27.06.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ කාලය ඉතාමත් වටිනා කාලයකි.එමනිසා, අනවශ්‍ය දෙයට කාලය මිඩංගුකිරීමෙන් වලකින්න.

ප්‍රශ්නය:
මානව තත්ත්වයෙන් දේවතා තත්ත්වයට වෙනස් කරවීම සඳහා පරමාත්ම පියා විසින් ඔබලාට දී ඇතිශ්‍රීමත් උපදේශ මොනවාද?

පිළිතුර:
1) දරුවනි,ඔබලා මානව බවින් දේවත්වයට පත් වෙමින් සිටිනා නිසා:ඔබ තුළ කිසිම ආකාරයකයක්ෂගතියක් නොතිබිය යුතුයි. 2)කිසිම කෙනෙක් සමඟ කේන්ති ගන්න එපා. 3)කිසිම කෙනෙකුටදුකක් දෙන්න එපා. 4)අනවශ්‍ය දෙයට ඇහුම්කන් දෙන්න එපා.පරමාත්ම පියාගේ ශ්‍රීමත් උපදේශයනම්:නරක දෙයට ඇහුම්කන් නොදෙන්න.

ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙහි අසුන් ගෙන සිටිනා ආකාරය ඉතාමත්ම සරළයි.ඕනෑම තැනක ඔබට මෙසේ සිටිය හැකියි.කැළයක සිටියත්,කඳු මුදුනක වේවා.ඔබගේම නිවසේ වේවා කොහේ හෝ කුටියක සිටියත් මේ ආකාරයෙන්ම ඔබට අසුන් ගෙන සිටිය හැකියි.මෙලෙස සිටිනා අතරම ඔය දරුවන් තවත් තැනකට මාරු වී යනවා.අනාගතය සඳහා දේවතාවරුන් බවට පත්වන ඔබලා මානව ජීවාත්මයන් බව ඔය දරුවන් දන්නවා.අපි කටු වලින් මල් බවට පත් වෙනවා.මල් වත්තේ හිමිකරුත් උයන්පල්ලාත් බාබායි.පරමාත්ම පියාව සිහි කිරීමෙන් හා උපත්84චක්‍රය කරකැවීමෙන් අපි වෙනත් තැනකට මාරු වී යනවා.ඔබ මෙහි අසුන්ගෙන සිටියත්,වෙන කොහේ හෝ සිටියත් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් ඔබලා දේවතා තත්ත්වයට පත් වෙමින් සිටිනවා.ඔබ පත් වීමට සිටින්නේ මෙන්න මේ තත්ත්වයටයි කියන අරමුණ හා ඉලක්කය ඔබලාගේ සිහියේ තිබෙනවා.කුමන දෙයක් කරත්,චපාති හද හදා සිටියත් ඒ සෑම මොහොතකදීම පරමාත්ම පියාව ඔබගේ සිහියේ තබාගෙන සිටින්න.ඔය දරුවන්ට මෙම ශ්‍රීමත් උපදේශය ලැබී තිබෙනවා:යන එන අතරතුර,අන්සෑම දෙයක්ම කරත්දීත් සිහිකිරීමේ නිරතව සිටින්න.පරමාත්ම පියාව සිහි කරනා විට ඔබ අනිවාර්යෙන්ම ඔබගේ උරුමයත් උපත්84චක්‍රයත් සිහි කරනවා.මෙහි ඇති අපහසුතාවය කුමක්ද?කිසිම අපහසුතාවයක් නැහැ.අප දේවතාවරුන් බවට පත් වීමට සිටිනා නිසා අප තුළ කිසිම අකාරයක යක්ෂගතියක් නොතිබිය යුතුයි.කිසිම කෙනෙක් සමඟ තරහ ගන්න එපා.කිසිම කෙනෙක්ට දුකක් දෙන්න එපා.වැඩකට නැති කිසිම දෙයකට ඇහුම් කන් දෙන්න එපා.පියාව පමණක්ම සිහි කරන්න.ලෝකය පුරා ඇති ඕපාදූප ගණනාවකට ඔබ ඇහුම් කන් දුන්නා.කල්ප බාගයක් පුරා ඒ දේවලට ඇහුම් කන් දී සිට දැන් ඔබ බිමටම ඇඳගෙන වැටිලා.පරමාත්ම පියා කියනවා:අර අහවල් කෙනා මෙන්න මේ වගේ මේ මේ වැරදි කරන කෙනෙක් කිය කියා ඔපාදූප කීම දැන් නතර කරන්න.වැඩකට නැති කිසිම දෙයක් කතා කරන්න එපා.මෙය කාලය අපතේ හැරීමක් වගේයි.ඔබගේ කාලය ඉතාමත් වටිනා කාලයක්.යහපතක් සලසා ගත හැක්කේ මෙම ඉගෙනීමෙන් පමණයි.ඔබට තත්ත්වයක් හිමි වන්නේත් මෙම ඉගෙනීමෙන් පමණයි.අන් ඉගැන්වීම් වලදී ඔබට දැඩි වෙහෙසක් විඳීමට සිදු වෙනවා.යම් යම් විභාග කිරිමට ඇතැම් අය විදේශයන්ට පවා යනවා.ඔබට කිසිම අපහසුතාවයක් දී නැහැ.පරමාත්ම පියා ඔය ජීවාත්මයන්ට කියන්නේ:පරමාත්ම පියා වන මා සිහි කරන්න.එකිනෙකා ඉදිරිපස අසුන් ගැන්වූවා වුවත් පරමාත්ම පියාගේ සිහියේම ඔබලා සිටිය යුතුයි.ඒ සිහියේ සිටීමෙන් ඔබලා කටු වලින් මල් වෙනවා.මෙය ඉතාමත් හොඳ ක්‍රමවේදයක්.එමනිසා,ඔබ පරමාත්ම පියාගේ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි.එකිනෙකාට ඇත්තේ එකිනෙකාට වෙනස් ලෙඩරෝගයි.සෑම අසනීපයකටම ශල්‍ය වෛද්‍යවරයෙක් සිටිනවා.ඉහළ පැලැන්තියේ අය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් ලඟට යනවා.ඔබගේ වෛද්‍ය වරයා කවුද?පරමාත්ම දෙවියන්.ඔහු තමයි සදාතනික ශල්‍ය වෛද්‍යවරයා.ඔහු කියනවා:මම ඔබව කල්ප බාගයකටම ලෙඩ රෝග වලින් මුදවා ගන්නවා.සරළව මා සිහිපත් කර ඔබගේ පාප දුරු කර ගත් විට ඔබ උපත්21කටම ලෙඩ රෝග වලින් නිදහස් වේවි.මෙය සිහියේ තබා ගැනීමට ගැටයක් ගසා ගන්න.ලෙඩ දුක් වලින් නිදහස් විය හැක්කේ ස්මරණයෙන්ම පමණයි.එවිට උපත්21කටම කිසිම රෝගයක් වැළදෙන එකක් නැහැ.ජීවාත්මය අවිනාශි වී ශරීරය විනාශ වන සුළු දෙයක් වුවත්,සියළු වේදනා විඳීමට සිදු වන්නේ ජීවයටයි.එහි කල්ප බාගයකටම ඔබට කිසිම රෝගයක් වැළඳෙන්නේ නැහැ.නිකම් සිහි කිරීමේම නිරතව සිටින්න පමණයි තිබෙන්නේ.ඔය දරුවන් අනිවාර්යෙන්ම සේවය කළ යුතුයි.ඇතැම් දරුවන් ප්‍රදර්ශන වල සේවය කරනා අතරතුර ඔවුන්ගේ උගුර සිරවෙනවා.සේවය කරමින් සිටිනා අතරම තමන්ට පිටව යාමට සිදුවේ යැයි කියා ඇතැම් දරුවන් සිතනවා.මෙයත් සේවය කිරීමට ඉතාමත් හොඳ ක්‍රමයක්.ඔය දරුවන් ප්‍රදර්ශන වලදී විස්තර කිරීම් කල යුතුයි.ප්‍රදර්ශන වලදී ලක්ෂ්මි නාරායන් පින්තූරය පළමුවෙන්ම පෙන්වන්න.මෙය අංක එකේ පලමු ගණයේ පින්තූරයක්.මීට වසර5000කට පෙර ඔවුන්ගේ රජදහන සැබවින්ම භාරතයේ තිබුණා.ඔවුන්ට මහා ධනස්කන්ධයක් තිබුණා.පාරිශුද්ධත්වය,සතුට,සාමය සියල්ල එහි තිබුණා.කෙසේවෙතත්,භක්ති මාර්ගයේ අය ස්වර්ණමය යුගයට වසර සිය දහස් ගනනක් දී තිබෙනා නිසා,කිසිම දෙයක් මතක තබා ගන්නේ කෙසේද?ලක්ෂ්මි නාරායන් පෙන්වන මෙම පින්තූරය ඉතාමත් ඉහළ පින්තූරයක්.මෙම වංශය වසර1250ක් තම රාජ්‍ය‍ය පාලනය කළා.මීට පෙර ඔබත් මේවා දැනගෙන සිටියේ නැහැ.ඔය දරුවන් මුළු ලෝකයම පාලනය කරමින් සිටි අයයි කියා පරමාත්ම පියා දැන් ඔබලාට මතක් කර දෙනවා.ඔබට එය අමතක වෙලාද?උපත්84ක් ගත්තේ ඔබලායි.සූර්ය වංශයට අයිතිව සිටියේ ඔබලායි. එහි අනිවාර්යෙන්ම නැවත උපත් ගැනීම් සිදු වෙනවා.උපත්84ක් ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉතාමත් පහසු කාරණයක්.ඔබලා දිගින් දිගටම වැටීගෙන පැමිණි අතර දැන් පරමාත්ම පියා ඔබව ඉහළට ගෙන යනවා.මිනිස්සු ගයනවා:ඔබ ඉහළ යන විට සැමටම යහපත උදා වෙනවා.ඔවුන් හක්ගෙඩිය පිඹිනවා.වේදනාබර හැඬීම් තවත් එන්න ඇති බව ඔය දරුවන් දන්නවා.පකිස්තානයේ සිදු වූයේ කුමක්ද කියා බලන්න.සෑම කෙනෙකුගේම කටින් පිට වූයේ:අහෝ දෙවියනේ.අනේ රාමා.මේ මොනවා වෙන්නද යන්නේ…?පැමිණීමට නියමිත විනාශය ඉතාමත් ඉහළ විනාශයක්.ඉන් අනතුරුව ජයඝෝෂා නැඟේවි.පරමාත්ම පියා ඔය දරුවන්ට පහදා කියන්නේ:මෙම අසීමිත ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ.අසීමිත පියා දැන් ඔබට අසීමිත ඥානයක් දෙනවා.ඔබ සීමිත දෙයක ඉතිහාසය හා භූගෝලයට සවන් දෙමින් සිටියා.ලක්ෂ්මි හා නාරායන් පාලනය ගෙන ගියේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඔවුන්ගේ ඉතිහාසය හා භූගෝලය කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඔවුන් උපත් කීයන් පාලනය ගෙන ගියාද පසුව අනිකුත් ආගම් පැමිණියේ කෙසේද කියා ඔබ දැන් ඉතාමත් හොඳින් දන්නවා.මෙය හඳුන්වන්නේ ආධ්‍යාත්මික ඥානය කියලයි.ඔය දරුවන්ට එය උගන්වන්නේ ආධ්‍යාත්මික පියායි.ලෞකික පාසල් වල මිනිසුන් විසින් මිනිසුන්ට උගන්වනවා.මෙහි පරමාත්ම පියා අපව ඔහු හා සම කරවනවා.ගුරුවරයෙක් අනිවාර්යෙන්ම අන් අයව තමා හා සම තත්ත්වයට පත් කරවාවි.පරමාත්ම පියා කියනවා:මම කිරුළු දෙකක් පැළඳි අය බවට පත් කරවනවා.මම ඔබව මටත් වඩා උතුම් කෙනෙක් බවට පත් කරවනවා.සිහිකිරීමේ නිරතව සිටීමෙන් ඔබ ආලෝක කිරුළක් ලබනවා.පසුව උපත්84චක්‍රය ගැන දැන ගැනීමෙන් අනතුරුව ඔබ ගෝලය පාලනය කරන්නන් වෙනවා.කර්ම, විකර්ම,අකර්ම ගැන ඔය දරුවන්ට කියා දී තිබෙනවා.ස්වර්ණමය යුගයේදී ක්‍රියා අකර්මයි.රාවණ රාජ්‍යයේදී පාපකාරියි.ඉනිමගේ පහළට එන අතර ඔබගේ කලා සියල්ල අඩු වී ගොස් ඔබ තව තවත් පහළට ඇඳ වැටෙනවා.ඔබ ඉතාමත් කිළිටි අය බවට පත් වෙනවා.පසුව පරමාත්ම පියා පැමිණ බැතිමතුන්ට ඔවුන් කළ භක්තියේ ඵලය දානය කරනවා.ලෝකයේ සිටිනා සෑම කෙනෙක්ම බැතිමතෙක්.ස්වර්ණමය යුගයේ බැතිමතුන් නැහැ.භක්ති නිකායන් ඇත්තේ මෙහියි.එහි ඇත්තේ ඥානයේ ඵලයයි.තමන් දැන් අසීමිත පියාගෙන් අසීමිත උරුමයක් දිනා ගනිමින් සිටිනා බව ඔබලා දන්නවා.පළමුවෙන්ම ඕනෑම කෙනෙකුට ලක්ෂ්මී නාරායන් පින්තූරය පැහැදිලි කරන්න.ඔවුන්ගේ රාජධානිය තිබුණේ වසර5000කට පෙරයි.එකල ලෝකයේ සතුට,සාමය,පාරිශුද්ධත්වය සියල්ලම තිබුණා.වෙන කිසිම ධර්මයක් තිබුණේ නැහැ.දැන් අනේකවිධ ආගම් පැතිරිලා පළමුම ධර්මය දැන් නැහැ.නැවතත් එය ස්ථාපනය විය යුතුය.පරමාත්ම පියා දැන් අපට ඉතාමත් සෙනෙහසින් කියා දෙනවා.යුද්ධයක් ගැන සඳහනක් නැහැ.මෙය හිඟන ජීවිතයක්.විජාතික රාජ්‍යයක්.මෙහි ඇති සෑම දෙයක්ම අදෘශ්‍යමානයි.පරමාත්ම පියාත් පැමින සිටින්නේ කාටවත් නොපෙනෙන්නයි.ඔහු මෙහි සිට ඔය ජීවාත්මයන්ට උගන්වනවා.සියල්ල කරන්නේ ජීවයනුයි.ජීවයන් තම ශරීර මඟින් චරිත කොටස් රඟදක්වනවා.දැන් ඔවුන් ශාරීරික අවධානයට ලක් වෙලා.පරමාත්ම පියා කියනවා:දැන් ජීව අවධානයට පත් වන්න.පරමාත්ම පියා ඔබට වෙන කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ.පරමාත්ම පියා අදෘශ්‍යමානව පැමිණි විට ඔහු ඔය දරුවන්ට කාටවත් නොපෙනෙන දානයක් ලෙසින් ලෝක රාජධානිය භාර කරනවා.ඔබගේ සියල්ල අදෘශ්‍යමානයි.මෙන්න මේ නිසා තමයි කාටවත් නොපෙනෙන ලෙස මනාලියකට දෑවැද්දක් දීමේ ක්‍රමයකුත් බිහි වී තිබෙන්නේ.ඇත්තෙන්ම කියනවා නම්:කාටවත් නොදැනී දෙන දානය තමයි උතුම්ම දානය වන්නේ.දෙන්නෙක් තුන්දෙනෙක්ට ඒ ගැන දැන ගැනීමට ලැබුණහොත් එහි බලය අඩු වෙනවා.පරමාත්ම පියා කියනවා:දරුවනි,පළමුවෙන්ම ප්‍රදර්ශන වලදී මෙම ලක්ෂ්මී නාරායන්ගේ පින්තූරය සෑම කෙනෙක්ටම පහදා දෙන්න.ඔවුන් ගෙන් අහන්න:ලෝක සාමය අවශ්‍යද?කෙසේවෙතත්,සාමය තිබුණේ කවදාදැයි කියා කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ.ස්වර්ණමය යුගයේ පාරිශුද්ධත්වය,සාමය,සතුට.සියල්ල තිබුණු බව ඔබලාට දැන් වැටහෙනවා.මේ මේ කෙනා ස්වර්ගස්ත වුණා කියා කියනා විට මිනිසුන්ටත් දෙව්ලොව මතකයට නැඟෙනවා.කෙසේවෙතත්,කිසිම කෙනෙක් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.තම තමන්ගේ හිතට එන එන දේවල් කියනවා මිසක් ඒ කිසිවක කිසිම අරුතක් නැහැ.මේ තමයි නාටකය.ඔබ උපත්84චක්‍රය වටා සිටියේ කෙසේද කියා ඔය දරුවන්ගේ බුද්ධියේ මතකය තිබෙනවා.මෙම අපිරිසිදු ලෝකයෙන් අපව පාරිශුද්ධ ලෝකයට ගෙන යාමට පරමාත්ම පියා පැමිණ සිටිනවා.පරමාත්ම පියාව සිහි කිරීමෙන් ඔබලා තවත් තැනකට මාරු වී යැවෙනවා.අපි කටු වලින් මල් වෙනවා.එවිට අපි ගෝලයේ පාලකවරුන් වෙමු.අපව ඒ තත්ත්වයට පත් කළේ පරමාත්ම පියායි.පරමාත්ම ජීවය සදා පාරිශුද්ධයි.ජීවාත්මයන් පිරිසිදු කරලිය හැක්කේ ඔහුට පමණයි.ස්වර්ණමය යුගයේ දීඔබලා ලස්සනට සිටියා:එහි තිබුණේ ස්වභාවික ලස්සනක්.මේ දිනවල,මිනිස්සු නොයෙකුත් කෘතිම විලාසිතා වලට ගිහින් දැන් කාලේ මතු වී ඇති විලාසිතා දෙස මඳක් බලන්න.ඔවුන් අඳින ඇඳුම් දිහා බලන්න.ඒ කාලයේ කාන්තාවන් කාගේවත් ඇසකට හසු නොවන ආකාරයෙන් වේල්පලටකට මුවා වෙලයි සිටියේ.දැන් ඒ වේල්පට ඉවත් කර අපිරිසිදු චර්යා රටාවන් සෑම තැනකම පැතිරිලා.පරමාත්ම පියා කියනවා:නරක දෙයට ඇහුම් කන් දෙන්න එපා.රජකෙනෙකුට බලයක් තිබෙනවා.දෙවියන්ගේ නාමයෙන් දානයක් දුන්නොත් ඒ කෙනාට බලයක් ලැබෙනවා.මෙහි කිසිම කෙනෙකුට බලයක් නැහැ.සෑම කෙනෙක්ම තම තමන්ට ඕන ඕන දේ කරනවා.මිනිසුන් කිළිටි වෙලා.ඔබව එගොඩ කරවන තොටියා ඔබගේ අත අල්ලාගෙන සිටිනා නිසා ඔබලා හරිම වාසනාවන්තයි.සෑම කල්පයකදීම ඔහුගේ උපකරණ වන්නේ ඔබලායි.පළමුවෙනිම යක්ෂ ගතිය ශාරීරික අවධානය බව ඔබලා දන්නවා.පසුව,අන් සියල්ල ඒ පසුපස පැමිණෙනවා.තමා ජීවයක් බව සලකා පියාව සිහි කිරීමට උත්සාහ දරන්න.මෙය තිත්ත බෙහෙතක් නොවෙයි.ඔහු නිකම්ම කියන්නේ:තමා ජීවයක් බව සලකාපරමාත්මපියාව සිහිකරන්න.ඔහු නිකම්ම කියන්නේ:තමා ජීවයක් බව සළකා පරමාත්ම පියාව සිහිකරන්න.බාබාව සිහි කරමින් කොපමන දුරක් ඇවිද්දත් ඔබගේ කකුල් රිදෙනා එකක් නැහැ.ඔබ සැහැල්ලු වේවි.බොහෝ උදව් ලැබේවි.සියළු බල ඇත්තන් වේවි.තමන් ලෝක පාලකවරුන් වෙනවාය කියා ඔබලා දන්නවා.ඔබ පැමිණ සිටින්නේ පියා ලඟටයි.ඔහු ඔබව කිසිම අපහසුතාවයක් දෙන්නේ නැහැ.ඔහු ඔබට කියන්නේ:නරක දේට ඇහුම් කන් දෙන්නා එපා කියා පමණයි.සේවා දක්ෂ ළමුන්ගේ මුවින් පිට වන්නේ ඥාන මිණිමුතු පමණයි.ඔවුන්ගේ දෙතොලින් ඥානය හා සම්බන්ධ දෙයක් හැරෙන්න වෙන කිසිවක් පිට වන්නේ නැහැ.අනවශ්‍ය ඕපාදූප වලට ඇහුම්කන් නොදෙන්න.සේවය කරනා අයගේ කටින් නිතරම පිට වන්නේ මුතු මැණික් පමණයි.ඥානය හැර වෙන ඕනෑම යමක් කතා කිරීම ගල් ගසනවා වගේ දෙයක්.ගල් විසි නොකරන වෙලාවට ඔබ අනිවාර්යෙන්ම ඥාන මුතු දානය කරනවා විය යුතුයි.එක්කෝ ඔබ ගල් විසි කරාවි නැතිනම් මිල කළ නොහැකි අවිනාශි ඥාන මුතු දානය කරනවා විය හැකියි.පරමාත්ම පියා පැමිණ ඥාන මිනිමුතු දෙනවා.නිතරම ගල් විසි කරනා එය භක්තියයි.බාබා ඉතාමත්ම මිහිරි මනෝහර කෙනෙක් බව ඔය දරුවන් දන්නවා.කල්ප බාගයක් පුරා ඔබලා ඔබයි මව ඔබයි පියා කිය කියා ගායනා කළා.නමුත් ඒ ගයන කිසිවක අරුත දැනගෙන සිටියේ නැහැ.නිකම් ගිරව් වගේ සින්දු කිව්වා.ඔය දරුවන් දැන් මහා සතුටක් විඳිය යුතුයි.බාබා අපට ලෝක ආධිපත්‍ය‍ යේ අසීමිත උරුමයක් හිමි කර දෙනවා වසර5000කට පෙර අප ලෝක පාලකවරුන් වී සිටියා.දැන් අපි පාලකවරුන් නොවෙයි.නමුත් නැවතත් එසේ වෙනවා.ශිව් බාබා බ්‍රහ්මා හරහා එමඋරුමය අපට දෙනවා.බ්‍රහමිණ් වංශයක් තිබිය යුතුයි.භාග්‍ය රථය කියා කිව්වත් ඒ මොකක්දැයි කියා ඔවුන් දන්නේ නැහැ.බ්‍රහ්මා හා බ්‍රාහ්මණ වංශයක් තිබෙන්නේ ඒ නිසායි.බාබා මෙම ශරීරයට ඇතුළු වුණු විට පමණයි බ්‍රහ්මා භාග්‍ය රථය වන්නේ.බ්‍රහ්මාගේ දරුවන් වන ඔබලා බ්‍රහමිණ්වරුන් වෙනවා.ඉහළින්ම සිටින්නේඔය බ්‍රහ්මිණ්වරුනුයි.බහුරූපී ප්‍රතිමා මෙහිදී පෙන්වනවා.ඉහළින්ම ශිව් බාබා.පසුව දෙවියන්ගේ දරුවන් වී සිටිනා සංගම යුගයේ ඔය බ්‍රහමිණ්වරුන් සිටිනවා.දැන් තමන් දේව දරුවන් බව ඔබලා දන්නවා.පසුව ඔබලා දේවතා දරුවන් වේවි.එමනිසා ඔබගේ කලා පහළ බසීවි.ලක්ෂ්මි නාරායනගේ කලාවන් අඩු වන්නේ ඔවුන්ට මෙම දැනුම නොමැති නිසායි. ඔය බ්‍රහමිණ්වරුන් තුළ මෙම ඥානය තිබෙනවා.කෙසේවෙතත්,ලක්ෂ්මි නාරායන් දැනුම නැති අයයි කියා ඔබ කියන්නේ නැහැ.ඔවුන් ඒ තත්ත්වය දිනා ගත්තේ මෙම ඥානය මගිනුයි.ඔබ බ්‍රහමිණ්වරුන් ඉතාමත් උසස්.පසුව ඔබලා දේවතාවරුන් වුණු විට මෙම දැනුම එහි තිබෙන්නේ නැහැ.මෙම දැනුම එහිත් තිබුණා නම් ඔබගේ දේවතා වංශය සදහටම පවතින දෙයක් වෙන්න තිබුණා.සියළුම රහස් කියන්නේ ඔය සදාදරණීය බොහෝ කාලයක් තිස්සේ අතරමං වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ටයි.දුම්රියක ගමන් කරනා අතරත් සේවය කල හැකියි.එක පින්තූරයක් ලඟ තබා ගෙන එක් අයෙකුට පමණක් කතා කළත් තවත් බොහෝ දෙනෙක් එතැනට එක් රොක් වේවි.මෙම වංශයට අයිති අය මෙම ඥානය හොදින් ධාරණය කරගෙන පුරවැසියන් වේවි.සේවය සඳහා යොදා ගත හැකි ඉතාමත් හොඳ පින්තූර රැසක් තිබෙනවා.අප භාරතවාසීන් මුල දී දේවතාවරුන්ව සිටියා.දැන් අපෙන් ගන්න කිසිම දෙයක් නැහැ.ඉතිහාසය නැවත අළුත් වෙනවා.අප ඉතාමත් උතුම් මිනිස් කොටසක් වන මෙම යුග අතරමැද ඇති සංගමය මෙයයි.අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානයම හැරෙන්න වෙන කිසිම දෙයකට ඔබගේ මුවින් පිට වීමට ඉඩ දෙන්න එපා.කිසිම විටෙක ඕපාදූප වලටඇහුම් කන් නොදෙන්න.ඔබගේ කටින් ඥාන මිණි මුතු මිස ගල් කැට පිටවීමට ඉඩ නොහරින්න.

2. සේවය කරනා ගමන් ස්මරණීය වන්දනාවේ නිරතව සිට ඔබව ලෙඩදුකින් මුදවා ගන්න.උපත්21කටම ඔබවලෙඩරෝග වලින් මුදවාලන සදාතනික ශල්‍ය වෛද්‍යවරයා වන පරමාත්ම දෙවියන්ම දැන් ඔබට මුණ ගැසී ඇතයන කුල්මත් බවින් හා සතුටින් සිටින්න.

වරදානය:
ඔබ සෑම ක්‍රියාවකදීම පරමාත්ම පියා අනුගමනය කරන සහ සෙනෙහසේ ප්‍රතිචාරය ලබා දෙන දැඩි උත්සාහවන්තයෙකු වේවා.

ඔබ නිරායාසයෙන්ම ඔබ ආදරය කරන තැනැත්තා අනුගමනය කරයි. සෑම විටම ඔබෙන්ම මෙසේ අසා ගැනීමට මතක තබා ගන්න: මම කරන ක්‍රියාවේදී පරමාත්ම පියා අනුගමනය කරනවාද? එසේ නොවේ නම්, එතැනින් නතර වන්න. පරමාත්ම පියා පිටපත් කිරීමෙන්, ඔබ පරමාත්ම පියාට සමාන වේ. ඔබ පිටපතක් සෑදීමට කාබන් කඩදාසි භාවිතා කරන ආකාරයටම, අවධානයේ කඩදාසිය භාවිතා කරන්න, එවිට පිටපතක් සාදනු ලැබේ, මන්ද, දැන් දැඩි උත්සාහවන්තයෙකු වී සෑම බලයකින්ම ඔබව පිරී යාමට ඇති එකම කාලයයි. ඔබට ඔබවම සම්පූර්ණ කර ගැනීමට නොහැකි නම්, යමෙකුගේ උදව් ලබා ගන්න. එසේ නොමැති නම්, ඔබ ඉදිරියට ගියහොත්, එය "ප්‍රමාද වැඩියි" වේවි.

පාඨය:
තෘප්තියේ ඵලය සතුටයි, සතුටින් සිටීමෙන් ඔබගේ සියලු ප්‍රශ්න අවසන් වේ.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

කිසිම දුර්වල ජීවාත්මයක දුර්වලතා දෙස නොබලන්න. සියලු ජීවාත්මයන් වෙනස් බව මතක තබා ගන්න. සෑම කෙනෙකුටම ජීවාත්ම අවධානයේ දැක්මක් ඇති වේවා. සෑම කෙනෙකුම ජීවාත්මයක් ලෙස සිහිපත් කිරීමෙන් ඔබට ඔවුන්ට බලය ලබා දීමට හැකි වනු ඇත. ජීවාත්මය කතා කරයි, මේවා ජීවාත්මයේ සංස්කාර වේ: මෙම පාඩම ස්ථිර කරගන්න, එවිට ඔබට සැවොම වෙනුවෙන් සුබ පැතුම් තිබෙනු ඇත.