25.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, තමාගෙන්ම අසන්න: මම මගේ භෞතික ඉන්ද්‍රියන් ජයගෙන තිබෙනවාද? භෞතික
ඉන්ද්‍රියන්ගෙන් එකක් හෝ මා රවටා තිබෙනවාද?
ප්‍රශ්නය:
කර්මාතිත්
තත්ත්වයට පත්වීම සඳහා ඔබ ඔබ වෙත වු පොරොන්දුව කුමක්ද?
පිළිතුර:
ඔබගේ කිසිම භෞතික ඉන්ද්‍රියක් කවදාකවත් මුරණ්ඩු වන්නේ නැත යැයි යන පොරොන්දුව ඇති කර
ගන්න. මම මගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කර ගත යුතුයි. බාබා දී ඇති සෑම උපදේශයක්ම මම
පිළිපැදිය යුතුයි. බාබා කියනවා : සුමිහිරි දරුවනි, කර්මාතිත් වීමට අවශ්‍යය නම් ඔබගේ
භෞතික ඉන්ද්‍රියන් මඟින් කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා. මායා ඉතාමත්ම බලවත්ය.
මෙම ඇස් ඉතාමත්ම රැවටිලි සහගත ඇස් වන නිසා ඔබ ඉතාමත්ම ප්‍රවේසමෙන් තමාව රැක බලා ගත
යුතුය.
ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ
මෙහි අසුන්ගෙන සිටින්නේ ජීව අවධානයෙන්ද? තමාගෙන්ම මෙය අසා ගන්න. ඔබ තමාගෙන්ම සියලු
දේ අසා දැන ගත යුතුයි. ඔබ මෙහි අසුන්ගෙන සිටින්නේ ජීව අවධානයෙන්ද, නැද්ද යන්න ගැන
තමාගෙන්ම අසා ගන්නා ආකාරය පියා ඔබට පෙන්වා දි තිබෙනවා. මම පියාව සිහිපත් කරනවාද?
මෙය ඔබගේ ආධ්‍යාත්මික හමුදාවයි. අනෙකුත් හමුදාවල පාලනය කරන්නේ තරුණ අය පමණයි. මෙම
හමුදාව තුළ වයස අවුරුදු 10ත් 15ත් වන තරුණ අයත් අවුරුදු 80ක් වයසක අයත් බිළිඳනුත්
සිටිනවා. මෙම හමුදාව තිබෙන්නේ මායාව ජය ගැනිම සඳහාය. ඔබ සෑම කෙනෙක්ම මායාව ජය ගෙන
තමාගේ අසිමිත උරුමය පියාගෙන් දිනා ගත යුතුයි. මන්ද, මායා ඉතාමත් බලවත්. මායා ඉතාමත්
බලවත් වන බව දරුවන් වන ඔබටම තේරුම් ගත හැකියි. සෑම භෞතික ඉන්ද්‍රියක්ම රැවටිලි
සහගතයි. ඔබව වැඩියෙන්ම රවටන්නේ කුමන ඉන්ද්‍රියද? ඒ ඇස්ය. කෙනෙක්ට තමාගේ බිරිඳ
සිටියා වුණත් වෙනත් ලස්සන කාන්තාවක් දුටු පමණින්ම ඔහු ඒ කාන්තාවට ආකර්ෂණය වෙනවා.
ඇස් වලින් ඔහු ඉතාමත් ලොකු රැවටීමකට ලක්වන අතර ඇයව ස්පර්ෂ කිරිමටත් සිතෙන් ආශාවක්
ඇති කර ගන්නවා. බ්‍රහ්ම කුමාරයන් හා කුමාරියන් වන ඔබ සහෝදර සහෝදරියන් වන බව අවබෝධ
කර ගත යුතුයි යන්න දරුවන් වන ඔබට පැහැදිලි කර කියාදි තිබෙනවා. මායා ඉතාමත්ම
අදෘෂ්‍යමාන ක්‍රම වලින් ඔබව රවටා ගන්නවා. අන්න ඒ නිසා තමයි ඔබගේ වාර්තාවල දවස පුරා
තමාව වඩාත් රැවටීමට භාජනය කළේ කුමන ඉන්ද්‍රියද යන්න ගැනත් සඳහන් කළ යුතු වන්නේ.
නපුරුම සතුරා ඇස්ය. එමනිසා, තමන් අහවල් පුද්ගලයා දුටු විට තමාගේ අවධානය ඒ දෙසට යොමු
වන බව සඳහන් කළ යුතුයි. සුර්දා (තමාගේ ඇස් තමාම රැවටූ නිසා ඇස් අන්ධ කර ගත්තෙක්) ගේ
උදාහරණයක් තිබෙනවා. ඔහු තමාවම අන්ධ කර ගත්තා. තමාව හොඳින් පරික්ෂා කර බැලූ විට ඔබටම
තේරෙයි තමාව වැඩියෙන්ම රවටන්නේ ඇස් වන බව. ඇතැම් විට මිනිසෙක් තමාගේ බිරිඳ අතහැර
දමා වෙනත් කාන්තාවක් වෙනුවෙන් කැප වේවි. කෙනෙක් ලස්සනට සින්දු කියනවා නම් නැති නම්
රූපලාවන්‍යයෙන් ලස්සන වී සිටීනම් අවධානය ඉතාමත්ම ඉක්මනින්ම ඒ වෙත යොමු වෙනවා. අන්න
ඒ නිසා තමයි බාබා කියන්නේ මේ ඇස් හොඳටම ඔබව රවටනවා. හොඳින් සේවය කළත් ඇස් ඔබව
රවටාවි. මේ සතුරා සම්බන්ධයෙන් ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. නැත්නම් තමා තමන්ව
විනාශය කරා ගෙන යන බව අවබෝධ කර ගන්න. ඥානවන්ත දරුවන් නම් අහවල් පුද්ගලයා දුටු විට
මගේ අවධානය එතනට යනවා කියා දින පොතේ සඳහන් කර ගනීවි. පසුව තමාටම දඬුවම් පමුණුුවා
ගන්න! භක්ති මාර්ගයේදි පවා මිනිසුන්ගේ සිහිය වෙන තැන්වල දුවන විට ඔවුන් තමන්ම
කොනිත්තා ගන්නවා. එවන් කාන්තාවන් ඔබ ඉදිරියට පැමිණිය හොත් ඔබ එතනින් ඉවත් වී යා
යුතුයි. එතන ඉඳගෙන ඇය දෙස බල බලා ඉන්න එපා. ඇස් ඉතාමත් රැවටිලිකාර දෙයක් නිසා තමයි
සන්යාසීන් ඇස් වහගෙන ඉන්නේ. ඔවුන් කාන්තාවන් පිටුපසින් වාඩි කරවා පිරිමින්ව
ඉදිරියෙන් තබා ගන්නවා. ඇතැම් සන්යාසීන් සිටිනවා කාන්තාවන් දෙස බලන්නේ වත් නැහැ.
දරුවන් වන ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ලෝකයේ අධිරාජ්‍යය දිනා ගන්නවා
කියන්නේ පොඩි දෙයක් නොවෙයි! මිනිස්සු දස දහසක්, දොළොස් දහසක්, විසි දහසක් නැත්නම්
ලක්ෂ එකක් දෙකක් පවා එකතු කර ගනීවි. නමුත් පසුව සියල්ලම විනාශ වි යනවා. දරුවන් වන
ඔබ අවිනාශි උරුමයක් ලබාගෙන තිබෙනවා, ඔබ සියල්ලම ලබා ගන්නවා. තම ඔලුව ගහ ගන්න තරමේ
දෙයක් නැහැ. කලියුගය අවසානය හා සත් යුගය ආරම්භය අතර දිවා රෑ මෙන් වූ වෙනසක්
තිබෙනවා. මෙහි කිසිම දෙයක් නැහැ. දැන් මෙය ඔබගේ ඉතාමත් උසස් වූ සංගම යුගයයි.
’ඉතාමත් උසස්’ යන වචනය ඔබ අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. මනුෂ්‍යයින් දේවතාවන් බවට
පත් කිරිම සඳහා දෙවියන්ට එපමණ ලොකු කාලයක් ගත වුණේ නැහැ. දැන් ඔබ බ්‍රහමින්වරුන්
බවට පත් වී සිටිනවා. මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේයි. දෙව්ලොව දකින්නවත්
බැරි අය රාශියක් ඉන්නවා. දරුවනි, ඔබගේ ආගම මහත් සතුටක් ලබා දෙන ආගමකි. මිනිස්සු
කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. දෙව්ලොව කුමක්ද යන්න භාරතයේ මිනිස්සු පවා අමතක කර
දමලා. ක්‍රිස්තියානිවරුන් ස්වර්ගයක් පිළිබඳව කතා කරනවා. ලක්‍ෂ්මි හා නාරායන
හඳුන්වන්නේ දේවී දේවතාවන් වශයෙනුයි. එමනිසා, එය නිර්මාණය කළේ අනිවාර්යෙන්ම පියා විය
යුතුය. පියා පැහැදිලි කර කියා දෙනවා ඔබ ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. සෑම
දිනකම ඔබගේ වාර්තාව දෙස බලන්න. අද දින මාව රැවටූ ඉන්ද්‍රිිය කුමක්ද? දිව පවා ඔබ
රවටනවා. ඒ දවස් වල බාබා නඩුවාරයක් පවත්වනවා. එවිට සෑම කෙනෙක්ම ඒ දිනයේදි තමා විසින්
කරන ලද වැරදි එතනදි බාබාට කියනවා. ’මම එක කෑමක් හොරෙන් ඇරගෙන කෑවා’. ඉතාමත් හොඳ
පවුල් වලින් පැමිණි ඇතැම් දියනියන් පවා මේ වගේ දේවල් කියනවා. මේ ආකාරයට මායා ඔබව
රවටා ගන්නවා. දෙයක් හොරෙන් කනවා කියන්නේ හොරකමක්. එයත් ලැබෙන්නේ ශිව බාබාගේ
යගියාවෙන්! මෙය ඉතාමත් නරකයි. පිදුරු ගහක් සොරකම් කළ කෙනායි, රුපියල් දහසක් සොර කම්
කළ කෙනායි දෙදෙනාම එක සමානයි. මායා සම්පූර්ණයෙන්ම ඔබගේ නහයෙන් අල්ලා ගන්නවා. මෙය
ඉතාමත් කැත පුරුද්දක්. නරක පුරුදු තිබෙනවා නම් ඔබට මොනවද වෙන්නේ? දෙව්ලොවට යනවා
කියන්නේ ලොකු දෙයක් නොවෙයි, නමුත් එහිදි ලබා ගන්නා තත්ත්ව වල වෙනසක් තිබෙනවා.
රජවරුන් හා පුරවැසියන් අතර ලොකු වෙනසක් තිබෙනවා! භෞතික ඉන්ද්‍රියන් ඔබව හොඳටම
රවටනවා. ඔබ ඒවායින් ප්‍රවේසම් විය යුතුයි. උසස් තත්ත්වයක් ලබා ගන්න අවශ්‍ය නම් ඔබ
සම්පූර්ණයෙන්ම පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. පියා උපදෙස් ලබා දෙනවා, මායා ඒ අතරට
පැමිණ බාධා ඇති කරනවා. පියා කියනවා අමතක කරන්න එපා! නැති නම් ඔබට පසුතැවිලි වන්න
වෙයි. අසමත් වීමේ දර්ශනයන් පවා දැකිය හැකි වේවි. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට
තමන් නාරායන කෙනෙක් බවට පත්වෙනවා කියා ඔබ කියනවා. නමුත් ඔබ තමාගෙන්ම විමසා තම
වාර්තාව ලිවිය යුතුයි. මෙය තේරුම් ගෙන ක්‍රියාවට නංවන අය සිටින්නේ ඉතාමත්
කලාතුරකිනි. කොහොමනමුත්, බාබා කියනවා මෙය කිරිමෙන් ඔබ ඉතාමත් හොඳින් වර්ධනය වනු ඇත.
මුලු දවසම වාර්තාව සටහන් කළ යුතුයි. ඇස්, මිනිසුන්ව ඉතාමත් තද බල ලෙසින් රවටනවා.
කෙනෙක් තවත් කෙනෙක්ව දැක්කොත් ඇය හරිම ලස්සනයි කියා සිතා ඔහු ඇය සමඟ කතා කරන්න
වුණත් යාවි. පස්සේ ඇයට තෑග්ගක් දෙන්න හෝ රස කෑමක් දෙන්න ආශාවෙන් ඉන්නවා. සැම විටම
ඇය ගැනම සිතමින් සිටිවි. දරුවනි, මෙයට ලොකු උත්සාහයක් අවශ්‍ය වන බව ඔබට තේරෙනවා.
මෙය රාවන්ගේ රාජ්‍යය වන නිසා භෞතික ඉන්ද්‍රියන් ඉතාමත් ප්‍රබල ලෙස ඔබව රවටාවි. පියා
කිවනවා එහිදි කිසිම දෙයක් ගැන කලබල වෙන්න දෙයක් නැහැ. මන්ද රාවන්ගේ රාජ්‍යය එහිදි
නැහැ. කරදර විය යුතු කිසිම දෙයක් නැහැ! එහිදීත් කරදරයෙන් ඉන්න සිදු වෙනවා නම්
දෙව්ලොව හා අපාය අතර ඇති වෙනස කුමක්ද? ඉතාමත් ඉහළ තත්ත්වයක් දිනා ගැනීම සඳහා දරුවන්
වන ඔබ පියා සමඟ ඉගෙන ගන්නවා. පියා පැහැදිලි කර කියා දෙනවා මායා ඔබ ලවා මාව අපහාසයට
ලක් කෙරෙව්වා. මම පැමිණ ඔබව ඔසවා ගත්තා. ඔබ මාව අපහාසයට ලක් කෙරෙව්වා. මම පැමිණ ඔබව
උසස් කෙරෙව්වා. දරුවනි, නරක දර්ශනයක් තිබෙනවා නම් ඔබ පාඩු සිදුකර ගන්නේ තමාටමයි.
ඉරණම ඉතාමත් ඉහළයි. අන්න ඒ නිසා තමයි බාබා කියන්නේ තමාගේ වාර්තාව දෙස බලන්න. මම
නිකම් හෝ පවක් කළාද? මම කාව හෝ රැවැටුවාද? ඔබ දැන් පාපකාරි ක්‍රියාවලින් ජය ගත්තෙක්
විය යුතුයි. දරුවන් හැර වෙන කිසිම කෙනෙක් පාපකාරි ක්‍රියා ජය ගැනිමේ කාලය ගැන දන්නේ
නැහැ. පාපාකාරි ක්‍රියා ජය ගැනිමේ කාලය පැමිණ වසර 5000ක් වෙන බව පියා පැහැදිලි කර
කියා දෙනවා. පසුව ඔවුන් පාපකාරි ක්‍රියා කළ විට ඔවුන් පාප මාර්ගයට වැටෙනවා.
ක්‍රියා, සාමාන්‍ය ක්‍රියා හා පාපකාරි ක්‍රියා කියා පද තිබෙනවා. මායාගේ අධිරාජ්‍යය
තුළ මිනිසුන් කරන ක්‍රියා පාපකාරි ක්‍රියායි. සත් යුගයේදි කිසිම පාපයක් නැහැ. එකතු
වුණු පව් කිසිවක් නැහැ. දැනුම නැමැති තෙවෙනි ඇස ලබා තිබෙන්නේ ඔබ පමණක් වන නිසා ඒවා
තේරෙන්නෙත් ඔබට පමණයි. ඔබ තෙවෙනි ඇසක් ඇති අය බවට පත් වි සිටිනවා. ඔබව
ත්‍රිකාල්දර්ශී, ත්‍රිනේත්‍රී කරවන්නේ පරමාත්ම පියායි. ඔබ දේවවාදීන් බවට පත් වි
සිටින නිසා ඔබ ත්‍රිකාලදර්ශීත් වෙනවා. මුලු නාටකයේම ඇති රහස් දැන් ඔබගේ සිහියේ
තිබෙනවා. අශාරීරික ලෝකය, සූක්‍ෂම කලාපය, භෞතික ලෝකය. උපත් 84හි චක්‍රය හා ආගමික
නායකවරුන් පැමිණියේ කෙසේද යන දේවල් එහි තිබෙනවා. ඔවුන්ට බැහැ දර්ශන ලබා දෙන්න.
ගුරුන් කියා හඳුන්වන්නත් බැහැ. සෑම විටම විමුක්තිය ලබා දෙන්නේ එකම එක පියා පමණි.
සෑම කෙනෙක්ම දැන් මුක්තිය ලබා ගත යුතුයි. ඒ අය ආගමික නායකවරුන්ය. ගුරුන් නොවෙයි.
ආගමික නායකවරුන් ආගමක් ස්ථාපනය කිරිම සඳහා සිටින උපකරණයන්ය, ඔවුන් කිසිවෙකුට
මුක්තිය ලබා දෙන්නේ නැහැ. ඔවුන් සිහිපත් කිරීමෙන් කිසිම කෙනෙකුට මුක්තිය ලබා ගන්න
හෝ කිසිම කෙනෙක්ගේ පාප නැති වී යන්නේ හෝ නැහැ. සියල්ල භක්තියයි. පියා පැහැදිලි කර
කියා දෙනවා මායා ඉතාමත් බලවත්. ඇයත් සමඟ යුද්ධයක් තියෙනවා. ඔබ ශිව ශක්ති පාණ්ඩව
හමුදාවයි. ඔබ සියලු දෙනාම පාණ්ඩවයින්ය. මඟ පෙන්වන්නන්ය. සාමයේ දේශය හා සතුටේ දේශයට
ඔබ මාවත පෙන්වා දෙනවා. ඔබ තමයි මඟ පෙන්වන්නන්. පියා සිහිපත් කරන්න කියා ඔබ සෑම
කෙනෙක්ටම කියනවා. එවිට ඔවුන්ගේ පාප දුරු වී යනවා. කෙනෙක් පාපකාරී ක්‍රියාවක් කළොත්
ඔවුන්ට සියයට සියයක්ම දඬුවම් විඳින්න සිදු වෙනවා. හැකි උපරිම ආකාරයෙන් පාප වලින්
වැලකි සිටින්න. භෞතික ඉන්ද්‍රියන් ඔබව රවටනවා. එකිනෙකාගේ ක්‍රියාකාරකම් වලින් පියා
මේවා තේරුම් ගන්නවා. දරුවන්ට මායාගේ කුණාටු එල්ල වෙනවා. මිනිසා හා ගැහැණිය යන
අවබෝධය ඇති තැන තමයි මෙවන් කුණාටු හමන්නේ. ඒක නිසා ඇස් හොඳින් පාලනය කර ගත යුතුයි.
මම ශිව බාබාගේ දරුවායි. ඇතැම් දරුවන් පරම පියාට පොරොන්දු වි රාඛියකුත් බැඳ ගන්නවා.
එසේ තිබියදීත් මායා පැමිණ ඔවුන්ව රවටා ගන්නවා. පසුව ඔවුන්ට එයින් නිදහස් වෙන්න
බැහැ. භෞතික ඉන්ද්‍රියන් පාලනය කර ගත් විට පමණයි කර්මාතිත් තත්ත්වය ලබා ගත හැකි
වන්නේ. ලක්‍ෂ්මි හෝ නාරායන වෙනවා කියා කියන එක පහසු දෙයක් නමුත් හොඳ අවබෝධයක් තිබිය
යුතුයි. පියා කියනවා දුන් උපදෙස් පිළිපදින්න. දිගින් දිගටම ’බාබා බාබා’ යැයි
කියන්න! අපි අපේ සම්පූර්ණ උරුමය බාබාගෙන් දිනා ගන්නෙමු. එවන් ගුරුවරයෙක් අපට වෙන
කොහේදිවත් සොයා ගන්න බැහැ. දේවතාවන් මේ දේවල් ගැන දන්නේ නැති නම් පසුව පැමිණෙන
අනෙකුත් ආගම්වල අය කොහොමද දැන ගන්නේ? බාබා කියනවා මොහු යමක් කිවත් ඒ කියන්නේ ශිව
බාබා බව සලකන්න. ඒ කතා කළේ දාදා යැයි කියා සිතන්න එපා. මේ මගේ රථයයි. ඔහු කරන්නේ
මොනවාද? මම දරුවන් වන ඔබට අධිරාජ්‍යයක් ලබා දෙනවා. මෙම රථය එය කරන්නේ නැහැ. ඔහු මහ
හිඟන්නෙක්. ඔහුත් තමාගේ උරුමය දිනා ගත්තේ බාබාගෙන්. ඔබ උත්සාහ දරණවා වගේම තමයි
මොහුත්. ඔහුත් ගෙන යන්නේ ශිෂ්‍ය ජීවිතයක්. මම මෙම රථය ණයට ගත්තා. ඔහු දැන්
අපිරිසිදුයි. ඔබ දැන් වන්දනාවට සුදුසු දේවතාවන් බවට පත්වීමට ඉගෙන ගන්නවා. යමෙකුගේ
වාසනාවේ නැති නම් ශිව බාබා එන්නේ කොහොමද, ඇවිත් උගන්වන්නේ කොහොමද, මට ඒවා තේරෙන්නේ
නැහැයි කියා ඔහු කියාවි. පියාව සිහි කරන්නේ නැතිව ඔබගේ පාප දුරුවෙන්නේ නැහැ. එවිට
සම්පූර්ණයෙන්ම දඬුවම් විඳින්න සිදු වේවි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙනවා. රජෙක්ට
සේවකයින් රාශියක් ඉන්නවා! බාබාටත් රජවරුන් සමඟ හොඳ සම්බන්ධකම් තිබුණා. දැවැද්දේ
කොටසක් වශයෙන් සේවකයනුත් ලබා දෙනවා. මෙහිදි මෙපමණ තරමේ සේවකයින් පිරිසක් සිටිනවා
නම් සත් යුගයේදි කී දෙනෙක් ඉඳියි ද කියා සිතා බලන්න! මෙයත් නිර්මාණය වෙමින් පවතින
අධිරාජ්‍යයක්. සෑම කෙනෙක්ම කරන්නේ කුමක්ද කියා බාබා දන්නවා. මේ දැන් මැරෙන්න සිදු
වුණොත් ඒ ඒ අයට කුමන ඉරණම අත්වෙයිද කියා බාබා දන්නවා. සෑම කෙනෙක් ම තම තමන්ගේ
ප්‍රමාණයන්ගෙන් අවසානයේදි කර්මාතිත් තත්ත්වයට පත්වේවි. මෙය අදායමක්. ආදායම් ඉපැයීමේ
කාර්යයේ මිනිස්සු කාර්ය බහුලව නිරත වී සිටිනවා. කෑම කන මොහොතේදිත් දුරකථනයේම රැඳී
සිටිවි. එවන් දරුවන්ට දැනුම ගන්න බැහැ. දුප්පත් හා සාමාන්‍ය අය පමණයි මෙහි
පැමිණෙන්නේ. ධනවත් අය වේලාව නැහැ කියා කියාවි. ඔබ විසින් කළ යුතු එකම දේ පියාව
සිහිපත් කිරීම පමණයි. එවිට ඔබගේ පාප සියල්ල දුරුවී යනු ඇත. බාබා නැවතත් සුමිහිරි
දරුවන්ට කියා දෙනවා. ශිව බාබා පැමිණ සිටිනවා කියා තමන් දන්නේ නැතැයි කියා කිසිම
කෙනෙක්ට කියන්න බැරි වන සේ සෑම කෙනෙක්ටම මෙම දැනුම ලබාදෙන්න. දවස පුරාම ’බාබා බාබා’
කියමින් සිටින්න. ඇතැම් දියනියන් ඉතාමත් හොඳින් බාබාව මතක් කරනවා. ශිව බාබාගේ නම
මතක් කරන විට පවා සෙනෙහසේ කඳුළු වලින් ඇස් පිරෙන අය ඉන්නවා. බාබාව හමු විමේ දැඩි
වුවමනාවක් ඔවුන් තුළ තිබෙනවා. ඔවුන් බාබාව දැකලවත් නැහැ, නමුත් ඔහුව හමුවීමේ දැඩි
වුවමනාවකින් ඉන්නවා. නමුත් ඔහුව දැක්ක අය ඔහුව විශ්වාස කරන්නේ නැහැ! අනිත් අය ඈත
ඉඳන් කදුළු සලනවා. එය මහා පුදුමයක් ! බොහෝ අයට බ්‍රහ්මාව දර්ශන වලින් පෙනෙනවා.
ඉදිරියට යන අතරේ බොහෝ දෙනෙක්ට දර්ශන ලැබේවි. කෙනෙක් මිය යන විට අනෙක් අය දෙවියන්ව
මතක් කරන්නැයි ඔහුට කියනවා. ඔබත් ශිව බාබා සිහිපත් කළ යුතුයි ! පියා කියනවා දරුවනි,
තම උත්සාහය සඳහා කාලය සාදා ගන්න. අවස්ථාවක් ලැබුණු ගමන්ම වේලාවක් සාදා ගත යුතුයි.
ආදායම ඉතාමත් හොඳයි. කොපමණ කියා දුන්නත් කියන දෙයක් තේරුම් ගන්න බැරි අයත් සිටිනවා.
පියා කියනවා ඒ වගේ වෙන්න එපා! තමාට යහපතක් උදා කර ගන්න. පියාගේ ශ්‍රීමත් අනුගමනය
කරන්න. පියා ඔබව ඉතාමත් උසස් මිනිසුන් බවට පත් කරවනවා. මේ ඔබගේ අරමුණ සහ ඉලක්කයයි.
සේවය කිරිමේ නොයෙකුත් ක්‍රම බාබා පෙන්වනවා. ඔබ සෑම කෙනෙක්ටම පණිවිඩය ලබා දිය යුතුය,
එවිට ඔබ කියන්නේ ඇත්තක් බව ඔවුන්ට වැටහේවි. පොදුවේ ගත් කල මුළු ලෝකයේමත් විශේෂයෙන්
භාරතය තුළත් සාමයක් හා සතුටක් ඇතිවන්නේ මෙම යුද්ධයෙන් පමණයි. එවැනි අත් පත්‍රිකා
සෑම භාෂාවකින්ම මුද්‍රණය කරන්න. භාරතය ඉතාමත් විශාලයි! සෑම කෙනෙක්ම එය දැන ගත
යුතුයි. එවිට මම එය දැනගෙන සිටියේ නැහැ නේ කියා ඔවුන්ට කියන්න බැහැ. ඔබ කියාවි ඕ!
නමුත් අපි අත් පත්‍රිකා මුද්‍රණය කර අහස් යාත්‍රා වලින් ගිහින් දැම්මා, පත්තරවල
දැනුම් දුන්නා, ඒත් ඔබ අවධි වුණේ නැහැ! මෙයත් පෙන්වා දී තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තමා තුළ
ඇති නරක පුරුදු පරික්ෂා කර බලා ඒවා ඉවත් කර ගැනීමට උත්සාහ දරන්න. අවංක වාර්තාවක්
තබා ගන්න. පියාගේ උපදෙස් අනුගමනය කරන්න.
2. පියාගේ නම අපහාසයට
ලක්වන විදියේ කිසිම ක්‍රියාවක් කරන්න එපා. ඔබගේම වර්ධනය ගැන සැලකිල්ලෙන් සිටින්න.
පොඩි හෝ නරක දෘෂ්ඨියක් තබා ගන්න එපා.
වරදානය:
ඔබ භෞතික හෝ
සූක්ෂම, සෑම නියෝගයක්ම අනුගමනය කර පරම පියාට සම්පූර්ණයෙන්ම කීකරු වේවා.
සූක්ෂම නියෝග අනුගමනය
කිරීමේ දී කීකරු වන දරුවන් භෞතික නියෝග අනුගමනය කිරීමේ බලය වර්ධනය කර ගනී. සූක්ෂම
සහ ප්‍රධාන නියෝගය නම්: නිරන්තරයෙන් ස්මරණයෙ රැඳී සිටිමින් ඔබේ සිතිවිලි, වචන සහ
ක්‍රියා පිරිසිදු කරගන්න. ඔබේ සිතිවිලි තුළ කිසිදු කිලිටක් හෝ අපවිත්‍රතාවයක්
නොතිබිය යුතුය. ඔබේ පැරණි, අපිරිසිදු සංස්කාර ඔබේ සිතිවිලි ස්පර්ශ කළහොත්, ඔබව
පරිපූර්ණ වෛෂ්ණවයන් හෝ සම්පූර්ණයෙන්ම පිරිසිදු ලෙස හැඳින්විය නොහැක. එබැවින්, නියෝග
අනුගමනය නොකර එක සිතිවිල්ලක්වත් නොතිබිය යුතුය; එවිට ඔබව සම්පූර්ණයෙන්ම කීකරු
කෙනෙකු ලෙස හඳුන්වනු ලැබේ.
පාඨය:
පරමාත්ම පියාව
දැන ගැනීම සහ ඔබේ හදවතින් බාබා කියා පැවසීම විශාලතම විශේෂත්වය වේ.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඔබේ මනෝ ස්ථිතිය
නිරන්තර කර ගැනීම සඳහා, කර්ම යෝගීවරයෙකු වන්න. කර්ම යෝගීවරයෙකු ඉදිරියට කුමන ආකාරයේ
පුද්ගලයෙකු පැමිණියත්, ඔහු නිරන්තරව ළබැඳි ව සහ නොබැඳි ව සිටිනු ඇත. මෙම ඥානය
තුළින්, ඔහු දන්නවා එය එම කෙනා රඟපාන චරිත කොටස බව. ඔහු යහපත් අය, යහපත් අය ලෙස
සලකන අතර නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස රැඳී සිටිනු ඇත, නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස ඔහු
දයාවේ දැක්මකින් අයහපත් කෙනෙකු නිරීක්ෂණය කරනු ඇත. දයාවන්තව, ඔහු එම තැනැත්තා
පරිවර්තනය කිරීමට දයාවේ සුබ පැතුම් තබා ගනු ඇත. ඔබේ මනෝ ස්ථිතිය ස්ථාවර කිරීමට මෙය
මාර්ගයයි.