23.11.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ සංගම යුගයේ දී ඔබ බ්‍රහ්මණයන්ගෙන් දේවී දේවතාවරුන් බවට පරිවර්ථනය වන්නට පරම පියා වෙතින් යහපත් බුද්ධි සහ උසස් උපදෙස් ලබනවා.

ප්‍රශ්නය:
ඔබේ චර්යාව රාජකීය එකක් වීම සඳහා කිනම් කුල්මත්භාවයක් ඔබ දරුවන් හට තිබිය යුතු ද?

පිළිතුර:
ඔබට ඥානයේ කුල්මත්භාවයයි තිබිය යුත්තේ. ඔහෝ, අප පුද්ගලිකවම ඉඳිමින් සිටින්නේ පරමාත්ම දෙවියන් ඉදිරියේයි. අප මෙහි සිට යන්නේ කිරුළු පැළඳි කුමර කුමරියන් වන්නටයි. එනම් ලෝක අධිපතීන්. එවන් කුල්මත්භාවයක් ඔබට ඇති වූ විට ඔබේ චර්යාවන් ඉබේම රාජකීය බවට පත්වනවා සේම ඔබේ මුවින් පිටවන වචන ද ඉතාමත් සුමිහිරි වේවි. එකිනෙකා කෙරෙහි ඉතාමත් විශාල සේ සෙනෙහසක් ද ඇතිවෙනවා.

ගීතය:
රෑ සමනලුන් ගේ සතුටු සමූහය තුළ පහන් සිළුවක් දැල්වීලා...

ඕම් ශාන්ති.
සුමිහිරි දරුවනි, ඔබ ආධ්‍යාත්මීක දරුවන් මෙහි පැමිණ බ්‍රහ්මණයන් බවට පත්ව සිටිනවා. එසේම ඔබ සංගම යුගී බ්‍රහ්මණයන් බවට පත්කර තිබෙන්නේ එම ආද්‍යාත්මීක පියා විසිනුයි යන්නත් නිසැකවම තේරුම් ගත්තා. පරම පියා ඔබේ බුද්ධියේ අගුළු විවෘත කළා. මෙයයි සංගම යුගය කියා අපට දැන් ‍තේ‍රෙනවා. දැන් අපිරිසිඳුව දූෂිත වී සිටිනා මිනිසුන් අනාගතයේ පාරිශුද්ධත්වයට පත්වී, ඔවුන්ව පවිත්‍ර අති උසස් ජීවාත්මයන් යැයි අමතනවා ඇත. ලක්‍ෂ්මි සහ නාරායන ඉතාමත් උසස් අය වූයේ. යම් කලෙක උත්සාහ කළ බැවිනි. ඔවුන්ගේ ඉතිහාසයක් තිබිය යුතුයි. ලක්‍ෂ්මි සහ නාරායනගේ අධිරාජ්‍යය ස්ථාපිත වූයේ කවදාද? එය යකඩ යුගයේත් නොවෙයි. ස්වර්ණම යුගයේත් නොවෙයි. දිව්‍යලෝකය ස්ථාපිත වූයේ සංගම යුගයේදී පමණයි. කිසිම කෙනෙක් මෙපමණ විස්තාරණයට නොයයි. මේ සංගම යුගය බව දැන් ඔබ දන්නවා. කලියුගයට පසුව ස්වර්ණම යුග නව ලෝකයක් තිබෙයි. ඒ අතර සංගම යුගය අනිවාර්යෙන් තිබිය යුතුයි. පසුව නව ලෝකයෙහි නව රාජධානියක් තිබේවි. ඔබේ බුද්ධි මේ සම්බන්ධව වැඩකළ යුතුයි. ඔබට පියාගෙන් හොඳ බුද්ධි හා ශ්‍රීමත් ලැබෙන බව ඔබ දන්නවා. අහෝ දෙවියනී, මොහුට හොඳ වැටහීමක් ලබා දෙන්න. හොඳ උපදෙසක් ලබා දෙන්න. යනුවෙන් මිනිසුන් කන්නලව් කරනවා. මුළු ලෝකයේම පියා ඔහුයි. සෑම කෙනෙකුටම මඟපෙන්වීම් ලබා දෙන්නේ ඔහුයි. ඔහු සංගම යුගයේ ඇවිත් දරුවන්ට ග්‍රන්ථ වල සඳහන් වී තිබෙන පාණ්ඩව සමාජය සහ දේව සමාජය පිළිබඳ හොඳ උපදෙස් ලබා දෙනවා. මෙම බ්‍රාහ්මිණ් සමාජය සහ දේව සමාජය යනු කුමක්ද කියා කිසිම කෙනෙකුට වටහාගත නොහැකියි. බ්‍රහ්මණ සමාජය නිර්මාණය කළ හැක්කේ බ්‍රහ්මා තුළින් පමණයි. උත්තරීතර වූ පරම පියාට පමණයි බ්‍රහ්මා තුළින් මෙම නිර්මාණයන් නිර්මාණය කළ හැක්කේ. මන්ද, එහි ප්‍රජාපිතා බ්‍රහ්මා සමග බොහෝ බ්‍රහ්ම කුමාරවරු සහ බ්‍රහ්ම කුමාරී වරු සිටිනවා. මිනිසුන් බ්‍රහමින් වරුන්ගෙන් ඥානය නොලබා ඔවුන් කෙසේ ගැලවීමක් ලබන්න ද? ඔබ වෙත බොහෝ අය ඒවි. සන්යාසීන් සහ අනෙකුත් ආගමීක අයත් ඒවි ඔවුන්ගේ උරුමයත් ලබාගැනීමට. ඔවුන්ට දිව්‍යලෝකයේ චරිත කොටසක් හිමි නොවුවත් ඔවුන් සැමටම පියා පැමිණ සිටින පණිවිඩය ලබා දිය යුතු වෙනවා. මේ කාලේ. හින්දු යැයි කියාගත් කිසිවෙකුවත් දේවතා ධර්මය කුමක්ද කියා දන්නේ නැහැ. මුලින් සතෝප්‍රධාන් වී සිටි අයට තමන් දේවතාවරු යැයි කිව නොහැක්කේ ඔවුන් තමෝ තත්ත්වයට පත් වූ නිසායි. දැනට මෙහි රාවණ රාජ්‍යයයි තිබෙන්නේ. රාම යැයි හඳුන්වන පරමාත්මයගේ උපත සිදුවන්නේත් මෙහිම බව ඔය දරුවන් දන්නවා. මෙසේ ගයා ඇත: පතීත පාවන සීතා රාම් (සීතාගේ පාරිශුද්ධකරු රාම්). කොහොමනමුත්, ඔබව අපිරිසිඳු බවට පත් කළේ කවුද? රාවණා යනු කවුද? පාරිශුද්ධකරු වූ පරම පියාට ඔවුන් කතා කරන්නේ ඇයි? තමා තුළ ඇති පස් පව් සියල්ල තමයි රාවණ වන බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. පස්පව් නොමැති අය රාමාගේ සමාජයේ කොටසකි. දැන් ඇත්තේ රාමගේ රාජ්‍යය නොවෙයි. අන්න ඒ නිසා තමයි සෑම කෙනාටම නව ලෝකයක් හා පිරිසිඳු රාජ්‍යයක් අවශ්‍ය වී තිබෙන්නේ. ශිව බාබාවත් රාම නමින් හඳුන්වා ඇත. කෙසේ හෝ මිනිසු රාමාව සලකමින් ශිව බාබා අමතක කර දැම්මා. රාම රාජ්‍යය යනු කුමක්ද කියා ඔබට පැහැදිලි කර දිය හැකියි. ග්‍රන්ථ වල රාමාගේ සීතාව පැහැර ගත්තා කියා සඳහන් කර තිබෙනවා. ග්‍රන්ථ රාශියක් තිබෙනවා. ප්‍රධානම ග්‍රන්ථය ගීතාවයි. බ්‍රහ්මණ දේවතා හා ක්‍ෂත්‍රීය ධර්ම ස්ථාපිත කළේ බ්‍රහ්මා මාර්ගයෙන් කියා සඳහන් කර ඇත. ඉතින් එමනිසා, ප්‍රජාපිතා අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ මෙහිය. බ්‍රහ්මාට දරුවන් රාශියක් සිටිනා අතර ඒ සෑම කෙනෙක්ම කටින් උපත් දරුවන් ය. මව් කුසකින් නම්, එපමණ දරුවන් ගණනක් ඉපදෙන්න බැහැ. සරස්වතී ද බ්‍රහ්මාගේ මුවින් උපන් දරුවෙක් වන නිසා ඇයව බ්‍රහ්මාගේ බිරිඳ වශයෙන් හැඳින්විය නොහැකියි. පියා කියනවා: බ්‍රහ්මාගේ මුඛයෙන් ඔබ බ්‍රහමින් වරුන් බවට පත්වෙනවා. ඔබ මගේ දරුවන් බවට පත්වෙනවා. ශිව බාබා ගැන සඳහන් වුණු ගුණ ගායනා රාශියක් ඇති බව ඔය දරුවන් දන්නවා. පරම පියා පාරිශුද්ධකරුවා මෙන්ම ගැලවුම් කරුවාද වේ. සෑම කෙනෙක්ම මෙසේ ගුණ ගායනා කරනවා. නමුත්, ඔවුන්ට නොතේරෙන නිසා, පළමුවෙන්ම ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබාදිය යුතුයි. පාරිශුද්ධකරු හා ගීතාවේ දෙවියන් වන්නේ ඔහුයි. ශිව බාබා අශාරිරිකයි. එමනිසා, ඔහු අනිවාර්යයෙන්ම කවදා හෝදිනක ඥානය කියා දී ඇත. ඔහු ඥානය කියා දෙන ශරීරය හඳුන්වා ඇත්තේ බ්‍රහ්මා යන නමිනී. වෙන කොහෙන්ද බ්‍රහ්මා එන්නේ? බ්‍රහ්මාගේ පියා කවුද? බ්‍රහ්මා විස්ණු සහ ශංකර්ගේ නිර්මාණ කරු කවුද? මෙය ගැඹුරු ප්‍රශ්නයක්. මිනිස්සු ත්‍රිමුර්තී දෙවිවරු ගැන කතා කරනවා. නමුත් ඔවුන් එන්නෙ කොහි සිටන් ද? පියා පැහැදිලි කරනවා. මොහුගේ නිර්මාණකරු ඉහළම ඉහළ කෙනායි. ඔහුව ශීවා යනුවෙන් හඳුන්වනවා. මේ දේවතා තුන්දෙනා ආලෝක ජීවයන්. ඇට මස් නැති අයයි. කොහොම නමුත්, සාමාන්‍ය බුද්ධියක් ඇති අයට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. පියා ඉහළම ඉහළ කෙනා වන බව ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. ඔහු බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට දිව්‍ය ලෝකයේ උරුමය ලබා දෙනවා. මනුෂ්‍යයන්ව දේවතාවරුන් බවට පත් කරවීමට දෙවියන්ට එතරම් කාලයක් ගත වුණේ නැතැයි කියා සඳහන් වී තිබෙනවා. බ්‍රහ්මා විෂ්ණුගේ නාභියෙන් මතුවන ආකාරයක් පෙන්වා තිබෙනවා. දරුවෙක්ට නාභියකින් මතුවෙන්න පුළුවන් ද? පියා මෙහි සිට සෑම රහසක්ම පැහැදිලි කර කියා දෙනවා. නමුත් අවම වශයෙන් මිනිස්සු මේවා තේරුම් ගත යුතුයි. ජීවාත්මයක් පව්කාර හෝ පින්වත් ජීවයක් වශයෙන් හඳුන්වනවා. අපිරිසිඳු ජීවාත්ම උත්තරීතර ජීවාත්මය වන්නේ නැහැ. උත්තරිතර ජීවාත්මය වූ පරම පියා සදා පාරිශුද්ධයි. තමෝප්‍රධාන් අය අපවිත්‍ර අය වශයෙන් හඳුන්වනවා. ස්වර්ණමය යුගයේ සතුට තිබෙනා කල, දුකක් පිළිබඳ කිසිම සඳහනක් ඇත්තේ නැහැ. ඒ කාලයේදී මිනිස්සු නිකම්ම මෙය ස්වර්ගයයි කියා කියනවා. ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. නමුත් අවසානයේ දී, ඔවුන් පැමිණ පියාගෙන් උරුමය දිනා ගනීවි. ඔබ ඔබගේ අධිරාජ්‍යය ස්ථාපනය කර ගන්නා බව දන්නේ දරවන් වන ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක්ට ලෝකයේ පාලකයන් වන්න බැහැ. ඔබ මුළු ලෝකයම පාලනය කරන්න පටන් ගන්නේ ස්වර්ණම යුගයේ දී පමණයි. කලි යුගයේදී, ඔබට මුළු ලෝකයම පාලනය කරන්න බැහැ. කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මහා යුද්ධයක් සිදුවුණු බවත් සියලු ආගම් විනාශ වූ බවත් ගීතාවේ ලියා තිබෙනවා. නුග ගසක් වියැළී එහි අතු එකිනෙක ගැටෙන්න ගත්විට ඉන් ගින්නක් හටගෙන මුළු කැලයම ගිණි ගන්න පටන් ගන්නවා. එලෙසින්ම, මෙම මනුෂ්‍ය ගසත් සම්පූර්ණයෙන්ම දිරාපත් වී ඇති අතර එය ගිණිබත් වෙනවාමයි. ඔවුන් එකිනෙකා ඇණකොටා ගෙන තමාවම විනාශ කරගන්නවා. ගිණි ඇතිකිරීම සඳහා නම් මිනිස්සු දිගින් දිගටම අලුත් අලුත් දේ නිෂ්පාදනය කරනවා. න්‍යෂ්ටික බෝම්බ මගිනුත් ගිණ ගැනීම් ඇතිවිය හැකියි. නමුත් ඔවුන් එහි රහස ගැන දන්නේ නැහැ. කලි යුගය වෙනස් වී ස්වර්ණම යුගය බවට පත්වනු ඇත. මෙම දැනුමට ලොකු කුල්මත් භාවයක් අවෂ්‍යයි. ඔබ මෙම කුල්මත් භාවය රැකගන්නවා ද නැද්ද යන්න ගැන ඔබ පරික්‍ෂා කර බැලිය යුතුයි. අපි පියාගේ දරුවන් වන අතර දිව්‍යලෝකය නම් වූ අපගේ උරුමය ඔහුගෙන් උරුම කර ගනිමු. එකිනෙකා හා කතා කරන විට රාජකීයත්වයක් තිබිය යුතුයි. සෑම දෙයක්ම මෙහිදී ඉගෙන ගත යුතුයි. පසුව ඔබ මෙම සංස්කාරම ඔබ සමග ආපසු ගෙන යනු ඇත. ඉතාමත් මිහිරි අය බවට පත් වී, ඉතාමත් ඉහළ වූ සතුටක් තබා ගන්න. අපි ශිව බාබාගේ දරුවෝ වෙමු. අපි දේවතා තත්ත්වයක් ලබා ගැනීමට නියමිතව සිටිනා අයයි. එමනිසා, අපි එකිනෙකා අමතන විට ඉතාමත් සෙනෙහසෙන් කතා කළ යුතුයි. කොහොමනමුත්, දරුවන් වන ඔබගේ කටින් තවමත් මල් මතුවෙන්නේ නැහැ. ඔබ ඉතාමත් උසස් අයයි. ඔබ ශිව් බාබාගේ දරුවන් වන බවත් ඔබ ස්වර්ණම යුගයේ අධිරාජ්‍යවරුන් බවට පත්වීමට නියමිතව සිටිනා බවත් ඔබ මතක තබාගත යුතුයි. එනම්, ඔබ ලෝකයේ කිරුළු පළන් කුමාරවරුන් (CROWN PRINCES) වීමටයි යන්නේ. ස්වර්ගයේ උරුමය තමාට ලබා දෙන පියා ඉදිරියේයි තමන් දැන් අසුන් ගෙන සිටින්නේ යන සතුට ඔබ තුළ තිබිය යුතුයි. ඔබ ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. ඔබගේ අධිරාජ්‍යය ස්ථාපනය වෙමින් පවතින බව ඔබ දන්නවා. අධිරාජ්‍යයකට සෑම කෙනෙක්ම අවශ්‍යයි. කෙසේවෙතත්, ඔය දරුවන්ගේ කටින් මතුවී ආ යුත්තේ මුතු මැණික් පමණයි. බාබා, රූප් බසාන්ත් වේ. ඒ කතාන්දර සෑම එකක්ම අයිති මේ කාලයටයි. පියා ඥානයේ සාගරය වන අතර ඔහු ඥාන වැසි වස්සවයි. ඉන්ද්‍ර දෙවිවරයා වැසි වස්සනවා කියා දෙයක් නැහැ. ස්වභාවයෙන්ම, වලාකුළු සෑදී ඒවායින් වැසි වහිනවා. ස්වර්ණම යුගයේ දී පංචමහා භූතයින් පවා ඔබගේ වහලුන් බවට පත්වෙනවා. නමුත් මෙහිදී, සෑම මිනිසෙක් ම වහලෙකි. මෙහි සෑම දෙයකටම උත්සාහයක් දැරිය යුතුයි. එහිදී නම් සෑම දෙයක්ම නිරායාසයෙන්ම සිදු වෙනවා. එමනිසා, ඔය දරුවන් ශිව බාබාව සිහිකළ යුතු අතර එවිට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළින්ම තිබෙනු ඇත. විද්‍යාඥයින්ට බොහෝ ධාරණය ඇත. එවිට ඔය දරුවන් ඥානය ධාරණය කළ යුතුයි. ඇතැම් විට, ඥානයේ බලපෑම ඉතාමත් හොඳ එකක් වන අතර තවත් විටෙක අඩුයි. ඥානය මතගානවා කියන්නේ මෙයටයි. දරුවන් පියාගේ (බ්‍රහ්ම බාබාගේ) තත්ත්වය දකිනවා. පියා තමාගේ අත්දැකීම් ගැන කියනවා. එමනිසා, ඇතැම් විට ලොකු උද්යෝගයක් තිබෙනා අතර තවත් වේලාවකට ඒ තරම් නැහැ. ඇතැම් වෙලාවට ඉතාමත් හොඳ කරුණු මතුවෙනවා. බාබාත් ඔබගේ උදව් කරුවා වෙනවා. ඔබටත් මෙය දැනෙනවා. බාබා කවදාවත් මුරලි එකක් අතින් ගන්නේ නැහැ. දරුවෝ සඟරා වලට ලිපි ලියූ විට ඒවායේ කිසියම් වැරැද්දක් තිබෙනවාද කියා බාබා සෝදිසි කර බලනවා. ඉතාමත් හොඳ මුරලි කරුණු රාශියක් සඟරා වල මුද්‍රණය කර තිබෙන අතර ඒවා සෑම තැනකටම යවනවා. කිසියම් ස්ථානයකට මුරලි එකක් යැවූ යේ නැතිනම්, බාබා පවසන්නේ: දින හතේ පාඨමාලාව ලබාගෙන නිර්මාණකරු හා නිර්මාණය පිළිබඳ වූ ඥානය තේරුම් ගත් පසු තවත් මොනවාද අවශ්‍ය? උත්සාහ දැරිය යුත්තේ පස්පව් පුළුස්සා දැමීම සඳහායි. වෙන කිසිම අපහසුතාවයක් නැහැ. ඔය දරුවන්ට වෙනත් ඕනෑම ආද්‍යාත්මික කණ්ඩායමක් වෙතට යා හැකියි. එලෙස ගොස් සේවය කිරීම සඳහා හොඳ උනන්දුවක් තිබිය යුතුයි. සෑම ආගමක කෙනෙක්ම එකට එකතු වූ විට එකිනෙකා ගේ ආගම් වෙනස් බව පැහැදිලි කළ යුතුයි. මිනිස්සු සහෝදරත්වය ගැන කතා කරනවා. නමුත් ඔවුන්ට කිසිම එකමුතු වීමක් වෙන්න බැහැ. ඒකත් කියන්නේ නිකම් කියනවාට පමණයි. පියා කියනවා: මා පැමිණ ඔබව බ්‍රහ්මණයන් බවට පත්කරවා දේවතා ධර්මය ස්ථාපනය කරනවා. එහි වෙන කිසිම ධර්මයක් නැහැ. මේ ඒ මහාභාරත යුද්ධයම තමයි. එය ගීතාවේත් සඳහන් වී තිබෙනවා. එකම එක අධ්‍යාපනය මෙයයි. එමෙන්ම එය උගන්වන කෙනා මොහුයි. පරම පියා කියනවා: දැනුම අවසන් වුණු විට මම නිවස බලා පිට වෙනවා. කලියුගයේ අවසානයේ දී මම ඥානය කියා දිය යුතුයි. මම සෑම කල්පයකදීම පැමිණිය යුතුයි. එක තත්පරයක් වත් කලින් හෝ ප්‍රමාද වී එය සිදුවන්නේ නැහැ. ඥානය සම්පූර්ණ වුණු පසු ඔබ කර්මාතීත් තත්ත්වය ලබාගන්නා අතර විනාශය සිදු වෙනවා. දවසින් දවස ඔබේ සේවය වර්ධනය වේවි. මෙහි කිසිම කෙනෙක් ලඟ පාරිශුද්ධතාවය හෝ දිව්‍යමය ගුණධර්මය නැහැ. පාරිශුද්ධතාවය තුළ කොපමණ විශාල වෙනසක් තිබෙනවාද කියා බලන්න. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි. ඉතාමත් උසස්ම සංගම යුගය මෙයයි. ඔබ දැන් ඉතාමත් උසස් ජීවාත්මයන් බවට පත්වෙනවා. කොහොමතමුත්, එම උත්කර්ෂ වත් භාවය සහ හැසිරීම් තිබිය යුතුයි. ඔබේ කටින් ගල් පිටවිය නොයුතුයි. මැණික් පමණයි මතුවිය යුත්තේ. ඔබ දැන් දේවතාවන් මෙන් ලස්සන වෙනවා. පරමාත්ම දෙවියන් පැමිණ ඔබව දෙවි දේවතාවරුන් බවට පත්කරනවා. දෙවිදේවතාවරු කියා හඳුන්වන්නේ දේවතාවන්ටයි. නමුත් ඔවුන්ට ඒ තත්ත්වයට පත්කෙරෙව්වේ කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. නිර්මාණකරු හා නිර්මාණය ගැන වු සම්පූර්ණ ඥානය ඔබ තුළ තිබෙනවා. එමෙන්ම අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත් කරවීමේ වගකීමත් ඔබ මත පැවරි තිබෙනවා. බොහෝ දෙනෙක් නොකඩවා පැමි‍ණේවි. ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත්වන්නේ බ්‍රහ්මණයන් පමණයි. මායාගේ කුණාටු අත්දකින්නේත් දරුවන් වන ඔබ පමණයි. ඇතැම්විට කුණාටු ඇතිවිට ඔබගේ ඇට කැඩෙනවා. මේ අතරේ ඇතැම් විට ඇතැම් අය අවසේවාවන් කරනවා. පියා කියනවා: අපිරිසිඳු ක්‍රයා කරන්න එපා. ඔබ කටින් උපත් බ්‍රාහ්මිණ්වරුන්ය. නමුත් ඒ බ්‍රාහ්මිණ්වරුන් භෞතික උපතක් ගත් අයයි. ඒ දෙක අතර සෑහෙන වෙනසක් තිබෙනවා. ඔවුන් සෑම කෙනෙක්වම භෞතික වන්දනා ගමන් ගෙනයන අතර ඔබට ඇත්තේ ආද්‍යාත්මික වන්දනා ගමනකී. ඔබ ඔබගේ අසීමිත පියාගෙන් උරුමය ලබා ගන්නවා. ඔවුන් බ්‍රාහ්මිණ්වරුන් වන බවත් ඔබත් බ්‍රාහ්මිණ්වරුන්ම වන බවත් තේරුම් ගැනීමට කිසිම කෙනෙක්ට බුද්ධියක් නැහැ. කෙසේවෙතත්, සැබෑ බ්‍රාහ්මිණ්වරුන් කවුද? ඒ බ්‍රහ්මිණ් වරුන්ට බ්‍රහ්මකුමාර් සහ බ්‍රහ්මකුමාරි කියා කිව නොහැකියි. ඔබ තමන්ව බ්‍රහ්ම කුමාර් සහ බ්‍රහ්මකුමාරින් කියනවා. එමනිසා, අනිවාර්යෙන්ම බ්‍රහ්මාත් සිටිය යුතුයි. කොහොම නමුත්, මේ දේවල් ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැති නිසා ඔවුන් අහන්නේ නැහැ. බාබා සෑම කල්පයක දීම පැමිණ මේ දේවල් දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දෙනවා. ඔබ බ්‍රාහ්මිණ්වරුන්, බ්‍රහ්මාගේ දරුවන්: ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් ය. එබැවින්, ඔබ එකිනෙකා පාපයේ ගැලෙන්නේ කෙසේ ද? යම් කෙනෙක් එලෙස පාපයේ ගැලෙයි ද, ඔහු කරන්නේ බ්‍රහමින් කුලය අපහාසයට ලක් කිරීමයි. බ්‍රහ්මකුමාර් හෝ බ්‍රහ්මකුමාරි යනුවෙන් තමාව හඳුන්වා ගැනීමෙන් පසුව ඔබ අපිරිසිඳු වෙන්න බැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මුරලියෙහි ඇසූ කරුණු ආවර්ජනය කරන්න. ඔබ ඉතා උසස් අය බවට පත්ව සිටින බැවින් ඔබේ හැසිරීම් ඉතාමත් රාජකීය විය යුතුයි. ඔබේ කටින් ගල් පිටවෙන්නට ඉඩ නොදෙන්න.

2. අන් බොහෝ අයව ඔබට සමාන කිරිමේ ඔබේ වගකීම් තේරුම්ගෙන සේවයෙහි නියැලී සිටින්න. අපිරිසිඳු ක්‍රියා කිරීම මගින් අව සේවයක් නොකරන්න.

වරදානය:
ඔබ අතීන්ද්‍රිය ප්‍රීතියෙන් යුත් ස්ථිතියක සිටිමින්, බොහෝ ජීවාත්මයන්ව කැඳවන ලෝක සේවාධාරියෙකු වේවා!

ඔබේ අවසාන අවධිය කර්මාතීත් ස්ථිතියට වඩාත් සමීප වන තරම් වන විට, ඔබ ශබ්දයෙන් ඔබ්බෙහි වූ ස්ථිතියේ රැඳී සිටීමට වඩාත් ප්‍රිය කරනු ඇත. මෙම ස්ථිතිය තුළ, ඔබට නිරන්තරයෙන්ම අතීන්ද්‍රිය ප්‍රීතිය අත්විඳිය හැකි වනු ඇත. ඔබ මෙවැනි අතීන්ද්‍රිය සුඛ ස්ථිතියක සිටින විට, වෙනත් බොහෝ ජීවාත්මයන්ව පහසුවෙන් කැඳවීමට ඔබට හැකි වනු ඇත. මෙම බලගතු ස්ථිතිය ලෝක දානපතියකුගේ ස්ථිතියයි. මෙම ස්ථිතිය තුළ සිටිමින්, බොහෝ දුර බැහැර සිටින ජීවාත්ම වෙත බාබාගේ පණිවිඩය ගෙන යාමට ඔබට හැකි වනු ඇත.

පාඨය:
එක් එක් පුද්ගලයා සතු විශේෂත්වය හඳුනා ගනිමින් විශ්වාසවන්ත වන්න; එවිට මුළු සමූහයම එකම දිශාවකට එක්සත් වනු ඇත.

අව්‍යක්ත සංඥාව: බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.

පරම පියා උදෙසා සැමගේ මුවින් "මගේ බාබා" යන හඬ එකම ආකාරයකින් මතු වන්නාක් මෙන්, ඔබ සෑම ජීවාත්මයක් තුළම එකම හැඟීමක් සහ අවබෝධයක් තිබිය යුතුය. ඔබ සෑම කෙනෙකු තුළම අප එකිනෙකාට අයත් යන හැඟීම තිබිය යුතුය. සෑම කෙනෙකුටම මෙසේ හැඟිය යුතුය: "මෙම පුද්ගලයා මගේ යහපත ප්‍රාර්ථනා කරන්නෙකි, සේවයේදී මගේ සහායකයෙකි". මෙය බ්‍රාහ්ම පියාට සමාන වීම ලෙස හැඳින්වේ. මෙයම සම්පූර්ණ, පරිපූර්ණ සහ කර්මාතීත් තත්ත්වයයි.