25.10.26 Avyakt Bapdada
Sinhala
Murli 19.02.2012 Om Shanti Madhuban
නිවහනට දොරටු විවෘත
කිරීම සඳහා, ඔබගේ අසීමිත නිරාශාවේ ආකල්පයෙන්
ශරීර අවධානයේ “මම” අත්හරින්න. ඔබගේ උපන් දිනයේ, ඔබගේ කතාව සහ ක්‍රියාව සමාන කිරීමේ
අධිෂ්ඨානය ඇති කරගෙන ඒ අනුව සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන්න.
අද, සෑම තැනකම සිටින
ඔහුගේ දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. සියලු දෙනාගේ හදවත් වලින් මතුවන හඬ
වන්නේ, ‘අපූරුයි බාබා! අපූරුයි!’ එමෙන්ම පියාගේ හදවතේ හඬද එයමයි, ‘අපූරුයි දරුවනේ,
අපූරුයි!’ අද සියලු දෙනාම දිව්‍යමය උපතේ සතුට උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සමරනවා. අද
ඔබ සතුටින් සමරන අතර එය සමගම පරම පියාද දරුවන්ගේ සතුට සමරනවා. මෙම අද්විතීය උපන්
දිනය වන අද දවසේ පමණයි, පරම පියාගේ සහ දරුවන්ගේ දිව්‍යමය උපත එකම දවසේ එකට සිදු
වන්නේ. ඔබ සියලු දෙනාම සුබ පැතුම් ලබා දෙන අතර සුබ පැතුම් ලබා ගනී, මන්ද, පියා උපත
ගෙන ඇත්තේ, මෙම යාග ගින්න නිර්මාණය කිරීමටයි. එබැවින් මෙම යාගයට අවශ්‍ය වන්නේ
බ්‍රහ්මින් දරුවන් පමණයි. පියාගේ සහ දරුවන්ගේ උපන් දිනය එකම දිනයේ පැවැත්වෙන එකම
උපන් දිනය මෙයයි, මේ නිසයි ශිව ජයන්තිය දියමන්තියක් තරම් වටින උපන් දිනයක් බව
කියන්නේ. ඉතිං සෑම දරුවෙක්ම බොහෝ සෙනෙහසින් සුබ පැතුම් ලබා දීමට පැමිණ ඇති අන්දම
පියා දකින අතර පියාද පැමිණ ඇත්තේ සුබ පැතුම් ලබා දීමටයි. මෙම උපන් දිනය ගැඹුරු
සෙනෙහසේ උපන් දිනයකි. දරුවන් ආදරණීයයි, පියා ආදරණීයයි, එමෙන්ම එය ආදරණීය උපන්
දිනයකි.
මෙම දේශයේ සහ විදෙස්
රටවල සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ගේ සෙනෙහස, බාප්දාදා වෙත ළඟා වෙනවා. පරම පියා
සෑම ආදරණීය දරුවෙකුටම කෝටි ගුණයක සෙනෙහස පිරුණු සුබ පැතුම් ලබා දෙනවා. මෙම සෙනෙහස,
සෑම දරුවෙක්වම පහසුවෙන් කර්ම යෝගීවරයෙක් බවට පත් කරවයි. මෙම සෙනෙහස නිරන්තරයෙන් සෑම
දෙයක් පහසු කරවයි; එය ඔබව බලවත් කරවයි. එය බාප්දාදාගේ උපන් දිනය පමණක් නොවෙයි,
මන්ද, පියා සෑම විටම සිටින්නේ දරුවන් සමගයි. අප එකට සිටියි, එකට ආපසු යයි, එමෙන්ම
එකට රාජධානියට යයි. මෙය ඔබ සියලු දෙනාගේද පොරොන්දුව නේද? ඔබ එකට සිටිය යුතුයි, එකට
ආපසු පියාසර කළ යුතුයි සහ එකට රාජධානිය පාලනය කළ යුතුයි.
අද, බාප්දාදා ඔබගේ
බැතිමතුන්වත් විශේෂයෙන් සිහි කරනවා, මන්ද, ඔබගේ බැතිමතුන් ඔබ සිදුකළ දේවල් ඉතා
හොඳින් අනුකරණය කර තිබේ. තඹ යුගයෙදි, ඔවුන් පරම දනව්වේ සිට ප්‍රථමයෙන් පැමිණි විට,
ඔවුන්ගේ ප්‍රථම උපත සෑම විටම සතෝප්‍රධාන්ය, එමෙන්ම ඔවුන් ඔබව ඉතා හොඳින් අනුකරණය කර
ඇත්තේ මේ අන්දමින්ය. එබැවින් මෙම දිනයේ, ඔය සියලුම දරුවන්ව සිහි කිරීමත් සමගම බාබා
බැතිමතුන්වද සිහි කළා. අද, සූක්ෂම කලාපයේ, අම්රිත් වේලාවේ දරුවන්ගේ බොහෝ අලංකාරයක්
තිබුණි. සෑම දරුවෙකුටම මෙසේ හැඟුණි: අද මම බාප්දාදාට සුබ පැතීමට යනවා, එමෙන්ම
බාප්දාදා ද සෑම දරුවෙකුගෙන්ම, ගැඹුරු සෙනෙහසින් සුබ පැතුම් පිළිගත්තා. ඉතිං අද මෙම
මේලාව (හමුව) සූක්ෂම කලාපයේ සිදුවෙමින් තිබුණා. එක පසෙකින්, ඔය දරුවන් සිටින අතර
අනෙක් පසින්, පෙර ගමන් ගොස් සිටි ඔබගේ සහකරුවන්ද පැමිණ සිටියා. ඔබගේ දාදීන් සහ
විශේෂ ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ගේ ලැයිස්තුව විශාල එකක් බව බාප්දාදා දුටුවා. සෑම දාදී
කෙනෙක්ම බාප්දාදාට සුබ පැතුම් ලබා දුන් අතර ඒ සමගම ඔවුන් ඔය වාසනාවන්ත දරුවන්ටත්
සුබ පැතුවා. ඉතිං අද, සූක්ෂම කලාපයේ, සුබ පැතුම් වල මේලාව තිබුණා. පෙර ගමන් ගිය
කණ්ඩායමේ සියලුම විශේෂ දාදීන් සහ සහෝදරයන් ඔවුන්ගේ සහකරුවන් ලෙස සිටි ඔය උපකරණ
ජීවාත්ම විශේෂයෙන් සිහි කළ අතර ඔවුන්ගේ හදවත් වලින් ඔබට සුබ පැතුවා. ඉතිං බාප්දාදා
සියලු දෙනා වෙනුවෙන් ඔබට සුබ පැතුම් ලබා දෙනවා. ඔබ එය පිළිගන්නවාද?
සියලු දෙනාගෙන් එකම
හඬක් පිටවිය, සහෝදරියන් සහ සහෝදරයන්ගෙන්: නිවහනට යාමට ඔබ දොරටු විවර කරන්නේ කවදාද?
එබැවින් විශේෂයෙන් දීදි සහ දාදී මෙසේ කියමින් සිටියා: අප වෙනුවෙන් අපගේ සහෝදර
සහෝදරියන්ගෙන් විමසන්න: “ආපසු නිවසට යාමට ඔබ නියම කරගෙන ඇති දිනය කවදාද?” ඔබ සියලු
දෙනාම එකට ආපසු යනවා නේද? ඔබ වෙන වෙනම ආපසු යන්නේ නැහැ නේද? දොරටු විවර කිරීමට
සියලු දෙනාම එකට පෙනී සිටියි. ඉතිං, ඔවුන් දිනයක් විමසමින් සිටියා. බාප්දාදාගේ
මුවගට මද සිනහවක් නැගුණා, මන්ද පරම පියාටත් අවශ්‍ය වන්නේ මෙයයි. දැන්, දොරටු විවෘත
කිරීම සඳහා ඔය සියලුම දරුවන් තුළ අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබිය යුතුයි. දොරටු
විවර කිරීමේ යතුර මෙයයි. බාප්දාදා නොකඩවාම පවසන්නේ: අසීමිත නිරාශාවක් ඇති අයෙක් වී,
හැකි විගසින් සිතිවිලි සහ කාලය යන දෙකම අපතේ හැරීම අවසන් කරන්න, එනම්, අසීමිත
නිරාශාව ඇති කෙනෙක් වන්න, මන්ද, විශාලතම බාධකය වන්නේ ශරීර අවධානය බව, බාප්දාදා දැක
තිබේ. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, එම ශරීර අවධානය අත්හැර, ජීව අවධානයට
පත්වීම, අසීමිත නිරාශාවයි.
සියලු දෙනා ‘මගේ
බාබා, මිහිරි බාබා, ආදරණීය බාබා!’ යැයි කියයි. ඔබ හදවතින් ‘මගේ’ කියන විට, එවිට
“මම” ස්වරූපයෙන් පැමිණෙන ශරීර අවධානය - පියා සෑම විටම පවසන්නේ, ‘ඔබට සෑම විටම තිබෙන
“මම” යන අවධානය, එනම් “මා කරන කුමන හෝ දෙයක් - මා කියන කුමක් වුනත් නිවැරදියි’.
“මම” යන එකක් සාමාන්‍යයි - මම ජීවාත්මයක් වන අතර මෙය මගේ ශරීරයයි. අනෙක, සූක්ෂම
‘මම’ය. ඔබට දැනටමත් ‘මා මෙය කළා, මා මෙය කරනවා, මම නිවැරදියි’- එමෙන්ම ඔබ මෙම ‘මම’
යන්නෙහි සූත්ෂම ස්වරූපය අවසන් කළ යුතු බව කියා තිබේ. ශරීර අවධානය පැමිණෙන්නේ මේ
ස්වරූපයෙනි. විටෙක පියාගේ විශේෂතා තමන්ගේ කියා ඔබ සලකන, මෙම ශරීර අවධානය, අද මෙම
“මම” යන සූක්ෂම ස්වරූපය, ඔබ මෙම ‘මම’ යන අවධානය අවසන් කළ යුතුයි. නිර්මාණය කර ඇති
සිහිවටන වල ටිකක් බලන්න; ඔවුන් බිල්ලක් දෙන විට, ඔවුන් සැබැවින්ම තමන්ව බිලි
නොදෙයි, නමුත් ඔවුන් බිලි දෙන්නේ කුමක්ද? එළුවෙක්. බිලි දීමට ඔවුන් එළුවෙක් තෝරා
ගත්තේ ඇයි? මන්ද, එළුවෙක් සෑම විටම “මෛ, මෛ” (මම) කියන නිසා. බැතිමතුන් ඔබව ඉතා
හොඳින් අනුකරණය කර ඇත. එබැවින් මෙම දිනයේ ඔබට උත්සාහ දරා මෙම ශරීර අවධානයේ ‘මම’
අවසන් කළ හැකිද? ඔබ මෙහි පැමිණ ඇත්තේ පියාගේ උපන් දිනයේ, එබැවින් ඔබ තෑග්ගක් ලබා
දෙනවා නේද? පියාට වෙනත් කිසිදු තෑගි අවශ්‍ය නැහැ, මෙම ‘මම’ යන සූක්ෂම අවධානය පමණයි.
පරම පියා පවසන්නේ: මෙම උපන් දිනය දා, පියාට මෙම තෑග්ග ලබා දෙන්න. ඔබට එය දිය හැකිද?
ඔබට එය දීමට අවශ්‍යද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? අත් ඔසවන්න! අත් එසවීමෙන් ඔබ බාබාව
සතුටු කළා. එබැවින් ඔබගේ අත් එසවීමෙන් ඔබ තෑග්ග ලබා දී තිබේ. තෑග්ගක් ලෙස ඔබ ලබා
දුන් දෙයක්, ඔබගෙන් කිසිවෙක් ආපසු ගන්නවාද? සමහර දරුවන් පවසන්නේ: බාබා, අපට එය
අවශ්‍ය නැහැ, නමුත් එය ආපසු පැමිණෙනවා. හේතුව කුමක්ද? ඔබගෙන් හේතුව විමසූ විට ඔබ
ඉතා හොඳ පිළිතුරක් ලබා දෙයි. ඔබ දන්නා බවත්, ඔබ එය පිළිගන්න බවත් ඔබ කියයි, නමුත්
එය ආපසු පැමිණෙන විට ඔබ කුමක් කරන්නද? ටිකක් ඒ ගැන සිතන්න! ඔබ දුන් දෙයක් ඔබ වෙතට
ආපසු එන්නේ නම්, එවිට ඔබ දැනටමත් දුන් දෙයක් ඔබ ළඟ තබා ගන්නවාද? ඉතිං ඔබ එය ඔබගේ
හදවතින්ම දුන්නා නම්, එවිට එය ආපසු පැමිණියත්, ඔබ සමග එය තබා ගන්නවාද? එයට හේතුව
කුමක්ද? ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබේ, එමෙන්ම සෙනෙහස නිසා, පියා පවසන ඕනෑම දෙයක්
කිරීමට ඔබට අවශ්‍යයි. පියා වෙතට මෙම ප්‍රතිඵලය පැමිණෙයි, නමුත් සිදුවන්නේ ඔබට
අධිෂ්ඨානය නොමැතිකමයි. එබැවින් අධිෂ්ඨානය භාවිතා කරන්න. ඔබට සිතිවිල්ල තිබේ, නමුත්
සිතිවිල්ලක් තිබීම එක දෙයක් වන අතර අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබීම වෙනත් දෙයකි.
එබැවින් නැවත නැවතත් ඔබට ඇති වන සිතිවිලි වලට අධිෂ්ඨානය දමන්න. මෙම අවධානය නොමැත.
සාර්ථකත්වයට යතුර අධිෂ්ඨානයයි. ඉතිං, ඔබ අද කුමක්ද කරන්නේ? ඔබ නිකම්ම සිතිවිලි ඇති
කරනවාද, නැත්නම් ඔබ අධිෂ්ඨානගත සිතිවිලි ඇති කරනවාද? ඔබගේ සිතිවිලි වල අධිෂ්ඨානය
තිබෙන විට, එහි ලක්ෂණය වන්නේ: සාර්ථකත්වයට යතුර අධිෂ්ඨානයයි. ඔබ යතුර භාවිතා
කිරීමේදී යම් අඩුවක් තිබෙන නිසා ඔබට පූර්ණ සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකි වෙයි.
ඉතිං, අද බාප්දාදා
දකින්නේ එය දරුවන්ගේ මෙන්ම පියාගේද උපන් දිනය බවයි. එබැවින් මෙය විශේෂ දිනයක් නේද?
මුළු චක්‍රය පුරාම, පියාට සහ දරුවන්ට එකම දිනයේ උපන් දිනය තිබීම, මෙම උපන් දිනයේ
විශේෂත්වයයි. එබැවින් මෙදින, පියාට අවශ්‍ය වන්නේ ඔය සියලුම දරුවන් ඔබගේ හදවත් තුළට
අද දින, අධිෂ්ඨානය දමා, නිෂ්ඵල සිතිවිලි තිබීම සහ කාලය අපතේ හැරීම අවසන් කිරීමට
අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කළ යුතු බවයි. ඔබ දවස පුරාම අවධානයෙන් විටින් විට ඔබගේ
කාලය සහ සිතිවිලි අපතේ යන්නේද කියා, පරීක්ෂා කර බැලිය යුතුයි.
ඔව් බාප්දාදා
සැබවින්ම සියලු දෙනාගේ වාර්ථාව දෙස බලයි. කාලය සහ සිතිවිලි ඉතිරි කිරීම යනු,
පරිසමාප්තියේ කාලය සමීපයට ගෙන ඒමයි. ඔබ සූදානම්ද? එසේ නැත්නම් ඔබ දැන් පවා පවසන්නේ,
‘ඒවා පැමිණෙන්නේ නම් මා කුමක් කරන්නද?’ නිෂ්ඵලත්වයේ වගකීම වන්නේ පැමිණීමයි, නමුත්
ඔබගේ වගකීම කුමක්ද? සිතිවිලි සාදරයෙන් පිළිගැනීම? ඔවුන්ව ඔබ එහි අසුන් ගන්වන නිසයි,
ඒවායේ නිවස එම ස්ථානය බවට ඔවුන් පත් කරගෙන තිබෙන්නේ. ඒවාටත් (නිෂ්ඵල සිතිවිලි)
වැටහි තිබෙන්නේ ඔබට එම අධිෂ්ඨානය නොමැති බවයි. එබැවින් මෙම සෙනෙහස් දිනයේ, දැන් ඔබ
සියලු දෙනාගේ හදවත් තුළ තිබෙන්නේ කුමක්ද? අම්රිත් වේලාවේ සිට මේ දක්වා, ඔබගේ හදවත්
තුළට නැවත නැවතත් ඇතුළු වන්නේ කුමක්ද? මගේ බාබා, මගේ බාබා, මගේ බාබා! පරම පියාගේ
හදවතේද තිබෙන්නේ, ‘මගේ දරුවන්, මගේ දරුවන්, මගේ දරුවන්!’ ඔබගෙන් බහුතරයක් පියාගේ
ස්මරණයේ හිද ඇත. මෙම දවසේ බලපෑම තිබේ. බාප්දාදා මෙය සටහන් කර ඇත. එය සෙනෙහසේ දිනයක්
නිසා, සෑම කෙනෙක්ම නැවත නැවතත් දිගු කාලයක් සිහි කරමින් හිඳ ඇත්තේ, ‘මගේ බාබා, මගේ
බාබා’ය. එය එසේද? මෙයට ඔබේ අත් ඔසවන්න! එය අද දවස පිළිබඳ කාරණාවක්. ඔබ ‘මගේ බාබා’ව
සිහි කරනවාද? ඔබ යම් වෙනත් දෙයක් සිහි කළාද? නැහැ. ඔබ මේ අන්දමට ඔබේ අත් ඔසවනවා.
ඉතා හොඳයි! ඉතිං, දිනපතාම නැවත නැවතත් තමන්ව පරීක්ෂා කරන්න, මන්ද, සංගම යුගයේ සෑම
දවසක්ම පියාගේ සෙනෙහසේ දිනයකි. අද ඔබ පියාව වැඩියෙන් සිහි කළා, මන්ද එය විශේෂ දවසක්
නිසා. ඒ අන්දමින්ම අම්රිත් වේලාවේ, සංගම යුගයේ සෑම දවසක්ම කෙතරම් ශ්‍රේෂ්ඨද කියා,
ඔබගේ අවධානයේ තබා ගන්න. මෙම කෙටි උපතේදි, උපත් 21කට ලැබීම්වල සහතිකයක් තිබේ.
එබැවින් සෑම දිනයකම බොහෝ වැදගත්කමක් තිබෙනවා. උපත් 21ක් සහ මෙම එක කෙටි උපත අතර
විශාල වෙනසක් තිබේ.
ඉතිං අද, දරුවන්ගෙන්
උපන් දින තෑග්ගක් ලෙස බාප්දාදාට මෙය අවශ්‍යයි. ඔබ මෙම තෑග්ග ලබා දෙනවාද? දෙනවාද?
අත් ඔසවන්න! අධිෂ්ඨානගත විශ්වාසයෙන් අත් ඔසවන්න. ඔබ ඒ ගැන බලන්නම්, හෝ ඔබ එය පසුව
කරන්නම්, නොවේ. කුමක් සිදුවුනත් කම් නැහැ, අතහැරීම යනු අත්හැරීමයි. මෙය අත්හැරීම
නොවෙයි, නමුත් වාසනාවයි. එබැවින් ඔබ අද නිවැරදිව ඔබගේ අත එසවූවා නම්, එවිට එය විශේෂ
වැදගත් දිනයකි. ඔබගේ මුහුණේ සියලු නිෂ්ඵලත්වයේ අවසානය තිබිය යුතුයි. ඔබගේ මුහුණ මත
සහ ක්‍රියාකාරකම් වල නිරන්තරයෙන් ස්මරණයේ ප්‍රතිමූර්තියක් වීමේ පෙනුමක් දිස් විය
යුතුයි. මායාගේ මෙම වචන, ‘ඇයි?, මොකක්ද? කවදාද? කොහොමද?’ අවසන් විය යුතුයි, මන්ද
ඔබගේ මුහුණ සහ ක්‍රියාකාරකම් සේවය කරන්නේ එවිට පමණයි. වර්ථමානයේ දේශන වලින් වැඩි
බලපෑමක් තිබේ. ඔබ ඉතා හොඳ දේශන පැවැත්වීම ගැන බාප්දාදා සතුටු වනවා, නමුත් දිනෙන්
දින, දේශන සහ වදන් වලින් සේවය කිරීමට ඔබ තුළ වැඩි උනන්දුවක් සහ උදයෝගයක් තිබුණු අතර
එමෙන්ම ඔබ සාර්ථකත්වය ලබා ගත් අයුරින්ම, දැන්, කාලයට අනුව, ඔබගේ මුහුණු සහ
ක්‍රියාකාරකම් තුළින් ඊට වඩා වැඩි සේවයක් සිදු වෙයි. ඔබ පුහුණු වීමෙන් දේශන
පැවැත්වීමේ දක්ෂ වුණු අන්දමින්ම ඔබ මෙය පුහුණු කළ යුතුයි. ඒ අන්දමින්ම දැන් අන් අයට
ඔබගේ මුහුණ සහ ක්‍රියාකාරකම් වලින් සතුටේ ආශිර්වාදය ලබා දෙන්න. මෙය පුහුණු කරන්න,
මන්ද ඔබට දැන් තිබෙන්නේ ඉතා කෙටි කාලයකි. ඔබගේ කාලයේ සහ සිතිවිලි වල වැදගත්කම
පවත්වාගෙන, නොකඩවා ඉදිරියට ගමන් කරන්න. සෑම දෙයක්ම සිදුවීමට යන්නේ හදිසියේ. එබැවින්
ඔබගේ උපත් දිනය ඔබගේ මතකයේ තිබෙනවා නේද? උපන් දිනය පැමිණීමට යනවා, එය පැමිණීමට යයි
- ඔබ කෙතරම් වෙලාවක් එය සිහි කළාද? බාප්දාදා පැමිණීමට යනවා, ඔහු පැමිණෙනවා, අපට
ඔහුව මුණ ගැසෙනවා; ඔබ කෙතරම් වේලාවක් එය සිහි කළාද? දැන් මෙම සිතිවිල්ල ඇති කරගන්න:
අධිෂ්ඨානය ඇතිව, අපි නිෂ්ඵල සිතිවිලි ඇති කිරීම සහ අපගේ කාලය අපතේ හැරීම අවසන් කළ
යුතුයි. ඔබගේ හදවත් තුළ ‘මගේ බාබා, මගේ බාබා’ මුසු කරගන්න. මෙය නිකම්ම පැවසීම වෙනම
කාරණාවක්, නමුත් මෙය ඔබගේ හදවත් තුළ මුසු කරගන්න, මන්ද හදවතේ කාරණා කිසි විටෙක අමතක
වන්නේ නැහැ. ඔබ පැවසූ දෙයක් ඔබට අමතක කළ හැක, නමුත් හදවතේ කාරණා, ඒවා හොඳ වුනත් නරක
වුනත්, ඒවා කිසිදා අමතක නොවෙයි. ඉතිං අද දින, ඔබ බාප්දාදාට තෑග්ගක් ලබා දුන්නා නේද?
ඔබගේ අත් දෙකම ඔසවන්න! ඕ! ආශ්චර්යයකි! මෙහි ඡායාරූපයක් ගන්න! බාප්දාදා ඔබගේ අත්
පමණක් නොව, නමුත් ඔබගේ හදවත් ද දකිනවා.
ඉතිං, ඔබ අද
වෙනුවෙන්, තමන්ට මෙන්ම පරම පියාටද තෑග්ගක් ලබා දුන්නා. අපතේ යාමට තිබුණු ඔබගේ කාලය
සහ සිතිවිලි ඉතිරි වන්නේ නම්, එවිට ඔබගේ දවස ගෙවෙන්නේ කෙසේද? ඔබට නිරන්තරයෙන් සතුටේ
භාග්‍යය සහ සතුටු ස්ථිතියක් තිබෙයි. දිනපතා, අම්රිත් වේලාවේ බාප්දාදා සමග හමුවක්
සැමරීමෙන් පසුව, ඔබගේ සිතිවිලි ඔබගේ අවධානය තුළට ගෙනැවිත්, දවස පුරා නොකඩවා පරීක්ෂා
කර බලන්න. බාප්දාදා වෙලාවක් නියම කරන්නේ නැති නමුත් ඔබට තමන්ගේම වෙලාවක් නියම කරගත
හැක. විටින් විට පරීක්ෂා කරන්න: අපගේ උපන් දිනය දවසේ මා බාප්දාදාට සිදු කළ
පොරොන්දුව මා ඉටු කරනවාද? තමන්ම මෙය පරීක්ෂා කරන්න. සියලු දෙනාටම මෙය අවශ්‍යයි. අද
දින, බාප්දාදා ඔබගේ මුහුණු දෙස බැලුවා: ඔව්, අපට මෙය කිරීමට අවශ්‍යයි, අප මෙය
කරන්නම්, නමුත් ඉන්පසුව මෙම නිෂ්ඵලත්වය පැමිණ, පියාට අප වුණු පොරොන්දුව, එය අපට
අමතක කරවයි. එබැවින් දැන් සියලු නිෂ්ඵලත්වය අවසන් කරන්න! ඉතිං, දැන් එක විනාඩියක්
බලවත් ජීවාත්මයක් වී, මෙම සිතිවිල්ල ඇති කරගන්න: මා අනිවාර්යෙන් සියලු නිෂ්ඵලත්වය
අවසන් කළ යුතුයි. (බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය) අච්චා.
එක දරුවෙක්ව වත් තමා
හා සමාන බවට පත් කිරීමෙන් මග හැරීමට බාප්දාදාට අවශ්‍ය නැත. ඔහු තුළ ඔබ කෙරෙහි
සෙනෙහස තිබේ. මේ දිනයේ සෙනෙහසේ සලකුණ දෙස බලන්න. මුළු චක්‍රය පුරාම මෙවන් දිනයක්
නැත, එනම්, පියාගේ සහ දරුවාගේ උපන් දිනය එකම දිනයේ පැවැත්වෙන. සෑම දරුවෙක් කෙරෙහිම
පියාගේ හදවත තුළ සෙනෙහස තිබේ: මගේ දරුවා! පරමාත්ම දෙවියන්ගේ දරුවා! ඔබට ඇති වන සෑම
සිතිවිල්ලක්ම සාර්ථක වේවා! සෑම සිතිවිල්ලකම බලය තිබේවා. ඔබගේ කතාව සහ ක්‍රියාව සමාන
විය යුතුයි. එය පැවසීම යනු, එය සිදුවී ඇත. පිවිතුරු සිතිවිලි ඇති කරන්න. එවිට
නිෂ්ඵලත්වය ඉබේටම අවසන් වෙයි, මන්ද, පෙර ගමන් ගිය කණ්ඩායමට දිනයක් අවශ්‍යයි. ඔබගේ
ජ්‍යෙෂ්ඨ දාදීන්, ඔබගේ ජ්‍යේෂ්ඨ සහෝදරයන් ඔබ තුළ ඔවුන් කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ බොහෝ
සේ ඔවුන්ව සිහි කරයි. දාදී, දීදි, චන්ද්‍රාමනී දාදී - නොකඩවා සියලු දෙනාගේ නම්
ගන්න. ඔබට ඔවුන් සියලු දෙනාව මතකයි. එබැවින් ඔවුන්ට අවශ්‍ය දේ සිදු කිරීමෙන් මෙය
ප්‍රායෝගිකව පෙන්වන්න. ඉතිං අද දවසේ සිතිවිල්ල වුනේ කුමක්ද? ඔබගේ කතාව සහ ක්‍රියාව
සමාන විය යුතුයි. එය හොඳද? ඉතිං මේ දිනයේ සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට
බාප්දාදා මෙම උපන් දින තෑග්ග ලබා දෙනවා: ඔබගේ කතාව සහ ක්‍රියාව එක හා සමාන කරගන්න.
බාප්දාදා සෑම දරුවෙකුටම මෙම දිනයේ අධිෂ්ඨානයේ තෑග්ග ලබා දෙනවා. අධිෂ්ඨානයෙන් ශුභ
කටයුත්තක් සාර්ථක කරගන්න.
පළමු වතාවට පැමිණි අය
සිටගන්න! අත් වනන්න! පැමිණ ඇති සහ බාබාව හඳුනගෙන ඇති අයට බාප්දාදා බොහෝ, බොහෝ සුබ
පැතුම් ලබා දෙනවා; මගේ බාබා. ඔබ අඩු තරමින් සිදුවීමට යන ව්‍යසනයට පෙර මෙහි පැමිණීම
ගැන බාප්දාදා සතුටු වනවා, එබැවින් එයට සුබ පැතුම්! පැමිණ ඇති සියලුම දරුවන්ට
අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබේ, සාමාන්‍ය සිතිවිල්ලක් නොව. ඔබ අනිවාර්යෙන් තීව්ර
උත්සාහ දරන්නෙක් විය යුතු බවට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරගන්න. සාමාන්‍ය නොවෙයි,
වේගවත්! ඉතිං පැමිණීමට ඇති අය ඔබගේ රාජධානියට පැමිණෙයි. එබැවින් සාමාන්‍ය සිතිවිලි
ඇති කිරීමේ කාලය දැන් අවසන් වී ඇත. එය දැන් තීව්ර උත්සාහයේ යෙදීමට ඇති කාලය සහ
අවස්ථාවයි. ඔබ අඩු තරමින් අවස්ථාවක් (chance) ගන්න උපකුලපතියන් (chancellors) වී
ඇත. සෑම දරුවෙක්වම දැකීමට බාප්දාදා සතුටු වන අතර සෑම දරුවෙකුටම පවසන්නේ: ඔබ තීව්ර
උත්සාහ දැරුවොත් ඔබ පියා සමග ආපසු ගොස් තවද පියා සමග රැඳී සිටියි. එබැවින් සුබ
පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්!
එකදු දරුවෙක්වත් දමා
නොයාමට බාප්දාදාගේ හදවතින්ම ඔහුට අවශ්‍යයි. සියලු දෙනාම එකට ආපසු යා යුතුයි.
පිටුපසින් යාම එතරම් හොඳ හැඟීමක් ගෙන නොදෙයි; ඇසුර සහ ඔහුගේ හස්තය තිබිය යුතුයි.
ඔබට ඔබගේ නිවසට ආපසු යාමට අවශ්‍යයි. එය දැන් ආපසු ගමනයි. ඒ සඳහා, බ්‍රහ්ම පියා
සුරදූතයෙක් වන සේම, පියාව අනුගමනය කරන්න. ඔබගේ ශාරීරික ස්වරූප තුළ සිටින අතරම
සුරදූතයන් වන්න. ඔබ කවුරු දෙස බැලුවත්, සුරදූතයන්ව දකින්න, කිසිවෙකු නොව, සුරදූතයන්
පමණක්. එවිට දොරටු විවර වෙයි. අච්චා. නිරන්තරයෙන් භාග්‍යවන්තව සහ සතුටේ ප්‍රතිරූ
ලෙස රැඳී සිටීම වෙනුවෙන් ඔය සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම.
වරදානය:
ඔබ ඇතුලාන්තයට
යොමු වී, ඔබගේ ඒකාග්‍රතාවයේ ස්වරූපයෙන් සූක්ෂම බලයන්ගේ දිව්‍යමය ක්‍රියාකාරකම්
අත්විඳිත්වා.
ඒකාග්‍රතාවයේ පදනම
ඇතුලාන්තයට යොමු වීමයි. ඇතුලාන්තයට යොමු වූ අය, තමන් තුළ දිව්‍යමය ක්‍රියාකාරකම් වල
බලය අත්දකියි. ජීවාත්ම කැඳවීමට, ජීවාත්ම සමග හදවතට සමීප කතාබස් වල යෙදීමට,
ජීවාත්මයන්ගේ සංස්කාර සහ ස්වභාවය පරිවර්ථනය කිරීමට, පරම පියා සමග සම්බන්ධතාවයක්
තිබීමට; ජීවාත්මයන්ගේ ලෝකයේ එවන් ආධ්‍යාත්මික සේවයක් සිදු කිරීම සඳහා, ඔබගේ
ඒකාග්‍රතාවයේ බලය ඔබ වැඩි කළ යුතුයි. මෙසේ කිරීමෙන්, සියලු ආකාරයේ බාධක ඉබේටම අවසන්
වෙයි.
පාඨය:
තමන් තුළට
සියලු ලැබීම් ධාරණය කරගෙන, ලෝක වේදිකාව මත හෙළිදරව් වීම, හෙළිදරව්වේ පදනමයි.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
ඔබට දිනපතා අපහාස කරන
හෝ ඔබට හානියක් සිදුකරන අයගෙන් ඉවතට පියවර තබනවා වෙනුවට, නොකඩවා ඔවුන්ට සෙතක් සිදු
කරන්න. ඔය ආලෝකනය වූ ජීවාත්මයන්ගේ වගකීම මෙයයි. පරම පියාව වර්ණනා කරන්නේ, ඔහුගේ
සානුකම්පිත වීමේ විශේෂ ගුණධර්මය නිසයි. මේ දේශයේ හෝ විදෙස් රට වලදී ඔබ, පරම පියාගේ
පිළිරූ දකින විට, ඔහුව පෙන්වා ඇත්තේ දයාවෙන් පිරි ඒකායන කෙනා ලෙසයි. එබැවින්,
දයාවන්ත වී, සියලු දෙනාව ඉහළ නංවන්න.