27.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මේ අසිමිත ජරාජීර්ණ ලෝකය දැන් විනාශ විය යුතුව ඇත. නව ලෝකය ස්ථාපනය වෙමින්
තිබෙන අතර එමනිසා, නව ලෝකය වෙත යාම සඳහා ඔබ පාරිශුද්ධියට පත් විය යුතුමයි.
ප්‍රශ්නය:
මනුෂ්‍යයින්ගේ
වැටහීම අභිබවා ඔබ දෙවියන් ගැන දන්නේ කුමන විශ්මිත දේද?
පිළිතුර:
ඔබ ජීවාත්ම සත්ථාවක්, ආලෝක ලක‍්ෂ්‍යයක් ලෙස හඳුන්වමින්, පරමාත්මය ද අතිශයින්
සූක‍්ෂම ආලෝක ලක‍්ෂ්‍යයක් බව ද කියයි. මේ විශ්මිත දේවල් මනුෂ්‍යයාගේ තේරුම් ගැනීම
අභිබවා යයි. ඇතැම් ඔබ දරුවන් පවා මේ ගැන කුකුසකින් සිටී. බාබා මෙසේ කියයි: දරුවනි,
පටලවා නොගන්න! ඔබට ඔහුව කුඩා ස්වරූපයකින් ස්මරණය කළ නොහැකි නම්, විශාල ප්‍රමාණයෙන්
ස්මරණය කරන අතර නිශ්චිතවම ඔහුව සිහිකරන්න.
ගීතය:
ඕ රාත්‍රී
මඟියාණනි, වෙහෙසට පත් නොවන්න! ගමනාන්තයේ උදාව ඈත නොවේ...
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා මෙහි සිට ඔබ ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරන අතර, ඔබ මෙහි දී ජීවාත්ම සත්ථා
විඥානයෙන් සිටිය යුත්තේ ඒ නිසයි. මෙය වෙන කිසි තැනක විස්තර නොවේ. මුණිවරු හෝ
ශුද්ධවන්තයින් කිසිවෙක් ජීවාත්ම සත්තා විඥානයෙන් සිටිය යුතු යැයි නොකියයි. එය
කියන්නේ පරම පියාම පමණි. වෙන කිසිවෙක් මෙය කියන ආකාරය නොදනී. වෙන කිසිවෙකුට ඔබට මේ
ක්‍රමය පෙන්වාදිය නොහැකියි. ඔබ දරුවන්ට තේරෙනවා ඔබ ජීවාත්ම සත්තාවන් බව. ජීවාත්ම
සත්තාවක් එක් ශරීරයක් අතහැර තව එකක් ගනී. වරෙක ජීවාත්ම සත්තාව බැරිස්ටර් කෙනෙක් වන
අතර තවත් විටෙක වෛද්‍යවරයෙක් වෙයි. ජීවාත්ම සත්තාවන් දැන් අපිරිසිඳු බවට පත් වී ඇති
අතර පසුව පිරිසිඳු බවට පත් වේ. ජීවාත්ම සත්තාව ඥානය උකහා ගනී. අශරීරික පරම පියා ඥාන
සාගරය වන අතර එමනිසා, ඔහු නිසැකවම පැමිණ ඥානය කියා දෙයි. ඔහු පාරිශුද්ධකරුවාණන් වන
අතර එනිසාම නිසැකවම පැමිණ ඔබව පාරිශුද්ධ බවට පත්කරවයි. ඔහු උත්තරීතරය පරම්පිතා,
පරමාත්මාය. මා ඔබේ පියාය. ඥානයෙන් පිරී ඇති පරමාත්මයය. මටම කියා ශරීරයක් නැත. ඔබ
ජීවාත්ම සත්තාවන් මේ සියලු ඥානය උකහා ගත යුතුයි. ඒ නිසා, ඔබ ජීවාත්ම සත්තා විඥානයට
පැමිණිය යුතුමයි. කිසිඳු ශරීර අවධානයකට නොපැමිණෙන්න. කතා කර කියා දෙන කෙනාත්,
ඇහුම්කන් දෙන කෙනාත් යන දෙන්නාම ජීවාත්ම සත්තා ඥානයෙන් සිටින වෙනත් තැනක් නැත. පරම
පියා අශරීරිකය. ඔහු පැමිණ ඔබට රාජයෝගා උගන්වයි. අන් සියලු මිනිසුන් සිටින්නේ
ශාරීරික විඥානයේය. ලක‍්ෂ්මි හා නාරායන ජීවාත්ම සත්තා විඥානයෙන් සිටින බව ඔබ කියන
නමුත් ඔවුන් ඔවුන්ගේ ශරීර ගැන දැනුවත් ව සිටී. පරම පිතා පරමාත්මා පමණයි පැමිණ ඔබට
මේ ඥානය දෙන්නේ. ඔබ ජීවාත්ම සත්තාවන් එය උකහා ගත යුතුව ඇත. ඔහු අපිරිසිඳු බවින්
පිරිසිඳු බවට පත් වන මඟ කියා දෙන්නේ ඔබ ජීවාත්ම සත්තාවන්ට පමණි. දැන් මේ මුළු ලොවම
පසුබැස ඇති අතර ඔහු පැමිණ ඇත්තේ එය නඟා සිටුවීමටයි. මෙය දන්නේ ඔබ දරුවන් පමණි.
‘‘කඩාවැටීම’’ යන්නෙහි තේරුම විනාශය වන අතර ‘‘නඟාසිටුවීම’’ යන්නෙහි අදහස
ගොඩනංවාලීමයි. ස්ථාපනය සහ විනාශය. කුමක් ස්ථාපනයද? නව ලොව වන දෙව්ලොව ස්ථාපනයයි.
ඉන්පසු ජරාජීර්ණ වූ අපාය විනාශ වේ. විනාශය සහ ගොඩනැගීම. කලි යුගය යනු ජරාජීර්ණ ලෝකය
වන අතර එය නියතයෙන්ම විනාශ කළ යුතුව ඇත. විනාශයේ සලකණ නම් මේ මහා මහාභාරත යුද්ධයයි.
ඔවුන් මහා භාරත යුද්ධය ගැන මහා භාරත විස්තරයේ සඳහන් කර ඇත. පරම පියා ස්ථාපනය සිදු
කරන්නේ බ්‍රහ්මා තුළිනි. ඔහු නියතයෙන්ම නව ලෝකය තනයි. මේ අසීමිත විනාශය සහ අසීමිත
ස්ථාපනයයි. තම දරුවන්ට නව නිවසක් හදන්නේ පියෙක්ම පමණි. ඉන්පසු ඔහු නියතයෙන්ම පැරණි
ගේ බිඳ දමයි. ඔබ දැන් තේරුම් ගන්නවා බාබා නව ලෝකය තනන බව. ඔහු ඔබව තමෝප්‍රධාන්
බවින් සතෝප්‍රධාන් බවට පත් වීම සඳහා සූදානම් කරයි. විනාශය සඳහා මහාභාරත යුද්ධය බොහෝ
ප්‍රසිද්ධය. ඔවුන් මෙසේ කියයි මේ එම කාලයමයි. මහා භාරත යුද්ධය කාලයේ දී තිබුණ තාරකා
එලෙසම දැන් එකට රැස් වී ඇත. ඉණිමඟ පිංතූරයේ මෙසේ ලියා තිබේ භාරතයේ නැඟීමේ සහ බැසීමේ
විශ්මිත කතාන්තරය. ඒ සමඟ ‘‘හැම චක්‍රයේ ම’’ යන්නද ලිවිය යුතුය. ආරම්භයේ සිට අවසානය
දක්වා මනුෂ්‍යයින් උපත් 84ක් ගනී. මෙය ඔබේ බුද්ධියේ ඇත. මනුෂ්‍යයින්ගේ බුද්ධිය
ගොඩ්රිච් අගුලට සම්පූර්ණයෙන් වැසී තිබේ. මනුෂ්‍යයින් මේවා දත යුතුය. ජීවාත්ම
සත්තාවන් මෙම කොටස් රඟපෑම සඳහා ශරීර උපයෝගී කර ගත යුතුය. එමනිසා, ඔබ නිර්මාණකයා,
අධ්‍යක‍්ෂ සහ ප්‍රධාන නළුවා මෙන්ම නාටකයේ මුල, මැද, අග ද දැන් දනී. ඔබට මේ සියලු
ඥානය පරම පියාගෙන් ලැබේ. ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේද යන්න අධ්‍යාත්මික ඥානයයි
කියනු ලැබේ. භෞතික කරුණු පිළිබඳ ඥානයට දර්ශනය යැයි කියනු ලැබේ. ආධ්‍යාත්මික ඥානයට
ඥානය යැයි කියයි. මේ සියලු දෑ ඔබ දරුවන්ගේ බුද්ධියට ගත යුතුයි. ඔබ දරුවන් දන්නවා
උපත් 84 නාටකය දැන් අවසානයට ලඟා වෙමින් තිබෙන බව. අපි දැන් ගෙදර යා යුතුය.
කොහොමනමුත්, අපිරිසිඳු මනුෂ්‍යයින්ට ආපසු ගෙදර යා නොහැක. එසේ නොවේ නම් මිනිසුන් මේ
තරම් වන්දනා ගමන් තපස්යා, ගායනා ආදිය කරන්නේ ඒ නිසාය. ඔවුන් ගංගා නම් ගඟේ නෑමෙන්
පිරිසිඳු වීමට ගියත් කිසිවෙක් එයින් පිරිසිඳු බවට පත් නොවේ. එම නිසයි කිසිවෙකුට
ගෙදර යා නොහැක්කේ. ඔවුන් අහවලා නිර්වාණයට ගියාය ආලෝකය තුළ ගිලුණාය ආදී වශයෙන් බොරු
කියයි. පරම පියා විස්තර කර ඇත්තේ කිසිවෙකුට ගෙදර යා නොහැකි බවයි. සියලු නළුවන් මෙහි
ඇත. නාටකය අවසාන වෙමින් තිබෙන අතර ඒ නිසා සියලු දෙනා කරලියට පැමිණ ඇත. සැවොම මෙහි
සිටී. බෞද්ධයින් හා ක්‍රිස්තියානින් ආදිය සිටින්නේ කොහිදැයි මිනිසුන් නොදනියි. ඔබ
දන්නවා ඉහළින් ආ සියලු දෙනා මෙකල තමෝප්‍රධාන් බව. පසුගිය චක්‍රයේ දී ද ඔබ
තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වුණා. පරම පියා පමණයි පැමිණ ස්ථාපනය සහ
විනාශය ගෙනෙන්නේ. මේ ඥානය ඔබ රජවරුන්ගෙත් රජවරු බවට පත් කිරීම සඳහා යැයි කියැවේ.
අසීමිත පරම පියා මෙසේ කියයි මා ඔබ රජවරුන්ගෙත් රජවරු බවට පත් කරවනවා. ක්‍රිෂ්ණා
ස්ථාපනයක් කරන්නේ නැත. නිර්මාණකයා වන්නේ පරම පියාය. පරම පියාම පැමිණ මෙසේ විස්තර
කරයි ලෝකය අපිරිසිඳු වූ විට පමණක් සියලු දෙනා මට අඬගසයි. මම එම නව ලෝකය නිර්මාණය
කරනවා නොවේ. ඔවුන් සමූලඝාතනයක් පෙන්වයි. ඒ සියල්ල සාවද්‍යයි. මිනිසුන් මෙසේ අඬගසයි
පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! ඒ නිසා ඔහු නියතයෙන්ම එන්නේ අපිරිසිඳු ලෝකයටයි. පරම
පියා පැමිණ ක්‍රිෂ්ණාගේ දේශය දර්ශනය කරයි. ක්‍රිෂ්ණා බෝ කොළයක් මත සාගරයේ පා වෙමින්
ආ බව ඔවුන් කියයි. එය නිවැරදියි. ක්‍රිෂ්ණා පළමුව එන්නේ නව ලෝකයටයි. ඔහු සාගරයේ
නොඑන නමුත් දරු ගර්භයක් තුළ එයි. ඔහු දරු ගර්භය තුළ මාපට ඇඟිල්ල උරමින් පහසුවෙන්
සිටියි. සත් යුගයේ උපදින ළමුන් සියලු දෙනාටම දරු ගර්භය මාළිගාවක් මෙන් වූ තැනකි.
ඔවුන් මාළිගාවක් වැනි දරු ගර්භය හඳුන්වා ඇත්තේ සාගරයක තුළ පාවෙන බෝ කොළයක් ලෙසිනි.
ඒ සියල්ල අයිති වන්නේ භක්ති මාර්ගයටයි. පරම පියා මෙහි සිට සියලු ආගමික ලේඛණ වල
විස්තරය කියයි. මෙහි ඔබ සිටින්නේ සිර මැදිරියක් නමු වූ දරුගැබකය. මේ නිසයි ඔබ මෙසේ
කියන්නේ මාව එළියට ගන්න. මම තවත් පව් නොකරමි! කොහොමනමුත්, රාවණ්ගේ ලෝකයේ පාපය
කොහොමත් තිබෙන අතර ඔබ නැවත පව් රැස් කරයි. ඔබ කල්ප භාගයකටම සිරයට කොටුවේ. එසේ වන්නේ
සොරුන් යැයි කියයි. ඔවුන් එළිටය ආ විට නැවත සොරකම් කර සිරගත වෙයි. එමනිසයි ඔවුන්ට
සිරයට කොටු වූවන් යැයි කියන්නේ. පරම පියා මෙය රාවණ්ගේ රාජධානිය යැයි විස්තර කර
දෙයි. මේවා රාම රාජ්‍යයේ නොමැත. එහි දරු ගැබ නම් වූ සිර මැදිරිය හෝ වෙනත් සිර
මැදිරියක් නොමැත. මෙහි බොහෝ අයත් සිර ගෙවල් වලම කල් ගත කරයි. දරු ගැබක් සිර
මැදිරියක් ලෙස ගත් කල මෙහි ද්විත්ව සිර මැදිරියක් වෙයි. මේ කලි යුගයේ අවසානයයි. පරම
පියා මෙසේ විස්තර කරයි ඔබ දරුවන් දැන් ඉදිකිරීම් කරමින් සිටී. හැම චක්‍රයේ ම නැඟීම
සහ බැසීම දිගටම තිබේ. ලෝකයේ නැඟීම සහ බැසීම තිබෙන අතර එහි ප්‍රධාන කොටස භාරතයේ ඇත.
ඔවුන් දිගටම මෙසේ ගයයි ජීවාත්ම සත්තාවන් පරමාත්මයෙන් බොහෝ කලක් තිස්සේ වෙන් වී
සිටියා. එමනිසා, එය ගණන් බලා ඇත. කුමන ජීවාත්ම සත්තාවන්ද වැඩිම කලක් වෙන් වී
සිටියේ? දේව ආගමට අයත් ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ කොටස් ඉටු කිරීමට පළමුවෙන්ම එයි.
එම දෙවි දේවතාවන් දැන් පෙනෙන්නට නැත. ඔවුන්ගේ සළකුණු සහ පිංතූර ඇත. රජ දහන අවසන් වී
ඇත. දෙව්ලොව අවසානයට පත් වී එය අපාය බවට පත් වේ. ගොඩනැඟීමට ඔබ දරුවන් අවශ්‍යය. නව
ලොව ගොඩනැඟීම සහ අපාය විනාශ වීම ගැන සඳහන් වේ. මෙහි නිවැසියන් වන්නට යන්නේ ඔබයි.
සියල්ලට පළමු, ඔබ දිව්‍ය ගුණ වලින් සපිරි දෙවි දේවතාවුන් බවට පත් විය යුතුයි.
මනුෂ්‍යයින් දෙවි දේවතාවන් බවට වෙන් කිරීමට දෙවියන්ට වැඩි කාලයක් නොගිය බව සිහි
කෙරේ. මනුෂ්‍යයින් දැන් ඉතා අපිරිසිඳුයි. පරමාත්ම දෙවියන් කතා කරයි ගේ දොර තුළ
සිටින අතර, නෙළුම් මලක් සේ ජීවත් වන්න. මරණයේ දේශයේ ඔබේ අවසාන උපත මෙයයි. එමනිසා,
පිරිසිඳු බවට පත් වන්න. මෙය ඉතා පැහැදිලිව විස්තර කරන්න. මරණීය දේශයේ මේ අවසාන උපත
තුළ අපි පිවිතුරුව සිටිමු. පරම පියා මෙසේ කියයි මේ පාප ජය ගැනීම මඟින් ඔබ ලෝක
හිමිකරුවන් බවට පත් වේ. ඔබ දරුවන් මෙය ඇහුම්කන් දී පසුව අන් අයට මෙම ජරාජීර්ණ ලෝකයේ
විනාශය අත ලඟ බව විස්තර කර දෙයි. මේ එම මහා භාරත යුද්ධයමයි. රාගය ලොකුම සතුරාය. මේ
නිසයි ඔබ පොරොන්දුවක් විය යුත්තේ. ඔබ දැන් තේරුම් ගන්නවා ඔබ පිරිසිඳු බවට පත්
වෙමින් සිටින බව. මෙම වියපත් ලෝකය නියතයෙන්ම විනාශය කරා යයි. ඊට පෙර, ඔබ නියතයෙන්ම
පිරිසිඳු විය යුතුයි. විනාශය සිදුවන විට, ඇසෙන විලාප ගැන කිව යුතු නැත! මරණ ඉතා
භයානක ලෙස සිදුවේ. ඔබට ඒවා බලා සිටිය නොහැකියි. සමහරුන් ශෛල්‍යකර්ම වලට භාජනය වන
විට දුර්වල අයට එහි සිටිය නොහැකියි. ඔවුන් කලාන්ත වෙයි. මේ නිසයි දොස්තරවරු පවුලේ
අයට එහි සිටින්න නොදෙන්නේ. මෙයද එවැනි විශාල ශෛල්‍යකර්ම මෙහෙයුමකි! ඔවුන් එකිනෙකා
දිගටම මරාගනී. මේ කිලිටු ලෝකය කටු අකුලකි. සත් යුගයට කියන්නේ මල් වත්තක් කියාය.
දෙවි දේවතාවුන් සජීවී මල් වෙයි. මනුෂ්‍යයින් සිතන්නේ බහියිස්ට් නම් වූ දෙව්ලොව මල්
උයනක් බවයි. ඔවුන් ඇසූ දේවල් ඔවුන් ඔහේ කියයි. ඔවුන් අල්ලාගේ උද්‍යානය ගැනත් කියයි.
ඔවුන් ධ්‍යානගතව උයන් දකින අතර අල්ලා ඔවුන්ගේ අතට මලක් දෙනවා යැයි සිතයි. ඔවුන්
දෙවියන්ගේ උයන සිතින් මවා ගනී. භක්ති මාර්ගයේ දී මිනිසුන් භක්ති කටයුතු කරන්නේ
දර්ශන ලබා ගැනීම සඳහාය. දර්ශන ලැබෙන කල ඔවුන් කියන්නේ දෙවියන් සර්වව්‍යාපී කියාය.
අතීතයේ දී සිදු වූ දේ නැවත ද සිදුවේ. කුමන ඇඳුමින් දරුවන් මෙහි පැමිණියේද, ඔවුන්
චක්‍රයකින් පසු නැවත එම ඇඳුමින්ම මෙහි පැමිණෙනු ඇත. ඇතැම් අය නාටකය ඉතා හොඳින්
තේරුම් ගනී. කෙනෙක් බාබා හමු වීමට ආ විට ඔහු මෙසේ අසයි ඔබ මෙහි මීට පෙර පැමිණ
තිබේද? ඔහු මෙසේ කියයි ඔව් බාබා! අපි ගිය චක්‍රයේත් මෙසේ ඔබ හමු වුණා. මම පැමිණියේ
ඔබෙන් උරුමය ලබා ගැනීමටයි. පරම පියා මෙසේ අසයි ඔබ ඉල්ලන තත්ත්වය කුමක් ද? ඔබ මමා සහ
බාබා ගැන කතා කරනවා නම් ඔවුන්ගේ පරපුර තුළ එනු ඇත. බාබා මෙසේ කියයි ඔබ උසස්
තත්ත්වයක් ලැබීමට ම උත්සාහ කරන්න. මේ පිංතූර සියල්ල ඔබේ බුද්ධියට ඇතුල් වී ඇත.
ඇත්තෙන්ම යුද්ධයක් ද තිබේ. අපාය විනාශ විය යුතුයි. ඔබට පළමු පංතියේ හොඳම පිංතූර
තිබේ. ඔබ ගෝල දෙකක් සමඟ ක්‍රිෂ්ණාගේ පිංතූරය මුද්‍රණය කළ යුතුය. එවිට පැහැදිලිය.
දෙව්ලොවට දොරටු විවර වන අතර අපාය පයින් තල්ලු කරයි. ඔබ මුහුණ පා සිටින්නේ
දෙව්ලොවටයි. මෙය හරියටම නිවැරදිය. ඔබ දන්නවා දැන් ඔබ ආපසු නිවස කරා යා යුතු බව. ඔබ
වියපත් ලෝකය අමතක කළ යුතුය. අසීමිත අත්හැරීම කියනුයේ මෙයටයි. අප වියපත් ලෝකය අතහැර
බාබා වෙත යයි. අප යන්නේ ස්මෘති වන්දනාව තුළිනි. ස්මෘතිය ප්‍රධානය. හැම කෙනෙකුම ඔහුව
සිහි කරයි. පරම පියා පැමිණ ඔබට නිවැරදි දේ මෙසේ කියයි මාව සිහිකරන්න! මෙම ස්මෘතිය
කිලිටෙන් තොර අතර අර්ථවත්ය. ඔබ දන්නවා ශිව බාබා ලක‍්ෂ්‍යයක් බව. ඔබ ජීවාත්ම
සත්තාවක් ලෙස සලකමින්, ලක‍්ෂ්‍යයක් සේ පරම පියාද ලක‍්ෂ්‍යයක් බව සලකන්න. ඔබ අළුත්
දෙයක් දුටු කල අමතක වෙයි. ඔබ ජීවාත්ම සත්තාවක් සේ සලකමින් පරම පියාත් ගෙදරත් සිහි
කරන්න! හොඳයි, ඔබට ලක‍්ෂ්‍යය කුඩා වැඩි සේ පෙනේ නම් ඔබේ නිවහන විශාල ගෙදරක් නිසා එය
සිහිකරන්න. බාබාද එහි සිටී. ඔබත් මාත් යන්නේ බාබාගේ නිවහනටයි. ඔබට ලක‍්ෂ්‍යය
සිහිකිරීමේ නොහැකියාවක් ඇත්නම්, එවිට අඩු ගණනේ නිවන් ගෙදර සිහි කළ හැකි වේ. එය සාම
දේශය වන අතර අනෙක සතුටේ දේශයයි. මෙය දුක් දේශයයි. ඔබ දැන් අනුපිළිවෙලින් ඉගෙන ගන්නා
අතර ඔබේ උත්සාහයන් අනුපිළිවෙලට ඔබ සතුටේ දේශය වෙත යැවේ. ඔබ පරම පියාගේ දරුවන් වන
අතර එමනිසා, ඔබට නියතයෙන් ම දෙව්ලොව ආධිපත්‍යය අවශ්‍යය. ශිව බාබා ද පසුගිය කල්පයේ ද
පැමිණ ඔබට දෙව්ලොව ආධිපත්‍ය ලබා දුන්නා. ඔබට දැන් එය අමතක වී ඇත. පරම පියා මෙසේ
කියයි මා නැවතත් එය ඔබට දීමට පැමිණියා. ඔබ අනේක වාරයක් රජදහන ලබා ගෙන පසුව අහිමි කර
ගත්තා. නොගිණිය හැකි වාර ගණනක් ඔබ මෙය ලබා ගත්තා. එසේ නම්, ඔබ එවැනි පරම පියා අමතක
කරන්නේ ඇයි? මායා කුණාටු සමඟ බොහෝ සටන් ඇත. මේ නිසයි එක් නාට්‍යයක පෙන්වන්නේ මායා
ඔබව එක පසෙකින් අදින කල දෙවියන් අනෙක් පැත්තට අදින ආකාරය. ඥානයට බාධක නැතත්,
ස්මෘතියට බාධක ඇත. උත්සාහය අවශ්‍යය. පරම පියා මෙසේ කියයි දැන් මහරාතීන් බවට පත්
වන්න. මේ වියපත් ලෝකය ගිණිතැබිය යුතුය. වියපත් වූ මුළු මහත් ලෝකයම මෙම යාග ගින්නට
කැප වේ. ඒ නිසා මහා වීරයන් වන්න. ඔබ දරුවන් අචල නොසැලෙන රජදහන ලබා ගත යුතුය. කොපමණ
කුණාටු ආවත් මායාට කිසිවක් කළ නොහැකි සේ ඔබේ බුද්ධියේ යෝගය පරම පියා හා යෝග
සම්බන්ධයෙන් එක් කළ යුතුය. ඔබේ පරිවර්තනය සිදු වන විට අවසානයේ ඔබේ තත්ත්වය මෙවැනි
වනු ඇත. පාසැලකත් විභාග ඇත්තේ අවසානයටය. ඔබ අයත් වන මල් මාලය සැදෙන්නේ අවසානයේය.
ඔබට විවිධ දර්ශන ලැබෙනු ඇත අහවලා මෙසේ වෙයි, අහවලා එසේ වෙයි. අහවලා වැඩකාරියක් වෙයි
ආදී ලෙස. සියල්ල පෙනෙනු ඇත. අවසානය උදා වූ කල, ඔබට කළ හැකි යමක් නැති නිසා
පශ්චාත්තාපය ඇති වේ. ‘‘මම කුමක් කළාද? ඇයි මම ශ්‍රීමත් නොපිළිපැද්දේ?’’ කොහොමනමුත්,
එවිට ඔබට කළහැකි යමක් නැත. බොහෝ අය මෙසේ පසු තැවේ. මිනිසුන් අන් අය මරා පසුව
ලතැවෙයි. නමුත් එවිට එය සිදුකර හමාරය, ඉන්පසු කුමක් කරන්නද? මේ නිසයි පරම පියා
පවසන්නේ අපරිස්සම් නොවන්න! දිගටම ඔබේ උත්සාහය ගෙනයන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. උපත් 84
නාටකය දැන් අවසන් වෙමින් ඇත. ඔබ දැන් ආපසු ගෙදර යා යුතුය. මේ නිසා ජීවාත්ම සත්ථා
විඥානයෙන් සිට පිරිසිඳු වන්න. සියලු ශරීර අවධාන බැහැර කරන්න.
2. ඔබ ජීවාත්ම
සත්ථාවක්, ලක‍්ෂ්‍යයක් ලෙස සලකමින් සැබෑ තේරුම සිහියට ගෙන පරමාත්ම පියා, පරම
ලක‍්ෂ්‍යය නිකැලැල් ස්මෘතියෙන් සිහිකරන්න. මහාවීර් කෙනෙක් වී ඔබේ තත්ත්වය අචල හා
නොසැලෙන බවට පත් කරගන්න.
වරදානය:
සියලු නිෂ්ඵල
කාන්දු වීම් නතර කිරීමෙන්, ඔබ අඩුවෙන් වියදම් කර, වැඩි කීර්තියක් ගෙනැවිත්, බලවත්
වේවා.
සංගම යුගයෙදි ඔබට
බාප්දාදාගෙන් ලැබී ඇති සියලු සම්පත් අපතේ යෑමෙන් ආරක්ෂා කරගන්න, එවිට ඔබ අඩු
වියදමක් දරා වැඩි කීර්තියක් ගෙන එයි. ඕනෑම දෙයක් අපතේ යාමෙන් ආරක්ෂා කරගැනීම යනු
බලවත් වීමය. බලය ඇති තැන, අපතේ යාම සිදුවිය නොහැකි දෙයක්. ඕනෑම නිෂ්ඵල කාන්දුවීමක්
ඇත්නම්, එවිට ඔබ කෙතරම් උත්සාහ දැරුවත්, කෙතරම් වෙහෙසකාරී කාර්ය සිදු කළත්, ඔබට
බලවත් විය නොහැක. මේ නිසයි ඔබ සියලු කාන්දුවීම් පරීක්ෂා කර එය නතර කළ යුත්තේ. එවිට
අපතේ හරින්නෙකුගෙන් ඔබ බලවත් අයෙක් වෙයි.
පාඨය:
ඔබගේ පවුලේ අය
සමග නිවසේ වාසය කරන අතර සම්පූර්ණයෙන් පිවිතුරුව රැඳී සිටීම, යෝගී සහ ග්‍යානී
ජීවාත්මයකගේ අභියෝගයයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
පරමාත්ම දෙවියන්ගේ
දැනුමේ නවතාවය, පාරිශුද්ධත්වයයි. ඔබ ආධ්‍යාත්මික කුල්මත් බවින් පවසන්නේ, පුළුන් සහ
ගින්දර එකට වාසය කළත්, එය ගිණි ගන්නේ නැති බවයි. ඔබගේ දේශන වලදි පවා ඔබ පවසන්නේ,
පාරිශුද්ධත්වය නොමැතිව ඔබට යෝගී සහ ග්‍යානී ජීවාත්ම විය නොහැකි බවයි. එබැවින් දැන්
මෙම අභියෝගය ක්‍රියාවට නඟන්න.