25.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියාගේ ශ්‍රීමත් ඔබව නිරන්තරයෙන් සතුටු කරවයි. එබැවින්, ශරීරධාරීන්ගේ උපදෙස් අත්හැර එකම පියාගේ උපදෙස් පමණක් අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
අයාලේ යෑම නොනැවතී ඇත්තේ කොයි දරුවන්ගේ බුද්ධියේද?

පිළිතුර:
පියාගේ උපදෙස්, එනම්, අති උසස්ම පියාගේ මඟ පෙන්වීමෙහි, එනම්, පරමාත්ම දෙවියන්ගේ උපදෙස්හී විශ්වාසය නොමැති බුද්ධියක් ඇති අය අයාලේ යාම තවමත් නතර කර නැත. සම්පූර්ණ විශ්වාසයක් පියා කෙරෙහි නොමැති නිසා ඔවුන් සෑම පැත්තටම පා තබති. පියාගේ මඟ පෙන්වීම් අනුගමනය කරනවා වාගේම ඔවුන් නොකඩවා භක්ති කරමින් ගංගා ආදියේ ස්නානය කරති. එවැනි දරුවන්ගේ තත්ත්වය කෙසේ වේද? ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රීමත් අනුගමනය නොකරන නිසා ඔවුන් නොකඩවා පැටලී වැටෙති.

ගීතය:
මෙම පාප භූමියෙන් අපව සුවපහසු විවේකී ලෝකයකට අරන් යන්න.

ඕම් ශාන්ති.
ඔබ භක්තිවන්තයින්ගේ මෙම ගීතය ඇසුවා. ඔබ තවත් මේ ගීතය ගයන්නේ නැහැ. ඔබ අති උසස් පියාව ඔබට හමුවුණා යැයි ඔබ දනී. අති උසස්ම උසස් පියා ඔහු පමණි. සියලු මනුෂ්‍ය වර්ගයා මෙකල ඉතාමත් පහත් තත්ත්වයකට පත්ව සිටී. අති උසස් මනුෂ්‍ය ජීවයන් සිටියේභාරතයේ එම දේවතාවන් වේ. ඔවුන්ගේ ප්‍රශංසාව නම් සර්ව ගුණ සම්පන්න වූවන් ආදියෙනි. ඔවුන්ව ඉතා උසස් කලේ කවුරුන්දැයි මිනිසුන් නොදනී. ඔවුන් දැන් සම්පූර්ණයෙන් අපවිත්‍ර වී ඇත. පියා උසස් බවින් අති උසස් වේ. මුනි රිෂි වරුන් සහ පූජ්‍ය අය ආදී සියල්ලන් ඔහුට යාඥා කරති. මිනිසුන් අඩ කල්පයක්ම එම රිෂි මුනි වරුන් පසුපස අයාලේ ගොස් ඇත. ඔබ දන්නවා එම පියා දැන් ඇවිත් සිටිනවා. අප දැන් එම පියා වෙතට යා යුතුයි. ඔහුගේ ශ්‍රීමත් අපට දීමෙන් අපව නිරන්තරයෙන් සතුටු කරයි. ඔබ රාවන්ගේ මඟ පෙන්වීම් අනුගමනය කිරීම නිසා පහත්ම බුද්ධිය ඇති අයවුණා. ඔබ දැන් තවදුරටත් වෙනත් අයගේ උපදෙස් අනුගමනය කරන්නේ නැහැ. ඔබ පාරිශුද්ධකරුවා වූ මා ඇමතුවා. ඉතින් ඔබව ගිල්වූ අය පසුපස යන්නේ ඇයි? බොහෝ අය පසුපස ගොස් පැටළී වැටුනු ඔබ ඇයි එක්කෙනකුගේ උපදෙස් නිරාකරණය කරන්නේ? මෙම දැනුම බොහෝ දරුවන් සවන්දී ඉන්පසු ගංඟා වල ස්නානය කරන්නටත් ගුරුන් ආදීන් වෙතට යනවාද ඇත. පියා කියයි: ගංඟාවන් පාරිශුද්ධකරුවන් නොවේ. ඊට අමතරව ඔබ මිනිසුන්ගේ උපදෙස් අනුගමනය කරමින් එහි ස්නානය කරයි. ඒ නිසා, ඔබට අති උසස් පියාගේ උපදෙස් විශ්වාස නැතැයි කියා පියා කියනවා. එක් අතකින් දෙවියන්ගේ මඟ පෙන්වීම අනිත් අතින් යක්ෂ මඟ පෙන්වීම ඇත. එවැනි මිනිසුන් කවුරුන් වේද? ඔබ පාද එක් එක් බෝට්ටුවේ තැබුවෝතින් ඔබ ඉරී යාවි. එහි සම්පූර්ණ විශ්වාසය නොමැත. ඔවුන් කියයි: බාබා මම ඔබට අයිතියි. මම ඔබේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් උසස් වෙනවා. උසස්ම උසස් පියාගේ මඟ පෙන්වීම අනුව අප සෑම පියවරක්ම තබනවා. ඔබව නිහඬ දේශයටත් සතුටේ දේශයටත් ඔබව අධිපතීන් කරන්නේ පියා පමණි. එබැවින් පියා කියයි: මේ මා ඇතුල්වූ, ශරීරයට අයිති කෙනාට ගුරුන් 12 දෙනෙක් සිටි නමුත් ඔහු තමෝප්‍රධාන් වී සිටියා. ඔවුන්ව අනුගමනය කිරීමෙන් කිසිම යහපතක් නැත. ඔහුට පියා හමුවුනාට පසු ඒ සියල්ලම අත්හැරියා. ඔහු උසස් උසස්ම පියා හමුවූ විට නරක දේ නොඅසන්න. නරක දේ නොබලන්න කියා පියා කීවා. මනුෂ්‍යයන් දැන් සම්පූර්ණයෙන් අපවිත්‍රවී තමෝප්‍රධාන් බුද්ධියක් ඇතිවයි සිටින්නේ. මෙහිද බොහෝ දෙනෙක් ශ්‍රීමත් අනුගමනය කිරීමට නොහැකිව සිටින්නන් ඇත. ඔවුන්ට ප්‍රමාණවත් ශක්තියක් නොතිබේ. මායා ඔවුන්ව නොකඩවා පටලවා වට්ටවයි. රාවන් ඔබේ හතුරා වන අතර රාමා ඔබේ මිතුරා වේ. සමහරු ඔහුට රාමා කියති. සමහරු ඔහුට ශිවා කියති. ඔහුගේ නියම නාමය ශිව් බාබා වේ. මා උපත් ගන්නේ නැහැ. නාට්‍ය අනුව මගේ නම ශිවා වේ. මිනිසුන් එකම කෙනාට විවිධ නම් දහයක් දී ව්‍යාකූල වී සිටිති. ඔවුන්ගේ සිතට එන යම් නමක් දී ඇත. මගේ නියම නම ශිවා වේ. මේ මා ඇතුල් වන ශරීරයයි. මා ක්‍රිෂ්ණා තුලට ඇතුල් වන්නේ නැහැ. විෂ්ණු සූක්ෂම දේශයේ වාසය කරනවා යැයි මිනිසුන් සිතනවා. ඇත්ත වශයෙන්ම ඔහු පවුල් මාවත පෙන්නුම් කරන ද්විත්ව ස්වරූපය වේ. කෙසේවෙතත් අත් හතරකින් යුත් කෙනෙක් නැත. අත් හතර පවුල් ජීවිතය සංකේතවත් කරයි. එසේම අත් දෙක පැවිදි මාවත සංකේතවත් කරයි. පවුල් මාවතේ පැමිණි අය පවිත්‍රත්වයෙන් අපවිත්‍ර විය. එබැවින් ලොවට ආධාර වීම පිණිස සන්යාසීන් පවිත්‍රවීමේ කොටස කරන්නට සිදුවිය. ඔවුනුත් සියදහස් දෙනෙක් සිටිති. මේලා සිදුවන විට බොහෝ අය එහි යති. ඔවුන්ගේ ආහාර ඔවුන් පිළියෙල කරන්නේ නැත: ඔවුන් ගෘහස්තයන්ගෙන් ලැබෙන සත්කාර මත ජීවත් වෙති. ඔවුන් ක්‍රියාකිරීම අත්හැර ඇත. එමනිසා. ඔවුන් ආහාර පිළියෙල කරන්නේ කෙසේද? මේ නිසයි ගෘහස්තයන් ඔවුන්ට දෙන ආහාර අනුභව කරන්නේ. ගෘහස්තයන් විශ්වාස කරන්නේ එය දානයක් ලෙසටයි. මොහුද අපිරිසිදු බැතිමතෙකි. ඔහු දැන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පවිත්‍ර වෙනවා. ඔහු පියාගෙන් ඔහුගේ උරුමය ලබන්නට උත්සාහ දරනවා. ඔබට පියා අනුගමනය කරන්නට කියන්නේ මේ නිසයි. මායා ඔබව සෑම අතින්ම වැටෙන්න සලස්වයි. මිනිසුන් වැරදි කරන්නේ ශරීර අවධානය නිසාය. ශරීර අවධානය කඩන්නට ලොකු උත්සාහයක් ගත යුතුයි. පියා කියයි: ඔබව ජීවයක් ලෙස සලකා ඔබේ ශරීරය තුළින් ඔබේ කොටස රඟපාන්න. ඔබ ශරීර අවධානයට පත්වුණේ ඇයි? නාට්‍යය අනුව. ඔබට ශරීර අවධානයට පත්වන්නට සිදුවිය. මේ වනවිට ඔබ සම්පූර්ණයෙන් ශරීර අවධානයට පත්වුනා. පියා කියයි: ඔබ ජීවයන් වේ. ජීවය තමයි සෑම දේම කරන්නේ. ජීවයක් තම ශරීරය අත්හැර. එම ශරීරය කැපීමකට භාජනය වුවහොත් එයින් හඬක් නැගේවිද? නැත. ජීවයයි කියන්නේ: මගේ ශරීරය රිද්දන්න එපා කියා. ජීවයන් අවිනාශීය. එහෙත් ශරීර විනාශ වන සුළුය. ඔබව ජීවයක් යැයි සලකා පියා වන මා ස්මරණය කරන්න. ශරීර අවදානය අත්හරින්න. දරුවන් ජීව අවධානයට පත්වන තරමට ඔබ නොකඩවා සෞඛ්‍ය සම්පන්න වේ. එසේම රෝග වලින් නිදහස් වේ. මෙම යෝගා බලයෙන් ඔබ උපත් 21 කට නිරෝගී වේ. ඔබ බොහෝ ජීව අවදානයට පත්වේද, උසස් තත්ත්වයක් අත්කර ගන්නවා ඇත. ඔබ දඬුවමෙන් පවා නිදහස් වනු ඇත. නැත්නම්, විශාල වශයෙන් දඬුවම් ලැබෙනු ඇත. එබැවින් ඔබ බෙහෙවින් ජීව අවදානයට පත්විය යුතුයි. මෙම දැනුම බොහෝ අයට ලැබීමේ වාසනාව නැත. කෙනෙකු ඔබේ වංශයට නෑවිත්, නැතිනම් බ්‍රහ්මාගේ මුවින් උපන් බ්‍රහ්මින් නොවී, කෙනෙකු දේවතාවක් වන්නේ කෙසේද? බොහෝ දෙනෙක් මෙහි පැමිණ. බාබා බාබා කියා නමට කියමින් ලියති. ඔවුන් ලියුම් එකක් හෝ දෙකක් ලියා අතුරුදහන් වෙති. ඔවුන්ද දිව්‍ය ලෝකයට එනවා නමුත් රට වැසියන් අතරටයි. බොහෝ රට වැසියන් බිහිවෙති. පසුවන විට දුක වැඩි වෙද්දී. බොහෝ අය දුවමින් එති. බොහෝ මධ්‍යස්ථාන විවෘත වන අතර දෙවියන් ආවා යන හඬ පැතිරේවි. ඔබ දරුවන් ජීව අවධානයට පත්වීම තවමත් අඩුය. තවමත් බෙහෙවින් ඇත්තේ ශරීර අවධානයයි. අවසානයේදී, යම් ශරීර අවධානයක් තිබුණේ නම්, ඔබේ තත්ත්වයද අඩුවනු ඇත. ඉන්පසු ඔබ මෙහෙකාරයන් මෙහෙකාරියන් බවට පත්වනු ඇත. සේවක සේවිකාවන් අතරිනුත් අනුපිළිවෙලක් ඇත. රජවරුන්ට මෙහෙකාරියන් දෑවැද්දක් ලෙස දෙනු ලබයි. ධනවත් රටවැසියන්ට එසේ නොලැබේ. රාධේ දෑවැද්දක් ලෙසට කොපමණ සේවක සේවිකාවන් ඈ සමඟ ගෙනාවාදැයි ඇතැම් දරුවන් (දර්ශණයෙන්) දැක තිබෙනවා. ඔබ වර්ධනය වෙද්දී ඔබට බොහෝ දර්ශණ පෙනේවි. සාමාන්‍ය මෙහෙකාරියක් වනවාට වඩා දනවත් රටවැසියෙක් වීම හොඳයි. මෙහෙකාර යන වචනය හොඳ නැහැ: ඊට වඩා ධනවත් රටවැසියෙක් බවට පත්වීම වඩාත් හොඳයි. ඔබ පියාට අයිති වූ විට මායා ඔබට බෙහෝ සත්කාර පිළිගන්වයි. ඇය බොහෝ බලවත් වී බලවත් අය සමඟ සටන් වදී. එවිට ශරීර අවධානය නිසා ඔබ ශිව් බාබාගෙන් මුහුණ ඉවතට හරවයි: ඔබ බාබා ස්මරණය කිරීම නවත්වයි. ඔබට ආහාර අනුභව කරන්නට වේලාව තිබෙනවා. එහෙත් ලොවට අධිපතියකු කරන පියාව ස්මරණය කරන්නට වේලාවක් නැහැ. බොහෝ හොඳ දරුවන් ශිව් බාබා අමතක කරමින් ශරීර අවධානයට පත්වෙති. ඔබට ජීවිත දානය දුන් පියා ස්මරණය කරමින් ලියුමක් ලිවිය යුතු නැද්ද? කෙසේ වුවත්, මායා ඔබගේ නාසයෙන් අල්ලා ඉවතට ගෙන යන හැටි නම් අහන්නවත් එපා. සෑම පියවරේම ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් ඔබට මිලියන ගණන් ආදායමක් ලැබේ. ඔබ ඒ තරමට ධනවත් වේ. ඔබේ ධනය නොගැනිය හැකි තරමට තිබේවි. ඔබට ධනය, සෞභාග්‍යය, භූමිය සෑම දෙයක්ම ලැබේ. තඹ, යකඩ සහ පිත්තල ආදී ලෝහ එහි නොතිබේ. රන් කාසි පමණක් තිබේවි. ගොඩ නැගිලි පවා රනින් සෑදේ. ඉතින් ඔබට මොන අඩුවක්ද? මෙය දූෂිත රාජ්‍යයකි. පාලකයන් මෙන්මයි රටවැසියනුත් ස්වර්නම යුගයේ පාලකයන් කෙසේද රටවැසියනුත් එසේම වේ. සියල්ලන්ම ඉතා උසස් වේ. කෙසේවෙතත් මෙය මිනිසුන්ගේ බුද්ධියේ රැඳෙන්නේ නැහැ. ඔවුන් තමෝප්‍රධාන්ය. පියා පැහැදිලි කරයි: ඔබත් සිටියේ එලෙසටයි. මොහු පවා සිටියේ එලෙසටයි. මා දැන් ඇවිත් සිටින්නේ ඔබව දේවතාවන් කරන්නටයි. එසේවිත්, ඔබ එසේ නොවන්නේය. ඔබ නොනවත්වා තමන් අතරේ රණ්ඩු කරමින් සිටී. “මම ගොඩක් හොඳයි. මම මෙහෙමයි. මම අරමයි” තමන් නරකාදියේ සිටින බව කවුරුවත් වටහාගන්නේ නැහැ. අප සිටින්නේ අන්තිම ගැඹුරු නරකාදියේය. ඔබ දරුවන් මෙය ඔබ දරනා උත්සාහය අනුව අනුපිළිවෙලට දනී. ඔවුන් දිවා රෑ දුකෙන් කල් ගෙවයි. දැනුම් මාවතේ අන්‍යයන්ව තමන් මෙන් නොසාදන්නන් සහ “මගේ ඔබගේ” යනුවෙන් දුක්වෙමින් සිටිනා අය රෝගාතුර වේ. පියා හැර වෙනත් කෙනෙකු සිහිපත් කිරීම කලංක සිහිකිරීමකි. පියා කියයි: වෙනත් කිසි කෙනෙකු සිහි කරන්න එපා. මට පමණක් සවන් දෙන්න. මනුෂ්‍යයන් සිහිකිරීමෙන් කිසි ඵලක් නැත. ඊට වඩා දේවතාවන් සිහි කිරීම යහපත් වේ. පියා අසයි: ඔබ හිස පාත් කරන්නේ කුමටද? ඔබ මේ බාබා වෙත පැමිණියාම. ශිව බාබා ස්මරණය කර මෙහි පැමිණෙන්න. ඔබ ශිව් බාබා ස්මරණය නොකරන්නේ නම් එය හරියට පවක් කරනවා සේය. බාබා කියයි: පළමුවෙන්ම, පවිත්‍ර වනවා කියා පොරොන්දු වන්න. ශිව් බාබා ස්මරණය කරන්න. කලින් අවධානම් වීම බෙහෙවින් කළ යුතුයි. මෙය ඔබෙන් ටික දෙනෙකු තේරුම් ගන්නේ බොහොම අඩුවෙනි. පියා සමඟ හැසිරිය යුතු ආකාරයේ දැණුම ඔවුන්ට තවමත් නැත. මෙහිදී බොහෝ උත්සාහය අවශ්‍ය කිරයි. මාලයේ පබුළුවක් වීම ඔබේ නැන්දගේ ගෙදකර යනවා වාගේ නොවෙයි. ප්‍රධාන දේ නම් පියා ස්මරණය කිරීමයි. ඔබට පියා ස්මරණය කිරීමට නොහැකිද? බොහෝ සේවය කිරීමටත් පියා ස්මරණය කිරීමටත් ඇත. බාබා ඔබට දෛනික වාර්තාවක් තබන්නට කියයි. තමන්ට යහපතක් වන්නට සිතනා දරුවන් නොකඩවා පෙර අවධානම් වෙති: ඔවුන්ගේ කෑම බීම ඉතා පිරිසිදු වේ. දරුවන්ගේ යහපත වෙනුවෙන් පියා බොහෝ පැහැදිළි කරයි. ඔබ සෑම වර්ගයේම පෙර අවධානම ගත යුතුයි. ඔබේ කෑම බීම අපිරිසිදු සහ ඔබට තන්හාව ඇත්දැයි පරීක්ෂා කරන්න. ඔබ කර්මාතීත් වනතුරු මායා ඔබ ලවා බොහෝ වැරදි දේ කරවයි. ඒ සඳහා තවමත් වේලාව තිබෙනවා. පසුව එම විනාශය ඔබ ඉදිරියේ බව ඔබට දැනගත හැකිවේ. ගින්න පැතිරී යාවී බෝම්බ වැටෙන ආකාරය ඔබ දනී. ලේ ගංඟාවන් භාරතයේ ගලයි. වෙනත් තැන්වල ඔවුන් බෝම්බ ගසමින් එකිනෙකා විනාශ කරති. තවද ස්වභාවික ව්‍යසනයන් තිබේවි. භාරතයේ බොහෝ අපහසුතාවයන් ඇතිවේ. ඔබ කුමන සේවයක් කරන්නේද කියා ඔබ වෙත සුපරීක්ෂාවෙන් සිටින්න. ඔබ කොපමණ දෙනෙක්ව ඔබට සමාන කරමින් සාමාන්‍ය අයව නාරායන් බවට පත්කරයිද? බොහෝ අය භක්තියේ පැටළී සිටිති. මේ දැරියන් අපට මොනවා උගන්වන්න ද කියා ඔවුන් සිතති. ඔවුන්ට පියා වූ දෙවියන් උගන්වයි කියා ඒ අය නොදනී. මන්ද, ඔවුන් උගත්කම සහ ධනය යන්තම් ඇති නිසා ඔබත් සමඟ වාද කරති. ඔවුන් සිය ගෞරවය නැති කරගනී. සත්ගුරුට අවමන් කරනා අයට උසස් තත්ත්වයක් ලබාගත නොහැක. ඉන්පසු ඔවුන් ලබන්නේ සත ගනනක වටිනා තත්ත්වයන්ය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. “මගේ සහ ඔබගේ” යන දුක් සියල්ල අත්හැර අන්‍යයන් ඔබට සමාන කරන්න. එකම පියාට පමණක් සවන් දෙන්න. එකම පියා පමණක් ස්මරණය කරන්න. ඔබේ ස්මරණය මිශ්‍ර වීමට ඉඩ නොතබන්න.

2. ඔබට යහපතක් කිරීම සඳහා ඔබේ කෑම බීම ගැන පෙර අවධානමක් ගන්න. ඔබ කිසිම දෙයකට කෑදර නොවිය යුතුය. මායා ඔබ ලවා වැරදි දේ කරවයිද කියා සැලකිලිමත් වන්න.

වරදානය:
ඔබ විනිශ්චය කිරීමේ බලය සහ පාලන බලය ලබා, සාර්ථකත්වයේ නිරන්තර ප්‍රතිමූරතයක් බවට පත් වේවා.

ඕනෑම ලෞකික හෝ අධ්‍යාත්මික කාරයයක සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා, ඔබට විශේෂයෙන් පාලන බලය සහ විනිශ්චය කිරීමේ බලය අවශ්‍ය වේ, මන්ද, ජීවාත්මයන් ඔබ සමඟ සම්බන්ධ වූ විට, ඔබ මුලින්ම එම පුද්ගලයින්ට අවශ්‍ය දේ විනිශ්චය කළ යුතුය. ඔබට ඔවුන්ගේ ස්පන්දනය දැනිය යුතු අතර පසුව ඔවුන්ගේ අවශ්‍යතා අනුව ඔවුන් තෘප්තිමත් කළ යුතුය. ඔබේ පාලන බලයෙන් සහ ඔබේ නොසැලෙන තත්ත්වයෙන් ඔබ අන් අයට බලපෑම් කළ යුතුය. මෙම බල දෙක ඔබව සේවා ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ ප්‍රතිමූරතියක් බවට පත් කරනු ඇත.

පාඨය:
සර්වබලධාරී පරමාත්ම පියා ඔබේ සහකරු කර ගන්න, එවිට මායා කඩදාසි කොටියෙකු වනු ඇත.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ඔබ වෙත සහ සේවය වෙත පැමිණෙන සියළු විවිධාකාර බාධක වලට හේතුව වන්නේ මෙය පමණයි: තමන් සේවාදාරියෙක් පමණක් බව සැලකීම. කෙසේවෙතත්: “මා දේවමය සේවාදාරියෙක්. මා නිකම්ම සේවයේ යෙදෙනවා නොව, මා කරන්නේ දේවමය සේවයයි.” මෙම අවධානයෙන්, සිහි කිරීම සහ සේවය ඉබේටම ඒකාබද්ධ වෙයි.