27.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ තරම් භාග්‍යවන්ත කෙනෙක් මුළු ලොවෙහිම නැත. ඔබලා රාජ ඍෂිවරුන්. ඔබ
රාජයෝගාව ඉගෙන ගන්නේ රාජධානිය වෙනුවෙනි.
ප්‍රශ්නය:
සංගම යුගයේදී
ඔය දරුවන්ද ධාරණය කරගන්නා, අශාරීරික පියාට තිබෙන, සංස්කාර මොනවාද?
පිළිතුර:
අශාරීරික පියාට දැනුමේ සංස්කාර තිබේ. ඔහු ඔබට දැනුම පවසා, ඔබව අපවිත්‍ර බවින්
පිවිතුරු කරවයි. ඔහුට දැනුමේ මහා සාගරය, පාරිශුද්ධකරු යැයි කියන්නේ මේ නිසාය. ඔය
දරුවන්ද මෙකල, එම සංස්කාරය ධාරණය කරගන්නවා. ඔබ කුල්මත් බවින් පවසන්නේ, පරමාත්ම
දෙවියන් ඔබට උගන්වන බවයි. අපි ඔහුට සවන් දී, ඉන්පසුව ඔහු අපට පවසන දේ, සෑම කෙනෙකුටම
පවසයි.
ගීතය:
අපි බලා සිටි
දිනය අවසානයේ ඇවිත්!
ඕම් ශාන්ති.
සුමිහිරි
ආධ්‍යාත්මික දරුවන්ට මෙම ගීතය ඇසුණා. මෙය කාගේ ප්‍රශංසාවද? ඒකායන පියාගේ. ශිවාට
නමස්කාර වේවා. උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන්ය. ඔහු අපගේ පියා බව, ඔය දරුවන්
දන්නවා. අපි සැවොම පියා නොවෙයි. මුළු ලෝකයම සහෝදරත්වයක් බව සිහි කර තිබේ. සන්යාසීන්
සහ විද්වතුන්ට අනුව, දෙවියන් සෑම තැනකම සිටියි, එබැවින් එය පීතෘත්වයක් වෙයි. ඔබ
සහෝදරයන් වන විට, ඔබට උරුමයක් ලබා දීමට ඇති පියා ඔහු බව, ඔප්පු වෙයි. එය පීතෘත්වයක්
නම්, උරුමයක් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. අප සියලුම ජීවාත්මයන්ගේ පියා,
එක්කෙනෙක් බව, ඔය දරුවන් දන්නවා. ඔහුට ලෝක දෙවි පියාණන් යැයි කියයි. ලෝකයේ සිටින්නේ
කවුද? සියලුම සහෝදරයන්. සියලු දෙනාම ජීවාත්මයි. සියල්ලන්ගේම දෙවි පියාණන්,
එක්කෙනෙක් පමණයි. සෑම කෙනෙක්ම වඳින්නේ එම ඒකායන පියාටයි. ප්‍රශංසාව සහ වැඳුම් තිබිය
යුත්තේ එක්කෙනෙකුට පමණයි. එය සතෝප්‍රධාන් වන්දනාවයි. දැනුම, වන්දනාව සහ නිරාශාව ඇති
බවත් විස්තර කර ඇත. පියා ඔබට විමුක්තිය සඳහා දැනුම ලබා දෙයි. ජීවන-මුක්ති දේශයට
විමුක්තිය යැයි කියයි. ජීවය, මේ සියලුම දේ, බුද්ධිය තුළ ධාරණය කරගත යුතුයි. අපගේ
නිවහන සාම දේශයයි. එයට විමුක්ති දේශය සහ නිර්වාණ දේශය යැයි ද කියයි. හොඳම නම වන්නේ
සාම දේශයයි. මෙහිදී ඔබට ඉන්ද්‍රියන් තිබෙන නිසා ජීවාත්ම ’කතා නාද‘ තුළ සිටින අතර,
කතා කළ යුතුයි. සූක‍්ෂම කලාපයේ ’චලන‘ තිබෙන අතර, සංනිවේදනය සිදුවන්නේ සංඥා මගිනි
ශබ්දයක් නැත. ඔබ දැන් ලෝක තුන දනී අශාරීරික ලෝකය, සූක‍්ෂම කලාපය සහ ශාරීරික ලෝකය.
මෙය දැන් ඉතා පැහැදිලිව ඔබගේ බුද්ධිය තුළ තිබේ. මනුෂ්‍ය ලෝකය ගැන මෙසේ කියැවෙයි මෙම
ලෝකය චක්‍රයක බ්‍රමණය වෙයි. මෙයට ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය යැයි කියයි. මෙය දන්නේ
මනුෂ්‍යයන්ය. ඔවුන් ලෝක ඉතිහාසය සහ භූගෝලය පවසයි. උසස්ම උසස් වන්නේ පරමාත්ම පියාය.
ලෝක ඉතිහාසය සහ භූගෝලය එම ආකාරයෙන්ම නැවත නැවතත් සිදුවන අන්දම දන්නේ ඔහු පමණයි. ඔබ
ලෝකයේ පාලකයන් වූයේ මෙම චක්‍රය ගැන දැනුවත් වීමෙනි. මෙසේ ගැයේ දේවතාවන් මළුමනින්ම
දුර්ගුණ වලින් තොරයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ ප්‍රතිමා තිබේ. ඔවුන් සම්පූර්ණයෙන්ම
දුර්ගුණ වලින් තොර බවත් තමන් සම්පූර්ණයෙන්ම දූෂිත බවත්, මිනිසුන් පවසයි. ස්වර්ණමය
යුගයේ ඔවුන් මුළුමනින්ම දුර්ගුණ වලින් තොරය, එනම් සම්පූර්ණයෙන්ම පිවිතුරුයි. කලි
යුගයේ ඔවුන් සම්පූර්ණයෙන්ම දූෂිතයි, සම්පූර්ණයෙන් අපවිත්‍රයි. මින් හැඳින්වෙන්නේ
භාරතය ගැන පමණයි. පියා පැමිණ මේ සියලු දේ ඔබගේ බුද්ධිය තුළ සනිටුහන් වීමට සලස්වයි.
වෙනත් කිසිවෙකු මෙය නොදනී. ඔවුන් ස්වර්ණමය යුගයට දීර්ඝ කාල වකවානුවක් දී තිබේ.
ඔවුන් සිතන්නේ ස්වර්ණමය යුගය පැවතියේ වසර සිය දහස් ගණනකට පෙර බවයි. එබැවින් මෙම
දේවල් කිසි කෙනෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. සම්පූර්ණයෙන් දූෂිත බවින්, අප සියලු
දෙනා, සම්පූර්ණයෙන් දුර්ගුණ වලින් තොර බවට පත්වන බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි.
සම්පූර්ණයෙන්ම අපවිත්‍ර බවින් අපි සම්පූර්ණයෙන් පිවිතුරු විය යුතුයි. ජීවාත්ම තුළ
වෙනත් ලෝහ, මිශ්‍ර වී ඇති බව පියා පහදා දෙයි. ස්වර්ණමය යුගය, දැන් කලි යුගය බවට පත්
වී ඇත. සංසන්දනය, ජීවය ගැනයි. ඔබ මෙය ඉතා පැහැදිලිව වටහා ගත යුතුයි. ඔය දරුවන්
ඉතාමත්ම භාග්‍යවන්තයි. ඔබ තරම් වෙනත් භාග්‍යවන්ත කෙනෙක් නැත. ඔබ දැන් රාජ යෝගාවේ
අසුන් ගෙන සිටිනවා, ඔබ රාජ ඍෂිවරුන්ය. රාජධානියක් වෙනුවෙන් කිසිදා අධ්‍යාපනයක්
තිබේද? අන් අය ඔබව නීතිඥයන් බවට පත් කරයි, නමුත් ඔබව ලෝක අධිරාජවරුන් බවට පත් කරන
කෙනෙක් සිටියිද? පියා හැර වෙනත් කිසිම කෙනෙකුට ඔබව එය බවට පත් කළ නොහැක. මෙහි,
අධිරාජවරුන් නැත. ස්වර්ණමය යුගයට ඔවුන් නියත වශයෙන්ම අවශ්‍යයි. කවරෙකු හෝ
නිසැකයෙන්ම පැමිණිය යුතුයි. පියා පවසන්නේ මා පැමිණෙන්නේ, භක්තිය අවසන් වීමට තිබෙන
විටයි. භක්තිය, දැන් අවසානයකට පැමිණ තිබේ එයට ලබා දිය හැකි තවත් දෙයක් ඉතිරිවී නැත.
පියා මෙහි අසුන්ගෙන, ඔබට ඉගැන්වීම ගැන, ඔබ තුළ කුල්මත් බවක් තිබිය යුතුයි. අශාරීරික
පියා, උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ශිවා, ජීවාත්ම වන අපට උගන්වනවා. කිසි කෙනෙක්
ශිවාව නොදනී. බාබා නැවත වරක් දිව්‍ය ලෝක රාජධානිය ස්ථාපිත කරන බව, ඔය දරුවන්
දන්නවා. අප ඔවුන්ට කියන්නේ ශ්‍රී ලක‍්ෂ්මි අධිරාජිනිය සහ ශ්‍රී නාරායන අධිරාජයා
කියාය. භක්ති මාර්ගයේ ඔවුන් සත්‍ය නාරායනගේ කතාපුවත පවසයි. අමරණීයත්වයේ කතා පුවත සහ
තෙවැනි ඇසේ කතා පුවතද තිබේ. පියාද ඔබට තෙවැනි ඇස ලබා දෙයි. සාමාන්‍ය මිනිසෙකුගෙන්
නාරායන වීමේ කතා පුවත ඔබට කියා දෙයි. අතීතය බවට පත් වන දේවල්, ඉන්පසුව භක්ති
මාර්ගයේදී ප්‍රයෝජනවත් වෙයි. බාබා ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත් කරවන බවත්
ඔබට එයට අයිතියක් ඇති බවත්, ඔය දරුවන්ට දැන් වැටහෙයි. දිව්‍ය ලෝකයේ නිර්මාණකරු,
පරමාත්ම දෙවියන්ය. අපි දෙවියන්ගේ දරුවන්ය, එබැවින් අප දිව්‍ය ලෝකයේ නොමැත්තේ ඇයි?
අපි තවමත් කලි යුගයේ සිටින්නේ ඇයි? පරම පියා, පරමාත්ම ජීවය, නව ලෝකයක් නිර්මාණය
කරයි. පරමාත්ම දෙවියන් පැරණි ලෝකයක් නිර්මාණය නොකරනු ඇත! පළමුව ඔහු නව ලෝකයක්
නිර්මාණය කරන අතර ඉන්පසුව ඔහු පැරණි එක විනාශ කර දමයි. ඔබගේ රාජධානියට ඔබ හිමිකම්
කියන්නේ, ස්වර්ණමය යුගයට බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ ඉන්නේ කවුරුන්ද? එය ලක‍්ෂ්මි
සහ නාරායනගේ රජ පෙළපත වෙයි. වෙනත් රජවරුන්ද සිටියි, එමෙන්ම එහි සංකේතය වන්නේ
ජයග්‍රහණයේ මාලාවයි. අපි ජයග්‍රාහී මාලාවේ ඇමිණීමට දැන් උත්සාහ දරන බව, පියා
දන්නවා. ලෝකයේ කිසිම කෙනෙක් නවගුණ වැලේ අරුත හෝ එයට වන්දනා කරන්නේ මන්ද කියා නොදනී.
ඉහළින් ඇති ටසලයෙන් නිරූපණය වන්නේ කාවද? ඔවුන් දිගින් දිගටම මාලාවක පබුළු කරකවන අතර
ඉන්පසුව ටසලයට නමස්කාර කර, පසුව නැවතත් එම මාලාවේ පබුළු කරකවයි. ඔවුන් අසුන්ගෙන
මාලාවක පබුළු බ්‍රමණය කරමින්, ඇතුලතින් රාමාගේ නාමය මතුරා, ඔවුන්ගේ සිතිවිලි පිටත
සැරි සැරීමට ඉඩ නොතැබීමට වග බලා ගනී. ඔවුන්ගේ ඇතුලාන්තයේ හාමෝනියමක් වාදනය වන සේය.
ඔවුන් මෙය බොහෝ සේ පුහුණු වෙයි. ඒ සියලු දේ අයත් වන්නේ භක්ති මාර්ගයටයි. ඔව්, බොහෝ
භක්තියේ යෙදී ඇති අය, පාපකාරී ක්‍රියා සිදු නොකරයි. බොහෝ භක්තියේ යෙදෙන අය, ඉතා
අවංක සහ ධර්මිෂ්ඨ බව සැලකෙයි. ඔවුන් රාමාගේ නම මතුරන අතර බ්‍රමණය කිරීමට මාලාවක්
ඔවුන්ගේ දේවාලයේ තබාගනී. භක්තිය තුළ පාපයක් නොමැති බව බොහෝ මිනිසුන් වටහාගනී. ඔවුන්
පවසන්නේ තීව්‍ර භක්තියේ යෙදීමෙන් මිනිසුන්ට විමුක්තිය ලබාගත හැකි බවයි. කෙසේවෙතත්,
කිසිවක් සිදුවන්නේ නැත. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ විය යුතු,
නාටකයක් පමණයි, මෙය. එකදු කෙනෙකුටවත් ආපසු නිවසට යාමට නොහැක. එය උඩ ඉහළ හිස් වන
ආකාරයෙන්ම, මෙහිද බොහෝ හිස් ඉඩ ප්‍රමාණයක් ඉතිරි වෙයි. ඔබගේ රාජධානිය, දිල්ලියේ
සුමිහිරි ගංඟාවේ ඉවුර අසබඩ තිබෙයි. එය මුහුද ආසන්නයේ නොතිබෙයි. බොම්බාය ආදිය පවා
නොපවති. පෙරකල, එය ධීවරයන් වාසය කළ ධීවර කලපුවක් විය. ඔවුන් මුහුදෙන් විශාල ඉඩම්
ප්‍රමාණයක් ගොඩ කර තිබේ. එය නැවතත් ධීවර තොටුපලක් වෙයි. ස්වර්ණමය යුගයේ බොම්බාය
පවතින්නේ නැත. කඳු ආදි කිසිවක් නොතිබෙයි. කොහෙවත් යාමට අවශ්‍යතාවයක් නොතිබෙයි.
මෙහි, මිනිසුන් වෙහෙසට පත් වූ විට, විවේක ගැනීමට ඔවුන් කොහේ හෝ යයි. ස්වර්ණමය
යුගයෙදී, කිසි දෙයක් ගැන වෙහෙසට පත් වීමේ අපහසුතාවය නොතිබෙයි. ඔබ දෙව්ලොව වැසියන්
බවට පත් වෙයි! කිසිදු අපහසුතාවයක් නැත! එබැවින් ඔය දරුවන් දැන් පියාගේ ශ්‍රීමත්
පිළිපැදිය යුතුයි. පියා පවසන්නේ සුමිහිරි ආදරණීය දරුවනි, ඔබ ඔබගේ සිරුර රැක බලාගෙන
ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යා යුතුයි. ශිෂ්‍යයන් පාසැලේ ඉගෙනගෙන ඉන්පසුව
නිවසට ගොස් තව දුරටත් පාඩම් කරන අතර, නිවසේ වැඩපලටද උදව් කරයි. මෙහිද එය එසේමයි.
ඔබට මෙම ඉගෙනුමෙහි කිසිම අපහසුතාවයක් නැත. එම ඉගෙනුමෙහි බොහෝ විෂයයන් තිබේ. මෙහි
තිබෙන්නේ එක් විෂයක් සහ එක් කරුණක් පමණයි මන්මනභව! මෙය තුළින් ඔබගේ පාපයන් දුරු
වෙයි. දෙවියන් පවසයි! මිනිසුන් සිතන්නේ දෙවියන් ගීතාව පැවසුවේ තඹ යුගයෙදී කියාය,
නමුත් ඔහු තඹ යුගයෙදී ගීතාව පවසන්නේ ඇයි? ක්‍රිෂ්ණාගේ පිංතූරයේ ඉතා හොඳ පැහැදිලි
කිරීමක් තිබේ. මෙම යුද්ධය උපකරණයක් වනවා පමණයි. සෑම කෙනෙක්ම මිය යා යුතුයි, මන්ද,
එවිට පමණයි ඔවුන්ට විමුක්ති දේශයට සහ ජීවන-මුක්ති දේශයට යාමට හැකි වන්නේ. මිනිසුන්
මිය යන්නේ යුද්ධයේදී පමණක් නොව. තව බොහෝ විවිධ මාදිලියේ ව්‍යසනද තිබෙයි. ඔය දරුවන්
කිසිම දුකක් අත් නොවිඳිය යුතුයි. පුද්ගලයෙකුට හෘදයාබාධයක් ඇති වන විට, ඔහු දුකක්
අත්විඳින්නේ නැත. මරණය සිදු විය යුත්තේ එසේය - හේතුවක් නොමැතිව, හදිසියේ
හෘදයාබාධයක් වැලඳීමෙන්, එවිට වෛද්‍යවරයා පැමිණෙන විටත්, ජීවාත්මය පිටව ගොසින්ය.
දැන් සෑම කෙනෙක්ම මිය යාමට තිබේ. අවසානයේදී, කිසිම රෝහලක්, වෛද්‍යවරුන් හෝ අවසන්
කටයුතු සිදු කිරීමට වෙනත් කිසිවෙකු නොසිටියි. ඒ කිසිවක් ඉතිරි වන්නේ නැත. සෑම
කෙනෙකුගේම ජීවාත්මය, සිරුර අත්හරිනු ඇත. මොරසූරන වැසි තිබෙයි. මරණයට වැඩි කාලයක් ගත
වන්නේ නැත! මිනිසුන් සැනෙකින් මරණයට පත් කරන බෝම්බ, ඔවුන් නිපදවමින් පවතිනවා. ඔවුන්
දිගින් දිගටම එවන් බෝම්බ නිෂ්පාදනය කරමින් ඒවා දිගටම වැඩි දියුණු කරයි. මෙය නාටකයේ
නියම වී ඇත. මෙම රංගනය, නාටකයේ පෙර නියම වී ඇත. සෑම චක්‍රයකදීම විනාශය සිදුවනවා.
ඔබට ස්වර්ණමය යුගයෙදී මෙම දැනුම නොතිබෙයි. ඔබට දැනුම ලබා දීමට පරමාත්ම පියා පැමිණිය
යුතුයි. ස්ථාපනය සිදු වී අවසන් වූ විට, දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පසුව රාවනගේ
රාජධානිය ආරම්භ වන විට භක්තියද ආරම්භ වනවා. දැන් භක්තිය අවසන් වී ඇත. ඔබ දැන් යෝගා
බලයෙන් පිවිතුරු විය යුතුයි. ඔබට සාම දේශයට හා සතුටු දේශයට යාමට හැකි වන්නේ
පිවිතුරු වීමෙන් පමණයි. ඔබ වාර්තාවක් තබා ගත යුතුයි. ඔබ පියාව සිහිපත් කර,
තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුත්තේ මෙහිදි බව, ඔබට වැටහෙයි. මෙය කිසිම
ග්‍රන්ථයක ලියා නැත. ඔය දරුවන්ට ගීය ඇසුණා භාරතයේ ජනතාව, රජවරුන්ගෙත් රජවරුන් බවට
පත්වන, අපි බලා සිටි දිනය, අවසානයේදී ඇවිත්. ඔවුන් රජවරුන්ගෙත් රජවරුන් බවට පත්
වෙයි, එනම්, ඔවුන් අධිරාජවරුන් වෙයි. ඉන්පසුව රිදී යුගයෙදී, රජවරුන් සහ රැජිනියන්
සිටියි. පසුව ඔවුන් තඹ යුගයට, පාපයේ මඟට යන විට, පිදුම් ලබන්නට සුදුසු අධිරාජවරුන්
සහ අධිරාජිනියන්ව සිටි අය, වඳින්නන් බවට පත්වෙයි. ඔවුන්ම වැඳුම් ලබන්නට සුදුසුව
සිටි අතර පසුව වඳින්නන් වෙයි. පියා පවසන්නේ මා වඳින්නෙක් වන්නේ නැත. දේවතාවන්
පිදුම් ලබන්නට සුදුසුයි, නමුත් මා එසේ වන්නේ නැත. මා වඳින්නෙක් වන්නේද නැත. භාරතයේ
ජනයා, දේවතාවන්ට දේවාල තනා, ඔවුන්ව වන්දනා කරති. ලක‍්ෂ්මි සහ නාරායන මුලදී වැඳුම්
ලබන්නට සුදුසු වෙයි, පසුව භක්ති මාර්ගයේදී ඔවුන් ශිව බාබාගේ වන්දනාකරුවන් වෙයි.
ලක‍්ෂ්මි සහ නාරායනව අධිරාජයෙක් සහ අධිරාජිනියක් බවට පත් කළ, ශිව බාබාටද, මිනිසුන්
දේවාල තනා, ඔහුට වන්දනා කරති. කිසිම කෙනෙක් සැනෙකින් දූෂිත වන්නේ නැත ඔවුන් එසේ
වන්නේ ක්‍රමයෙනි. ඔවුන් පාප මාර්ගයේ දේවතාවන්ගේ සළකුණු පෙන්වා ඇත. පිදුම් ලබන්නට
සුදුසු ලක‍්ෂ්මි සහ නාරායන, පසුව වඳින්නන් වෙයි. මුලින්ම ඔවුන් ශිවාට දේවාලයක්
ගොඩනගයි. එකල ඔවුන් දියමන්තියක් කපා, වන්දනා කිරීම සඳහා ඉන් ශිව ප්‍රතිමාවක් සාදයි.
පරමාත්ම දෙවියන් කුඩා තිතක් පමණක් බව, කිසිම කෙනෙක් නොදනී. ඔහු විශාල ඕවලාකාර
ස්වරූපයක් නොවන බව, ඔබට දැන් වැටහෙයි. මිනිසුන් බොහෝ දේවාල තනයි. රජවරුන් මෙසේ
කරනවා දැක, මිනිසුන්ද එයම කරයි. ආරම්භයේදී වන්දනා කරන්නේ ශිව බාබාට පමණයි, එයට
අමිශ්‍ර, සතෝප්‍රධාන් වන්දනාව යැයි කියන අතර ඉන්පසුව ඔබ සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව
තුළින් යයි. ඔබ රජෝ සහ තමෝ තත්ත්ව තුළට පැමිණි නිසා ඔබ තමන්ට හින්දූන් යැයි කියා
ගත්තා, නමුත් මුලින්ම ඔබ දේවතාවන් විය. පියා පවසන්නේ ආරම්භයේදී ඔබ අයත් වන්නේ දේවතා
ධර්මයටයි. නමුත් ඔබ බොහෝ අපවිත්‍ර වී ඇත, එමෙන්ම ඔබ අපවිත්‍ර බැවින්, ඔබට තව දුරටත්
තමන්ට දේවතාවන් යැයි කිව නොහැක. ’හින්දු‘ යන නම පැමිණියේ බොහෝ පසුකාලීනවයි. ඔබ
පිදුම් ලබන්නට සුදුසුව සිටි බවත් දැන්, සංගම යුගයෙදී ඔබ තව දුරටත් පිදුම් ලබන්නට
සුදුසු අයවත්, වඳින්නන්වත් නොවන බව, ඔබට දැන් වැටහෙයි. ඔබ කරන්නේ කුමක්ද? ඔබ
ශ්‍රීමත් වලට අනුව, පිදුම් ලබන්නට සුදුසු වනවා. ඔබ අන් අයවද ඔබට සම කරවයි. ඔබ
බ්‍රහ්මණයන්ය. ඔය ජීවාත්ම අඛණ්ඩව පිවිතුරු වෙමින් සිටිනවා. ඔබ සම්පූර්ණයෙන්ම
පිවිතුරු වූ විට, ඔබට ඔබගේ පැරණි වස්ත්‍ර හැර යාමට සිදුවෙයි. පියා පවසන්නේ මෙය ඉතා
පහසුයි. ඔය මහළු මව්වරුන්ට මෙය ධාරණය කරගැනීමට නොහැක. එබැවින් පියා විමසන්නේ අඩු
තරමින් තමා ජීවයක් බවවත් ඔබට වැටහෙනවාද? හොඳ හෝ නරක සංස්කාර තිබෙන්නේ ජීවයටයි.
ඔවුන් දැන් සිදු කරන ක්‍රියා වලට, ජීවාත්ම, ඔවුන්ගේ මතු උපතේදී දුක් අත්විඳියි.
පියා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. ඔහු පවසන්නේ දරුවනි, ජීව අවධානයට පත් වන්න!
අශාරීරික ශිව බාබා, අශාරීරික ජීවයන්ට උගන්වයි. අශාරීරික බාබාට දැනුමේ සංස්කාර තිබේ.
ඔහුට සිරුරක් නැත. ඔහු දැනුමේ මහා සාගරය මෙන්ම පාරිශුද්ධකරුයි. ඔහුට සියලුම ගුණධර්ම
තිබේ. පියා පවසන්නේ මා පැමිණ, ඔය දරුවන්ව පිවිතුරු කරනවා. මෙම ක්‍රමය බොහෝ පහසුයි!
තිබෙන්නේ එක් වචනයක් පමණයි මන්මනභව! එහි අරුත වන්නේ නිරතුරුවම මා පමණක් සිහිපත්
කරන්න! ඔබගේ පාපයන් දුරු වන්නේ සිහිපත් කිරීම තුළින් පමණයි. ඔබ දැන් බ්‍රහ්මණයන්
බවත්, ඉන්පසුව ඔබ සූර්ය, චන්ද්‍ර, වෛශ්‍ය සහ ශුද්‍ර පෙළපත් වල කොටස් බවට පත් වන
බවත් ඔබ දන්නවා. අපි උපත් 84හි චක්‍රය වටා යයි. අපි ඉහළ සිට පහළට පැමිණෙන අතර
ඉන්පසුව බාබා පැමිණෙයි. මෙම ලෝක චක්‍රය සැබවින්ම අඛණ්ඩව බ්‍රමණය වෙයි. මෙම ලෝකය
පැරණි වන විට, එය අළුත් කිරීමට බාබා පැමිණෙයි. මෙය ඔබගේ බුද්ධිය තුළ තිබෙයි, එහෙම
නේද? මෙම චක්‍රය ඔබගේ බුද්ධිය වටා බ්‍රමණය විය යුතුයි. ඔබ දැන් ස්ව දර්ශන
චක්‍රධාරීන් වන අතර ඉන්පසුව ඔබ ලෝකයේ පාලකයන් බවට පත් වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත්
අනුගමනය කිරීමෙන් පිදුම් ලබන්නට සුදුසු වන්න. දැනුම සහ යෝගාව තුළින්, ජීවාත්මය තුළ
තිබෙන නරක සංස්කාර අවසන් කරන්න. සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වන්න.
2. ඔබගේ සිරුරේ
ජීවිකාව වෙනුවෙන් සෑම දෙයක්ම කරන අතර, ඉගෙනගෙන, අන් අයටත් උගන්වන්න. යෝගා බලයෙන්
පිවිතුරු වී, රාජකීය තත්ත්වයක් හිමි කරගන්න.
වරදානය:
ඔබ ඔබගේ උසස්ම
මනෝ ස්ථිතිය භාවිත කර මායාව ඔබ ඉදිරියේ වැඳ වැටීමට සළසත්වා, එවිට ඔබට ඉහළම තත්ත්වයට
අයිතියක් ලැබෙනු ඇත.
උසස් ජීවාත්ම කිසි
විටෙකත් කිසිවෙකු ඉදිරියේ නැමෙන්නේ නැත, නමුත් සෑම කෙනෙකුම ඔවුන් ඉදිරියේ නැමෙයි.
එලෙසම, පරම පියා විසින් තෝරාගෙන ඇති ඉතා උසස් ජීවාත්ම වන ඔබ, කිසිවෙකු ඉදිරියේ,
කිසිම තැනක, කිසිම අවස්ථාවක, මායාගේ විවිධ ආකර්ශණීය ආකාර වලට හිස නමා නොගත යුතුයි.
ඔබ දැන් අන් අයව හිස නැමීමට සලස්වන අවධියක ස්ථාවරව සිටින විට, ඔබ ඉහළම තත්ත්වයට
අයිතියක් හිමි කරගනු ඇත. ස්වර්ණමය යුගයේදී, පුරවැසියන් එවැනි ජීවාත්ම ඉදිරියේ
ගෞරවයෙන් හිස නමනු ඇති අතර, තඹ යුගයේදී, බැතිමතුන් ඔබේ ස්මාරක වලට හිස නමනු ඇත.
පාඨය:
කර්මය සහ යෝගා
අතර නිවැරදි සමතුලිතතාවයක් ඇති විට, ඔබව කර්ම යෝගීවරයෙකු ලෙස හඳුන්වනු ලැබේ.
අව්‍යක්ත සංඥාව:
ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.
බොහෝ දරුවන් පවසන්නේ,
ඔවුන් ස්මරණයේ වාඩි වී සිටින විට, ජීවාත්ම අවධානය වෙනුවට, සේවය ගැන සිතන බවයි. මෙය
සිදු නොවිය යුතුයි, මන්ද, අවසාන මොහොතේ අශාරීරික වීම වෙනුවට, ඔබ සේවය ගැන සිතන්නේ
නම්, ඔබ තත්පරයක ප්‍රශ්න පත්‍රයක් පවා අසමත් වනු ඇත. ඒ අවස්ථාවේ දී අන් කිසිවක්
නොව, ඔබ පරම පියා සහ ඔබගේ අශාරීරික, දුර්ගුණ වලින් තොර සහ පරාර්ථකාමී අවධිය පමණක්
සිහිපත් කළ යුතුය. සේවය ගැන සිතීමෙන්, ඔබ ඔබේ ශාරීරික ස්වරූපයෙන් රැඳී සිටියි. ඔබට
අවශ්‍ය විටෙක ඔබට තිබිය යුතු අවධිය ලබා ගත නොහැකි නම්, ඔබම මුළාවනු ඇත.