25.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියාත් ඔහු ලබා දෙන උරුමයත් සිහිපත් කිරීමෙන් ඔබ ආදායමක් ලබන අතර සදා
සෞඛ්‍යමත්භාවය අත්දකිමින් අමරණීයත්වයට ද පත්වනු ඇත.
ප්‍රශ්නය:
ඔබගේ හදවත
පිරිසිදුව හා පවිත්‍රව තබා ගැනීමේ පහසු ක්‍රමය කුමක්ද?
පිළිතුර:
ඔබ කොහේ සිටියත්, ඔබ සිටින ඕනෑම තැනකදී, භාරකරුවෙක් බවට පත් වන්න. සැමවිටම ඔබ ආහාර
ලබා ගන්නේ ශිව බාබාගේ නිදන් ගබඩාවෙන් බව සිතන්න. ශිව බාබාගේ ගබඩාවෙන් ආහාර ගන්නා
අයගේ හදවත පිරිසිදුයි. ඔබගේ පවුලේ අයත් සමඟ නිවසේ ජීවත්ව සිටින අතරම භාරකරුවෙක් ලෙස
ඔබ ශ්‍රීමත් පිළිපැදහොත් එයද ශිව බාබාගේ ගබඩාවෙන් ආහාර ගැනීමක් හා ඔබගේ මනස ද කැප
කිරීමක් වැනියි.
ඕම් ශාන්ති.
දරුවන් කල්ප
භාගයක් තිස්සේම උපතක් උපතක් පාසා අධ්‍යාත්මික රැස්වීම් කරා ඇදුණා. නොයෙකුත් ආකාරයේ
මිනිසුන්ගේ මෙවැනි රැස්වීම් තිබෙනවා- පූජකවරුන්, ශාන්තුවරුන්, පණ්ඩිතයන් ආදී
වශයෙන්. මෙය මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මික සමූහයක් නොවේ. මෙය හඳුන්වන්නේ ජිවයන්ගේ
ආධ්‍යාත්මික රැස්වීමක් ලෙසයි. ඒ උත්තරීතර ශක්තිය අනෙක් ශක්තීන් හා ඉතාමත් සමීප
සාකච්ඡාවක යෙදෙනවා. ඒ කියන්නේ, ඔහු ජීවාත්මයන් (ජීවයන්) සමඟ ආධ්‍යාත්මික වූ හමුවක
යෙදෙන බවයි. මෙහිදී ඔබ සවන් දෙන්නේ මනුෂ්‍යයෙකුට හෝ දේවතාවෙකුට නොවේ. ඔබ සවන්
දෙන්නේ පරමාත්ම දෙවියන්ටයි. පරමාත්ම දෙවියන් සැමවිටම හඳුන්වන්නේ අශාරීරික ඒකායනය
ලෙසයි, ඒ වගේම ඔහු මෙහි පැමිණෙන්නේ දරුවන් වන ඔබව දෙවි දේවතාවන් බවට පත්කිරීම උදෙසා
ඔබට ඉගැන්වීමට තිබෙන විට පමණයි. පරමාත්ම දෙවියන් හැර වෙන කිසිම කෙනෙකුට ඒ දෙවි
දේවතා තත්ත්වය ඔබට ලබාදිය නොහැකියි. සෑම චක්‍රයකදීම සංගම් යුගය පැමිණෙන කල අශාරීරික
පරමාත්ම දෙවියන් පැමිණ අපට ඥානය දෙන බව දරුවන් දන්නවා. මෙය තේරුම් ගන්නේ ඔබ පමණයි.
මේ දේවල් තේරුම් ගන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක්. ශිව බාබා අනිවාර්යෙන්ම එනවා.
නමුත් ඔහුගේ නම වෙනුවට මිනිස්සු කියන්නේ ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා කියලා. එමනිසා,
සෑම කෙනෙකුගේම බුද්ධිය තුළට ඇතුළුවන්නේ අනිවාර්යෙන්ම මනුෂ්‍ය ශරීරයක්. ඔබ ළඟ
දිව්‍යමය ගුණාංග තිබුණා. නමුත් දැන් ඒවා යක්‍ෂ තත්ත්වයට පත්ව තිබෙනවා. ඔබ දැන්
නැවතත් දිව්‍යමය ගුණාංග ඇත්තන් බවට පත්වනවා. දිව්‍යමය ගුණාංගයන්ගෙන් යුතු වූ අයව
දේව සමාජය ලෙස හඳුන්වන අතර, යක්‍ෂ ගති ඇති අය යක්‍ෂ සමාජය ලෙස හඳුන්වනවා. අශාරීරික
පරමාත්ම පියා දැන් දේව සමාජයට උගන්වනවා. එනම්, ඔහු ජීවයන් වන ඔබට උගන්වනවා. මේ නිසා
තමයි එය දේව සමාජය, නැතහොත් ආධ්‍යාත්මික සමාජය ලෙස හඳුන්වන්නේ. ඔවුන්ට තමයි පරමාත්ම
පියා මෙහි පැමිණ උගන්වන්නේ. ඔබ දැන් ජීවාත්ම (ජීව) අවධානයට පත්ව සිටිනවා. මා
ජීවාත්මයක් වන අතර පරමාත්ම පියා මට උගන්වනවා. ඔහු සිහිපත් කිරීමෙන් අපගේ පාප නැති
කර ගත හැකි නිසා, සැමවිටම මා සිහිපත් කරන්න කියා ඔහු කියනවා. ඔහු උගන්වන්නේ ජිවාත්ම
වලට පමණයි. ඥානයෙන් පිරුණු එකම තැනැත්තා වන්නේ ඔහුයි. පූජකවරුන් හා ශාන්තුවරයන්
සැමවිටම කියනවා තමන්ට ඒ ජීවාත්මය පිළිබඳ වූ දැනුමක් නැති බව. ඥාන සාගරය පෞද්ගලික
ලෙසම ඔබ ඉදිරියට පැමිණියේ නැතිනම් ඔහු ඒ ඥාන සාගරය ඔබට ලබා දෙන්නේ කෙසේද? ඔබ මෙම
කරුණු ඉතාමත් හොඳින් තේරුම් ගත යුතුයි. අපට උගන්වන්නේ මනුෂ්‍යයෙක් නොවෙයි. අපට
උගන්වන්නේ පරමාත්ම පියායි. ඔහු තමයි අසීමිත වූ අශාරීරික පියා. සෑම කෙනෙක්ටම
පියවරුන් ද දෙදෙනෙක් සිටින බව දරුවන්ට විස්තර කර තිබෙනවා ශාරීරික හා අශාරීරික
වශයෙන්. එක් අයෙක් ආධ්‍යාත්මිකයි. අනෙක් කෙනා භෞතිකයි. ජීවාත්මයන් පාරිශුද්ධත්වයට
පත් කරවන්නේ ඒ ආධ්‍යාත්මික පියාගේ පැමිණීමෙන් පමණයි. ඔබ පාරිශුද්ධත්වයෙන් සිටි
බවත්, පසුව අපිරිසිදු බවට පත්වූ බවත්, දැන් නැවතත් අපිරිසිදු බවින් පාරිශුද්ධත්වයට
පත්වන බවත් ඔබ දන්නවා. එහි මූර්තීන් තිබෙන්නේ ඔබ ඉදිරියේමයි. බාබා ඔබට උපදෙස් දෙනවා
චක්‍රය පෙන්වන පින්තූරය ඉදිරියට නැවත නැවතත් ගොස් ඉඳගෙන සිටින්න. එවිට ඔබ දැන්
සංගම් යුගයේ ඉන්නේ කෙසේද, අනෙක් අය සැවොම අයත් වන්නේ කලි යුගයටය යන ආදිය ඔබ බුද්ධිය
තුළට ඇතුළු වනු ඇත. යකඩ යුගය හඳුන්වන්නේ සම්පූර්ණ අඳුරෙන් පිරි යුගයක් ලෙසයි. ඔබ
දැන් ඉන්නේ සංගම යුගයේයි. ඔබ දැන් ඉන්නේ ආලෝකයේයි. ස්වර්ණම යුගයේදී ඔබ මෙම ඥානය
ලබන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණි විට පමණයි මෙහි සම්පූර්ණ ආලෝකය ඇතිවන්නේ. මේ සංගම
යුගය තමයි කරුණාවන්ත බවේ යුගය. පරම පියා පැමිණි කල, මෙවන් වූ වෙන කිසිම යුගයක්
ඇත්තේ නැහැ. ස්වර්ණම යුගය කරුණාවන්ත බවේ යුගය ලෙස හැඳින්විය නොහැකියි. කිසිම කෙනෙක්
එහිදී ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ප්‍රයෝජනයක් තිබෙන්නේ සංගම් යුගයේදී පමණයි. ස්වර්ණම
යුගයේදී නිරායාසයෙන්ම සෑම කෙනෙක්ම ප්‍රයෝජනයක් ලබනවා. කලි යුගය, ප්‍රයෝජනවත් වූ
සංගම් යුගය මාර්ගයෙන් ස්වර්ණම යුගය බවට පත් වෙනවා. දැන් ඔබ කෙතරම් විශාල
ප්‍රයෝජනයක් ලබනවාද බලන්න. පියාවත්, ඔබගේ උරුමයත් සිහි කිරීමෙන් පමණක් ඔබ එවන් වූ
විශාල ආදායමක් ලබා ගන්නවා. ඔබට සම්පූර්ණ ආදායමක් ලැබෙන අතර සම්පූර්ණ සෞඛ්‍යයත්
ලැබෙනවා. ඔබගේ ජීවිතය අමරණීය වූ ජීවිතයක් බවට පත්වනවා. ඔබ කිසිම විටෙක අකල් මරණයකට
ලක්වන්නේ නැහැ. එමනිසා, දරුවන් වන අප මේ සියලු ඥානය ලබා සිටිනවාය යන සතුටින්
කුල්මත් විය යුතුයි. දරුවන් මෙහි පැමිණ සිටිනවා. එමනිසා, ඔබ කෞතුකාගාර වල මෙම
පින්තූර විස්තර කර ගැනීමට අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතු වනවා. එසේ ඔබව පුහුණු
කරවීම උදෙසා දින 7ක්, 8ක් ඉඳගෙන ඔබම ඔබට උගන්වා ගන්න. මෙසේ පුහුණු කළ විගස ඔබ සේවය
සඳහා නොපමාව යා යුතුයි. ගිහින් සේවය කොට නැවත එන්න. මෙය ඉගෙන ගැනීම ඉතාමත් පහසුයි.
ඔබ ඉදිරියෙන් පින්තූර තබාගත් විගස ඔබ දැන් මෙම සංගම් යුගයේ ඉන්නේ කෙසේද ආදී සියලුම
දේ බුද්ධියට ඇතුලුවනු ඇත. අද ලෝකයේ බොහෝ මිනිසුන් සිටිනවා. හෙට මෙහි ඉතිරි වන්නේ
ඉතාමත් ටික දෙනයි. ඒ සෑම මනුෂ්‍යයෙක්ම නිවස බලා යනවා. පරමාත්ම පියා දැන් ඔහු
විසින්ම පැමිණ සිටින අතර ඔහු ඔබට විශාල ගෞරවයක් දෙනවා. ඒ ඈත දනව්වේ වැසියා මෙම
විදේශයට පැමිණ සිටිනවා. රාවණ්ගේ රාජ්‍යය තමයි විදේශය. එහෙම නේද? රාවණ්ට කිසිම විටෙක
රාමාගේ රාජ්‍යය තුළට ඇතුළුවිය නොහැකියි. මෙය පදනම් කර ගත් කතාවක් ඔවුන් කියනවා.
ඔවුන් කියන සෑම ආගමික කතාවක්ම නිකම්ම කතන්දර වැනියි. ඔවුන්ගේ කතාවල හෝ නවකතා වල
කිසිම සාරයක් නැහැ. නවකතා බොහෝ ප්‍රමාණයක් විකිණෙනවා. නවකතා පමණක් විකිණීමෙන්ම
මිනිසුන් ලක්ෂපතියන් බවට පත්ව තිබෙනවා. දැන් දරුවන් වන ඔබගේ පැවැත්ම තිබෙන්නේ
පියාගේ අතේයි. මා ඔබ සමඟ ආහාර ගන්නවා. ඒ කියන්නේ මා, ආහාර ලබා ගන්නේ ඔබගේ ගබඩාවෙන්
පමණයි. ඔබගේ පැවැත්ම සිදුවන්නේ මෙහිදීයි. බාබාට කැපවුණු අය මෙහිදී කොහොමත් රැකෙනවා.
කොහොමනමුත්, මනසින් හෝ සෑම දෙයක්ම අයිති වන්නේ ශිව බාබාට බව සලකා තමන් භාරකරුවන්
ලෙස සලකන අයත්, ශ්‍රීමත් අනුව වියදම් කරන අයත් රැකෙන්නේ ශිව බාබාගේ ගබඩාවෙනුයි. ශිව
බාබාගේ ධන ගබඩාවෙන් ආහාර ගැනීමෙන් ඔබගේ හදවත පිරිසිදු වෙනවා. ඇත්තෙන්ම මින් අදහස්
වන්නේ ඔවුන් ශිව බාබාගේ ගබඩාවෙන්ම ආහාර ගැනීමම නොව, සෑම දෙයක්ම ඔහුගේ උපදෙස් අනුව
සිදු කිරීමයි. මෙය ඔහුගේ ගබඩාවෙන් ආහාර ගැනීම ලෙස හඳුන්වනවා. ඔබ ආහාර ගන්නා ගබඩාව
සෑම විටම පිරී තිබෙන අතර එමඟින් ඔබව, ඔබ තුළ ඇති සියලුම දුක් පීඩා කරදර වලින්
මුදවනු ඇත. මින්පසු ඔබ කිසිම විටෙක අකල් මරණ වලට භාජනය නොවනු ඇත. ශිව බාබා එන්නේ
මෙම කාලයේදී පමණක් වන අතර ඔහුගේ ප්‍රශංසනීයත්වය මෙහිදී ගැයෙනවා. ශිවාගේ උපන් දිනයත්
සැමරෙනවා. නමුත් කිසිම කෙනෙක් ඔහුගේ ධන ගබඩාව කුමන අයුරුද කියා දන්නේ නැහැ. බාබා
සත්‍ය වශයෙන්ම මෙහි පැමිණෙනවා. මෙහි එන සෑම දරුවෙක්ම ශිව බාබාගේ ගබඩාවෙන් අහර ලබා
ගන්නවා. පිරිමි අයෙක් කැප වුණහොත් එය හොඳයි, නමුත් ඔහු එසේ කැප වූයේ නැතහොත්
මව්වරුන්ට කළ හැක්කේ කුමක්ද? ස්වාමිපුරුෂයා මඟින් ආදායම ලැබෙනවා. එමනිසා, ඔහු කැප
වන්නේ නැහැ. ඔහු යම් දෙයක් ඉපැයුවහොත් පමණයි ඔහුගේ බිරියටත්, දරුවන්ටත් කෑමට යමක්
දිය හැකි වන්නේ. විවාහක යුවළක් බාබාට කැප වූ විට ඔවුන්ට මෙම ධන ගබඩාවෙන් යැපීමට
හැකියාව තිබෙනවා. පරම පියා මෙහි අසුන් ගෙන දරුවන්ට ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කර
දෙනවා. ඔබ ඔබගේ කර්මාටීට් තත්ත්වයට පත්වන තුරුම පියා සමඟ සිටිනවා යන්න බුද්ධියෙහි
තබා ගන්න. දිනෙන් දිනම අපි අපගේ අධිකාරීත්වය වෙත ළඟා වෙනවා. කාලය නොකඩවා ගෙවී යන
අතර ඔබත් නොකඩවාම සමීප වනවා. ස්වර්ණම යුගයේ ප්‍රථම අවුරුද්ද වෙත යාමට තවත් කොපමණ
කාලයක් ඉතිරි වී තිබෙනවාද? ඔබ ඒ වෙත කොපමණ දුරට ළඟා වී තිබෙනවාද? පියා කියනවා
දරුවනි, ඔබගේ උපත් 84හි චක්‍රය දැන් අවසානය වෙත පැමිණ තිබෙනවා. ඔබ දැන් උපත් 84හි
චක්‍රය ගැන දන්නවා. චක්‍රය දෙස බැලීමෙන්ම ඔබ කියයි ඔබ දැන් ඉන්නේ සංගම් යුගයේයි
කියා. මේ පැත්ත කලි යුගය වන අතර අනෙක් පැත්ත ස්වර්ණම යුගයයි. හෙට වන විට අප අපගේ
සතුටු ලෝකයේ හිඳීවි. ලෝකයා මේ ගැන දන්නේ නැහැ. එය දැන් ඇත්තේ සම්පූර්ණ අඳුරේයි.
දරුවන් විශාල සතුටක් අත්විඳිය යුතුයි. අපි අපගේ ඒ අසීමිත වූ පියාගෙන් උපත් 21ක්
සඳහා වූ අදායමක් ලබා ගන්නවා. ඔබ නිරන්තර සතුට නම් වූ උරුමය ලබනවා යන සතුට ඔබ ළඟ
තිබෙනවා. ඒ ස්වර්ණම යුගයේ වැසියෙක් බවට පත්වීමේ වාසනාව තිබෙන්නේ ඔබටම පමණයි. දිව්‍ය
ලෝකය යනු අසිරිමත් ස්ථානයකි. ඔවුන් ලෝකයේ පුදුම හත පෙන්වනා සේ මෙය තමයි සියලුම දේට
වඩා උසස්ම වූ පුදුමය. දිව්‍ය ලෝකයේ පුදුම සහගත පින්තූර තිබෙනවා. ලක්ෂ්මී සහ නාරායන
තමයි ඒ ලෝකයේ පාලකයන් වූයේ. මේ නිසා තමයි බාබා ලියා තිබෙන්නේ පින්තූරය උඩින් සූර්ය
වංශය පිළිබඳවත්, ඊට යටින් චන්ද්‍ර වංශය ගැනත් ලියන්න. එවිට කල්පයෙන් භාගයක්ම
සම්පූර්ණයි. සූර්ය වංශය හා චන්ද්‍ර වංශය සම සමව අවුරුදු 1250ක් පුරා පැවතෙනවා. එවිට
අවුරුදු සිය දහස් ගණනක් මෙය පැවතෙනවා යන කියමන කිව නොහැකියි. සාමාන්‍ය ලෝකයේ භෞතික
බලයන් වෙනුවෙන් විශාල ලෙස වියදම් කරනවා. මෙහිදී මුල සිට අග දක්වාම කිසිම වියදමක්
සිදුවන්නේ නැහැ. මෙය තමයි පියාගේත් දරුවන්ගේත් ගිණුම. වියදමක් පිළිබඳව කිසිම
ප්‍රශ්නයක් මෙහිදී පැන නඟින්නේ නැහැ. මෙහිදී දරුවන් තමා තුළ නැවුම් බවක් ඇතිකර
ගැනීම සඳහා පැමිණෙනවා. මේ නිසා තමයි බාබා ගොඩනැගිලි තනවන්නේ. සියලුම මුදල් අයිති
දරුවන්ටයි. නමුත් ඒවා තවත් දින කීයකටද ඉතිරිව තිබෙන්නේ? තව දින බොහොම ටිකයි
තිබෙන්නේ? ඒ වගේම මෙහිදී කිසිම වියදමක් දැරීමට සිදුවන්නේ නැහැ. ඔබ බෙලි කටුවක්
තරම්වත් වූ දෙයක් වියදම් නොකොට ජීවන මුක්තිය ලබා ගන්නවා. මෙහිදී තිබෙන්නේ උත්සාහය
පමණයි. සෑම භක්තිවන්තයෙක්ම දෙවියන් සිහිපත් කරනවා. නමුත් දෙවියන් කියන්නේ කවුද කියා
ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් කියන්නේ කවුද කියා නොදන්නාකම නිසා ඔවුන් බොහෝ
දෙනෙක්ව දෙවියන් ලෙස විශ්වාස කරනවා. දරුවන් දැන් ඒ නියම පියාගේ හැඳින්වීම ලබා දිය
යුතුයි. ගුවන් තොටුපල ආදී ප්‍රාධාන ස්ථානවල විශාල පින්තූර එල්ලා තැබිය යුතු බව බාබා
බොහෝ අවස්ථාවල ඔබට විස්තර කර තිබෙනවා. මේ සඳහා ඔවුන් ඔබගෙන් කොපමණ අය කරයිද? ඔවුන්ට
කියන්න මෙය සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රයෝජනවත් දෙයක් බව. මෙය තේරුම් ගැනීමෙන් පමණයි
මිනිසුන්ට තම උරුමය ලබා ලෝක පාලකයන් බවට පත් විය හැකි වන්නේ. දිල්ලිය අග නුවරක්
නිසා එය ප්‍රධානම වූ තැනක්. සෑම කෙනෙක්ම එතැනට එකතු වනවා. ඇලුමීනියම් ශීට් එකක ඇඳි
විශාල පිංතූරයක් එල්ලා තබන්න. ප්‍රධානම පින්තූර තමයි ත්‍රිමූර්තිය, චක්‍රය හා කල්ප
වෘක්ෂය. ඉනිමගත් පුදුම හතෙන් එකක් තමයි. එහි විනාශය ආදිය ගැන ඉතා පැහිදිලි ලෙස
විස්තර කර තිබෙනවා. පාරිශුද්ධකරු වන්නේ ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය ද, නැතිනම්
ගංඟා ද යන ප්‍රශ්නය එහි ලියන්න. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් අහනවා දෙවියන් සෑම
තැනකම සිටිනවාද, නැතිනම් එකම අශාරීරික වූ උත්තරීතර පියා, උත්තරීතර ජීවය වන්නේ ඔහුද?
දරුවන් පියාගෙන් උරුමයක් ලබනවා. මෙය තමයි ප්‍රධානම පින්තූරය. ත්‍රිමූර්තියේ
පින්තූරයත් බොහෝ වටිනවා. විශ්ණුගේ දේශය බ්‍රහ්මා මඟින් ස්ථාපිත වූ අතර ඔහුම එය
පවත්වා ගන්නවා. ඒ අසීමිත වූ බාබා ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත්කරවීම සඳහා අපට
උගන්වනවා යන අසීමිත සතුට දරුවන් තුළ තිබිය යුතුයි. බාබා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපිත
කරන අතර අපායේ විනාශය සිදු කිරීමට පෙළඹවීම කරනවා. එමනිසා, ඒ විශාල මහාභාරත යුද්ධය
මේ හා සබැඳි දෙයක්. මෙම චක්‍රය සෑම අවුරුදු 5000කටම වරක් මේ අයුරින් කැරකෙනවා. සෑම
චක්‍රයකදීම පරමාත්ම පියාත් සංගම් යුගයේදී මෙහි පැමිණෙනවා. මිනිස්සු ගීතාවේ ලියා
තිබෙනවා, ඔහු සෑම යුගයකදීම එනවා කියා. මෙහි යුගයන් පහක් තිබෙන නිසා, ඔහුත් පස්
වතාවක් මෙහි එනවා කියා. එසේනම්, ඔවුන් අහවල් අහවල් තැනැත්තා 24 ආකාරයකින් භූතාවේශ
වනවා කියා ලියා තිබෙන්නේ ඇයි? මිනිසුන් බොහෝ යාගහෝම පවත්වනවා, තපස්යා කරනවා, දාන
දෙනවා, නොයෙකුත් සමාජ සේවා කරනවා. ඔවුන් සිතනවා ඒ සෑම දෙයක්ම දෙවියන් සොයා ගැනීමේ
මාර්ගයක් කියා. කොහොමනමුත්, කිසිම කෙනෙක්ට තවම දෙවියන් වෙත යා නොහැකියි. කල්ප
භාගයක් තිස්සේම සිට මිනිසුන් බොහෝ සෙයින් තම හිසට ගහ ගත්තා. උපතක් උපතක් පාසා ඔබ
සතර දිශාවේම දෙවියන් සොයා ගියා. ඔබ නොයෙකුත් දේ කළා, නමුත් තවමත් පියාව සොයාගෙන
නැහැ. පියා දැන් දරුවන්ට ඉතාමත් සමීපයි. ඔහු ඔබටම කතා කර මේ සියල්ල විස්තර කරනවා.
සෑම චක්‍රයකදීම මේ ආකාරයෙන්ම ඔබ ඔහුව හමුවන බව දන්නවා. සිදුවන සෑම දෙයක්ම ඒ
අයුරින්ම සෑම චක්‍රයකදීම සිදුවනවා. මේ දාදා මේ අයුරින්ම මැණික් වෙළෙන්දෙක් වනවා.
පරමාත්ම දෙවියන් එම තැනැත්තා තුළටම ඇතුළු වන අතර මේ ඉදිරියේ සිටින දරුවන්ම පියා හට
අයිති වී නැවතත් දිව්‍ය ලෝකය නම් වූ උරුමය ඔහුගෙන් ලබා ගන්නවා. පියා දරුවන් වන ඔබ
සමඟ රඟ දක්වන්නා වූ මෙම සදාකාලික අවිනාශී වූ චරිත කොටස සෑම චක්‍රයකදීම නැවත නැවතත්
ඒ අයුරින්ම සිදුවනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙය තමයි
කාරුණිකත්වයේ සංගම් යුගය. මේ යුගයේ සෑම දෙයකම ප්‍රයෝජනයක් තිබෙනවා. සෑම දෙයකම
තිබෙන්නේ ආදායමක්ම පමණයි. පියාත් ඔහුගේ උරුමයත් සිහිපත් කර ඔබගේ ජීවිතය උපත් 21ක්
පුරාවටම අමරණීය කර ගන්න.
2. පවුලේ අයත් සමඟ
ගෙදර ජීවත්වන අතරතුර ඔබගේ මනසත් බුද්ධියත් කැප කරන්න. ඔබගේ වර්ධනය සිදුවිය යුත්තේ
ශ්‍රීමත් අනුවයි. සම්පූර්ණ භාරකරුවෙක් වන්න.
වරදානය:
සහයෝගයේ
බලයෙන්, සහයෝගය නොදෙන අයව සහයෝගී කර, ඔබ පරම පියා මෙන් වී, ඔබට අපහාස කරන අයව ඉහළ
නංවත්වා.
සහයෝගය ලබා දෙන අයට
සහයෝගය දීම, එඩිතර ක්‍රියාවක් නොවෙයි. කෙසේවෙතත්, පියා ඔහුට අපහාස කරන අයව ඉහළට
ඔසවන සේම, ඔය දරුවන්ද ඒ ආකාරයටම පියාට සමාන විය යුතුයි. කෙනෙක් කෙතරම් සහයෝගය
නුදුන්නත්, සහයෝගය නොදෙන අයව සහයෝගය ලබා දෙන අය බවට පත් කිරීමට, ඔබගේ සහයෝගී බලය
භාවිතා කරන්න. යම් හේතුවක් නිසා කෙනෙක් ඉදිරියට ගමන් නොකරන බව නොසිතන්න. දුර්වල අය,
දුර්වල බව සිතා, ඔවුන්ව පැත්තකට නොදමන්න, නමුත් ඔවුන්ට බලය ලබා දී, ඔවුන්ව ශක්තිමත්
කරන්න. මෙයට අවධානය යොමු කරන්න, එවිට සේවා සැලසුම් යන ආභරණ, දියමන්ති වලින් අලංකාර
වෙයි, එනම් හෙළිදරව්ව පහසුවෙන් සිදුවෙයි.
පාඨය:
කෝපයට හේතුව
ආත්මාර්ථකාමිකම සහ ඊර්ෂ්‍යාවයි. නොරිස්සුමේ මුල් මේවාය. එබැවින් ප්‍රථමයෙන් ඒවා
අවසන් කරන්න.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
පාරිශුද්ධත්වය
අත්තිවාරමයි. එබැවින්, අත්තිවාරම වෙනුවෙන් බඹසර රැකීමේ පොරොන්දුව සිදු කිරීම
සාමාන්‍ය දෙයකි. නමුත් ඔබ දැන් ඉදිරියට ගමන් කර ඇති බැවින් ඔබට තව දුරටත් ළමා
අවදියක් නොමැත. ඔබ දැන් විශ්‍රාමික අවදියට යා යුතුයි. “මා බඹසර රකිනවා, මට කොහොමත්
පවිත්‍රත්වය තිබෙනවා”. එයින් පමණක් සතුටු නොවන්න. ඔබගේ ප්‍රධාන අත්තිවාරම වන ඔබගේ
මනස පිවිතුරු කරගන්න. එය මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් සහ බලයේ ප්‍රතිමූර්තියක්
කරගන්න.
අංග සම්පූර්ණත්වය
අත්කර ගැනීම සඳහා දාදී ප්‍රකාශ්මනීජීගේ අදෘෂ්‍යමාන උත්සාහයන්.
(දාදිජීගේ 19වන
සංවත්සරය වෙනුවෙන් විශේෂ ධාරණා).
1) සියලු වගකීම් ඉටු
කරන අතර දාදිජීට මෙම අරමුණ තිබුණි: සියලු ගුණදම් වලින් සම්පූර්ණ වීම, සියලු කුසලතා
වලින් පිරිපුන් වීම සහ සම්පූර්ණයෙන් අවගුණ වලින් තොර වීමේ ගමනාන්තයට මා ළඟා විය
යුතුයි.
2) දාදිජී ඇගේ
සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් ද්විත්ව අවිහිංසක වූ අතර සියලු දෙනාට සතුට දී,
සතුට ලබා ගත්තා. ඇගේ මනසින් වත් ඈ කිසිවෙකුට දුක් නොදුන් අතර ඇය දුක ගත්තේද නැත.
3) දාදිජී සෑම විටම
ඒකායන පියාගේ ආකාර්ෂණය තුළ රැදී සිටියා. ඈ කිසිම විටෙක කිසිදු පැරණි දේකට, කිසිදු
පුද්ගලයෙකුට හෝ පදාර්ථයන්ට ආකර්ෂණය වූයේ නැත. ඈ සෑම විටම ඒකායන පියාගේ ස්මරණයේ සිටි
අතර ඇගේ සියුම් ආකල්ප වලින් පවා ඇයට සම්පූර්ණ ඒකාග්‍රතාවය තිබුණි.
4) දාදිජීට සෑම විටම
නොබැඳි නරඹන්නෙකුගේ මනෝ ස්ථිතිය තිබුණු අතර ඈ සහකරුගේ ඇසුර අත්වින්දා. ඇගේ
ද්‍රිෂ්ඨියේ සහ ආකල්පය තුළ ආධ්‍යාත්මිකත්වය තිබුණි. ඇගේ සංස්කාර වල කෙතරම්
රාජකීයත්වයක් තිබුණේද යත්, ඇගේ ද්‍රිෂ්ඨිය කිසිවිටෙක කිසිවෙක් වෙතට ඇදී ගියේ නැත.
5) කිසිවෙකුගේ
දුර්වලතා ඇය කිසිවිටෙක ඇගේ හදවත තුළ තබා නොගත්තාය. ඇය කිසිවෙකුගේ දුර්වලතා සටහන් කර
ගත්තේ නැත. ඈ සෑම විටම පරචින්තනය (අන් අය ගැන සිතීම), පරදර්ශනය (අන් අය දෙස බැලීම)
සහ පරමත් (අන් අයගේ උපදෙස් පිළිපැදීම) ඉක්මවා සිටි අතර සෑම විටම ආදිතම තමා පිළිබඳ
සිතිවිලි පවත්වා ගත්තා.
6) දාදිජී සෑම විටම
බ්‍රහ්ම පියා සමග බොහෝ නිරහංකාර වීය. ඈ අශාරීරික සහ නිරහංකාර ස්ථිති පුහුණු කළා. ඈ
සෑම විටම සැලකුවේ තමා සේවාධාරියෙක් බවයි. තමන් වෙනුවෙන් ඇය කිසිම වර්ණනාවක්
පිළිනොගත්තාය. යම් කෙනෙක් ඇයව විවේචනය කළා නම්, ඇය බිය නොවූ අතර කෙනෙක් ඇයව වර්ණනා
කළ විට ඇය සතුටු වූයේද නැත. සෑම අවස්ථාවකදීම ඇයට සමානාත්මක ස්ථිතියක් තිබුණි.
7) බාප්දාදාගෙන් ඇයට
ලැබුණු දිව්‍යමය බුද්ධියේ තිලිණය ඈ ඉතා හොඳින් රැක බලා ගත්තා. ඇයට සෑම විටම බලවත්
සිතිවිලි තිබුණා. ඇගේ සෑම ක්‍රියාවක්ම ශ්‍රීමත් වලට අනුකූල විය, තමන්ගේම මත හෝ අන්
අයගේ මත එයට කිසිවිටෙක මිශ්‍ර නොවීය. ඇගේ සෑම සිතිවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවක්ම
දිව්‍යමය බුද්ධියක පදනමට අනුව විය යුතු බවට අරමුණ ඇයට තිබුණු අතර ඒ අනුව ඇයට
අංගසම්පූර්ණත්වය අත්වුණි.
8) ඇයට සෑම විටම
ඒකායන කෙනා කෙරෙහි විශ්වාසය තිබුණු අතර ඒකායන කෙනාගෙන් බලය ලැබුණි. ඇගේ සියලු
සම්බන්ධතා ඒකායන කෙනා සමග විය. කිසිවෙක් කෙරෙහි කිසිදු යටහත් බවක් හෝ බැඳීමක් ඇයට
නොතිබුණි. ඈ සෑම විටම අන් අය දෙස බැලුවේ සහෝදරත්වයේ දැක්මකින්. දයාවෙන් පිරිපුන්
වීමේ ගුණදහම ධාරණය කරගෙන, ඈ දුර්වල ජීවාත්ම බලයෙන් පිරිපුන් කළා. ඇයට අපහාස කළ අයව
ඈ ඉහළට එසවූවාය.
9) ‘කිසිවක් අළුත්
නොවෙයි’ යන අවධානයෙන් ඈ සියලුම කුඩා සහ විශාල සිදුවීම් අභිබවා ගියාය. ඕනෑම
ජවනිකාවකදි, ‘ඇයි?’ සහ ‘කුමක්ද?’ යන ප්‍රශ්න වලින් අවුලට පත්වනවා වෙනුවට ඇයට සෑම
විටම නොබැඳි නරඹන්නෙකුගේ අවධානය තිබුණු අතර සෑම විටම ප්‍රබෝදමත්ව සිටියා.
10) ඇගේ සෑම වචනයක්
තුළම රාජකීයත්වය දිස්විය. ඇය කිසිම විටෙක කිසිම සාමාන්‍ය වචනයක් පැවසුවේ නැත. ඇගේ
මුවින් මතු වූයේ ප්‍රායෝගික හැඩයක් ගැනීමට යන වදන් පමණයි. එතරම් සාර්ථක ජීවාත්මයක්,
එමෙන්ම ඇගේ සිතිවිලි සෑම විටම සාර්ථක වූ බැවින් ඇය පහසුවෙන් අංගසම්පූර්ණත්වයට පත්
විය.
11) දාදිජී සෑම විටම
ආත්ම-විශ්වාසයෙන් පිරී සිටි නිසා, ඇය සෑම කල්පයකදීම ජයග්‍රාහී ජීවාත්මයක්, යන
අවධානය ඇයට සෑම විටම තිබුණි. ඇය කිසිම විටෙක පැරණි සංස්කාර හෝ ස්වභාවයක් මත යැපුනේ
නැත. ඇගේ ජීවාත්මය, ආලෝකමත් සිරුරක වාසය කිරීම ඇය අත්වින්දා.
12) දාදිජීගේ බුද්ධිය
පිරිසිදු සහ පැහැදිලි කැඩපතක් මෙන් විය. ඈ සෑම විටම තපස්යාවේ ප්‍රතිරුවක් ලෙස රැඳී
සිටියා. මෙම තපස්යාව තුළින් ලොවට යහපතක් සිදු වී, ස්වර්ණමය යුගයේ සතුටු ලෝකය
පැමිණෙයි, යන අවධානය, ඇයට සෑම විටම තිබුණා.
13) අවසන් කාලය ඇගේ
ඉදිරියේ තබාගෙන, දාදිජී සෑම විටම ආදිතම තමන්, පිළිබඳ සිතිවිලි පවත්වා ගත්තා. තමන්ගේ
ස්වකීය-ප්‍රගතිය වෙනුවෙන්, ඇය දිනපතා අම්රිත් වේලාවේ බාබා සමග බොහෝ මිහිරි හදවතට
සමීප කතාබස් වල යෙදුණා. ඇය බාබාගේ ශ්‍රේෂ්ඨ වදන් ගැඹුරින් හැදෑරුවා. බාබා කෙරෙහි
ඇති සෙනෙහස සමගම, බාබාගේ මුරලි කෙරෙහිද ඇයට නොබිඳි සෙනෙහසක් තිබුණි.
14) ඇගේ අංග සම්පූර්ණ
ස්ථිතිය නිර්මාණය කිරීම සඳහා ශරීරය ඉක්මවා සිටීම දාදිජී පුහුණු කළා. ඇය ලෝක යහපත
වෙනුවෙන් උපකරණයක් යන අවධානය, ඇගේ බුද්ධිය තුළ සෑම විටම තිබුණි. මා, මගේ මනෝ
ස්ථිතිය ශ්‍රේෂ්ඨව, ඒකාග්‍රතාවයෙන්, නිරන්තර, ස්ථාවර සහ සිතිවිලි ඉක්මවා තබා ගත
යුතුයි, එනම්, මගේ ස්ථිතිය, සිතිවිලි වලින් නිදහස්ව තබා ගත යුතුයි, එවිට පමණයි මට
මෙම පැරණි ලෝකයෙන් ඉවතට පියාසර කර, ගොස්, බාබා සමග සූක්ෂම ලෝකයේ අසුන් ගැනීමට හැකි
වන්නේ.
15) දාදිජී සෑම විටම
ප්‍රිය කළේ, බාබාගේ ස්මරණයේ සිට, සියලු දෙනාව තෘප්තිමත් කර, සියලු දෙනාගේ ආශිර්වාද
ලබා ගැනීමටයි. කිසිම ජීවාත්මයක් මා නිසා කලබලයට පත් වී, ඒ නිසා මට නරක පැතුම් ලබා
නොදිය යුතුයි. දාදී මෙයට සම්පූර්ණ අවධානය යොමු කොට සියලු දෙනාගේ ආශිර්වාද ලබා
ගැනීමට සුදුසු විය.
16) දාදිජී ඉදිරියේ
සෑම විටම තිබුණේ එක් අරමුණකි: මා පරිසමාප්ත සහ අංගසම්පූර්ණ සුරදූතයෙක් සහ කර්මතීට්
විය යුතුයි. මා මෙම පැරණි සිරුර හලා දමා, සුරදූතයෙක් වී, අව්‍යක්ත සූක්ෂම කලාපයේ
නිවැසියෙක් විය යුතුයි. මෙම සේවය දිවා රෑ අඛණ්ඩව සිදුවෙයි. සේවය කරන අතරම මම, මා
වෙතට සූක්ෂම අවධානය යොමු කර, සම්මාන ඇතිව සමත් විය යුතුයි.
17) දාදිජී සෑම විටම
සිටියේ සියලු බාධක අභිබවා වන අතර, ඇයට සෑම විටම බාධක වලින් නිදහස් ස්ථිතියක්
තිබුණි. ඇය හුදකලාව අසුන්ගෙන, සූක්ෂම අන්දමකින් තමන්ව පරීක්ෂා කර බලා, දියමන්තිය වන
ජීවාත්මය මත ඇති ඇගේ දුර්වලතා සහ පළුදු ඉවත් කරන අතර මිල කළ නොහැකි දියමන්තියක් බවට
පත් විය.
18) තමන්ව ආලෝකයෙන්
සහ බලයෙන් පිරිපුන්, සම්පූර්ණයෙන් පිවිතුරු, අභ්‍යන්තර නිරාශාවේ ආකල්පයක් ඇති අයෙක්
කිරීම සඳහා, ඇය සියලු සිදුවීම් වලදී එපිට සිටි අතර ඇගේ ද්‍රිෂ්ඨිය සහ ආකල්පය
සම්පූර්ණයෙන් පිවිතුරු බවට පත් කළා. ඇය පැරණි සංස්කාර වල සියලුම පැරණි ගෘහය පරාජය
කර, පදාර්ථ ජයගෙන බාබාගේ ඇකයේ මුසු විය.
19) මා බාබාට අයත් වන
අතර මා බාබා මෙන් පරිසමාප්ත විය යුතුයි. ඇය සිරුරේ සූක්ෂම අහංකාරය, තමන්ගේ සංස්කාර,
ගෞරවය, සම්මාන, වර්ණනා, ඇගේ බුද්ධිය සහ පුරුදු, සම්පූර්ණයෙන්ම කැප කළේ මේ නිසයි, ඈ
පියා මෙන් වූ අතර සූක්ෂම කලාපයේ නිවැසියෙක් විය.