28.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ තමන්ගේ වාසනාව උසස් කර ගැනීම සඳහා පියා වෙත පැමිණ ඇත. ශ්‍රීමත් අනුගමනය කළ තරමට ඔබ තමන්ගේ වාසනාව උසස් කර ගන්නවා ඇති.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ තුළ තව දුරටත් නොතිබිය යුතු භක්ති මාර්ගයේ පුරුද්ද කූමක්ද?

පිළිතුර:
භක්ති මාර්ගයේදි මිනිසුන්ට කිසියම් ලෙඩක් දුකක් හැදුනොත් ඕ රාමා! ඕ දෙවියනි! කියා කියන්න ඔවුන් පුරුදු වි තිබෙනවා. භක්ති මාර්ගයේදි වේදනාවෙන් කෑ ගසන්න මිනිස්සු පුරුදු වී සිටිනවා. එවන් වචන ඔබගේ කටින් පිට වීමට ඔබ තවත් ඉඩ නොතැබිය යුතුය. ඔබ ඉතාමත් ලොකු සෙනෙහසකින් යුතුව ඒ මිහිරි බාබාව සිහිපත් කළ යුතුයි.

ගීතය:
මම මගේ වාසනාව අවදි කරගෙන පැමිණ සිටිමි...

ඕම් ශාන්ති.
සෑම මනුෂ්‍යයෙක්ම සතුටේ හා සාමයේ වාසනාවක් උදා කර ගැනීම සඳහා මහත් උත්සාහයක් දරණවා. ඔවුන් පූජකවරුන්, සන්යාසින් වැනි අය හමු වී තමාට සාමය ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. අපගේ දුක නැති කර සතුට ලබා දෙන්න. මිනිසුන්ගේ දුක නැති කර ඔවුන්ට සතුට ලබා දෙන්නේ දෙවියන් පමණයි කියා ඔවුන් සිතනවා. කොහොමනමුත්, මිනිසුන් පරමාත්ම දෙවියන් දන්නේ නැහැ. ඔබ කියනවා ශිව බාබා! බ්‍රහ්මා, විෂ්ණුු හා ශන්කර් ට බාබා කියන්න බැහැ. ඔවුන් දේවතාවන් පමණයි. බාබා කියා කියන්නේ පරමාත්ම දෙවියන්ට පමණයි. ඔහු අශාරිරික වන අතර, වන්දනාවන්ටත් පාත්‍ර වුණා. ශිව බාබා සියලු දෙනාගේම බාබා බව ඔබ දන්නවා. කොහොමනමුත්, ඔහුට බාබා කියා කියන්නේ ඇයි කියා ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔවුන්ට ලෞකික බාබා කෙනෙක් පවා සිටිනවා. එසේ නම් මේ කුමන පියාද? ජීව කියනවා ඔහු අශාරිරික පියායි. ඔහු අශාරිරික වන අතර ජීව වන අපත් අශාරීරිකයි. මිනිසුන්ට ලෞකික පියෙක් සිටියත් ජීවාත්ම එම පරමාත්ම පියා අමතක කරන්නේ නැහැ. පරමාත්ම දෙවියන් පරමාත්ම පියා වන අතර අප ඔහුගේ දරුවෝ වෙමු. මෙහිදි ඔහු හඳුන්වන්නේ උත්තරිතර පියා ලෙසයි. ඉංග්‍රීසියෙන් God, the Father, the Supreme Soul, the Highest on High. කියා හඳුන්වනවා. ලෞකික පියෙක් ශරිරයේ නිර්මාණකරු වන නමුත් එම ඒකායන කෙනා මෙම ලෝකයට එපිටින් සිටින පරමාත්ම පියායි. මෙහි පැමිණ දරුවන් වන ඔබට මේවා කියා දෙන්නේ පරම පියා පමණයි. ඔබ පියාගෙන් උරුමයක් ලබා ගන්නා නිසා ඔහුව සිහිපත් කරනවා. තමන්ගේ උරුමය දිනා ගැනීම සඳහා ඔබ පරම පියා ලඟට පැමිණ සිටිනවා. දුක නැති කොට සතුට බෙදා දෙන්නා වන පියා පමණයි ඔබට සතුටු මාවත පෙන්වා දෙන්නේ. එහි කිසිම නමක් හෝ ස්වරූපයක් නැහැ. මෙහි ඉතාමත් විශාල දුකක් තිබෙනවා. ලෝකය නොයෙකුත් දුක් කරදරවලට භාජනය වීමට නියමිතයි. කෙනෙක් මිය ගිය විට මිනිස්සු නොසෑහෙන සේ දුකට පත්වෙනවා! අනේ දෙවියනේ කියමින් අඬනවා. යහපත සලසන පියා ඔහුම පමණයි. ඔබ මෙය කියන විට අනිවාර්යෙන්ම ඔබගේ දුක නැති කර සතුට ලබා දෙන්න ඇති. පියා පැමිණ පැහැදිලි කර කියා දෙනවා දරුවනි, සෑම කල්පයකදිම ඔබ ඉතාමත් අසතුටට හා අපිරිසිඳු බවට පත්වූ විට, ඕ බාබා පැමිණෙන්න! කියා ඔබ කෑ ගසා කිව්වා. මම සෑම කල්පයකදීම සංගම් යුගයේදි පැමිණෙනවා. අපිරිසිඳු ලෝකයේ අවසානයත් පාරිශුද්ධ ලෝකයේ ආරම්භයත් හඳුන්වන්නේ සංගම් යුගය කියාය. මෙතෙක් කල් සිහි කෙරෙනා එකම සංගම යුගය මෙයයි. පියා සෑම කෙනෙකුගේම පහන දැල්වීම සඳහා පැමිණෙනවා. ඔවුන්ගේ දුක නැති කර සතුට ලබා දීම සඳහා පැමිණෙනවා. මොහුට ඇතුල් වී ඇති, ලෝකයෙන් එපිටින් වූ පියා වෙතට තමා පැමිණ සිටිනා බව ඔබ තේරුම්ගෙන තිබෙනවා. ඔහුම කියනවා මම මොහුට ඇතුල් වී බ්‍රහ්මා යන නාමය ඔහුට යොදනවා. ඔබ සියලු දෙනාම බ්‍රහ්ම කුමාරයින් හා කුමරියන්ය. සතුටේ උරුමය පියාගෙන් ලබා ගැනිම සඳහා තමන් බ්‍රහ්මාගේ දරුවන් බවට පත් වි තිබෙනවාය යන විශ්වාසය ඔබ තුළ තිබෙනවා. ලක්ෂ්මි සහ නාරායනගේ අධිරාජ්‍යයන් පැවැති කල ඔය දරුවන් ඉතාමත් සතුටින් සිටියා. දැන් එය දුකින් පිරුණු කලි යුගය බවට පත්වෙලා. මෙයට පසු තිබෙන්නේ ස්වර්ණමය යුගයයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් ගමන් කළ යුතුයි. ස්වර්ණම යුගයේ ලක්ෂ්මී හා නාරායනගේ අධිරාජ්‍යයන් තිබිය යුතුය. මෙම චක්‍රය නැවත නැවතත් කැරකෙනවා. ඔබ අපායේ වැසියන් බවට පත් වී ඇති බවත් දැන් දෙව්ලොව වැසියන් බවට පත් වන බවත් බාබා ඔබට කියා තිබෙනවා. දේවතාවන් වන ඔබගේ ගස මුලදි ඉතාමත් කුඩාවටයි තිබුණේ. ඔබ උපත් 84ක් ලබා තිබෙනා බව ඔබ දන්නවා. ඔබ මුළු ලෝකයේම පාලකයින් වී සිටියා. පසුව දිගින් දිගටම නැවත උපත් ගත්තා. දැන් මෙය ඔබේ අවසන්, 84වෙනි උපතයි. ලෝකය අනිවාර්යෙන්ම පැරණි තත්ත්වයේ සිට අළුත් වෙනවා. නව ලෝකය පාරිශුද්ධව තිබූ අතර දැන් එය අපිරිසිඳු වෙලා. මිනිසුන් ඉතාමත් අසතුටින් හා දිළිඳු දරිද්‍රතාවයට පත්වෙලා. භාරතය ඉතාමත්ම ධනවත්ව තිබුණා. එහි ඉතාමත් පිරිසිඳු, ගෘහස්ථ ආගමක් තිබුණා. එය පාරිශුද්ධ පවුල් මාර්ගය වී පැවැති කල සෑම දෙනාම සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරව හා ගුණධර්ම වලින් පිරි සිටියා. මේ කරුණු ග්‍රන්ථවල සඳහන් කර නැහැ. ග්‍රන්ථ අදාල වන්නේ භක්ති මාර්ගයටයි. ඔවුන් තුළ ඇත්තේ භක්තියේ සිරිත් විරිත් පමණයි. පරමාත්ම දෙවියන් සොයා ගැනීමේ මාවත ග්‍රන්ථවලින් සොයා ගත නොහැකියි. දෙවියන් මෙහි පැමිණ තිබෙනා බව ඔවුන් අවබෝධ කරගෙන තිබෙනවා, ඉතින් එහි යාමට උත්සාහ දැරීිමක් කළ යුතු වන්නේ නැහැ. බලි යාග පැවැත්වීම හා තපස්යා කිරිම ඔහු සොයා ගැනිමට ඇති මාර්ගය නොවෙයි. මිනිස්සු දෙවියන්ට කතා කරනවා පැමිණ අපට මාවත පෙන්වන්න! මගේ ජිවය තමෝප්‍රධාන් වී සිටින නිසා පියාසර කර යන්න බැහැ. එනම්, ඔහුට පියා වෙත යන්න බැහැ. ඇත්තෙන්ම, ජීවාත්මය තම ශරිරය අත හැර තවත් එකක් ගන්නවා. ඔහුට මෙහි සිට ඕනෑම තැනක යා හැකියි, ජීවාත්මයකට ඇමෙරිකාවට වුවත් යා හැකියි. ජීවාත්මයකට තවත් කෙනෙක් සමඟ කිසියම් සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඔහු කෙලින්ම ඒ වෙත තත්පරයෙන් යාවි. නමුත් ජීවාත්මයකට නිවස වෙත ආපසු පියාසර කිරීම කළ නොහැකියි. අපිරිසිඳු ජීවාත්මයන්ට එහි යා නොහැකියි. ඒ නිසයි ජීවාත්මයන්, ඕ පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! කියා කෑ ගසන්නේ. පරමාත්ම පියා, ඔහු පැමිණි විටයි මුළු ලෝකයම අපිරිසිඳු වූ විට මම පැමිණෙමි යැයි පැහැදිලි කර කියා දෙන්නේ. මෙම අපිරිසිඳු ලෝකය තුළ එක පාරිශුද්ධ ජීවයක් වත් සිටිය නොහැකියි. ගංඟාවන් පාරිශුද්ධකරුවන් වන බව මිනිස්සු විශ්වාස කරනවා. එමනිසා, තමයි ඔවුන් ඒ්වායේ නෑම සඳහා යන්නේ. කොහොමනමුත්, වතුරෙන් කිසිම කෙනෙක්ව පාරිශුද්ධත්වයට පත් කළ නොහැකියි. පැරණි ලෝකය අපිරිසිඳු වන අතර නව ලෝකය පාරිශුද්ධ වූ ලෝකයයි. ඔබ දැන් තමන්ගේ උරුමය දිනා ගැනීම සඳහා අසීමිත පියා ඉදිරියට පැමිණ සිටියි. ඔබ පින්වත් ජීව බවට පත්විය යුතුයි. ජීවාත්ම වන ඔබ සතෝප්‍රධාන්ව සිටි නමුත් දැන් තමෝප්‍රධාන් වෙලා. ගංඟා වල නෑමෙන් ඔබට සතෝප්‍රධාන් වෙන්න බැහැ. අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත් කරවීම පරම පියාට අයත් කාර්යයක් පමණයි. ගංඟා නම් සෑම තැනම තිබෙනවා. වලාකුළු වලින් වැස්ස ලැබෙන අතර සියලු දෙනාටම එය ලැබෙනවා. ගංඟාවන්ට කිසියම් පාරිශුද්ධත්වයක් ඇති කළ හැකි නම් ඒවා සෑම කෙනෙක්ම පිරිසිඳු කරාවි. පාරිශුද්ධත්වයට පත් වීම සඳහා මාවත ඔබට පෙන්වා දෙන්නේ පරමාත්ම පියා පමණයි. මොහුගේ ජීවය ඔහුගේම එකක්. පියා කියනවා මට මගේ කියා ශරිරයක් නැහැ. ඔබ සියලු දෙනාටම ඉගැන්වීම සඳහා මම සෑම කල්පයකදීම මොහුට ඇතුල් වෙනවා. ඔබ තමන්ගේ උපත් ගැනවත් දන්නේ නැහැ. කල්පයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් යැයි ඔවුන් කියනවා. පරම පියා කියනවා මෙම කල්පය උපත් 84ක චක්‍රයක්. කිසිම කෙනෙක්ට වසර 5000ක් තුළදි උපත් මිලියන 8.4ක් ගන්න බැහැ. පියා පැහැදිලි කර කියා දෙනවා ස්වර්ණම යුගයේදි ඔබ කලා දහසයෙන්ම සම්පූර්ණව සිටියා. පසුව කලා දෙකක් අඩු වුණා. පසුව එන්න එන්නම කලාවන් අඩුවෙන්න පටන් ගත්තා, නව ලෝකය පැරණි වුණා. තඹ හා කලි යුග යන දෙක අපිරිසිඳු ලෝකය කියා හඳුන්වනවා. මෙම කරුණු ග්‍රන්ථවල සඳහන්ව නැහැ. දැනුමේ සාගරය කියා හඳුන්වන්නේ මට පමණයි. මම කිසිම ග්‍රන්ථයක් හැදැරුවාද? මම ලෝකයේ මුල, මැද, අග දන්නවා. භක්ති මාර්ගයේ අයට මෙම දැනුම තියෙන්න බැහැ. ඒ් සියල්ලම භක්ති මාර්ගයට අයත් දැනුමයි. අපි දුෂිත පාපතරයින්! යැයි මිනිස්සු තමන්ටම කියා ගන්නවා. අප ලඟ කිසිම ගුණධර්මයක් නැහැ! අපට අනුකම්පා කරන්න! මනුෂ්‍ය තත්ත්වයේ සිට ඔවුන් (ලක්‍ෂ්මි සහ නාරායන) දේවී දේවතාවන් බවට වෙනස් කරවූයේ ඔවුන් කෙරෙහි අනුකම්පාවක් තිබුණු නිසාවෙනි. ඉහළම ඉහළ වාසනාව කියා කියන්නේ මෙයටයි. මිනිස්සු තමන්ගේ වාසනාව උදාකර ගැනීම සඳහා පාසල් වෙත යනවා, එක් අයෙක් විනිශ්චයකරුවෙක් වන අතර තවත් කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවා. ඒ් වාසනාව පාපකාරීය, නමුත් ඔබගේ වාසනාව නිර්මාණය කර ඇත්තේ පරමාත්ම දෙවියන් විසිනුයි. අන්න ඒ නිසයි, දුක නැති කර සතුට ලබා දෙන්නාණනි පැමිණෙන්න කියා ඔබ කතා කළේ. ඔබට උගන්වමින් ඔබව දේවතාවන් බවට පත්කරවීම පරම පියාට මිස වෙන කිසිවෙකුට කළ නොහැකියිි. පරමාත්ම පියා මෙහි සිට ජීවාත්මයන්ට කතා කරනවා. ජීවය කියනවා මේ මගේ ශරිරයයි. මේ මගේ ජීවයයි කියා ශරිරය කියන්නේ නැහැ. ජීවාත්මය සිටින්නේ ශරීරයේයි, ඔහු කියනවා මේ මගේ ශරිරයයි. මිනිසුන් කියනවා මගේ ජීවයට වේදනා දෙන්න එපා. එම ශරිරය තුළ ජීවයක් නොතිබුණේනම් ඔහුට කතා කළ නොහැකි වනු ඇත. ජීවය කියනවා මම මගේ ශරිරය අතහැර දමා වෙනත් එකක් ගන්නවා. මම අනිවාර්යෙන්ම උපත් 84ක් අත්විඳ දැන් අපායේ වැසියෙක් බවට පත්වි තිබෙනවා. ඔබ දැන් නැවතත් වතාවක් දෙව්ලොව වැසියන් වීම සඳහා උත්සාහ දරණවා. දෙව්ලොව වැසියන් බවට ඔබව පත්කරවන්නේ පරමාත්ම පියා පමණයි. දෙව්ලොව කියා හඳුන්වන්නේ ස්වර්ණම යුගයයි. අහවල් අහවල් කෙනා දෙව්ලොව වැසියෙක් බවට පත් වුණා කියා කෙනෙක් කිව්වොත්, ඒ කියන්නේ බොරුයි. මේ අපායයි. කෙනෙක් මිය ගිය විට ඔහු ස්වර්ගය වෙත ගියා කියා මිනිස්සු කියනවා. එසේ නම් කලි යුගයේ කෑම ගැනීම සඳහා ඔහුට නැවතත් ආරාධනා කරන්නේ ඇයි? ස්වර්ගයේදි ඔහුට ඉතාමත් සැප පහසු ජිිවිතයක් ලැබෙනු ඇති. ඉතින් ඇයි නැවතත් අපායට කතා කරන්නේ? මිනිසුන්ට මේ තරම් දෙයක් වත් තේරුම් ගත නොහැකියි! පියා මෙහි සිට කියනවා මේ කලි යුගය දැන් විනාශ වීමටයි තිබෙන්නේ, එය ගිණි ගත යුතුයි. සියල්ල විනාශ වේවි. තමන්ගේ පියාගෙන් උරුමය ලබාගන්නා දරුවන් වන ඔබ දෙව්ලොව පාලනය කරාවි. ලක්ෂ්මී හා නරායනට එම උරුමය ලබාදුන්නේ කවුද? පරමාත්ම පියා. දැන් ඔබ පියා මඟින් වටිනා දරුවෙක් බවට පත් වෙමින් තිබෙනවා. ඔබ අපායේ වැසියෙකුගේ තත්ත්වයේ සිට දෙව්ලොව වැසියෙකුගේ තත්ත්වයට පත්වෙනවා. පියා කියනවා මම දෙව්ලොව වැසියෙක් බවට පත්වන්නේ නැහැ. මම ඉන්නේ උත්තරීතර දනව්වේ කළාපයේ පමණයි. ඔබ අපායේ වැසියන් හා දෙව්ලොව වැසියන් බවට පත්වෙනවා. ජීවාත්මයන්ගේ නේවාසික ස්ථානය නම් සාම දේශයයි. එතැන් සිට ඔබ සතුටේ දේශය වෙත ගමන් කරනවා. මෙය දුකින් පිරුණු ලෝකයයි. දැන් එය විනාශ විය යුතුයි. බාබා බ්‍රහ්මාගේ ශරීරයට ඇතුල් වී රාජයෝගා උගන්වනා බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ක්‍රිෂ්ණා පැමිණියා කියලයි, ඔවුන් ක්‍රිෂ්ණාගේ ශරීරයෙන් ඔහු පැමිණියා කියා කියන්නේත් නැහැ. ක්‍රිෂ්ණා දෙවියන් විය නොහැකියි. ඔහු ලෝකයේ පාලකයෙකුයි. සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නේ එකම එක කෙනායි. ඒ උත්තරීතර ජීවයයි. තමන් පියාගෙන් තමාට අයත් උරුමය දිනාගන්නවාය යන අවබෝධයක් ලැබෙන විදියේ වෙන කිසිම ආධ්‍යාත්මික කණ්ඩායමක් වෙන කොහේවත් නැහැ. එකම එක පරමාත්ම පියා පමණයි ඔබ අපිරිසිඳු තත්ත්වයේ සිට පාරිශුද්ධත්වයට පත්කරවන්නේ. පියා කියනවා මම ඔබගේ සැබෑ ගුරු වන අතර මම ඔබව පාරිශුද්ධත්වයට පත්කරවනවා. ගංඟාවන්ට බැහැ ඔබව පාරිශුද්ධත්වයට පත්කරවන්න. මෙය පව්කාර ජීවයන්ගේ ලෝකයයි. මිනිස්සු කුමන ආකාරයේ දෙයක් කළත් ඔවුන් ඉණිමගේ පහළට පැමිණිය යුතුයි. සතෝප්‍රධාන් තත්ත්වයේ සිට ඔවුන් තමෝප්‍රධාන් විය යුතුයි. ඔබ තවදුරටත් භක්ති කරන්නේ නැහැ. ඕ රාමා කියාවත් කියන්නේ නැහැ. ඔහු ඔබගේ පරම පියා වන අතර ඔහු ඔබට උගන්වනවා. ඕ දෙවියනි පැමිණෙන්න! ඕ රාමා කියාවත් ඔබ නොකිව යුතුයි. කොහොමනමුත්, බොහෝ අය තුළ මෙම පුරුද්ද තිබෙනවා. එමනිසා, මෙවන් වචන මතුවෙනවා. පියා ඔබට කියනවා මේ ඔබගේ අවසන් උපතයි. තමාට අවශ්‍ය ඕනෑම උරුමයක් දිනා ගැනීම සඳහා දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙන්නේ මේ මොහොතේදී පමණයි. නැවතත් එවැනි අවස්ථාවක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ. පියා පැහැදිලි කර කියා දී තිබෙනවා තමන් හින්දුවරයින් වශයෙන් හඳුන්වා ගන්නා අය අයිති වන්නේ දේවතා ධර්මයටයි. ක්‍රිස්තියානි ධර්මයට අයිති අය කවදාවත් තමන්ගේ ආගමේ නම වෙනස් කරන එකක් නැහැ. ඔවුන් තමෝප්‍රධාන් වුණත් ඔවුන් තවත් ඉන්නේ ක්‍රිස්තියානි ධර්මය තුළයි. ඔබ දේවතාවරුන්ය, නමුත් ඔබ අපිරිසිඳු වී ඇති නිසා ඔබ තමන්ට හින්දුවරයින් යැයි කියා ගන්නවා. දේවතාවන් යනුවෙන් ඔබට ඔබව හඳුන්වා ගන්න බැහැ. තමන් මූලිකවම දේවතාවන් වශයෙන් සිටි බව ඔබ අමතක කර දමා ඇත. ඔබ පාපකාරී අය බවට පත්වී සිටිනා නිසා ඔබ කිසිම කෙනෙක් තමන්ව දේවතාවරයන් යැයි හඳුන්වා ගන්නේ නැහැ. මෙය ශරිර අවධානයයි. දරුවන් වන ඔබට සියල්ල ඉතාමත් පැහැදිලිව කියා දී තිබෙනවා. මෙහි කිසිම පුජක වරයෙක් හෝ සන්යාසි කෙනෙක් නැහැ. ״මම ව්‍යාපාරිකයෙක්״ ״මෙන්න මේ වගේ කෙනෙක්״ කියා කීමත් ශරිර අවධානයයි. දැන් ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. ජීවාත්ම අවධානයට පත් වීම සඳහා උත්සාහයක් දැරිය යුතුයි. ඔබ බාබාගෙන් තමාගේ උරුමය දිනා ගත යුතුුයි. එමනිසා, පියාව සිහිපත් කරන්න. හදවත පියා සමඟ තිබෙනා අතර දැතට කාර්ය පවරන්න. ඔබ එකම එක ආදරවන්තයාගේ ආදරවන්තියන්ය. සියලු දෙනාටම මුක්තිය ලබා දෙන්නේ ඒ එක ආදරවන්තයායි. සියලු දෙනාම මුක්තිය ලද යුතු සත් යුගය ස්ථාපනය වන කාලයේදි ඔහු පැමිණෙනවා. දුක පිළිබඳව ඇති සියලුම සලකුණු නැති වී යනවා. උපත් 21ක් සඳහා තම සත් යුගයේ සතුට අසීමිත පියාගෙන් ලබා ගැනීම සඳහා දරුවන් වන ඔබ පැමිණ සිටිනවා. කිසිම මනුෂ්‍යයෙක්ට කිසිම කෙනෙක්ව දෙව්ලොව පාලකයෙක් බවට පත් කරවන්න බැහැ. ශිව බාබා භාරතයට පැමිණ එය දෙව්ලොවක් බවට පත්කරවනවා. මිනිස්සු ශිවාගේ උපන් දිනය සමරණා නමුත්, ඔහුගෙන් තමාට අයිති දෙව්ලොව උරුමය තමන් ලබා ගන්නවා යන්න ඔවුන් අමතක කර දමා තිබෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම ඉගෙනුමේ පදනම මත ඔබගේ වාසනාව උසස් කර ගන්න. ඔබ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත්විය යුතුයි. ඔබ පාරිශුද්ධත්වයට පත්වී නිවස බලා ගොස් නැවතත් නව ලෝකය වෙත පැමිණිය යුතුයි.

2. අත්වලින් වැඩ කරනා අතරේ එකම එක පියාගේ සිහියේ සිටින්න. වැරදි දේ වලට ඇහුම්කන් දෙන්න එපා. වැරදි දේ කතා කරන්නත් එපා.

වරදානය:
ඔබ ඔබගේ නිර්මල ස්වරූපයෙන් නිරන්තර ස්ථාවරව සිටින අතර ශුද්ධ හංසයෙකු ලෙස ගුණධර්ම වල මුතු පමණක් ලබා ගනිත්වා.

ඔබ ශුද්ධ හංසයන්ට පිරිසිදු ස්වරූපයක් ඇති අතර ඔබේ යුතුකම වන්නේ ගුණධර්ම වල මුතු ලබා ගැනීමයි. කිසි විටෙකත් දෝෂ වල ගල් කැට ඔබේ බුද්ධියට නොගන්න. කෙසේවෙතත්, මෙම යුතුකම ඉටු කිරීම සඳහා, සෑම විටම එක් නියෝගයක් මතක තබා ගන්න: නපුර නොසිතන්න, නපුර නොඅසන්න, නපුර නොදකින්න සහ නපුර කතා නොකරන්න. මෙම නියෝගය නිරන්තරයෙන් අවධානයේ තබා ගන්නා අය සැමවිටම ඒකායන සාගර වෙරළෙහි රැඳී සිටිති. ඔබ හංසයන්ගේ වාසස්ථානය ඒකායන සාගරයයි.

පාඨය:
ඇවිදින අතරතුර සහ එහා මෙහා යන එන අතරතුර ඔබේ සුරදූත ස්වරූපයෙන් සිටීම බ්‍රහ්ම පියාගේ හදවත සතුටු කරන තිළිණයයි.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ස්ව-ප්‍රගතිය සහ සේවයේ ප්‍රගතිය ලබා ගැනීමේ සහ සැමට සුබ පැතුම් පිරිනැමීමේ කාර්යයේ නිරන්තරව කාර්යබහුල වී සිටින්න. යම් සම්බන්ධතාවයක පදනම මත ඔබ කළ යුතු කොටස ඉටු නොකරන්න, නමුත් සේවයේ සම්බන්ධතාවය තුළ එය ඉටු කරන්න. දෙවනුව, කිසිදු විනාශ වන පහසුකම් ඔබේ ආධාරකයක් හෝ පදනමක් බවට පත් කර නොගන්න. ඒ සියල්ල නමට පමණි; ඒවා සේවය සඳහාය. ඒවා සේවය සඳහා යොදාගෙන නොබැඳි වන්න. පහසුකම් වල ආකර්ෂණයට ඔබේ මනස ආකර්ෂණය වීමට ඉඩ නොදෙන්න.