28.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සංගම් යුගයේ සිට නැඟීම සිදුවන අතර පසුව ස්වර්ණමය යුගයේ සිට නොකඩවාම කලාවන්
බසින්නට පටන් ගන්නවා යන සූක්‍ෂම වූ රහස ඔබ දන්නවා.
ප්‍රශ්නය:
උසස් සේවය
කුමක්ද. එම සේවය කළ හැක්කේ කාටද?
පිළිතුර:
භාරතය දිව්‍යලෝකයක් බවට පත් කිරිමත්, දිළින්දන් කුමාරවරු බවට පත් කිරිමත්,
අපිරිසිඳු අය පාරිශුද්ධත්වයට පත් කිරිමත් තමයි උසස්ම සේවය වන්නේ. පරමාත්ම පියා හැර
වෙන කිසිම කෙනෙකුට එවන් සේවයක් කළ නොහැකියි. පියා එවන් වූ උසස් සේවයක් කළ නිසා තමයි
දරුවන් ඔහුගේ ගෞරවය රකින්නේ. ප්‍රථමයෙන්ම ඔබ ඔහු වෙනුවෙන් සෝමනාථ නම් දේවාලය තනා
ඔහුට වන්දනා කළා.
ගීතය:
අවසානයේ අපි
මෙතෙක් කල් බලා සිටි දිනය පැමිණ තිබේ.
ඕම් ශාන්ති.
සුමිහිරි වූ
ආධ්‍යාත්මික දරුවන් ගීතයට සවන් දුන්නා. ජීවාත්මය සූක්ෂම වන අතර ශරිරය පෙනෙන්නට
තිබෙනවා. ඉතින් ජීවාත්මය මෙම දෑස් වලින් දැක ගත හැකි දෙයක් නොවේ, එය අදෘෂ්‍යමානයි.
එය අනිවාර්යෙන්ම තිබෙනවා, නමුත් එය ශරීරයෙන් වැසී තිබෙනවා. මේ නිසා තමයි ජීවාත්මය
අදෘෂ්‍යමාන යැයි කියැවෙන්නේ. ජීවයම කියනවා මම අශාරීරිකයි. මා මෙම භෞතික ස්ථානයට
පැමිණ අදෘෂ්‍යමාන වෙනවා. අශාරීරික ලෝකය ජීවාත්මයන්ගේ ලෝකයයි. එහි සූක්ෂමත්වය
පිළිබඳව කිසිම සඳහනක් නැහැ. උත්තරිතර පියා, උත්තරීතර ජීවාත්මය පවා ඉන්නේ එම
ස්ථානයේයි. ඔහු උත්තරිතර, උසස්ම උසස් වූ ජීවාත්මය ලෙස හඳුන්වනවා. සෑම ස්ථානයකින්ම
ඔබ්බෙහි ජීවත්වන තැනැත්තා තමයි ඒ උත්තරිතර පියා, උත්තරිතර ජීවාත්මය. පරමාත්ම පියා
කියනවා ඔබ සුක්ෂම වනවා සේම, මමත් සුක්ෂම ආකාරයෙන්ම මෙහි පැමිණිය යුතුයි. මා කිසි
විටෙක ගර්භාෂය නම් වූ සිර කුටිය තුළට පැමිණෙන්නේ නැහැ. මගේ නම සෑම විටම ශිවා පමණයි.
මා මොහු තුළට ඇතුලු වූවායින් පසුව මගේ නම වෙනස් වන්නේ නැහැ. මෙම ජීවාත්මයේ ශරිරයේ
නම වෙනස් වෙනවා. මා සෑම විටම හඳුන්වන්නේ ශිවා යනුවෙනුයි, සෑම ජීවාත්මයකගේම පියායි.
ඔබලාගේ ශරිරයන් තුළ ඔය ජීවාත්මයන් අදෘෂ්‍යමානයි. ඔබ ඔබගේ ශරිරය මාර්ගයෙන්
ක්‍රියාවෙහි යෙදෙනවා. මමත් අදෘෂ්‍යමානයි. මා වන ජීවාත්මය මෙම ශරිරයෙන් වැසි
තිබෙන්නේ කෙසේද යන ඥානය ඔය දරුවන් දැන් ලබමින් සිටිනවා. ජීවාත්මය අදෘෂ්‍යමාන වන අතර
ශරිරය ’දෘෂ්‍යමානයි’. මම අශාරිරික ද වෙනවා. අදෘෂ්‍යමාන පරමාත්ම පියා කතා කරන්නේ මෙම
ශරිරය මාර්ගයෙන්. ඔබත් අදෘෂ්‍යමාන වන අතර ඔබගේ ශරිරය මාර්ගයෙන් ඇහුම් කන් දෙනවා.
බාබා පැමිණ සිටින බව ඔබ දන්නවා. දිළිඳු බවට පත්ව තිබෙන භාරතය නැවතත් ධනවතුන් බවට
පත් කරවීම සඳහා පරම පියා පැමිණ සිටිනවා. ඔබගේ භාරතය දැන් දිළිඳු තත්ත්වයට පත්ව
තිබෙනවා කියා ඔබ කියනවා. එය දැන් දිළිඳු බව හැමෝම දන්නවා. නමුත් එක්තරා කාලයක එය
ධනවත්ව තිබූ බව කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔබගේ භාරතය බොහෝ ධනවත්ව තිබුණා යන
කුල්මත්භාවය දරුවන් තුළ තිබෙනවා. එහි දුකක් ගැන සඳහනක් හෝ නැහැ. ස්වර්ණමය යුගයේ වෙන
කිසිම ආගමක් තිබුණේ නැහැ. එහි තිබුණේ එකම දෙවි දේවතා ධර්මය පමණක් බව කිසිම කෙනෙක්
දන්නේ නැහැ. ලෝකයේ ඉතිහාසය හා භුගෝලය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබගේ භාරතය බෝහෝ
ධනවත්ව තිබූ බවත් එය දැන් ඉතාමත් දිළිඳු තත්ත්වයට පත්ව තිබෙන බවත් ඔබට දැන්
වැටහෙනවා. පරමාත්ම පියා දැන් නැවතත් ඔබව ධනවත් කිරිම සඳහා පැමිණ සිටිනවා. භාරතය
දේවතාවන්ගේ රාජ්‍යය ලෙස තිබෙන කල එය බොහෝ ධනවත් රාජ්‍යයක් වූවා. එම රාජ්‍යයට සිදු
වූයේ කුමක්ද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඍෂින් හා මුනීන් පවා කියනවා අප මෙම
නිර්මාණය හෝ නිර්මාණකරු ගැන කිසිම දෙයක් දන්නේ නැහැයි කියා. පියා කියනවා ස්වර්ණම
යුගයේ දේවතාවන්ට නිර්මාණය හෝ නිර්මාණකරු ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඔවුන් මුල,
මැද හෝ අග පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. ඔවුන් ඉනිමඟ දිගේ පහළට බැසගෙන විත් අපායේ
ආගාධයට වැටෙනවා යන ඥානය ඔවුන් තුළ තිබුණා නම්, ඔවුන් තව දුරටත් එම රාජ්‍යයේ සතුට
අත් විඳින්නේ නැහැ, ඔවුන් සන්තාපයට පත් වනු ඇත. තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන්
තත්ත්වයට පත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් ඔබ සැළකිලිමත් වී තිබෙනවා. ජීවාත්මයන්
වන අප ඒ අශාරිරික ලෝකයේ වැසියන්ව සිට පසුව සතුටේ දේශය වෙත පැමිණියේ කෙසේද යන ඥානයත්
ඔබ තුළ තිබෙනවා. අපි දැන් සිටින්නේ ඉහළ යන තත්ත්වයේයි. මෙය තමයි උපත් 84හි ඉනිමඟ. ඒ
අතරතුර සිදුවන්නේ මොනවාද යන්නත් ඔබ දන්නවා. සෑම කෙනෙක්ම ස්වර්ණම යුගයට යන්නේ නැහැ.
නාටකයට අනුව සෑම නලුවෙක්ම අනුපිළිවෙලක් ඇතිව පැමිණ තමාට නියමිත කොටස අවශ්‍ය වෙලාවට
රඟ දක්වනවා. දුප්පතුන්ගේ ස්වාමියා කවුද යන්න දැන් ඔය දරුවන් දන්නවා. ලෝකයා මේ ගැන
දන්නේ නැහැ. අවසානයේ අපි බලා සිටි දිනය පැමිණ තිබෙනා බව ඔබ ගීතයෙනුත් ඇහුම් කන්
දුන්නා. ඒ සෑම දෙයක්ම භක්තියයි. පරමාත්ම දෙවියන් පැමිණ ඔබව භක්ති මාර්ගයෙන් නිදහස්
කරගෙන විමුක්තිය වෙත රැගෙන යන්නේ කවදාද යන්නත් දැන් ඔබට වැටහෙනවා. රාමාගේ රාජ්‍යය
කියන්නේ මොකක්ද, රාවණ්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද කියන එක කිසිම මනුෂ්‍යයෙක් දන්නේ
නැහැ. ඔය දරුවන්ට දැන් තේරෙනවා බාබා නැවත වතාවක් මෙම ශරිරය තුළට පැමිණ සිටිනවා
කියා. මිනිස්සු ශිවාගේ උපන් දිනය සමරණවා, එමනිසා, ශිවා අනිවාර්යෙන්ම මෙහි පැමිණිය
යුතුයි. ඔහු, තමා ක්‍රිෂ්ණාගේ ශරිරය තුළට ඇතුල් වනවා කියා කියන්නේ නැහැ. පියා
කියනවා ක්‍රිෂ්ණා ජීවය උපත් 84ක් ගෙන තිබෙනවා. අංක එක වූ කෙනා දැන් අවසානයේ සිටින
අතර, ඔබටත් එයම අදාල වෙනවා. මා සාමාන්‍ය ශරිරයකට ඇතුලු වෙනවා. මා පැමිණ ඔබ උපත්
84ක් අත්විඳින්නේ කෙසේදැයි ඔබට කියනවා. මේ කාලයේදි මිනිස්සු ස්වර්ණම යුගය බොහෝ ඈතට
කර තිබෙනා නිසා, ඒ දෙවි දේවතා ධර්මයට තමන් අයිති වනවා කියා එක අයෙක්වත් සළකන්නේ
නැහැ. මෙම චක්‍රය අවුරුදු සිය දහස් ගණනක් තිබෙනවා කියා ඔවුන් සඳහන් කර තිබෙනවා.
ඇත්තෙන්ම, නාටකයේ ඉතිහාසය ඉතාමත් කෙටියි. සමහර ආගම්වල අවුරුදු 500ක ඉතිහාසයක් ඇති
අතර අනෙක් ඒවාට අවුරුදු 2500ක ඉතිහාසයක් තිබෙනවා. ඔබගේ ඉතිහාසය අවුරුදු 5000ක්
වනවා. දෙවි දේවතා ධර්මයට අයත් අය දෙව්ලොවට යනවා, එහෙත් අනෙක් ආගම්වල අය එන්නේ ඉන්
පසුවයි. දෙවි දේවතා ධර්මයට අයත් අය වෙනත් ආගම්වලට මාරු වී තිබෙනවා නාටකයට අනුව
ඔවුන් නැවතත් ඒ ආකාරයෙන්ම තමන්ගේම ආගමට නැවත මාරු වනු ඇත. ඔබ ලෝකයේ පාලකයන්ව සිටි
බව පියා ඔබට විස්තර කරනවා. දෙව්ලොව ස්ථාපිත කරන එකම කෙනා බාබා බව දැන් ඔබට
වැටහෙනවා, එසේ නම්, ඇයි අප දෙව්ලොව වාසීන් ලෙසින් නොසිටින්නේ? අපි අනිවාර්යෙන්ම
පියාගෙන් අපගේ උරුමය ලබා ගන්නෙමු. ඔවුන් මෙසේ කීමෙන් ඔප්පු වන්නේ ඔවුන් මෙම ආගමට
අයිති බවයි. මෙයට අයත් නොවන අය මෙහි නෙඑනු ඇත. ඔවුන් කියාවි අපගේ නොවන ආගමකට අප යා
යුත්තේ ඇයි? ඒ සවර්ණම යුගය නම් වූ නව ලෝකයේ ඔබ විශාල සතුටකින් දේවතාවන්ව සිටි බව
දැන් දරුවන්ට වැටහෙනවා. එහි රත්රන් වලින් සැදි මාළිගා තිබුණා. සෝමනාථ කෝවිලෙහි බොහෝ
රත්රන් තිබුණා. එවන් වු තවත් කෝවිලක් නැහැ. එහි බොහෝ දියමන්ති හා මිණිමුතු තිබුණා.
බෞද්ධ ආගමිකයන්ට දියමන්ති හෝ මිණිමුතු වලින් සැදි මාළිගා නැහැ. දරුවන්ව එසේ බොහෝ
උසස් තත්ත්වයට පත්කළ පරමාත්ම පියාට ඔබ ගෞරව කරනවා. යම්කිසි හොඳ දෙයක් කළ කෙනෙකුට
තමයි ගෞරව කරන්නේ. ඔබට දැන් තේරෙනවා ඒ පාරිශුද්ධකරු වන පියා තමයි සෑම දෙයකින්ම හොඳම
දේ කරන්නේ කියා. ජීව වන ඔබ කියනවා අසීමිත වූ පියා පැමිණ උසස්ම වු සේවය කරනවා කියා.
ඔහු අපව දුගීන්ගෙන් රජවරු බවට පත් කරවනවා. භාරතය දිව්‍ය ලෝකයක් බවට පත්කරවන
තැනැත්තාට වෙන කවුරුවත් ගෞරව කරන්නේ නැහැ. ඔබ දන්නවා කොල්ල කෑමට ලක් වුණු සෝමනාථ
කෝවිල තමයි උසස්ම උසස් කෝවිල බව. ලක්ෂ්මි හා නාරායන වෙනුවෙන් තැනුණු කෝවිල් කිසිම
කෙනෙක් විසින් කොල්ල කාගෙන නැහැ. සෝමනාථ කෝවිල කොල්ල කා ගත්තා. භක්ති මාර්ගයේදි
ඔවුන් බොහෝ ධනවත් වුවා. රජවරුන් සිටින්නේත් අනුපිළිවෙලක් ඇතිවයි. පහත් තත්ත්වයක්
තිබෙන අය උසස් තත්ත්වයක් තිබෙන අයට ගරු කරනවා. ඔවුන් අධිකරණයේ අසුන් ගන්නේත්
අනුපිළිවෙලක් ඇතිවයි. බාබාට හොඳ අත්දැකිම් තිබෙනවා. මෙහි තිබෙන අධිකරණ අපිරසිදු
රජවරුන්ගේ ඒවායි. පිරිසිඳු රජවරුන්ගේ අධිකරණ කුමන ආකාරයෙන් ඇතිද? ඔවුන් බොහෝ ධනවත්
නිසා ඔවුන්ගේ නිවෙස්ද ඉතාමත් අලංකාර ලෙස තිබෙනවා. බාබා ඔබට උගන්වන බවත්, ස්වර්ණම
යුගය ස්ථාපිත කිරිම කරන බවත් ඔබ දැන් දන්නවා. අප අධිරාජ්‍යයන් හා අධිරාජිණියන් බවට
පත් වී පසුව නැවතත් වැටෙනවා. පසුව ශිව බාබාගේ පළමුවනම භක්තිවන්තයන් වන්නේ අපියි.
අපව ලෝක පාලකයන් බවට පත්කළ ඔහුට අපි වන්දනා කරන්න පටන් ගන්නවා. ඔහු අපව බෙහෝ ධනවත්
කරවනවා. භාරතය දැන් බොහෝ දුප්පත්. මුළදි එය එතරම් දුප්පත් තත්ත්වයක තිබුණේ නැහැ.
මිනිසුන් ඉතාමත් සතුටින් ජීවත් වුවා. ඒ කාලයේ රු.500 ට මිළදී ගත් ඉඩමක් දැන්
රු.5000කට වත් ගන්න බැහැ. එහි, ඉඩමක වටිනාකමක් නැහැ, මන්ද, සෑම කෙනෙක්ටම තමන්ට
අවශ්‍ය තරම් ගත හැකි නිසයි. සෑම තැනකම බොහෝ දේපළ ඉතිරි වී තිබෙනවා. ඔබගේ මාළිගා
තිබෙන්නේ ඒ සුන්දර නදි අසළයි. එහි මිනිසුන් ඉන්නේ ඉතාමත් ටිකයි. සොබාදහම ඔබට සේවය
කරන අතර එහි ඉතාමත් ලස්සන මල් හා රසවත් පළතුරු තිබෙනවා. ඔබ දැන් බොහෝ උත්සාහ කරනවා.
කෙහොමනමුත්, ඉඩෝර කාලයට ඔබට ඇති තරම් කෑමත් නැහැ. මේ ගීතය ඇසෙන විට ඔබට හිරිගඩු
පිපිය යුතුයි. පියාව හඳුන්වා දුන්නේ දිළිඳු බවේ ස්වාමියා ලෙසයි. ඔබට දැන් මෙහි
අර්ථය වැටෙහෙනවා. ඔහු ධනවත් කරන්නේ කාවද? අනිවාර්යෙන්ම මෙහි එන අය තමයි ඔහු ධනවත්
කරන්නේ. පාරිශුද්ධභාවයෙන් අපිරිසිඳු වීම සඳහා අවරුදු 5000ක් ගොස් තිබෙන බව ජීවයන්
වන ඔබ දැන් දන්නවා. බාබා දැන් එක් ක්ෂණයකින් ඔබව අපිරිසිඳුභාවයෙන් පාරිශුද්ධත්වයට
පත් කරවනවා. ඔහු ඔබ උසස් අය බවට පත් කරවනවා. එක් ක්ෂණයකින් ඔබ ජීවන මුක්තිය ලබනවා.
ඔබ කියනවා බාබා, මම ඔබට අයිති වෙනවා. පියා කියනවා දරුවනි, ඔබ තමයි ලෝක පාලකයන්.
පුතෙක් ඔහු ඉපදුන අවස්ථාවේ සිට උරුම කාරයෙක් වෙනවා. එවිට ඔවුන් තුළ විශාල සතුටක්
ඇති වෙනවා. නමුත් ඉපදුනේ දුවෙක් කියා දැනගත් විටම ඔවුන්ගේ මුහුණු මැලවෙනවා. මෙහිදි,
ජීවාත්ම වන ඔබ සියලු දෙනා පුතුන්. ඔබ ස්වර්ණම යුගයේ (දිව්‍ය ලෝකයේ) පාලකයන් බවට
පත්වෙනවා. මීට අවුරුදු 5000කට ප්‍රථම ඔබ තමයි දිව්‍ය ලෝකයේ පාලකයන් ලෙස සිටියේ. එම
තත්ත්වයට ඔබව පත් කළේ බාබායි. මිනිස්සු ශිවාගේ උපන් දිනය සමරණවා. නමුත් ඔහු
පැමිණියේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය තිබුණේ කවදාද
කියාවත් ඔවුන් දන්නේ නැහැ. කෙසේවෙතත්. භාරතයේ ජනගහනය තමයි වැඩිම විය යුත්තේ.
විශාලතම දේශය විය යුත්තේත් භාරතයයි. මෙහේ කාල පරාසය අවුරුදු සිය දහස් ගණනක් වුවා
නම්, විශාල භුමි ප්‍රදේශයක් ද අවශ්‍ය වෙනවා. මුලු ලෝකයේම භුමි ප්‍රදේශයන් ගත්තත් ඊට
ප්‍රමාණවත් නොවේවි. අවුරුදු සිය දහස් ගණනකින් බොහෝ මිනිසුන් උපදිනවා. මෙහි ගණන්
කිරිමටවත් නොහැකි තරම් මිනිස්සු හිඳීවි. දැන් එතරම් නැහැ. පියා මෙහි අසුන් ගෙන ඔබට
මේ සියලු දේ විස්තර කරනවා. මිනිස්සු මේවාට ඇහුම් කන් දෙන විට, ඔවුන්, අපි මේවා අසා
තිබෙනවා කියයි. නැති නම්, ආගමික ග්‍රන්ථ වල මේවා කියවා තිබෙන බවත්, ඒවා ලස්සන දෙවල්
බවත් කියයි. දරුවන්ගේ බුද්ධිය තුළ දැන් මේ සියලුම ඥානය තිබෙනවා. මොහු දැන් උපත්
ගණනාවක අවසන්ම උපත වෙත පැමිණ සිටින අපිරිසිඳු ජීවයක්. සතෝප්‍රධාන් තත්ත්වයේ සිටි
තැනැත්තා දැන් තමෝප්‍රධාන් තත්ත්වයට පත්ව සිටින අතර ඔහු දැන් නැවතත් සතෝප්‍රධාන්
තත්ත්වයට පත්විය යුතුමයි. ජීව වන ඔබට දැන් මේවා උගන්වා තිබෙනවා. ජීවාත්මය ශරිරය
මාර්ගයෙන් ඇහුම් කන් දෙනවා. එවිට ජීවාත්මය ශරිරය මඟින් ඇහුම් කන් දෙන නිසා එය
පැත්තකට වෙනවා. සත්‍ය වශයෙන්ම ජීවයන් වන අප උපත් 84ක් ගෙන තිබෙනවා. අප අනිවාර්යෙන්ම
දෙමාපියන් 84 දෙනෙක් ලබා ගෙන තිබෙනවා. මෙහි සංඝණනයක් තිබෙනවා. ඊට වඩා අඩු උපත්
සංඛ්‍යාවක් ගන්නා අයත් සිටිනවා යන්නත් දැන් ඔබගේ බුද්ධිය තුළට ඇතුළු වි තිබෙනවා.
ඔවුන් ආගමික ග්‍රන්ථවල ලියා තිබෙන්නේ මොනවාද යන්න, පියා මෙහිදි ඔබට විස්තර කරනවා!
අඩුම තරමින්, ඔවුන් ඔබ වෙනුවෙන් ඔබ උපත් 8.4ක් ගන්නවා යන්නවත් කියා තිබෙනවා. මට
ඔවුන් කියන්නේ, මම ගණන් කළ නොහැකි අනන්ත වු උපත් මිලියන සංඛ්‍යාවක් ගන්නා බවයි! මම
සෑම දෙයකම ඉන්නවා කියාත්, නැති නම් ඔවුන් බලන සෑම තැනකම දකින්නේ ක්‍රිෂ්ණා පමණයි
කියාත් ඔවුන් කියනවා. මථුරාවේ හා වෘන්දාවනයේ ක්‍රිෂ්ණා සෑම තැනකම සිටිනවා කියා
ඔවුන් කියනවා. රාධේව විශ්වාස කරන අය බලන බලන තැන ඔවුන් දකින්නේ රාධේවයි. ඔවුන්
කියනවා, අපි රාධාස්වාමින් කියලා. ක්‍රිෂ්ණා ස්වාමින් කියන්නේ වෙනත් කට්ටියක්. ඔවුන්
රාධේව විශ්වාස කරනවා. ඔවුන් කොහේ බැලුවත් දකින්නේ රාධේවයි. ’ඔබ රාධේයි, මම රාධේයි.’
පියා දැන් විස්තර කරනවා ඇත්ත වශයෙන්ම මම දිළින්දන්ගේ ස්වාමියායි. භාරතය තමයි සියලුම
දෙනාගෙන් ධනවත්ම වුයේ. එය දැන් සැමට වඩා දුප්පත් තත්ත්වයකට පත්ව තිබෙන නිසා තමයි මම
භාරතයට අනිවාර්යෙන්ම පැමිණිය යුතු වන්නේ. මෙම නාටකය නොනවත්වා ඒ අයුරින්ම සිදුවන
දෙයක්. එහි පුංචි හෝ වෙනසක් තිබිය නොහැකියි. මෙය ඉතාමත් විශාල නාටකයක්. පටිගත වී
තිබෙන නාටකය ඒ අයුරින්ම නැවතත් විකාශනය වෙනවා. නාටකය ගැන ඔබ දැනගත යුතුමයි. නාට්‍යය
කියන්නේ නාට්‍යයක්! අනෙක් නාට්‍ය සීමිත ඒවා වන අතර මෙය අසීමිත වු නාට්‍යයක්. කිසිම
කෙනෙක් එහි මුල, මැද හෝ අග ගැන දන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ, ක්‍රිෂ්ණා නොව
අශාරිරික පියා තමයි දිළිඳු බවේ ස්වාමියා කියලා. ක්‍රිෂ්ණා ස්වර්ණම යුගයේ ධනවත්
කුමරෙක් බවට පත් වෙනවා. පරමාත්ම දෙවියන්ට ඔහුටම කියා ශරිරයක් නැහැ. ඔහු පැමිණ
දරුවන් වන ඔබව ධනවත් බවට පත් කරවනවා. ඔහු ඔබට රාජයෝගා උගන්වනවා. මිනිසුන් ඉගෙනගෙන
නීතිඥයන් බවට පත් වෙනවා. එමඟින් ආදායමක් උපයා ගන්නවා. පරමාත්ම පියාත් දැන් ඔබට
උගන්වනවා. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට ඔබ අනාගතයේදි නාරායන බවට පත් වෙනවා. ඔබත්
උපත් ගන්නවා. දිව්‍ය ලෝකය මුහුදෙන් මතුවෙනවා කියා දෙයක් නැහැ. ක්‍රිෂ්ණාත් උපත්
ගත්තා. කාන්ස්ලාගේ (යක්ෂයින් වැනි) දේශයක් ඒ කාලයේ ඇත්තේ නැහැ. ක්‍රිෂ්ණාගේ නම බොහෝ
ප්‍රශංසනීයයි. ඔහුගේ පියාගේ නමෙහි කිසිම සඳහනක් නැහැ. ඔහුගේ පියා කොහේද ඉන්නේ?
ක්‍රිෂ්ණා අනිවාර්යෙන්ම රජෙකුගේ පුතෙක් විය යුතුයි. ඔහු උසස්ම රජෙකුට දාව උපදියි.
කොහොමනමුත්, ඒ රජ්ජුරුවන් බොහෝ අපිරිසිඳු හෙයින්, ඔහුගේ නමෙහි එතරම් සඳහනක් නැහැ.
ක්‍රිෂ්ණා පැමිණෙන විට, එහි අපිරිසිඳු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් (ඒ
අපිරිසිඳු මිනිස්සු) සම්පූර්ණයෙන්ම අවසන් වු කල, ඔහු සිහසුන මත ඉඳ ගන්නවා. ඔහු තම
රාජ්‍යය හිමිකර ගන්නා අතර එවිට ඔහුගේ වංශය ඇරඹෙනවා. වංශය ඇරඹෙන්නේ ලක්ෂ්මි හා
නාරායනගෙන්. ඔබ සම්පූර්ණයෙන්ම ගිණුම ලියනවා. මොහුගේ රාජ්‍යය මෙපමණ කාලයක් තුළ
පැවතෙනවා. මෙමගින්, මෙම චක්‍රයේ කාලපරිච්ඡේදය, මීට වඩා දිග විය නොහැකි බව මිනිසුන්ට
තෙරුම් ගත හැකියි. අවුරුදු 5000ක සම්පූර්ණ ගිණුමක් තිබෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ බුද්ධිය
තුළ නිර්මාණය හා නිර්මාණකරු තබාගෙන සිටින අතරම, සතෝප්‍රධාන් බවට පත්වීමට උත්සාහ
කරන්න. ඔබ අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් විය යුතුය යන්න ගැන පමණක් සැළකිලිමත් වන්න.
2. මේ අසිමිත වු
නාටකය බුද්ධිය තුළ තබාගෙන අපරිමිත වු සතුට අත්විඳින්න. පියා හා සමාන වු ගෞරවයක් ලබා
ගැනිමට නම් සේවය කර, අපිරිසිඳු අය පිරිසිඳු කරන්න.
වරදානය:
ඔබට සියලු
අයිතීන් ඇති බව අවධානයේ තබා ගැනීමෙන්, ඔබ ලැබීම් වල ප්‍රතිරුවක් වී, සියලු බල
අත්විඳිත්වා.
ඔබගේ බුද්ධිය
නිරන්තරයෙන් ඒකායන පියාට සම්බන්ධ වී ඇත්නම්, ඔබට අයිතියක් ලෙස සියලු බලයන්ගේ උරුමය
හිමිවෙයි. තමන්ට අයිතියක් ඇති බව සලකා සෑම ක්‍රියාවක්ම සිදු කරන අයට, කිසිවක් කීමට
හෝ කිසිවක් ඉල්ලීමට අවශ්‍ය වන්නේ නැත. සියලු අයිතීන් තිබීමේ අවධානය, ඔබට සියලු බල
ලැබීමේ අත්දැකීම අත්කර දෙයි. එබැවින් සියලුම බල ඔබගේ ජන්ම උරුමය බවට කුල්මත් බව ඇති
කරගන්න. සියලු බල ඇති අයෙක් ලෙස ගමන් කරන්න, එවිට සියලු යැපීම් අවසන් වෙයි.
පාඨය:
තමන්ව
පිවිතුරු කරගැනීමත් සමගම, පදාර්ථද පිවිතුරු කිරීම යනු, බැඳීම් වලින් සම්පූර්ණයෙන්
නිදහස් වීමයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
ඔබගේ පාරිශුද්ධත්වයේ
විනය ශක්තිමත් නම්, ඔබට බැඳීම්, ඊර්ෂ්‍යාව සහ කෝපයෙන් නිදහස් විය හැක. කිසිම
නොරිස්සුමක්ද තබා නොගන්න. කිසිම ප්‍රතිඵලයකට බැඳීමක් තබා නොගන්න - යම් දෙයක්
අනිවාර්යෙන් සිදුවිය යුතු බව. යම් කෙනෙක් ආත්මාර්ථකාමීව හෝ ඊර්ෂ්‍යාවෙන් කතා කර,
ඔහුගේ ආශාව ඉටු නොවන්නේ නම්, කෝපය ඇති වෙයි. එබැවින් ඔබගේ පාරිශුද්ධත්වයේ කුළුණ
ශක්තිමත් කරගන්න එවිට ඔබගේ කුළුණ ප්‍රදීපාගාරයක් මෙන් ක්‍රියා කරයි.