26.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ යෝගාවේ බලයෙන් මෙම භාරතය, දිව්‍යලෝකය බවට පත් කරවන බවට ඔබ සහතික
කරනවා. එවිට එක් ධර්මයක් සහ එක් රාජධානියක් තිබෙයි.
ප්‍රශ්නය:
මායාගේ කුමන
බාධක වලින් ආරක‍්ෂිතව සිටීමෙන්ද, ඔය දරුවන්ට මහා විශ්මයන් සිදු කිරීමට හැකි වන්නේ?
පිළිතුර:
මායාගේ විශාලතම බාධකය වන්නේ, ඔබව ශරීර අවධානයට පත් කර, එකිනෙකාගේ නමෙහි සහ රූපයේ
සිර කිරීමයි. මෙම බාධකයෙන් ආරක‍්ෂිතව සිටින දරුවන්, මායාගේ මුලාවෙන් ආරක‍්ෂිතව සිට,
බොහෝ විශ්මයන් පෙන්වයි. ඔවුන්ගේ බුද්ධිය තුළ නිරන්තරයෙන් සේවය සඳහා නව සිතිවිලි
ඇතිවෙයි. ඔබ ජීව අවධානයට පත් වන විට, සේවය ව්‍යාප්ත වෙයි.
ඕම් ශාන්ති.
පියා පැමිණ
සිටින්නේ ඔය ආධ්‍යාත්මික දරුවන්ට ශ්‍රීමත් ලබා දීමටයි. නාටකයේ සැලසුමට අනුව, සෑම
දෙයක්ම කෙටි කාලයකදි සිදුකර අවසන් කළ යුතු බව, ඔය දරුවන්ට වැටහෙයි. අපි රාවනගේ
දේශය, විෂ්ණු දේශය බවට පරිවර්ථනය කරනවා. පරමාත්ම පියා අදෘෂ්‍යමාන වන අතර, ඉගෙනුමද
අදෘෂ්‍යමානයි. බොහෝ මධ්‍යස්ථාන තිබේ. විශාල නගර වල මෙන්ම කුඩා ගම්මාන වලද
මධ්‍යස්ථාන තිබේ. තවද බොහෝ දරුවන්ද සිටියි. දිනෙන් දින, ඔවුන්ගේ සංඛ්‍යාව එන්න
එන්නම වැඩිවෙයි. ඔබ නිශ්චිත වශයෙන්ම මෙම භාරත දේශය, දිව්‍ය ලෝකය බවට පත් කරන බව,
ඔබගේ පත්‍රිකාවල ඔබ ලියයි. මෙම භාරතය, දිව්‍ය ලෝකයව පැවති බව ඔබ දන්නා නිසා, ඔබ මෙම
භාරත දේශයට බොහෝ ආදරය කරයි. වසර 5000කට පෙර, භාරතය එය බවට පත් වීය එවිට එය බොහෝ සේ
රාජකීය සහ අලංකාර විය. බ්‍රහ්මගේ මුඛයෙන් උපන් නිර්මාණය වන ඔය දරුවන්ට මෙම ඥානය
තිබේ. ශ්‍රීමත් පිළිපැදීමෙන්, ඔබ මෙම භාරත දේශය, දිව්‍ය ලෝකය බවට පත් කළ යුතුයි.
සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වන්න. මෙහි ඇති කිසිම දෙයක් ව්‍යාකූල නැත. ඔබ මෙම පිංතූර
ප්‍රචාරය කරන්නේ කෙසේද, එමෙන්ම ඒවා පුවත්පත් වලද පල කරන්නේ කෙසේද කියා, අසුන්ගෙන
එකිනෙකා සමග සාකච්ඡා කරන්න. ඔබලා අතරේ මේ පිළිබඳව සම්මන්ත්‍රණයක් පවත්වන්න. ලෞකික
රජයේ අය හමුවී, භාරතය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද කියා ඔවුනතරේ සාකච්ඡා කරන සේම,
ඔබලාද එකට අසුන්ගෙන, පවතින අදහස්වල නොගැලපීම් නිවැරදි කර, භාරතයේ සාමය සහ සතුට ඇති
කරන්නේ කෙසේද කියා සාකච්ඡා කළ යුතුයි. ඔබ ආධ්‍යාත්මික පාණ්ඩව සේනාවද වෙයි. මෙය
ශ්‍රේෂ්ඨ දේවමය රජයයි. පාරිශුද්ධකරු පියා, ඔය අපවිත්‍ර දරුවන්ව පිවිතුරු කර, ඔබව
පිවිතුරු ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. මෙම රහස් වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි.
භාරතයේ ප්‍රධානතම ධර්මය වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයයි. මෙය රුද්‍රාගේ ඥානයේ
යාගහෝමයයි. ශිව බාබාට රුද්‍රා යැයි කියයි. පරමාත්ම පියා දැන් පැමිණ ඔබව අවදි කර ඇත.
එබැවින් ඔබ අන් අය අවදි කළ යුතුයි. නාටකයේ සැලසුමට අනුව, ඔබ අඛණ්ඩව අවදි වෙයි. මේ
වන තුරු, ඔබ එක් එක්කෙනා, කුමන සහ කොපමණ උත්සාහයන් සිදු කර තිබේද, පෙර චක්‍රයේද ඔබ
එයම කළේය. ඔබගේ යුද්ධය, ආධ්‍යාත්මික එකකි. විටෙක මායා වඩාත් බලවත් වන අතර, විටෙක
දෙවියන් වඩාත් බලවත් වෙයි. විටෙක සේවය සීඝ්‍ර වේගයකින් සිදුවන අතර, විටෙක දරුවන්ට
මායාගේ බාධක ඇති වෙයි. මායා ඔවුන්ව මුළුමනින්ම සිහිසුන් කරයි. මෙය සටන් බිමක්.
මායා, රාමාගේ දරුවන්ගේ සිහිය නැති කරයි. ලව් සහ කුශ් (රාමාගේ දරුවන්) පිළිබඳ කතා
පුවතක්ද තිබේ. ඔවුන් රාමාගේ දරුවන් දෙදෙනෙක් පෙන්වා ඇති නමුත්, බාබාට මෙහි බොහෝ
දරුවන් සිටියි. මෙකල, සියලුම මනුෂ්‍යයින් කුම්භකරණ නින්දේ නිදමින් සිටියි. ඔය
දරුවන්ට ඔබගේ දායාදය ලබා දීමට, පරම පියා, පරමාත්ම ජීවය, පැමිණ සිටින බවවත් ඔවුන්
නොදනී. පියා පැමිණෙන්නේ භාරතයේ පමණයි. ඔවුන්ට මෙය සම්පූර්ණයෙන්ම අමතක වී ඇත. භාරතයේ
ජනතාව, දිව්‍ය ලෝකයේ අධිපතියන් විය. මේ පිළිබඳ සැකයක් නැත. පරම පියා, පරමාත්ම
ජීවයගේ උපත සිදුවන්නේ මෙහිය. භාරතයේ ජනතාව, ශිවාගේ උපන් දිනය සමරන්නේ මේ නිසාය.
එබැවින් ඔහු නියත වශයෙන්ම මෙහි පැමිණ, යමක් සිදු කරන්නට ඇති. බුද්ධිය පවසන්නේ
පරමාත්ම පියා අනිවාර්යයෙන්ම මෙහි පැමිණෙන්නට ඇත්තේ දිව්‍ය ලෝකය ස්ථාපිත කිරීමටය.
ඔහු සිතිවිලි මගින් සංඥාවක් දී එය සිදු කරන්නේ නැත. මෙහිදී, ඔය දරුවන්ට රාජයෝගාව සහ
සිහිපත් කිරීමේ වන්දනා ගමන උගන්වයි. සිතිවිලි මඟින් සංඥා දීමේදී හඬක් නැඟෙන්නේ නැත.
මිනිසුන් සිතන්නේ, ශංකර් විනාශය ක්‍රියාත්මක කරන්නේ සිතිවිලි මඟින් සංඥා ලබා දී
කියාය, නමුත් එහි සිතිවිලි මගින් සංඥා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. බෝම්බ ආදිය
නිපදවීම, නාටකයේ ඔවුන්ට ඇති චරිත කොටස බව, ඔබට වැටහෙයි. ඔවුන් විනාශය සඳහා උපකරණ
වෙයි. සිතිවිලි මඟින් සංඥා දීම, ආගමික ග්‍රන්ථ වල ව්‍යවහාරයකි, නමුත් මෙහි,
සිතිවිලි මඟින් සංඥා දීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ශංකර් සිටින්නේ සූක‍්ෂම දේශයේය.
විනාශය, නාටකයට අනුව සිදුවිය යුතුයි. මහා භාරත යුද්ධයේදී මිසයිල ආදිය භාවිත වූ බව,
සිහි කර ඇත. අතීතයේ කුමක් සිදුවුවත්, එය නැවත ඒ අයුරින්ම සිදු විය යුතුයි. ඔබගේ
යෝගා බලයෙන්, ඔබ දිව්‍ය ලෝකය ස්ථාපනය කරන බවට, ඔබ සහතික වෙයි. එහිදී එක් ධර්මයක්
තිබෙයි. එබැවින් අන් සියලුම ආගම් යන්නේ කොහිද? ඒවා නියත වශයෙන්ම විනාශ වෙයි. මෙය
වටහාගත යුතු දෙයකි. බ්‍රහ්ම මඟින් ස්ථාපනයත්, විෂ්ණු මඟින් පැවැත්මත් සිදුවන බව
සිහිපත් කර ඇති අතර, එය කදිමයි. කෙසේවෙතත්, ඔවුන් ශිවාව, ශංකර් සමග පටලවා ඇත, මෙය
වැරදියි. ඔවුන් පවසන්නේ, ශිවා සහ ශංකර් කියාය. ශංකර් කිසි දෙයක් නොකරන බැවින්,
ඔවුන් ශිවාව, ශංකර් සමග පටලවා ඇත. කෙසේවෙතත්, ශිව බාබා පවසන්නේ මට කිරීමට බොහෝ වැඩ
තිබේ මා සියලු දෙනාවම පිවිතුරු කළ යුතුයි. මා, බ්‍රහ්මගේ මෙම භෞතික සිරුර තුළට
ඇතුළු වී, ඔහුගේ මාර්ගයෙන් ස්ථාපනය ක්‍රියාත්මක කරන්නෙමි. ශංකර්ට චරිත කොටසක් නැත.
ශිවාව වන්දනා කරයි. සෑම කෙනෙකුගේම ඒප්‍රන පුරවන්නේ, සෙත සලසන ශිවා පමණයි. ඔවුන්
පවසන්නේ ශිව පරමාත්මයට නමස්කාර වේවා. මෙම බ්‍රහ්ම, මානවයාගේ පියාය. බ්‍රහ්ම, විෂ්ණු
බවට පත්වන අන්දම සහ ඉන්පසුව විෂ්ණු, බ්‍රහ්ම බවට පත් වන අන්දම, බොහෝ ගැඹුරු කාරණාය.
මෙම දේවල් වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. නුවණ ඇති දරුවන්ට මෙම ඥානය විගසින් වටහා
ගැනීමට, ඔවුන්ගේ බුද්ධිය භාවිත කළ හැක. පාරිශුද්ධකරු පරමාත්ම පියා පැමිණෙන්නේ කවදාද
පිළිබඳව මිනිසුන් කිසි දෙයක් නොදනී. එය දැන් කලි යුගයේ අවසානයයි. කලි යුගයේ අවසානය
තෙක් තව වසර 40,000ක් ඉතිරී වී ඇති බව, ඔවුන් පවසයි, එසේ නම්, ඔවුන් තව කොපමණ
අපවිත්‍ර වන්නද? ඔවුන් කොපමණ දුක් දරා ගන්නේද? කලි යුගයේ කිසිම සතුටක් නැත. කිසි
දෙයක් වැටහෙන්නේ නැති බැවින්, දුප්පත් අසරණ මිනිසුන් සිටින්නේ අන්ත අඳුරේය. සේවය
වැඩි කරන්නේ කෙසේද කියා, ඔය දරුවන් මුණගැසී සාකච්ඡා කළ යුතුයි. පියා ඔබට අඛණ්ඩව
සැලසුම් පෙන්වයි, එබැවින් ඔය දරුවන් ඉන්පසුව එකට රැස්විය යුතුයි. පිංතූර ඉතා හොඳින්
පැහැදිලි කරන්න. නාටකයේ සැලසුමට අනුව, මේ සියලුම පිංතූර, දිගටම නිර්මාණය කෙරෙනවා.
කොපමණ කාලයක් ගෙවී යන්නේද, එයට අනුව, නාටකය, නිවැරදිව පැවතී යන බව, ඔය දරුවන්
දන්නවා. ඔය දරුවන්ගේ මනෝ ස්ථීතිය, නොකඩවා චංචල වෙයි - විටෙක උසස් විටෙක පහත්. බාබා
දිගටම, නොබැඳි නිරීක‍්ෂකයා ලෙසින් සෑම දෙයක්ම නරඹයි. ඇතැම් විට, දරුවන්ට නරක දශා
තිබෙයි, එබැවින් එම දශා ඉවත් කිරීම සඳහා, බාබා ඔබ ලවා බොහෝ දේ අත්හදා බලයි. බාබා
ඔබට නැවත නැවත පවසන්නේ පරමාත්ම පියාව සිහි කිරීමටය. කෙසේවෙතත්, ඔබ ශරීර අවධානයට
පත්වෙන නිසයි ඔබගේ පය පැටලෙන්නේ. මෙහි, ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි, නමුත්
දරුවන්ට බොහෝ සේ ශරීර අවධානය තිබේ. ජීවාත්ම අවධානයට පත් වන්න, එවිට ඔබට පරමාත්ම
පියාව සිහි කිරීමට හැකි වන අතර සේවයද දිගටම ව්‍යාප්ත වෙයි. උසස් තත්ත්වයක් හිමි
වීමට ඇති අය, නිරන්තරයෙන් සේවයේ කාර්ය බහුල වී සිටියි. එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති
නම්, ඔවුන් උත්සාහ නොදරයි. එවිට ඔවුන්ම මෙසේ පවසයි බාබා, මට මේ කිසි දෙයක් ධාරණය
කිරීමට නොහැක එය මගේ බුද්ධිය තුළ පතිත වන්නේ නැත. ඔබ මෙම දේවල් ධාරණය කර නොගන්නේ
නම්, සතුට නොමැත. මෙම දේවල් ධාරණය කරගන්නා අය, සතුටද අත්විඳියි. ශිව බාබා පැමිණ ඇති
බව, ඔවුන්ට වැටහෙයි. පියා පවසන්නේ දරුවනි, මෙය ඉතා පැහැදිලිව වටහාගෙන, ඉන්පසුව අන්
අයට විස්තර කර දෙන්න. සමහරු සේවයේ නියැලී දිගටම උත්සාහ දරයි. ගත වී යන සෑම
තත්පරයක්ම, නාටකයේ නියමිත වී ඇති බවත්, එය ඒ ආකාරයෙන්ම නැවත සිදුවන බවත්, ඔය දරුවන්
දන්නවා. ඔබ පිටත දේශන පවත්වන විට, බොහෝ විවිධ මාදිලියේ මිනිසුන් එහි පැමිණ සිටින
බව, ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. ඒ සියලුම මිනිසුන් දේශන පවත්වන්නේ, ගීතාව, වේද
සහ ග්‍රන්ථ පදනම් කරගෙන බව, ඔය දරුවන් දන්නවා. පරමාත්ම දෙවියන්, ඔබට නිර්මාණකරු වන
තමන් ගැන, සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන රහස්, ඔබට පහදා දෙන බව, ඔවුන්
නොදනී. දෙවියන් යනු කවුරුන්ද කියා, පිංතූර වල ඉතා පැහැදිලිව පෙන්වා තිබේ. මෙම දේවල්
ප්‍රොජෙක්ටරයක් භාවිත කර විස්තර කළ නොහැක. ප්‍රදර්ශන වලදි, ඔබ ඉදිරියේ පිංතූර තිබේ.
එවිට ඔබට විස්තර කිරීමට හැකි අතර, ඔවුන් සමග කතා කරමින් ගීතාවේ දෙවියන් කවුරුන්ද,
එමෙන්ම ඥානයේ මහා සාගරය කවරෙක්ද කියා ඔවුන්ගෙන් විමසිය හැක. පාරිශුද්ධත්වයේ, සාමයේ
සහ සතුටේ මහා සාගරය, එමෙන්ම විමුක්ති දායකයා සහ මඟ පෙන්වන්නා කවරෙක්ද? එය ක්‍රිෂ්ණා
බව, ඔවුන්ට පැවසීමට නොහැකි වෙයි. පරමාත්ම ජීවයේ වර්ණනාව වෙනස්ය. ප්‍රථමයෙන්ම ඔබ
ඔවුන් ලවා මෙය ලියවිය යුතුයි. සමීක‍්ෂණයක් සිදුකර, ඔවුන් ලවා යම් දෙයක් අත්සන්
කරවාගන්න! (ශාලාවේ කුරුල්ලන් දබර කරමින් සිටියා.) මෙකල මුළු ලෝකය පුරාම කලහ, කෝලාහල
තිබේ. ඔවුන් සියලු දෙනාම එකිනෙකා සමග දිගින් දිගටම දබර වෙයි. මනුෂ්‍යයින්ගේ පාපයන්
පහ සිහිකෙරෙයි ඉන් කියෑවෙන්නේ සතුන් ගැන නොවෙයි. දූෂිත ලෝකය සහ දුර්ගුණ නොමැති ලෝකය
සිහිකෙරෙන්නේ, මනුෂ්‍යයින් සම්බන්ධවයි. කලි යුගයේ, අසුර සමාජය සිටින අතර ස්වර්ණමය
යුගයේ දිව්‍යමය සමාජය සිටියි. ඔවුන්ට කෙතරම් තමෝප්‍රධාන් බුද්ධි තිබේද යත්, තමන්
අසුර සමාජය බව, ඔවුන්ට කිසිසේත් වැටහෙන්නේ නැත. ඔවුන් දේවතා පිළිම ඉදිරියට ගොස්
මෙසේ ගයයි අපි පහත්, පාපයෙන් පිරි පාපතරයන්ය. අපට ගුණදම් නොමැති අතර ගූණධර්ම නැත.
එය ඔප්පු කිරීමෙන් ඔබට ඔවුන්ට විස්තර කළ හැක. ඉනිමඟ පිංතූරයේ එය ඉතා පැහැදිලිය. ඉහළ
නැඟීමේ තත්ත්වය සහ ඉන්පසුව පහත බැසීමේ තත්ත්වය තිබෙන්නේ කෙසේද කියා එහි පෙන්වයි.
භාරතයේ ජනතාවට ප්‍රධාන වන්නේ, ඉනිමඟෙහි පිංතූරයයි. සියල්ලට වඩා හොඳම පිංතූරය මෙයයි.
මෙම පිංතූරය භාවිත කර, ඔබට ඉතා හොඳින් විස්තර කළ හැක. ඔබ, ඔබගේ උපත් 84 සම්පූර්ණ
කර, ඉන්පසුව අංක එකේ උපත ගනීවි. එවිට ඔබ පහත බසින තත්ත්වයේ සිට ඉහළ නැඟීමේ තත්ත්වයට
යයි. සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වන්නේ කෙසේද කියා, ඔබ සෑම කෙනෙක්ම සිතිය යුතුයි. ඔබ
මෙම දේවල් ගැන සිතන්නේ නැත්නම්, ඔබ සේවය කරන්නේ කෙසේද? පිංතූර භාවිත කරමින් විස්තර
කිරීම ඉතා පහසුයි. ස්වර්ණමය යුගයට පසුව, ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණිය යුතුයි. අපව
දැන් මාරු කර හරින බව, ඔය දරුවන් දන්නවා. කෙසේවෙතත්, අපි ඍජුවම ස්වර්ණමය යුගයට
යන්නේ නැත අප පළමුව නිහඬ දේශයට යා යුතුයි. අපි නළුවන් බව ඔබ දන්නවා. මෙම නාටකයේ,
තමන් නළුවන් බව සලකන්නේ කෙසේද යන කාරණාවේදී, ඔබ අංකානුරූපයි. ඔවුන් නළුවන් වන්නේ
කෙසේද කියා, ලෝකයේ වෙනත් කිසිවෙකුට කිව නොහැක. මනුෂ්‍යයෙක් මෙම අසීමිත නාටකයේ
නළුවෙක් වන අතර, අධ්‍යක‍්ෂක, ප්‍රධාන නළුවා හෝ නාට්‍යයේ ආරම්භය, මැද සහ අවසානය
නොදන්නේ නම්, ඔහු අනුවණයෙක් බව අප ලියයි! මෙසේ ලිවීමේ කිසි වරදක් නැත. ඔබ මෙයට එක්
කනකින් සවන් දී අනෙක් කනින් එය පිටතට නොයැවිය යුතුයි. තිබිය යුත්තේ අන් දෙයක් නොව,
සේවය, සේවය සහ තව සේවයම පමණයි! සමහර දරුවන් ඇතැම් විට නරක දශා අත් විඳින බව, බාබාට
වැටහෙයි. නරක දශා තිබෙන විට, කෙතරම් හානියක් සිදුවනවාද කියා, පියා දන්නවා. ධනවත් අය
දුප්පත් වනවා. එයට යම් හේතුවක් තිබිය යුතුයි. බාබා දිගටම ඔය බොහෝ දෙනෙකුට විස්තර
කරයි දරුවනි, කිසිම විටෙක කිසිවෙකුගේ නමෙහි හෝ රූපයේ සිරගත නොවන්න. එසේ වන්නේ නම්
මායා කෙබඳුද කියතොත්, ඇය ඔබව නාසයෙන් අල්ලා, කාණුවකට විසි කරයි. මායා ඔබව බොහෝ මුලා
කරයි. ඔබ මෙහිදී ආදරවන්තයින් සහ ප්‍රේමවන්තයින් නොවිය යුතුයි. සමහරු, පාපය නිසා
ආදරවන්තයින් සහ ප්‍රේමවන්තයින් වෙයි. තවත් සමහරු කෙනෙකුගේ පෙනුමට ආකර්ෂණය වෙයි.
බොහෝ මධ්‍යස්ථාන වල, මායාගේ බොහෝ බාධක ඇති බව, ඔබ දන්නවා. ඔවුන් එකිනෙකාගේ නමෙහි සහ
රූපයේ සිර වෙයි. මායා කෙතරම් බලවත්ද කියතොත්, ගැහැණියක් තවත් ගැහැණියකගේ නමෙහි සහ
රූපයේ සිර වෙයි, හෝ කුමාරියක් තවත් කුමාරියකගේ නමෙහි සහ රූපයේ සිර වෙයි. ඔබ උත්සාහ
ගන්නා අතරම මායා ඔබව මුළුමනින්ම අල්ලා ගනී. බාබා ඔබට ප්‍රවේසම් වන ලෙස පවසන්නේ මේ
නිසාය දරුවනි, මායා ඔබව විශාල වශයෙන් හසු කරගැනීමට උත්සාහ දරයි, නමුත් ඔබ තමන්ව
හසුවීමට ඉඩ නොදිය යුතුයි. ශරීර අවධානයට පත් නොවන්න! තමන් ජීවාත්මයක් බව සළකා,
පරමාත්ම පියා සිහිපත් කරන්න. මායාගේ මුලාවෙන් නොකඩවා තමන්ව ආරක‍්ෂා කරගන්න. පරමාත්ම
පියා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව මල් බවට පත් කිරීමටයි. ඔබ කිසිම දෙයක් ගැන සැක ඇති
කර නොගත යුතුයි. ඔබගේ හදවතේ යම් සැකයන් තිබෙන්නේ නම්, ඔබට හොඳින් සේවය කිරීමට
නොහැකි වෙයි. දිගින් දිගටම ඇතුලතින් ඔබගේ හුස්ම හිර වෙයි. ඔබ නිර්භීතව රැඳී සිටිය
යුතුයි. ඇත්තේ ඉතා කෙටි කාලයකි. බාබාගේ මුරලියට සවන් දෙන්න, එවිට ඔබ උද්යෝගිමත්
වෙයි. ආතම් ප්‍රකාශ් (ඉන්ඩෝර්හි) දරුවා, පිංතූර වලට ඉතා හොඳින් අවධානය යොමු කරනවා.
බොම්බායේ අයගේ බුද්ධියටද මෙය ඇතුළු විය යුතුයි. ප්‍රථමයෙන් ප්‍රධාන පිංතූර නිර්මාණය
කළ යුතුයි. ඒ ගැන ඔබ විමසීම් කළ යුතුයි. පිංතූර තව තව වැඩි දියුණු කරන අන්දම ගැන
බාබා අඛණ්ඩව ඔබට උපදෙස් ලබා දෙයි. ගුවන්තොටුපලවල්වල ඉනිමඟේ පිංතූරය එල්ලා තැබිය
හැකි අන්දමේ ක්‍රමවේදයක් සකස් කරන්න. එය දකින සෑම කෙනෙක්ම බොහෝ සතුටු වනු ඇත. ඔබට
උපදෙස් ලබා දෙන්නේ කවුරුන්ද කියා අවසානයේදී ඔවුන්ට වැටහෙයි. එබැවින් ඔය දරුවන් බොහෝ
සේ කුල්මත් විය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔය දරුවන්
සටන් භූමියක සිටින අතර, ඔබ සටන් කරන්නේ මායා, රාවන් සමගයි. මායා බොහෝ බාධක සිදු
කරයි. ඔය දරුවන් ඉතා ප්‍රවේසමින් සිටිය යුතුයි.
2. ඔය සෑම කෙනෙක්ම
තමන්ගේ දියුණුව ගැන මෙන්ම පිංතූර විස්තර කරන්නේ කෙසේද සහ සේවය වැඩි කරන්නේ කෙසේද
යන්න ගැන සිතිය යුතුයි. මිනිසුන්ට පහසුවෙන් වැටහෙන ආකාරයට, අපි පිංතූර වලට ඇතුලත්
කළ යුත්තේ මොනවාද?
වරදානය:
ඔබ ශරීර
අවධානය කැප කිරීමෙන් ඔබගේ භාග්‍යය ශ්‍රේෂ්ඨ කරගෙන, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක්
වේවා.
ශරීර අවධානය කැප
කිරීමෙන්, එනම්, ජීව අවධානයට පත් වීමෙන්, පරම පියා සමග සියලු සම්බන්ධතා පැවැත්වීම
සහ සියලු බල තිබීම ඔබ අත්විඳුනු ඇත. මෙම අත්දැකීම, සංගම යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨතම
භාග්‍යයයි. දානපති විසින් උගන්වන මෙම ක්‍රමවේදය ඔබ භාවිතා කරන විට, ව්‍යාප්තිය සිදු
වන අතර ඔබට පූර්ණ සාර්ථකත්වයද හිමි වෙයි. ඔබගේ ශාරීරික නෑදෑයින් සහ ඔවුන් කෙරෙහි
ඔබගේ සෙනෙහස නිසා, ඔබගේ කිරුළ, සිහසුන සහ ඔබගේ ආදිතම ස්වරූපය ඔබ අත්හැරියා. එබැවින්
පරම පියා කෙරෙහි සෙනෙහසින්, ඔබගේ ශරීර අවධානය ඔබට අත්හළ නොහැකිද? මෙම එක් අත්හැරීම
තුළින් ඔබට සෑම දේකම භාග්‍යය හිමි වෙයි.
පාඨය:
කෝපයෙන්
නිදහස් වීම සඳහා, ආත්මාර්ථකාමී වීම වෙනස් කර, පරහිතකාමී වී, සියලු අන්දමේ ආශාවන්
පරිවර්ථනය කරන්න.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
පරම පියා සමගම, සොබා
දහමේ පදාර්ථ පිවිතුරු කිරීමේ වගකීම, ඔබ සියලු දෙනාද ගෙන ඇත. එබැවින්, මෙම සිතිවිල්ල
ඉටු කිරීම සඳහා, බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම පළමුව මෙම ලෝකයට ඇති
බැඳීමෙන්, එය පහසුකම් හෝ පුද්ලගයන්ට වුවද, නිදහස් විය යුතු බවයි. පහසුකම් භාවිතා
කිරීම, බැඳීම් තිබීමෙන් වෙනම කාරණයකි. එබැවින් බාප්දාදාට ප්‍රථමයෙන් අවශ්‍ය වන්නේ
සෑම දරුවෙක්ම බැදීම් වලින් නිදහස් වීම දැකීමටයි.