27.07.25    Avyakt Bapdada      Sinhala Murli     14.03.2006    Om Shanti    Madhuban


පරමාත්ම දෙවියන් සමග හමුවක් සැමරීම සදහා “මම” හි වැරදි අවධානය පිලිස්සීමේ හෝලිය සමරන්න. සියළු ජීවාත්මයන්ව සතුට, සාමය, සෙනෙහස සහ ආනන්දයේ පැහැයෙන් වර්ණවත් කිරීමට ඔබගේ ද්‍රිෂ්ඨියේ පැන් ඉසිනය භාවිතා කරන්න.


අද පූජනීයම පියා, ඔහුගේ පූජනීය දරුවන් සමග හමුවක් සමරනවා. සෑම තැනකම සිටින ඔය පූජනීය දරුවන්, දුර ඈත අසුන්ගෙන සිටින අතර, සමීපයි. එවන් ශ්‍රේෂ්ඨ පිවිතුරු දරුවන්ගේ නළලේ බාප්දාදා දිලිසෙන වාසනාවේ තරුව දකිනවා. මුළු කල්පය පුරාම වෙනත් කිසිවෙක් එතරම් ශ්‍රේෂ්ඨ ලෙස පිවිතුරු වන්නේ නැහැ. මෙම සංගම යුගයේ පාරිශුද්ධත්වයේ භාරය සිදුකරන්නේ ඔය වාසනාවන්ත දරුවන්ය. අනාගතයේ ඔබ දෙගුණයක් පිවිතුරු වෙයි: ශරීරය පිවිතුරුයි එමෙන්ම ජීවාත්මයත් පිවිතුරුයි. මුළු චක්‍රය වටාම යන්න. කෙතරම් ශ්‍රේෂ්ඨ ජීවාත්ම පැමිණ ඇතත්, පිවිතුරු අය සිටින්නේ ඉතාම ස්වල්ප දෙනෙකි -ජීවාත්මය සහ සිරුර පිවිතුරු අය. ආගමික ජීවාත්ම හෝ ධර්මාත්ම මෙතරම් පිවිතුරු වී නොමැති අතර ශ්‍රේෂ්ඨ ජීවාත්ම වත් මෙතරම් පිවිතුරු වී නොමැත. ඔය දරුවන් ගැන බාප්දාදා ආඩම්බර වනවා: අපූරුයි මගේ බොහෝ සේ පිවිතුරු දරුවන්! අපූරුයි! වෙනත් කිසිවෙක් දෙගුණයක් පිවිතුරු වන්නේ නැති අතර ද්විත්ව කිරුළු පලදින්නේ නැත. ද්විත්ව කිරුළු පලදින්නේ ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්මයි. ඔබගේ ස්වරූප, එනම්, ඔබගේ දෙගුණයක් පිවිතුරු සහ ද්විත්ව කිරුළු පැලදි ස්වරූප ඔබ ඉදිරියේ මතු වනවා නේද? ඔබ මෙම සංගම යුගයේ ඔබගේ ජීවිතයේ ප්‍රායෝගිකව නිර්මාණය කර ඇති සෑම සියළු විශේෂත්වයක්ම, සිහිවටනයක් ලෙස ලෝකයේ මිනිසුන් සමරන්නේ මේ නිසයි.

අදත් ඔය සියළු දෙනාම සෙනෙහස් විමානයේ මෙහි පැමිණ ඇත්තේ හෝලි සැමරීමටයි. ඔබ මෙහි පැමිණියේ හෝලි සැමරීමට නේද? ඔබ සියළු දෙනාම ඔබගේ ජීවිතය තුල පාරිශුද්ධත්වයේ හෝලි සමරා ඇත. ලෝකයේ මිනිසුන් ආධ්‍යාත්මික වැදගත්කමක් ඇති සෑම දේකටම භෞතික ස්වරූපයක් දී තිබේ, මන්ද ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා. ඔබලා ජීව අවධානයෙන් සිටින අයයි, ආධ්‍යාත්මික ජීවිතයක් ඇති අයයි, නමුත් ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා ඔවුන් සෑම දෙයක්ම භෞතික ලෙස ගෙන ඇත. ඔබ යෝගා ගින්නේ ඔබගේ පැරණි සංස්කාර පුළුස්සා දමා ඇති අතර ලෝකයේ මිනිසුන් භෞතික අන්දමකින් යමක් පුළුස්සයි. ඇයි? ඔබගේ පැරණි සංස්කාර පුළුස්සා නොදමා, ඔබට පරමාත්ම දෙවියන්ගේ ඇසුරින් පැහැ ගැන්විය නොහැකි අතර ඔබට පරමාත්ම දෙවියන්ව මුණගැසීම පවා අත්විදිය නොහැක. ඔබගේ ජීවිත කෙතරම් වටින්නේද යත්, ඔබගේ සෑම පියවරක්ම උත්සවයක ස්වරූපයෙන් සැමරෙයි. ඇයි? මුළු සංගම යුගය පුරාම ඔය සෑම සියළු කෙනෙක්ම උනන්දුවේ සහ උද්යෝගයේ ජීවිතයක් නිර්මාණය කරගෙන තිබේ. ඔබගේ ජීවිතයේ සිහිවටනය, මිනිසුන් එක්-දින උත්සවයක් ලෙස සමරයි. ඔබ සියළු දෙනාගේම ජීවිතය උනන්දුව, උද්යෝගය සහ සතුටින් පිරි එකක් නේද? නැත්නම් එය විටෙක පමණයිද? ඔබට නිරන්තරයෙන් උද්යෝගය තිබෙනවාද? නැත්නම් විටෙක පමණයිද? ඔබට උද්යෝගය සහ සතුට තිබෙන බව හැගී යන අය, එමෙන්ම ඔබගේ ජීවිතයේ ඇති සතුට, පරමාත්ම දෙවියන්ගෙන් ලද විශේෂ තිලිණයක් බවත්, කුමක් සිදුවුනත්, බ්‍රහ්මින් ජීවිතයේ ඔබගේ උනන්දුව සහ උද්යෝගය කිසිම විටෙක අතුරුදහන් විය නොහැකි බව හැගී යන අය අත් ඔසවන්න! ඔබ මෙය අත්දකිනවාද? බාප්දාදාට සෑම දරුවෙකුගේම මුහුණ නිරන්තරයෙන් සතුටින් තිබෙනවා දැකීමට අවශ්‍යයි, මන්ද, ඔබට තිබෙන සතුටේ භාග්‍යය (කුශ් නසීබ්) වෙනත් කිසිම කෙනෙකුට නොමැති අතර වෙනත් කිසිවෙකුට එවන් සතුටක් තිබීමටද නොහැක. බොහෝ විවිධ අංශ වල (වෘත්තීන්) මිනිසුන් මෙහි අසුන්ගෙන සිටිනවා. එබැවින් අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වීම සදහා ඔබ තමන් වෙනුවෙන් සැලසුමක් සාදා තිබෙනවාද?

බාප්දාදාට සතුටුයි. අද අහවල් අංශය ඇවිත්, විවිධ අංශ ඇවිත්. සාදරයෙන් පිලිගන්නවා. පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්. සේවය කිරීමට ඔබට හොද උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙනවා. කෙසේවෙතත්, ප්‍රථමයෙන්ම තමන් වෙනුවෙන් සැලසුමක් සාදන්න. සියළු වෘත්තීන්ගේ සැලසුම් අනෙකාට වඩා හොද බව බාප්දාදා දැක තිබෙනවා, එමෙන්ම ඔවුන් ඉතා හොද සැලසුම් සාදයි. එයත් සමගම ස්ව-ප්‍රගතිය වෙනුවෙන් සැලසුමක් සැදීමත් බොහෝ සේ අත්‍යාවශ්‍යයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ මෙයයි. සෑම වෘත්තියක්ම ස්ව-ප්‍රගතිය සදහා ප්‍රායෝගික සැලැස්මක් සාදා අංකයක් හිමි කරගත යුතුයි. මේ දේශයේ හෝ විදෙස් රට වලින් වුවද, ඔබ කණ්ඩායම් ලෙස එකතු වෙනවා. ඔබ රැස්වීම් පවත්වා සැලසුම් සාදයි. බාප්දාදා ඒ ගැන සතුටු වනවා, නමුත් කණ්ඩායමක් ලෙස සේවය කිරීමට ඔබ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සැලසුම් සාදන සේම, එතරම්ම උනන්දුවකින්, උද්යෝගයකින් සහ අංකයක් හිමි කරගැනීමට අවධානය යොමු කිරීමෙන්, ස්ව-ප්‍රගතිය වෙනුවෙන්ද සැලසුම් සාදන්න. මේ මාසයේ, සෑම වෘත්තියක්ම තම ස්ව-ප්‍රගතිය වෙනුවෙන් සැලසුම, ප්‍රායෝගික ස්වරූපයකට දමා ඇති බව ඇසීමට බාප්දාදාට අවශ්‍යයි. විවිධ වෘත්තීන් වලින් පැමිණ ඇති අය, අත් ඔසවන්න! සියළුම වෘත්තීන් වල අය. අච්චා, බොහෝ දෙනෙක් ඇවිත්. බොහෝ අංශ ඇවිත්. වෘත්තිය කණ්ඩායම් පහක් හෝ හයක් පැමිණ සිටින බව බාප්දාදාට අසන්නට ලැබුණා. ඉතා හොදයි. සාදරයෙන් පිලිගන්නවා. දැන් තව එක අවසන් හමුවක් ඉතිරිවී තිබෙනවා. බාප්දාදා දැනටමත් ගෙදරවැඩ ලබා දී තිබෙනවා. බාප්දාදා දිනපතාම ප්‍රතිඵල දෙස බලනවා. අවසන් හමුවෙදී බාප්දාදා ඔබගේ ගිනුම් අරගන්න බව ඔබ සිතනවා ඇති, නමුත් බාප්දාදා ඒවා දිනපතාම පරීක්ෂා කරනවා. ඔබට තවමත් දින 15ක් තිබෙනවා. ඉතිරි දින 15 වෙනුවෙන්, පැමිණ ඇති විවිධ වෘත්තිකයන්ට බාප්දාදා සංඥාවක් ලබා දෙනවා - එමෙන්ම පැමිණ නොමැති, වෘත්තීන් වෙනුවෙන් උපකරණ වන දරුවන්ටත්: සෑම වෘත්තියකම අය, ස්ව-ප්‍රගතිය වෙනුවෙන්, යම් විශේෂිත බලයක ප්‍රතිමූර්තියක් වීමට, විශේෂ ගුණධර්මයක ප්‍රතිමූර්තියක් වීමට, ලෝක යහපත වෙනුවෙන් යම් ස්වරූපයක ආලෝකය සහ ශක්තිය ලබා දීමට සැලසුමක් සෑදිය යුතුයි. සෑම වෘත්තියකම අය ඔවුන් අතරේ මෙය තීරණය කර ඉන්පසුව පරීක්ෂා කර බලන්න: එක් එක් වෘත්තීය අංශ වල සියළුම සාමාජීකයන් වන අය: ඔබ සාමාජිකයෙක් වීම හොදයි, නමුත් සෑම සාමාජිකයෙක්ම අංක එක විය යුතුයි. ඔබ යම් වෘත්තියමය අංශයක සාමාජිකයෙක් බවට පමණක් ඔබගේ නම සටහන් නොවිය යුතුයි. ඔබ යම් විශේෂිත වෘත්තීය අංශයක ස්ව-ප්‍රගතිය වෙනුවෙන් සාමාජිකයෙකි. මෙය කළ හැකිද? විවිධ අංශ වලට උපකරණ වන අය සිටගන්න! විදේස් රටවල උපකරණ වන අය සිට ගන්න! විදෙස් රටවල් වෙනුවෙන් උපකරණ වන පස් හය දෙනා සිට ගන්න! (විදෙස් රටවල ජ්‍යේෂ්ඨ සහෝදරියන්ට කතා කරමින්) ඔබ සියළු දෙනාම ඉතා බලවත් ප්‍රතිරූ බව බාප්දාදා දකිනවා. ඔබ සියළු දෙනා ඉතා හොද ප්‍රතිරූ. ඔබට අනිවාර්යෙන් යමක් සිදුකර දවස් 15කින් එය බාප්දාදාට පෙන්විය හැකි බව ඔබ සිතනවාද? එය කළ හැකිද? කතා කරන්න. එය කළ හැකිද? (අපි සම්පූර්ණ උත්සාහ දරන්නම්). තව කතා කරන්න. කළ හැක්කේ කුමක්ද? (කිසිම කෙනෙක් කෝප නොවීමට පරිපාලන අංශය සැලසුමක් සාදා ඇත.) ඔබ ඒ ගැනත් විමර්ශනයක් පවත්වනවාද? ඔය සහෝදරියන් (ගුරුවරු) එඩිතරකම පවත්වා ගන්න. එසේ නම්, විමර්ෂණයක් පැවැත්වීමෙන් පසුව ඔබට දින 15කදි ප්‍රතිඵලය ලබා දිය හැකිද? විදෙස් රටවල අය “ඔව්” කියනවා. ඔබ සිතන්නේ කුමක්ද? එය කළ හැකිද? භාරතයේ අය කතා කරන්න! එය කළ හැකිද? ඔබ සියළු දෙනාගේ ප්‍රතිරූ දැකීමෙන්, ප්‍රතිඵලය හොද බව බාප්දාදාට හැගී යයි. කෙසේවෙතත්, ඉතිරි දින 15දි අවධානය යොමු කිරීමට ඔබ උත්සාහ දරන්නේ නම්, එවිට මෙම පුහුණුව අනාගතයේද ප්‍රයෝජනවත් වෙයි. ඔනෑම ගුණධර්මයක් හෝ බලයක් තිබීමේ අරමුණ ඇති කරගැනීමට අවශ්‍ය කෙනෙකුට, බාප්දාදා අංකයක් ලබා දෙන අන්දමේ එවන් රැස්වීමක් දැන් පවත්වන්න. ස්ව-සේවා අංශයේ අංක එකට සිටින්නේ කවුරුන්ද කියා බාප්දාදා නොකඩවා බලනවා. ඉතා හොද සැලසුම් සාදන බව බාප්දාදා දැක තිබෙනවා, නමුත් සේවය සහ ස්ව-ප්‍රගතිය එකට සිදු නොවන්නේ නම්, එවිට තිබිය යුතු තරමට සේවා සැලසුම් වල සාර්ථකත්වයක් ඇති වන්නේ නැහැ. එබැවින් ඉතා ආසන්න ඉදිරි සමයේ, කාලයේ සමීපත්වය දැක, සේවය සහ ස්ව-ප්‍රගතිය ඒකාබද්ධව තබා ගන්න. ස්ව-ප්‍රගතිය පමණක් නොතිබිය යුතුයි; සේවයද තිබිය යුතුයි, මන්ද ඔබගේ ස්ව-ප්‍රගතියේ ස්ථිතිය මගිනුයි, ඔබ සිදු කරන සේවයේ වැඩි සාර්ථකත්වයක් ඇති වන්නේ. සේවයේ සහ ස්ව-ප්‍රගතියේ සාර්ථකත්වයේ ලක්ෂණය වන්නේ, මේ දෙකෙන්ම ඔබ තමන් සමගම තෘප්තිමත් වන අතර ඔබ සේවය ලබා දෙන කවුරු වුවද, එම සේවය තුලින් තෘප්තිය අත්විදියි. තමන් මෙන්ම, ඔබ සේවා උපකරණ වන්නේ කාටද, එම අයත්, තෘප්තිය අත්විදින්නේ නැත්නම්, එවිට අඩු සාර්ථකත්වයක් තිබෙන අතර ඔබට වැඩියෙන් උත්සාහ දැරීමට සිදුවෙයි.

සේවයේ සහ ස්ව-ප්‍රගතියේ පහසු සාර්ථකත්වය ලබා ගැනීමේ රන් යතුර කුමක්ද කියා ඔබ සියළු දෙනා දන්නවාද? ඔබ සියළු දෙනාම එය අත්විද තිබේ. රන් යතුර වන්නේ: බ්‍රහ්ම පියා සහ ජගදම්බා සිදු කරන අන්දම ඔබ දුටු ආකාරයටම, ඔබගේ හැසිරීමේ, මුහුණේ සහ නෑ සම්බන්දතාවන්හි, උපකරණයක් වීමේ අවධානය තිබීම සහ නිහතමානී වී, පිවිතුරු වදන් කතා කිරීම. කෙසේවෙතත් දැන් සමහර අවස්ථාවන්හි, සේවා සාර්ථකත්වයේ යම් ප්‍රතිශතයක් තිබෙන අතර එයට හේතුව කුමක්ද? ඔබට අවශ්‍ය දේ, අවශ්‍ය ප්‍රමාණය සහ ඒ සදහා ඔබ සාදන සැලසුම් අතර ප්‍රතිශතයක් තිබෙන්නේ ඇයි? වැඩි දෙනෙකුට, සාර්ථකත්වය නොමැති වීමට හේතුව එක වචනයක් බව බාප්දාදා දැක තිබෙනවා. එම වචනය කුමක්ද? “මම”ය. “මම” යන වචනය ආකාර තුනකින් භාවිතා කරයි. ජීව අවධානයට පත් වීමේදී, “මම” ජීවාත්මයක්මි, ඔබ “මම” යන වචනය භාවිතා කරයි. ශරීර අවධානයේදීද ඔබ පවසන්නේ, “මම මොනවා කීවත්, මම කුමක් කළත්, නිවැරදියි, වැඩියෙන් නුවණ ඇත්තේ මටයි.” එය සීමිත “මම”ය. ශරීර අවධානය තුලත් “මම” තිබේ. තුන්වන “මම” වන්නේ, යම් කෙනෙක් අධෛර්යමත් වූ විට ඔහු “මම” යන වචනය භාවිතා කරයි. “මට මෙය කළ නොහැක, මට එඩිතරකම නොමැත. මෙය ඇසීම මට දරා ගන්නට බැහැ, මට මෙයට ඉඩ දිය නොහැක.” එබැවින් තුන් ආකාරයේම “මම” පිලිබද බොහෝ ගීත, බාප්දාදාට නොකඩවා ඇසෙයි. ඔවුන්ගේ අංකය හිමි කරගැනීමට බ්‍රහ්ම පියාට සහ ජගදම්බාට තිබුණු විශේෂත්වය වූයේ, “මම” පිලිබදව වැරදි අවධානයක් ඔවුන් තුල කිසිසේත්ම නොතිබීමය. ඔවුන් ඒ ගැන සම්පූර්ණයෙන් නොදැනුවත්ව සිටියා. බ්‍රහ්ම පියා කිසි දිනෙක මෙසේ නොකීහ: “මෙම අවවාද දෙන්නේ මමයි. මම නිවැරදියි.” එය සෑම විටම වුනේ, “බාබා, බාබා. බාබා මා ලවා එය කරවනවා. එය කරන්නේ මම නොවෙයි. මම දක්ෂ නැහැ, දරුවන් දක්ෂයි.” ජගදම්බාගේ පාඨය වුනේ - ඔබට මතකද? වැඩිමහළු අයට මතක් වෙයි. “උපදෙස් ලබා දෙන කෙනා මාව චලනය කරවනවා. චලනය වන්නේ මා නොවෙයි, නමුත් කරවන්හාර් වන පියා, මා ලවා එය කරවනවා.” එබැවින් ප්‍රථමයෙන්ම, ඔබ සියළු දෙනා අහංකාරකමේ “මම” සහ අපහාසාත්මක හැගීම් අවසන් කර, ඉදිරියට ගමන් කළ යුතුයි. සෑම කාරණාවකදීම ඔබගෙන් ස්වාභාවිකව “බාබා, බාබා” මතු විය යුතුයි. එය ස්වාභාවිකව මතු විය යුතුයි මන්ද, පියාට සමාන වීමේ සිතිවිල්ල ඔබ සියළු දෙනාටම ඇති විය. සමාන වීම සදහා, මෙම එක රාජකීය “මම” සරලව පුළුස්සා දමන්න. හොදයි ඔබ කෝප වන්නේ නැහැ. කෝපය ඇති වන්නේ ඇයි? ඔබට “මම” යන අවධානය තිබෙන නිසා.

ඔබ මෙහි පැමිණියේ හොලි සැමරීමටයි. එබැවින් පලමුවෙන්ම සමරන හෝලිය කුමක්ද? පුළුස්සා දැමීම. ඔබ ඉතා හොදයි එමෙන්ම ඉතා වටින්නේය. පරම පියාගේ බලාපොරොත්තුවේ පහන් ඔබයි. මෙම කුඩා “මම” සරලව කපා දමන්න, එපමණයි. “මම” දෙකම කපා දමා එක”මම” පමණක් තබා ගන්න. ඇයි? ඔබගේ බොහෝ සහෝදර සහෝදරියන් - බ්‍රහ්මණයන් නොව නමුත් අග්‍යානී ජීවාත්ම - ඔවුන්ගේ ජීවිත තුල අධෛර්යමත් වී සිටියි. ඔබට දැන් ඔවුන් මතට එඩිතරකමේ පියාපත් දැමීමට සිදුවෙයි. ඔවුන් සම්පූර්ණයෙන් ආධාරයක් නොමැතිව සිටින අතර සියළු බලාපොරොත්තු නැති කරගෙන සිටියි. එබැවින් අහෝ, දයාවෙන් පිරි, සානුකම්පිත, කාරුණාවන්ත අය, ලෝකයේ විශේෂ ආදරණීය දේවතා ජීවාත්ම, ඔබගේ පිවිතුරු පැතුම් වලින්, දයාවේ හැගීම් සහ ජීව අවධානයෙන් ඔවුන්ගේ ආශා ඉටු කරන්න! ඔබ වෙතට දුක සහ අසාමයේ චිත්ත තරංග පැමිණෙන්නේ නැද්ද? උපකරණ ජීවාත්ම, පූර්වජයන්, වන්දනීය ජීවාත්ම, වෘක්ෂයේ කද සහ අත්තිවාරම ඔබයි. සියළු දෙනාම ඔබව සොයමින් සිටිනවා: “අපගේ ආරක්ෂකයන් කොහේ ගිහින්ද? අපේ විශේෂ ආදරණීය දේවතාවන් කොහේ ගිහින්ද?” පරම පියාට බොහෝ කන්නලව් කිරීම් ඇසෙනවා. දැන් ස්ව-ප්‍රගතිය ඇතිව ඔවුන්ට විවිධ බලයන්ගේ සකාශ් ලබා දෙන්න. ඔවුන්ට එඩිතරකමේ පියාපත් ලබා දෙන්න. ඔබගේ ද්‍රිෂ්ඨිය පැන් ඉසිනයකි. ඔවුන්ව සතුට, සාමය, සෙනෙහස සහ ආනන්දයේ පැහැයෙන් වර්ණ ගැන්වීමට ඔබගේ ද්‍රිෂ්ඨි පැන් ඉසිනය භාවිතා කරන්න. ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ පැහැයෙන් වර්ණවත් වි ඇත. අනෙක් සියළුම ජීවාත්මයන්ට ආධ්‍යාත්මික පැහැයේ අත්දැකීම් ටිකක් ලබා දෙන්න. ඔවුන්ට පරමාත්ම දෙවියන් මුණගැසීමේ ශුභ මේලාවක අත්දැකිම ලබා දෙන්න. එවන් සැරිසරන ජීවාත්මයන්ට ඔවුන්ගේ ගමනාන්තයට මාවත පෙන්වන්න.

ස්ව-ප්‍රගතියට සැලසුම් සාදා, එහිදි ඔබ තමන්ගේම පරීක්ෂක වී, කිසියම් රාජකීය “මම” මතු වන්නේද කියා පරීක්ෂා කර බලන්න. අද ඔබ ඇවිත් සිටින්නේ හෝලි සැමරීමටයි, එබැවින් බාප්දාදා ඔබට මෙම සිතිවිල්ල ලබා දෙනවා: අද, ඔබ පිටත්ව යාමට පෙර, අහංකාරකමේ, අපහාසාත්මක හැගීම් සහ අධෛර්යමත් වීමේ “මම’ පුළුස්සා දමන්න. ඔබ එය ඔබත් සමග ආපසු රැගෙන යන්නේ නැහැ. ඔබ යමක් පුළුස්සා දමනවා නේද? ඔබ ගින්නක් දල්වනවාද? ගිණි කන්දක් තරම් දරුණු යෝගා ගින්න - එය තුල එය පුළුස්සා දමන්න. එය පුළුස්සා දමන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? එවන් තීව්‍ර, ගිණි කන්දක් වැනි යෝගාවේ සිටීමට ඔබ දන්නවාද? එසේ නැත්නම් ඔබ දන්නේ, සාමාන්‍ය යෝගාවේ සිටීමට පමණයිද? ගිණිකන්දක් වැනි යෝගාව ඇති අය, ප්‍රදීපාගාර සහ බලාගාර වන්න. ඔබ එයට කැමතිද? කරුණාකර අවධානය යොමු කරන්න! “මම” පුළුස්සා දමන්න!

“මම, මම” යන ගීතය, බාප්දාදාට ඇසෙන විට ඔහු එහි ස්විචය නිවා දමයි. “අපූරුයි! අපූරුයි!” ගීත තිබෙන විට ඔහු එහි හඩ වැඩි කරයි, නමුත් “මම, මම” යන අවධානය තුල විශාල ඇදීමක් (පීඩාවක්) තිබේ. සැම දේකම ඇදීමක් තිබෙයි. “මෙය නොවෙයි, එය නොවෙයි, මෙහෙම නොවෙයි, එහෙම නොවෙයි.” එබැවින් මෙම ආකර්ෂණය නිසා, ආතතියක් නිර්මාණය වෙයි. බාප්දාදා බැදීම්, ආතතිය සහ ස්වභාවයට (වැරදි ස්වභාවයට) කැමති නැහැ. ඇත්ත වශයෙන්, ස්ව-භාව යන වචනයේ අරුත, තමන් පිලිබද හැගීම් - ඉතා හොදයි, නමුත් එය වැරදි ආකාරයට ගෙන ඇත. ඔබ යම් සිදුවීමකට ඇදී නොයා යුතු අතර, කිසිවෙක් ඔබ වෙතට ඇද ගත යුතුද නැත. එයත් බොහෝ අසහනය ඇති කරයි. එසේ කිරීමට කියා කෙනෙක් ඔබට කෙතරම් කියුවත්, ඔවුන්ව ඔබ වෙතට ඇද නොගන්න. එමෙන්ම ඔබ සිදුවීමකට වුවද ඇදී නොයා යුතු අතර ඔබ කිසිවක් ඔබ වෙතට ඇද නොගත යුතුයි. සියළු ඇදගැනීම් අවසන් කරන්න. “බාබා, බාබා සහ බාබා” පමණක් තිබිය යුතුයි. ඔබ මෙයට කැමතිද? එබැවින් වැරදි “මම” අතහැර දමන්න, ඒවා ඔබත් සමග රැගෙන නොයන්න. ඒවා දුම්රියේදි බරක් ඇති කරයි. ඔබට මෙවන් ගිතයක් තිබෙනවා: “මම බාබාට අයත් වන අතර බාබා අයිති මටයි.” එබැවින් මෙම එක “මම” පමණක් තබා ගන්න. අනෙක් “මම” දෙක අවසන් කරන්න. ඔබ හෝලි සමරා ඇත; ඔබ සෑම දෙයක්ම පුළුස්සා තිබේ, සිතිවිලි වල පවා. දැන් ඔබ සිතිවිල්ල නිර්මාණය කරනු ඇත. ඔබට සිතිවිල්ලක් ඇති වුණාද? අත් ඔසවන්න. ඔබ එය පුළුස්සා දැමුවාද? එසේ නැත්නම් සුළු ප්‍රමාණයක් තවමත් ඉතිරි වෙයිද? සුළු ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ඔබට අවසර ලබා දිය යුතුද? සුළු පුමාණයක් තබා ගැනීමට ඔබට නිදහස ලබා දිය යුතුද? ටිකකට ඔබට නිදහස දිය යුතුද? ටිකක් තබා ගැනීමට ඔබට නිදහස ලබා දිය යුතු බව සිතන අය, අත් ඔසවන්න! ටිකක් ඉතිරි වී තිබෙයි නේද? ඔබ බොහෝ එඩිතරයි. සුබ පැතුම්! ආතතියෙන් නොව, සතුටින් නටන්න, ගයන්න. අච්චා.

දැන් එක තත්පරයකදි ඔබගේ මනසේ ඇති සියළු සිතිවිලි අවසන් කරන්න. එක තත්පරයකදි උත්තරිතර ස්ථානයේ, උසස්ම උසස් ස්ථානයේ, උසස්ම-උසස් පියා සමග උසස්ම-උසස් මනෝ ස්ථිතියේ අසුන් ගන්න. පරම පියා මෙන් මාස්ටර් සර්ව-බලධාරියෙක් වී, ලෝකයේ ජීවාත්මයන්ට බලයේ කිරණ ලබා දෙන්න. අච්චා.

සෑම තැනකම සිටින විශේෂ, ලොවට-යහපත සලසන ජීවාත්ම වන ඔය පූජනීයම, උසස්ම දරුවන්ට, සියළුම පූර්වජ සහ වන්දනීය ජීවාත්මයන්ට, පරම පියාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින සියළුම දරුවන්ට, බාප්දාදාගේ හදවතින් ආශිර්වාද සහ සෙනෙහස සමග ඔහුගේ ස්මරණය සහ නමස්තේ.

ලිපි, කාඩ්පත්, ඊ-මේල් සහ පරිගණක මගින් බාප්දාදාට දුර ඈත සිට එවූ සියළු පණිවිඩ ලැබුණු අතර එම දරුවන් ඔහු ඉදිරියේ පෞද්ගලිකව සිටින සේ දැක, බාප්දාදා ඔබට කෝටි-ගුණයක සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා. අච්චා.

වරදානය:
ඔබ ආධාරක ප්‍රතිමූර්තියක් සහ ඉහල නැංවීමේ ප්‍රතිමූර්තියක් වී, ඔබගේ වන්දනීය ස්වරූපයේ අවධානයෙන් සියළු ජීවාත්ම බලවත් කරත්වා.

දේවතාවන් වීමට යන ඔය බ්‍රහ්මින්වරු මෙම කල්ප වෘක්ෂයේ ප්‍රධාන කද සහ සියළු දෙනාගේ පූර්වජයන්ය. සෑම ක්‍රියාවකම පදනම, වංශයේ ආචාර ධර්ම වල පදනම, චාරිත්‍ර වාරිත්‍ර වල පදනම, ආධාර වල ප්‍රතිමූර්ති සහ ඉහල නැංවීමේ ප්‍රතිමූර්ති වන ඔය පූර්වජ ජීවාත්මයි. සියළු ජීවාත්මයන්ට, ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති කිරීමට සහ සියළු බල ලැබෙන්නේ කද වන ඔබ හරහාය. සියළු දෙනා අනුගමනය කරන්නේ ඔබවයි, මේ නිසයි, ඔබ සෑම සිතිවිල්ලක් නිර්මාණය කළ යුත්තේ සහ සෑම ක්‍රියාවක්ම සිදු කළ යුත්තේ, තමන් මෙතරම් විශාල කාර්යයක් වෙනුවෙන් වගකීමක් දරන බව සලකමින්ය, මන්ද, කාලය සහ ලෝකයේ තත්ත්වය රදා පවතින්නේ ඔය පූර්වජ ජීවාත්ම මත නිසා.

පාඨය:
සියළු බලයන්ගේ කිරණ සෑම තැනකම විහිදුවන අය, මාස්ටර් ඥාන සූර්යයන්ය.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

ඔබගේ හසුරුවා ගැනීමේ බලය සහ පාලන බලය අඩු වන්නේ වදන් තුනක් නිසයි: 1) ඇයි? 2) මොකක්ද? 3) ඕනෑ. මේ වදන් තුන අවසන් කර එක වචනයක් පමණක් කියන්න “අපූරුයි!” එවිට ඔබ පාලන බලය වර්ධනය කර ගනියි. එවිට ඔබගේ සිතිවිලි බලයෙන් ඔබට අසීමිත සේවය වෙනුවෙන් උපකරණයක් විය හැක.