24.05.25    Avyakt Bapdada      Sinhala Murli     28.02.2010    Om Shanti    Madhuban


ශරීර අවධානයේ “මම, මම” යන හෝලිය පුළුස්සා දමා, පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයේ හෝලිය සමරන්න.


අද දින, පූජනීයම පියා, ඔහුගේ පූජනීය (holy) දරුවන් සමග හෝලි සැමරීමට ඇවිත්. සෑම තැනකම දරුවන්, බොහෝ දුර අය, සෙනෙහසින් ඔහුගේ හදවත තුල මුසු වනවා. සියළුම දරුවන්ගේ නළල් මත භාග්‍යයේ තාරකා දිලිසෙන අයුරු බාප්දාදා දකිනවා. මුළු කල්පය පුරාම වෙනත් කිසිවෙකුට එතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක් තිබිය නොහැක. මෙම සංගම යුගයේ ලැබීම් වල පදනමට අනුව, ඔය දරුවන් පමණක් කෙතරම් ශ්‍රේෂ්ඨ සහ පිවිතුරු වන්නේද යත්, ඔබ අනාගතයේ දෙගුණයක් පිවිතුරු වෙයි: ජීවාත්මය පිවිතුරුයි එමෙන්ම සිරුරත් පිවිතුරුයි. මුළු කල්පය වටාම ගොස් බලන්න: ධර්මාත්මයක් (ධර්මිෂ්ඨ ජීවාත්මයක්) වත්, දෙගුණයක් පිවිතුරු වී නැත. ඔය දරුවන් දෙගුණයක් පිවිතුරු වන අතර දෙගුණයක පවිත්‍රත්වයේ ලක්ෂණය වන්නේ ඔබ ද්විත්ව කිරුළු පැලදීමයි.

අද, සියළු දෙනාම හෝලි සමරනවා, නමුත් හෝලි උත්සවය ලෙස සමරන්නේ, ඔබ මෙකල දෙගුණයක් පිවිතුරු වීමේ සිහිවටනයයි. ඔබගේ ජීවිතයේ සෑම පියවරකම වැදගත්කම, උත්සවයක් ලෙස සමරයි. මෙම සංගම යුගයේ, ඔබට දිනපතා, සෑම මොහොතකම උනන්දුව සහ උද්යෝගය තිබේ, එබැවින් ඔබගේ උනන්දුව සහ උද්යෝගයේ සිහිවටනය සමරන්නේ මෙම උත්සවයේ ස්වරූපයෙන්. ඔබට උනන්දුව සහ උද්යෝගය තිබෙන්නේ ඇයි? ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයේ හෝලිය සමරන නිසා. එබැවින් ඔබගේ සෑම පියවරක්ම උත්සවයක ස්වරූපයෙන් සැමරෙයි. දැන්, හෝලියේදී, ඔවුන් ප්‍රථමයෙන් යමක් පුළුස්සා (ජලානා) ඉන්පසුව සමරයි (මනානා). දැන්, සංගම යුගයේදි, ඔබද ඔබගේ පැරණි සංස්කාර සහ ස්වභාවය යෝගා ගින්නේ පුළුස්සා දමයි, මන්ද, ඔබගේ පැරණි සංස්කාර සහ ස්වභාවය ප්‍රථමයෙන් පුළුස්සා නොදමා, ඔබට පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් විය නොහැක; පරමාත්ම දෙවියන් සමග හමුවක් පැවැත්විය නොහැක. ඔබ යෝගා ගින්න තුල ඔබගේ සංස්කාර පුළුස්සා දැමූ අතර ඉන්පසුව පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් තමන්ව වර්ණවත් කළා. එබැවින් මේ දිනවල ඔවුන් යමක් පුළුස්සා, ඉන්පසුව වර්ණ ඉසියි, නමුත් ඔවුන් ඔබගේ ආධ්‍යාත්මික ස්වරූපයට ලබා දී ඇත්තේ භෞතික ස්වරූපයකි. ඔවුන් භෞතික ගින්නක් දල්වන අතර භෞතිකව වර්ණ ඉසියි, මන්ද ඔවුන්ට තිබෙන්නේ ශාරීරික-අවධානයේ ආකල්පයක් නිසා. ඔබ පූජනීය (holy) වෙයි, නමුත් ඔවුන් හෝලි සමරයි. මුළු චක්‍රය පුරාම කිසි කෙනෙක් මෙම ආධ්‍යාත්මික හෝලිය සමරා දෙගුණයක් පූජනීය වී නැත. එබැවින් ඔය සියළු දෙනා කොහේ සිට පැමිණියත්, ඔබ ඇවිත් සිටින්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ හෝලියටයි. ඔබ පැමිණ සිටින්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ හෝලිය සැමරීමටයි. හෝලි ගැන ඔබ කියන්නේ: එය ‘හෝ ලී’ (දැනටමත් සිදු වී අවසානයි), එබැවින් එය දැන් තිබෙන්නේ අතීතයේ. නාටකයට අනුව, සිදු වී ඇති ඔනෑම දෙයක් ගැන ඔබ කියන්නේ, එය සිදුවී අවසන් බවයි (හෝ ලී), එබැවින් අතීතය තිබෙන්නේ අතීතයේ. ඔබ කිසිම නිෂ්ඵල දෙයක් ඔබගේ හදවත තුලට ගන්නේ නැහැ. එය දැනටමත් සිදු වී අවසන් එබැවින් ඔබ මේ අන්දමින් නොකඩවා හෝලි සමරනවා නේද? ඔබ සියළු දෙනා පූජනීය වීම සදහා, එනම් පිවිතුරු වීමට, සම්පූර්ණයෙන් උත්සාහ දැරූ අතර පාරිශුද්ධත්වය ආරූඨ කරගෙන සිටිනවා, මේ නිසයි ඔබගේ අනාගත ද්විත්ව පාරිශද්ධත්වය සංඛේතවත් කෙරෙන ද්විත්ව කිරුළකින් ඔබව පෙන්වන්නේ.

එබැවින් මෙදින, ඔබ පිටව යාමට පෙර, ඔය සෑම දරුවෙක්ම පුළුස්සා දමන්නේ කුමක්ද? ඔබගේ උපන් දින දවසේ පරම පියා ඔබට ගෙදරවැඩ ලබා දුන්නා: ඔබගේ උපන්දිනයේ, උපන් දින තෑග්ග ලෙසින් කෝපය ලබා දෙන්න. සමහර දරුවන්ගේ එහි ප්‍රතිඵලය අද දින බාප්දාදාට ලැබී තිබෙනවා. ඇතැම් අවස්ථාවන්හි දරුවන් අවධානය යොමු කර ඇති බව බාප්දාදා දුටුවා. ඔබ සියළු දෙනා ඔබගේ ප්‍රතිඵලය දකින්න ඇති, එමෙන්ම මෙහි අසුන්ගෙන සිටින සියළු දෙනා, ඔබගේ ප්‍රතිඵලය දකින්න ඇති. කෝපය පාලනය කර, සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුනු අය, අත් ඔසවන්න! ඔබ සාර්ථකත්වය ලබා ගත්තා! ඔබගේ අත් ඉහලට ඔසවන්න! ගුරුවරු අත් ඔසවන්න! විදේශිකයන් අත් ඔසවන්න! (සියළු දෙනා අත් එසවූහ.) අච්චා. සුබ පැතුම්. ඔබ සියළු දෙනා මෙහිදි තමන් තුල එඩිතරකම පවත්වා ගත් අතර එඩිතරකමේ ඵලය ලබා ගැනීමට හැකි වන්නේ කෙසේද කියා ඔබ අත්දුටුවා. ඉතිං ඔබ අනාගතයේ මෙම අරමුණ තබා ගෙන, නැවත නැවතත් තමන්ව පරීක්ෂා කරමින් මෙයින් ඉදිරියට ගමන් කිරීමට පතන්නේ නම්, එය හැකි බව ඔබ සිතනවාද? එය කළ හැකිද? ඔබට මෙය අනාගතයේ කළ හැකිද? කළ හැකි බව සිතන අය අත් ඔසවන්න! කළ හැකිද? ගුරුවරු එය කළ හැකිද? පාන්ඩවයන් එය කළ හැකිද? අච්චා. එය කළ හැකිද, නොවෙයි, එය සිදු විය යුතුයි. මේ සදහා ඔබට අත්පොලසන් ගැසිය හැක. එය බොහෝ දින ගණනක් වී නැත, නමුත් ඔබට අද සිට මාස තුනක් අවධානය යොමු කර, කෝපයේ පීඩනය අවසන් කළ හැකිද? ඔබට මෙය කළ හැකිද? එසේ සිතන අය අත් ඔසවන්න! අච්චා. මෙය ඉතා හොද පුවතක්. ඇයි? කෝපයට හේතුව කුමක්ද? කෝපයේ බීජය කුමක්ද? නිරන්තරයෙන් ඔබගේ අනාගත ස්වරූපය ඔබ ඉදිරියේ තබා ගන්න. ඔබගේ අනාගත ස්වරූපය ඉතා අලංකාරව සරසා ඇති අතර ප්‍රබෝදමත්ය. බාප්දාදා දෙස බලන්න, එයින්ද බ්‍රහ්ම පියාව ඔබ ඉදිරියට ගෙන එන්න. ඇයි? ශිව පියා කොහොමත් අශාරීරිකයි, නමුත් බ්‍රහ්ම පියා ඔබ වගේ ශාරීරික ජීිවියෙක් විය. ඔබට මෙන්ම ඔහුටත් වගකීම් වල ඔටුන්නක් තිබුණු නමුත් ඔහුට නිරන්තරයෙන් සිනහමුසු සහ ප්‍රබෝදමත් මුහුණක් තිබුණා, මන්ද, ශරීරයක් තිබුණු අතර සහ සෑම දෙයක්ම සිදු කරන අතරම ඔහු මෙම අවගුණ පරාජය කර නිදසුනක් බවට පත් විය. ඔබගේ වගකීම් බ්‍රහ්ම පියාගේ වගකීම් වලට වඩා වැඩිද? බ්‍රහ්ම පියාගේ වගකීම් හා සසදන විට, ඔබගේ වගකීම් අවමයි. ඔබ ඔහුව දුටුවා: අවසානය දක්වා, කර්මතීට් ස්ථිතියේ චිත්ත තරංග සමගින් ඔහු අව්‍යක්ත සුරදූතයෙක් විය. ඉතිං ඔබ බාප්දාදාට ලබා දුන් තෑග්ග ඔබ ඔහුගෙන් ආපසු ගන්නේ නැහැ නේද? ඔබගේ ක්‍රියාකාරකම් වල ඔබ කාර්යබහුල වන විට ඇතැම් විට එවන් අවස්ථා ඇති වන බව, බාප්දාදාට වැටහෙනවා. ඔවුන්ගේ කටහඩේ ශබ්දය ටිකක් වැඩි වන බව සමහරු ඔවුන්ගේ ප්‍රතිඵලයේ ලියා තිබේ; විටෙක ඔවුන්ගේ මූඩ් එක ටිකක් බලහත්කාර වෙයි. කෙසේවෙතත් ඔබට ජයගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ එවන් සිදුවීම් ඔබ ඉදිරියට පැමිණෙන විට පමණයි. සිදුවීම පැමිණීම එහි වගකීමයි, නමුත් අවස්ථාව අභිබවා ගොස් ජයගැනීමට, ඔබට දැනුම තිබෙනවා. ඉතිං ඔබ මෙයට කැමතිද? ඔබ කෝපයට සදාකාලිකව සමු දෙනවද, නැත්නම් මාස තුනකට පමණයිද? ඔබට මේ සදහා කෙතරම් කාලයකට එඩිතරකම තිබෙනවාද? සදාකාලයටම කෝපයෙන් නිදහස් වීම අපහසු නැති බව, ඔබ එසේ විය යුතු බව, සිතන අය, අත් ඔසවන්න! එය සිදු විය යුතුයි. අච්චා.

බාප්දාදාට සතුටුයි. ඇයි? ඔබගේ අවසන් උපතේ පවා ඔබ ගැන ගායනා කරන්නේ කුමන ප්‍රශංසාවද? ඔබගේ දේවතා ස්වරූපය ඉදිරියේ ඔබගේ ප්‍රශංසාව වන්නේ: සියළු ගුණදම් වලින් පිරිපුන්, සම්පූර්ණයෙන් පාපයෙන් තොර. මිනිසුන් මෙම ගීතය ගයයි. එම ප්‍රශංසාව ගයන්නේ, සංගම යුගයේ ඔබ මෙසේ වීමේ ඔබගේ චරිත කොටස වෙනුවෙන්ය. බාප්දාදාගේ හදවතේ ඇති විශේෂ බලාපොරොත්තුව කුමක්ද කියා ඔහු ඔබට කිව යුතුද? බාබා ඔබට එය පැවසිය යුතුයි නම්, හිස වනන්න. බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම සියළු දරුවෙක්ම දැන් සිට, සදාකාලිකවම පිපුණු රෝස මලක් මෙන් දැකීමටයි - භාග්‍යවන්ත සහ ප්‍රබෝදමත්ව. සිදුවීමක වගකීම වන්නේ, පැමිණීම බව වටහාගන්න. සිදුවීම් පැමිණෙයි, නමුත් ඔබගේ අරමුණට සරිලන සුදුසුකම් ඔබ වර්ධනය කරගත යුතුයි. බිය නොවන්න. බ්‍රහ්මකුමාරීන් ඔවුන්ට පවිත්‍රත්වයේ පාඩම බොහෝ උගන්වන බව මිනිසුන් දැන් කියන සේම, බ්‍රහ්ම කුමාරීන් යනු, සියළු දෙනාවම කෝපයෙන් නිදහස් කරන අය ලෙස ප්‍රසිද්ධ වන්න, මන්ද සියළු දෙනාටම කෝපයෙන් නිදහස් වීමට අවශ්‍යයි. ආතතිය තිබෙනවා නේද? සියළු දෙනාටම නිදහස් වීමට අවශ්‍ය වන්නේ ආතතිය තිබෙන නිසයි, නමුත් එසේ කරන අන්දම ඔවුන් නොදනී. පිවිතුරු වීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් බවයි ඔවුන් සිතා සිටියේ, නමුත් දැන් ඔබ සියළු දෙනාගේ අත්දැකීම් වල පදනමින්, එය කළ හැකි දෙයක් බව ඔවුන් සිතනවා. ඒ අන්දමින්ම, මේ වසරේ, කෝපය ජය ගැනීමට හැකි බව, එය අපහසු නැති බවට මෙම රැල්ල පතුරුවා හරින්න. මෙහි ප්‍රායෝගික අත්දැකීම් ඇති එවන් නිදසුන් වේදිකාව මතට ගෙන එන්න. තම ක්‍රියාකාරකම් වල කාර්යබහුලව සිටින අතර බොහෝ දරුවන් කෝපය ජයගෙන ඇති බව බාප්දාදා දැක තිබෙනවා. ඔබගේ පවුල තුල, ඔබගේ බ්‍රහ්මින් පවුල තුල එවන් බොහෝ නිදසුන් සිටිනවා. ඉතිං ඔබ මේ වසරේ කරන්නේ කුමක්ද? ඔබ පැමිණියේ හෝලි සැමරීමට නේද? ඉතිං හෝලියේදී ඔබ කරන්නේ කුමක්ද? යමක් පුළුස්සා දමනවා නේද? එසේ නම් අද දින හෝලියේදි ඔබ පුළුස්සන්නේ කුමක්ද? කෝපය වෙනුවෙන් ඔබ මෙය දැනටමත් සිදුකර අවසන්; ඔබ දැන් එය ස්ථිර කරගන්නවා. කෙසේවෙතත් ආතතිය ඇති වීමට හේතුව වී ඇත්තේ ශරීර අවධානයේ ‘මම’ යන වචනය බව, බාප්දාදා දැක තිබෙනවා. එය ශරීර අවධානයේ ‘මම’ ය. එකක් වන්නේ:’මම ජීවාත්මයක්.’ මෙයත් ‘මම’යි, නමුත් ශරීර අවධානයේ ‘මම’ යන වචනය, අහංකාරය හෝ අපහාසයේ එකක් විය හැක. අධෛර්යමත් වීමේ ‘මම, මම’ ද, ඔබව පහලට වට්ටයි. එබැවින් අද දින, කෝපය ජයගැනීමේ ඉදිරියට ගමන් කිරීම සදහා, යෝගා ගින්නේ, ‘ශරීර අවධානයේ ‘මම’ පුළුස්සා දමන්න. ‘මම, මම’ යන බොහෝ ස්වරූප පුළුස්සා දමා, ‘මම’ යන එක ස්වරූපය: මම ජීවාත්මයක්, ස්ථිර කර ගන්න. අද දින ඔබ මෙහි සිට පිටත්ව යාමට පෙර, යෝගා ගින්නේ අනෙක් සියළුම ස්වරූපයන්ගේ ‘මම, මම’ පුළුස්සා දමන්න. ‘මම’ යන බොහෝ ස්වරූප තිබෙනවා නේද? ඉතිං ඔබ අද යමක් පුළුස්සා දැමීමේ හෝලිය සමරනවා. කෝපයට හේතුව වන්නේ බොහෝ ආතතිය තිබීමයි. මෙම ‘මම’ අවසන් කිරීම සදහා, තමන් වෙනුවෙන් මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල අද දින ඇති කරගන්න. ඔබට එය පුළුස්සා දැමීමට සිදු වෙයි, මන්ද එයත් බරක්, එහෙම නේද? ඔබ මෙහි සිට ආපසු යන්නේ දුම්රියෙන් හෝ ගුවන් යානයෙන් වුනත්, මෙම බර පුළුස්සා දැමීමෙන් පසුව යන්න. ඔබට එය පුළුස්සා දැමිය හැකියි නේද? ඔබ එඩිතරකම පවත්වා ගන්න විට, පරම පියා ඔබට උපකාර කර, ඔබ සමග සිටින බව, සිතන අය, එමෙන්ම එබැවින් ජයග්‍රහණයද ඔබ සමග ඇති බව සිතන අය, ඔබ අනිවාර්යෙන් ජයගත යුතු බව සිතන අය, අත් ඔසවන්න! ඔබ එය විය යුතුයි. අච්චා. අද ඇවිත් සිටින ප්‍රභූවරුන්ද අත් ඔසවනවා. අද පැමිණ ඇති ප්‍රභූන් නැගිටින්න. ඔබත් අත් ඔසවනවා. ඔවුන්ට අත්පොලසන් ගසන්න. ඔබ ජයගන්නවාද? බලන්න! ජය ගැනීමට යන ඔබ සියළු දෙනාට බාප්දාදා මල් මාලා පලදවනවා. සුබ පැතුම්. සුබ පැතුම්. අච්චා. දැන් පැමිණ ඇති සියළුම ප්‍රභූවරු එඩිතරයි, මේ නිසයි බාප්දාදා ඔබට ආශිර්වාදයක් ලබා දෙන්නේ. මෙකල, ඔබගේ කාර්යය නිසා ඔබ ප්‍රභූවරු වී ඇති. ඔබ එක උපතකට එය වී ඇති, එබැවින් බාප්දාදා ඔය එඩිතර දරුවන්ට දැන් “ප්‍රභූවරු” කියා අමතන්නේ නැහැ; ඔහු ඔබව අමතන්නේ දරුවන් (බච්චේ) කියාය. ඔය සියළු දෙනාම උපත් 21කට ප්‍රභූවරු වෙයි, යන සහතිකයෙන් බාප්දාදා ඔබට ආශිර්වාද කරනවා. එහිදි මෙම චන්ද සහ තෝරා ගැනීම නොතිබෙයි. එබැවින් ඔබ සියළු දෙනාම එක දෙයක් කිරීම, නතර නොකරන්න. ඔබ දැන් මෙම නෑ සම්බන්දතාවයට පැමිණ ඇති සේම, මෙම බ්‍රහ්මින් පවුල සමග ඇති ඔබගේ සබදතාවය කිසි විටෙක අත් නොහරින්න. ඔබ වැඩියෙන් සම්බන්ද වී සිටින තරමට, ඔබගේ සබදතාවය තවත් වැඩි වී, ඔබ නියත වශයෙන්ම පරම පියාගේ ආශිර්වාදය හිමි කරගනිවි. ඉතිං ඔබ මෙයට එකගද? සම්බන්දකම දිගටම පවත්වා ගැනීමට ඔබ එකගද? අත් ඔසවන්න! අච්චා. (බාප්දාදා භෝග් වටේ තිබුණු මල් මාලාව ගෙන සියළු දෙනා ඉදිරියේ එය එසවූහ.) ඔබ සියළු දෙනාම මෙම මල් මාලාව පලදින්න.

ඔය සියළුම අළුත් දරුවන් සහ සැබෑ රත්තරං දරුවන්, ඔබ සියළු දෙනාම පියාට කීකරුයි, නේද? එසේ නම් ඔබ අද පිටව යාමට පෙර මෙම ‘මම’ පුළුස්සා දමන්න. ප්‍රථම වතාවට පැමිණි අය, නැගිටින්න! අච්චා. ප්‍රථම වතාවට මෙහි පැමිණි දරුවන්ට බාප්දාදා කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. ඔබ මෙහි ඇවිත් තිබෙන්නේ ප්‍රථම වතාවටයි, එමෙන්ම පලමුවන අංකය නියම කර ඇති නමුත්, ප්‍රථමයෙන්, පලමුවන කෝට්ඨාශය තුල ඔබගේ අංකය නියම කරගන්න. ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? මෙම එඩිතරකම ඇති අය අත් ඔසවන්න! අත ඔසවන්න පෙර ඒ ගැන හොදින් සලකා බලන්න. අච්චා. ඉතිං මෙම අරමුණ තබා ගන්න: ඔබ අවසානයේ පැමිණ ඇති නමුත්, ඔබ වේගයෙන් යයි, මන්ද කාලයට සහතිකයක් නොමැත. ඔබට කුමක් කිරීමට අවශ්‍ය වුනත්, වේගවත් උත්සාහ දරන්නෙක් වී, එය දැන්ම සිදු කරන්න, මන්ද ඔබ කෙටි කාලයක් තුලදි දීර්ග කාලයක් පුරා උත්සාහ දැරිය යුතුයි. ඉතිං ඔබට මෙම එඩිතරකම තිබෙනවද? ඔබ එඩිතරද? අත් ඔසවන්න! බලන්න, ඔබගේ ජායාරූපය ගන්නවා. එඩිතරකම ඇති අයට බාප්දාදා සුබ පතනවා. ඔබ එඩිතරකම පවත්වා ගන්න විට, පරම පියා උපකාර කරනවා, එබැවින් කිසිම විටෙක එඩිතරකම නැති කර නොගන්න. ඔබගේ භාග්‍යයේ තාරකාව නිරන්තරයෙන් බබලවන්න, මන්ද මෙම උපතේ තීව්‍ර උත්සාහය - උත්සාහය නොව, තීව්‍ර උත්සාහය - බොහෝ උපත් ගණනාවකට ඔබගේ භාග්‍යය නිර්මාණය කරයි. එබැවින් කිසිම විටෙක එඩිතරකම අත් නොහරින්න. සිදුවීම් පැමිණෙයි, නමුත් සිදුවීමක් මහාවීරයෙක් නොවෙයි. ඔබ සර්ව බලධාරියාගේ දරුවන්. ඔබ ඉදිරියේ සිදුවීම් කුමක් වැනිද? සිදුවීම් පැමිණ ඉන්පසුව ඒවා පිටත්ව යයි. කොහොමත් පිටව යන දෙයක් පසුපස හඹා යෑමෙන් ඔබගේ භාග්‍යය අහිමි කර නොගන්න. අච්චා. ඉද ගන්න!

බාප්දාදා සියළු දෙනාට සෙනෙහසින් සුබ පතනවා. කුමටද? එඩිතරකම පවත්වා ගැනීම නිසා, එමෙන්ම සෑම දරුවෙකුගේම එඩිතරකමින් පිරි සිතිවිල්ල ගැන බාප්දාදා සතුටු වනවා. ඉතිං, ඔබ හෝලි සැමරුවාද? ඔබ යමක් පුළුස්සා දැමීමේ හෝලිය සැමරූ අතර පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් ඔබව වර්ණවත් කිරීමේ හෝලියත් ඔබ සැමරුවා. ඔබ යමක් පුළුස්සා දැමූ අතර තවද ඔබ සැමරුවා.

බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔය සියළුම දරුවන් ලවා අභ්‍යාසයක් සිදු කිරීමටයි. එම අභ්‍යාසය වන්නේ: සෑම තැනකම අහිතකර සිදුවීම් තිබේ, එක් තැනක එක සිදුවීමක්, තව තැනක තව සිදුවීමක්. සෑම තැනකම ඇති සියළුම අහිතකර සිදුවීම් මධ්‍යයේ සිටින අතර ඔබට තමන්ව තත්පරයකදි ස්ථාවර කරගත හැකිද? ඔබට එවන් පුහුණුවක් ඇති බව ඔබ අත්දකිනවාද? නිදසුනක් ලෙස, එක් හෝ තව හේතුවක් නිසා ඔබ නිෂ්ඵල සිතිවිලි කුණාටුවක් අත්විදින ඔනෑම වෙලාවකදි, ඒ වෙලාවේ ඔබගේ මනස සහ බුද්ධිය ඔබට ස්ථාවර කරගත හැකිද? එවන් වෙලාවකදි ඔබ ඒකාග්‍රතාවයේ බලයේ අභ්‍යාසය කිරීමට තැත් කර තිබෙනවාද? ඒ වෙලාවේ ඔබ තත්පරයකදි ඒකාග්‍රතාවයේ බලය භාවිතා කළ යුතුයි, මන්ද, ඔබ තව ප්‍රගතිය ලබත්ම, එවන් සිදුවීම් නැවත නැවතත් පැමිණෙයි. අද බාප්දාදාට අවශ්‍ය වන්නේ, තත්පරයකදි නැවතීමේ තිතක් තැබීමට ඔබගේ අවධානය යොමු කිරීමටයි, එනම්, ඒකාග්‍රතාවයේ පුහුණුව තිබීමට, මන්ද, පදාර්ථ ඒවායේ විවිධ වර්ණ පෙන්වීම ආරම්භ කර ඇත. සෑම තැනකම සිදු වන්නේ කුමක්ද කියා ඔබ සියළු දෙනා හොදින් දන්නවා. ඔබගේ මනස සහ බුද්ධිය සැරිසැරීමට සලස්වන එවන් දේවල් නියත වශයෙන්ම පැමිණෙයි, එබැවින් දැන් මෙය පුහුණු කරන්න. ඔබට තත්පරයකදි ඔබගේ මනස සහ බුද්ධිය පරම දනව්වේ ස්ථාවර කළ හැකිද? දැන් තමන්ව සුරදූත ස්වරූපයේ ස්ථාවර කරගන්න. දැන් ඔබව බ්‍රහ්මින් කෙනෙක් වීමේ, මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ස්ථිතියේ ස්ථාවර කරගන්න. මාස්ටර් සර්ව බලධාරියෙක් වීමේ ස්ථිතියේ තමන්ව ස්ථාවර කරගන්න. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවූහ.) දවස පුරා, ඔබට කාලය ඇති ඔනෑම විටෙක, මෙම අභ්‍යාසය පුහුණු කරන්න. නැවත නැවතත් ඔබගේ මනස ස්ථාවර කරගන්න. ඔබට අවශ්‍ය ඔනෑම වෙලාවක, අවශ්‍ය ඔනෑම දෙයක් මත ඔබගේ මනස ස්ථාවර කරගන්න. උත්සාහ දැරීමට ඔබට විනාඩියක් ගත වෙයි, නමුත් තත්පරයකදි නැවතීමේ තිතක් තබන්න, මන්ද කාලය දැන් කැලඹීම් වෙනුවෙන් සූදානම් වනවා. එබැවින් මනසේ පාලනයක් තිබිය යුතුයි. එය මගේ මනසයි. මම මනස නොවෙයි. මනස මට අයත්ය, එබැවින් මගේ වන දේ මත, මට පාලනයක් තිබෙනවද? මෙම අභ්‍යාසය බොහෝ සේ අත්‍යාවශ්‍යයි.

පැමිණ සිටින සියළු දෙනා, බාප්දාදා තුල ඔය සෑම කෙනෙක් වෙනුවෙන්ම සෙනෙහස තිබේ. ඇයි? ජීවාත්මයක් කෙබදු අන්දමේ වුනත්, බාප්දාදා සෑම දරුවෙක්ම දකින්නේ කෝටියකින් කෙනෙක් ලෙසයි. ඔබගේ උත්සාහ අතින් ඔබ දුර්වල වුනත්, පියා තුල ඔබ කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ හදවතින්ම පවසන්නේ: ‘මගේ බාබා’, මේ නිසයි බාබා තුල ඔබ කෙරෙහි ගැඹුරු සෙනෙහස තිබෙන්නේ. බාප්දාදා නැවත වරක් ඔබට එක දෙයක් සිහි කර දෙනවා: ඔබගේ මුහුණ සෑම විටම ප්‍රබෝදමත් වී සතුටින් දිදුලමින් තිබිය යුතුයි. සිදුවීම් යයි, නමුත් ඔබගේ සතුටට යන්න ඉඩ නොදෙන්න. සංගම යුගයේ සතුට, දේවමය තෑග්ගකි. හෝලි යනු, එවන් ඔනෑම සිදුවීමක් පැමිණෙන විට, ඔබ ආපසු පැමිණ ඇත්තේ හෝලි සැමරීමෙන් පසුව බව මතකයේ තබා ගන්න, අතීතය, අතීතයේම තබා ඇති හෝලිය. එබැවින් කිසිම විටෙක ඔබගේ සතුටට අතුරුදහන් වීමට ඉඩ නොදෙන්න. සතුට යනු ඔබගේ දේවමය තිලිණය සහ සම්පතයි.

බාප්දාදා සෑම විටම පවසන්නේ: නිරතුරුවම මෙම පාඨය මතකයේ තබා ගන්න: සතුටින් රැදී සිට සතුට බෙදා ගන්න. ඔබ සතුට වැඩියෙන් බෙදන තරමට එය වඩාත් වැඩි වෙයි, එමෙන්ම ඔබ ගමන් කරන අතර ප්‍රබෝදමත් මුහුණක් තිබීම තුලින් සේවය ඉබේටම නොකඩවා සිදු වෙයි. එවිට ඔබව දකින ඔනෑම කෙනෙක් මෙසේ සිතයි: ‘මේ කෙනාට ලැබී ඇත්තේ කුමක්ද?’ ඉතිං අද හෝලි දිනයේ දිල්කුෂ් තෝලිය වන්නේ සතුටය. ඔබ සියළු දෙනාම එය කෑවාද? නිරන්තරයෙන් මෙය නොකඩවා බුදින්න. මෙය මගින් කිසිම රෝගයක් ඇති නොවෙයි. අච්චා.

තමන් මත උත්සාහ දැරීමට කියා, බාප්දාදා ඔබට නැවත වතාවක් සංඥාවක් ලබා දෙනවා. ස්ව-ප්‍රගතිය සහ සේවය යන දෙකටම නොකඩවා අවධානය යොමු කරන්න. අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න, නිරතුරුව පියාසර කරමින් අන් අයව පියාසර කරවන්න. අච්චා.

බාප්දාදාගේ සෙනෙහස තුල මුසුවී ඇති සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට, සිහි කිරීමේ සහ සේවයේ ඉදිරියට ගමන් කරන සහ අන් අයව ඉදිරියට ගමන් කරවන අයට, අම්රිත් වේලාව හොදම සහ බලවත්ම කරගන්නා අයට, සානුකම්පාවෙන් පිරිපුන් වී, කාරුණික සහ දයාවන්ත වී, මනසින් සේවය කර, ජීවාත්මයන්ට එක් හෝ වෙනත් දෙයක බිදක් ලබා දෙන අයට - මේ අන්දමින් නොකඩවා සේවය වැඩි කරන්න. සෑම දරුවෙක් තුල උනන්දුව සහ උද්යෝගය ඇති බව බාප්දාදා දකිනවා, නමුත් ඔබ එයට තව එකතු කළ යුත්තේ කුමක්ද? නිරන්තරයෙන් (සදා) කියන වචනය එකතු කරන්න. ඔබගේ ශබ්ද කෝෂයෙන් ‘ඇතැම් විට’ යන වචනය ඉවත් කරන්න. ඉතිං සෑම තැනකම සිටින ඔය දරුවන්, පුළුස්සා දැමීමෙන්, ඇසුරින් තමන්ව වර්ණ ගැන්වීමෙන් සහ අතීතය, අතීතයේම තැබීමෙන්, හෝලි සැමරුවා. මේ නිසයි සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ව බාප්දාදා දකින්නේ, ඔහු ඉදිරියේ පෞද්ගලිකව ඔහුගේ හදවත තුල සිටීන අය ලෙසයි. බාප්දාදාගෙන් කෝටි, කෝටි, කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

වරදානය:
ඔබ සෑම විටම නියෝග පිලිපැදීමේ තිලකයක් පැලද සිට, ප්‍රථම ත්‍යාගය හිමි කරගෙන, නිරන්තරයෙන් නියෝග පිලිපදින අය වේවා.

ඔවුන්ගේ නළල් මත නියෝග පිලිපැදීමේ අවධානයේ තිලකය ඇති දරුවන්, නියෝගයක් නොමැති එකදු සිතිවිල්ලක්වත් නොමැති අය, ප්‍රථම ත්‍යාගය හිමි කර ගනී. නිදසුනක් ලෙස, සීතාට නියෝග කළේ, ඈ වෙනුවෙන් ඇදි රේඛාව තුල සිටීමටයි. ඒ අන්දමින්ම, සෑම පියවරක්ම ගන්න අතර හෝ ඔනෑම සිතිවිල්ලක් ඇති කරන විට, පරම පියාගේ නියෝග රේඛාව තුල රැදී සිටින්න, එවිට ඔබ නිරන්තරයෙන් ආරක්ෂිත වෙයි. රාවනගේ කිසිදු සංස්කාරයක් ඔබට පහර නොදෙන අතර ඔබගේ කාලය අපතේ නොයයි.

පාඨය:
ඔබට ඔනෑම කෙනෙක් කෙරෙහි බැදීමක් ඇත්නම්, එය අනිවාර්යෙන් ඔබගේ උත්සාහය අතින් ඔබව නොසැලකිලිමත් කරවයි.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර මනෝ ස්ථිතියක් අත්දකින්න.

නිරන්තරයෙන් ඒකායන කෙනාගේ ස්මරණයේ රැදී සිට, ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කරගන්න, එවිට ඔබ ‘1-1-1’ කාල වකවානුවේදි පැමිණෙයි. පිටත වාසය කරන අතර පවා මෙම පාඩම ස්ථිර කරගන්න: පියාව දකින්න එමෙන්ම පියාව අනුගමනය කරන්න. එවිට ඔබ කිසිදු සිදුවීමකදි චංචල නොවෙයි. බ්‍රහ්ම පියා ඉදිරියට කෙතරම් සිදුවීම් පැමිණියත්, ඔහු සිදුවීම් දෙස නොබැලූ අතර බැලුවේ, ඒකායන පරම පියා දෙස පමණයි, ඔහු අංක එක බවට පත් වුනේ ඒ ආකාරයටයි. එබැවින් පියාව අනුගමනය කරන්න.