28.09.25 Avyakt Bapdada
Sinhala
Murli 15.02.2007 Om Shanti Madhuban
අවදිව සිට,
නොසැලකිලිමත්කම, අලසකම හෝ නිදහසට කාරණා කීමේ නින්දට නොයාම,ශිව රාත්‍රියේ සැබෑ
ජාග්රාන්ය.
අද බාප්දාදා ඔහුගේ
සෑම තැනකම සිටින උපරිම ලෙස ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ, පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුසු දරුවන් මුණ ගැසීමට විශේෂයෙන් ඇවිත්. ප්‍රතිරුවක්
නොමැති පියා, දරුවන්ගේ උපන් දිනය සැමරීමට ඇවිත්. ඔබ සියලු දෙනාද අද විශේෂයෙන් පැමිණ
ඇත්තේ මෙම අද්විතීය උපන් දිනය සැමරීමට නේද? මුළු කල්පය පුරාවටම, මෙවන් උපන් දිනයක්
කිසිවෙකුට තිබිය නොහැක. පියෙකුට සහ දරුවන්ට එකම දිනයේ උපන් දිනයක් තිබීම ගැන ඔබ
කිසිදා අසන්නට නොමැත. ඉතිං, ඔබ සියලු දෙනා පැමිණියේ පරම පියාගේ උපන් දිනය සැමරීමටද
නැත්නම් ඔබ පැමිණියේ, දරුවන්ගේද උපන් දිනය සැමරීමටද, මන්ද, දෙවි පියාණන් සහ දේවමය
දරුවන්ට මුළු කල්පය පුරාම කෙතරම් සෙනෙහසක් තිබේද යත්, ඔවුන්ගේ උපන් දිනය තිබෙන්නේද
එකම දිනයේය? පරම පියා, තනිවම ලෝක පරිවර්ථක කාර්යය සිදු කිරීමට යන්නේ නැහැ; ඔහුට
අවශ්‍ය, එය ඔහුගේ දරුවන් සමග කිරීමටයි. එකට සිටීමේ සහ සහකරුවෙක් වීමේ අලෞකික සෙනෙහස
ඔබ අත්විදින්නේ සංගම යුගයේ පමණයි. පරම පියා සහ දරුවන් තුළ කෙතරම් ගැඹුරු සෙනෙහසක්
එකිනෙකා කෙරෙහි තිබේද යත් ඔවුන්ගේ උපන් දිනය තිබෙන්නේ එකම දිනයේ. එමෙන්ම ඔබ ඉන්නේ
කොහේද? ඔබ වාසය කරන්නේ තනිවද, පියා සමගද? සෑම දරුවෙක්ම උනන්දුවෙන් සහ උද්යෝගයෙන්
පවසන්නේ, “මා පරම පියා සමග ඒකාබද්ධ වී සිටියි.” ඔබ ඒකාබද්ධව රැදී සිටිනවා නේද? ඔබ
තනිව වාසය කරන්නේ නැහැ නේද? ඔබගේ උපන් දිනය එකට තිබේ, ඔබ වාසය කරන්නේ එකටයි, එමෙන්ම
එයට අමතරව සිදු කරන පොරොන්දුව කුමක්ද? ඔබ ඉන්නේ එකටයි, ඔබ එකට රැදී සිටියි, එමෙන්ම
ඔබගේ මිහිරි නිවහනට ඔබ ආපසු එකට යයි. මෙතරම් සෙනෙහසක් කිසිම පියෙක් සහ දරුවන් අතර
ඔබ දැක තිබෙනවාද? ඔබ කුමන දරුවෙක් වුනත්, ඔබ කොහේ සිටියත්, ඔබ කෙබදු අන්දමේ වුනත්,
ඔබ ඉන්නේ පරම පියා සමග වන අතර ඔබ ආපසු නිවහනට යන්නේ පියා සමගයි. ඉතිං ඔබ ඇවිත්
සිටින්නේ අද්විතීය සහ සියල්ලටම වඩා ආදරණීයම උපන් දිනය සැමරීමටයි. ඔබ මා ඉදිරියේ
අසුන්ගෙන සිටින අතර එය සැමරුවත්, ඔබ මේ දේශයේ හෝ විදෙස් රටක සිටියත්, ඔබ සෑම තැනකම
එකට එකම වෙලාවේ සමරනවා.
සෑම තැනකම සිටින
දරුවන් “අපුරුයි බාබා! අපූරුයි බාබා! අපුරුයි මෙම උපන් දිනය!” යන ගීතය ඔවුන්ගේ
හදවත් වලින් බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ගායනා කරන අන්දම බාප්දාදා දකිනවා. බාබා
ස්විචය දැමූ විට, සෑම තැනකම හඩ, ඔවුන්ගේ හදවත් වල උනන්දුව සහ උද්යෝගයේ හඩ ඔහුගේ
දෙසවණට ඇසිය හැක. ඔය සියලුම දරුවන්ගේ උද්යෝගය දැක, ඔබගේ දිව්‍යමය උපන් දිනය
වෙනුවෙන් බාප්දාදා ඔබට කෝටි-කෝටි- කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. ඇත්ත වශයෙන්
උත්සවයක් යනු, උනන්දුව සහ උද්යෝගයෙන් (උත්සාහයෙන්) සිටීමයි. ඉතිං ඔබ සියලු දෙනා
උද්යෝගයෙන් මෙම උත්සවය සමරනවා. බැතිමතුන් එයට ශිව රාත්‍රිය යන නම ලබා දී තිබෙනවා.
අද බාප්දාදා එම
බැතිමත් ජීවාත්මයට (තඹ යුගය ආරම්භයේ ශිවාගේ වන්දනාව ආරම්භ කළ කෙනාට), මෙම අසහාය
උපන් දිනයේ සැමරුම අනුකරණය කළ කෙනාට සුබ පැතුම් ලබා දෙනවා. ඔබ මෙය, මෙම දැනුම ඇතිව
සහ සෙනෙහසින් සමරන අතර එම බැතිමත් ජීවාත්මය විශ්වාසය සහ භක්තියෙන් සැමරුවා. ඔහු ඔබව
හොදින් අනුකරණය කළා. එබැවින් අද එම දරුවාට බාප්දාදා සුබ පැතුම් ලබා දුන්නා, මන්ද,
ඔහු අනුකරණය කිරීමේ හොද චරිත කොටසක් රගපා තිබෙනවා. බලන්න, ඔවුන් සෑම අන්දමකින්ම
අනුකරණය කර ඇති ආකාරය. අනුකරණය කිරීමට වුනත් කෙනෙකුට නුවණ අවශ්‍යයි. ප්‍රධාන කාරණාව
වන්නේ මෙම දිනයේ බැතිමතුන්ද උපවාසයක යෙදෙයි. ඔවුන් ආහාර පාන වල උපවාසයක යෙදෙයි;
විශ්වාසයෙන්, ඔවුන්ගේ ආකල්පය උසස් කිරීමට ඔවුන් භාර හාර වෙයි. ඔවුන් සෑම වසරකම මෙම
උපවාසයේ යෙදිය යුතුයි, නමුත් ඔබ සිදු කළ භාරය කුමක්ද? ඔබ එම භාරය සිදු කරන්නේ එක්
වරක් පමණයි; ඔබ සෑම වසරකම මෙම භාරය සිදු කරන්නේ නැහැ. ඔබ පාරිශුද්ධත්වයේ භාරය සිදු
කළේ එක් වරක් පමණයි. ඔබ සියලු දෙනා පාරිශුද්ධත්වයේ භාරය සිදු කළාද? ඔබ ස්ථිර භාරයක්
වුණාද? පාරිශුද්ධත්වයේ භාරය ස්ථිරව සිදු කළ අය, අත් ඔසවන්න! ස්ථිරව. සුළුවෙන් හෝ
දුර්වල නැති. එය ස්ථිරයිද? අච්චා. තව ප්‍රශ්නයක්ද තිබෙනවා. මෙම භාරය සිදු කිරීම
වෙනුවෙන් සුබ පැතුම්. කෙසේවෙතත්, අපවිත්‍රතාවයට ප්‍රධාන සහකරුවන් පස් දෙනෙක්
සිටියි. එය නිවැරදිද? ඔබට හිස වැනිය හැක. හොදයි මේ පහටම භාරයක් සිදුකර තිබෙනවාද?
නැත්නම් ඔබ දෙකකට හෝ තුනකට පමණක් භාර වුණාද? පාරිශුද්ධත්වය ඇති තැන, අපවිත්‍ර බවේ
අංශුමාත්‍රයක් පවා තිබුණොත්, එම ජීවාත්මය, සම්පූර්ණ පිවිතුරු ජීවාත්මයක් ලෙස
හැදින්විය හැකිද? තවද, ඔය බ්‍රහ්මින් ජීවාත්මයන්ට, බ්‍රහ්මින් දිවියේ දේපළ,
පෞරුෂත්වය සහ රාජකීයත්වය වන්නේ පාරිශුද්ධත්වයයි. එබැවින් පරීක්ෂා කරන්න: සම්පූර්ණ
පිවිතුරු බව තිබීමේදි, පිවිතුරු බවේ ප්‍රධාන කාරණාවට ඔබ අවධානය යොමු කරන අතර එහි
සහකරුවන් ගැන ඔබ ටිකක් නොසැලකිලිමත් වීම, සිදු නොවිය යුතුයි. කුඩා අය වෙනුවෙන් ඔබ
තුළ සෙනෙහස ඉතිරි කරගෙන ප්‍රධාන දේ ඔබ නිවැරදි කර ඇත. අනෙක් සතර ගැන නොසැලකිලිමත්
වීමට පියා ඔබට අවසර දී තිබෙනවාද? පාරිශුද්ධත්වය යනු බඹසර රැකීම පමණක් නොවෙයි, නමුත්
බ්‍රහ්මචාරී කෙනෙක් වීමයි. බ්‍රහ්මචාරි කෙනෙක් වීම යනු, පාරිශුද්ධත්වයේ භාරය රකින
කෙනෙකි. ඔබ සියලු දෙනාම හදවතට සමීප කතාබහක යෙදෙන අතර සමහර දරුවන් ඔවුන්ගේ
හදවතට-සමීප කතාබස් වලදි ඉතා මිහිරි දේවල් කියයි: “බාබා, ප්‍රධාන දෙයින් අප නිවැරදි,
නමුත් කුඩා දේවල් අපගේ මනසට විටෙක ඇතුළු වෙයි. ඒවා අපගේ සිතිවිලි තුළට පැමිණෙයි;
ඒවා අපගේ වදන් වලට නොපැමිණෙයි, කිසිවෙකුට අපගේ සිතිවිලි පෙනෙන්නේ නැහැ.” සමහරු
පවසන්නේ, “කෙනෙක් තුළ සාමාන්‍යයෙන් කුඩා දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් අප
තුළත් මේ සතර කෙරෙහි සෙනෙහස තිබෙනවා. කෝපය තිබේ, බැදීම් තිබේ; අපට එය අනවශ්‍ය නමුත්
ඒවා පැමිණෙයි”. බාප්දාදා පවසන්නේ: කෙනෙක් පැමිණෙන්නේ නම් එයට හේතුව, ඔබ දොරටුව විවර
කර තැබූ නිසයි ඔවුන් පැමිණියේ. ඉතිං ඔබ දොර විවරව තැබුවේ ඇයි? ඔබ දුර්වලතාවයේ දොර
විවෘතව තබයි. දුර්වලතාවයේ දොර විවෘතව තැබීම යනු ඒවා කැදවීමයි.
ඉතිං මෙදින ඔබ පරම
පියාගේ මෙන්ම ඔබගේ උපන් දිනයත් සමරනවා, නමුත් ඔබ උපත ලද දිනයේ ඔබ පොරොන්දුවක්ද සිදු
කළා. පියා ඔබට ලබා දුන් පළමු ආශිර්වාදය කුමක්ද? ඔබට එය මතකද? ඔබගේ උපන් දිනයේ
ආශිර්වාදය ඔබට මතකද? බාබා දුන් ආශිර්වාදය කුමක්ද? ඔබ පවිත්‍ර වේවා, ඔබ යෝගී වේවා.
ඔබ සියලු දෙනාටම මෙම ආශිර්වාදය මතකද? ඔබට එය මතකද? ඔබට එය අමතක නැහැ නේද? ඔබට “ඔබ
පිවිතුරු වේවා” යන ආශිර්වාදය ලබා දුන්නේ එක දෙයක් වෙනුවෙන් නොව, නමුත් පහටම. ඉතිං
අද බාප්දාදාට අවශ්‍ය වන්නේ කුමක්ද? ඔබ ඇවිත් සිටින්නේ ඔබගේ උපන් දිනය සැමරීමටයි.
තවද ඔබ පරම පියාගේ උපන් දිනයත් සැමරීමට ඇවිත්, එහෙම නේද? ඔබ මෙහි පැමිණියේ ශිව
රාත්‍රිය සැමරීමටයි; ඉතිං ඔබ උපන් දිනයට තෑග්ගක් රැගෙන ආවාද, නැත්නම් ඔබ ආවේ හිස්
අතින්ද? ස්ථාපනයේ වසර 70ක් දැන් සම්පූර්ණ වනවා. ඔබට මෙය මතකයි නේද? ටිකක් සිතන්න,
එය දැන් වසර 70ක්. ඔබ පැමිණියේ පසුව වුනත්, එය ස්ථාපනයේ වසර 70ක් නේද? ඔබ පැමිණියේ
මෑතක පමණක් වුනත්, ඔබ ස්ථාපන කාර්යයේ සහකරුවන් නේද? ඔබ සහකරුවන් නේද? ඔබ මෙහි
පැමිණියේ ප්‍රථම වතාවට වුවද - මෙහි මධුබන් වලට පළමු වතාවට පැමිණි අය අත් ඔසවන්න!
ඔබගේ අත් ඉහළට ඔසවන්න! අච්චා. ඔබ පැමිණ වසර දෙකක් හෝ තුනක් පමණක් වුනත්, ඔබ තමන්ව
හදුන්වන්නේ කෙසේද? ඔබ බ්‍රහ්ම කුමර කුමරියන්ද, පුරුෂාර්ථ (උත්සාහ දරන) කුමර
කුමරියන්ද? ඔබ තමන්ව හදුන්වන්නේ කෙසේද? ඔබගෙන් කිසිවෙක් තමන්ව පුරුෂාර්ථි කුමාරීන්
ලෙස හදුන්වනවාද? ඔබ බ්‍රහ්ම කුමාර් පුවරුව දමනවා නේද? ඔබ සියලු දෙනා ලියන්නේ බී.කේ
කියලාද නැත්නම් පී.කේ. කියලද? පුරුෂාර්ති කුමාර්. ඉතිං පොරොන්දුව වුනේ කුමක්ද? ඔබ
එකට සිටින බව, ඔබ එකට ආපසු නිවහනට යන බව. ඔබ ඒකාබද්ධව රැදී සිටින බව, එබැවින්
ඒකාබද්ධ වීම සදහා ඔබ සමාන වීමට අවශ්‍යයි.
ඉතිං අපි 70 වන
සංවත්සර උත්සවය සමරමින් සිට ඇත. පැමිණ, සේවය කිරීමට අවස්ථාව ලබා දුන් සෑම කලාපයක්ම
70 වන සංවත්සරය සැමරූ බව බාප්දදා දුටුවා. ඔබට සම්මාන ලබා දීමේ උත්සවයක් තිබෙනවා
නේද? ඔබ සියළු දෙනාම එය සමරනවා නේද? ඔබ කරන්නේ කුඩා තෑගි ලබා දීම පමණයි. කෙසේවෙතත්,
ප්‍රථමයෙන් අද උපන් දිනය වන අතර එය සැමරීමට ඔබ පැමිණ සිටිනවා නේද? ඔබට නිසැකද?
දෙවනුව, 70 වන වසර දැන් සම්පූඒණ වනවා, එබැවින් ඔබ මෙම සම්මානනීය උත්සවය මෙන්ම උපන්
දිනයත් සමරයි, ඉතිං ඔබ ලබා දෙන තෑග්ග කුමක්ද? ඔබ බන්දේසියක් හෝ ඇද ඇතිරිල්ලක්ද ලබා
දෙන්නේ? ඔබ රැගෙන ආවේ කුමන තෑගිද? හොදයි අපි රිදී වීදුරුවක් දෙන්නම්. කෙසේවෙතත්
බලාපොරොත්තුවේ පහන් වන දරුවන් වෙනුවෙන් මෙදින බාප්දාදාගේ පිවිතුරු ආශාව වන්නේ - එම
පිවිතුරු ආශාව කුමක්ද කියා බාප්දාදා ඔබට කිව යුතුද? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය,
බාබා ඔබට එය කිව යුතුද? බාබා ඔබට එය පැවසීම සහ ඔබ එයට සවන් දීමෙන් අදහස් වන්නේ
කුමක්ද? ඔබ එයට සවන් දෙන්නේ ඔබගේ දෙසවණින් වන අතර ඔබ එය හදවත තුළ මුසු කරගනී. ඔබගේ
හදවතින් පිටතට පැමිණීමට ඔබ එයට ඉඩ දෙන්නේ නැහැ නේද? ඔබ කරන්නේ එය ඔබගේ හදවත් තුළ
මුසු කරගැනීමයි. එබැවින් මෙදින - පළමු පේළියේ අසුන් ගෙන සිටින අය - බාබා ඔබට එය කිව
යුතුද? එසේ නම් අඩු තරමින් හිස වනන්න! ගුරුවරු, ඔබට එකග වී හිස වැනිය හැක. ඔබ ඉතා
හොදින් ඔබගේ ධජ වනයි. ද්විත්ව විදේශිකයන්, බාබා ඔබට එය කිව යුතුද? ඔබට තමන්ව මෙයින්
බැද ගැනීමට සිදුවෙයි; බාබා එය ඔබට පැවසීමට නම්, එවිට පමණක් ඔව් කියන්න. එය ඒ ආකාරයට
නිකම්ම නොකියන්න! වසර 70ක්ම ඔබ නොසැලකිල්ල, අලසකම සහ නිදහසට කාරණා දීමේ කෙළි
සෙල්ලම් පමණක් ක්‍රීඩා කළ බව බාබා දැක තිබේ. හොදයි වසර 70ක් නොවෙයි නම්, එය වසර 50,
40, 30ක්, 20ක් වී ඇත. ඒ මුළු කාලයේම ඔය දරුවන් ක්‍රීඩා කරන මෙම කාරණා තුනේ ක්‍රීඩා
බොහොමයක් බාබා දැක තිබෙනවා. මෙදින බැතිමතුන් රාත්‍රියේ අවදිව (ජාග්‍රන්) සිටියි;
ඔවුන් නිදා ගන්නේ නැත. එසේම ඔය දරුවන්ට ඇති ජාග්‍රන් කුමක්ද? ඔබ නැවත නැවතත් නින්දට
යන්නේ කුමන නින්දේද? ඔබ නොසැලකිල්ල, අලසකම සහ නිදහසට කාරණා දීමේ සුව නින්දේ
සැතපෙයි. එබැවින් අද බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ සෑම විටම මෙම කාරණා තුනේ ජාග්‍රන්
කිරීම දැකීමටයි. ඔබ ඕනෑම විටෙක කෝප වීම, අහංකාර වීම හෝ කෑදර වන බව දකින විට, ඔබ
නිදහසට කාරණාවක් ලෙස පවසන්නේ කුමක්ද? ඕනෑම සිදුවීමක් පැන නගින විට බාප්දාදාට වෙළද
ලාංඡණයක් පෙනෙයි. එවිට ඔබ කියන්නේ කුමක්ද? “මෙය සිදුවුනාට කමක් නැහැ, එය නිතරම සිදු
වනවා.” එයට ‘කමක් නැහැ’ කීවේ කවුද කියා ඔබ දන්නේ නැහැ. ඔබ භාවිතා කරන වචන වන්නේ:
“මෙය නිතරම සිදු වනවා, එය සෑම විටම සිදු වන්නේ මෙහෙමයි. මෙය අළුත් දෙයක් නොවෙයි;
මෙය නිතරම වෙනවා.” මේ සියල්ල කුමක්ද? මෙය නොසැලකිල්ල නොවේද? “මේ කෙනා මෙය කොහොමත්
කරනවා.” තමන්ව කෝපයෙන් ආරක්ෂා කරගැනීමට වැඩි දෙනෙක් පවසන්නේ, “ඒ කෙනා මෙය සිදු කළා,
මෙය සිදුවුනේ මේ නිසයි.” ඔවුන් මෙසේ නොකියයි, “මා කළ දේ වැරදියි.” “මේ දේ සිදුවුණා;
ඒ කෙනා මෙය සිදුකළා, ඒ නිසයි මෙය සිදු වුණේ.” අන් අයට වරද පැටවීම ඉතා පහසු දෙයක්.
“ඒ කෙනා ඒ දේ නොකළා නම්, මෙය සිදු නොවනු ඇත.” පියා යමක් පවසන්නේ නම් ඔබ එය සිදු
නොකරයි. අර කෙනා යමක් කළා නම් එවිට මෙය සිදුවෙයි. ඔබට පියාගේ ශ්‍රීමත් අනුගමනය
කිරීමෙන් කෝපය අවසන් කළ නොහැකිද? මෙකල, කෝපයේ දරුවෙක් වන ලොකුකමේ විවිධ ආකාර තිබේ.
එසේ නම් ඔබ අද අනෙක් සතරටත් භාරයක් වෙනවාද? ඔබගෙන් වැඩි දෙනෙක් තුළ පළමු දේ
වෙනුවෙන් විශේෂ අධිෂ්ඨානගත සිතිවිල්ලක් තිබුණා. ඒ අන්දමින්ම, අනෙක් සතරටත් ඒ හා
සමාන සිතිවිල්ලක් ඇති කරගන්න. මෙයට නිදහසට කාරණා නොදෙන්න. “මේ කෙනා මේ දේ කළ නිසයි
මා මෙය කළේ.” කෙසේවෙතත්, පියා ඔබට නැවත නැවතත් පවසන දේ ඔබට මතක නැහැ. අනෙක්
පුද්ගලයා කළ දේ ඔබට මතකයි. එබැවින් මෙයත් නිදහසට කරුණු කීම නේද? එබැවින් අද, කාරණා
සතරෙන් ඔබව පසුගාමී කරවන මෙම දේවල් තුනේ උපන් දින තෑග්ග බාප්දාදාට අවශ්‍යයි.
සංස්කාර වලට මුහුණ දිය යුතුයි. මෙය සංස්කාර වලට මුහුණ දීම නොවෙයි, නමුත් ප්‍රශ්න
පත්‍රයක්. එය එක උපතක ඉගෙනුමක් සහ මුළු කල්පයටම ලැබීමකි: කල්ප භාගයක් රාජධානියේ
භාග්‍යය සහ කල්ප භාගයක් වන්දනීය වීම. මුළු කල්පයටම ලැබීම් එක් උපතකදී, එමෙන්ම එයද
කුඩා උපතක් පමණයි. එය සම්පූර්ණ උපතක්ද නොවේ, කුඩා උපතක් පමණයි. එසේ නම් ඔබට මෙම
එඩිතරකම තිබෙනවාද? මෙම එඩිතරකම ඔවුන්ට අනිවාර්යෙන් තිබෙයි කියා හැගෙන අය, “අපි
උත්සාහ දරන්නම්, අපි අවධානය යොමු කරන්නම්...” කියන අය නොවෙයි. “අප මෙය කරන්නම්...
අප එය කරන්නම්...” කියා ගයමින්, සෑම දෙයක්ම අනාගතයට තබන අයව බාබාට අවශ්‍ය නැත. ඔබලා
කුඩා දරුවන් නොවෙයි; වසර 70ක් දැන් අවසන් වෙමින් පවතිනවා. එවන් භාෂාවක් කතා කරන්නේ,
මාස 3ක් හෝ 4ක් වයසැති දරුවන්ය. ඔබ පරම පියාගේ සහකරුවන් නොවේද? ඔබ ලොවට යහපත
සළසන්නන්. ඒ සදහා දැන් වසර 70ක් නිමා වනවා. බාප්දාදා ඔබට අත් ඔසවන්න කියා කියන්නේ
නැහැ, මන්ද, අත් එසවීමෙන් පසුවත් ඔබ විටෙක නොසැලකිලි වන බව බාප්දාදා දැක තිබෙන
නිසා, නමුත් කුමක් සිදු වුනත්, කන්දක් තරම් විශාල ප්‍රශ්න පත්‍රයක් පැමිණියත් ඔබ
කන්ද, පුළුං බවට පරිවර්ථනය කරන බව හැගෙන අය - එවන් අධිෂ්ඨානගත සිතිවිලි ඇති කිරීමට,
ඔබට එඩිතරකම තිබෙනවාද? ඔබට ඉතා හොද සිතිවිලි ඇති නිසා, එවන් සිතිවිලි ඔබ ඇති කරන
විට, බාප්දාදා පවා ඔබ සමග සතුටට පත් වනවා, එබැවින් එය කුමක්ද? වසර 70ක් මෙයින්
පසුගාමී වීමට ඔබ තමන්ට ඉඩ දී තිබේ. කෙසේවෙතත්, කාලයට සහතිකයක් නොමැති බව බාප්දාදා
දකිනවා, එමෙන්ම මෙම දැනුමේ පදනමට අනුව, උත්සාහයේ සෑම කාරණාවක්ම සම්බන්ධ වන්නේ එය
දීර්ඝ කාලයක් පුහුණු කිරීම මතයි. හොදයි, එය දැන් කරන බව ඔබ කියයි, මන්ද එය දීර්ඝ
කාලයක ගිණුම සමග සම්බන්ධ වී ඇති නිසා. ඔය සෑම කෙනෙකුටම අවශ්‍ය ලැබීම කුමක්ද? දැන්
බාබා ඔබට අත් ඔසවන්න කියා කියනවා. යමෙක් රාමා හෝ සීතා වෙනවාද? ඔබ ලක්ෂ්මි හෝ නාරායන
නොව, රාමා හෝ සීතාද වෙන්නේ? ද්විත්ව විදේශිකයන් අතරින් කවුරුන් හෝ අත් ඔසවනවාද?
(කිසිවෙක් අත් එසවූයේ නැහැ). ඔබට දීර්ඝ කාලයක් පුරා තම භාග්‍යය හිමි කරගැනීමට
අවශ්‍ය බැවින් - ලක්ෂ්මි හෝ නාරායන වීම යනු දීර්ඝ කාල වකවානුවකට ඔබගේ රාජධානියේ
භාග්‍යය හිමි කරගැනීමයි - එවිට ලැබීමත් දීර්ඝ කාලයකටයි. සෑම අතින්ම දීර්ඝ කාල
වකවානුවක් තිබිය යුතුයි. ඔබට දැන් දීර්ඝ කාල වකවානුවක, උපත් 63ක සංස්කාර තිබේ,
එබැවින් එය ඔබගේ චේතනාව හෝ හැගීම නොවන නමුත් ඒවා ඔබගේ උපත් 63ක සංස්කාර බව ඔබ
කියනවා නේද? එබැවින් එය දීර්ඝ කාල වකවානුවක ගිණුමක් නොවේද? මේ නිසයි ඔබගේ සිතිවිලි
වල අධිෂ්ඨානය තිබීම, බාප්දාදාට අවශ්‍ය වන්නේ. “එය සිදුවෙයි; එය සෑම විටම වෙනවා,
එබැවින් ඒ අන්දමින්ම එය දිගටම වුනාදෙන්; තවම අංගසම්පූර්ණ වී ඇත්තේ කවුද?” ඔබ මෙසේ
කියන විට අඩුවක් තිබෙන්නේ මෙම අධිෂ්ඨානයේය. සෑම කෙනෙක්ම ඉතා හොදින් දන්නා සහ
බාප්දාදා අවධානය යොමු කර ඇති එක් දෙයක් වන්නේ, ඔබට එඩිතරකම නොමැති විට, ඔබ මෙසේ
කියයි: “මහාරතීන් පවා මෙය කරනවා, එබැවින් අප එය කරන්නේ නම් ඇති වරද කුමක්ද?”
කෙසේවෙතත්, බාප්දාදා ඔබගෙන් විමසන්නේ: මහාරතී කෙනෙක් අතින් වරදක් සිදු වූ විට, ඒ
වෙලාවේ ඒ කෙනා මහාරතී කෙනෙක්ද? එබැවින් ඔබ මහාරතීන්ලාගේ නමට හානියක් කරන්නේ ඇයි? ඒ
වෙලාවේ එම කෙනා මහාරතී කෙනෙක් නොවෙයි. එබැවින්, මහාරතීන් ගැන සදහන් කර, තමන්ව
දුර්වල කරගැනීම යනු, ඔබව මුලා කරගැනීමයි. අන් අය දෙස බැලීම පහසුයි, නමුත් තමන් දෙස
බැලීමට, කෙනෙකුට එඩිතරකම ටිකක් අවශ්‍ය වනවා. එබැවින් අද, ගිණුම අවසන් කිරීමේ තෑග්ග
ගෙන යාමට බාප්දාදා පැමිණ සිටිනවා. දුර්වලතා සහ නිදහසට කාරණා ලබා දීමේ ගිණුම් පොත,
ඉතා විශාල පොතක් වන අතර එය අවසන් කළ යුතුයි. එබැවින් ඔබ මෙය අනිවාර්යෙන් සිදුකර
පෙන්වනවා, කියා සිතන ඔය සෑම කෙනෙක්ම, ඔබ එය කළ යුතු බව, තම හිස නමා තමන්ව පරිවර්ථනය
කළ යුතු බව, ඔබ පරිවර්ථන උත්සවය සැමරිය යුතු බව, එම සිතිවිල්ල ඔබට ඇති වෙයි කියා
සිතන අය, අත් ඔසවන්න! එය ස්ථිරයිද, නැත්නම් සාමාන්‍යද? සාමාන්‍ය සිතිවිලි තිබෙන අතර
අධිෂ්ඨානගත සිතිවිලි තිබේ. ඉතිං ඔය සියලු දෙනාට ස්ථිර සිතිවිල්ලක් ඇති වුනාද? ඔබ
ස්ථිර සිතිවිල්ලක් ඇති කළාද? මධුබන් වල අය අත් ඉහළට ඔසවන්න! මධුබන් වල අය මෙහි
අසුන් ගන්නවා නේද? ඔබට ඉතා සමීපව අසුන් ගැනීමට අවස්ථාවක් තිබෙනවා. මධුබන් වල අය
ඉදිරි ආසන වල අසුන්ගෙන සිටිනවා. බාප්දාදාට සතුටුයි. ඔබ ඉදිරියේ අසුන්ගෙන සිටිනවා;
සෑම විටම ඉදිරියෙන් සිටින්න.
ඉතිං අද තෑග්ග, ලස්සණ
තෑග්ගක් නේද? ඔබ තනිව නොමැති නිසත් බාප්දාදාට සතුටුයි. ඔබගේ රාජධානියේ ඔබව අනුගමනය
කරන්නේ ඔබගේ රාජකීය පවුලේ සාමාජීකයන්, ඔබගේ රාජකීය පුරවැසියන් සහ ඉන්පසුව තඹ යුගයේ
ඔබගේ බැතිමතුන්. බැතිමතුන් වර්ග තුනකි: සතෝ, රජෝ සහ තමෝගුණි. ඔබ පසුපස දිග පෝලිමක්
තිබෙනවා. ඔබ කුමක් සිදු කළත්, ඔබගේ පසුපසින් සිටින අයත් ඒ දේම කරයි. ඔබ නිදහසට
කාරණා කියන බැවින් ඔබගේ බැතිමතුන්ද බොහෝ නිදහසට කාරණා කියයි. දැන් බ්‍රහ්මින් පවුලේ
අයත් ඔබ දෙස බලා, ඔබ කරන වැරදි දේවල් අනුකරණය කිරීමේ ඉතා දක්ෂයි. දැන් අධිෂ්ඨානගත
සිතිවිල්ලක් ඇති කරගන්න. සංස්කාර ගැටුමක් ඇති විට, ඔබගේ ස්වභාවයන් නිසා අදහස්
නොගැලපෙන විට - එමෙන්ම තුන්වැන්න දුර්වලතාය. කෙනෙක් තව කෙනෙක් ගැන බොරුවක් කියන්නට
ඇති; සමහර දරුවන් පවසන්නේ ඔවුන්ට වැඩිපුර තරහ යන්නේ කෙනෙක් බොරු කියන විට බවයි.
කෙසේවෙතත්, ඔබ සත්‍ය පියාගෙන් අසා එහි නිරවද්‍යතාවය පරීක්ෂා කළාද? සත්‍ය පියා
සිටින්නේ ඔබ සමගයි, එබැවින් මුළු අසත්‍ය ලෝකයම එක් පසෙක සිටින අතර ඒකායන පියා
සිටින්නේ ඔබ සමග අනෙක් පස නම්, ඔබගේ සහතික වූ ජයග්‍රහණය නියමිතයි. පරම පියා ඔබ සමග
සිටින බැවින් කිසිවෙකුට ඔබව චංචල කළ නොහැක. ඔවුන් කියන දේවල් අසත්‍යයි, එබැවින්
අසත්‍යය, අසත්‍යය ලෙසම තිබුනාදෙන්. ඔබ එය වැඩි කරන්නේ ඇයි? එබැවින් අද, නිදහසට
කාරණා පැවසීම ගැන පියා සතුටු වන්නේ නැහැ. “මේ දේ සිදුවුණා, අරක වුණා, මේක වුණා.”
“මේක සහ අරක” යන මෙම ගීතය, දැන් අවසන් විය යුතුයි. කුමක් සිදු වුණත් එය හොදයි, සිදු
වෙමින් තිබෙන දේ හොදයි, එමෙන්ම සියල්ල හොද වෙයි, එමෙන්ම ඔබ සියලු දෙනාව හොද බවට පත්
කරයි. “අච්චා, අච්චා, අච්චා” යන ගීතය ගයන්න. ඔබ එයට කැමතිද? ඔබ නිදහසට කරුණු
ඉදිරිපත් කිරීම නතර කරනවාද? ඔබ එය කරනවාද? අත් දෙකම ඔසවන්න! ඔව් ඔබට ඉතා හොදින් අත්
වැනිය හැක. අච්චා, බලා සිටින අයත් අත් වනනවා. ඔබ කොතැනක සිට බලමින් සිටියත් අත්
වනන්න! ඔබ අඩු තරමින් එය වනනවා. හොදයි අත් පහළට දමන්න. දැන් තමන්ගේම පරිවර්ථනය
වෙනුවෙන් ඔබට අත්පොළසන් ගැසිය හැක. අච්චා. (සියලු දෙනාම මහ හඩින් අත්පොළසන් ගැසීය).
අච්චා.
දැන් බාප්දාදා මේ
දැන් පැවසූ අධිෂ්ඨානගත සිතිවිල්ලේ ස්වරූපයෙන් ඔය සෑම කෙනෙක්ම එක විනාඩියක් අසුන්
ගන්න. ඔබ අධිෂ්ඨානගත සිතිවිලි වලින් සෑම මොහොතකම නිදහසට කාරණා ලබා දීම, කම්මැලි වීම
සහ නොසැලකිලිමත් වීම නතර කර, අනිවාර්යෙන්ම දීර්ඝ කාලයක් පුරාවට ගිණුමක් රැස් කර ගත
යුතුයි. කුමක් සිදු වුණත්, වෙන කිසිම දෙයක් ගැන සැලකිලිමත් නොවන්න, නමුත් ඔබ නියත
වශයෙන්ම බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගත යුතුයි. ඔබ ලෝක සිංහාසනයේ අසුන් ගත
යුතුයි. ඔබ සියලු දෙනාම මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලේ ස්වරූපයේ අසුන් ගන්න. අච්චා.
උනන්දුව සහ උද්යෝගයේ
අත්දැකීම තුළ නිරන්තරයෙන් රැදී සිටින සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, සෑම විටම
සාර්ථකත්වයේ යතුර වන අධිෂ්ඨානය භාවිතා කරන අයට, පරම පියා සමග නිරතුරුව රැදී
සිටිමින් සෑම කාර්යයකදීම ඔහුගේ සහකරුවන් වන අයට, නිරන්තරයෙන් ඒකායන කෙනාට අයත් සහ
අරපිරිමැස්ම ඇති අයට, ඔවුන්ගේ ස්ථාවරත්වයේ ස්වරූපයෙන් නිරන්තරයෙන් නොකඩවා ඉදිරියට
පියාසර කරන අයට, බාප්දාදාගේ උපරිම ලෙස ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ
විශේෂ දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.
වරදානය:
ඔබ සියලුම
සීමිත ආශා අතහැර සැබෑ තපස්යාවේ ප්‍රතිරුවක් වේවා.
සියලුම සීමිත ආශාවන්
අතහැර, සැබෑම තපස්යාවේ ප්‍රතිරුවක් වන්න. තපස්යාවේ ප්‍රතිරුවක් යනු, කිසිම ආශාවක්
පිළිබද දැනුම ගැන පවා නොදැනුවත් කෙනෙකි. යමක් ලබා ගැනීම ගැන සිතන අයට එය ලැබෙන්නේ
සීමිත කාලයකට පමණක් වන අතර ඔවුන් සෑම කලටම අහිමි කරගනී. තාවකාලික කාලයක ආශාවන්, ඔබට
තවුසෙක් වීමට බාධකයක් වෙයි. එබැවින් ඔබ තපස්යාවේ ප්‍රතිරුවක් වීමේ සාක්ෂි දැන් ලබා
දෙන්න, එනම්, සියලු සීමිත ගෞරවය සහ නම්බු ලැබීම අතහැර, භාග්‍යය පිරිනමන්නෙක් වන්න.
ඔබගේ භාග්‍යය පිරිනමන්නෙකුගේ සංස්කාර ඉස්මතු වන විට, ඉතිරි සියලුම සංස්කාර ඉබේටම
මියැදී පහළට යයි.
පාඨය:
ඔබගේ
ක්‍රියාවේ ඵලය ලබා ගැනීමට සියුම් ආශාවක් තිබීම යනු ඉදෙන්නට පෙර පලතුරු බුදිනවා
වැනිය.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
ඔබගේ සිහි කිරීම,
ගිණි කන්දක ස්වරූපය ගන්නා විට, ඔබට ජීවාත්මයන්ව පාපයෙන් බේරාගෙන, පාපයන් විනාශ
කරන්නෙක් විය හැක. මෙවන් ස්මරණයක් ඔබට තිබීමෙන් සියලු ජීවාත්මයන්ගේ බෙලහීන ස්ථිතිය
අවසන් වෙයි. මේ සදහා ඔබ සෑම තත්පරයකදී සහ සෑම හුස්මකින්ම, පරම පියා සමග ඒකාබද්ධ වී
සිටිය යුතුයි. කිසිම විටෙක ඔබට සාමාන්‍ය ස්මරණය නොතිබිය යුතුයි. සෙනෙහසේ සහ බලයේ
ස්වරූපය ඒකාබද්ධව තිබිය යුතුයි.