනන්දුව සහ උද්යෝගයේ පියාපත් ලබා දෙන්න, එවිට ඔබට මධ්‍යස්ථානය බාධක වලින් නිදහස්ය,
යන පුවත බාප්දාදාට ලබා දීමට හැකි වෙයි. රාජස්ථානයද ඉදිරියට ගමන් කරන අතර නොකඩවා එය
සිදුවන බව බාප්දාදා දුටුවා. ඉදිරියට ගමන් කිරීම වෙනුවෙන් බාප්දාදා සෑම දරුවෙකුටම
සුබ පතනවා. අච්චා.
බෝපාල් කලාපය:
අච්චා, මේ කලාපයත්, තමන්ව පරිවර්ථනය කිරීමේ සහ සේවයේ ව්‍යාප්තිය ගෙන ඒමේදි ඉතා
හොඳින් ප්‍රගතියක් ලබනවා. ඔය සෑම දරුවෙක්ම තමන් වෙනුවෙන් සැලසුම් සාදා එම සැලසුම්
ප්‍රායෝගික ස්වරූපයකටත් දැමීම ගැන බාප්දාදා සතුටු වනවා. ඔබ නිරන්තරයෙන් නොකඩවා
දියුණු වනු ඇතැයි, බාප්දාදාගේ පිවිතුරු බලාපොරොත්තුවයි. සෑම කලාපයකම උනන්දුව සහ
උද්යෝගය ඇති බව පෙනෙන අතර ඔබගේ ස්ථාන වල ඔබ සේවයේ ව්‍යාප්තිය ගෙන එන්නේ මේ නිසයි.
අනාගතය වෙනුවෙන්ද බාප්දාදා ඔබට සුබ පතනවා. අඛණ්ඩව දියුණු වන්න, පියාසර කර අන් අයවද
පියාසර කරවන්න. අච්චා.
ද්විත්ව විදේශික
සහෝදර සහෝදරියන්:
විදෙස් රටවල අයට ප්‍රශ්න පත්‍ර තිබෙන නමුත් අවංක හදවතකින් ඒවා ගැන කතා කිරීමේ එක්
විශේෂත්වය ඔවුන්ට තිබෙන බව දැක තිබේ. ඔවුන් කිසි දෙයක් ඇතුලත තබා නොසිටින අතර ඔවුන්
අවංක හදවතකින් විසඳුමක් සොයා ගනී. බාප්දාදා සතුටු වනවා, මන්ද, ඔබට පිරිසිදු හදවතක්
තිබෙන විට ස්වාමී ඉදිරිපත් වනවා. මෙම හොඳ ප්‍රතිඵලය දැක, බාප්දාදා ඔබට සුබ පතන අතර
ඔබට මෙම ආශිර්වාදයද ලබා දෙනවා: ඔබ නිරන්තරයෙන් අඛණ්ඩව ප්‍රගතිය ලබයි. ගුරුවරුන්ද
හොඳින් උත්සාහ දරනවා. විදෙස් රටවල අය මධුබන් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ගැන
බාප්දාදා සතුටු වනවා. විදෙස් රටවල් වල කුඩා ස්ථාන වල පවා ඔබ විශාල ලෙස සේවය කිරීම
ආරම්භ කර ඇති බව බාප්දාදා දකිනවා. ඔබ සිදුකරන සේවය වෙනුවෙන් සුබ පැතුම්, එමෙන්ම
ඔබගේ ස්ව-පරිවර්ථනයටත් සුබ පැතුම්. නොකඩවා පියාසර කර, අන් අයවත් පියාසර කරවන්න.
අච්චා.
තමන්ගේ උත්සාහයන් වල
පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමට සහ අන් අයට ඉදිරියට ගමන් කිරීමට මඟපෑදීම වෙනුවෙන්
බාප්දාදා විශේෂයෙන් මේ දේශයේ සහ විදෙස් රටවල සෑම තැනකම සිටින දරුවන්ට විශේෂයෙන් සුබ
පතනවා. පැමිණීමට යන කාලය වෙනුවෙන් බාප්දාදා දැනටමත් උපදෙසක් ලබා දී තිබෙනවා: තීව්‍ර
උත්සාහ දරන්නෙක් වන්න. තත්පරයකදි නැවතීමේ තිතක් තබන්න. නැවතීමේ තිතක් තැබීමේ
පුහුණුව උපරිම ලෙස අත්‍යාවශ්‍යයි. මෙහිදි දුර්වල නොවන්න. ඕනෑම විටෙක ඕනෑ දෙයක්
හදිසියේ සිදු විය හැක, මේ නිසයි බාප්දාදාගේ පිවිතුරු ආශාව වන්නේ, සෑම දරුවෙක්ම ඔහු
සමග හිඳ, ඔහු සමග ආපසු ගොස්, බ්‍රහ්ම පියා සමග රාජධානිය පාලනය කළ යුතු බවයි. එවිට
ශිව බාබා නොබැඳි නරඹන්නා වෙයි. ඔබ සහකරුවන් වීමට යනවා, එබැවින් ඔබ අනිවාර්යෙන්
බාප්දාදාට සමාන විය යුතුයි. අච්චා. මේ වසරට සහ ඊළඟ වසර (ඍතුව) වෙනුවෙන්ද සෑම
දරුවෙකුටම අනිවාර්යෙන් පියාට සමාන වීම සඳහා බාප්දාදාගෙන් සුබ පැතුම්. අච්චා.
වරදානය:
ඔබගේ මතගෑමේ
බලයෙන් බලවත් වීමෙන්, ඔබ බාධාවල සියලු බල අවසන් කර, ඒ අනුව, සියලු ආකර්ෂණ වලින්
නිදහස් වේවා.
වර්ථමානයේ ඔබගේ
මතගෑමේ බලයෙන්, ඔය ජීවාත්ම, තමන්ව සියලු බලයන්ගෙන් පිරිපුන් කර ගැනීමේ අවශ්‍යතාවයක්
තිබේ. මේ සඳහා අභ්‍යන්තරගත වී, සෑම කරුණක්ම මතගාන්න, එවිට වෙඬරු (සාරය) ලබා ගෙන ඔබට
බලවත් විය හැක. එවන් බලවත් ජීවාත්ම අතීන්ද්‍රීය සුඛය අත්විඳියි. ඔවුන් කිසිම
තාවකාලීක දේකට ආකර්ෂණය නොවෙයි. ඔවුන්ගේ සෙනෙහසේ ගැලී සිටීමේ ස්ථිතිය තුළින්
නිර්මාණය වන ආධ්‍යාත්මිකත්වයේ මනෝ ස්ථිතියට, බාධාවන්ගේ සියලු බල අවසන් කළ හැක.
පාඨය:
බ්‍රහ්මින්
ලෝකයේ සියලු දෙනාගේ ගෞරවය ලබන අයට සිංහාසනයක් මත අසුන් ගත හැක.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
බ්‍රහ්ම පියාගේ සහ
ශිව පියාගේ විශේෂ කැමැත්ත තිබෙන්නේ පවිත්‍රත්වයටයි. කෙසේවෙතත්, පවිත්‍රත්වයේ අර්ථ
නිරූපණය ඉතාම ගැඹුරුයි. පවිත්‍රත්වය ඇති විට, විශ්වාසය, අවංකකම සහ පිරිසිඳුතාවයත්
ඉබේටම වර්ධනය වෙයි. සම්පූර්ණ පවිත්‍රත්වයේ අරුත වන්නේ, සිහිනෙන් වත් අපවිත්‍රතාවය
ඔබගේ මනස හෝ බුද්ධිය ස්පර්ෂ නොකරන බවයි. මෙය සැබෑ වෛශ්නවයෙක් වීම, ලෙස හැඳින්වෙයි.