27.04.25 Avyakt Bapdada
Sinhala
Murli 03.02.2005 Om Shanti Madhuban
එපිට සිටිමින් සහ
අසීමිත ආකල්පයක් ඇතිව සේවය කරන අතර නිති සූදානමින් සිට
ඒ අනුව බ්‍රහ්ම පියා මෙන් පරිසමාප්ත වන්න.
අද දින මීමුත්තා, සෑම
තැනකම සිටින, කෝටි ගණනකින් අතලොස්සක් සහ එම අතලොස්සෙන් තෝරා ගනු ලැබූ ස්වල්පයක් වන
ඔහුගේ දරුවන්ගේ වාසනාව දැක සතුටු වනවා. මෙවන් විශේෂ වාසනාවක් වෙනත් කිසිවෙකුට ලද
නොහැක. සෑම දරුවෙකුගේම විශේෂත්වය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔවුන්ගේ හදවත්
වලින් බාප්දාදා සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති සියලුම දරුවන්ට අනිවාර්යෙන්ම එක හෝ
තව විශේෂත්වයක් තිබේ. සියල්ලට වඩා ප්‍රථම විශේෂත්වය වන්නේ සාමාන්‍ය ස්වරූපයකින්
පැමිණි පියාව ඔබ හදුනාගැනීමයි, එමෙන්ම “මගේ බාබා” කියා ඔබ ඔහුව පිලිගැනීමයි.
සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම විශේෂත්වය, මෙම හැදිනගැනීමයි. ඔබගේ හදවත් වලින් ඔබ “මගේ
බාබා” පිළිගත් අතර පරම පියා “මගේ දරුවන්ව” පිළිගත්තා. මහා දාර්ශනිකයන්ට,
විද්‍යාඥයින්ට සහ ධර්මාත්මයන්ට හදුනාගැනීමට නොහැකි වූ ඒකායන කෙනාව ඔය සාමාන්‍ය
දරුවන්ට හදුනාගැනීමට හැකි වූ අතර ඔබ තම අයිතීන් හිමිකර ගත්තා. මෙම සමූහයේ සිටින ඔය
දරුවන්ව, යම් කෙනෙක් පැමිණ දකින්නේ නම්, ඔය අහිංසක මව්වරුන් සහ සාමාන්‍ය දරුවන්
මෙතරම් ශ්‍රේෂ්ඨ පියෙක්ව හදුනාගත් බව ඔවුන්ට වටහාගැනීමට නොහැකි වෙයි. එබැවින් පරම
පියාව හැදිනගැනීමේ විශේෂත්වය, ඔහුව හැදිනගෙන, ඔහුව ඔබට අයත් කරගැනීම, කෝටි ගණනකින්
අතලොස්සක් වන ඔය දරුවන්ගේ භාග්‍යයයි. ඔබ මෙහි පෞද්ගලිකව බාබා ඉදිරියේ අසුන්ගෙන
සිටියත්, දුර ඈත අසුන්ගෙන සිටියත්, ඔය සියළුම දරුවන් බාබා සමග මුහුණට මුහුණලා
අසුන්ගෙන සිටින ආකාරයට මෙය අත්දකිනවා. එබැවින් ඔබ සියළු දෙනාම ඔබගේ හදවතින් බාබාව
හැදිනගත්තා. ඔබ ඔහුව හදුනාගෙන තිබෙනවාද නැත්නම් ඔබ තවම ඔහුව හදුනාගැනීමට තැත්
කරමින් සිටිනවාද? බාබාව හදුනාගෙන ඇති අය අත් ඔසවන්න! ඔබ ඔහුව හැදිනගෙන තිබෙනවාද?
අච්චා. එබැවින් බාබාව හැදිනගැනීමේ විශේෂත්වය වෙනුවෙන් බාප්දාදා සෑම දරුවෙකුටම සුබ
පතනවා. අපූරුයි වාසනාවන්ත දරුවනේ! අපූරුයි! හදුනාගැනීමට ඔය සෑම කෙනෙකුටම තෙවැනි
ඇසක් ලැබී තිබෙනවා. ඔය දරුවන්ගේ හදවත් වල ගීතය බාප්දාදාට නොකඩවා ඇසෙයි. එම ගීතය
කුමක්ද? “මට ලබා ගැනීමට අවශ්‍ය වූ දේ මා ලබා ගත්තා.” තවද පියා මෙසේද පවසයි: ඔ්
ආදරණීය දරුවනේ, පියාගෙන් ඔබට ලබා ගැනීමට අවශ්‍ය වූ සියල්ල ඔබ ලබාගෙන තිබෙනවා. සෑම
දරුවෙක්ම දරුවෙක් මෙන්ම ගණන් කළ නොහැකි තරම් ආධ්‍යාත්මික සම්පත් වල පාලකයෙකි.
එබැවින් සම්පත් වල
පාලකයන් වන දරුවන්ගේ සම්පත් වල වාර්ථාව දෙස බාප්දාදා අද බලමින් සිටියා. පියා සෑම
දරුවෙකුටම එකම ප්‍රමාණයකින් එකම සම්පත් ලබා දී තිබෙනවා. ඔහු සමහරුන්ට කෝටි ගුණයක්
සහ සමහරුන්ට සිය දහසක් දී නොමැත. කෙසේවෙතත්, සම්පත් ගැන දැන ගැනීමේදි සහ ඒවා ලබාගෙන
ඔබගේ ජීවිතයට ඒවා එකතු කිරීමේදී, ඔබ අංක පිලිවෙලයි. මේ දිනවල බාප්දාදා නැවත නැවතත්
විවිධ ආකාර වලින් ඔය දරුවන්ගේ අවධානය යොමු කරවනවා. කාලයේ සමීපත්වය දැක, ඔබට ලැබී
ඇති දේ, ඔබ අරගත් දේ සහ ඔබ නිරන්තරයෙන් එම සම්පත් වලින් පෝෂණය වන්නේද කියා, සියුම්
සහ අසීමිත බුද්ධියකින් පරීක්ෂා කරන්න. මෙම පරීක්ෂා කර බැලීම ඉතාමත්ම අවශ්‍යයි,
මන්ද, වර්ථමානයේ, මායා රාජකීය නොසැලකිලිමත්කමින් සහ රාජකීය කම්මැලිකමින් ඔබව බොහෝ
විවිධ ආකාර වලින් නොකඩවා පරීක්ෂාවට ලක් කරමින් සිටියි. එබැවින් ඔය සෑම කෙනෙක්ම
නිරන්තරයෙන් අඛණ්ඩව තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. බොහෝ අවධානයෙන් තමන්ව පරීක්ෂා
කරන්න. “මා කිසිම නරක දෙයක් කළේ නැහැ, මා කිසිවෙකුට දුකක් දුන්නේ නැහැ, මට අපවිත්‍ර
දැක්මක් තිබෙුණේ නැහැ, වැනි නොසැලකිලිමත් අන්දමකට තමන්ව පරීක්ෂා නොකරන්න. එම
පරීක්ෂාව සිදුකර තිබෙනවා, නමුත් හොදම දෙයක් ලෙස මා කළේ කුමක්ද? මට නිරන්තරයෙන්
ස්වාභාවිකවම ජීව අවධාන දැක්මක් තිබුණාද? එසේ නැත්නම් සිහි කිරීමේ සහ අමතක කිරීමේ
ක්‍රීඩාව මා සෙල්ලම් කළාද? කී දෙනෙකුට මා සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති කර
ආශිර්වාද ලබා දුන්නාද? ඔබගේ තැන්පත් ගිනුම් වල ඔබ කොපමණ රැස් කර ගත්තාද? එම ගිනුම්
කෙබදු වීද? ඔබගේ තැන්පත් ගිනුම් වල ඔබට රැස් කළ හැක්කේ මෙකල පමණක් බව ඔබ ඉතා හොදින්
දන්නවා. ඔබ සම්පූර්ණ වාරයටම රැස් කරගන්නේ, මෙකළ රැස් කරන ගිනුමයි. ඉන්පසුව ඔබ
කෙතරම් රැස් කරගෙන තිබෙන්නේද, එයට අනුව, ඔබගේ රාජධානියේ භාග්‍යය හිමි කරගෙන වන්දනීය
දේවතාවක් බවට පත් වෙයි. ඔබ අඩුවෙන් රැස් කරගෙන ඇත්නම්, ඔබට රාජධානියේ අඩු භාග්‍යයක්
හිමි වන අතර වන්දනීය වීමේදි ඔබ අංකානුරූපී වෙයි. ඔබ රැස් කර ඇත්තේ අඩුවෙන් නම්, ඔබව
වන්දනා කරන්නේ අඩුවෙන්. ඔබ නිසි අන්දමට සහ විනයානුකූලව රැස් කරගෙන නොමැති නම්, ඔබ
එම විනයෙන්, නිසි ආකාරයට වන්දනාවට ලක් වන්නේ නැහැ. ඔබ විටෙක පමණක් නිවැරදි
ක්‍රමවේදය අනුගමනය කරන්නේ නම්, එවිට ඔබගේ වන්දනාව සහ ඔබ අත්කරගන්න තත්ත්වයත් ඇතැම්
විට පමණක් වෙයි. සෑම දරුවෙකු වෙනුවෙන්ම බාප්දාදා තුල ගැඹුරු සෙනෙහසක් තිබේ. එබැවින්
බාප්දාදාට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම පරිසමාප්ත සහ සමාන වනවා දැකීමටයි. සේවය කරන්න,
නමුත් ඔබ සිදු කරන සේවයේදි එපිට සහ අසිමීතව රැදී සිටින්න.
දරුවන්ගෙන් වැඩි
දෙනෙක්, යෝගාව යන විෂයට, එනම් සිහිපත් කිරීම පිලිබදව අඩු උනන්දුවක් සහ අඩු අවධානයක්
යොමු කරන බව, බාප්දාදා දැක තිබෙනවා. සේවය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරයි.
කෙසේවෙතත් ඔබ සිහි කිරීමේ නොසිට, වැඩි ප්‍රමාණයක් සේවය තුල නියැලී සිටින්නේ නම්,
එවිට එහි සීමාවන් තිබේ. එසේ නම් ඔබට එපිට සිටීමේ ආකල්පයක් නොමැත. එවිට නම, ගරු
නම්බු සහ තත්ත්වය වෙනුවෙන් ඇති ආශාව, මිශ්‍ර වන අතර අසීමිත වීමේ ආකල්පය අඩු වෙයි. ඒ
නිසයි කෝටි ගණනකින් අතලොස්සක් සහ එම අතලොස්සෙන් කිහිප දෙනෙක් වන ඔහුගේ දරුවන් සියළු
දෙනාම, දැන් සිට නිති සූදානම්ව සිටිය යුතු බව, බාප්දාදාට අවශ්‍ය වන්නේ. ඇයි? ඇතැම්
දරුවන් සිතනවා ඇති, ඔවුන් වෙලාවට සූදානම් වෙයි කියා. කෙසේවෙතත්, කාලය යනු ඔබගේ
නිර්මාණයකි. ඔබගේ නිර්මාණය, ඔබගේ ගුරුවරයා බවට ඔබ පත් කරයිද? දෙවනුව, මෙම ගිනුම,
දීර්ග කාලයක් පුරා රැස් කරගන්න එකක් බව ඔබ දන්නවා; එනම්, දීර්ග කාලයක් පුරාවට
පිරිපුන්ව සිටීම, ඔබට දිගු කාලයක් පුරාවට ලැබීම් හිමි වීමට මගපාදන බව. එබැවින් දැන්
කාලයේ සමීපත්වයට අනුව, දීර්ග කාලයක් පුරාවට රැස් කරගැනීම අත්‍යාවශ්‍යයි. දීර්ග
කාලයක් පුරා රැස් කරගැනීමට තව කාලය ඉතිරිව තිබෙන බව, ඔබ සිතූවා කියා, එවිට ඔබට පසුව
පැමිණිලි කළ නොහැක. දැන් සිටම දීර්ග කාලයක් පුරා රැස් කරගැනීමට අවධානය යොමු කරන්න.
ඔබට වැටහෙනවාද? කරුණාකර අවධානය යොමු කරන්න!
කිසිම විෂයකින්, ඔය
කිසිම දරුවෙක් තුල, එකදු දුර්වලතාවයක් වත් නොතිබීම, බාප්දාදාට අවශ්‍යයයි. ඔබ තුල
බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? බ්‍රහ්ම පියාගේ සෙනෙහසට ඔබ ප්‍රතිඋපකාරයක්
ලබා දෙනවා නේද? එබැවින් සෙනෙහසට ලබා දෙන ප්‍රතිචාරය වන්නේ, ඔබගේ දුර්වලතා පරීක්ෂා
කර, ප්‍රතිඋපකාර කිරීමයි. ඔබව හැරවීමයි (පරිවර්ථනය කරගැනීමයි.) ප්‍රතිඋපකාරය වන්නේ
ඔබව පරිවර්ථනය කර ගැනීමයි. එසේ නම් ප්‍රතිඋපකාරය ලබා දීමට ඔබට එඩිතරකම තිබෙනවාද? ඔබ
අත් ඔසවා බාබාව බොහෝ සතුටු කරනවා. එසවූ සියළු අත් දැක බාප්දාදා බොහෝ සතුටු වනවා.
දැන් ඔබගේ හදවත් වලින් බොහෝ ස්ථිර භාරයක් වන්න: ඉතාම, ඉතාම ස්ථිර භාරයක්, 1% කින්
වත් දුර්වල භාරයක් නොවෙයි, එනම්, “මා ප්‍රතිඋපකාරය ලබා දිය යුතුයි. මාව පරිවර්ථනය
කරගත යුතුයි.”
දැන් ශිව රාත්‍රිය
පැමිනෙනවා. ඉතිං ඔය සියළුම දරුවන් තුල පරම පියාගේ සහ ඔබගේ උපන් දිනය බොහෝ සෙනෙහසින්
සැමරීමට බොහෝ උනන්දුවක් සහ උද්යෝගයක් තිබේ. ඔබ ඉතා හොද වැඩසටහන් සූදානම් කරනවා. ඔබ
ඉතා හොද සේවා සැලසුම් සාදන අතර බාප්දාදා ඒවායින් සතුටු වනවා. නමුත් (ලේකින්...)
“නමුත්...” කීම හොද නැහැ. “ලේකින් (නමුත්) යන වචනය භාවිතා කරන විට. ජගදම්බා මාතාව
පැවසුවේ, සින්දි භාෂාවේ “ලේ කින්” හි අරුත වුනේ කසල බවයි. “නමුත්” යන වචනය භාවිතා
කිරීම යනු එක හෝ වෙනත් ආකාරයක කසල අරගැනීමයි. එබැවින් “නමුත්” යන වචනය භාවිතා කිරීම
බාබා ප්‍රිය නොකරයි, නමුත් ඔහුට එය පැවසීමට සිදුවනවා. වෙනත් සේවාවන් කිරීමට ඔබ
සැලසුම් සාදා ඇති සේම, එමෙන්ම ඔබ වැඩියෙන් සැලසුම් සාදනු ඇත, දැන් මෙම භාරය සිදු
කිරීමටත් වැඩසටහනක් සාදන්න. “මා ප්‍රතිඋපකාර ලබා දිය යුතුයි.” “ඔබට කොහොමද?” කියා
බාප්දාදා හෝ වෙනත් කෙනෙක් ඔබගෙන් විමසූ විට, ඔබගෙන් වැඩි දෙනෙක් ලබා දෙන ප්‍රතිචරාය
වන්නේ “මා ඉතා හොදින්, නමුත් බාප්දාදාට අවශ්‍ය තරම් හොදින් නැහැ.” දැන් මෙය ඔබගේ
ප්‍රතිචාරය කරගන්න, “මම, බාප්දාදාට අවශ්‍ය අන්දමටයි.” බාප්දාදාට අවශ්‍ය දේ සටහන්
කරගෙන ඒවායේ ලැයිස්තුවක් සාදන්න. තමන්ව පරීක්ෂා කරන්න: ඔබ එයද, (බාප්දාදාට අවශ්‍ය
දේ) නැද්ද? ඔය පූර්වජයන්ගෙන් ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය, මුක්තියයි. ඔවුන් හඩ නගමින්
සිටින්නේ: “අපට මුක්තිය දෙන්න! අපට මුක්තිය දෙන්න!” දරුවන්ගෙන් වැඩි දෙනෙක්ට තවමත්
පැරණි සංස්කාර වලින් යමක් ඉතිරිව තිබෙනවා, ඔබ ස්වභාවය ලෙස එය හදුන්වයි - එමෙන්ම ඔබ
ඒවායින් නිදහස් වී නැහැ. ඔබ එය බවට පත්වන තුරු, කිසිම ජීවාත්මයකට මුක්තිය ලබා ගත
නොහැක. එබැවින් බාප්දාදා පවසන්නේ: ඔ්, මුක්තිය පිරිනමන්නාගේ දරුවනේ, ඔ් මාස්ටර්
මුක්තිය පිරිනමන්නෙනි, දැන් තමන්ව නිදහස් කරගන්න, එවිට සියළුම ජීවාත්මයන්ට මුක්තියේ
දොරටුව විවර වෙයි. දොරටුවට යතුර කුමක්ද කියා ඔබට කියන ලදි. අසීමිත නිරාශාව. සියළු
කාර්යයන් කරන්න, නමුත් ඔබ, ගෘහවාසීන්ට නෙළුම් මලක් මෙන් වීමට, ඔබගේ දේශන වල පවසන
අන්දමටම, සෑම දෙයක්ම කරන අතර, කිරීමේ අවධානයෙන් නිදහස් වන්න; නොබැදීව සිටින්න.
පහසුකම් හෝ තනතුරේ බලපෑමට හසු නොවන්න. යමක් ලැබීමට ඇති ආශාව, තත්ත්වයක් තිබීම
නොවෙයි, නමුත් මායාගේ එදිරිවාදිකමකි. නොබැදීව සිට පරම පියාට ආදරණීය වන්න. මෙය
අපහසුද? නොබැදිව සිට ආදරණීය වීම අපහසු බව සලකන අය අත් ඔසවන්න! (කිසි කෙනෙක් අත්
එසවූයේ නැහැ). කිසි කෙනෙකුට එය අපහසු නැත්නම්, ශිව රාත්‍රීය වන විට සියළු දෙනා
පරිසමාප්ත වෙයි. එය අපහසු නැත්නම් ඔබ එය විය යුතුයි. ඔබ බ්‍රහ්ම පියාට සමාන විය
යුතුයි. ඔබගේ සිතිවිලි වලින්, වචන වලින්, ඔබ සිදු කරන සේවයේ සහ නෑ සම්බන්දතා වල, ඔබ
බ්‍රහ්ම පියාට සමාන විය යුතුයි.
අච්චා. බ්‍රහ්ම බාබාට
සහ දාදා වන මීමුත්තා කෙරෙහි ඔබට බොහෝ සෙනෙහස තිබේ, 100% කටත් වැඩි සෙනෙහස ඇතැයි
කියා විශ්වාස කරන අය, අත් ඔසවන්න! නිකම්ම බාබාව සතුටු නොකරන්න. බාබාව දැන් සතුටු
නොකරන්න. ඔබ සියළු දෙනාම අත් එසවූවා. මෙය රූපවාහිනියේ පටිගත වනවා නේද? පසුව බාබා
ශිව රාත්‍රියේදි මෙය රූපවාහිනියේ නරඹා ප්‍රතිඵලය බලනවා. මෙය හොදද? ඔබ සමාන වීමේදි
සුළු වෙනසක් වත් නොතිබිය යුතුයි. සෙනෙහස නිසා තමන්ව කැප කිරීම ලොකු දෙයක් නොවෙයි.
ලෝකයේ මිනිසුන් අපවිත්‍ර ප්‍රේමය නිසා තමන්ගේ ජීවිතය පුද කිරීමට සූදානම්, නමුත්
බාප්දාදාට අවශ්‍ය ඔබගේ අපද්‍රව්‍ය පමණයි. අපද්‍රව්‍ය පමණක් දෙන්න. හොද දේවල්
නොදෙන්න, අපද්‍රව්‍ය දෙන්න. දුර්වලතා සහ පළුදු යනු කුමක්ද? ඒවා අපද්‍රව්‍ය නේද?
අපද්‍රව්‍ය කැප කිරීම ලොකු දෙයක් නොවෙයි. සිදුවීම් අවසන් කර, ඔබගේ ආදිතම ශ්‍රේෂ්ඨ
මනෝ ස්ථිතියට පැමිණෙන්නට ඉඩ දෙන්න. ඔබ පවසන්නේ මෙය නේද? සිදුවීම එවන් එකක් වූ බව?
සිදුවීම් වල නම් වත් සදහන් නොකරන්න, මන්ද, ඒවා ඔබව චංචල කරනවා. ඔබගේ මනෝ ස්ථිතිය
බලවත්ව තබා ගන්න. පරිසමාප්තියේ තිරය විවර වන විට, ඔබ සියළු දෙනා හෙලිදරව් විය
යුත්තේ කවුරු ලෙසද? දිදුලන සුරදූතයන් ලෙසයි. ඔය සියළුම දරුවන් බැබලෙමින් දිස්විය
යුතුයි. තිරය විවෘත වීමට බලා සිටින්නේ මේ නිසයි. ලෝකයේ මිනිසුන් කන්නලව් කරමින්
සිටියි, “තිරය විවර කරන්න, තිරය විවර කරන්න!” එබැවින් තමන්ගේම සැලසුම් සාදන්න.
වෙනත් කෙනෙක් සෑදූ සැලසුමක් ඔබට ලබා දුන් විට, එවිට එය වෙනම කාරණාවක්. තමන්ගේම
ධෛර්යයෙන් තමන්ගේම සැලසුම සාදන්න. අධිෂ්ඨානයේ යතුර භාවිත කරන්න, එවිට ඔබට නියත
සාර්ථකත්වය ලැබෙයි. ඔබට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති වන අතර බාබා සතුටු වනවා.
“අපූරුයි දරුව! අපූරුයි!” ඔබට අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති වෙයි, නමුත් එම
අධිෂ්ඨානයට නොසැලකිල්ල සුළු වශයෙන් මිශ්‍ර වෙයි. මේ නිසයි සාර්ථකත්වයේ ප්‍රතිශතය
ඇතැම් විට භාගයක් සහ ඇතැම් විට හතරෙන් තුනක් වෙන්නේ. ඔබට 100% සෙනෙහස තිබෙන සේම,
ඔබගේ උත්සාහ තුලින් පරිසමාප්තියත් 100% විය යුතුයි. එයට 100% ට වඩා වැඩි විය හැක,
නමුත් අඩු නොවිය යුතුයි. ඔබ මෙයට කැමතිද? ඔබ එකගද? ශිව රාත්‍රියට ඔබ මෙම ශෝභාව
පෙන්වනවා නේද? “මා මෙය බවට පත්විය යුතුයි. මා මෙය නොවන්නේ නම්, වෙන කවුරු එය
වෙයිද?” මෙම විශ්වාසය ඇති කරගන්න: “මා එය වී සිටියා, මා දැන් එය වන අතර, නැවත වරක්
මා එය වෙනවා.” මෙම විශ්වාසය ඔබට ජය ලබා දෙයි. අන් අය දෙස නොබලන්න; තමන් දෙසම බලන්න.
සමහර දරුවන් හදවතට සමීප කතාබහක යෙදි, මෙසේ කියයි: “අර කෙනාව ටිකක් නිවැරදි කරන්න,
එපමණයි, එවිට මට හොදින් සිටිය හැක. අර කෙනාව ටිකක් වෙනස් කරන්න, එවිට මාද වෙනස්
වෙන්නම්.” කෙසේවෙතත් ඒ කෙනා වෙනස් වන්නෙත් නැහැ, ඔබ වෙනස් වන්නේද නැහැ. ඔබ තමන්ව
පරිවර්ථනය කරගන්නේ නම්, අනෙක් පුද්ගලයාද වෙනස් වෙයි. “එය වුනොත්, මෙය වෙයි” ලෙසින්,
කිසි දෙයක් මත යැපෙන්නට එපා. “මා එය කළ යුතුයි.” අච්චා.
පලමු වතාවට පැමිණි
අය, අත් ඔසවන්න! ප්‍රථම වතාවට පැමිණි අයට බාප්දාදා විශේෂයෙන් පවසන්නේ, කෙටි කාලයක්
ඉතිරිව ඇති සමයක ඔබ පැමිණ ඇති නමුත් බොහෝ තීව්‍ර උත්සාහයක යෙදෙන්න, එවිට ඔබ අවසානයේ
පැමිණි නමුත් ඔබට වේගයෙන් ගොස් ප්‍රථම අංකයක් හිමි කර ගත හැක. දැන් සංගීත පුටු
ක්‍රීඩාව තරග කෙරෙන අතර එබැවින් ජයගෙන ඇත්තේ කවුද කියා තවම නිවේදනය කර නොමැත. ඔබ
පමා වී පැමිණ ඇති නමුත් වේගයෙන් ගමන් කිරීමෙන්, ඔබගේ ගමනාන්තයට ඔබ ලගා වෙයි.
අම්රිත් වේලාවේ අමරණීය වීමේ ආශිර්වාදය සරලව තමන්ට මතක් කර දෙන්න. අච්චා. සමහරු ඈත
සිට පැමිණ ඇති අතර සමහරු ලග සිට ඇවිත්. බාප්දාදා පවසන්නේ: ඔබගේ නිවසට සාදරයෙන්
පිලිගන්නවා. සමූහය ලස්සණට පෙනෙනවා. ඔබ රූපවාහිනියේ එය දකිනවා. සමූහය පිරි ඇති විට,
එය බොහෝ අලංකාර ලෙස පෙනෙයි. අච්චා. එසේ නම්, ඔබ නිති සූදානම්ද? නිති සූදානම් වීමේ
පාඩම ඔබ ඉගෙනගන්නවා නේද? අච්චා.
මධුබන් වාසීන්:
මධුබන් වල අය අත් ඔසවන්න! ඔබ බොහෝ දෙනෙක් සිටිනවා. මධුබන් වල අය අමුත්තන්ට සංග්‍රහ
කරන අයයි. සමීපතම සහ ආදරණීයම අය ඔබලාය. මධුබන් වල අයව දැකීමෙන් ඔබ සියළු දෙනාම
සතුටු වනවා නේද? මධුබන් වල අය කොහේ ගියත්, සියළු දෙනාම ඔවුන් දෙස බලන්නේ කුමන
ද්‍රිෂ්ඨියකින්ද? අපූරුයි! ඔබ මධුබන් වල සිට ඇවිත්. මධුබන් යන නම ඔවුන්ට ඇසුනු විට,
ඔවුන්ට මධුබන් වල බාබාවත් සිහි වෙයි. මේ නිසයි මධුබන් වල අය වැදගත් වන්නේ. ඔබගේ
වැදගත්කම ගැන ඔබ දන්නවාද? ඔබ සතුටින් නේද? මෙතරම් ආදරණීය පෝෂණයක් ලැබෙන ස්ථානයක්
ලැබී ඇත්තේ කෝටි ගණනකින් අතලොස්සකට පමණයි. සියළු දෙනාටම අවශ්‍ය වන්නේ මධුබන්වල
සිටීමට පමණයි. ඔවුන් විමසන්නේ: “අපට මධුබන් වල සිටිය හැකිද?” නමුත් ඔබ දැනටමත් මෙහි
ජීවත් වනවා. එබැවින් එය හොදයි. බාබාට මධුබන් වල අයව අමතක වන්නේ නැහැ. බාබා ඔබ ගැන
විමසුවේ නැති බව ඔබ සිතනවා ඇති, නමුත් ඔහුගේ හදවතින් බාබා සෑම විටම ඔබ ගැන විමසනවා.
ප්‍රථමයෙන් ඉන්නේ මධුබන් වල අයයි. මධුබන් වල අය නොසිටින්න, සියළු දෙනා පැමිණෙන්නේ
කොහාටද? ඔබ සේවය වෙනුවෙන් උපකරණ නේද? සේවාධාරීන් කෙතරම් සිටියත්, අත්තිවාරම වන්නේ
මධුබන් වල අයයි. එබැවින් උඩු මහලේ, ග්‍යාන් සරෝවර් සහ පාන්ඩව භවන් වල සිටින අයට
බාප්දාදා හදවතින් ආශිර්වාද, සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. මෙහි තෝලි ලබා දෙන විට
උඩු මහලේ මධුබන් වල සිටින අයට එය ලැබෙනවාද? ඉතිං මධුබන් වල අයට තෝලි මෙන්ම බෝලිද
(පවසන මුරලිය) ලැබෙයි. ඔබට දෙකම ලැබෙයි. අච්චා.
ග්ලෝබල් රෝහලේ අයට
කතා කරමින්:
රෝහලේ සියළු දෙනා හොදින්ද? මන්ද රෝහලටත් විශේෂ චරිත කොටසක් තිබෙනවා. ඔවුන් මෙහි
පහලට ඇවිත්ද? අච්චා, ටික දෙනෙක් ඇවිත්. රෝහලේ අයත් හොද සේවයක් සිදු කරනවා. බලන්න,
කැලඹිලි අවස්ථාවකදි ප්‍රයෝජනවත් වෙන්නේ රෝහල පමණයි. රෝහල විවෘත වූ කාලයේ සිට,
බ්‍රහ්ම කුමාරීන් මෙම ඥානය ලබා දෙනවා පමණක් නොවෙයි, නමුත් අවශ්‍ය අවස්ථාවල ඔවුන්
උපකාරද සිදු කරන බව, සියළු දෙනාට පෙනී ගොස් ඇත. ඔවුන් සමාජ සේවයත් සිදු කරයි.
එබැවින් රෝහල විවෘත වූ කාලයේ සිට අබූවල වාතාවරණය වෙනස් වී ඇත. ආරම්භයේ ඔවුන් ඔබ දැස
බැලූ එම ද්‍රිෂඨියෙන්ම ඔවුන් ඔබ දෙස නොබලයි. ඔබ සහයෝගය ලබා දෙන අයයි, යන දැක්මෙන්
ඔවුන් දැන් ඔබ දෙස බලයි. ඔවුන් මෙම දැනුම ලබාගත්තත් නැතත්, ඔබගේ සහයෝගයේ
ද්‍රිෂ්ඨියෙන් ඔවුන් ඔබව දකියි, එබැවින් රෝහලේ අය මෙම සේවය සිදුකර ඇත. එය හොදයි.
අච්චා. ශිව බාබා අද
පැවසූ දේ ඔබට මතක් වුණාද? “මා පරිසමාප්ත විය යුතුයි. කුමක් වුනත් කමක් නැහැ, මා
පරිසමාප්ත විය යුතුයි.” මෙම ගැඹුරු සැලකිල්ල පමණක් තිබිය යුතුයි. “මා පරිසමාප්ත විය
යුතුයි. මා සමාන විය යුතුයි.” අච්චා.
කෝටි ගණනකින්
අතලොස්සක් සහ එම අතලොස්සෙන් තෝරාගත් සුළු පිරිසක් වන ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට,
පරමාත්ම දෙවියන්ගේ (භගවාන් - භාග්‍යයේ නිර්මාණකරු) භාග්‍යවන්ත දරුවන්ට, ඔවුන්ගේ
තීව්‍ර උත්සාහයෙන් තම සිතිවිලි ක්‍රියාවට නංවන සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇතිකර,
ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදු කරන විශේෂ ජීවාත්මයන්ට, සහ ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ අරමුණට
සමාන කරගන්නා අයට, දීර්ග කාලයක් පුරාවට ඔවුන්ගේ නිරන්තර උත්සාහය තුලින් රාජධානියේ
භාග්‍යය හිමි කරගන්න සහ වන්දනීත්වයට පත්වන ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෙනෙහසේ
ප්‍රතිඋපකාරයක් ලෙස තමන්ව පරිවර්ථනය කරගන්නා අංක එකේ භාග්‍යවන්ත දරුවන්ට, ජය ගන්නා
භාග්‍යවන්ත දරුවන්ට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
වරදානය:
ලොවට සෙත
සලසන්නෙකුගේ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතිය තුල ස්ථාවරව රැදී සිට, නොබැදි නරඹන්නෙක් ලෙසින්
ඔබට විනාශයේ ක්‍රියාකාරකම් නැරඹීමට හැකි වේවා.
විනාශයේ අවසන්
ක්‍රියාකාරකම් නැරඹීමට හැකි වීම සදහා, ලොවට සෙත සැලසීමේ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතිය ඔබට
තිබිය යුතුයි. මෙම ස්ථිතියේ තමන්ව ස්ථාවර කරගැනීමෙන් භෞතික ආකර්ෂණ, එනම්, නෑදෑයින්,
දේපළ, සංස්කාර සහ පදාර්ථයන්ගේ කැලඹිලි වල ආකර්ෂණ යන සියල්ල අවසන් වෙයි. ඔබට එවන්
ස්ථිතියක් තිබෙන විට, ඔබට නොබැදි නරඹන්නෙක් වී, ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතියක ස්ථාවරව රැදී
සිටීමට හැකි වන අතර එවිට සියළු ජීවාත්මයන්ට සාමයේ සහ බලයේ කිරණ ලබා දීමට හැකි වෙයි.
පාඨය:
දේවමය
බලයන්ගෙන් බලවත් වන්න, එවිට මායාගේ බලපෑම අවසන් වෙයි.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ආශිර්වාද පිරිනමන්නා
වන පරම පියා සහ ආශිර්වාද ලත් ජීවාත්ම වන අප සිටින්නේ ඒකාබද්ධවයි. මෙම අවධානය
නිරතුරුව පවත්වාගන්න, එවිට පාරිශුද්ධත්වයේ වියනේ ආරක්ෂාව ඔබ මත ඉබේටම තිබෙයි, මන්ද,
සර්ව බලධාරී පියා ඇති තැන, ඔබගේ සිහිනෙන්වත් අපවිත්‍රතාවයක් තිබිය නොහැක. ඔබ තනිව
නොවෙයි, පරම පියා සහ ඔබ යුවලකගේ ස්වරූපයෙන් සිටින්න. ඔබ තනි පුද්ගලයෙක් වන විට
‘සුහාග්’ (සහකරුවෙකුගේ ඇසුර) ඉවත්ව යයි.