23.11.25    Avyakt Bapdada      Sinhala Murli     31.12.2007    Om Shanti    Madhuban


නව වසරේ, නිමාවක් නොමැතිව බාධක වලින් නිදහස්, නොනිමි මහා දානපතියෙක්,
නොනිමි යෝගීවරයෙක් සහ සදා සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන්න.


අද දින බාප්දාදා ඔහු ඉදිරියේ ද්විත්ව සමූහයක් දකිනවා. එකක් ඔහු ඉදිරිපිට පෞද්ගලිකව ශාරීරික ස්වරූපයෙන් අසුන්ගෙන සිටින අය වන අතර අනෙක දුර අසුන්ගෙන සිටින නමුත් ඔහුගේ හදවතට සමිප බව දැකිය හැකි අයයි. ජීවාත්මයේ පහන (ආත්ම-දීප්) සමූහ දෙකෙහිම සිටින සියලුම ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ගේ නළලේ බැබලෙනවා. එය ඉතාම සුන්දර දිදුලන දර්ශනයකි. එක සිතිවිල්ලක සහ එක් නිරන්තර මනෝ ස්ථිතියක ස්ථාවරව සිටින අතර ඔය සියලු දෙනා ඒකාග්‍රතාවයට පත් බුද්ධියකින් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තුළ ගිලී සිටින අතර බොහෝ අලංකාරව දිස්වනවා. තවද ඔය සියලු දෙනාම මෙහි පැමිණ සිටින්නේ විශේෂයෙන් නව වසර සැමරීමටයි. ඔය සියලුම දිලිසෙන පහන් වල උනන්දුව සහ උද්යෝගය දැක, සෑම ජීවාත්මයකගේම ආලෝකය දැකීමට බාප්දාදා සතුටු වනවා.

අද සංගමයේ දිනයයි: පැරණි වසරට සමුදීම සහ නව වසරට සුබ පැතුම් තිබෙයි. නව වසර යනු නව උනන්දුව සහ උද්යෝගයයි. ස්ව-පරිවර්ථනය වෙනුවෙන් ඔබට උද්යෝගය තිබේ. ඔබට සියලු ලැබීම් හිමි වී තිබීම දැකීමෙන්, ඔබගේ හදවත් තුළ උද්යෝගය තිබේ. ලෝකයේ මිනිසුන්ද මෙම උත්සවය සමරයි. ඔවුන්ට එය එක් දිනයක පමණක් උත්සවයකි, නමුත් ඔය වාසනාවන්ත සහ ආදරණීය දරුවන්ට සංගම යුගයේ සෑම දිනයක්ම උත්සවයකි, මන්ද, ඔබට සතුටේ උද්යෝගය තිබේ. ලෝකයේ මිනිසුන් නිවුණු පහන් දල්වා, නව වසර සමරන අතර බාප්දාදා සහ ඔබ සහ සියලුම දැල්වූ පහන් සෑම තැනකින්ම මෙහි ඇවිත් ඇත්තේ නව වසරේ උත්සවය සැමරීමටයි. සැමරීමේ මෙම චාරිත්‍ර ක්‍රමවේදය නමට පමණයි, නමුත් ඔබ සියලු දෙනාම ඇත්ත වශයෙන්ම දැල්වුණු පහන්ය. ඔය සෑම කෙනෙකුටම ඔබගේ දිලිසෙන පහන දැකගත හැකියි නේද? ඔබ අවිනාශී පහන්ය.

ඉතිං නව වසරට, ඔබගේ හදවතින් තමන් වෙනුවෙන් සහ ලෝකයේ ජීවාත්ම වෙනුවෙන් ඔබ යම් නව සැලසුම් සාදා තිබෙනවාද? මධ්‍යම රාත්‍රියෙන් පසුව, නව වසර ආරම්භ වෙයි. ඉතිං ඔබ මෙම වසර විශේෂයෙන් සමරන්නේ කෙසේද? ඔබ පැරණි වසරට සමු දෙන ආකාරයෙන්ම, ඔබගේ පැරණි සිතිවිලි සහ පැරණි සංස්කාර වලට සමුදීමේ සිතිවිල්ල ඔබ සියලු දෙනාටම ඇති වුනාද? පැරණි වසරත් සමගම ඔබ පැරණි සිතිවිලි වලටත් සමුදී, නව උනන්දුව සහ උද්යෝගයෙන් පිරි සිතිවිලි ප්‍රායෝගිකත්වයට දමනවා නේද? ඉතිං ඒ ගැන සිතන්න, ඔබ තමන් තුළට කුමන නවතාවයක් ගෙන එනවාද? ඔබ පතුරන්නේ කුමන නව උනන්දුවේ සහ උද්යෝගයේ රැල්ලක්ද? ඔබ චිත්ත තරංග විහිදුවන්නේ කුමන විශේෂ සිතිවිලි වලද? ඔබ ඒ ගැන සිතුවාද? මුළු ලෝකයේම ජීවාත්මයන්ට, පරිවර්ථනය වෙනුවෙන් උපකරණ වන්නේ ඔය සියලුම බ්‍රහ්මින්වරුන්ය. ලෝකයේ අත්තිවාරම ඔබයි; ඔවුන්ගේ පූර්වජයන් සහ වන්දනීය අය ඔබලාය. ඉතිං ඔබගේ ශ්‍රේෂ්ඨ ආකල්පයෙන් ඔබ මේ වසරේ විහිදුවන්නේ කුමන කම්පන තරංගද? පදාර්ථයන්ට ශීත, වසන්ත හෝ ග්‍රීෂ්ම ඍතුවේ කම්පන තරංග විහිදුවා හැරීමට හැකි සේම, ජීවාත්මයන්ට කෙටි කාලයකට හෝ සතුට සහ සැනසීම අත්විදීමට හැකි වන සේ, ඔය පදාර්ථ ජයගන්නන් සහ පදාර්ථයන්ගේ පාලකයන් විහිදුවා හරින්නේ කුමන කම්පන තරංගද? මේ වෙනුවෙන් බාප්දාදා ඔබට සංඥා කරයි: ඔබට ලැබී ඇති කුමන හෝ සම්පත් තිබේද, ඒවා වටිනා ලෙස භාවිතා කර, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න. විශේෂයෙන් කාලයේ සම්පත අපතේ නොයවන්න. තත්පරයක්වත් අපතේ නොයවා එය භාවිතා කරන්න. කාලය වටිනා ලෙස භාවිත කරන්න, සෑම හුස්මක්ම වටින ලෙස භාවිතා කරන්න, සෑම සිතිවිල්ලක්ම වටිනා ලෙස භාවිතා කරන්න, සෑම බලයක්ම වටිනා ලෙස භාවිතා කරන්න එමෙන්ම සෑම ගුණධර්මයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. මෙම වසර ‘සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමේ වසර’ ලෙස සමරන්න, මන්ද, සාර්ථකත්වය ඔබගේ ජන්ම උරුමයයි. එම ජන්ම උරුමය භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න, මන්ද, වත්මන් කාලයේ සාර්ථකත්වය, බොහෝ උපත් ගණනාවක් ඔබ සමග රැදී තිබෙයි. ඔබගේ වත්මන් කාලය වටිනා ලෙස භාවිතා කිරීමේ ප්‍රතිලාභය වන්නේ ඔබට චක්‍රයෙන් භාගයක් සාර්ථකත්වයේ ඵලය ලැබීමයි. ඔබගේ වත්මන් කාලය වටිනා ලෙස භාවිතා කිරීමේ ප්‍රතිලාභය, සෑම කලටම හිමි වෙයි. ඔබගේ හුස්ම වටිනා ලෙස භාවිතා කිරීම - බලන්න, ඔබගේ හුස්ම වටිනා ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔය සියලුම ජීවාත්ම අනාගතයේ සෑම කලටම නිරෝගීව සිටියි. කිසිම රෝගයක් පිළිබද සදහනක්වත් නොතිබෙයි. වෛද්‍යවරුන්ගේ දෙපාර්තමේන්තුවක් නොතිබෙයි. වෛද්‍යවරුන් කවුරු බවට පත්වී තිබෙයිද? ඔවුන් රජවරු බවට පත්වී සිටියි. ඔවුන් ලෝකයේ පාලකයන් බවට පත්වී සිටියි. කෙසේවෙතත්, මෙකල, ඔබගේ හුස්ම ඔබ වටිනා ලෙස භාවිතා කරන නිසා, ඔය සියලුම ජීවාත්ම නිරෝගී වීමේ ප්‍රතිලාභය ලබා ගනියි. ඒ ආකාරයටම, මෙම දැනුමේ සම්පත වටිනා ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලය ලෙස සියලු දෙනාම ඔබගේම රාජධානියේ බොහෝ නුවණැත්තන් සහ බලවත් වන බැවින් එහිදි කිසිම උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නොවෙයි. ඔබම නුවණැත්තන් සහ බලවත් අයයි. ඔබගේ සියලු බල, වටිනා ලෙස භාවිතා කිරීමේ ප්‍රතිලාභය ලෙස ඔබට විශේෂ බල දෙකක් ලැබෙයි; ධර්මයේ අධිකාරිත්වය සහ ඔබගේ රාජධානිය පාලනය කිරීමේ අධිකාරිත්වය යන දෙක. ඔබගේ ගුණධර්ම සම්පත වටිනා ලෙස භාවිතා කරන විට, එහි ප්‍රතිඵලය වන්නේ ඔබගේ දේවතා තත්ත්වයයි, ඉන් අදහස් වන්නේ දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගත් කෙනෙක් වීමයි. ඒ සමගම, මෙම අවසන් උපතෙදි, ඔවුන් ඔබගේ අජීව පිළිම වන්දනා කරන විට, ඔවුන් ගායනා කරන ප්‍රශංසාව කුමක්ද? “ඔබ සියලු ගුණදම් වලින් පිරිපුන්ය.” එබැවින්, මෙකල ඔබගේ සාර්ථකත්වයේ ප්‍රතිලාභය ඔබට ඉබේටම හිමි වෙයි. එබැවින් පරීක්ෂා කරන්න: ඔබට සම්පත් ලැබී තිබේ, ඔබ සම්පත් වලින් පිරිපුන් වී සිටියි, නමුත් ඔබ තමන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් ඒවා කෙතරම් දුරට වටිනා ලෙස භාවිතා කර තිබෙනවාද? ඔබ මෙම පැරණි වසරට සමුදෙයි. එබැවින්, මෙම පැරණි වසරේ ඔබ කුමන සම්පත් රැස් කරගත්තාද, එමෙන්ම ඒවා කෙතරම් ප්‍රමාණයකට සහ වටිනා ලෙස භාවිතා කළාද? මෙය පරීක්ෂා කර බලා ඉදිරි වසරේ, මෙම සම්පත් අපතේ හරිනවා වෙනුවට ඔබ අනිවාර්යෙන්ම මෙම සම්පත් වටිනා ලෙස භාවිතා කළ යුතුයි. එකදු සම්පතක්වත් තත්පරයකට වත් අපතේ නොහැරිය යුතුයි. සංගම යුගයේ තත්පරයක්, තත්පරයක් පමණක් නොවෙයි නමුත් එය වසරකට සමාන බව මින් පෙරත් ඔබට කියා තිබේ. ඔබ එක තත්පරයක් හෝ එක විනාඩියක් පමණක් අපතේ යැවූ බව නොසිතන්න. ඕනෑම දෙයක් අපතේ යාමට ඉඩ හැරීම හදුන්වන්නේ නොසැලකිලිමත්කම ලෙසයි. ඔබ සියලු දෙනාගේ අරමුණ වන්නේ බ්‍රහ්ම පියා හා සමානව අංගසම්පූර්ණ සහ පරිසමාප්ත වීමයි. එබැවින් බ්‍රහ්ම පියා ආරම්භයේ සිට අවසන් දවස දක්වාම ඔහුගේ සියලු සම්පත් වටිනා ලෙස භාවිතා කළා. ඔබ එහි ප්‍රායෝගික සාක්ෂිය දුටුවා; ඔහු අංගසම්පූර්ණ සුරදූතයෙක් විය. ඔබගේ ආදරණීය දාදිවත් ඔබ දුටුවා. ඈ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කළ අතර ඇය නිරන්තරයෙන් සියලු දෙනාගේ උනන්දුව සහ උද්යෝගය වැඩි කළේ, ඔවුන්ට සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට ඔවුන්ව දිරිගැන්වීම සදහාය. එබැවින් නාටකයට අනුව ඇය ලෝක සේවය සදහා විශේෂ චරිත කොටසක් රගපෑමට අලෞකික උපකරණයක් විය.

ඉතිං මේ වසරේ හෙට සිට, ඔබ සියලු දෙනාම ඔබගේ වාර්ථාව (chart) දිනපතාම ලිවිය යුතුයි. වටිනා ලෙස භාවිතා කළේ කුමක්ද සහ කොපමණක්ද, එමෙන්ම ඔබ කෙතරම් අපතේ හැරියාද? අම්රිත් වේලාවේ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: මෙම අවධානයේ ප්‍රතිමූර්තියක් වන්න: සාර්ථකත්වය මගේ ජන්ම උරුමයයි. සාර්ථකත්වය මගේ ගෙල වටා ඇති මල්දමයි. සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වීම යනු සමාන වීමයි. ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? එසේ නම් බ්‍රහ්ම පියා වඩාත්ම ප්‍රිය කළේ කුමක්ද? ඔහු සෙනෙහස දැක්වූයේ කුමටද කියා ඔබ දන්නවාද? මුරලියට. අවසන් දිනයේ පවා, ඔහු මුරලි පංතිය අතපසු කළේ නැහැ. සමාන වීමේදි පරීක්ෂා කරන්න: බ්‍රහ්ම පියා ප්‍රිය කළේ කුමකටද - බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබීම ඔප්පු වන්නේ, පියා ප්‍රිය කළ සෑම දේටම ඔබ තුළත් පහසුවෙන් සහ ස්වාභාවිකව සෙනෙහස තිබීමයි. බ්‍රහ්ම පියාගේ අනෙක් විශේෂත්වය වුනේ කුමක්ද? ඔහු නිරන්තරයෙන් අවධානයෙන් සිටියා; ඔහු තුළ සුළුවෙන් වත් නොසැලකිලිමත්කම නොතිබිණි. අවසන් දිනයේ පවා ඔහු බොහෝ අවදියෙන් ඔහුගේ සේවයේ චරිත කොටස රගපෑවා. ඔහුගේ සිරුර දුර්වලව තිබුණු නමුත් ඔහු බොහෝ සේ අවධානයෙන් සිටි අතර ඔහු අසුන් ගත්තේ කිසිදු ආධාරකයක් නොමැතිවයි, එමෙන්ම ඔහු සියලු දෙනාවත් අවදියෙන් තැබුවා. ඔහු කාරණා තුනක මන්ත්‍රය ඔබට ලබා දීමෙන් අනතුරුව පිටව ගියා. ඔබ සියලු දෙනාටම මෙය මතකයි නේද? එබැවින් ඔබ අවදිව සිටින ප්‍රමාණයට සහ ඔහුව අනුගමනය කරන ප්‍රමාණයට අනුව නොසැලකිල්ල අවසන් වෙයි. බාප්දාදාට වීශේෂයෙන් නොසැලකිල්ලේ වදන් නොකඩවා ඇසෙයි. ඔබ ඒවා දන්නවා නේද? ඔබ නිරන්තරයෙන් නොකඩවා ඔබගේ මනසින් මෙම වදන් තුන පුනරීක්ෂණය කර එය අවබෝධ කරගන්නේ නම් (අශාරීරික, නිරහංකාර සහ පාපයෙන් තොර) ඔබ ඉබේටම පහසුවෙන් සහ ස්වාභාවිකවම සමාන වෙයි. ප්‍රථමයෙන් සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න.

දරුවන්ගේ එක වසරක ප්‍රතිඵලය බාප්දාදා දුටුවා. ඔහු දුටුවේ මොනවාද? ඔබ මහා දානපතියන් වෙලා, නමුත් ඔබ දැන් නොනිමි (නිරන්තර) දානපතියන් විය යුතුයි. ‘නොනිමි’ යන වචනය වැදගත් කොට සලකන්න. නොනිමි යෝගීවරු වීමට සහ නිමාවක් නොමැතිව බාධක වලින් නිදහස් වීමට දැන් අවශ්‍යතාවයක් තිබේ. ඔබට ‘නොනිමි’ ව රැදී සිටිය හැකිද? ඔබට හැකිද? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය, ඔබට නොනිමි විය හැකිද? ඔබට එය කළ හැකි නම් අත් ඔසවන්න. එය කළ හැකි අය, ඔබට එය කළ හැකිද? ඔබට එය කළ හැක. මධුබන් වල අයත් අත් ඔසවනවා. බාප්දාදා ප්‍රථමයෙන් බලන්නේ මධුබන් වල අය දෙසයි. ඔහු තුළ මධුබන් කෙරෙහි සෙනෙහස තිබේ. බාබා ශාන්තිවාන්, පාණ්ඩව භවන් වල සියලු දෙනා සහ දාදීගේ සියලුම බාහු (මධුබන් වටා ඇති විවිධ ස්ථාන) දෙස බොහෝ අවධානයකින් බලනවා. ඔබ නොනිමි වී ඇත්නම්, ඔබගේ මනසින් බලය බෙදා හැරීමේ කාර්යබහුලව රැදී සිටින්න. මෙම දැනුමින්, වචන වලින් සේවය කරන්න, එමෙන්ම ගුණධර්ම දන් දීමෙන් සහ ගුණධර්ම වල සහයෝගය ලබා දීමෙන් ඔබගේ ක්‍රියා තුළින් සේවය කරන්න.

මෙකල, එය මෙම දැනුම නොමැති ජීවාත්ම වුනත්, බ්‍රහ්මින් ජීවාත්ම වුනත්, ඔවුන්ට ගුණදම් වල දානය සහ ගුණදම් වල සහයෝගය ලබා දීමට අවශ්‍යයි. ඔබම සරළ අන්දමකින් පහසුවෙන් සාම්පලයක් වන්නේ නම්, එවිට, ඔබ ගුණදම් වල ප්‍රතිමූර්තියක් වීමෙන් අන් අයට ඉබේටම එම සහයෝගය ලැබෙයි. මෙකල, බ්‍රහ්මින් ජීවාත්මයන්ටත් සාම්පලයක් දැකීමට අවශ්‍යයි; ඔවුන්ට තව දුරටත් සවන් දීමට අවශ්‍ය නැහැ. ඔබ එකිනෙකාට පවසන්නේ කුමක්ද? එසේ වී ඇත්තේ කවුද? එබැවින් සියලු දෙනාට අවශ්‍ය වන්නේ අන් අය ප්‍රායෝගිකව ගුණධර්ම වල ප්‍රතිමූර්ති වනවා දැකීමටයි. එබැවින් ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්ම වල සහයෝගය හෝ දන් ලබා දීමේ විශේෂ අවශ්‍යතාවයක් තිබේ. කිසිවෙකුට තව දුරටත් ඇසීමට අවශ්‍ය නැහැ; සියලු දෙනාටම දැකීමටයි අවශ්‍ය. එබැවින් දැන් මෙම විශේෂ අවධානය යොමු කරන්න: මම අඛණ්ඩව වචන වලින් මෙම දැනුමින් අන් අයට සේවය කරන්නෙමි, එමෙන්ම මා එය නොකඩවා කළ යුතුයි; මා එය කිරීම නතර නොකළ යුතුයි, නමුත් මගේ සිතිවිලි සහ ක්‍රියා තුළින් මගේ මනසින් මා දැන් මෙම චිත්ත තරංග විහිදුවා හැරිය යුතුයි. මෙම ධාරාව පතුරන්න. ඔබ දුරක අසුන්ගෙන සිටින විටත් චිත්ත තරංග හෝ ධාරාවකට යම් කෙනෙක් වෙතට ළගා විය හැක. ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් සහ ඔබගේ මනසින් සේවය කිරීමෙන්, ඔබට ඕනෑම ජීවාත්මයකට චිත්ත තරංග හෝ ධාරාවක් ලබා දිය හැක. ඉතිං මේ වසරේ ප්‍රථමයෙන් ඔබගේ මනසේ බලයේ චිත්ත තරංග දන් දෙන්න, ඔබගේ බලයන්ගෙන් ධාරාවක් සහ ඔබගේ ක්‍රියා තුළින් ගුණධර්ම වල සහයෝගය දන් දෙන්න. ගුණදම් වල දානය මෙම දැනුම නොමැති අයට දෙන්න.

අළුත් අවුරුද්දට ඔබ තෑගි දෙනවා නේද? ඒ නිසා මේ වසරේ ඔබම ගුණධර්ම වල ප්‍රතිරූ වී, ගුණධර්ම වල තෑග්ග ලබා දිය යුතුයි. ඔබ ඔවුන්ට ගුණධර්ම වල තෝලි බෙදනවා නේද? ඔබට ඔවුන්ව මුණගැසෙන විට ඔබ ඔවුන්ට තෝලි දෙනවා නේද? ඔබ ඔවුන්ට තෝලි දෙන විට ඔවුන් සතුටු වෙනවා නේද? බාබාව හැර දමා ගිය අයට පවා තෝලි මතක් වෙනවා. ඔවුන්ට අන් සෑම දෙයක්ම අමතක වන නමුත් ඔවුන්ට තෝලි මතකයි. ඉතිං ඔබ මේ වසරේ ලබා දෙන්නේ කුමන තෝලිද? ගුණදම් වල තෝලි වලින් ඔවුන්ට සේවය කරන්න. ගුණදම් වල සාදයක් එළිමහනේ පවත්වන්න, මන්ද කාලයේ සමීපත්වයට අනුව සහ දාදිගේ සංඥා වලට අනුව, පියාට සිදු වූ සේම, ඕනෑම වෙලාවක හදිසියේ කාලය සමාප්ත විය හැක. මේ නිසයි ඔබ පරම පියාට සමාන වී, දාදිගේ සෙනෙහසේ ප්‍රතිඋපකාරය ලබා දිය යුත්තේ. එබැවින් ඔබගේ සිතිවිලි සහ ක්‍රියා තුළින් සහයෝගී වීමට අවශ්‍යතාවයක් ඇති වන විට, අන් අය කෙබදු ආකාරයේ අයද කියා, හෝ “ඒ කෙනා ඒ අන්දමට වූ පසුව මා එසේ වන්නම්” කියා නොසිතන්න. ඔබ අංක එක විය යුතුයි. එබැවින් මෙසේ නොසිතන්න, “ඒ කෙනා එය වූ විට මා එය වෙන්නම්”. එසේ වුනොත් එම කෙනා අංක එක වන අතර ඔබ අංක දෙක වෙයි. ඔබට අවශ්‍ය අංක දෙක වීමටද අංක එක වීමටද? ඔබ අන් අයට අංක දෙක හිමි කරගැනීමට කියන්නේ නම් ඔවුන් එය ගනීද? ඔවුන් සියලු දෙනාම කියයි, ඔවුන්ට අංක එක වීමට අවශ්‍ය බව. එබැවින් ප්‍රථමයෙන් උපකරණයක් වන්න. ඔබ අන් අය උපකරණ වනතුරු සිටින්නේ ඇයි? තමන්ව උපකරණයක් කරගන්න. බ්‍රහ්ම පියා පැවසුවේ කුමක්ද? සෑම අන්දමකින්ම ඔහු තමන්ව උපකරණයක් බවට පත් කරගෙන ඉන්පසුව අන් අයව උපකරණ බවට පත් කළා. ඔහු ‘ඕ අර්ජුනා’ (මා මුලපිරිය යුතුයි) යන ඔහුගේ චරිත කොටස රගපෑවා. මා උපකරණයක් විය යුතුයි. මා මෙය කළ යුතුයි. මා එය කරන බව අන් අය දුටු විට ඔවුන්ද එය කරයි. බ්‍රහ්ම පියාගේ පළමුවන පාඩම වුනේ මෙයයි. එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට ඇසුණද? සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න, සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක්, නොනිමි දානපතියෙක් වන්න. එවිට ඔබ වෙතට පැමිණීමට මායාට එඩිතරකමක් නොතිබෙයි. ඔබ නොනිමි, මහා දානපතියන් වූ විට, ඔබ නිරන්තර සේවාධාරීන් වූ විට, ඔබ කාර්යබහුලව රැදී සිටින විට, ඔබගේ මනස සහ බුද්ධිය සේවාධාරීන් වූ විට, එවිට මායා යන්නේ කොහාටද? එසේ නම් ඔබ මේ වසරේ වීමට යන්නේ කවුරු බවටද? ඔබ සියලු දෙනාගේම හදවත් වලින් එකම හඩ මතු කරගන්න. බාප්දාදාට අවශ්‍ය මෙයයි, එම හඩ කුමක්ද? ප්‍රශ්නයක් නැහැ, සම්පූර්ණයි. ප්‍රශ්න නොමැත, නමුත් ඔබ සම්පූර්ණ විය යුතුයි. ඔබ ජයග්‍රාහී මාලාවේ සමීප පබුළුවක් විය යුතු බවට ඔබගේ බුද්ධියේ අධිෂ්ඨානගත විශ්වාසය ඇති කරගන්න. එය හොදද? ඔබ එය විය යුතුයි නේද? මධුබන් වල අය, ඔබ එය විය යුතුයි නේද? ප්‍රශ්නයක් නැහැ? පැමිණිලි නැහැ? මෙම නිර්භීතකම තිබෙන අය අත් ඔසවන්න! ප්‍රශ්නයක් නැහැ. අපූරුයි! සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!

බලන්න විශ්වාසයේ ප්‍රායෝගික සාක්ෂිය වන්නේ ආධ්‍යාත්මික කුල්මත් බවයි. ආධ්‍යාත්මික කුල්මත් බව නොමැති නම්, විශ්වාසයත් නොමැත. ඉන් අදහස් වන්නේ සම්පූර්ණ විශ්වාසය නොමැති බවයි, විශ්වාසය තිබෙන්නේ සුළු වශයෙන් පමණක් බවයි. එබැවින් කුල්මත් වන්න. එය මහ ලොකු දෙයක්ද? ඔබ චක්‍ර කීයක් පියාට සමාන වී තිබේද කියා ඔබට මතකද? ඔබ ගණන් කළ නොහැකි වාර ගණනක් එය වී ඇත. එබැවින් මෙම කුල්මත් බව ඇති කරගන්න: මා එය විය, මා එයයි, එමෙන්ම මා නැවත නැවතත් නොකඩවා එය බවට පත් වෙයි. මෙම කුල්මත් බව නිරන්තරයෙන් ඔබගේ ක්‍රියා තුළ දිස් විය යුතුයි, ඔබගේ සිතිවිලි වල නොවෙයි, ඔබගේ වචන වල නොවෙයි, නමුත් ඔබගේ ක්‍රියා තුළ. ‘ක්‍රියා’ යනු, එය ඔබගේ හැසිරීමේ සහ ඔබගේ මුහුණේ දිස්වීමයි. ඉතිං ඔබගේ ගෙදරවැඩ ඔබට ලැබී තිබෙනවා නේද? ඔබට ලැබුණා නේද? දැන් අපි බලමු ඔබ අංකානුරූපී වෙයිද, නැත්නම් අංක එක හිමි කරගනීද කියා. අච්චා.

බාප්දාදාට පරිඝණකය මගින් බොහෝ කාඩ්පත්, ලිපි, ඊමේල්, සෙනෙහස සහ සිහි කිරීම ලැබී ඇත. දුර ඈත අසුන්ගෙන සිටින අතර හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ඔහුගේ දරුවන් එක් එක්කෙනාව බාප්දාදා ඔහු ඉදිරියේ මතුකරගෙන, ඔහුගේ හදවතින් සෙනෙහස, සිහි කිරීම සහ ආශිර්වාද ඔය දරුවන්ට ලබා දෙනවා: ඔය එක් කෙනාට වෙනම පෞද්ගලිකව නමට සහ විශේෂත්වයට. ඔබ සියලු දෙනා තුළ සෙනෙහස තිබෙන බව බාප්දාදා දන්නා අතර විශේෂයෙන් අම්රිත් වේලාවේ ඔබගේ සෙනෙහස සහ සිහි කිරීම වෙනුවෙන් බාප්දාදා ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට ප්‍රතිචාරයක් ලබා දෙනවා. මේ නිසයි ඔබ බොහෝ හොද කාඩ්පත් සාදා තිබෙන්නේ. ඔබ කාඩ්පත් මෙහි (වේදිකාව මත) තබයි, නමුත් ඒවා ඊට කලින් සූක්ෂම දේශයේ බාප්දාදා වෙතට ළගා වෙයි. අච්චා.

සෑම තැනකම සිටින දිදුලන ආලෝක ජීවාත්ම වන ඔය සියලුම දරුවන්ට, සෑම විටම සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර සාර්ථකත්වයේ ප්‍රතිරූ වන දරුවන්ට, නොනිමි මහා දානපතියන්, නිමාවක් නොමැතිව බාධක වලින් නිදහස්, මෙම දැනුමේ සහ යෝග්යුක්තව සිටීමේ නිමාවක් නොමැති අයට සහ ඔවුන්ගේ මනසින් වාතාවරණය තුළින් සේවය කිරීමෙන්, වචන වලින් සේවය කිරීමෙන් සහ ඔවුන්ගේ හැසිරීමෙන් සහ මුහුණින් ක්‍රියා මගින් සේවය කර, එකවර තුන් ආකාරයක සේවය සිදු කරන අයට. තුන් ආකාරයේම සේවය එකවර සිදු වූ විට, ඔබ මෙය හොදයි කියා පවසන අය තුළ නොවෙයි, නමුත් හොද වීමට යන අය මත ඔබ බලපෑමක් ඇති කරයි. අත්දැකීම් වල ප්‍රතිරුවක් වී, අන් අයට අත්දැකීමක් ලබා දෙන සියලුම දරුවන්ට නව වසර වෙනුවෙන් බාප්දාදාගෙන් කෝටි, කෝටි ගුණයක සෙනෙහස සහ සිහි කිරීම.

ආශිර්වාද සහ හදවත් සිහසුන, ඔබව නිරන්තරයෙන් හදවත මත අසුන්ගන්වයි. එබැවින් පෞද්ගලිකව බාබා ඉදිරිපිට සිටින හෝ ඈත සිටින නමුත් හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින ඔය සියලුම දරුවන්ට, ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව නමට සහ ඔබගේ විශේෂත්වයට සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

වරදානය:
ඔබට අපහාස කරන අය මත ගුණධර්ම වල මල්දමක් දමා, ඔබ විශේෂ දේවතාවක් සහ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වේවා.

මෙකල, විශේෂ ජීවාත්මයක් පිළිගන්න විට, ඔහුගේ ගෙල වටා භෞතික මල්දමක් දමන අතර එයට ප්‍රතිඋපකාරයක් ලෙස ඔහු එය ගලවා ඔහුට මල්දම දැමූ පුල්ගලයාටම එය ආපසු දමයි. ඒ අන්දමින්ම ඔබට අපහාස කරන ඕනෑම කෙනෙකුට ගුණදම් වල මල්දමක් දමන්න, එවිට එම පුද්ගලයා ඉබේටම ඔබට ගුණදම් මල්දමක් ආපසු ලබා දෙයි. මෙයට හේතුව වන්නේ ඔබට අපහාස කරන කෙනෙකුට ඔබ ගුණදම් මල් දමක් පැලදීමෙන් ඔහු උපතින් උපතට ඔබගේ බැතිමතෙක් වීම සහතික වීමයි. මෙම දීම, ඇත්ත වශයෙන්ම බොහෝ වාර ගණනාවක ලැබීමක්ය. මෙම විශේෂත්වය ඔබව විශේෂ දේවතාවක් සහ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් කරවයි.

පාඨය:
ඔබගේ මනසේ ආකල්පය නිරන්තරයෙන් බලවත් කරගන්න, එවිට නරක් වී ඇති දෙයක් වුනත්, හොඳ වෙයි.

අව්‍යක්ත සංඥාව: අශාරීරික ස්ථිතියේ පුහුණුව වැඩි කරන්න(අශාරීරි සහ විදේහි).

කිරීමට ඇති කාර්යයන් අතර කෙතරම් කඹ ඇදිල්ලක් තිබුණත්, ඔබගේ බුද්ධිය සේවය කිරීමේ බොහෝ කාර්යබහුලව තිබුණත්, එවන් වෙලාවක අශාරීරික වීමට තැත් කරන්න. සැබෑ සේවය කිසිම විටෙක බන්දනයක් විය නොහැක. මන්ද, යෝග්යුක්ත සහ යුක්තියුක්ත සේවාධාරියෙක් සේවය කරන අතර නිරන්තරයෙන් රැදී සිටින්නේ එපිටයි. කිරීමට ඇති සේවය වැඩි නිසා ඔබට අශාරීරික විය නොහැක, නොවෙයි. එය ඔබගේ සේවය නොවන බවත් පරම පියා එය කිරීමට ඔබට ලබා දී ඇති බවත් සිහියේ තබා ගන්න, එවිට ඔබ සියලු බන්දන වලින් නිදහස්ව සිටියි.

ප්‍රථම වතාවට පැමිණි අය සිටගන්න. ඔබගෙ අත් වනන්න! බලන්න පංතියෙන් භාගයක් ප්‍රථමට වතාවට ඇවිත්. පිටුපස සිටින අය, ඔබගේ අත් වනන්න! එය රූපවාහිනියේ පෙන්වනවා. ඔබගෙන් බොහොමයක් සිටිනවා. පලමු වතාවට පැමිණි අයට බාප්දාදාගේ හදවතින් බොහෝ බොහෝ සුබ පැතුම්. තවද හදවතින් සෙනෙහස සහ ස්මරණය කාරුණිකව පිලිගන්න. ඔබ දැන් පැමිණ ඇති සේම, දැන් පැමිණි අයට බාප්දාදාගෙන් මෙම ආශිර්වාදය තිබේ: ඔබ අමරණීයව සිටිත්වා!