27.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සියලු මරණයන්ගේ මරණය වන බාබා පැමිණ සිටින්නේ ඔබට මරණය ජයගැන්වීමටයි.
’මන්මනභාව්’ නැමති මන්ත්‍රයෙන් පමණයි ඔබට මරණය පැරදවිය හැකි වන්නේ.
ප්‍රශ්නය:
ආධ්‍යාත්මික
වන්දනාකරුවන් වන ඔබට ආධ්‍යාත්මික පියා දෙන විශේෂ ඉගැන්වීම කුමක්ද?
පිළිතුර:
ඔහෝ ආධ්‍යාත්මික වන්දනාකරුවනි, ශරීර අවධානය අතහැර ජීව අවධානයට පත්වන්න! රාවණ් චක්‍ර
භාගයක්ම ඔබව ශරීර අවධානයට පත් කළා. ඉතින්, දැන් ජීව අවධානයට පත් වන්න! මෙම
ආධ්‍යාත්මික ඥානය ඔබට දිය හැක්කේ වෙන කිසිවෙක්ට නොව උත්තරීතර ජීවයට පමණමයි.
ගීතය:
ශිවාට
නමස්කාර...
ඕම් ශාන්ති.
දරුවන් ඔබේ
පියාගේ වර්ණනාවට සවන් දුන්නා. උසස්ම උසස් කෙනා දෙවියන් බව සිහි කෙරෙනවා. ඔහු සියලු
දරුවන්ගේ පියායි. ඉතිරි සියල්ලන්ම සහෝදරයන්. සියල්ලන්ගේම පියා එකම එක්කෙනා වන අතර
ඔහු ශිවායි. බාබා ඔබට පැහැදිලි කළා ඔහෝ දරුවනි! භක්ති මාර්ගයේ ඔබට පියවරු දෙදෙනෙක්
සිටිනවා ලෞකික හා මේ ලෝකයේ එපිට කෙනාය. නිර්මාණයකට ඔහුගේ නිර්මාපකයාගෙන් උරුමයක්
ලැබෙනවා. එය සීමිත උරුමයක්. එහෙත් මේ උරුමය අසීමිතයි. ඔබ අසීමිත උරුමයක් ලබන එකම එක
අසීමිත පියෙක් පමණයි සිටින්නේ. ඔහු අභෞතික වන අතර ඔහුගේ නම ශිවායි. ඔවුන් කියනවා
උත්තරිතර ජීවය, ශිවාට නමස්කාර. උසස්ම උසස් කෙනා ඔහුයි. ඔබේ බුද්ධිය අභෞතික පියා වෙත
යනවා. ඔහු වාසය කරන්නේ ජීවාත්මයන් වන ඔබ පැමිණි උත්තරීතර දනව්වේයි. එහිදි පියා ඔබත්
සමඟ වාසය කරනවා. සියල්ලටම ගැලවීම ලබාදෙන්නා ඔහුයි. භාරතය උත්තරීතර පියා උත්තරිතර
ජීවයේ උපන් ස්ථානයයි. මිනිස්සු ශිවාගේ උපන් දිනය මෙහිදි සමරනවා. ආධ්‍යාත්මික පියා,
ඥාන සාගරය, පාරිශුද්ධත්වයට පත්කරවන්නා, ගැළවුම්කරු සහ මාර්ගෝපදේශකයා ලෙස
හැඳින්වෙනවා. ඔහු දුක නැති කරවන්නා හා සතුට බෙදන්නායි. භාරතීය ජනතාව මෙය දන්නවා. මේ
දුක් ලෝකයයි. සතුටු දේශය වන්නේ භාරතය පමණයි. පියා මෙහි හිඳ දරුවන් වන ඔබට පැහැදිලි
කරනවා ඔහෝ භාරතීය ජනතාවනි, එය ඔබේ ආදි සනාතන දේවි දේවතා ධර්මයව පැවති කල ඔබ ලෝක
හිමිකරුවන්. දේවතා ධර්මයට අයත් අයට දිව්‍යමය ආගමක් තිබුණු අතර දිව්‍යමය ක්‍රියාවන්
කළා. දැන් ඔවුන් ඔවුන්ගේ ආගමින් සහ ක්‍රියාවන්ගෙන් දූෂිත වෙලා. ඔවුන්ට තව දුරටත්
පිරිසිඳු දේවතාවන් කියා කිව නොහැකියි. යකඩ යුගයේ අවසානය දක්වාම භක්ති මාර්ගය
නොනැවති පැවතගෙන එනවා. ඉන් පසු කිසිම දැනුමක් නැහැ. දැනුම මඟින් ගැලවීම තිබුණා.
පියා, සියල්ලන්ටම ගැළවීම ලබාදෙන්නා පැමිණෙන තෙක් කිසිවෙක්ට ගැලවීම ලැබිය නොහැකියි.
පියා කියනවා චක්‍රයේ සංගම යුගයේදි මම පැමිණෙනවා. මේ කාලයේදි ලෝකය අපිරිසිඳුයි. එකම
එක පිරිසිඳු දේවතාවක්වත් නැහැ. සන්යාසින් පාරිශුද්ධත්වයට පත්වුවත් තවමත් ඔවුන් නැවත
උපත් ගත යුතුයි, ඔවුන් උපත ලැබිය යුත්තේ විසෙන් ඔවුන්ට ආපසු නිවස කරා යා නොහැකියි.
චක්‍රය අවසානය කරා පැමිණි විට පරමාත්ම පියා පැමිණ ඔබව ආපසු ගෙන යනවා. ආධ්‍යාත්මික
දැනුම යනු මෙයයි. උත්තරීතර ජීවය ඔබට ආධ්‍යාත්මික දැනුම දෙනවා. දැනුම් සාගරය හා
පාරිශුද්ධත්වයට පත්කරවන්නා වන්නේ උත්තරීතර ජීවය පමණයි. ආගමික ග්‍රන්ථයන්ගේ තිබෙන
සියලු දැනුම අයත්වන්නේ භක්ති මාර්ගයටයි. පියා කියනවා යාගහෝම පැවැත්වීමෙන් සහ තපස්යා
කිරීමෙන් ඔබ නොනැවති පහළට පැමිණිය යුතුයි. මුලදි ඔබ සතෝප්‍රධාන්. භාරතයේ
පාරිශුද්ධත්වය පවතින කල සාමය සහ සෞභාග්‍යයත් පැවතියා. සෞඛ්‍ය සහ ධනය යන දෙකම
තිබුණා. භාරතය දිව්‍ය ලෝකයක්ව පවතින කාලයේ පටන් මෙය වසර 5000ක සිදුවීමක්. ඒ කාලයේදි
එහි වෙනත් කිසිම ආගමක් තිබුණේ නැහැ. එහි තිබුණේ එකම එක ආදී සනාතන දේවී දේවතා
ධර්මයයි. එය ස්ථාපිත කළේ උත්තරීතර පියා, උත්තරීතර ජිිවයයි. දිව්‍ය ලෝකය ස්ථාපිත කළේ
ඔහු පමණයි. මනුෂ්‍යයන්ට මෙය කළ නොහැකියි. ක්‍රිෂ්ණා නිර්මාපක කියා කියන්න බැහැ.
ඇත්තෙන්ම නැහැ. එකම එක අභෞතික ශිවා නිර්මාපක වන අතර අනෙක් සියලු දෙනාම ඔහුගේ
නිර්මාණයන්ය. නිර්මාණය උරුමය ලබන්නේ නිර්මාපකගෙන් පමණයි. පියා පැහැදිලි කර කියන්නේ
මම ඔබේ අසීමිත පියායි. උපත් 21ක් සඳහාම මා ඔබට අසීමිත උරුමය දෙනවා. මා සුර්ය හා
චන්ද්‍රවාංශික පවිත්‍ර ආගම් ස්ථාපනය කරනවා. උසස්ම වන්නේ බ්‍රහ්මණ ආගමයි. උසස්ම කෙනා
වන්නේ ආධ්‍යාත්මික පියායි. ඔහු සියලු ජීවයන් තමන්ට හා සම කරගන්නවා. පියා ඥාන සාගරය
හා සතුටේ සාගරය වන අතර ඔබවත් ඒ තත්ත්වයට පත්කරවනවා. භාරතය සතුටු දේශයක්ව පැවතියා.
එහෙත් දැන් එය දුක් ලෝකයක්. පරමාත්ම පියා පැමිණෙන්නේ කෙසේද කියා කිසිවෙක් දන්නේ
නැහැ. ස්වර්ණම යුග ආරම්භයේ සිටම කලියුග අවසානය දක්වාම ඉතිහාසය හා භූගෝලය භාරතය
ගැනයි. ලක්ෂ්මි සහ නාරායන බොහෝ ධනවත් මෙන්ම, නිරෝගීයි. ඔවුන් රෝගී වන්නේ නැහැ. ඔබ
දැන් මරණය පැරදීම සඳහා ඉගෙනුම ලබනවා. මහා මරණය ලෙස හැඳින්වෙන, සියලු මරණයන්ගේ මරණය
වන කෙනා ඔබට මරණය ජයගන්වනවා. ශිවාට නමස්කාර යන වර්ණනාව ඔබට ඇසුනා. උත්තරිතර ජීවය
සෑම තැනකම සිටිනවා කියා හෝ ඔහු බල්ලන් බළලුන් තුළත් සිටිනවා කියා ඔබ නොකිව යුතුයි.
එය හඳුන්වන්නේ ආගමේ පරිහාණිය ලෙසයි. ඔවුන් පියාව අපහාසයට ලක්කරනවා. මේ දැන්
තිබෙන්නේ චක්‍රයේ සංගම යුගයයි. මේ කාලයටයි එසේ කියන්නේ කිසිවෙකුගේ බුද්ධියෙහි පියා
පිළිබඳ සෙනෙහසක් නැති අය සිටින වකවානුවක. විනාශය හිස මුදුනටම පැමිණිලා. ගීතාවේ
ලියැවිලා තිබෙනවා යාදවයින්, කවුරවයින් සහ පාණ්ඩවයින් කරන්නේ කුමක්ද? ශ්‍රීමත් භගවත්
ගීතාව සියලුම ආගමික ග්‍රන්ථයන්ගේ මැණිකයි. අනෙක් සියලු ආගමික ග්‍රන්ථ බිහිවුණේ
මෙමඟින්. දේවතා ධර්මයේ ආගමික ග්‍රන්ථය ගීතාව බව ඔබට වැටහෙනවා. පියා කියනවා මා පැමිණ
ඔබව ශුද්‍ර බවින් බ්‍රහමින්වරු බවට වෙනස් කර, පසුව ඔබව නැවත වතාවක් දේවතාවන්
කරවනවා. ඉන්පසු ඔබ ක්‍ෂත්‍රිය, වෙළඳ සහ ශුද්‍ර බවට පත් වෙනවා. ඔබ උපත් 84 ගන්නේ
කෙසේද කියා පියා පැහැදිලි කරනවා. ස්වර්ණම යුගයට පළමුවෙන්ම යන අය අනිවාර්යෙන්ම උපරිම
උපත් සංඛ්‍යාව ගන්නවා. භාරත ජනතාව වන ඔබ උපරිම උපත් 84ක් ගන්නවා. අවමය එක් උපතක්.
පියා මෙහි සිට මෙයත් පැහැදිලි කර දෙනවා. පරම පියා හැර වෙන කිසිවෙකුට දැනුමේ සාගරය
කියන්නේ නැහැ. පාරිශුද්ධත්වයට පත්කරන්නා, දැනුමේ සාගරය කියන විට ඔබේ බුද්ධිය යොමු
වන්නේ ඉහළටයි. පියා හැම දෙනාම ආරක්ෂා කර ඔවුන්ව ආපසු නිවහන කරා ගෙන යනවා.
සියල්ලන්ටම විමුක්තිය සලසන්නා එකම පරමාත්ම පියාය. අච්චා, ඉන් පසු හැමදෙනාම
පරිහාණියට පත්වන්නේ කොහොමද? ඔවුන්ව පරිහාණියට පත්කරවන්නේ කවුද? ස්වර්ණම යුගය
විමුක්තිය ලෙසත් යකඩ යුගය විනාශය ලෙසත් හැඳින්වෙනවා. පියා කියනවා මා සෑම චක්‍රයකදීම
පැමිණ දරුවන් වන ඔබට විමුක්තිය ලබා දෙනවා. දරුවන් වන ඔබ මුළු ලෝකයේම ඉතිහාසය හා
භූගෝලය ගැන දන්නවා. පාසැලේදි උගන්වන ඉතිහාසය හා භූගෝලය අසම්පූර්ණයි. ස්වර්ණම හා
රිදි යුගයන් පාලනය කරන්නේ කවුද කියා කිසිවෙක් දන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායන පාලනය
කළ බව පෙන්වන ප්‍රතිරූප තිබෙනවා. එම රාජ්‍යයන් කොපමණ කාලයක් පැවතුනාදැයි හැමදෙනාටම
කීමට ඔබට පුලුවන් ක්‍රිස්තු පරපුර වසර 2000ක් පුරා පැවතුනා, බෞද්ධ පරපුර මෙතරම්
කලක් පැවතුනා, ඉස්ලාම් මෙතරම් කාලයක් පැවතුනා. ඊට පෙර වසර 1250ක් චන්ද්‍ර වංශය
පැවතුනා. ස්වර්ණම හා රිදි යුගයන් හී තිබුණේ සුර්ය හා චන්ද්‍ර වංශයන් පමණයි. එහි
වෙනත් කිසිම ආගමක් නැහැ. සුර්ය හා චන්ද්‍ර වාංශිකයන් වන්නේ ඔබ පමණයි. දැන් ඔබ
බ්‍රහ්මණ වාංශිකයන් වී තිබෙනවා. මේ මුළු ක්‍රිඩාවම රැඳි තිබෙන්නේ භාරතය මතයි. භාරතය
අපාය හා දිව්‍ය ලෝකය වෙනවා. අනෙක් ආගම්වලට මෙසේ කියන්න බැහැ. ඒවා දිව්‍ය ලෝකයේදි
නැහැ. කවුරු හරි මැරුණු විට මිනිස්සු කියනවා ඔහු දිව්‍ය ලෝකයේ වාසයට ගියා කියලා.
නමුත් අපායේ වාසය කළ කෙනෙක් නැවතත් අපායේ උපත් ලබන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ.
දිව්‍ය ලෝකයේ වාසය කරන අය නැවතත් දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ලක්ෂ්මි හා නරායන දිව්‍ය
ලෝකයේ වැසියන් බව දරුවන් වන ඔබ අවබෝධ කරගන්නවා. ඔවුන් තම රාජ්‍යය ලබාගත්තේ කොහොමද?
වසර සිය දහස් ගණනක කිසිදෙයක් සිහි තබාගන්න බැහැ. ස්වර්ණම යුගයේ මෙවන් පින්තූර නැහැ.
ඒ සියල්ලම භක්ති මාර්ගයේ සැරසිලි. ඔබට ඉණිමගේ පහළට බැසීමට තිබෙනවා. සතෝප්‍රධාන් වී
සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් හරහා යමින් ඉනිමඟේ පහළට බැසීමට වසර 5000ක් ගත වෙනවා.
ස්වර්ණම යුගයේදි ඔබ කලා දහසයෙන්ම සම්පූර්ණයි. ඉන්පසු රිදි යුගයේදි කලා දෙකක් අඩුයි.
ජීවාත්මයන්ට රිදි මිශ්‍ර වුණා. ඔබ තඹ යුගයට පැමිණුනා. එමනිසා, එහිදී ජීවාත්මයන්ට තඹ
මිශ්‍ර වුණා. මේ කාලයේදි ජීවාත්මයන් මුළුමණින්ම තමෝප්‍රධාන්. ජීවාත්මයන්ට ලෝහ
මිශ්‍ර වෙලා. සම්පූර්ණ උපත් 84ම ගන්නේ ඔබ පමණයි. ආධ්‍යාත්මික පියා, ශිව බාබා පැමිණ
ආධ්‍යාත්මික දරුවන් වන ඔබට පැහැදිලි කරනවා. දැන් ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුයි.
රාවණ් පැමිණෙන කල හැම දෙනාම ශරිර අවධානයට පත් වනවා. දැන් ඔබලා ජීවාත්මයන් ලෙස
අවධාරණය කළ යුතුයි. උපත් 84ක් ගන්නා අය අප වන අතර නිරතුරුවම විවිධාකාර චරිත කොටස්
රඟපානවා. දැන් 84ක චක්‍රයේ අවසානය කරා පැමිණෙනවා. දැන් ශරිරයන් පවා සම්පූර්ණයෙන්ම
දිරාපත් තත්ත්වය කරා ලඟා වෙලා. රාවන්ගේ රාජ්‍යය ආරම්භ වන්නේ තඹ යුගයේදියි. රාමාගේ
රාජ්‍යය තිබෙන්නේ ස්වර්ණම යුගයේදියි. ස්වර්ණම යුගයේදි ඔබ සිටියේ ජීවාත්ම අවධානයෙන්.
ඉන්පසු තඹ සහ යකඩ යුගයන්හිදි ඔබ ශරිර අවධානයට පත් වුණා. ඔබ ජිවය හෝ උත්තරිතර ජිවය
දන්නේ නැහැ. ජීවය තාරකාවක් බව පියා පැහැදිලි කරනවා. නළල මධ්‍යයේ ආශ්චර්යමත්
තාරකාවක් දිළිසෙනවා. දිව්‍යමය දර්ශනයකින් හැරුණු විට එය දැකිය නොහැකියි. එය
මුළුමනින්ම සූක්‍ෂමයි. ශරිරයක් අතහැර වෙනත් එකක් ගන්නේ ජීවාත්මයයි. ජීවාත්මයන් වන
අප උපත් 84ක් ගෙන තිබෙනවා. උත්තරිතර පියා, උත්තරිතර ජීවය ද තිතක්. ඔහු දැනුම්
සාගරය, පාරිශුද්ධත්වයට පත්කරවන්නා සහ දැනුමෙන් පිරි කෙනා ලෙස හඳුන්වනවා. උත්තරිතර
පියා වන උත්තරිතර ජිවයට ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම තිබෙනවා. බීජය ඔහු වන
නිසා. ඔහුව සත්‍යය, සජීවී පැවැත්ම සහ ප්‍රමෝදයේ ප්‍රතිමූර්තිය යැයි හඳුන්වනවා. පියා
අනිවාර්යෙන්ම තමන් සතු දැනුම කියා දිය යුතුයි. මේ ආධ්‍යාත්මික දැනුමයි. සියලුම
ජිිවාත්මයන්ගේ පියා පැමිණ ජීවයන් වන ඔබට උගන්වනවා. ඔබ ජිිවාත්ම අවධානයට පත් විය
යුතුයි. ශිව බාබා අපට උගන්වනවා. දැනුමෙන් පිරි කෙනා ඔහුයි. දිව්‍ය ලෝකය නැමැති
නිර්මාණය නිර්මාණය කරන්නේ බාබා පමණයි. ඔහු ඔබව දිව්‍ය ලෝකයට සුදුස්සෙකු කරවයි.
කිසිම මනුෂ්‍යයෙක් ලෝක චක්‍රයේ මෙම රහස දන්නේ නැහැ. පියා නොදැන ගැනීම නිසා මෙය
භාරතයේ ස්වභාවය බවට පත්වෙලා. භාරතයේ පාරිශුද්ධත්වය ඇති විට සාමය සහ සෞභාග්‍යය
තිබෙනවා. දැන් එය අපායයි. එමනිසා, කිසි කෙනෙක් දිව්‍ය ලෝකයට යන්නේ කොහොමද? ඔවුන්ගේ
බුද්ධිය මුළුමනින්ම ගල් වගේ වෙලා. පියා කියනවා මා දරුවන්ට තෑග්ගක් ගෙනා යුතුයි.
එහෙම නේද? මා ඔබව දිව්‍ය ලෝක හිමිකරුවන් කරවනවා. මීට පෙර චක්‍රයේ තම උරුමය දිනා ගත්
අය දැන් එයම කරනවා. ඔවුන් මනුෂ්‍ය තත්ත්වයෙන් දේවී දේවතා තත්ත්වයට වෙනස් වෙනවා.
ඇත්තෙන්ම, හැම දෙනාම ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන්. ශිව බාබා දැන් බ්‍රහ්මා
මාර්ගයෙන් නිර්මාණය, නිර්මාණය කරනවා. ඔවුන් නොනවත්වාම බ්‍රහ්ම කුමර කුමරියන් වෙනවා.
ශිව බාබාගෙන් තම උරුමය දිනා ගැනීම උදෙසා ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් බවට පරිවර්ථනය විය යුතුයි. පරම පියා කියනවා දරුවනි, මා සිහි
කරන්න එවිට ඔබේ සියලු පාපයන් දුරු වී යනවා. ඔබට මෙම ආධ්‍යාත්මික ඥානය දිය හැක්කේ
වෙන කිසිවෙක්ට නොව පියාටයි. ජීවයන් වන ඔබට දැනුම දෙන්නේ ආධ්‍යාත්මික පියා පමණයි. ඔබ
ආධ්‍යාත්මික වන්දනාවක යනවා. ඔබ ශරිර අවධානය අතහැර ජීවාත්ම අවධානයට පත්වෙනවා.
ජීවාත්මයන් අවිනාශි වන අතර ජීවාත්මයන් තුළ චරිත කොටස් පටි ගත වී තිබෙනවා.
ජීවාත්මයන් වන ඔබ තම උපත් 84 රඟපාන්නේ කෙසේදැයි දැන් අවබෝධ කර ගන්නවා. අප සූර්ය
වංශයට අයත්ව සිටියා. පසුව අප චන්ද්‍ර වංශයේ අය බවට පත්වුණා. දැන් නැවත වතාවක් අපි
සුර්ය වංශයේ අය බවට පත්විය යුතුයි. පරම පියා දැන් ඔබට සතෝප්‍රධාන් වීමට ඉගැන්වීම්
දෙනවා නිරන්තරයෙන්ම මා පමණක් සිහි කරන්න! පරමාත්ම දෙවියන් කතා කරනවා ගීතාවේ දෙවියන්
ශ්‍රී ක්‍රිෂ්ණා නොව, ශිව බාබායි. ක්‍රිෂ්ණා ජීවය දැන් මෙය ඉගෙන ගන්නවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
ආධ්‍යාත්මික වන්දනාවේ රැඳෙමින් අන් අයවත් ඒ සඳහා දිරිමත් කරවන්න. තමන්ව සතෝප්‍රධාන්
කරවීම උදෙසා එකම පියාව සිහිකරන්න. ජීවාත්ම අවධානයට පත් වීමට සම්පූර්ණ උත්සාහය
යොදන්න.
2. මරණය පැරදවීම
උදෙසා පියාගේ ඉගැන්වීම් වලට අවධානය යොමු කරන්න. ඔබ ජීවාත්මයක් ලෙස සලකා අන්
ජීවාත්මයන්ට දැනුම ලබා දෙන්න.
වරදානය:
ඉහළම චර්යා
ධර්ම පද්ධතිය අනුගමනය කිරීමෙන් සහ බාප්දාදාගේ කාර්යය ඔබේ අරමුණ කර ගැනීමෙන් ඔබ
මාස්ටර් මරියාද පුරුෂෝත්තම (ඉහළම චර්යා ධර්ම පද්ධතිය අනුගමනය කරන උසස් ජීවයක්)
වේවා.
ඔබේම අමුද්‍රව්‍ය
අඹරන්න, එවිට ඔබට කුල්මත් බවක් දැනෙනු ඇත. ඔබේ දැක්ම කිසි විටෙකත් වෙනත් කෙනෙකුගේ
ආදායම මතට වැටීමට ඉඩ නොදෙන්න. වෙනත් කෙනෙකුගේ කුල්මත් වීම ඔබේ අරමුණ කර ගැනීම
වෙනුවට, බාප්දාදාගේ ගුණධර්ම සහ කාර්යය ඔබේ අරමුණ කර ගන්න. අධාර්මිකත්වය විනාශ
කිරීමට සහ සත්‍ය ආගම ස්ථාපිත කිරීමට බාප්දාදාගේ උදව්කරු වන්න. අධාර්මිකත්වය විනාශ
කරන අයට අධාර්මික කිසිවක් කළ නොහැක හෝ දිව්‍ය චර්යා ධර්ම පද්ධතිය බිඳ දැමිය නොහැක.
එවැනි ජීවාත්ම, උසස්ම චර්යා ධර්ම පද්ධතිය අනුගමනය කරන මාස්ටර් මරියාද පුරුෂෝත්තම
නම් වන්නේය.
පාඨය:
ඥානයෙන්
පිරිපුන් වී නිශ්ඵල ප්‍රශ්න ඇසීම අවසන් කරන්න, එවිට ඔබේ කාලය ඉතිරි වනවා ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඔබට කිසියම්
සිතිවිල්ලක් තිබේ නම්, එය ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අය වෙත යොමු කර සිතිවිලි වලින් නිදහස්ව
ඉදිරියට යන්න. ඔබේ අදහස් සහ සංඥා ඉදිරිපත් කිරීම හා කැලඹීමක් ඇති කර ගැනීම එකිනෙකට
වෙනස් කාරණාය. එබැවින්, සැමවිටම ස්ථාවරව සිටින්න. ඔබේ සිතිවිලි ඉදිරිපත් කර,
සිතිවිලි වලින් නිදහස් වන්න. ඔබේ භෞතික ඉන්ද්‍රියන් ජයගත්තෙකු වීමට නිරන්තරයෙන්
අවධානය යොමු කරන්න. ඔබේ භෞතික ඉන්ද්‍රියන් එකකට හෝ ඇති ඔබේ ආකර්ෂණය ඔබට පරම පියාට
අයත් වීමට ඉඩ නොදේ. එය ඔබට නිරන්තර සහ ස්ථාවර අවධියක ස්ථාවරව සිටීමට ඉඩ නොදේ.
මාතේශ්වරිජීගේ
ශ්‍රේෂ්ඨ අමිල වදන්
ගීතය:
පරමාත්ම දෙවියන්ගේ
ඇසුර ඇති අයට, කුණාටු කුමක් කරන්නද?
පරමාත්ම දෙවියන්ගේ
ඇසුර ඇති අයට කුණාටු කුමක් කරන්නද? මෙම ගීතයෙන් ඔප්පු වන්නේ ජීවාත්මය සහ පරමාත්ම
ජීවය දෙදෙනෙක් බව. පරමාත්ම දෙවියන් සෑම තැනකම නොමැත, මන්ද, ලෝකයේ සෑම තැනකම පරමාත්ම
දෙවියන්ගේ ඇසුර ඇති අයට සහ ඔහු ඉදිරියේ සිටින අයට මෙතරම් දුක තිබෙන්නේ ඇයි?
මිනිසුන් මෙතරම් දුප්පත් සහ අන් අය මත යැපෙන්නේ ඇයි? පරමාත්ම දෙවියන් සතුටේ ජීවයයි,
එමෙන්ම දෙවියන් සෑම තැනකම සිටින බව පැවසීම, ඔහුට කරන අපහාසයකි. පරමාත්ම දෙවියන්
සිටින විට, ලෝකය සතුටින් පිරි තිබිය යුතුද, නැත්නම් දුකින් පිරී තිබිය යුතුද? එසේ
නම් දෙවියන්ට කන්නලව් කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මෙකල, පරමාත්ම දෙවියන් නොව,
මායා සෑම තැනකම සිටියි. පරමාත්ම දෙවියන් පැමිණෙන්නේ සංගම යුගයේ එක වරක් පමණයි, ඔහු
සෑම තැනකම සිටින බව කිව හැකි වන්නේ එවිටයි. ඔහුගේ ස්මරණය අනිවාර්යෙන්ම සියලු දෙනාගේ
හදවතේ තිබේ. පරමාත්ම දෙවියන් නොව, විවිධ සංස්කාර වලින් සිරුරක් ක්‍රියාත්මක කරන
බලය, ජීවාත්මයක්, සෑම කෙනෙක් තුළම තිබේ. ඔබට දෙවියන්ගේ ඇසුර ලැබී ඇත්තේ මන්ද කියා
ඔබ දැන් කල්පනා කළ යුතුයි. මායාගේ කුණාටුවක් තුළින් යෑමට, එමෙන්ම මායාගේ කුණාටු
නියත වශයෙන්ම තිබෙයි, එබැවින් ඒවා තුළින් යෑම සඳහා ජීවාත්ම වන අප, පරමාත්ම
දෙවියන්ගේ ඇසුර ඉල්ලා සිටිනවා. ඔහු පෙනි සිටිනවා නම්, එවිට මායාගෙන් ප්‍රශ්න ඇති
නොවන අතර ඔහුගේ ඇසුර ලබා ගැනීම සඳහා අපට ඔහුව සිහි කිරීමට අවශ්‍ය වන්නේද නැත.
එබැවින් ජීවාත්ම වන අපට මෙන්ම පරමාත්ම දෙවියන්ටත් මෙම නාටකයේ චරිත කොටස් තිබේ.
පරමාත්ම දෙවියන් පැමිණෙන විට, අප ඔහුගේ සම්පූර්ණ ඇසුර ලබා ගෙන මුළුමනින්ම ඔහුට අයත්
විය යුතුයි, අප මායාගේ සුළි කුණාටු වලින් නිදහස් වන්නේ එවිට පමණයි. ඔහු සියලු
දෙනාටම සතුට දානය කරන්නා වුවද, ඔහුගේ ඇසුර ලැබෙන්නේ, ප්‍රායෝගික අන්දමකින් ඔහුගේ
ආධාරය ලබා ගන්නා අයටයි. එබැවින් ඒ දරුවන්ට අතිරික්ත ලැබීම් හිමි වෙයි. ඔහු ලෝකය තුළ
පෙනී සිටිනවා, නමුත් එය බොහෝ සේ විශ්මිතයි! ලෝකය ඔහුව නොදන්නා නිසා, ඔවුන්ට ඔහුගේ
ඇසුර ලබා ගැනීමට නොහැක. ඔවුන් ඔහුගේ සම්පූර්ණ ඇසුර ලබා ගන්නේ නම්, ඔහු උපකාර ලබා
දීම ගැන ප්‍රසිද්ධයි. මෙවන් කියමනකි: ඔබ එක පියවරක් ඉදිරියට ගන්නා විට, ඔහු පියවර
දහයක් ඉදිරියට එයි. කිසිවක් අඩු නැති සම්පූර්ණ උරුමය ඔහු ලබා දෙයි. අච්චා.