24.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබට සතුට ලබා දෙන පරම පියා මහත් ආදරයෙන් සිහිපත් කරන්න. ස්මෘතිය නොමැතිව
සෙනෙහස තිබිය නොහැකිය.
ප්‍රශ්නය:
ඔහු පිළිබඳ
ස්මෘතිය දිනපතා සිදුකිරීමට පියා කියන්නේ ඇයි?
පිළිතුර:
ඔබ ජීවාත්ම සත්ථාවන් පාරිශුද්ධියට පත් වන්නේ ස්මෘතිය මඟින් පමණක් නිසාය. ස්මෘතිය
තුළින් පමණයි ඔබට සම්පූර්ණ උරුමය ලබා ගත හැකි වන්නේ. ජීවාත්ම සත්ථාවේ සියලු බන්ධන
අවසාන වන අතර ඔබ පාපයෙන් නිදහස් වී දඬුවමින් ද විමුක්තිය ලබයි. ස්මෘතියේ සිටි තරමට,
ඔබ සතුටට පත්ව ගමනාත්තයේ අත්විඳීමද සමීප වේ. එමනිසා, ස්මෘතිය පුහුණු කිරීම
අත්‍යවශ්‍යය.
ගීතය:
ඔබේ ළමා කාලය
අමතක නොකරන්න.
ඕම් ශාන්ති.
ඔබ සුමිහිරි,
ආධ්‍යාත්මික දරුවන් ගීතයේ එක පේළියක තේරුම හඳුනා ගත්තා. ඔබ දැන් අසීමිත පියාට මේ
ජීවිතයේ දීම බාර වී ඇත. මුළු චක්‍රය පුරාම ඔබ සීමිත පියවරුන්ට අයිතිව සිටියා. සත්
යුගයේ දී පවා ඔබ අයිතිව සිටියේ සීමිත පියවරුන්ටයි. දැන් ඔබ, බ්‍රහ්මිණ් දරුවන්
පමණක් අසීමිත පියාට අයිතිව ඇත. ඔබ දන්නවා ඔබ අසීමිත උරුමය ලබන්නේ අසීමිත පරම
පියාගෙන් බව. ඔබ පරම පියාගෙන් වෙන් වුවහොත් අසීමිත උරුමය ලබා ගත නොහැකි වනු ඇත. ඔබ
මිනිසුන්ට විස්තර කරන නමුත්, කිසිවෙක් සුළු ප්‍රමාණයකින් සතුටු නොවේ. මිනිසුන්ට
බොහෝ ධනය ඕනෑ වේ. ධනය නොමැතිව සතුට ඇති විය නොහැකිය. ධනය අවශ්‍ය වෙයි. සාමය ද
අවශ්‍ය වන අතර ලෙඩ රෝග නැති ශරීරයක් ද අවශ්‍ය වේ. ඔබ දරුවන් පමණයි දන්නේ අද ලෝකයේ
තිබෙන දේවල් සහ හෙට තිබිය හැකි දේ. විනාශය අත ළඟයි. මේවා වෙනත් අයගේ බුද්ධියේ නැත.
විනාශය අතළඟ බව තේරුම් ගත්තත් ඔවුන් කළ යුත්තේ කුමක් දැයි නොදනියි. ඔබ දරුවන්ට
තේරෙනවා ඕනෑම මොහොතක යුද්ධය ආරම්භ විය හැකි බව. පොඩි ගිණි පුළුඟුවකින් විශාල
විනාශයක් සිදුවේ. ඊට කාලයක් ගත නොවේ. කලින් ද එවැනි සුළු දෙයකින් යුද්ධය ඇති වුණා.
ඔබ දන්නවා වියපත් ලෝකය අවසන් වීමට කිට්ටු බවත් ඒ නිසා ඔබ අසීමිත පියා ගෙන් හැකිතාක්
ඉක්මණට ඔබේ උරුමය ලබා ගත යුතු බවත්. ඔබ දිගටම පරම පියා නිරන්තරව සිහි කළොත් ඔබට
උද්යෝගයෙන්ම සිටිය හැකියි. ඔබ ශරීර අවධානයට පැමිණුනු සැනින්, ඔබේ සතුට අතුරුදන් වේ.
ඔබ ජීවාත්ම සත්තා අවධානයට පත් වූ විට පරම පියා සිහිකිරීමට හැකි වේ. ඔබ ශරීර
අවධානයෙන් යුතු වූ විට පරම පියා අමතක වී දුකට පත් වේ. ඔබ පරම පියා සිහිකළ තරමට,
අසීමිත පියාගෙන් ඔබට ලැබෙන සතුටද වැඩි වේ. ඔබ මෙහි පැමිණ ඇත්තේ ලක‍්ෂ්මි සහ නාරායන
වීමටයි. රජ හා රැජිණිය ගේ දැසි දස්සන් වීමත් යටත් වැසියන්ගේ දැසි දස්සන් වීමත් අතර
විශාල වෙනසක් ඇත. දැන් කරන උත්සාහය චක්‍රයෙන් චක්‍රය නියමිතය. අවසානයේ දී හැම
කෙනෙකුටම තමා ගත් උත්සාහය පිළිබඳ දසුන් ලැබේ. දැනුදු, පරම පියා මෙසේ කියයි ඔබේ
තත්ත්වය ගැන දිගටම බලා සිටින්න. ‘‘දෙව්ලොව උරුමය අපට ලබා දෙන සියල්ලන්ට වඩා මිහිරි
බාබා මම කොතරම් සිහි කරම්ද?’’ ඔබ වෙනුවෙන් සෑම දෙයම ස්මෘතිය මත රඳා පවතී. ඔහු
සිහිකළ තරමට ඔබේ සතුට ද වැඩි වේ. ඔබ දැන් දන්නවා ඔබ ඒ සමීපයටම පැමිණ ඇති බව. සමහරු
ගමනාන්තය කොයි තරම් ඈත දැයි වෙහෙස ඇතිව විශ්මයට පත් වේ. ඔවුන් ගමනාත්තයට පැමිණුනොත්
ඔවුන්ගේ උත්සාහය වටිනා බවට පත් වේ. පරමාත්ම දෙවියන් කවුරු දැයි ලෝකයේ කිසිවෙක්
දන්නේ නැත. ඔවුන් මෙසේ කියයි ඕ දෙවියනි, එසේ කියන අතර ම ඔවුන් කියන්නේ දෙවියන් ගස්
ගල් වල ඉන්නා බවයි! ඔබ දරුවන් දැන් දන්නවා ඔබ අසීමිත පියාට අයිති බව. ඔබ දැන් පරම
පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔබ පිටරටක සිටියත්, එහිදීද ඔබ පරම පියා සිහිකළ
යුතුය. ඔබට එම උපදෙස ලැබී ඇත. පරම පියා සිහි නොකර ජීවාත්ම සත්තාවකට තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් බවට පත් විය නොහැක. ඔබ මෙසේ කියයි බාබා, මම ඔබෙන් සම්පූර්ණ උරුමය
ඉල්ලා සිටිමි. අපේ බාබා උරුමය ලබා ගත්තා සේම මම ද නියතයෙන්ම උත්සාහ කර ඔහුගෙන්
සිංහාසනය ලබා ගනිමි. මමාත් බාබාත් රජ හා රැජිණ වන්නා සේම අපද එසේ වන්නෙමු. හැම
කෙනෙකුටම විභාගය එකමයි. ඔබට උගන්වා ඇත්තේ ඉතා ටිකක්ය. සරළවම පරම පියා සිහිකරන්න.
මෙයට පහසු රාජයෝගාවේ බලය යැයි කියයි. ඔබ තේරුම් ගන්නවා ඔබ යෝගා තුළින් විශාල බලයක්
ලබනා බව. ඔබ පාප ක්‍රියාවක් කළොත්, බොහෝ දඬුවම් අත්විඳ ඔබේ තත්ත්වයද විනාශ වේ. මායා
බාධක ඇති කරන්නේ ස්මෘතියටමයි. ඔබ දන්නවා ඔබ පිරිසිඳු ලෝකයට යන බව. බ්‍රහ්මිණ්වරු යන
අය මේ සඳහා උපකරණයන් වෙයි. බ්‍රහ්මාගේ මුවින් උපන් බ්‍රහ්මිණ් කෙනෙක් නොවී ඔබට පරම
පියාගෙන් උරුමය ලබා ගත නොහැකියි. පියෙක් දරුවන් හදන්නේ උරුමයක් දීමටයි. අප කොහොමත්
ශිව බාබාට අයිතියි. ඔහු නව ලෝකය හදන්නේ ඔබ දරුවන්ට උරුමය දීමටයි. උරුමයක් ලබා
දෙන්නේ ශරීරයක් ඇති අයටයි. ජීවාත්මයන් වසන්නේ ඉහළ එපිටයි. එහිදී උරුමයක් හෝ ත්‍යාග
පිළිබඳ ප්‍රශ්න නැත. ලෝකය මෙය නොදනී. කාලය දැන් ළඟටම පැමිණ ඇත. කෙනෙක් යමක් කළොත්
එවැනිම යමකින් ඔවුන් පුපුරවා හරින බවට තර්ජනය කරමින් සිටී. ඔවුන් සූදානම් වන්නේ
එයටයි. බෝම්බ ආදිය තනා ඇත්තේ නිකම් තැබීමට නොවේ. බොහෝ සූදානම් කිරීම් කර ඇත.
බ්‍රිතාන්‍ය පාලනය තිබුණු කාලයේ පකිස්ථානය හා හිංදුස්ථානය තිබුණාද? යෝවන වරුන්ගේ
යුද්ධය ගැන ඔවුන් ලියා ඇත. පාණ්ඩවයින් සහ කෞරවයින් අතර යුද්ධයක් නොතිබුණි. යෝවනවරු
දැන් ඇත්තටම සටන් කරයි. බෝම්බ ආදිය සියල්ල සූදානම්ය. පරම පියා අපට දෙන අනඥාව මෙයයි:
මාව සිහිකරන්න! එසේ නොවුණොත් ඔබට අවසානයේ දී බොහෝ සෙයින් හැඬීමට සිදුවේ. කෙනෙක්
විභාගයක් අසමත් වු විට, ඔහු වෛරයෙන් ගිලීයයි. මෙහිදී, එවැනි තරහක් පිළිබඳ
ප්‍රශ්නයක් නැත. අවසානයේ දී ඔබට බොහෝ දසුන් පහළ වේ. ඔබ දන්නවා ඔබ පත් වන්නේ කුමකටද
කියා. පරම පියාගේ යුතුකම ඔබේ උත්සාහය උනන්දු කරවීමයි. ඔහු මෙසේ කියයි දරුවනි, ඔබට
වැඩකටයුතු නිසා හෝ කාලය නැති නිසා හෝ මාව අමතක වේ නම්, උවමනාවෙන් වාඩි වී මාව
සිහිකරන්න. ස්මෘතිය ඇතිව වාඩි වී පරම පියා ව සිහි කරන්න. ඔබ එකිනෙකා හමු වන විටද,
බාබාව සිහිකිරීමට උත්සාහ කරන්න. අන් අය හා සමඟ ස්මෘතියෙන් වාඩි වීම මඟින් ඔබට උපකාර
ලබා ගැනීමටත් බාබා හොඳින් සිහිකිරීමටත් හැකි වේ. කෙනෙක් පිටරට ගිය විට, ඔහුට
තවදුරටත් මෙහි පැමිණිය නොහැකි වනු ඇත. ඔබ එහි සිටින විට සරළ ලෙස සිහිකරන්න පරම පියා
සිහිකිරීමෙන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන බව. පරම පියා මෙසේ කියයි සරළව මේ
එකම දේ පමණක් සිහිකරන්න පරම පියා සිහිකරන්න! පරම පියා මෙසේ කියයි මන්මනාභව්! මාව
සිහිකළ විට ඔබ මුළු ලොව හිමිකරුවා බවට පත් වේ. ප්‍රධානම දේ ස්මෘතියයි. කොහේවත් යාමේ
ප්‍රශ්නයක් නැත. ගෙදර සිට සරළව පරම පියාව දිගටම සිහිකරන්න. ඔබ පිරිසිඳු බවට පත්
නොවී, පරම පියා සිහිකිරීමට නොහැකියි. හැම කෙනෙකුටම මෙහි පංතියට පැමිණ වාඩි වී
ඉගෙනගත නොහැකියි. මන්ත්‍රය රැගෙන ඕනෑම දේශයකට යන්න. පරම පියා ඔබට සතෝප්‍රධාන් බවට
පත් වීමේ මාර්ගය පෙන්වා දී ඇත. ඔබ මධ්‍යස්ථානයකට ගිය විට නම්, අළුත් කරුණු අසා ගත
හැකිය. කුමන හෝ හේතුවක් නිසා එසේ යා නොහැකි නම් හෝ වැස්ස හෝ හදිසි නීතිය නිසා එළියට
යා නොහැකි නම් එවිට ඔබ කුමක් කරන්නද? පරම පියා මෙසේ කියයි ඒකට කමක් නැත. ඔබ සිටිනා
තැනක සිට ස්මෘතියෙන් ම සිටින්න. එහෙමෙහෙ යත්දීත් ඔහුව සිහිකරන්න. අන් අයට පරම පියාව
සිහිකිරීමට කියා දුන් විට ඔවුන්ගේ පාප දුරු වී ඔවුන් දෙවි දේවතාවන් බවට පත් වේ.
ප්‍රකාශයන් දෙකක් ඇත. පරම පියා මෙසේ කියයි මෙම ළමා කල දවස අමතක නොකරන්න. අද ඔබ හිනා
වී සිටියත් හෙට පරම පියාව අමතක කළොත් කඳුළු නැඟෙනු ඇත. ඔබ පරම පියාගෙන් සම්පූර්ණ
උරුමය ලබා ගත යුතුයි. සමහරු කියනවා ඔවුන් නියතයෙන්ම දෙව්ලොවට යන බව සහ ඔවුන්ගේ
වාසනාව ඉතා ඉහළ බව. එය උත්සාහ කරන විධිය නොවේ. මිනිසුන් උත්සාහ දරන්නේ උසස්
තත්ත්වයක් ලැබිමටයි. ඔබ දැන් පරම පියාගෙන් ඉහළ තත්ත්වයක් ලබන නිසා ඔබ ඇයි අපරිස්සම්
වන්නේ? පාසලේ දී ඉගෙන ගන්නේ නැති අයට සිදුවන්නේ ඉගෙන ගත් අය ඉදිරියේ හිස නැමීමටයි.
ඔබ පරම පියා සම්පුර්ණ ලෙස සිහි නොකරන්නේනම් ඔබ යටත් වැසියන්ගේ දැසි දස්සන් බවට පත්
වේ. ඔබ එයින් සතුටු විය යුතු නැත. පරම පියා මෙසේ විස්තර කරයි සුමිහිරි දරුවනි, ඔබ
පෞද්ගලිකවම මෙහි පැමිණ ප්‍රබෝධමත් වී ආපසු යයි. සමහරුන්ට බැඳීම් ඇති අතර ඔවුන් ගෙදර
සිට දිගටම පරම පියා සිහිකළාට කම් නැත. හැම දෙයක්ම ඔබට ඒ තරම් පහසුවෙන් විස්තර කර
ඇත. මරණය ඔබ ඉදිරියේම ඇත. යුද්ධය හිටි හැටියේ ආරම්භ වේ. ඔවුන් එකිනෙකාට මෙසේ තර්ජනය
කරයි ‘‘ඔබ පොඩි හෝ වරදක් කළොත්, අපිද එයම කරමු.’’ ඔවුන් කල්තියාම එකිනෙකාට අනතුරු
අඟවයි. ඔවුන් සතු බෝම්බ ගැන ඔවුන් ඉතා ආඩම්බරය. පරම පියා මෙසේ කියයි දරුවන් තවම යෝග
බලය පිළිබඳ දක‍්ෂ නැත. ඔබ සූදානම් වන තෙක් යුද්ධය පටන් ගැනීම සිදු නොවිය යුතුයි.
කොහොමනමුත්, නාටකය අනූව එය එසේම නොවේ. ඔබ ඔබේ සම්පූර්ණ උරුමය තාම ලබා නැති අතර මේ
නිසයි ඔබ විශ්වාස කරන්නේ යුද්ධය පටන් ගත්තත් රජ දහන තවම ස්ථාපනය වී නැති නිසා
යුද්ධය ඉක්මනින් අවසාන වෙයි කියා. කාලය අවශ්‍යය. ඔබ කුමන වේලාවක, කුමක් සිදුවේදැයි
නොදන්නා නිසා ඔහු දිගටම ඔබව උත්සාහ කිරීමට උනන්දු කරවයි. බස්, අහස් යාත්‍රා හා
දුම්රිය අනතුරු සිදුවේ. මෙකල මරණය ඉතා පහසුවෙන් සිදුවේ. පොළොව පවා දිගටම සෙලවෙයි.
භූමිකම්පා වලින් විශාල වැඩ කොටසක් සිදුවේ. කොහොමනමුත්, ඔබ විනාශයට පෙර පියාගෙන්
සම්පූර්ණ උරුමය ලබා ගත යුතුයි. මේ නිසයි ඔබ ඉතා විශාල සෙනෙහසකින් පරම පියා සිහිකළ
යුත්තේ. බාබා, අපට ඔබ හැර වෙන කිසිවෙක් නැත. විශාල ආදරයකින් පරම පියාව දිගටම
සිහිකරන්න. ඔබ කුඩා ළමයින්ට තේරුම් කර දෙන්නා සේ ඔහු ඔබට පහසුවෙන් විස්තර කරයි. ඔහු
ඔබට වෙනත් කරදරයක් නොකරයි. මාවම සිහිකරන්න! ඔබ කාම රාග සෑයේ සිට දැවී හළුවී ඇත.
එමනිසා, දැන් ඥාන සෑයේ සිට පාරිශුද්ධියට පත් වන්න. මිනිසුන් ඔබෙන් අරමුණ කුමක්දැයි
අසයි. ඔවුනට කියන්න සැමගේම පරම පියා මෙසේ කියයි කියා මාව නිරතුරුව සිහිකිරීමෙන් ඔබේ
පව් දුරු වී තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වේ. සියලුම දෙනාට ගැලවීම ලබා
දෙන්නා ඒ එකම පරම පියාය. පරම පියා මෙසේ කියයි දැන් මා සිහිකළ විට මළකඩ ඉවත් වේ.
ඔවුන්ට මෙම පණිවුඩය දෙන්න. ඔබම ස්මෘතියේ සිටින කල අන් අයටද බාබා සිහිකිරීමේ හැකියාව
ලැබේ. එවිට ඔබට අන් අයට කීමේ රුචිය ඇති වේ. එසේ නොවුණොත් එය ඔබේ හදවතින්ම නොවේ. පරම
පියා මෙසේ කියයි ඔබ කොහේ සිටියත් හැකිතාක් මාව සිහිකරන්න. ඔබට කෑම බීම ගැන සුලු
කලබල තිබුණත් ඔබ ගෙදර සිටිය යුතුමයි. ගෙදර සිට පරම පියාව සිහිකරන්න. ඔබට හමුවන
සැමටම ඉගැන්වීම් ගැන කියන්න. මරණය අතළඟය. පරම පියා මෙසේ කියයි: ඔබ සැම තමෝප්‍රධාන්
වී අපිරිසිඳු වී ඇත. දැන් මා සිහිකර පිරිසිඳු වන්න. වෙන ක්‍රමයක් නැත. මෙසේ හැම
කෙනෙකුටම දිගටම පණිවුඩය දෙන විට බොහෝ අයට යහපත සිදුවේ. බාබා ඔබට වෙනත් කරදරයක්
නොකරයි. දැන් මේ බොහෝ උත්තම පුණ්‍ය මාසයයි (පුරුෂෝත්තම). උසස්ම අය ගැන විස්තර කර
දෙන්න. සත් යුගයේ ආරම්භයේ දී උසස්ම වන්නේ ලක‍්ෂ්මි සහ නාරායනය. මෙසේ ඔබව උසස් බවට
පත් කළේ පියා වන අතර එහි අර්ථය ඔහු දෙව්ලොව ස්ථාපනය කළ බවයි. සියලු ජීවාත්ම
සත්තාවන් පිරිසිඳු කරන්නේ පාරිශුද්ධකරුවාණන් වන පරම පියා පමණි. ඔබ සියලු ජීවීන්ගේ
උසස්ම අය බවට පත් කරවන්නේ පරම පියාය. වන්දනාවට සුදුසු වී සිටි අය වන්දනා කරුවන් බවට
පත් වී ඇත. අප රාවණ් රජ දහනේ වන්දනා කරුවන් වූ අතර රාම රාජ්‍යයේ වන්දනීයයන් විය.
දැන් මේ රාවණ් රාජ්‍යයේ අවසාන භාගයයි. අප නැවතත් වන්දනාකරුවන් බවින් වෙන්ව වන්දනාවට
සුදුසු වන්දනීයයන් බවට පත් වේ. අන් අයට පරම පියා සිහිකරන මාර්ගය පෙන්වා දෙන්න.
වියපත් මව්වරුන් ද මේ සේවය කළ යුතුයි. ඔබේ මිතුරන්ට සහ නෑදැයන්ටද පරම පියා හඳුන්වා
දෙන්න. ඔවුන්ට මෙසේ කියන්න ශිව බාබා මෙසේ කියයි නිරතුරුවම මා පමණක් සිහිකර ඔබ
දෙව්ලොව හිමි කරුවන් බවට පත් වන්න. සියලු දෙනාට ගැලවීම ලබා දෙන්නා වන්නේ බාබා වන
අශරීරික ශිව බාබාය. ඔහු සියලු ජීවාත්ම සත්තාවන්ට මෙසේ කියයි මා සිහිකළ විට ඔබ
සතෝප්‍රධාන් බවට පත්වේ. මෙය විස්තර කිරීම පහසුය. වයසක මව්වරුන්ට පවා මේ සේවය කළ
හැකියි. එයයි ප්‍රධාන. ඔබ මඟුල් තුලා ආදී හමු වීම් වලට ගිය විට ඔවුන්ගේ කණට කර මෙසේ
කියන්න ගීතාවේ දෙවියන් මෙසේ කියයි මාව සිහිකරන්න! හැම කෙනෙක්ම මෙම කරුණට කැමතිය.
බොහෝ දේවල් කිව යුතු නැත. පියාගේ පණිවුඩය පමණක් දෙන්න. ඔහු මෙසේ කියයි මාව
සිහිකරන්න. අච්චා. පරමාත්ම දෙවියන් ඔබව උනන්දු කරවන බව සිතන්න. එක්කෝ ඔබ සිහිනෙන්
දසුන් දකී. නැත්නම් පියා මෙසේ කියන බව ඇසේ මා සිහිකළ විට ඔබ සතෝප්‍රධාන් බවට පත්
වේ. ඔබ මෙම එකම අරමුණ තබා ගත් විට ඔබේ බෝට්ටුව එගොඩ යනු ඇත. අපි දැන් ප්‍රායෝගික
ලෙසම අසීමිත පරම පියාට අයිතිව සිට ඔහුගෙන් උපත් 21ක සම්පූර්ණ උරුමය ලබා ගනිමු.
එමනිසා, ඔබට එම සතුට තිබිය යුතුයි. ඔබ පරම පියාව අමතක කළ විටයි අපහසු බව ඇති වන්නේ.
පරම පියා පහසුවෙන්ම ඔබට මෙසේ කියයි මාව සිහිකරන්න. හැම කෙනෙක්ම එවිට තේරුම් ගනීවි
ඔබට හරි මාර්ගය ලැබී ඇති බව. වෙන කිසිවෙකුට මෙම මාර්ගය අන් අයට පෙන්විය නොහැකිය.
ඔබට ගෙදරින් පිටත් විය නොහැකි කලක් ද එනු ඇත. ඔබ පරම පියා සිහිකරමින්ම ශරීර අත්
හරිනු ඇත. අවසාන මොහොතේ ශිව බාබා සිහිකරන අය නාරායනගේ පවුලට සම්බන්ධ වනු ඇත. ඔවුන්
ලක‍්ෂ්මි නාරායන පරපුරට අයිති වනු ඇත. ඔවුන් නැවත නැවතත් රාජකීය තත්ත්වයන් ලබයි.
පරම පියා අදරයෙන්ම සිහිකරන්න. ඔබ කෙනෙක් සිහි නොකර සෙනෙහස දක්වන්නේ කෙසේ ද? ඔබ
සිහිකරන්නේ ඔබට සතුට ලබා දෙන අයයි. ඔබට දුක් දෙන අයට ඔබ ආදරය නොකරයි. පරම පියා මෙසේ
කියයි: මා ඔබව දෙව්ලොව හිමිකරුවන් බවට පත් කරවන්නෙමි. එමනිසා, මට ආදරය කරන්න! ඔබ
පරම පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම
අධ්‍යයනය ගැන කිසි විට නොසැලකිලිමත් නොවන්න. යුද්ධය ආරම්භ වීමට පෙර ඔබේ සම්පූර්ණ
උරුමය ලබා ගන්න.
2. ශ්‍රීමත් අනුගමනය
කරමින් විශාල ආදරයකින් පරම පියාව සිහිකරන්න.
වරදානය:
ඔබ
සම්පූර්ණයෙන් පිවිතුරු සහ සැබෑ බ්‍රහ්මණයෙක් වී, ඔබගේ සිතිවිලි, ආකල්ප සහ අවධානයේ
ඇති සියලු නිෂ්ඵලත්වය නතර කරත්වා.
ඔබගේ සිතිවිලි,
ආකල්පය සහ අවධානය පරීක්ෂා කර බලන්න. ඔබ යම් වැරදි දෙයක් සිදු කර, එයට පසුතැවිලි වී,
සමාව ඉල්ලා, ඉන් නිදහස් වීම සිදුනොවිය යුතුයි. කෙනෙක් කෙතරම් සමාව අයැද සිටියත්,
පාපකාරී හෝ නිෂ්ඵල ක්‍රියාවක සලකුණ මකා දැමිය නොහැක. වාර්ථාව පිරිසිදුව සහ නිකලැල්ව
නොතිබෙයි. මෙම චාරිත්‍රය සහ ක්‍රමවේදය භාවිතා නොකරන්න, නමුත් මෙම අවධානය ඇති කර
ගන්න: මා සම්පූර්ණයෙන් පිවිතුරු ජීවාත්මයක්. අපවිත්‍රතාවයට, මගේ සිතිවිලි, ආකල්පය
හෝ අවධානය ස්පර්ෂ කළ නොහැක. මේ සඳහා සෑම පියවරකදීම ප්‍රවේසම් වන්න.
පාඨය:
පරම පියාගේ
ඇසුර භාවිතා කරන්න, එවිට ඔබ කිසි විටෙක අධෛර්යයට පත් නොවෙයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
පවිත්‍රත්වයේ
වැදගත්කම ඔබගේ ප්‍රායෝගික දිවිය තුළට ඇතුළු කිරීම යනු, ඔබගේ සිතිවිලි වලින් පවා පංච
පාපයන් ජය ගැනීමයි. නිෂ්ඵල සිතිවිලි, කෝපය ඇති කරයි. ඕනෑම රාගික හෝ නිෂ්ඵල
ද්‍රිෂ්ඨියක්, ඕනෑම ජීවාත්මයක් කෙරෙහි ඇත්නම්, එය පවිත්‍රත්වය ලෙස නොසලකයි. එබැවින්
පරම පියා කෙරෙහි සෙනෙහසින් එම නිෂ්ඵල සිතිවිලි කැප කරන්න.