27.09.26 Avyakt Bapdada
Sinhala
Murli 15.12.2011 Om Shanti Madhuban
නිරන්තරයෙන් ඔබගේ
ආධ්‍යාත්මික කුල්මත් බව පවත්වාගෙන
සැහැල්ලු අධිරාජයෙක් වන්න. තීව්‍ර උත්සාහ දැරීමෙන් පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වී,
පරම පියා සමග ආපසු නිවසට යාමට සූදානම් වන්න.
අද දින, බාප්දාදා
සැහැල්ලු අධිරාජවරුන්ගේ සමූහය දකිනවා. මෙම සමූහය පවත්වන්නේ මෙකල පමණයි, මන්ද,
සියලුම දරුවන් ඔවුන්ගේ කණස්සලු (ෆිකර්) පරම පියාට ලබා දී, ඔහුගෙන් කුල්මත් බව
(ෆකූර්) ලබා ගෙන තිබේ. මෙම හමුව පැවැත්වෙන්නේ මෙකල්හි පමණයි. ඔය සෑම කෙනෙක්ම උදෑසන
අවදි වී ක්‍රියා සිදු කරන මොහොතේ සිට, ඔබ සැහැල්ලුවෙන් රැඳී සිටිමින් අධිරාජයෙක්
ලෙස ගමන් කරයි, එහෙම නේද? මෙම සැහැල්ලු ජීවිතය බොහෝ සේ ආදරණීයයි! සැහැල්ලුවෙන් රැඳී
සිටීමේ දිස්වන ලක්ෂණ මොනවාද? සෑම කෙනෙකුගේම නළලේ දිදුලන ජීවාත්මයේ ආලෝකය දිස්වෙයි.
ඔබ ඔබගේ ජීවිතය සැහැල්ලු කරගත්තේ කෙසේද? ඔය සියලුම දරුවන්ගේ ජීවිත වලින් පරම පියා
කණස්සලු ඉවත් කර, ඔබට කුල්මත් බව ලබා දුන්නා. තම ජීවිත වල කුල්මත් බව නොමැති අය,
එනම්, කණස්සලු ඇති අයගේ නළලේ දිලිසෙන ආලෝකයක් නැත. ඒ වෙනුවට ඔවුන්ගේ නළලේ බරක රේඛා
දිස්වෙයි. එබැවින් මට කියන්න, ඔබ වැඩියෙන් ප්‍රිය කරන්නේ කුමටද? ඔබ ප්‍රිය කරන්නේ
ආලෝකයද, බරක්ද? යම් බරක් තිබුණත් - බර යනු කණස්සලු - ඔබට එම කණස්සල්ල පියාට භාර දී,
ඔහුගෙන් කුල්මත් බව ලබා ගත හැක. ඔබ සියලු දෙනාම ප්‍රිය කරන්නේ සැහැල්ලු ජීවිතයකට
නේද? ඔබව දකින සියලු දෙනා ප්‍රිය කරන්නෙත් සැහැල්ලු දිවියක්ය.
එබැවින් අද දින, ඔබ
මෙහි ඉදිරියේ අසුන් ගෙන සිටියත්, ඔබ කොතැනක අසුන්ගෙන සිටියත්, සෑම තැනකම සිටින
සියලුම දරුවන්ගේ නළලේ බාප්දාදා දිදුලන ආලෝක දකිනවා. එබැවින් ඔබ නිරතුරුවම
සැහැල්ලුවෙන් රැඳී සිටිනවාද, නැත්නම් ඔබ විටෙක කණස්සලු වනවාද? ඔබට කිසියම් කණස්සලු
තිබෙනවාද? පරම පියා ඔබව පදාර්ථ ජයගත්තෙක් සහ පාපයන් ජයගත්තෙක් කර ඇති බැවින්, ඔබට
කණස්සලු තිබෙන්නේ කෙසේද? එබැවින් ඔබ සැහැල්ලු වී ඇත්නම් අත ඔසවන්න! ඔබ සදාකලට මෙය
වෙලාද, නැත්නම් විටෙක පමණයිද? ඇතැම් විට පමණක් සැහැල්ලු වන අය තවමත් සිටියි. ඔබ අත්
ඔසවන්නේ නැහැ. මෙයට අත් දැකීමට බාප්දාදාට අවශ්‍ය නැහැ. බාප්දාදාට දැකීමට අවශ්‍ය
වන්නේ, සෑම දරුවෙක්ම සැහැල්ලු අධිරාජයෙක් ලෙසය. ඔබට විටෙක කණස්සල්ලක් ඇත්නම්, එවිට
ඉතා පහසු ක්‍රමවේදයක් වන්නේ, සුළු කණස්සල්ලක් ඇති විට, ‘මගේ’ (මේරා), ඔබගේ (තේරා)
බවට වෙනස් කිරීමයි. මෙම සීමිත “මගේ” “ඔබගේ” බවට වෙනස් කිරීම, ඉතා පහසු ක්‍රමවේදයකි.
ඔබ “මගේ බාබා” කියා පවසයි, එබැවින් “මගේ” වන්නේ කුමක්ද? ඉතිං සීමිත මගේ අවසන් වෙලා
නේද? එය දැන් “මගේ බාබා”ය. ඔබ සියලු දෙනාම ඔබගේ හදවත් වලින් පවසන්නේ, “මගේ බාබා,
ආදරණීය බාබා, මිහිරි බාබා” කියා, එහෙම නේද? එබැවින් “මගේ”, “ඔබගේ” බවට මුසු කිරීම
අපහසුද? වෙනස කුමක්ද? “ම” සහ “ත” පමණයි: එය බොහෝ සුළු වෙනසකි. “සෑම දෙයක්ම ඔබගේ” යන
සිතිවිල්ල ඔබට ඇති විය, එබැවින් මගේ ලෙස ඉතිරි වන්නේ කුමක්ද? මගේ වන්නේ බාබා. ඔය
දරුවන්ගෙන් බහුතරයක් සීමිත “මගේ”, “ඔබගේ” බවට පරිවර්ථනය කර ඇති බව බාප්දාදා දුටු
අතර, එබැවින් ඔබ පත් වී ඇත්තේ කවුරු බවටද? සැහැල්ලු අධිරාජවරු! ඉතිං අද බාප්දාදා ඔය
සියලුම දරුවන්ව දකින්නේ සැහැල්ලු අධිරාජවරු ලෙසයි. බලන්න, භක්ති මාර්ගයේ වුනත්,
ඔවුන් ඔබගේ පිළිම නිර්මාණය කරන විට, ඒවා නිර්මාණය කරන්නේ ද්විත්ව කිරුළක් ඇතිවයි.
ප්‍රථමයෙන් ආලෝක කිරුළ තිබේ, මන්ද, සැහැල්ලු ජීවාත්මයකගේ සලකුණ වන්නේ නළලේ දිදුලන
ආලෝකය වන අතර දෙවන කිරුළ පෙන්වන්නේ, පාපයන් ජයගැනීම වෙනුවෙන්ය. එබැවින්, බාප්දාදා
ඔබගේ කණස්සලු ඉවත් කොට ඔබට කුල්මත් බව ලබා දී ඇති බැවින්, ඔබ පත්ව ඇත්තේ කවුරුන්
බවටද යන්න ගැන අවධානය යොමු කරන්න. ඔය සෑම කෙනෙක්ම සැහැල්ලු අධිරාජයෙක් වෙලා. ඔබ
අධිරාජවරයෙක් වී ඇති බැවින්, ඔබට සිංහාසනයක්ද අවශ්‍යයි. එබැවින් බාප්දාදා ඔබව
සිංහාසන තුනක පාලකයෙක් බවට පත් කර ඇත. එම සිංහාසන තුන මොනවාද කියා ඔබ දන්නවාද? එකක්
ඔබ සියලු දෙනාටම තිබෙන, ඔබගේ නළල මැද සිහසුනයි. දෙවන සිංහාසනය වන්නේ, බාප්දාදාගේ
හදවත් සිහසුන වන අතර තුන්වන සිංහාසනය, ලෝකයේ සිහසුනයි, ආධිපත්‍යයේ සිංහාසනයයි. ඔබ
සියලු දෙනාටම මෙම සිංහාසන තුන තිබෙනවා නේද? වඩාත්ම ශ්‍රේෂ්ඨ සිංහාසනය වන්නේ
බාප්දාදාගේ හදවත් සිංහාසනයයි. එබැවින් ඔබ එම සිහසුන මත අසුන්ගෙන සිටින්නේද කියා
පරීක්ෂා කර බලන්න. බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගත හැක්කේ කාටද? නිරන්තරයෙන්
බාප්දාදාව තමන්ගේ හදවත් සිහසුන මත අසුන් ගන්වා ඇති අයටයි, මාස්ටර් සර්ව
බලධාරියෙකුගේ ශ්‍රේෂ්ඨ මනෝ ස්ථිතියේ නිරන්තරයෙන් සිටින අයටයි. එබැවින් ඔබ
නිරන්තරයෙන් හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින්නේද, එසේ නැත්නම් ඔබ විටෙක මඩ තුළට
යන්නේද කියා පරීක්ෂා කර බලන්න. මඩ වන්නේ මෙම ශරීර අවධානයයි. ඔබ දිගු කාලයක් මඩේ
සිටි නිසා, ඔබ ඇතැම් විට නැවතත් එම මඩ තුළට යන්නේ නැහැ නේද?
ඉතිං බාප්දාදා ඔය
සියලුම දරුවන්ට කාලය පිළිබඳ සංඥාවක් ලබා දෙනවා. ඔහු ‘හදිසියේ’ යන පාඩම ඔබට බොහෝ
ස්ථිර කරවනවා. මේ නිසයි ඔබ සංගම යුග කාලයට විශාල වැදගත්කමක් ලබා දිය යුත්තේ, මන්ද,
ඔබ බොහෝ උපත් ගණනාවකට ප්‍රතිලාභය නිර්මාණය කරගත යුත්තේ මෙම එක උපතෙදි නිසා. ඔබ සෑම
මොහොතකම, සංගම යුගයෙදි කරුණු දෙකකට අවධානය යොමු කළ යුතු බවට බාප්දාදා සංඥාවක් ලබා
දී තිබෙන්නේ මේ නිසයි. ඔබට මෙම කරුණු දෙක මතක් වෙන්න ඇති නේද? කාලය සහ සිතිවිලි.
ඔබගේ මනසේ නිෂ්ඵල සිතිවිලි, බාප්දාදාට ලබා දීමට ඔය සියලුම දරුවන් එඩිතරකම පවත්වා
ගත්තා. එබැවින් එම එඩිතරකම ඔබ සදාකාලිකව තබා ගන්නේද කියා පරීක්ෂා කර බලන්න, මන්ද,
ඔය දරුවන් වරක් එඩිතරකම පවත්වා ගත් විට, පරම පියා දහස් ගුණයක උපකාර ලබා දෙයි. ඉතිං
ඔබ සිතන්නේ කුමක්ද? ඔබ කිසිම නිෂ්ඵල සිතිවිල්ලක් ඇති නොකරන බවට, එඩිතරකමින් පරම
පියා ඉදිරියේ තැබූ අධිෂ්ඨානගත සිතිවිල්ල, සදාකාලිකද? මෙයට හේතුව වන්නේ නිෂ්ඵල
සිතිවිලි වෙනුවෙන් බොහෝ කාලය වැය වන අතර, වත්මන් කාලයට අනුව, ඔබගේ කාර්යය වන්නේ
ලෝකයේ ජීවාත්මයන්ට පණිවිඩය ලබා දීමය. එබැවින් ඔබගේ සියලුම නිෂ්ඵල සිතිවිලි ඔබ අවසන්
කළ යුතුයි, මන්ද ඔබට දුකින් සිටින ජීවාත්මයන්ට සාමය සහ සතුටේ අත්දැකීම ලබා දීමට
හැකි වන්නේ එවිට පමණයි. දුකින් සිටින ජීවාත්ම දැක, බාප්දාදාට අනුකම්පාවක් දැනෙයි.
ඔබගේ සහෝදර සහෝදරියන් දකින විට ඔබටත් අනුකම්පාවක් දැනෙනවා නේද?
වර්ථමානයේ, සියලු
දෙනාටම උනන්දුව ඇති බව, ඔවුන් සැලසුම් සාදා ඇති බව සහ ප්‍රායෝගිකව එය සිදු කර ඇති
බව බාප්දාදා දුටුවා. ඔබ පැවැත්වූ සියලුම වැඩසටහන් ඉතා හොඳ වූ අතර, ඒවා වෙනුවෙන්
බාප්දාදා ඔබට සුබ පතනවා. කෙසේවෙතත්, දැන් කාලයට අනුව, ඔබ ඔවුන්ව විගසින් උරුමකරුවන්
බවට පත් කළ යුතුයි, එවිට ඔවුන්ට අඩු තරමින් යම් උරුමයකට හෝ අයිතියක් හිමි කරගත හැකි
වෙයි. මෙය ඉතා හොඳ බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කියයි. ඔය දරුවන් සිදු කළ සේවයෙන්
බාප්දාදා මෙම ප්‍රතිඵලයද දැක තිබෙන අතර පියා ඔය දරුවන් සමගත් සතුටු වනවා. ඔබ සෑම
දෙයක්ම ඔබගේ හදවතින් සිදු කරන අතර දැන් කාලයට අනුව, සියලු දෙනා උනන්දුවෙන් ඔබට සවන්
දෙනවා. අඩු තරමින් මෙම වෙනස තිබෙනවා. ඒ සියල්ලම හොඳ බව ඔවුන්ට හැඟෙයි, නමුත් ඔවුන්ව
දැන් යහපත් කර, හැකි ඕනෑම අන්දමකින් ඔවුන්ට උරුමයට අයිතියක් හිමි කරගැනීමට ඔබ
මඟපෑදිය යුතුයි. බාප්දාදා දැනටමත් මින් පෙර ඔබට මේ ගැන සංඥා කර තිබේ: දැන්, කාලයට
අනුව, ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් විය යුතුයි. තීව්‍ර උත්සාහ දරන්නෙක් වීම සඳහා, ඔබ
සිදු කළ යුතු ප්‍රධාන උත්සාහය වන්නේ, තත්පරයකදි නැවතීමේ තිතක් තැබීමයි. එක තත්පරයක්
සහ නැවතීමේ තිතක් තැබීම, යන දෙක එකවරම සිදුවිය යුතුයි. ඉතිං, දැන් බාප්දාදා ඔය
දරුවන්ගේ සැහැල්ලු අධිරාජ ස්වරූපය දකිනවා. ඔබ සෑම විටම මෙම ස්වරූපය අත්විඳිය
යුතුයි. ඕනෑම දෙයක් හෝ ඕනෑම කෙනෙක් ඔබ ඉදිරියට පැමිණි විට, ‘මගේ’, ‘ඔබගේ’ බවට සරළව
මුසු කරන්න, එපමණයි.
අද බ්‍රහස්පතින්දා
බවත්, බොහෝ දරුවන් බාප්දාදා වෙතට පැමිණ ඇති බවත් බාප්දාදා දුටුවා. බාප්දාදා
පැවසුවේ: සතියේ දින දෙකක් විශේෂයි: බ්‍රහස්පතින්දා සහ ඉරිදා. බ්‍රහස්පතින්දා ගුරුගේ
දිනයයි, ඉතිං ඔබට ගුරූගෙන් ලැබෙන්නේ කුමක්ද? ආශිර්වාද! ඉතිං, බ්‍රහස්පතින්දා යනු
ආශිර්වාද වල විශේෂ දිනයයි. මේ ආකාරයට බ්‍රහස්පතින්දා සමරන්න. අම්රිත් වේලාවේ සිට
එක් හෝ වෙනත් විශේෂ ආශිර්වාදයක් ඔබගේ බුද්ධියේ ඉස්මතු කර තබා ගන්න. බොහෝ ආශිර්වාද
තිබේ. නමුත් එක විශේෂ ආශිර්වාදයක් ඔබගේ බුද්ධියේ තබාගෙන ඉන්පසුව පරීක්ෂා කර බලන්න.
වරදාන දිනයේ, වරදානය නිකම්ම නැවත පැවසීම වෙනුවට, එම වරදානයේ ප්‍රතිමූර්තියක් වන්න.
එම වරදානයේ ප්‍රතිමූර්තියක් වී, ඔබ කෙතරම් වේලාවක් එම වරදානයේ ප්‍රතිමූර්තියක් ලෙස
රැඳී සිටියාද කියා නොකඩවා පරීක්ෂා කරන්න. ලෝකයේ, ඉරිදා, විශේෂයෙන් නිවාඩු දිනයක්.
එබැවින් ඉරිදා සමරන්න. ඔබගේ ජීවිතයේ කුමන දුර්වලතා තිබුණත් - ඔබගේ සිතිවිලි වල හෝ
ඔබගේ සිහින වල වුනත් - ඒවාට සමු දෙන්න. මිනිසුන් මෙම දින දෙක, ඉතා හොඳින් ගත කරන
අන්දමින්ම, මෙම දින දෙක වෙනුවෙන් ඔබ මෙම අරමුණ සහ එහි සුදුසුකම් ඔබගේ අවධානයේ
විශේෂයෙන් තබා ගත යුතුයි, අරමුණ පමණක් නොවෙයි, නමුත් ඔබගේ අවධානයේ එහි සුදුසුකම්ද
තබා ගත යුතුයි. ඔහුත් සමග ඔබව ආපසු රැගෙන යාමට, බාප්දාදා ඔය සියලුම දරුවන්ට
පොරොන්දු වී ඇත. එසේ නම් ඔහු සමග ආපසු යාම සඳහා ඔබ කුමන සූදානම්ද සිදු කළ යුත්තේ?
පියා තත්පරයකදි අශාරීරික වෙයි. කෙසේවෙතත්, ඔබ පොරොන්දුවක් වී ඇති අතර ඔබ ආපසු එකට
යන බවට පියාද පොරොන්දු වී ඇත. එබැවින් ඔබ ඒ සඳහා සූදානම් පිලියෙල කර තිබේද කියා,
පරීක්ෂා කර බලන්න. තත්පරයකදි නැවතීමේ තිතක් තබන්න, පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වන්න,
ඉන්පසුව ඔබ යන්න යනවා! ඔබ සූදානම් සිදුකර තිබෙනවාද? ඔබ සියලු දෙනාට බාබා සමග යාමට
අවශ්‍යයි නේද? බාබා සමග ඔබට ආපසු යාමට අවශ්‍ය නම් හිස වනන්න. ඔබට ආපසු යාමට
අවශ්‍යයි. අච්චා. ඔබට නිසැකයිද? ඔබගේ අත, ඔහුගේ අතේ තැබීම යනු, සමාන වීමය. එබැවින්,
පරීක්ෂා කරන්න, මන්ද, එම කාලය පැමිණෙන්නේ හදිසියේ. ඉතිං, ඔබට බාබා සමග ආපසු යාමට
හැකි පරිදි, ඔබ එවන් සූදානම් පිළියෙල කර තිබෙනවාද?
පරම පියා තුළ ඔය
දරුවන්ට සෙනෙහස තිබේ, එබැවින් ඔබගෙන් කිසිවෙක් දමා යන්න බාබා කැමති නැත. අප එකට
සිටින අතර අප එකට රැඳී සිටියි; අප එකට ආපසු ගොස් රාජධානියේ රාජකීය පවුල තුළට එකට
යයි. ඔබ මෙයට එකඟද? එකඟද? ඔබ සූදානම්ද? ඔබ එකඟද කියා ඔබගෙන් විමසන විට, ඔබ අත්
ඔසවයි, නමුත් මෙයට අත් ඔසවන්නේ නැහැ. ඔබගේ සූදානම් පිළියෙල කර ඇත්නම් ඔබගේ අත්
ඔසවන්න! අත් ඉහළට ඔසවන්න! අච්චා. හෙට විනාශය සිදු වන්නේ නම් ඔබ සූදානම්ද?
කෙසේවෙතත්, ඔබගේ සේවය ඔබ අවසන් කළාද? කිරීමට තවමත් සේවය ඉතිරිව තිබේ. ඔබගේ සේවය ඔබ
නිම කර තිබෙනවාද? සියලු දෙනාටම පණිවිඩය ලැබී තිබෙනවාද? ඔබගේ ප්‍රදේශයේ ටිකක්
පරීක්ෂා කර බලන්න: පරම පියා පැමිණ ඇති බව සහ ඔවුන් තම උරුමය හිමි කරගත යුතු බවට
පණිවිඩය ඔබ සියලු දෙනාටම ලබා දී තිබෙනවාද? ඔබ දැන් ඒ වෙනුවෙන් සැලසුම් සාදමින්
සිටිනවා. සෑම නිවසකටම පණිවිඩය ලබා දීමට ඔබ දැන් සැලසුම් සාදන බව, බාප්දාදාට ඇසී
තිබේ. එය හොඳයි. ඔබ පණිවිඩය ලබා දිය යුතුයි, නැත්නම්, ඔබට පැමිණිලි ලැබෙයි. ඔබ
වැඩසටහන් සාදා තිබෙනවා. නැගිටින්න! ඔබ පියාට සැලසුම් පෙන්වා තිබෙනවා නේද?
නැගිටින්න! (බාබා මාධ්‍යයේ මිනිසුන්ට සිට ගැනීමට සැලැස්වූවා). එය හොඳයි. ඔවුන්ගේ
පැමිණිල්ල අවසන් කරන්න, මන්ද, සෑම දෙයක්ම සිදු වීමට යන්නේ හදිසියේ. එබැවින් එකට
එකතු වී, මෙම සැලසුම ප්‍රායෝගික ස්වරූපයකට දමන්න. ඔබට එකිනෙකාගෙන් විගසින් විමසිය
හැක. එයට කාලය ගත වන විට, ඔබගේ උද්යෝගය ටිකක් අඩු වෙයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ,
සෑම නිවසකම ඇති මෙම පැමිණිල්ල අවසන් වනවා දැකීමටයි: “පරම පියා පැමිණි අතර පියා
පැමිණි බව අප දැන සිටියේ වත් නැහැ, ඔහු පිටත්ව ගිය අතර අපට අහිමි විය”. ඔබ සියලු
දෙනාට උද්යෝගය තිබෙනවා නේද? ඔබට උද්යෝගය තිබෙනවාද? ඔබ මෙම සේවය සිදුකර එම පැමිණිල්ල
අවසන් කළ යුතුයි. ඔබට උද්යෝගය තිබෙන විට, ඔබට බාප්දාදාගේ උපකාරත් ලැබෙයි. අච්චා.
බාප්දාදාගේ පැතුම
කුමක්ද කියා ඔබ සියලු දෙනා දන්නවා:
ඔබ සමාන සහ
අංගසම්පූර්ණ විය යුතු බව. සෑම විටම මෙම වදන් පරීක්ෂා කර බලන්න: මම පියාගේ
බලාපොරොත්තු ඉටු කරනවාද? සෑම දරුවෙක්ම ඔහුගේ බලාපොරොත්තු වල තාරකාවක් ලෙසයි
බාප්දාදා සලකන්නේ. සෑම දරුවෙක් තුළම පියා කෙරෙහි සෙනෙහස තිබේ. බාප්දාදා මෙය දන්නවා.
ඔබ සියලු දෙනාව මධුබන් වෙතට රැගෙන එන්නේ කුමක්ද? ඔබ සියලු දෙනා පැමිණෙන්නේ සෙනෙහස්
දුම්රියෙන් හෝ සෙනෙහස් ගුවන් යානයෙන්. එබැවින් පියා කෙරෙහි දරුවන් තුළ ඇති සෙනෙහස,
යන විෂය අතින්, පියා ඔය දරුවන් ගැන සතුටු වනවා. කෙසේවෙතත්, බාබාට අවශ්‍ය වචන
දෙකෙන්ද ඔබ සම්පූර්ණ විය යුතුයි: සමාන සහ අංග සම්පූර්ණ. මෙයද අත්කර ගත යුතුයි.
ඉතිං, අද දින, ඔහුගේ හදවතේ ඇති බොහෝ සෙනෙහසින් බාප්දාදා සෑම තැනකම සිටින ඔය සියලුම
දරුවන්ව දකින අතර ඔහුගේ හදවතේ සෙනෙහසින් ඔය සෑම දරුවෙකුටම සුබ පතනවා. අච්චා.
බොහෝ ගුරුවරු පැමිණ
සිටිනවා. බාප්දාදා සෑම විටම ගුරුවරු සිහි කර ඔවුන්ට සෙනෙහස ලබා දෙනවා, මන්ද, සෑම
සහෝදරයෙකුට සහ සහෝදරියකට ඉදිරියට ගමන් කිරීමට ගුරුවරු උපකරණ වන නිසා. බාප්දාදා
ගුරුවරු හඳුන්වන්නේ “ගුරුභායි” කියා (ගුරූට පසුව ඊළඟට සිටින කෙනා). ගුරුභායි යනු
සමාන බවය, මන්ද, පියාගේ යුතුකම වන්නේ, නිරන්තරයෙන් සේවයේ කාර්යබහුලව සිටීමයි, ඒ
ආකාරයටම, වටිනා ගුරුවරු වන්නේ පියා හා සමානව සේවාධාරීන් වන අයයි, එමෙන්ම ඔවුන් අන්
අයව සාර්ථකත්වයේ ප්‍රතිරූ බවට පත් කරවන, නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන්ය.
බාප්දාදාගේ හදවත තුළ නිරන්තරයෙන් ගුරුවරු වෙනුවෙන් බොහෝ සෙනෙහස තිබේ. ඇයි?
ගුරුවරයෙක් යනු නිරන්තර සේවකයෙකි, සෑම විටම අන් අයව පියා හා සමාන බවට පත් කරවන
කෙනෙක් මෙන්ම, අළුත් අයට පියාගේ හැඳින්වීම ලබා දී, ඔවුන්ව අත්දැකීම් ඇති සහ පරම
පියාගෙන් උරුමයක් හිමි කරගැනීමට සුදුස්සන් කරන කෙනෙකි. එබැවින් බාප්දාදා ගුරුවරු
පිළිබඳව සතුටු වනවා. පියා කෙරෙහි ගුරුවරුන්ගේ හදවත් තුළ ඇති සෙනෙහස - ඔවුන්
ශිෂ්‍යයන්ව එම සෙනෙහසින් පුරවා ඔවුන්ට උරුමයකට අයිතියක් හිමි කරගැනීමට මඟපාදයි. පරම
පියා තුළ ඔය සෑම ගුරුවරයෙක් ගැනම බලාපොරොත්තු තිබේ, ඔබ පියාගේ බලාපොරොත්තු ඉටු කර
පියාට අවශ්‍ය දේ ඔබ හෙළිදරව් කරයි කියා. මේ නිසයි බාප්දාදා ඔය සෑම ගුරුවරයෙකුටම
කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. ඔහු ඔබට සුබ පැතුම් ලබා දෙනවා. අච්චා.
ද්විත්ව විදේශිකයන්ට:
සේවය කිරීම අතින් ඔය ද්විත්ව විදේශිකයන් භාරත ජීවාත්මයන්ට දෙවැනි නැති බව, බාප්දාදා
දැක තිබෙනවා. තමන්ගේම ස්ථාන වල ඔබ සියලු දෙනාම සේවය ව්‍යාප්ත කරන අන්දම සහ තවද
තමන්ම උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන ආකාරය දැකීමෙන් බාප්දාදා සතුටු
වනවා. ද්විත්ව විදේශිකයන්ගේ සංස්කාරයක් වන්නේ ඔවුන් කුමක් කළත් ඔවුන් එය උනන්දුවෙන්
සහ උද්යෝගයෙන් කරන අතර ඔවුන් එය සම්පූර්ණ කරයි, එමෙන්ම ඔවුන් තමන්ගේ උත්සාහය
වෙනුවෙන්ද අවධානය යොමු කරයි. සියලු දෙනාම තීව්‍ර උත්සාහ දරන්නන් වීමට ඔබ සියලු
දෙනාම අත් ඔසවයි. ඔබ තීව්‍ර උත්සාහ දරන්නන්ද? අච්චා. එමෙන්ම සියලු දෙනා වෙනුවෙන්
බොහෝ බොහෝ සුබ පැතුම්. කුමකටද? තීව්‍ර උත්සාහ දරන්නෙක් යනු ප්‍රායෝගික අන්දමකින්
බාප්දාදාගේ බලාපොරොත්තු ඉටු කරන කෙනෙක්. එබැවින් ඔබගේ තීව්‍ර උත්සාහය වෙනුවෙන්
බාප්දාදා ඔබට සුබ පතයි. ඔබ තීව්‍ර උත්සාහ දරන්නන් වන අතර සෑම විටම තීව්‍ර උත්සාහ
දරන්නන් ලෙස සිට අන් අයවත් තීව්‍ර උත්සාහ දරන්නන් බවට පත් කරවයි. එවිට සියලු විදෙස්
භූමිද තීව්‍ර උත්සාහ දරන්නන්ගේ ලැයිස්තුව තුළට පැමිණෙයි. ඔබට යම් ප්‍රමාණයකට මෙම
වාර්ථාව තිබෙනවා, නමුත් ඔබ තව මෙයද පෙන්විය යුතුයි. කෙසේවෙතත්, ඔබගේ උත්සාහය
වෙනුවෙන් බාප්දාදා ඔබට සුබ පතනවා. ඔබ මුරලියට අවධානය යොමු කරයි. ඔබ තුළ මුරලිය
වෙනුවෙන් සෙනෙහස තිබීම ගැන බාප්දාදා සතුටු වෙයි. එමෙන්ම ඔබ තුළ මධුබන් කෙරෙහිද
සෙනෙහස තිබේ. ඔබ මුරලියට සෙනෙහස දක්වයි. ඔබට පවුල කෙරෙහි සෙනෙහස තිබේ එමෙන්ම “මගේ
බාබා!” වෙනුවෙන්ද ඔබ තුළ සෙනෙහස තිබේ. එමෙන්ම සූක්ෂම උත්සාහයේ යෙදීමටත් ඔබ දැන්
හොඳින් අවධානය යොමු කරයි. ජනක් දරුවා විදෙස් රටවල් කෙරෙහිද බොහෝ අවධානය යොමු කර ඇති
බව බාප්දාදා දැක තිබෙනවා. ඇය මෙහි වාසය කළත්, ඇගේ සෑම පංතියක්ම ප්‍රථමයෙන් විදෙස්
රටවලට යයි. එබැවින් ඔබට ඉතා හොද පෝෂණයක් ලැබෙනවා. මෙයත් ඔබගේ භාග්‍යයයි. ඔබ
වාසනාවන්තම මෙන්ම මිහිරිතම අයයි. අච්චා.
ප්‍රථම වතාවට පැමිණි
අයට: ඔබගෙන්
බොහෝ දෙනෙක් සිටිනවා. ඔබට අත වැනිය හැක. ඔබ සියලු දෙනාම තමන්ගේම නිවස වන මධුබන් වලට
ළඟා වෙලා. මේ වෙනුවෙන් බාප්දාදා ඔය සෑම දරුවෙකුටම සුබ පතනවා, මන්ද ඔබ අවසන් කාල
වකවානුවට පෙර මෙහි ළඟා වී ඇත. ඔබට අවසානයේ ඇවිත් ප්‍රථමයට යෑමේ අවස්ථාව තිබේ. ඔය
දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතිං දැන් තීව්‍ර
උත්සාහ දරා, ඉදිරියට ගමන් කර සියලු දෙනාට වඩා ඉදිරියට යෑමේ අධිෂ්ඨානගත සිතිවිල්ල
ඇති කරගන්න. සාර්ථකත්වයේ යතුර අධිෂ්ඨානයයි. අද මෙහි පැමිණ ඇති ඔය සියලුම දරුවන්ට
බාප්දාදා අධිෂ්ඨානයේ යතුර නමැති විශේෂ තෑග්ගක් ලබා දෙනවා. ඔබගේ අධිෂ්ඨානයට කිසිම
විටෙක අඩු වීමට ඉඩ නොදෙන්න. ඔබට නිරන්තරයෙන් සහ පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමට
අධිෂ්ඨානය ඔබට මඟපාදයි. බාප්දාදා සතුටු වනවා. සාදරයෙන් පිළිගන්නවා! ඔබ ඇවිත්
තිබෙන්නේ ඔබගේ උරුමය හිමි කරගැනීමටයි. මේ වෙනුවෙන් බොහෝ බොහෝ සුබ පැතුම්. අච්චා.
බාප්දාදා ඔහුගේ
හදවතින් සෙනෙහස ලබා දෙන අතර සෑම තැනකම සිටින ඔය සියලුම බ්‍රහ්මණයින්ට, නිරන්තරයෙන්
ඉදිරියට යාමේ ශ්‍රේෂ්ඨ සිතිවිල්ල ලබා දෙනවා. පරම පියා ඔය සෑම සියලු දරුවෙක්ව දකින
අතර තවද ඔබව දැකීමෙන් ඔහුගේ හදවත තුළ ඔබව මුසු කර ගන්නවා. සමීපව අසුන්ගෙන සිටින අය,
ඔවුන් ඉදිරියේ බාප්දාදාව දකින අතර ඔබගෙන් ඉතිරි අය පහසුකම් මාර්ගයෙන් පරම පියාව
ඔබගේ ඉදිරිපිට දකිනවා. ඔබ කොහේ අසුන්ගෙන සිටියත්, බාප්දාදාද ඔබව දකින්නේ ඔබ ඔහු
ඉදිරියේ සිටින ලෙසින් වන අතර ඔය සෑම කෙනෙකුටම ඔහුගේ හදවතේ සෙනෙහස ලබා දෙනවා. නොකඩවා
ඉදිරියටම ගමන් කරන්න. තීව්‍ර උත්සාහයේ යෙදී අඛණ්ඩව සියල්ලන්ටම වඩා ඉදිරියෙන් ගමන්
කරන්න. අච්චා. බාප්දාදා ඉදිරියේ අසුන්ගෙන සිටින සියලු දෙනාට, නිරන්තරයෙන් ඉදිරියට
ගමන් කිරීම වෙනුවෙන් සෙනෙහස, ස්මරණය සහ සුබ පැතුම්. සුබ පැතුම්! සුබ පැතුම්! අච්චා.
වරදානය:
ඔබ දර්ශන ලබා
දෙන වටිනා ප්‍රතිරුවක් වී, සියලු ඉගැන්වීම් ප්‍රායෝගිකත්වයට දැමීමෙන්, එය ඔප්පු කර
පෙන්වන්න.
ඉගැන්වීම් ස්වරූපයෙන්
පමණක් ඔවුන්ගේ බුද්ධිය තුළ එම ඉගැන්වීම් තබා නොගෙන, ඒවා ප්‍රායෝගිකත්වයටත් දමන
දරුවන්, මෙම දැනුමේ ප්‍රතිමූර්තියක්, සෙනෙහසේ ප්‍රතිමූර්තියක් සහ ආනන්දයේ
ප්‍රතිමූර්තියක ස්ථිතියේ ස්ථාවරව රැඳී සිටියි. මෙම දැනුමේ සෑම කරුණක්ම ක්‍රියාවට
නංවන අයට, තිතක ස්වරූපයේ ස්ථාවරව රැඳී සිටිය හැක. කරුණක් ගැන සිතීම හෝ කතා කිරීම
පහසුයි, නමුත් එය බවට පත් වී, වෙනත් ජීවාත්මයන්ට එම අත්දැකීම ලබා දීම යනු, එය ඔප්පු
කර පෙන්වීමයි. දර්ශන ලබා දෙන වටිනා ප්‍රතිරුවක් යන්නෙහි අරුත මෙයයි.
පාඨය:
ඔබගේ
ඒකාග්‍රතාවයේ බලය වැඩි කරන්න, එවිට ඔබගේ මනස සහ බුද්ධියේ සැරිසැරීම නතර වෙයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
දුර්වල ජීවාත්මයක් ඔබ
ඉදිරියට පැමිණෙන විට, එම ජීවාත්මයට බලය ලබා දෙන්න. ඔබට ලැබී ඇති සියලු බලයන්ගේ
උරුමය එම ජීවාත්මයට ලබා දෙන්න. දානපතියෙක් වී, පරම පියාගේ සම්පත් සියලු ජීවාත්මයන්ට
ලබා දෙන්න. පිපාසිත සහ අසරණ ජීවාත්මයන්ට ජීවිත දානය ලබා දීමට, ඔබගේ බල භාවිතා
කරන්න. ආශිර්වාද දානපතියෙක් වී, ආශිර්වාද වලින් ඔවුන්ව පරම පියා සමග සමීප
සම්බන්ධතාවයකට ගෙන එන්න. මෙහිදී ඔබගේ දානපතියෙකුගේ සංස්කාර භාවිතා කිරීමෙන් ඔබට
තමන්ව රාජකීය තත්ත්වයක සංස්කාර වලින් පිරවීමට හැකි වෙයි, එනම්, අනාගත උපත් 21කට
දාපතියෙකුගේ සංස්කාර.