26.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම දෙවියන්ම තමන්ගේ ගුරුවරයා වී තමාට උගන්වනවා යන සතුට සිතේ තබා ගන්න.
ඔබ ඔහුගෙන් ඉගෙන ගන්නේ රාජයෝගාවයි, ප්‍රජා යෝගා (පුරවැසියන් බවට පත්වීම සඳහා වන
යෝගාව) නොවෙයි.
ප්‍රශ්නය:
ඉගෙනීමේ ඇති
අරුමය කුමක්ද? ඔබ කොපමණ කාලයක් මෙලෙස දිගටම උත්සාහ දැරිය යුතුද?
පිළිතුර:
බොහෝ කාලයක් තිස්සේ ඔබ විසින් හදාරමින් පැමිණි මෙම ඉගෙනීමේ දී අලුත් අය වඩාත්
වේගයෙන් ඉදිරියට යනවා. මාස තුනක් වයසැති දරුවන් පැරණි අයට වඩා වැඩි වේගයකින්
ඉදිරියට යෑම අරුමයක් වන්නේ ඔවුන්ගේ බුද්ධීන් ඉතාමත් තියුණු වන නිසයි. සම්පූර්ණයෙන්ම
සමත් වන තෙක්ම, කර්මාතිත් තත්ත්වය ලබා සියලුම කර්ම බැදිම් වලින් නිදහස් වන තෙක්ම ඔබ
උත්සාහ දැරිය යුතුයි.
ඕම් ශාන්ති.
දරුවන් වන ඔබ
අසුන්ගෙන සිටින්නේ කොහිද? අසිමිත පියාගේ පාසලේයි. දරුවන් වන ඔබ තුළ ඉතාමත් උසස්
කුල්මත් බවක් තිබෙනවා. මෙම කුල්මත් බව ඇත්තේ කාගේ දරුවන් තුළද? ආධ්‍යාත්මික දරුවන්
වන අසීමිත පියාගේ දරුවන් තුළයි. පියා උගන්වන්නේ ජීවයන්ට පමණයි. ගුජරාතින්ට හෝ
මාරාතින්ට උගන්වන්නේ නැහැ. එය නම හා ස්වරූපයයි. පියා උගන්වන්නේ ජීව වන ඔබට පමණයි.
දෙවියන් යනුවෙන් හඳුන්වන්නේ තම අසීමිත පියා වන බව දන්නේ දරුවන් වන ඔබ පමණයි. ඒවා
අනිවාර්යෙන්ම පරමාත්ම දෙවියන් විසින් කියූ දේවල්ය. නමුත් දෙවියන් යනු කවුද කියා
ඔවුන් තවමත් තේරුම් ගෙන නැත. උත්තරීතර ජීවය වන ශිවාට නමස්කාර වේවා කියා ඔවුන්
කියනවා. සිටින්නේ එකම එක දෙවි කෙනෙක් පමණයි. ඔහු ඉහළම ඉහළ අශරීරික කෙනායි. ඔබට
උගන්වන්නේ ක්‍රිෂ්ණා දෙවියන් නොවෙයි, මීට පෙර කවදාවත් ඔහු උගන්වලාත් නැහැ. ජීව වන
අපගේ පියා අපට උගන්වන බව ඔබ දන්නවා. දෙවියන් අශරීරිකයි. මිනිස්සු ශිවාගේ දේවාලවලට
ගොස් ඔහුව වන්දනා කරනවා, එසේනම් අනිවාර්යෙන්ම ඔහු යම් හෝ කෙනෙක් විය යුතුයි. නමක්
හෝ ස්වරූපයක් නැති දෙයක් තිබෙන්න බැහැ. ඔබ මෙය තේරුම් ගන්නේ මේ කාලයේදි පමණයි.
ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් මෙය තේරුම් ගන්නේ නැහැ. ඔබ මෙය තේරුම් ගැනිම ආරම්භ කර
තිබෙන්නේත් දැන් පමණයි. ඔබ බොහෝ කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් ආවා. මේ ලඟදි පැමිණි
අයට, බොහෝ කාලයකට පෙර පැමිණි අයව පරදා වේගයෙන් යන්න බැහැයි කියා දෙයක් නැහැ. මාස
තුනක් වයසැති දරුවන්ට වුණත් වේගයෙන් ඉදිරියට යා හැකියි යන්න ද පුදුමයකි. ඇතැම් අය
කියනවා බාබා, මෙම ජීවයේ බුද්ධිය ඉතාමත් තියුණුයි. අළුත් අය මෙම දැනුමට ඇහුම්කන් දෙන
විට ඔවුන් මහත් වූ අභ්‍යන්තර සතුටකින් බැබලෙනවා. ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ගේ
ශිෂ්‍යයින්ය. අශරීරික පියා වන දැනුමේ සාගරය ඔබට උගන්වයි. ’දෙවියන් කතා කරයි’ යන්න
සිහිපත් වෙයි, නමුත් කවදාද? ඔවුන් මෙය අමතක කර දමා තිබෙනවා. තමාගේම පියා ගුරුවරයා ද
වන සමහර දරුවන් සිටිනා බව ඔබ දන්නවා. කොහොමනමුත්, ඔහු උගන්වන්නේ එක විෂයක් පමණක්
විය හැකියි. අනෙකුත් විෂයන්වලට වෙන වෙනම ගුරුවරුන් සිටිනවා විය හැකියි. මෙහි, ඔබ
දරුවන් සියලු දෙනාගේම පියා ගුරුවරයා ද වේ. මෙය ඉතාමත් ආශ්චර්යමත් දෙයක්. ශිව බාබා
තමාට උගන්වනවා යන විශ්වාසය ඇති දරුවන් රාශියක් සිටිනවා. ශ්‍රී ක්‍රිෂ්ණාට බාබා කියා
කියන්න බැහැ. ඔවුන් ක්‍රිෂ්ණා ගුරුවරයෙක් හෝ ගුරු කෙනෙක් ලෙසින් සලකන්නේ නැහැ. මෙම
කෙනා ප්‍රායෝගික ක්‍රම වලින් ඔබට උගන්වනවා. මෙහි සිටින ඔබ හැම කෙනෙක්ම එකිනෙකට
වෙනස් ශිෂ්‍යයින්. ගුරුවරයා වන බාබා ඔබ සමත් වී කර්මාතිත් තත්ත්වය ලබා ගන්නා තෙක්
ඔබට උගන්නාවි. ඒවන තෙක් ඔබ දිගින් දිගටම උත්සාහ දැරිය යුතුයි. ඔබ කර්ම ගිණුම් වලින්
නිදහස් විය යුතුයි. බාබා මා මෙතරම් උසස් ලෝකයක් කරා ගෙන යනවා යන විශාල අභ්‍යන්තර
සතුටක් ඔබ තුළ තිබිය යුතුයි. උත්තරීතර දනව්වේ සිටිනා පියා ම උගන්වන බව පිළිබඳව
අවබෝධයකින් සිටිනා සිසුන් පිරිසක් ඇති පාසලක් වෙන කොහේවත් නැහැ. ඔබ දැන් මෙහි අසුන්
ගෙන සිටිනා අතර ඔබගේ අසීමිත බාබා පැමිණ දැන් උගන්වන බවත් ඔබ තේරුම්ගෙන තිබෙනවා. ඔබ
අභ්‍යන්තරයේ ඉතාමත් විශාල සතුටක් තිබිය යුතුයි. බාබා අපට රාජයෝගා උගන්වනවා. මෙය
ප්‍රජා යෝගා (පුරවැසියන් බවට පත්වීමට ඇති යෝගාව) නොවෙයි. රාජයෝගයයි. දරුවන් වන ඔබගේ
සතුටේ රසදිය කඳ ඉහළ නැඟෙන්නේ මෙම ස්මර්ණයෙන් පමණයි. මෙය එතරම්ම වැදගත් වූ විභාගයක්
වන අතර ඔබ ඉතාමත්ම සාමාන්‍ය ආකාරයෙන් මෙහි අසුන් ගෙන සිටිනවා. මුස්ලිම් ශිෂ්‍යයන්ට
උගන්වන්නේ ඔවුන්ව බිම පැදුරු දමා ඉන්දවලයි. ඔබ මෙම විශ්වාසය ඇතිව පැමිණෙනවා. ඔබ
දැන් පියා ඉදිරියේම අසුන්ගෙන සිටිනවා. බාබා කියනවා මම දැනුමේ සාගරයයි. මම ඔබට
රාජයෝගා ඉගැන්වීම සඳහා සෑම කල්පයකදීම පැමිණෙනවා. ක්‍රිෂ්ණාගේ උපත් 84ක් ගැන කතා කළා
වුවත්, බ්‍රහ්මාගේ උපත් 84ක් ගැන කතා කළා වුවත් ඒ දෙකම එකයි. බ්‍රහ්මා ශ්‍රී
ක්‍රිෂ්ණා බවට පත් වෙනවා. මෙය ඉතාමත් හොඳින් ඔබගේ බුද්ධියට අරගන්න. එහිදී පියා
කෙරෙහි වූ මහා සෙනෙහසක් තිබිය යුතුයි. ජීව වන අපි එම පියාගේ දරුවෝ වෙමු. උත්තරීතර
ජීවය වන උත්තරීතර පියා පැමිණ අපට උගන්වනවා. මෙය කරන්නේ ක්‍රිෂ්ණා විය නොහැකියි.
ක්‍රිෂ්ණා මෙලෙස ඔබට උගන්වන්නේ නැහැ. ඔහු තමාගේ කිරුළ ගලවා දමා මෙහි පැමිණේවිද? ඔබට
උගන්වන කෙනා හොඳට පැසුණු බුද්ධියක් ඇති අයෙක් විය යුතුයි. පියා කියනවා මම පරිණත වූ
ශරීරයක් ලබා තිබෙනවා. මෙය තිරණය වී ඇති දෙයක්. ශිව බාබා ඔබට උගන්වන්නේ බ්‍රහ්මා
මඟින් පමණයි. සැබවින්ම, උත්තරීතර පියා වන උත්තරීතර ජීවය බ්‍රහ්මා මඟින් ස්ථාපණය
සිදු කරවනවා යන්න කියා තිබෙනවා. බ්‍රහ්මා පැමිණෙන්නේ කොහි සිටද යන්න ඔවුන් තේරුම්
ගන්නේ නැහැ. පියා මෙහි සිට නැවත නැවතත් ඔබව අවදි කරවන නමුත් මායා නැවතත් ඔබව නින්දට
යවනවා. ඔබ දැන් මා ඉදිරියෙන්ම අසුන්ගෙන සිටින අතර මම ඔබගේ ආධ්‍යාත්මික පියාය යන
අවධානය ඔබ තුළ තිබෙනවා. ඔබ මාව දන්නවා, එහෙම නේද? උත්තරීතර පියා, උත්තරීතර ජීවයමයි
දැනුමේ සාගරය, පාරිශුද්ධකරු, දුක නැති කර සතුට පිරිනමන්නා වන්නේ කියා ගයනවා. ඔවුන්
කවදාකවත් ක්‍රිෂ්ණා ගැන මෙසේ කියන්නේ නැහැ. සියලු දෙනාටම එකවිට උගන්වන්න ඔහුට බැහැ.
මධුබන්වල මුරලිය කියවනවා. පසුව එය සියලු මධ්‍යස්ථාන වලට යවනවා. ඔබ දැන් පියා
ඉදිරිපිට අසුන්ගෙන සිටිනවා. මීට පෙර කල්පයේදිත් බාබා මේ ආකාරයෙන්ම තමාට ඉගැන්වූ බව
ඔබ දන්නවා. මේ කාලයමයි අතීතය ලෙසින් තිබුණේ. දැන් එය වර්තමානය බවට පත්වෙනවා. භක්ති
මාර්ගයට අයත් දේ දැන් අත්හැර දැමිය යුතුයි. දැන් ඔබ තුළ දැනුම කෙරෙහිත්, තමාට
උගන්වන කෙනා කෙරෙහිත් සෙනෙහසක් තිබෙනවා. සමහර අය ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්නා විට
ගූරුවරයාට තෑගි දෙනවා. මෙහිදි මෙම බාබාම ඔබට තෑග්ගක් දෙනවා. ඔහු මෙහි පැමිණි පසු තම
ශාරීරික ස්වරුපයෙහි සිටින ඔබ දුටු විට මේ මාගේ දරුවන්ය යන හැඟීම ඔහුට ඇති වෙනවා.
සෑම කෙනෙක්ම උපත් 84ක් ගන්නේ නැති බව දරුවන් වන ඔබ දන්නවා. එක් උපතක් ගන්නා කෙනෙක්
වුවත් සතුට හා දුක යන චක්‍රය වටා ගමන් කළ හැකියි. ඔබ දැන් මේ කරුණු සියල්ලම හොඳින්
තේරුම් ගන්නවා. මෙය මානව ලෝකයේ පරම්පරා ගසයි. පළවෙනිම දෙදෙනා බ්‍රහ්මා හා
සරස්වතියි. ආදී දේව් හා ආදී දේවියි. පසුව අසංඛ්‍ය වූ ආගම් ගණනාවක් වර්ධනය වෙනවා.
ඔහු සියලුම ජීවයන්ගේ බීජයයි. අන් සියලු දෙනාම පත්‍රයන්ය. ප්‍රජාපිතා බ්‍රහ්මා
සියලුම මිනිසුන්ගේ පියාය. දැන් මේ මොහොතේ ප්‍රජාපිතා වාසය කරනවා. බාබා ඔහු තූළ
අසුන්ගෙන ශුද්‍රයින්ව බ්‍රහ්මින්වරුන් බවට පත් කරවනවා. වෙන කිසිම කෙනෙක්ට මෙය කරන්න
බැහැ. ශුද්‍ර තත්ත්වයේ සිට බ්‍රහ්මිණ් තත්ත්වයට පත්කරවා පසුව දේවතා තත්ත්වයට පත්වීම
සඳහා ඔබට ඉගැන්විය හැක්කේ පරමාත්ම පියාට පමණයි. මෙය පහසු රාජයෝගා ඉගෙනුමයි. ජනක්
රජු එක තත්පරයකින් ජීවන් මුක්තිය ලැබුවා. එනම්, ඔහු සත් යුගයේ වැසියෙක් බවට
පත්වුණා. මිනිස්සු දිගින් දිගටම මෙය ගායනා කරන නමුත් එය පැහැදිලි කරදීමේ ශක්තියක්
ඔවුන්ට නැහැ. පරම පියා කියනවා දරුවනි, දැන් ජීව අවධානයට පත්වන්න! ඔබ අශරීරිකව මෙහි
පැමිණියා. ශරිරයක් ලබා ගත්තා. තමාගේ චරිතය රඟපෑවා. අපි ඇත්තෙන්ම උපත් 84ක් ගෙන
තිබෙනවා. සත්‍යය වන පියා ඔබට කියන්නේ සත්‍යයම පමණයි. අධිරාජ්‍යයක් තිබෙනවා. එමනිසා,
රාජයෝගා හදාරන්නේ එක් පුද්ගලයෙක් පමණක් විය නොහැකියි. ඔබ සියලු දෙනාම දැන් කටු
තත්ත්වයේ සිට මල් බවට පත්වෙනවා. කටු කියන්නේ කාටද, මල් කියන්නේ කාටද කියා ඔබ දැන්
දන්නවා. මෙය කිලිටි කටුවල ලෝකයයි. අපි කල්පයේ උපත් 84ක ගමනක් ගොස් අපායේ වැසියන්
බවට පත් වුණා. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන අපි නැවතත් කතා කරනවා. අපි දැන් නැවතත්
වතාවක් අනිවාර්යෙන්ම සත් යුගයේ වැසියන් බවට පත්වෙනවා. අපි සෑම චක්‍රයේදීම මෙම
තත්ත්වයට පත්වෙනවා. මෙම දැනුම නැවත නැවතත් සිහියේ තබාගෙන අන් අයටත් පැහැදිලි කර
කියා දෙන්න. ලක්‍ෂ්මි සහ නාරායන් සුර්ය වංශයට අයිති වෙනවා. ක්‍රිස්තූස්වහන්සේ
පැමිණි අතර ඔහු පැමිණිමට පෙර සිටියේ ඉතාමත් ටික දෙනයි, අධිරාජ්‍යයක් පැවතුනේ නැහැ.
පියා පැමිණ ස්වර්ණමය යුගයේ අධිරාජ්‍යය ස්ථාපනය කරනවා. ස්ථාපනය සිදුවන්නේ සංගම්
යුගයෙදීයි. මේ සැබෑ කුම්භමේලාවයි යන්න දැන් ඔබගේ බුද්ධියේ තියෙනවා. ජීිව ගණනාවකුත්,
එක උත්තරීිතර ජිිවයත් සිටිනවා. පරමාත්ම පියා වන උත්තරීතර ජිිවය ඔබව පාරිශුද්ධත්වයට
පත් කර වීම සඳහා දරුවන් වන ඔබ වෙත පැමිණෙනවා. මෙයට සංගම යුගයේ කුම්භ මේලාව කියා
කියනවා. ඔබ දැන් දැනුම නමැති තෙවෙනි ඇස ලබා තිබෙනවා. පියා පැමිණ ඔබව දෙව්ලොව
වැසියන් බවට පත් කරවනවා. පසුව අනිවාර්යෙන්ම පැරණි ලෝකයේ විනාශය සිදු විය යුතුයි.
සෑම කල්පයකදිම විනාශය සිදු වෙනවා. නව ලෝකය පැරණි වී පැරණි ලෝකය අලුත් වෙනවා. මෙය
අනිවාර්යෙන්ම සිදු වේවි. නව ලෝකය දෙව්ලොව වශයෙනුත්, පැරණි ලෝකය අපාය වශයෙනුත්
හඳුන්වනවා. මනුෂ්‍ය ජනගහනය ඉතාමත් සීඝ්‍ර ලෙස වර්ධනය වෙලා. ඔවුුන්ට කෑමට සහල්
නොමැති වූ විට නැවත සහල් වගා කළ යුතු බව ඔවුන් දන්නවා. කොහොමනමුත්, දරුවන්ගේ ගණන
දිගින් දිගටම වර්ධනය වෙනවා. ඔවුන් සහල් ලබා ගන්නේ කොහෙන්ද? මෙම පැරණි ලෝකය විනාශ
විය යුතු යැයි යන සහතිකය දැන් දරුවන් වන ඔබට තිබෙනවා. මිනිස්සු මෙම දැනුමට ඉතාමත්
කැමති නමුත් කිසිවක් ඔවුන්ගේ බුද්ධීන්හී රැඳෙන්නේ නැහැ. අපායට පසු දෙව්ලොව පැමිණෙන
බව ඔබ දන්නවා. ස්වර්ණම යුග දේවතාවන් ඇවිත් ගියා. ලක්‍ෂ්මි සහ නාරායන ලෝකයේ පාලකයින්
වූ අතර ඔවුන්ගේ පිළිම දැන් තිබෙනවා. සත් යුගයේ ආදි සනාතන දේවි දේවතා ධර්මය තිබෙනවා.
මිනිස්සු මේ කාලයේදි තමන් දේවතා ධර්මයට අයිති අය වශයෙන් හඳුන්වා ගන්නේ නැහැ. ඒ
වෙනුවට ඔවුන් කියන්නේ තමන් හින්දූන් බවයි. තමන් දේවතාවන් බවට පත්වන බව දරුවන් වන ඔබ
ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙනවා. බාබා මෙම ඉන්ද්‍රියන් මඟින් ඔබට උගන්වනවා.
බාබා කියනවා වෙන කොහොමද මම උගන්වන්නේ? ජීිවයන්ට වෙනත් ලෝහ මිශ්‍ර වී ඇති නිසා ඔහු
ජීවයන්ට පමණක් උගන්වයිි. ඔබ දැන් සැබෑ රත්තරන් බවට පත් විය යුතුයි. ඔබ ස්වර්ණම
යුගයේ සිට රිදී යුගයට පැමිණියා, එනම්, ජිිවය තුළට රිදී මිශ්‍ර වීමට පටන් ගත් විට ඔබ
චන්ද්‍ර වංශයට අයිති කෙනෙක් වුණා. ඔබ සිටියේ ස්වර්ණම යුගයේයි. පසුව ඔබ පහළට පැමිණි
අතර ජනගහනයද දිගටම වර්ධනය වුණා. ස්වර්ණම, රිදී, තඹ හා කලි යුග පසු කර තමන් උපත්
84ක් ගෙන පැමිණි බව දැන් ඔබ දන්නවා. ඔබ මෙම චරිත කොටස බොහෝ වාරයන්හී රඟපා තිබෙනවා.
කිසිම කෙනෙක්ව මෙම චරිත කොටසෙන් නිදහස් කර ගන්න බැහැ. සදාකාලික වූ විමුක්තියක්
අවශ්‍ය යැයි ඇතැම් අය කියන නමුත් ඇත්තෙන්ම කියනවා නම් උපත් 84ක චක්‍රය වටා ගොස්
සිටිනා අය වන්නේ ඔබ වන නිසා වඩාත් නිරාශාවට පත් විය යුත්තේ ඔබයි. ඒම යාම දිගටම
සිදුවෙන බව මිනිස්සු දන්නවා, ඉතින් ඇයි අපට මින් මිදෙන්න බැරි කියා ඔවුන් පසුව
අසනවා. කොහොමනමුත්, මෙය සිදු විය නොහැක්කක්. ගුරූන් පවා කියනවා ඔබ විමුක්තිය ලබා
ගනිවි. බ්‍රහ්ම ලෝකය සිහිපත් කරන්න ඔබට ඒ වෙත යා හැකි වේවි. භාරතයේ නොයෙකුත් අදහස්
හා මත තිබෙනවා. අනෙකුත් රටවල් වල එතරම් මත ගණනාවක් නැහැ. මෙහි බොහෝ මත තිබෙනවා, සෑම
එකක්ම එකිනෙකට වෙනස් වූ ඒවායි. මිනිසුන් නොයෙකුත් ගුප්ත බල ගැන ඉගෙන ගන්නවා. ඇතැම්
අය කහ කුඩු මවන අතර තවත් සමහර අය වෙනත් දෙයක් කරනවා. මිනිස්සු එයින් බොහෝ සතුටට පත්
වෙනවා. කොහොමනමුත්, මෙය ආධ්‍යාත්මික ඥානයයි. ආධ්‍යාත්මික පියා ජීවාත්ම වන අපගේ පියා
බව ඔබ දන්නවා. ආධ්‍යාත්මික බාබා අප ජීවාත්මයන්ට කතා කරනවා. අමරණිය දේශයේ පාලකයන්
බවට තමාව පත් කරවන අමරණියත්වයේ කතාන්දරයත්, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට නාරායන
කෙනෙක් බවට පත්විමේ සැබෑ නාරායනගේ කතාන්දරයත් ඔහු පැමිණ අපට කියා දෙනවා. පසුව ඔබ
සිප්පි කටු වැනි බවට පත්වෙනවා. දැන් ඔබ දියමන්ති මෙන් වටිනා වූ උපතක් ලබා තිබෙනවා.
ඉතින් ඇයි ඔබ සිප්පි කටු පසු පස හඹා ගොස් එය නාස්ති කර ගන්නේ? මේ ලෝකය තවත් කොතරම්
කාලයක් පවතීද? රණ්ඩුසරුවල් අනිවාර්යෙන්ම දිගින් දිගටම ඇති වෙනවා. සෑම දෙයක්ම විනාශ
විය යුතුයි. මරණය ඔබ ඉදිරියේමයි. ඉතින් ඔබ සතුව ඇති සියදහස් හෝ මිලියන ගණන් වූ
මුදලින් කවුරුන් සතුටු වන්නද? එසේනම්, ඒ සියල්ල වටිනා අයුරින් භාවිත නොකරන්නේ ඇයි?
මෙම ආධ්‍යාත්මික පාසල විවෘත කිරීමෙන් මිනිස්සු සදා නිරෝගී, ධනවත් හා සතුටින් පිරි
බවට පත් වෙනවා. මෙය රෝහලක් හා පාසලක් එකට සම්බන්ධ වූවක් එහි නිරෝගී සුවය, ධනය හා
සතුට තිබෙනවා. සැබෑවටම යෝගා බලයෙන් ඔබ දීර්ඝායුෂ ලබනවා. ඔබ හොඳ සෞඛ්‍යයෙන් යුතු
වනවා! ඔබ අසීිමිත ධන නිධාන ලබනවා. පළමු ආගම ස්ථාපනය කළ අල්ලා පිළිබඳ චිත්‍රපටයක්
පෙන්වා තිබෙනවා. අල්ලා විසින් ස්ථාපනය කළ ආදි සනාතන දේවි දේවතා ධර්මය තුළින් ලොකු
සතුටක් ගෙන දෙන බව ඔබට වැටහෙනවා එහි නමම දෙව්ලොව යන්නයි. ඔබ සාම දේශයේ වැසියන්ව
සිටියා. පසුව පළමුවෙන්ම ඔබ සතුටු දේශයට ගිය අතර ඉන් පසුව උපත් 84ක් ගනිමින් පහළට
පැමිණියා. මම සෑම කල්පයකදීම දරුවන්ට මෙලෙස සියල්ල පැහැදිලි කර කියා දෙනවා. ඔබ
තමන්ගේම උපත් ගැනවත් දන්නේ නැහැ. මම එ්වා ඔබට කියා දෙනවා. ඔබ උපත් 84ක් ගෙන තිබෙන
අතර දැන් මෙම ඇඳුම අපිරිසිඳු වී, ජීවාත්ම තමෝප්‍රධාන් වී තිබෙනවා. බාබා ඔබට කියන
සෑම දෙයක්ම නිවැරදියි. බාබා ඔබට කවදාකවත් වැරදි දෙයක් කියන්නේ නැහැ. ඔහු තමයි
සත්‍යය. පාපයෙන් තොර ලෝකය, නිවැරදිම වූ ලෝකය වූ කලී ස්වර්ණමය යුගයයි. පසුව රාවණ්
ඔබව වැරදිකරුවන් කරවනවා. මෙය මිත්‍යාවේ දේශයයි. මායා මිත්‍යාවකි, ශරීරය මිත්‍යාවකි
සහ ලෝකය මිත්‍යාවකි! යැයි ගයා තිබෙනවා. කුමන ලෝකයද? සම්පූර්ණ පැරණි ලෝකයම
මිත්‍යාවයි. සැබෑ ලෝකය තිබුණේ ස්වර්ණම යුගයේයි. තිබෙන්නේ එක ලෝකයක් පමණයි, ලෝක
දෙකක් නැහැ. අළුත් ලෝකය පසුව පැරණි වෙනවා. නව නිවසක් හා පැරණි නිවසක් අතර වෙනසක්
තිබෙනවා. නව නිවස හදන විට කවදා හෝ තමන් එහි ගොස් වාසය කරන බව ඔබ දන්නවා. මෙහිදී ද
ළමුන් ප්‍රමාණය වර්ධනය වෙන්න වෙන්න නව නිවෙස් බිහි වෙනවා. දරුවන් වන ඔබ තුළ ලොකු
සතුටක් තිබිය යුතුයි. දැනුමේ සාගරය වන පියා කියනවා මගේම සියලුම දුප්පත් අහිංසක
දරුවන් රාග ගින්න මත අසුන් ගැනීම නිසා දැන් සම්පූර්ණයෙන්ම පිළිස්සි ගොස් සිටිනවා.
මම දැන් ඔවුුන්ව දැනුම නැමැති ගින්න මත හිඳුවනවා. මම ඔවුන්ව දැනුම නැමැති ගින්න මත
හිඳුවා ඔවුන්ව දෙව්ලොව පාලකයන් බවට පත් කරවනවා. රාග ගින්නේ හිඳගැනිම නිසා ඔවුන්
සම්පූර්ණයෙන්ම අවලස්සන වෙලා. ලස්සන හා අවලස්සන කෙනා වශයෙන් ක්‍රිෂ්ණාව හඳුන්වන
නමුත් එහි අර්ථය කිසිවෙකුට තේරුම්ගත නොහැකියි. ඔබ සිටියේ කෙසේද, දැන් පත්වෙමින්
තිබෙන්නේ කුමන තත්ත්වයකටද කියා බලන්න! පියා ඔබව සිප්පි කටු වන් තත්ත්වයේ සිට
දියමන්ති බවට පත්කරවනවා. එමනිසා, ඔබ එතරම් අවධානයක් ඒ වෙත දිය යුතුයි! ඔබ පියා
සිහිපත් කළ යුතුයි! ඔබ දෙව්ලොව පාලකයින් බවට පත් වන්නේ එම ස්මරණය තුළින් පමණයි.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
දියමන්තියක් මෙන් වටිනා මෙම ජීවිතය සිප්පි කටු පස්සේ හඹා යමින් අපතේහරින්න එපා.
මරණය ඔබ ඉදිරියේමයි. එමනිසා, තමා සතු සියල්ලම ආධ්‍යාත්මික සේවය සඳහා ඉතාමත් වටිනා
ලෙස යොදවන්න.
2. ඉගෙනුම සඳහාත්, එම
ඉගෙනුම තමාට ලබා දෙන ඒකායන තැනැත්තා පිළිබඳවත් සැබෑ සෙනෙහසක් තබා ගන්න. ඔබට
ඉගැන්වීම සඳහා පරමාත්ම දෙවියන්ම පැමිණ සිටිනවා යන සතුට පවත්වාගන්න.
වරදානය:
ඔබේ හසු කර
ගැනීමේ බලය භාවිත කර ඔබේ මුල් සංස්කාර ග්‍රහණය කර ඒවායේ බලවත් ප්‍රතිමූර්තියක්
වේවා.
උත්සාහය දැරීමේ
ප්‍රධාන පදනම බලය හසු කර ගැනීමයි. විද්‍යාවට ශබ්දය බොහෝ වෙලාවකට පෙර හසු කර ගැනීමට
හැකි වේ. එලෙසම, ඔබේ මුල්, දිව්‍ය සංස්කාර ග්‍රහණය කර ගැනීමට ඔබේ නිහඬතාවයේ බලය
භාවිත කරන්න. මේ සඳහා, නිරන්තරයෙන් මෙම අවධානය තබා ගන්න: මම එය වූ අතර මම ඒ බවට
පත්වෙමින් සිටිමි. ඔබ එම සංස්කාර අල්ලා ගන්නා තරමට, ඔබ ඒවායේ ප්‍රතිමූර්තිය බවට
පත්වනු ඇත. වසර 5000 කට පෙර දේවල් කෙතරම් පැහැදිලිව අත්විඳිනු ඇත්ද යත් එය ඊයේ
සිදුවීමක් මෙන් වනු ඇත. ඔබේ අවධානය බොහෝ උසස් හා පැහැදිලි කරගත් විට පමණක් ඔබ බලවත්
වනවා ඇත.
පාඨය:
බ්‍රහ්මින්
දිවියේ හුස්ම සතුටයි. ඔබ ඔබේ ශරීරය අතහැර දැමුවත්, ඔබේ සතුට නැති කර නොගන්න.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඒකායන තැනැත්තාට අයත්
වීමෙන්, එක පහරකින් බිලි වන අය අචලව සිටිති. කෙසේවෙතත්, ටිකෙන් ටික බිලි වන අය, එක
බෝට්ටුවක් වෙනුවට බෝට්ටු දෙකක තම පාද තබා ගන්නා අතර, එමනිසා, ඔවුන් සැමවිටම යම්
ව්‍යාකූලත්වයක හෝ කැලඹීමක සිටින අතර නිරන්තර වන්නේ නැත. එබැවින්, ඔබට තමාව බිලි
දීමට අවශ්‍ය නම්, තත්පරයකින් එය කරන්න. ඔබේ හදවත කැබලි වලට කඩා නොගන්න.