26.04.25 Avyakt Bapdada
Sinhala
Murli 31.12.2009 Om Shanti Madhuban
නව වසරේ, සියලු
ජීවාත්මයන්ට පණිවිඩය ලබා දී, ඔවුන්ට ස්වර්ණමය ලෝකයේ තෑග්ග දෙන්න.
පරම පියාට සමාන වීම සඳහා, ජීව අවධානයට පත් වීමේ ඔබගේ ස්වභාවය, ස්වාභාවික කර ගන්න.
අද දින, බාප්දාදා සෑම
දරුවෙක්ව දකින්නේ ඔවුන්ගේ සෙනෙහස් ස්වරූපයෙන් සහ බාප්දාදාගේ සෙනෙහසේ මුසුවී සිටින
ඔවුන්ගේ ස්වරූපයෙනි. සෑම දරුවෙක්ම පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසින් බැබලෙනවා. ඔය සියලුම
දරුවන් සෙනෙහස් ගුවන් යානයෙන් මෙහි ඇවිත්. ඔබ මෙහි පැමිණ සිටින්නේ නව වසර
සැමරීමටයි, නමුත් ඔබ සියලු දෙනාගේ දෑස් තුළ දිස්වන්නේ කුමක්ද? නව වසර නමට පමණයි,
නමුත් ඔබ සියලු දෙනාගේ දෑස් තුළ ඇති උද්යෝගය කුමක්ද? ඔබ කාරණා තුනක් වෙනුවෙන් සුබ
පැතුම් ලබා දෙනවා. 1. ඔබගේ නව දිවියට සුබ පැතුම්. 2. නව යුගයට සුබ පැතුම්. 3. ඔබගේ
පවුල සහ පරම පියාව මුණ ගැසීම වෙනුවෙන් සුබ පැතුම්. ඔබගේ ද්‍රිෂ්ඨිය තුළ භ්‍රමණය
වන්නේ කුමක්ද? ඔබගේ නව යුගය ඔබ ඉදිරියේ දිස්වනවා නේද? නව යුගය පැමිණීමට ඉතා ආසන්න
බවට උද්යෝගය ඔබගේ හදවතේ තිබේ. ඔබ අද දින සංගම යුගයේ, එම අළුත් ඇඳුම විගසින් පැළදීමට
යන ආකාරයට, නව යුගයේ දිදුලන අළුත් ඇඳුම ඔබ ඉදිරියේ පැහැදිලිව පෙනෙයි. ඔබ ඉදිරියේ එය
දැකීමට ඔබ බොහෝ සතුටු වනවා. ඔබ සමුදෙන අතර සුබ පැතුම් ද ලබා ගන්නවා. ඔබ මෙම පැරණි
වසරට සමු දී ඉන්පසුව මෙම වසර අමතක කරන අතර ඉන්පසුව ඉදිරියේ ඇති නව වසර ඔබ ඉදිරියට
පැමිණෙයි. ඔබ සුබ පැතුම් ලබා දෙන්නේ ඔබ ඉදිරියේ ඇති පැරණි ලෝකයකට නොවෙයි, ඔබ සුබ
පැතුම් ලබා දෙන්නේ නව ලෝකයක් වෙනුවෙන්; ඔබ මෙම පැරණි ලෝකයට සමු දෙනවා. අද සියලු
දෙනා තුළ එම නව යුගය වෙනුවෙන් උනන්දුව සහ උද්යෝගයක් තිබේ; මිනිසුන් නව වසරට සුබ
පැතුම් ලබා දෙන අතර ඔවුන් තෑග්ගක්ද ලබා දෙයි. බාප්දාදාද ඔය දරුවන්ට පැරණි ස්වභාවයට
සහ සංස්කාර වලට සමු දීමේ සහ ලැබීම් පමණක්ම ඇති වෙනත් කිසිවක් නොමැති, ලැබීම්ම ඇති,
එම නව ලෝකයට යෑමේ තෑග්ග ලබා දෙනවා. කෙටියෙන් කිව හැක්කේ එම නව ලෝකයේ කිසිම අඩුවක්
නොමැති බවයි. බාප්දාදා ඔය සෑම දරුවෙකුටම එවන් ස්වර්ණමය ලෝකයේ තෑග්ග ලබා දී තිබේ.
ස්වර්ණමය ලෝකයට අයිතියක් ඇති අය බවට ඔබ පත් වනවා, යන කුල්මත් බව ඔබටත් තිබෙනවා නේද?
වෙනත් කිසිවෙකුට ඔබට එවන් තෑග්ගක් ලබා දිය නොහැක. පරම පියා සෑම දරුවෙකුටම මෙම උපදෙස
ලබා දී ඇත: සියලුම ජීවාත්මයන්ට පරම පියාගේ උරුමයේ තෑග්ග, ස්වර්ණමය ලෝකයේ පණිවිඩය
ලබා දෙන්න. ඔබට ඇති තෑග්ග කුමක්ද? පළමුව ඔවුන්ට නව ලෝකයේ තෑග්ග දෙන්න, දෙවනුව, ඔබට
බොහෝ සම්පත් තිබේ - ගුණධර්ම සම්පත, බලයන්ගේ සම්පත, ස්ව-අභිමානයේ සම්පත - ඔබට බොහෝ
සම්පත් තිබේ. මෙම තෑග්ග තුළින් ඔවුන්ගේ ජීවිත වෙනස් වී, ඔවුන් ස්වර්ණමය ලෝකයට
අයිතියක් හිමි කරගත හැකි වන පරිදි සියලු දෙනාට එක් හෝ තව ගුණධර්මයක හෝ බලයක තෑග්ග
ලබා දෙන්න, මන්ද, සෑම තැනකම මේ දිනවල දුක සහ අසාමය වැඩි වන බව ඔබට දැක ගත හැක. සෑම
තැනකම, සියලු දෙනාට බිය සහ කණස්සලු තිබේ. අඩුම තරමින්, පරම පියා දැන් පැමිණ ඇති බවට
පණිවිඩය වත් එම දුකින් සහ අසාමයෙන් සිටින ජීවාත්මයන්ට ලබා දෙන්න: දැන් සිට ඔවුන්
අවිනාශී උරුමයට අයිතියක් ඇති අය බවට පත් විය යුතු බව. ඔබ සෑම ජීවාත්මයකටම මෙම
පණිවිඩය ලබා දෙන නමුත්, දැන් පවා, පියාගේ ඇතැම් දරුවන්ට පණිවිඩය ලැබීම තවමත් මගහැරී
ඇත. කෙසේවෙතත්, ඔබ ඒකායන පියාගේ දරුවන්, එබැවින් ඔබගේ සහෝදර සහෝදරියන්ට
අනිවාර්යෙන්ම මෙම පණිවිඩයේ තෑග්ග ලබා දෙන්න. කිසිම කෙනෙක් මග හැරිය යුතු නැහැ. ඔබ
සේවය සිදු කරන අතර ඔය දරුවන් සිදු කරන සේවය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා, නමුත්
පියාගේ බලාපොරොත්තුව වන්නේ, පණිවිඩය ලැබීම අතින්, ඔහුගේ කිසිම දරුවෙක් අත්නොහළ යුතු
බවයි. ඔබට ස්වර්ණමය ලෝකයේ තෑග්ග ලැබුණු අතර ඔවුන් ඒ ගැන දැන සිටියේ වත් නැති බව,
ඔවුන් පැමිණිලි නොකළ යුතුයි: අපගේ පියා පැමිණි අතර අපට එම පණිවිඩය ලැබුණේ නැත. මේ
නිසයි, ඔබ නව වසරේ සිදු කළ යුතු උත්සාහය වන්නේ මෙයයි. එකදු කොණක් වත් අත් නොහරින
පරිදි ඔබ අතරේ සැලසුමක් සාදන්න. ඔබට කිසිදු පැමිණිල්ලක් නොලැබිය යුතුයි, මන්ද,
ඔවුන් සතුටට පත්විය යුතුයි. අඩු තරමින් ඔවුන් දැන සිටිය යුතුයි: අපගේ පියා ඇවිත්!
ඔවුන්ට එය අහිමි නොවිය යුතුයි. ඉතිං ඔබ මේ නව වසරේ කරන්නේ කුමක්ද? එකට එකතුවී
සැලසුමක් සාදන්න: බාප්දාදා තුළ සෑම දරුවෙක් වෙනුවෙන්ම දයානුකම්පාවක් තිබේ. ඔය සියලු
දෙනාද, විශේෂයෙන් ඔබගේ සහෝදර සහෝදරියන් කෙරෙහි සානුකම්පිත සහ හිතකාමී ස්වරූපයක් ඇති
කර සියලු දෙනාට පණිවිඩය ලබා දිය යුතුයි. ඔවුන් අඩු තරමින් එවන් පැමිණිල්ලක් නොකළ
යුතුයි.
ඉතිං අද දින, ඔය
සියලුම දරුවන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් මෙහි පැමිණ සිටින්නේ නව වසර සැමරීමටයි. සෑම
සියලු දරුවෙක්ව දකින විට බාප්දාදා ගායනා කරන ගීතය කුමක්ද? ඔබ එය දන්නවා නේද?
අපූරුයි දරුව! අපූරුයි! මෙහි ප්‍රථම වතාවට පැමිණි අයට පවා බාප්දාදා පවසන්නේ: කාලය
සමාප්ත වීමට පෙර ඔබ පරම පියාට අයත් වීම ඔබගේ භාග්‍යයකි. භාග්‍යවන්ත වීම වෙනුවෙන්
බාප්දාදා අළුත් දරුවන්ට කෝටි, කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. මෙකල බාප්දාදාට ඔය
සියලුම දරුවන් තුළ එක් දෙයක් දැක ගැනීමට අවශ්‍යයි. එය කුමක්ද කියා ඔබ දන්නවාද?
පියාට සමාන වීමට යාමේ ඔබගේ අරමුණ වෙනුවෙන් ඔය සෑම කෙනෙකුගේම හදවත තුළ උනන්දුව සහ
උද්යෝගය ඇත - ඔබ යම් අවස්ථාවකදි එය වෙනවා නොවෙයි, නමුත් ඔබ අනිවාර්යෙන් එය වීමට
යනවා. ඔබට එම අරමුණ තිබෙන සේම, එම අරමුණ සමගම බාප්දාදාට දැන් තවද දැකීමට අවශ්‍ය
වන්නේ එම අරමුණට සරිලන සුදුසුකම්ය. සමාන වීමේ අරමුණ ඔබට තිබෙන සේම, සමාන වීම සඳහා
ඔබට සුදුසුකම්ද තිබිය යුතුයි. දැන්, ඔබගේ අරමුණ බොහෝ ඉහළයි, නමුත් එහි සුදුසුකම්
වලට ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. සමාන වීම: අරමුණ උසස් වන තරමට එයට අවශ්‍ය
සුදුසුකම්ද එතරම්ම උසස්ය. දැන්, ඔය දරුවන්ට එම සුදුසුකම් ධාරණය කරගැනිමට අවශ්‍යයි,
නමුත් ඒ අතරතුර ඔබගෙන් ඇතැම් අය පවසන්නේ: ‘මට මෙය බොහෝ සේ අවශ්‍යයි, නමුත්’. ඉතිං
දැන් මේ ‘නමුත්’ ඉවත් කළ යුතුයි. දුර සිට, ඔබගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් වල අරමුණ
කෙතරම් උසස්ද කියා දිස් වන සේම, එයට සුදුසුකම්ද ඔබගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් තුළ
දිස්විය යුතුයි. නිදසුනක් ලෙස, පෙර, ඔබ ශරීර අවධානයෙන් සිටි විට, ඔබගේ ස්වාභාවික
ස්වභාවය වුනේ ශරීර අවධානයයි. ශරීර අවධානයට පත් වීමට ඔබ කිසි විටෙක උත්සාහ දැරුවාද?
ඔබගේ ස්වාභාවික ස්වභාවය වුනේ ශරීර අවධානයයි; ඔබ ඒ වෙනුවෙන් කල්ප භාගයක් උත්සාහ
දැරුවේ නැත. ඒ ආකාරයටම, දැනුත්, ජීව අවධානයට පත් වීම ඔබගේ ස්වාභාවික ස්වභාවය විය
යුතුයි. ශරීර අවධානයේ ස්වභාවය, ස්වාභාවික වූ බැවින්, ශරීර අවධානයට පත් වීමට
සිදුවීම, ඔබට කිසිදා මතකද? ඔබ කිසිදා එම උත්සාහය දැරුවාද? දැන් පවා, ශරීර අවධානය
මෙන්ම ජීව අවධානයද තිබේ, එබැවින් ජීව අවධානයට පත්වීම සදහා උත්සාහයක් අවශ්‍ය වන්නේ
ඇයි? ශරීර අවධානය අවසන් කිරීමට ඔබට ඇතැම් විට උත්සාහ දැරීමට සිදුවන බවට පුවත්
බාප්දාදාට ලැබෙයි. ශරීර අවධානයට පත් වීම ස්වාභාවික වූ බැවින්, ජීව අවධානයට පත් වීමට
උත්සාහ දැරීමට සිදුවන්නේ ඇයි? දරුවන්ට වෙහෙස වීමට සිදුවීම ගැන බාප්දාදා අකමැතිය.
වෙහෙස වීමට සිදුවීමෙන් නිදහස් වී, මෙම ස්වාභාවික ස්වභාවය ඇති කරගන්න. මෙය
හැදින්වෙන්නේ සමාන සුදුසුකම් සහිතව අරමුණක් තිබීම ලෙසයි. එවිට පරම පියාට සමාන වීම
බොහෝ පහසු සහ ස්වාභාවික වන්නේ කෙසේද කියා බලන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා: මෙතරම්
විශාල පවුලක වගකීම දරන අතරම, ඔහුට ජීව අවධානයේ ස්වාභාවික ස්වභාවය තිබුණා. දරුවන්ටද
වගකීම් තිබෙන නමුත්, බ්‍රහ්ම පියාගේ වගකීම් ඉදිරියේ ඒවා කුමක්ද? එය කුමන වගකීමක්
වුවද: නිදසුනක් ලෙස, එය කලාපයක වගකීම හෝ යග්යාවේ යම් නිල කාර්යයක වගකීම විය හැක -
බ්‍රහ්ම බාබාගේ වගකීම ඉදිරියේ එය කුමක් වැනිද? ශිව බාබාගේ උදව් ඇතිව, කරවන්හාර්
(ඔහු ලවා ක්‍රියා සිදු කරවන ඒකායන කෙනා) ඔහු ලවා සෑම දෙයක්ම සිදු කළ අන්දම සහ ඔහු
ආදරණීයව සහ නොබැඳිව මෙන්ම පරම පියාට සමානව කරන්හාර් (ක්‍රියා කරන කෙනා) වුයේ කෙසේද
කියා, බ්‍රහ්ම බාබා ප්‍රායෝගිකව පෙන්නුම් කළා. පරම පියාට සමාන වීමට ඔබ පතන්නේ නම්,
එසේ නම් මෙය පරීක්ෂා කර බලන්න: ඔබගේ ක්‍රියා අතින්, එය ඔබගේ සිතිවිලි, වචන හෝ
වගකීම් වුවද: මම කරන්හාර් සහ භාරකරුවෙකි, එමෙන්ම ශිව බාබා කරවන්හාර් අධිපතිය. ගමන්
කරන අතර ඔබට මෙම කරවන්හාර් යන පාඩම අමතක වෙයි. එබැවින් ඔබගේ අරමුණ සහ එයට අවශ්‍ය
සුදුසුකම් ඔබ සමාන බවට පත් කළ යුතුයි. දැන් පැරණි වසරට සමුදෙනවාත් සමගම, ඔබගේ
අරමුණට අවශ්‍ය සුදුසුකම් ගෙන ආ යුතුයි. නව වසරට අළුත් දේවල් තිබිය යුතුයි. “මා
කුමක් කරන්නද? මායා පැමිණෙයි. ඇගේ පැමිණීම මට අවශ්‍ය නැති වුනත්, ඇය පැමිණෙයි.”
පැරණි වසරට සමුදීමත් සමගම, එවන් වදන් සහ සිතිවිලි වලටත් සමු දෙන්න. වසරට පමණක් සමු
නොදෙන්න. මායාද බාප්දාදා වෙතට පැමිණෙන අතර ඇය පවසන්නේ කුමක්ද? මට දැන් යාමට කාලය බව
මට වැටහෙනවා, නමුත් සමහර දරුවන් මාව කැඳවන විට මා කුමක් කරන්නද? ඉතිං අද, සමුදීමත්
සමගම, මායාගේ විවිධ ස්වරූප වලටත් ඔබ සමුදිය යුතුයි. ඔබට එම එඩිතරකම තිබෙනවාද? ඔබට
එඩිතරකම තිබෙනවාද? අත් ඔසවන්න! ඇයට සමුදීමට ඔබට එඩිතරකම තිබෙනවාද? පිටුපස අසුන්ගෙන
සිටින අය, ඔබට එඩිතරකම තිබෙනවාද? එඩිතරකම තිබෙන අය අත් ඔසවන්න! මෙම එඩිතරකමට පරම
පියා ඔබට කෝටි කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. ඇයි? බාප්දාදා මෙහි වැදගත්කම ගැන
අවධාරණය කරන්නේ ඇයි? මන්ද, ටික කාලයක සිට ලෝකයේ තත්ත්වය දැඩි බලයකින් වඩාත් නරක අතට
හැරීම ආරම්භ වී ඇති බව ඔබ සියළු දෙනාටම පෙනෙන අතර, බාප්දාදා මෙම ශ්‍රේෂ්ඨ වදන් වල
ඔබට පවසා ඇත්තේ එය හදිසියේ සිදුවන බවයි. එය හදිසියේ සිදුවන අතර ඔබට දිගු කාලයක මෙම
පුහුණුව නොමැති නම්, මට කියන්න, “හදිසියේ” සිදුවන වෙලාවේ ඔබට මෙම පුහුණුව අවශ්‍ය
වෙයි නේද? මේ මෑතකදී විනාඩි 10කදි කරන, සම්පූර්ණයෙන් 24 වතාවක් සිදු කරන ගෙදරවැඩක්
බාප්දාදා ඔබට ලබා දුන්නා. මෙය සෑම වතාවකදීම, එක වරකට විනාඩි 10ක් බැගින් වන ගෙදර
වැඩක් වූ නමුත් සමහර දරුවන්ට මෙය අපහසු බව දැනෙයි. ටිකක් සිතන්න: ඔබට මෙම පුහුණුව
විනාඩි 10ක් පවත්වා ගත නොහැකි නම්, එය හදිසියේ සිදුවන විට කුමක් වෙයිද? ඔබට එය 24
වතාවක් කිරීමට ඇති විට ඔබගෙන් ඇතැම් අයට එතරම් වෙලාවක් නොමැති බව බාප්දාදා දන්නවා,
නමුත් බාප්දාදා කළේ අත්හදා බැලීමක්. ඔබට අවශ්‍ය විටෙක සහ අවශ්‍ය ආකාරයකට, එක
අවධානයක විනාඩි 10ක් රැදී සිටිය හැකිද? මේ දැන්ම ඔබ එම අවධානයේ විනාඩි 10ක් සිටිය
යුතු බව බාප්දාදා නොකියයි. හොදයි, ඔබට එය කළ නොහැක. එය කළ හැකි අය එය සිදුකළ යුතු
අතර, ඔබට එය කළ නොහැකි නම්, එසේ නම් ඔබට විනාඩි 5ක්, හතක් හෝ විනාඩි 6ක් එය කළ හැක:
ඔබට හැකි තරම් කාලයක් අත්හදා බලන්න. එය නියම කර නැති බව, බාප්දාදාම පවසයි. විනාඩි
10ක් දිග වැඩි බව ඔබ සිතන්නේ නම්, ඔබට එය විනාඩි 8ක් හෝ 9ක් කළ හැක. හැකි තරම්
කාලයක් මෙම පුරුද්ද වර්ධනය කරගන්න, මන්ද, ‘දීර්ඝ කාලයක් පුරා’ යන ආශිර්වාදය ඔබ
ප්‍රායෝගික ස්වරූපයකට දැමිය යුත්තේ දැන්ය. ඔබට දැන් මෙය, දීර්ඝ කාලයක් පුරා පුහුණු
කළ නොහැකි නම්, එවිට වත්මන් කාලයේ උත්සාහයේ ප්‍රතිලාභය දීර්ඝ කාලයක් පුරා තිබීම
අතින්, චක්‍රයෙන් භාගයකට, දිගු කාලයේ වෙනසක් ඇති වෙයි. ඔබ දැන් අඩු කාලයක් ලබා
දෙන්නේ නම්, ඔබට හැකි තරම් දිගු කාලයක් එය කිරීමට බාප්දාදා අවසර දී ඇත. ඔබට එය
විනාඩි 5කට අධික කාලයක් කළ හැකි නම්; ඔබට එය විනාඩි 10ක් කළ නොහැකි නම්, එසේ නම් එය
විනාඩි 7ක් හෝ 8ක් සිදු කරන්න. ඔබට එය විනාඩි 5ක් වුවද කිරීමට අවසර ලබා දෙනවා,
නමුත් ඕනෑම විටෙක ඔබට විනාඩි 10ක් එය කළ හැකි නම් එය හොදයි. තමන්ට සහ ලෝකයට කිරණ
ලබා දීමට ඔබට සිදුවන කාලයක් පැමිණෙයි. මේ නිසයි බාප්දාදා ඔබට මෙය හැකි තරම් වේලාවක්
පුහුණු කිරීමට අවසර ලබා දෙන්නේ, මන්ද, වත්මන් කාලයේ දීර්ඝ කාලය, අනාගතයේ පදනමයි. එය
හොදද? ඔබට එය අපහසු බව දැනෙයි; එයට කමක් නැහැ. මේ මොහොතේ එයට කමක් නැහැ, මන්ද ඔබ
පියාට ඒ ගැන පවසා තිබේ. එය හොදයි, මන්ද ඔබට විනාඩි 10ක් අසුන්ගෙන සිටිය නොහැකි නම්,
එමෙන්ම එම කාලය ඒ ගැන සිතමින් පමණක් ගෙවා දමන්නේ නම්, එවිට එම විනාඩි 5ද අවසන් වී
ඇත. මේ නිසයි බාප්දාදා මෙසේ පවසන්නේ : එය විනාඩි 5කට වඩා අඩු නොකරන්න. ඔබට හැකි
තරම් එය වැඩි කරන්න. එය දැන් පැහැදිලිද? බාප්දාදා සෑම කෙනෙක්ව දකින්නේ ඉතා උසස්
ස්වරූපයකින්, එමෙන්ම මෙය තහවුරු කිරීම සදහා, බාප්දාදා සෑම දරුවෙකුටම බොහෝ
ආත්ම-අභිමාන ලබා දී ඇත. ඔබ ආත්ම-අභිමන් කරුණු වල ලැයිස්තුවක් සාදන්නේ නම්, එය බොහෝ
දීර්ඝ එකක් වෙයි!
අද අම්රිත් වේලාවේදි,
බාප්දාදා සංචාරයක ගියා. ඔහු ගොස් බැලුවේ කුමක්ද? බාප්දාදා ඔබට ඉතා දීර්ඝ
ආත්ම-අභිමාන මාලාවක් ලබා දී තිබේ. ඔබ එක් එක් ආත්ම-අභිමන් කරුණක, තමාව ස්ථාවර
කරගන්නේ නම්, ඔබ ඇවිදිමින් එක් එක් ආත්ම අභිමන් කරුණක් ගැන කතා කරමින් නොකඩවා එම
මාලාව භ්‍රමණය කරන විට, ඔබ ඉන් විශාල විනෝදයක් ලබයි. ඔබට ආත්ම-අභිමානයේ ලැයිස්තුවක්
තිබේ, නමුත් එම ආත්ම-අභිමන් ලැයිස්තුවේ ඇති සෑම කරුණක්ම කෙතරම් ශ්‍රේෂ්ඨද - ඔබට එය
ලබා දුන්නේ කවුද? ලෝක සර්ව බලධාරියා සෑම සියලු දරුවෙකුටම බොහෝ ආත්ම-අභිමානයේ කරුණු
ලැයිස්තුවක් ලබා දී ඇත. එය භාවිතා කරන්න, මන්ද ඔබගේ මෙම ආත්ම-අභිමානය අඩු කළ හැකි
වෙනත් බලධාරියෙක් නොමැත. මෙතරම් ආත්ම-අභිමානයේ මාලාවක් වෙනත් කිසිවෙකුට ලැබී නැත.
ඔබගේ රාජධානියේ භාග්‍ය්‍ය ඔබට ස්වර්ණමය යුගයෙදි ලැබෙන බව බාප්දාදා දැක තිබේ, නමුත්
මෙම ආත්ම-අභිමානයේ මාලාව, සංගම යුගයේ තිලිණයකි. බාප්දාදා ඔය දරුවන් දෙස බලන ඕනෑම
විටෙක, ඔහු ඔබව දකින්නේ ඔබගේ එම ආත්ම අභිමන් ස්ථිතියෙන්ය. අපූරුයි දරුව! අපූරුයි!
එබැවින් ඔබ කවුරුන්ද, යන ස්ව-අභිමන් අධිකාරිත්වයේ රැදී සිටින්න. විටෙක එක්
ස්ව-අභිමන් කරුණක් තබා ගන්න, තවත් විටෙක වෙනත් ස්ව-අභිමන් කරුණක් තබාගෙන පරීක්ෂා කර
බලන්න: අද අම්රිත් වේලාවේ මම විශේෂ ස්ව-අභිමන් කරුණක් බුද්ධියේ තබා ගත්තා, එමෙන්ම
එය සම්පතකි; ඉතිං මා එය භාවිතා කළාද? සම්පත් වැඩි කරගන්න අන්දම වන්නේ ඒවා භාවිතා
කිරීමය. මා සම්පත් වැඩියෙන් භාවිතා කරන තරමට, ඒවා වඩාත් වැඩිවෙයි. අද බාප්දාදා
බලමින් සිටියේ කුමන දරුවන්ටද ස්ව-අභිමන් අවධානයේ දිගු මාලාවක් තිබෙන්නේ, එමෙන්ම
කුමන දරුවන්ටද කෙටි මාලාවක් තිබෙන්නේ කියා. ස්ව-අභිමානය ඇති තැන සිරුරේ අහංකාරය
අවසන් වෙයි. ඉතිං අද බාප්දාදා සංචාරයක ගොස් ස්ව-අවධානයේ සම්පත දුටුවා. සෑම සියලු
බලයක්ම භාවිතා කරන්න; සෑම සියලු ගුණධර්මයක්ම භාවිතා කරන්න. එවිට ඔබට තිබෙන මායා
පැමිණීමේ ගැටළුව - මායා නිකම්ම පැමිණෙන්නේ නැහැ, නමුත් මායා මෙසේ පවසන බව, බාප්දාදා
ඔබට දැනටමත් කියා තිබෙනවා: දරුවන් මාව කැදවනවා, එවිටයි මා පැමිණෙන්නේ. එසේ නැත්නම්
මා එන්නේ නැහැ! ඕනෑම දුර්වල හෝ නොවැදගත් සිතිවිල්ලක් තිබීම යනු මායා කැදවීමයි. ඔබට
බල අමතක වන විට, ඉන් අදහස් වන්නේ ඔබ මායාව කැදවා ඇති බවයි. ‘ඇය පැමිණෙනවාට මා කැමති
නැහැ, නමුත් ඇය පැමිණෙයි.’ ඉතිං මායා බලවත්ද නැත්නම් ඔබද බලවත්? එබැවින් අද, පැරණි
වසර අවසන් වන අතර නව වසරේ නව උනන්දුව සහ උද්යෝගය තිබේ, මන්ද, සංගම යුගයේ ප්‍රශංසාව
වන්නේ, සෑම දිනයක්ම උද්යෝගයෙන් පිරී ඇති බවයි, එනම්, සෑම දිනයක්ම උත්සවයකි. සෑම
දිනයක්ම උත්සවයක් වන්නේ උනන්දුව සහ උද්යෝගය තිබෙන නිසයි. එබැවින් මෙය ස්ථිර කරගන්න.
දිනපතාම ඔබගේ වාර්ථාව දෙස බලන්න. ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විටත් එය පරීක්ෂා
කරන්න. ඔබ පරීක්ෂා කරන්නේ නම්, ඔබ වෙනස් වෙයි, එහෙම නේද? ඔබ පරීක්ෂා නොකරන්නේ නම්,
ඔබ වෙනස් වන්නේ කෙසේද? එබැවින් අද, නව වසර වෙනුවෙන් ඔබ පැරණි වසරට සමු දෙන සේම, ඔය
සෑම දරුවෙක්ම මායාටත් සමු දිය යුතු බවට සිතිවිල්ල බාප්දාදාට විශේෂයෙන් තිබේ. නිෂ්ඵල
සිතිවිලි වලට සමු දෙන්න, මන්ද, බහුතරය තුළ වැඩියෙන් නිෂ්ඵල සිතිවිලි ඇති බව
බාප්දාදා දැක තිබෙනවා. බොහෝ දූෂිත සිතිවිලි තිබෙන්නේ ඉතා ස්වල්ප දෙනෙකුටයි: ඔවුන්
ඉතා අල්පයි, නමුත් නිෂ්පල සිතිවිලි අවසන් කිරීමට සහ ඒවායේ සියලු නම් සහ සලකුණු
අවසන් කිරීම සඳහා සෑම සිතිවිල්ලක්ම බලවත් විය යුතුයි. කිසිම නිෂ්ඵල සිතිවිල්ලක්
නොතිබිය යුතුයි, මන්ද ඔබට නිෂ්ඵලත්වයේ සිතිවිලි තිබෙන විට, නිෂ්ඵල වන්නේ ඔබගේ
සිතිවිලි පමණක් නොවෙයි නමුත් ඔබගේ කාලයද අපතේ යයි. මෙය ඔබ පරම පියාට සමාන වීමෙන්,
ඔබව ඈත් කරවයි. ඔබගේ ආශාව වන්නේ සමාන වීමටයි, එමෙන්ම ඔබ අතද එසවූවා. කෙසේවෙතත්,
බාප්දාදා සෑම විටම පවසන්නේ: ඔබගේ මනසේ අත් ඔසවන්න. ඔබගේ භෞතික අත එසවීම පහසුයි.
ඉතිං ඇයට සමු දීමට ඔබට එඩිතරකම තිබෙනවාද? ඔබට එඩිතරකම තිබෙනවාද? අත් ඔසවන්න! අච්චා,
ඔබට එඩිතරකම තිබෙනවා. මෙම එඩිතරකම සෑම විටම ඔබ සමග තබා ගන්න, එපමණයි. ඔබ එඩිතරව
රැඳී සිටින්නේ නම්, එවිට ඔබ තබා ඇති අරමුණ ඉටු කරයි, මන්ද, බාප්දාදාද සිටින්නේ ඔබ
සමගයි. ඔහුගේ එකදු දරුවෙක්වත් දමා යන්නට බාප්දාදා කැමති නැහැ. ඔබ බාබා සමග අතිනත
ගෙන ආපසු යා යුතුයි. ශිව පියා අශාරීරික වන අතර ඔහුට අතක් නොමැත, නමුත් ඔහුගේ අත
වන්නේ ශ්‍රීමත්ය. සෑම පියවරකදීම ශ්‍රීමත් අනුගමනය කිරීම යනු, අතිනත ගෙන ඇවිදීමයි.
මේ තුන: නව වසර, නව ජීවිතය, නව යුගය වෙනුවෙන් සියලු දෙනාටම කෝටි, කෝටි ගුණයක සුබ
පැතුම්: අච්චා.
දැන්, පරම පියාගේ
සෙනෙහස ලබන මේ දේශයේ සහ විදෙස් රටවල සිටින ඔය සියලුම දරුවන්ට, පියාගේ ආදරණීය
දරුවන්, පියාගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ දරුවන්ට සමුදීමත් සමගම සුබ පැතුම්.
පැරණි ලෝකයට සමුදෙන අතරම, ඔබ පැරණි සංස්කාර වලටත් සමු දීමට යන බව බාප්දාදා ඔබට පවසා
තිබේ. පැරණි ස්වභාවයටත් සමුදෙන මහාවීර දරුවන්ට, සෑම පියවරකදී කෝටි ගුණයක ආදායමක්
උපයන අයට, බාප්දාදා නිරන්තරයෙන් ලබා දෙන ස්ව-අභිමානයේ නිරතුරුවම ස්ථාවරව රැඳී සිටින
මෙන්ම එය අත්විඳින අයට. බාප්දාදා සෑම දරුවෙක්ව දකින්නේ, උපත් 21කට උරුමයකට අයිතියක්
ඇති දරුවෙකුගේ ස්වරූපයෙනි. චක්‍රය පුරාම ඔබගේ උපත් 21ක උරුමයට අයිතියක් ඇත්තේ ඔය
දරුවන්ට පමණයි. අයිතියක් තිබෙන එවන් ශ්‍රේෂ්ඨ දරුවන්ට, බාප්දාදා, පියා, ගුරුවරයා සහ
සත්ගුරූ යන ස්වරූප තුනෙන්ම, සෙනෙහස, ස්මරණය සහ නමස්තේ ලබා දෙයි.
වරදානය:
ඔබට ද්විත්ව
කිරුළක් තිබී, ඔබ සිදු කරන සේවයේ සහ ඔබගේ උත්සාහ වලින් ඔබ සාර්ථකත්වය අත්කර
ගනිත්වා.
සංගම යුගයේදි, ඔබට
ද්විත්ව කිරුළක් ඇති බව සලකා සෑම විටම ඉදිරියට යන්න. එකක් ආලෝක කිරුළ වන අතර, එනම්,
පවිත්‍රත්වයේ කිරුළ වන අතර අනෙක වගකීමේ කිරුළකි. පවිත්‍රත්වයේ සහ බලයේ කිරුළු පළඳින
අය, එනම්, ආලෝකයේ සහ බලයේ කිරුළු පළඳින අයට නිරන්තරයෙන් දෙගුණයක ශක්තියක් තිබේ.
දෙගුණයක බල ඇති ජීවාත්ම, නිරන්තරයෙන් බලවත්ය. ඔවුන් සිදු කරන සේවයෙන් සහ දරන
උත්සාහයෙන් ඔවුන් සෑම විටම සාර්ථකත්වය අත්කර ගනියි.
පාඨය:
දිව්‍යමය
ගුණදම් පදනම් කරගෙන සිතීම, කතා කිරීම සහ ක්‍රියා කිරීම, දිව්‍යත්වයයි.
අව්‍යක්ත සංඥාව:
ශ්‍රේෂ්ඨ වීම සදහා මිහිරි බව සහ නිහතමානිකමේ ගුණධර්ම ධාරණය කරගන්න.
සමහර දේවල් රත්
කිරීමෙන් මෙලෙක් වන අතර එවිට ඒවා හැඩ ගසා ගත හැක. මෙහිදීද, උෂ්ණත්වය, බලයේ
ස්වරූපයක් වන අතර මෘදු බව නිහතමානිකමයි, එනම් සෙනෙහසයි. සෑම ජීවාත්මයක්ම වෙනුවෙන්
සෙනෙහස ඇති අයට නිහතමානි වීමට හැකි වෙයි. සෙනෙහස නොමැති විට, ඔබට දයාවෙන් පිරිපුන්ව
සිටීමට හෝ නිහතමානී වීමට නොහැකි වෙයි. බලයේ ප්‍රතිමූර්තියක් වීමේදි ඔබ අධිපතියෙක්
වන අතර නිහතමානිකමේදි, සේවය කිරීමේ ගුණධර්මය තිබෙයි. උෂ්ණත්වය සහ මෘදු බව තිබෙන
විට, සෑම අවස්ථාවකටම, ඔබට තමන්ව හැඩ ගසා ගැනීමට හැකි වෙයි.