27.10.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ බුද්ධිය නිරන්තරයෙන් ඥානය ආවර්ජනය කරමින් කාර්යබහුලව තබා ගන්න. එවිට ඔබට සියලු කරදර වලින් නිදහස් වී සතුටින් සිටිය හැකි වේවි.

ප්‍රශ්නය:
තමන්, ශිව් බබාගේ අග්නි යාගයේ සේවකයින්ය කියා සලකන්නන්ගේ ගති ලක්ෂණ මොනවා ද?

පිළිතුර:
බ්‍රහ්මාගේ කටින් ශිව බාබා කියනා ඕනෑම දෙයක් ඔවුන් සැනෙකින් පිළිගන්නවා. ශිව බාබා කියනා ඕනෑම දෙයක් පිළිගන්නවා යනු ශ්‍රීමත් පිළිපැදීමයි. ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් පිළිපැදීමෙන් පමණයි ඔබ උසස් අය වන්නේ. උසස් වෙනවා යනු ජයග්‍රාහී මල්දාමයේ කොටසක් වීමයි.

ගීතය:
ඕම් නමෝ ශිවාය!

ඕම් ශාන්ති.
ශිව පරමාත්මය සලිග්‍රමයින් අමතා කතා කරයි. ආධ්‍යාත්මික පියා ඔය ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කරයි. ඔබ මෙහි සිටිනා අතර තමන් ජීවාත්මයන් බව සැලකිය යුතුයි කියා ඔය දරුවන් දන්නවා. මේ මුලු ලෝකයේම තමන් ජීවාත්මයන් කියා සලකන එකම එක මිනිසෙක්වත් නැහැ. ජීවාත්මයක් යනු කුමක්දැයි කියා ඔවුන් දන්නේත් නැහැ. ඉතින් කොහොමද පරමාත්ම ජීවයක් ගැන දැන ගන්නේ? සැබවින්ම ජීවාත්මයක් යනු කුමක්දැයි යන පැහැදිලි කිරීම ඔවුනට ලැබෙන්නේ පරමාත්ම පියාගෙන්ම පමණයි. මිනිස්සු කිසිම දෙයක් නොදන්නා නිසා සිටින්නේ හරිම අසතුටින්. මෙම නාටකයේ, මෙම ලෝක කල්ප වෘක්ෂයේ කාල පරාසය වසර 5000ක් බව ඔය දරුවන් දන්නවා. අඹ ඇටයකට කතා කරන්න පුළුවන් නම් තමන් ගසෙහි බිජය බවත්, තමාගෙන් ගස මතු වන්නේ කෙසේද කියාත් එය පැහැදිලි කරාවි. නමුත් එය අජීවීයි. ඇත්තේ එකම එක ජීව ගසකි. ගසෙහි ආරම්භයේ සිට අවසානය දක්වා මුලු ඥාන සම්භාරයම ඔබට දැන් ලැබී තිබෙනවා. ඔබ දරණා උත්සාහයේ තරමට ඔබට එය අවබෝධ වෙනවා. පරමාත්ම පියා කියනවා: මම මානව ලෝක ගසෙහි බීජයයි. සත්‍යයයි, සජීවී ජීවාත්මයයි. ආනන්දයේ ප්‍රතිමූර්තියයි. මා හඳුන්වන්නේ ඥාන සාගරය කියලයි. අශාරීරික කෙනාගේ ගුණ වර්ණනාව මෙයයි. පරමාත්ම පියාගේ ගුණ වර්ණනාව ඔහුටම ආවේණික වූවක් බව ඔබ දන්නවා. ලක්ෂ්මී හා නාරායන දේවතාවරුන් වුවත් ඔවුන්ටත් මෙම ඥානය නැහැ. ඔබ මෙම නාටක ඥානය ලබා තිබෙනවා. මේ ලෝකය කැරකෙන්නේ කෙසේද. දේවතාවරුන් වූ පසු මෙම ඥානය ඔබ තුළ නොරඳන්නේ ඇයි කියා ඔබ දන්නවා. හරිම පුදුමයක්. ඔබලා මෙම නාටකයේ නළුවන්ය. එහෙම නේද? නිර්මාණකරුත්, නිර්මාණයේ මුල, මැද හා අග ගැනත් ඔබ දන්නවා. ශුද්‍ර වංශයට හෝ දේවතා වංශයට මෙම ඥානය නැහැ. නොයෙකුත් උත්සව ගැන සඳහන් කරන්නාක් සේ මෙම ඥානයත් කාලාන්තරයක් තිස්සේ පැවත එන්නක් නොවෙයි. ස්වර්ණමය යුගයේ සිටිනා කිසිම කෙනෙක් මෙම උත්සව ගැන නොදන්නා බව ඔබට දැන් තේරෙනවා. එහිදී ඔබ කිසිම දෙයක් සිහි කරන්නේ නැහැ. එහිදී ඔබ කරන්නේ රාජ්‍ය පාලනය කිරීම පමණයි. ඔබ සෑම කෙනෙකුගේම බුද්ධියේ අඟුළු දැන් ඇරිලා. ප්‍රධාන නිර්මාපක, අධ්‍යක්ෂක හා ප්‍රධාන නළුවා ගැනත් ඔබ දන්නවා. එතරම් හොඳ ඥානයක් ඔබ ලබනවා. මෙම ඥානය නොදන්නා අය අඥානයින්ය. ඔබලාත් සිටියේ අඥානවයි. දැන් ඔබලා දේවතාවරුන් වෙමින් සිටිනවා. තම බුද්ධියේ මෙම ඥානය කිති කැවි කැවී තිබෙනා අයට ලොකු සතුටක් දැනේවී. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය අවබෝධ කර ගත නොහැකියි. පරමාත්ම දෙවි පියාණන්. ලෝකයේ සියලු බල ඇති. ඥානයෙන් පුර්ණවන්තයා කියා හඳුන්වයි. ඔහු ලඟ ඇති ඥානය කුමක්ද? සියලුම වේද ග්‍රන්ථ. ආගමික ග්‍රන්ථ හා ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ ඥානය ඔවුනට තිබෙනවා. ග්‍රන්ථ වලවත් නිර්මාණයේ හෝ නිර්මාණකරු ගැන කිසිවක් සඳහන්ව නැහැ. මෙන්න මේ නිසා තමයි සෘෂිවරුන් හා සන්නාසිවරුන් නිර්මාපක හෝ නිර්මාණය ගැන කිසිවක් නොදන්නා බව සඳහන් කර ඇත්තේ. මෙය පැහැදිලි කළ හැක්කේ එකම එක අයෙකුට පමණයි. ඉතින් වෙනත් කිසිවෙක් ඒ ගැන කියන්නේ කෙසේද? ඔය දරුවන් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය දිය නොහැකියි. ඔබට ඥානය දෙන්නේ පරමාත්ම පියායි. ඔහු අති ශ්‍රේෂ්ඨයි. ධර්ම-ධරයි. එවන් ඉහළ තත්ත්වයක් ඔබ ලබනවා. අසීමිත පියාගේ දරුවන් වීමෙන් ඔබ මහා සතුටක් විඳිමින් සිටිය යුතුයි. ඔබගේ බුද්ධිය ඥානයෙන් පිරී යා යුතුයි. ඔබ නොදන්නා කිසිම දෙයක් නැහැ. ඔබලා දැන් මාස්ටර් ධර්ම-ධරයින් වෙමින් සිටිනවා. තමෝප්‍රධාන්වී ඇති ජීවාත්මය පරමාත්ම පියාව සිහි කිරීමෙන් සතෝප්‍රධාන් වේ. ක්‍රමානුකූලව: ඔබෙන් ඇතැම් අයගේ බුද්ධිය තමෝ තත්ත්වයෙන් රජෝ වී ඇත. අනිත් අය රජෝ තත්ත්වයෙන් සතෝ වී ඇති. දැනට කිසිම කෙනෙකුට සතෝප්‍රධාන් බුද්ධියක් නැත. සතෝප්‍රධාන් වුණු පසු ඔබ කර්මතීත් වේවි. එවිට ඔබට පාලනය කිරීමට නව ලෝකයක් අවශ්‍ය වේවි. මෙම යාග ගින්න අවසාන වේ ගෙන එන විට මුලු පැරණි ලෝකයම එයට බිලි දිය යුතු වෙනවා. එවිට ඔබගේ ඉගෙනීමත් ඔබ දරණා උත්සාහයේ ප්‍රමාණයට අවසන්ව යාවි. පාසලක ශිෂ්‍යයින් තමන් විභාගයෙන් සමත් වුණු පසු ඊලඟ පන්තියට මාරු කරවන බව දන්නවා. ඔබ ඔබගේ කර්මතීත් අවධියට පත් වුණු විට, මෙම මරණීය දේශයෙන් අමරණීය දේශයට මාරු කෙරෙනවා. ඔබව මෙහි යැවීමට තිබෙනා බව ඔබලා දන්නවා. පාරිශුද්ධත්වයට පත්වන ඔබලා අමරණීය දේශයට යාවි. මුලදී අප සාම දේශයේ වැසියන්ය. පසුව අපගේ චරිත කොටස රඟදක්වමින් පැමිණ අමරණීය දේශයෙන් මරණීය දේශයට ලඟා වුණා. මෙම ඥානය ඔබගේ සිහියේ ඇති විට ඔබට සතුටින් සිටිය හැකි වේවි. ඥානයම හැරෙන්න වෙන කිසිම දෙයක් ඔබ සිතනා එකක් නැහැ. අපි දැන් හොඳින් ඉගෙන ගෙන නව ලෝක පාලකවරුන් විය යුතුයි කියා ඔබ පහදා කියා දිය යුතුයි. මෙහි සිටින්නේ අපිරිසිඳු ජීවීන් පමණයි. දේවතාවරුන් නැහැ. මිනිසුන්ගෙන් දේවතාවරුන් බවට ඔබලාව පත් කරවන්නේ කවුද? පරමාත්ම පියාට පමණයි එය කළ හැක්කේ. දෙව්ලොව අනිවාර්යෙන්ම පැවති බවත් එහි ලක්ෂ්මි නාරායන රාජ්‍යයන් පැවති බවත් ඔබට දැන් කියා දිය හැකියි. එය ස්ථාපනය කළේ කවුද? දෙව්ලොව පරමාත්ම පියාණන් දේවතාවරුන් විසින් පාලනය කරන පාරාදීසය ස්ථාපනය කළා. එහි වෙන කිසිම ආගමක් නැහැ. මෙය ඉතාමත් විශාල අසීමිත නාටකයකි. ඔබලා සජීවී ජීවාත්මයන්ය. මෙම ගසෙහි බීජය ඇත්තේ ඉහළින් බව ඔබ දන්නවා. පරමාත්ම පියා අවිනාශී වන අතර ඔබලාත් අවිනාශීයි. මුලු ගසම දැන් සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. මේ කාලයේදී සෑම මිනිසෙක්ම කටු වගේ වෙලා. මෙය කටු කැළයකි. සෑම කෙනෙක්ම එකිනෙකාට දුක් දී ගන්නවා. පරමාත්ම පියා උයන්පල්ලායි. ඔහුට බෝට්ටුකරු කියාත් කියනවා. ඔබත් ඔබගේ බෝට්ටුව පදවන ආකාරය ඉගෙන ගන්නවා. සෑම කෙනෙකුගේම බෝට්ටු එතෙර විය හැක්කේ කෙසේද කියා ඔබට පහදා දිය හැකියි. බෝට්ටුව ශරිරය නොවෙයි. ජීවාත්මයත් ශරිරයත් දෙකම එහි අන්තර්ගතයි. මගේ බෝට්ටුව එතෙර කරවන්නැයි කියා ඔවුන් කියනවා. ජීවාත්මයත් ශරීරයත් දෙකම දැන් අපිරිසිඳුයි. දැන් ඔබ එතෙර වන්නේ කෙසේද. කොහේටද යන්නේ? අශාරීරික ලෝකයේ, සුක්ෂම දනව්වේ හා ශාරීරික ලෝකයේත් ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වාත් සියලු රහස් ඔබ දැන් තේරුම් ගෙන සිටිනවා. ඉතින් ඇයි මෙය ඔබගේ බුද්ධියේ රැඳෙන්නේ නැත්තේ? ඇයි ඔබට මෙය අමතක වන්නේ? මෙය නිතර නිතර ඔබගේ බුද්ධියේ කිති කැවෙමින් තිබෙනවා නම්, ඔබට සතුටින් මෙන්ම කරදර වලින් මිදී සිටිය හැකි වේවි. බාබා ඔබව ආපසු ගෙන යාමට පැමිණ සිටිනා බව ඔබ දන්නවා. පරමාත්ම පියා තමා ලඟ ඇති ඥානය ඔබට දෙනවා. මේ සියල්ල පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට පැහැදිලි කළ නොහැකි මුලුමනින්ම අලුත් කරුණුයි. අශාරිරික පියා ශාරිරික කෙනා හරහා ඔබට පහදා දෙනවා. ඔබත් ඔබගේ ශරීරය හරහා අසනා නිසා පරමාත්ම පියා ඔබවත් තමා හා සම කරවනවා. පරමාත්ම පියාගේ ගුණ වර්ණනාව කුමක්ද ඔබගේත් එයම විය යුතුයි: කිසිම වෙනසක් නැහැ. පරමාත්ම පියා කියනවා: එකම වෙනස නම්, මම ඉපදීම මරණය චක්‍රයට ඇතුලු වන්නේ නැහැ. නමුත් ඔබ පැමිණෙනවා. ඔබ මට ඥාන සාගරය කියාත් සතුටු සාගරය කියාත් කියනවා. එමනිසා, මම අනිවාර්යෙන්ම ඔබට ඥානය දෙනවා. මම සෑම කල්පයකදීම ඔබට එය දෙනවා. තමන් අනිවාර්යෙන්ම උපත් 84 චක්‍රයේ සිටි බවත් දැන් එහි අවසානයට පැමිණ ඇති බවත් අවබෝධ කරගෙන සිටිනවා. එවිට පරමාත්ම පියා ඔබව පළමු අංකයට රැගෙන යනවා. ඥානය මෙයයි. නේද? ඥානය ආදායම් මඟකි. එකිනෙකාගේ ඉගෙනීමේ තරමට ඔවුන් ආදායම ලබාවී. මෙය ඥානය සේම ව්‍යාපාරයකුත් වෙනවා. ඔබ බාබාට දෙන්නේ කසල පමණයි. කෙනෙක් මිය ගිය විට, ඔහුට අයිතිව තිබූ සෑම දෙයක්ම පූජකවරයෙකුට භාර කරනවා. මෙහිදී ඔබ තමා සතු සියල්ලම ජීවතුන් අතර සිටියදීම භාර කළ යුතුයි. ඇත්තටම කියනවා නම් එය අදාල වන්නේ මේ කාලයටයි. පරමාත්ම පියා කියනවා: ඔබ සතු සෑම දෙයක්ම, මරණයට පෙර බාබාට දී භාරකරුවෙක් පමණක් වන්න. නැතිනම්. අවසානයේදී, ඔබ සෑම දෙයක්ම සිහි කිරීමට ගනීවි. ධනවතුන් ඥානය ගන්නා එකක් නැහැ. ඔවුන්ගේ ධනය එක් උපතකට පමණයි. ඔවුන් ශරීර හලා දමා යාවි. තම තමන්ගේ කර්ම ගිණුම් වලට අනුව තමන් කොහේ උපදීදැයි කියා ඔවුන් දන්නේ නැහැ. තමන් කුමනාකාරයේ උත්සාහයක් දරණවාද එයට සරිලන ලාභයක් තමන් ලබනා බව ඔබ දන්නවා. මේ කාලයේදී සෑම කෙනෙක්ම භෞතික සේවාවන් කරනවා. ආධ්‍යාත්මික සේවය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම ජීවය පැමිණ මෙම ඥානය ඔබට කියා දෙනවා. ඔහු සතුටු සයුරයි. දුක නැති කර සතුට දානය කරන්නායි. මිනිස්සු ශිව ජයන්තිය සමරණවා. නමුත් මෙය ඔවුන්ගේ බුද්ධියට ඇතුලු වන්නේ නැහැ. බාබා නැවතත් වසර 5000කට පසුව පැමිණ මෙම ඥානය ඔබට දෙනවාය යන ඥානය දැන් ඔබලාගේ බුද්ධියේ තිබෙනවා. ස්වර්ණමය යුගයේ මෙය නැහැ. එසේනම් කලි යුගයේ දී එය පැමිණෙන්නේ කෙසේද? තමන් ලක්ෂ්මි නාරායන වෙනුවෙන් දේවාල සාදන්නේ ඇයි කියා ලෝකයේ සිටිනා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් කවුරුන්ද? ඔවුන්ට ඒ රාජ්‍යය භාරකළේ කවුරුන්ද? එය ඔවුන්ගේ ක්‍රියා වල ඵලයයි. පරමාත්ම පියා මෙහි සිට කර්ම, විකර්ම හා අකර්ම ගැන ඔබට පහදා කියා දෙනවා. මේවා දේව වදන්ය. ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය වුයේ ගීතාව මඟිනුයි. එහි ජනගහනය ඉතාමත් කුඩායි. නමුත් ඒ සෑම කෙනෙක්ම මුක්තිය ලබනවා. ඔවුන් මහා භාරත යුද්ධය ගැනත් සඳහන් කර තිබෙනවා ව්‍යසන ගණනාවක් සිදු වේවි. ස්වභාවික ව්‍යසන සිදු වේවී. පැරණි ලෝකය විනාශ වේවි. ඒ එම බෝම්බ හා මිසයිලමයි, ඒවගේම ඒ විනාශය සිදුවන කාලයේදීමයි පරමාත්ම දෙවියනුත් පැමිණ විනාශයේ ගිණිදැල් පතුරුවනා රුද්‍රාගේ ඥාන අග්නි යාගය නිර්මාණය කළේ. පරමාත්ම දෙවියන් යාග ගින්නක් නිර්මාණය කරන්නේ සාමය හා සතුට වෙනුවෙනුයි. කෙසේවෙතත්, දුක හා නොසන්සුන්තාවය අනිවාර්යෙන්ම විනාශ කර දැමිය යුතුයි. මුලු ලෝකයම මෙම ඥාන දෙවියන්ගේ අග්නි යාගයට බිලි වේවි. මේ දේවල් ඔබගේ බුද්ධියේ තිබෙනවා. අපි බ්‍රහමින්වරුනුයි. අප බ්‍රහමින්වරුන් ශිව බබාගේ යාග ගින්නේ සේවකයින්ය. සැබැවින්ම බ්‍රහ්මාගේ කටින් උපන් පිරිස අපියි. පරමාත්ම පියා ඔහුගේ කටින් කියනා ඕනෑම දෙයක් ඔය දරුවන් පිළිගත යුතුයි. අපි ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබලා උසස් වන බව ඔබලාත් දන්නවා. පරම්පරා ගස රෝසරියේ බීජවලින් සෑදුණකි. දීගටම වැවෙන පරම්පරා ගසක් තිබෙනවා. බාබාම තමයි මෙම පරම්පරා ගස නිර්මාණය කළේ: එයත් පරම්පරා ගසකි. ඉහළින්ම අශාරිරික ශිව බාබා සිටිනා අතර පසුව ජීවාත්මයන් සිටිනවා. අශාරිරික පරම්පරා ගස පසුව ශාරීරික වෙනවා. පළමුවෙන්ම සිටින්නේ ප්‍රජාපිතායි: මොහු ශාරිරික වන අතර ඔහු සූක්ෂමයි. ආධ්‍යාත්මික පියා පැමිණ ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා එය නිර්මාණය කරනවා. පැමිණ අපිරිසිඳු ලෝකය පිරිසිඳු කරන්නැයි කියා ඉල්ලා සිටිනවා. සම්පූර්ණ ශූන්‍ය වී යාමක් කවදාවත් සිදු වන්නේ නැහැ: ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් කැරකෙනවා. පැරණි ලෝකය පසුව අලුත් වෙනවා. ඔබලා දැන් නව ලෝකය සඳහා ඉගෙන ගන්නවා. අසීමිත පියා පමණයි ඔබට මෙම අසීමිත ඥානය දෙන්නේ. සීමිත උරුමයක් තිබිලත් ඔබ අසීමිත පියාව සිහි කරනවා. අහෝ දෙවියනේ කියා ඔවුන් කියනවා. කෙනෙක් මිය යාමට සිටිනා විට මිනිස්සු ඔහුට දෙවියන්ව, දෙවි පියාණන්ව සිහි කරන්නැයි කියා කියනා එකෙන්ම පියවරුන් දෙදෙනෙක් සිටිනා බව ඔප්පු වෙනවා. සෑම ජීවාත්මයක්ම සහෝදරයින්ය. දුක නැති කර සතුට දානය කරන්නාණනි, මුක්ති දායකයාණනි වඩිනු මැනව කියා කන්නලව් කරන්නේ ජීවාත්මයනුයි. අපව අපගේ නිවහනට ගෙන යන්න. අපි අපගේ නිවහන සිහි කරනවා. නමුත් මායා අපගේ තටු සිඳ දමා ඇති නිසා ආපසු යා ගත නොහැකිවයි සිටින්නේ. කිසිම කෙනෙකුට නිවස බලා ආපසු යා නොහැකියි. ඔබ දැන් ඔබගේම ආලෝකය දල්වා ගත යුතුයි. ඔබ පරමාත්ම පියාව සිහි කරමින් සිටීමෙන් පහනට තෙල් වැටේවි. ආලෝකය මුලුමනින්ම නිවී යන්නේ නැහැ. කෙනෙක් මිය ගිය විට පහනක් පත්තු කරනවා. එම පහන නොනිවී තබා ගැනීමට නිතර තෙල් වත් කිරීමටම වෙනම කෙනෙක් සිටිනවා. නැතිනම්, අඳුර පැතිරේවී. ඔබ දැන් යෝග බලයෙන් තෙල් වත් කළ යුතුයි. එවිට ඝණ අන්ධකාරයෙන් ආලෝකය මතු වේවි. එය දීපමාලාව වේවි. දීපමාලාව ඇත්තේ ස්වර්ණමය යුගයේයි. මෙහි නොවෙයි. සමරණ සෑම උත්සවයකම වැදගත්කම ඔබ තේරුම් ගෙන සිටිනවා. ඒ අය කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඒ වුණත්. රාඛි උත්සවය ආදිය ඇත්තේ පාරිශුද්ධත්වය සැමරීමට බව ඔබලා දන්නවා. ඉතාමත් දක්ෂව ඔබ ඔවුනට ඥාන එන්නත විඳිය යුතුයි. තමන් ඉතාමත් පිරිහුණු පිරිසක්. පරමාත්ම පරමපියාටම පමණයි තමන්ව උසස් කළ හැක්කේ කියා ඔවුන්ට එවිට දැනේවි. පරමාත්ම පියා කියනවා: මන්මනාභව. තමෝප්‍රධාන්ව සිටි ඔබ සතෝප්‍රධාන් වේවි. ඉතාමත් උපක්‍රමශීලීව ඊතලය විදිය යුතුයි. කතා කිරීමේ ඒ බලය ඔබට තිබිය යුතුයි. ඔබ දැන් පරමාත්ම පියාගෙන්. සියලු බල ඇතාගෙන් බලය ලබා ගෙන ඔබ දැන් මායා දමනය කරනවා. රාජධානියේ වාසනාව ඔබට දිනා ගත හැකි වන්නේ එවිට පමණයි. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඔබට එය දිනා ගැනීමට දිරි දිය නොහැකියි. පරමාත්ම පියා කියනවා: දරුවනි, බලන්න ඔබ සිටිය තත්ත්වයෙන් මා ඔබව පත් කරවන තත්ත්වය දෙස. එවන් පියෙක්ව ඔබ අනිවාර්යෙන්ම සිහි කළ යුතුයි. එවිට ඔබගේ පාප දුරුවී යාවි. පරමාත්ම පියා කියනවා: නිරන්තරයෙන් මා සිහිපත් කරන්න ඔබගේ අවසන් සිතිවිල්ල ගමනාන්තය තීරණය කරාවි. ඔබ සිතනා දේ බවට ඔබ පත් වෙනවා. එමනිසා, පරමාත්ම පියා කියනවා: මා සිහි කිරීමෙන්, ඔබත් ඒ තත්ත්වයට පත් වේවි. සිහි කිරීමෙන් ඔබගේ පාප දුරුවී ඔබ නිවහන බලා යාවි. මෙම ඥානය ඔබගේ ආදායම් මඟයි. නිරෝගී සුවය හා ධනය ඇති තැන සතුටත් තිබෙනවා. එහිදී ඔබලාට දිර්ඝ ආයුෂ ලැබෙනවා. ක්‍රිෂ්ණාට යෝගේෂ්වර කියා කියන්න බැහැ. යෝගේෂ්වර ඔබලායි. ඊෂ්වර (දෙවියන්) ඔබට යෝගාව කියා දේ. මෙය රාජයෝගාවයි. යෝගාවේ සිට ඔබ අධිරාජ්‍යය වාසනාව දිනා ගන්නවා. දෙවියන් ඔබට යෝගා උගන්වා රාජධානියේ වාසනාව හිමි කර දෙනවා. කවුද රාජධානිය දුන්නේ? පරමාත්ම පියායි. පරමාත්ම පියා කියනවා: ඇල්ෆා සිහි කරන්න. පරමාත්ම පියාවත් ඔබගේ උරුමයත් සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යාවි. මෙය ඉතාමත් පහසුයි. ඔබගේ බුද්ධියේ මහා ඥාන ස්කන්ධයක් තිබෙනවා. දෙවියන්ගේ දරුවන් මාස්ටර් දෙවි වරුන්ය. පියා සමඟ මෙහිම අසුන්ගෙන සිටිය නොහැකියි. ඔබගේ චරිත කොටස රඟදැක්විය යුතුයි. ඒ සියල්ල කරද්දී ඔබ ජීවාත්ම අවධානයෙන්ම සිටිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරමාත්ම පියා විසින් ඔබට දෙන ඥානය නිරන්තරයෙන් ආවර්ජණය කරන්න. නොනවත්වාම උපක්‍රමශීලීව අන් අයට කතා කරන්න. ලොකු සෙනෙහසකින් පැහැදිලි කරන්න.

2. ජීවතුන් අතර සිටියදීම තමා සතු සෑම දෙයක්ම පරමාත්ම පියාට දෙන්න. භාරකරුවෙක් වී එකම එක පරමාත්ම පියාව සිහි කරන්න.

වරදානය:
ශරීරය පිළිබඳ අවධානයේ "මම" යන හැඟීම යාග ගින්නට දැමීමෙන් ඔබ ධාරණාවේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔබේ සිතිවිලි හෝ සිහින තුළ "මම" යන හැඟීම නොමැති විට, ඔබේ සදාතනික ජීවාත්මික ස්වභාවය පිළිබඳ සිහිය පවතින විට සහ "බාබා, බබා" යන නිහඬ මන්ත්‍රය නිරන්තරයෙන් මතු වන විට, ඔබ 'ධාරණාවේ' ප්‍රතිමූර්තියක් හෙවත් සැබෑ බ්‍රාහ්මණයෙකු ලෙස හැඳින්වේ. බ්‍රාහ්මණයන් වන ඔබ, "මම" යන හැඟීම - එනම් මෙම ලෝකය හා බැඳුණු ඔබේ පැරණි ස්වභාවය සහ සංස්කාර - මෙම මහා යාග ගින්නට පුදන විට, මෙම පැරණි ලෝකය ද පූජා වී යනු ඇත. එබැවින්, මෙම යාග ගින්න නිර්මාණය කිරීමට ඔබ මෙවලම් වූවාක් මෙන්ම, දැන් මෙම අවසාන පිදීම ද සිදුකර එහි සම්පූර්ණත්වය සඳහා ද මෙවලම් වන්න.

පාඨය:
තමාගෙන් ද, සේවාවෙන් ද, සහ සැමගෙන් ද තෘප්තිය පිළිබඳ සහතිකය ලබා ගැනීම යනු සාර්ථකත්වයේ මූර්තියක් බවට පත්වීමයි.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

යෝගී ජීවිතයක ඉහළම ගමනාන්තයට ළඟා වන ජීවාත්ම, නින්දාව ප්‍රශංසාව බවටත්, ප්‍රතික්ෂේප කිරීම ගෞරවය බවටත්, අපහාසය ආත්ම අභිමානය බවටත්, අපකීර්තිය ඉහළ නැංවීම බවටත් පරිවර්තනය කරමින් නිරන්තරයෙන් ජයග්‍රාහීව සිටිනු ඇත. එවැනි ජීවාත්ම පියාට සමාන වන අතර, 'අෂ්ට රත්න' අතරින් අයෙකු සහ භක්තිකයන්ගේ විශේෂ දේවතාවරයකු වනු ඇත. "අනෙකා ටිකක් වෙනස් වූ විට මා ද වෙනස් වන්නෙමි" යන හැඟීම ඇති කර නොගන්න. එය අන් අයගෙන් බලාපොරොත්තු වීමේ හැඟීමකි. ඒ වෙනුවට, "මා විසින් කම්පන තරංග ලබා දිය යුතුය, මා දයානුකම්පිත විය යුතුය, මා ගුණ සහ බල වල සහයෝගය ලබා දිය යුතුය" යනුවෙන් සිතන්න. මේ ලෙස මාස්ටර් දානපතියෙකු වන්න; ත්‍යාගශීලී හදවතක් ඇති අයෙකු වන්න.