28.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, වැරදුනු සැම දෙයම නිවැරදි කරන්නේ එකම පරම පියා පමණි. එනම්, පරම පියා පමණක් ම ඔබේ වාසනාව සාදයි. ඔබට ඥානය දී ඔබ වාසනාවන්ත කරවයි.

ප්‍රශ්නය:
මෙම ආධ්‍යාත්මික ගින්නේ (බති) ඔබ දරුවන්ට ලැබෙන විනය කුමක්ද?

පිළිතුර:
මෙම බතියේ සිටිනා අය එනම්, මෙම ස්මෘති වන්දනා ගමනේ යන අය ඔවුන්ගේ සිතිවිලි අයාලේ යාමට කිසිවිට ඉඩ නොදේ. සිහිකළ යුත්තේ එකම පරම පියා පමණි. ඔබේ සිතිවිලි අයාලේ ගියහොත් ඔබ ඈනුම් ඇරීමෙන් සහ නිදිකිරීමෙන් වටපිටාව කිලුටු කරයි. එවිට ඔබ ඔබටම පාඩුවක් කර ගනී.

ගීතය:
ඔබේ වාසනාව උදා වූ පසු එය හෝ ඊට සහය වන හදවත කඩා නොදැමිය යුතුයි!

ඕම් ශාන්ති.
සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් ගීතයේ පේළි දෙකක් ඇසුවා. ඔබ දරුවන්ට අනතුරු අඟවන්නේ ඔබ බ්‍රහ්මිණ් දරුවන් හැර අන් සැමගේම වාසනාව මෙකල කිලිටි වී ඇති නිසයි. ඔබට වැරදුනු සෑම දෙයක්ම දැන් නිවැරදි කර ඇත. පරම පියා වූ කලී ඔබේ වාසනාව උදා කර දෙන්නාය. ඔබ දන්නවා ශිව බාබා මොනතරම් මිහිරි ද කියා. ‘‘බාබා‘‘ යන වචනය ම ඉතා මිහිරිය. සියලු ජීවාත්ම සත්තාවන් පියාගෙන් උරුමය ලබයි. සාමාන්‍ය ලෝකයේ පුතුන් මිස දූවරුන් ඔවුන්ගේ පියාණන්ගෙන් උරුමයක් නොලබයි. පරම පියා උගන්වන්නේ ජීවාත්ම සත්තාවන්ටයි. එනම්, ඔහුගේ දරුවන්ටයි. ඔබ දන්නවා අප සියළු දෙනා සහෝදරයින් බව. ඇත්තෙන්ම මෙය වූ කලී සහෝදරත්වයකි. සියළු දෙනා එකම පරමාත්ම දෙවියන්ගේ දරුවන්ය. එසේ වෙත්දී, ඇයි ඔවුන් එකිනෙකා කුලල්කා ගන්නේ, සටන් කරන්නේ? ඔවුන් සැවොම එකිනෙකා සමඟ දිගටම සටන් කරයි. නොගැණිය හැකි තරම් ආගම් ද දිසානතීන් ද ඇත. ප්‍රධාන දේ වන්නේ පාපයන් ඇති නිසා රාවණ් රාජ්‍යයේ නිතරම යුද්ධ ඇති වීමයි. මෙතරම් ආරවුල් ඇත්තේ කාම රාගය නම් පාපය නිසයි! බොහෝ රජවරු මේ සටන කර ඇත. ඔවුන් කාම රාගය වෙනුවෙන් බොහෝ සටන් කරති. ඔවුන් සතුටට පත් වුවත් කෙනෙක් වෙන කෙනෙකුට හදවත පිදූ කල ඇය වෙනුවෙන් මරණයක් වුව සිදු කරයි. කාම රාගය මහා ම සතුරාය. ද්වේශය ඇති අය තරහකාරයින් ලෙසත් තණ්හාධික අය කෑදරයින් ලෙසත් හැඳින් වුවත් රාගාධිකයන් හැඳින්වීමට විවිධ නම් ඇත. මෙසේ අසන්නේ ඒ නිසයි අප පැණි හැර දමා වස බොන්නේ මක්නිසාද? පැණිය සඳහන් ව ඇත්තේ ආගමික ලේඛණ වලය. ලියැවී ඇත්තේ සාගරය කැළඹූ කල පැණි මතු වූ බවයි සහ ලක‍්ෂ්මි දේවියට කලය දුන් බවයි. බොහෝ කතන්දර ඇත! ප්‍රධාන දෙය සර්ව ව්‍යාපී බව පිළිබඳ සංකල්පයයි. ගීතාවේ දෙවියන් කවුද? පාරිශුද්ධකරුවාණන් වන්නේ කවුද? ප්‍රදර්ශන වලදී විස්තර කර දිය යුත්තේ මේ ප්‍රධාන දේ පිළිබඳ පිංතූරයි. එය වූ කලී පාරිශුද්ධකරුවාණන් වන ඔහුගෙන් මතුවන ඥාන සාගරය සහ ඥාන ගංඟා ද?, එසේ නැත්නම් ජලයෙන් සෑදෙන ගංඟා සහ සාගරයද? මේ හොඳ දේ බොහෝ ලෙස ඔබට විස්තර කර ඇත. පරම පියා මෙහි සිට ඔබට විස්තර කරයි. සුමිහිරි දරුවනි, ඔබව පිරිසිඳු කරන්නේ කවුද? වැරදුනු සැම දේ යථා තත්ත්වයට පත් කරන්නේ කවුද? පාරිශුද්ධකරුවාණන්ය. පාරිශුද්ධකරුවාණන් පැමිණෙන්නේ කුමන වේලාවකද? කිසිකෙනෙක් නාටකය සෑදෙන ආකාරය නොදනී. පරම පියා ඥානයෙන් පිරි, ප්‍රීතියෙන් පිරි සහ සාමයෙන් පිරී ඇතැයි කියැවේ. තවද සඳහන් වී ඇත්තේ ඒ එකම කෙනා පමණක් වැරදුනු සියල්ල නිවැරදි කරන කෙනා වශයෙනි. ඔබට තේරුම් ගත හැකියි ඔබ ගැන සියල්ල කිලිටු කළේ සත්‍ය ලෙසම රාවණ් බව. මෙය වූ කලී ජය හා පරාජය පිළිබඳ නාටකයයි. භාරතයේ මිනිසුන් හැම අවුරුද්දකම පුළුස්සා දමන රාවණ් පඹයා ගැන ඔබ දනී. ඔවුන්ගෙන් මෙසේ අසන්න ඔබ ඔහු පිළිස්සීමට පටන්ගත්තේ කවදාද? ඔවුන් උත්තර දෙන්නේ ලෝකය ආරම්භයේ සිට සදාතනිකව දිගටම එම සිරිත පැවතී ආ බවයි. ආගමික ලේඛණ වලින් ඔවුන් දැන ගන්නා සියල්ල සත්‍යය ලෙසින් ඔවුන් විශ්වාස කළෝය. ප්‍රධානම වරද නම් දෙවියන් සර්ව ව්‍යාපී බව කීමයි. පරම පියා මේ කිසිවකුගේ වරද ගැන නොකියා, නාටකයේ නියමිත දෙයක් බව කියයි. මායාගෙන් පරාජය වන අය සියල්ලගෙන්ම පරාජය වන අතර මායාගෙන් ජය ගන්නා අය සියලු දෙයින් ජයගනී. ඔබ මායාගෙන් පැරදුනු ආකාරය පිළිබඳ විස්තර කර ඇත. රාවණ් රාජ්‍යය චක්‍ර භාගයක් ම දිගටම පවතී. තත්ත්පරයක වත් වෙනසක් සිදුවිය නොහැකියි. රාම රාජ්‍යයේ ස්ථාපනය සහ රාවණ් රාජ්‍යයේ විනාශයත් නිසිකලට නිවැරදිවම සිදුවේ. සත් යුගයේ දී ලංකාව නොතිබෙයි. ලංකාව වූ කලී බුද්ධාගමේ දේශයයි. අධ්‍යාපනයක් ලැබූ අය ලන්ඩන් සහ ඇමරිකා තිබුණු තැන දනී. ඔබේ බුද්ධිය දියුණු වන්නේ සහ ආලෝකය වැටෙන්නේ අධ්‍යයනය මඟිනි. මෙයට තෙවෙනි ඥාන ඇස යැයි කියති. වයසක අම්මලාට මේවා බොහෝමයක් නොතේරේ. ඔවුන් ප්‍රධාන වන දෙය උකහා ගන්නා අතර අවසානයේ දී එය ප්‍රයෝජනවත් වෙයි. මිනිසුන් බොහෝ දේ ඉගෙන ගත්තත් අවසානයේ දී ඉතිරි වන්නේ මෙම එකම දේ පමණයි රාමාගේ නම මතුරන්න! ඔවුන් කෙනෙකුට මෙසේ නොකියයි ආගමික ග්‍රන්ථ හෝ වේද කියවන්න. අවසානයේ දී ඔවුන් මෙසේ කියයි රාමා සිහිකරන්න! ඔවුන් බොහෝ සෙයින් සිහිකරන දෙය අවසානයේ දී ද සිහිවේ. දැන් හැම කෙනෙකුම විනාශය හමුවේ සිටියි. ඔබ දන්නවා හැම කෙනෙකුම සිහිකරන්නේ කවුද කියා. සමහරුන් ක්‍රිෂ්ණා සිහිකරන අතර අන් අය ඔවුන්ගේ ගුරුන් සිහිකරයි. සමහරු ශාරීරික නෑදැයින් සිහිකරයි. ශරීරයක් සිහිකළ විට එයින් සියල්ල අවසන් වේ. මෙහිදී විස්තර කරන්නේ එකම දෙයකි. එනම්, ඔබ ජීවාත්ම සත්තාවක් බව සලකා දිගටම පරම පියා සිහි කරන්න. පරම පියා සිහිකිරීම පිළිබඳ සටහනක් තබා ගන්න. ඔහු සිහිකළ තරමට ඔබ පාරිශුද්ධියට පත් වේ. ගංඟා නම් ගඟේ ස්නානය කිරීමෙන් ඔබ පිරිසිඳු බවට පත් නොවේ. මෙය ජීවාත්ම සත්තාව පිළිබඳ කරුණක් වන්නේ අපිරිසිඳු බව හෝ පිරිසිඳු බව ජීවාත්ම සත්තාවේ සිදුවන්නක් නිසාය. පරම පියා විස්තර කර දී ඇත්තේ ජීවාත්ම සත්තාව තරුවක් බවත් නළල මධ්‍යයේ සිටින තිතක් බවත්ය. ඔවුන් කියන්නේ තරුවක් වන ජීවාත්ම සත්තාව අත්‍යන්තයෙන්ම සූක‍්ෂම බවයි. ඔබ දරුවන්ට පමණයි මෙය වැටහෙන්නේ. පරම පියා මෙසේ කියයි මම චක්‍රයේ සංගම් යුගයේ දී පැමිණෙමි. ඔවුන් ‘‘චක්‍රය‘‘ යන වචනය අතහැර හැම යුගයකම එන බව කියන අතර මිනිසුන් වැරදියට තේරුම් ගෙන සිටින්නේ ඒ නිසාය. මා කියා ඇත්තේ මෙසේය මම චක්‍රයේ සංගම් යුගයේ දී එනම්, අත්‍යන්ත ආලෝකයක් සහ අත්‍යයන්ත අන්ධකාරය හමුවන සංගමයේ දී එන බවයි. ඔබ ඉනිමඟේ පහළට දිගටම එන නිසා හැම යුගයේ ම ඒමට අවශ්‍යතාවක් නැත. පරම පියා පැමිණෙන්නේ ඔබ ඉණිමගේ උපත් 84 අවසාන පතුලටම පැමිණි පසුය. මේ ඥානය මුළු ලෝකය ම සඳහාය. සන්‍යාසීන් කියන්නේ අපේ පිංතූර සිතින් මවාගත් දේ බවය. කොහොමනමුත්, එවැනි ප්‍රශ්නයක් නැත. හැම කෙනෙකුටම මෙය තේරුම් කර දෙනු ලබයි. එසේ නොමැතිව මිනිසුන් තේරුම් ගන්නේ කෙසේද? මෙම පිංතූර සාදා ඇත්තේ ඒ නිසාය. බොහෝ රට වල දිගටම බොහෝ ප්‍රදර්ශන තිබෙනු ඇත. පරම පියා මෙසේ කියයි භාරතයේ නිවැසියන් වන බොහෝ දරුවන් ඇත. හැමෝම දරුවන්ය. මෙය බොහෝ ආගම් වලින් සැදි වෘක‍්ෂයකි. පරම පියා මෙහි සිට මෙසේ විස්තර කරයි හැම කෙනෙක්ම කාමරාග දර සෑයේ සිට දැවී ගොස් ඇත. සත් යුගයේ මුලටම එන අය පළමුවෙන් ද්වෝපූර් යුගයේ සිට කාම රාගයෙන් දැවෙන අය වන අතර ඔවුන් කැත වී ඇත්තේ ඒ නිසයි. හැම කෙනෙක්ම දැන් ගැලවීම ලැබීමට සිටී. ඔබ ඊට උපකරණ වෙයි. හැම කෙනෙක්ම ගැලවීම ලබන්නේ ඔබ නිසාය. පරම පියා පහසුවෙන්ම විස්තර කරයි. ඔවුන් මෙසේ කියයි කෙලින්ම පරම පියා සිහිකරන්න! පිරිහීමට පත්ව ඇත්තේ ජීවාත්ම සත්තාවන්ය. ජීවාත්ම සත්තාවක් අපිරිසිඳු වූ කල එයට ලැබෙන්නේ අපිරිසිඳු ශරීරයකි. පරම පියා ඔබට ජීවාත්ම සත්තාව පිරිසිඳු කිරීමට ඉතා පහසු ක්‍රමයක් පෙන්වයි. මිනිසුන් බොහෝ කලබල කරන්නේ ත්‍රිමූර්ති පිංතූරයේ බ්‍රහ්මා දුටු විටයි. මේ දාදා බොහෝ ප්‍රසිද්ධයි. සෑම පත්තරයකම මෙසේ පලවී තිබුණි ස්වර්ණාභරණ වෙළෙන්දෙක් ඔහු ශ්‍රී ක්‍රිෂ්ණා බවත් ඔහුට රැජිණියන් 16108ක් වුවමනා බවත් කියයි. බොහෝ කලබල ඇති වූයේ ඔහුට ගැහැණුන් පැහැර ගැනීමේ චෝදනාවක් තිබුණු නිසයි. එක එක්කෙනා ගැන කරදර වන්නේ කවුද? බොහෝ මිනිසුන් ඇත. මෙහෙ අබූ වෙත කෙනෙක් ආ කල ඉක්මනින්ම ඔහුගෙන් අසන්නේ මෙසේය ඔබ යන්නේ බ්‍රහ්ම කුමාරින් වෙතද? ඔවුන් මැජික් මන්තරයක් ජප කර ස්වාමිපුරුෂයා සහ භාර්යාව සහෝදර සහෝදරියන් බවට පත් කරවයි! ඔවුන් එවැනි බොරු කතන්දර කියා ඔළුව නරක් කරයි. පරම පියා මෙසේ කියයි ඔබ මට කියන්නේ ඥාන සාගරය, ලෝක සර්වබලධාරී කියාය. ‘‘ලෝක සර්වබලධාරී‘‘ යනු සියලු බල ඇති කෙනා යන්නයි. සියලු වේද සහ ආගමික ග්‍රන්ථ දන්නේ ඔහුය. බොහෝ උගත් අයටද අධිකාරීන් යැයි කියයි. ඒ මක් නිසාද? ඒ ඔවුන් සියලු වේද සහ ග්‍රන්ථ හදාරණ නිසාය. ඉන්පසු ඔවුන් බරණැසට ගොස් නම්බු නාමයක් ලබා ගනී. ජනක් පිළිබඳ ලේඛන වල මෙසේ ලියා ඇත ඔහුට ඕන වූයේ ඥානවන්ත කෙනෙක්ගෙන් බ්‍රහ්ම් පිළිබඳ සත්‍ය ඥානයයි. බ්‍රහ්ම් ධාතුව ගැන දන්නා කිසිවෙක් නැත. ඒ සියල්ල මෙකල සිදුවන දැය. ඔවුන් මිත්‍යා කතා සාදා ඇත. ඔවුන් ශංකර් සහ පාර්වතී පිළිබඳවද කතන්දර ලියා ඇත. පාර්වතීට ශංකර් කතන්දර කීවා යැයි ලියා ඇත. සත්‍යය නම් මෙය ශිවා පිළිබඳව නමුත් සඳහන්ව ඇත්තේ ශංකර් සහ පාර්වතීගේ නම්ය. මෙකල ඒ සියල්ල ලියා ඇත්තේ භගවතෙහිය. ඉන්පසු ඔවුන් අෂ්ඨවක්‍රට මේ ඥානය රජුට දිය යුතු යැයි සිතිවිල්ලක් ආ සැටි කතාන්තරයේ ලියා ඇත. පරම පියා මෙසේ විස්තර කරයි ඔබ ද මේ ඥානය රජුට දිය යුතුයි. ඔවුන්ට මෙසේ කියන්න ඔබ පළමුව සූර්ය වංශයට අයත්ව ඊළඟට චන්ද්‍ර වංශයට අයත් වී ඉන්පසු වෛශ්‍ය සහ ශුද්‍ර බවට පත්විය. දැන් ඔබේ රජ දහන සම්පූර්ණයෙන් අවසන් වී ඇත. ඔබට නැවතත් සූර්ය වංශයට යෑමට නම් උත්සාහ කළ යුතු වෙයි. රාජයෝගා උගන්වන බාබා පැමිණ සිටී. පැමිණ අසීමිත ස්වාධිපත්‍යය නැවත ලබා ගන්න. රජුන්ට බොහෝ ලියුම් යැවුවත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැත. ඒවා කඩන්නේ පුද්ගලික ලේකම්ලාය. බොහෝ ලියුම් අහක දමයි! වැදගත් ඒවා පමණක් රජුන්ට දෙයි. අෂ්ඨවක්‍ර ජනක් රජුට ජීවන මුකිතිය පිළිබඳ දසුනක් තත්ත්පරයක ඇසිල්ලකින් දුන් බව කියැවේ. එය මෙකල සිදුවන දෙයකි. පරම පියා මෙහි සිට ඔබට එතරම් හොඳින් විස්තර කර දෙයි. මෙය තේරුම් නොගන්නා අය දිගටම එහෙ මෙහෙ බලමින් සිටී. යමක් බුද්ධියට නොගනී නම් බාබා ඉක්මනින්ම හඳුනාගනී. බාබා වටපිට හොඳින් බලමින් හැම කෙනෙක්ම ඔහුට හොඳින් ඇහුම්කන් දෙනවාද කියා හෝ බුද්ධිය රස්තියාදු ගසනවාද කියා බලයි. සමහරු දිගටම ඈනුම් අරී. ඥානය ඔවුන්ගේ බුද්ධියට නොවැටෙන කල ඔවුන් නිදිකිරමින් පාඩු සිදුකර ගනී. මේ දරුවන්ගේ බති වැඩසටහනක් කරච්චිහි තිබුණි. සමහරු නිදිකිරන්නට පටන් ගන්නා විටම එළියට යවයි. අප පමණි එහි සිටියේ. පිටින් කිසිවෙක් නොවීය. ආරම්භයේ මෙවැනි ලොකු දේවල් සිදු විය. දීර්ඝ ඉතිහාසයක් ඇත. ආරම්භයේ දී, බොහෝ දූවරුන් ධ්‍යානගත විය. භාරතයේ මිනිසුන් වෛකුන්ත් දේශයට බොහෝ ඇළුම් කළෝය. කෙනෙක් මළ විට ඔහු වෛකුන්ත් වැසියෙක් වූවා යැයි, ඔහු දිවන්ගත වූවා යැයි කියයි. දැන් මෙය අපායයි. සැවොම අපායේ වැසියන්ය. එම නිසයි කෙනෙක් දිවන්ගත වූවා යැයි ඔවුන් කියන්නේ. කොහොමනමුත්, කිසිවෙකු දෙව්ලොව ගොස් නැත. දැන් මෙම දැනුම ඇත්තේ ඔබට පමණි. ඔබ දෙව්ලොව වැසියන් වූ අතර උපත් 84කින් ඉක්බිතිව ඔබ අපායේ වැසියන් බවට පත් වී ඇත. බාබා නැවතත් ඔබව දෙව්ලොව වැසියන් බවට පත් කරවයි. දෙව්ලොව රාජ්‍යය ඇත. එම රජදහනේ විවිධ මට්ටම් වල අය ඇත. උත්සාහ කළ යුත්තේ සාමාන්‍ය මිනිසෙක් බවින් නාරායන කෙනෙක් බවට පත් වීමටයි. ඔබ දන්නවා මමා සහ බාබා අනාගතයේ දී ලක‍්ෂ්මි සහ නාරායන වන බව. ඔබ දැන් මෙම උත්සාහය දරන අතර මවත් පියත් අනුගමනය කරන්න කියන්නේ ඒ නිසයි. ඔවුන් සේම ඔබත් උත්සාහ දරයි. ඔවුන් ද ස්මෘතියේ සිටිමින් ස්වදර්ශන චක්‍රය කරකවන්නන් වූහ. පරම පියාත් උරුමයත් සිහිකරන්න. ත්‍රිකාල් දර්ශී වන්න. ඔබට මුළු චක්‍රය ගැනම ඥානය ඇත. ඒ ගැන සිහියේ තබා ගෙන දිගටම අන් අයට විස්තර කර දෙන්න. ඔබ මේ සේවයේ උත්සුක වන්නේ නම් ඔබට වෙනත් වැඩ ආදිය සිහි නොවේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සත් යුගයේ ඉහළ තත්ත්වයක් ලැබීමට නම්, මවත් පියත් සම්පූර්ණයෙන් අනුගමනය කරන්න. එලෙසම උත්සාහය දරන්න. සේවයෙහි නිරත වන්න. ඒකාග්‍රතාවයෙන් යුතුව ඉගෙන ගන්න.

2. ස්මෘතිය ගැන සත්‍ය සටහනක් තබා ගන්න. ඔබ ජීවාත්ම සත්ථාවක් බව සලකා පරම පියා සිහිකරන්න. ඔබේ ශරීරය හෝ ශරීර ඇති අය සිහි නොකරන්න.

වරදානය:
ඔබ ඔබේ ඉහළම ස්ථානයේ ස්ථාවරව සිටිය දී සෑම සිතිවිල්ලක්ම නිර්මාණය කර, සෑම වචනයක්ම කතා කර, සෑම ක්‍රියාවක්ම සිදුකර සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වේවා.

සම්පූර්ණයෙන්ම දුර්ගුණ වලින් තොර වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ කිසිදු ප්‍රතිශතයකට කිසිදු දුෂ්චරිතයකින් ආකර්ෂණය නොවන බවත්, ඒවායේ බලපෑමට ලක් නොවන බවත්ය. ඉහළම ස්ථානයක් හිමි ජීවාත්මයන්ට සාමාන්‍ය සිතිවිලි තිබිය නොහැක. එබැවින්, ඔබ කිසිදු සිතිවිල්ලක් නිර්මාණය කිරීමට හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමට පෙර, පරීක්ෂා කරන්න: කාර්යය ඔබේ නම තරම් උසස්ද? ඔබේ නම උසස් නම් සහ ඔබේ කාර්යය පහත් නම්, ඔබ නමට අපහාස කරයි. එමනිසා, ඔබේ අරමුණට අනුව සුදුසුකම් අනුගමනය කරන්න, එවිට ඔබට සියලු දුර්ගුණ වලින් තොර , එනම් පාරිශුද්ධ වූ ජීවාත්මයක් යැයි කියනු ලැබේ.

පාඨය:
ඕනෑම දෙයක් කරන අතරතුර, කරන්කරවන්හාර් වන පරම පියා පිළිබඳව අවධානයෙන් සිටින්න, එවිට ඔබේ උත්සාහයන් සහ ඔබේ යෝගාව අතර නිසි සමබරතාවයක් ඇති වේ.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

මෙම කලි යුගයට අයත්, තමෝප්‍රධාන සහ දිරාපත් වූ ගසෙහි පිරිහුණු තත්ත්වය දුටු බ්‍රහ්ම බාබාට මෙම අදහස ඇති විය: දරුවන්ගේ තපස්වවී ස්වරූපය සහ ඔවුන්ගේ යෝගා ගින්නෙන් මෙම පැරණි ගස දැන්ම පුළුස්සා දැමිය යුතුය. කෙසේවෙතත්, එය සිදුවීමට නම්, ඔබේ යෝගාව ගිණිකන්දක් විය යුතු අතර සාමූහිකව පූර්ණ බලයෙන් දැල්විය යුතුය. එබැවින්, දැන් බ්‍රහ්ම බාබාගේ සිතිවිල්ල ක්‍රියාවට නංවන්න.