28.10.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා ඉතාමත් දුර බැහැර සිට පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. මෙම ඉගැන්වීම සඳහා ඔහු කිසිම අය කිරීමක් නොකරයි. එමනිසා, ඔබ මහත් වූ සෙනෙහසකින් මෙය ඉගෙන ගත යුතුයි.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මික රජය විසින් මෙම පාසල කිසිඳු මුදල් අය කිරීමකින් තොරව මුලු ලෝකයටම විවෘත කර දී ඇත්තේ ඇයි?

පිළිතුර:
මන්ද සෑම කෙනෙක්ම අනාථයින් වී ඇත. එවන් දිළිඳු දරුවන්ගෙන් පියා මුදල් අය කිරීමක් කරන්නේ කෙසේද? මෙම අවසන් උපතේ දී පරමාත්ම පියා ඔබලාට ලෝක පාලකවරුන් විය හැකි ආකාරයේ දැනුමක් උගන්වනවා. මෙහි ඉගෙන ගැනීමට පැමිණෙන අලුත් දරුවන්ට පවා කිසිඳු පාඩුවක් සිදුවන්නේ නැහැ. ඔවුන් ප්‍රමාද වී පැමිණියත්, ටිකක් වැඩිපුර උත්සාහයක් දරා මුලින් පැමිණි අයටත් වඩා ඉදිරියට යා හැකිය.

ගීතය:
අවදි වන්න! මනාලියනි, අවදි වන්න! නැවුම් දිනක් උදා වෙමින් තිබෙන්නේ...

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන්ට ගීතය ඇසුණා. ආධ්‍යාත්මික පියා ඔය දරුවන්ට කියා තිබෙන්නේ ජීවාත්ම අවධානයෙන් මෙහි අසුන් ගන්න කියලයි. පරමාත්ම පියා. පරමාත්ම ජීවයත් ඔය දරුවනුත් දැන් එකිනෙකා මුණගැසී සිටිනවා. භෞතික ශාරීරික ලෝකයේදී සිදුවන මෙම හමුව හඳුන්වන්නේ ජීවාත්මයන් හා පරමාත්ම ජීවය පරම පියා මුණගැසීම කියලයි. මෙම මුණගැසීම සිදුවන්නේ එකම එක වතාවකි. ස්වර්ණමය යුගයේ හා රිදී යුගයේ සිට කල්ප බාගයක් පුරාවට කිසිම කෙනෙක් ඔහුට කන්නලව් කරන්නේ නැහැ. ඔය දරුවන් එහිදී සතුටින් සිටිනා අතර දැන් ඒ සතුට ලබමින් සිටිනවා. මුලදී ඔබලා සතෝප්‍රධාන්ව සිටියා. දැන් තමෝප්‍රධාන් අපිරිසිඳු අය බවට පත්ව සිටිනා අතර පරමාත්ම පියා දැන් නැවතත් ඔබලාව පාරිශුද්ධ කරවමින් සිටිනවා. වන්දනාකරුවන් වූ විට ඔබලා අසතුටට පත් වෙනවා. දුක් විඳීමට සිදුවන්නේ පංච පාපයන් නිසාවෙනි. ඉණිමඟේ පහළට බැසගෙන එන අතර ඔබ තව තවත් දුකට පත් වුණා. දුක් කඳු පිටින් කඩා වැටීමට තිබෙනා බව ඔය දරුවන් දන්නවා. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. බාබා අශාරීරික බව ඔබලාගේ බුද්ධිය දන්නවා. ඔහු ගුරුවරයා වී අප සලිග්‍රාමයින්ට උගන්වනවා. ඔහු කියනවා: දරුවනි, මම නැවතත් වතාවක් ඔබලාව ලෝක පාලකවරු කරවීමට පැමිණ සිටිමි. මීට වසර 5000කට පෙරදීත් ඔබලා දෙව්ලොව පාලකවරුන්ව සිටියා. ඔබට එය මතක ද? ඔබලාව ඒ තත්ත්වයට පත්කෙරෙව්වේ සංගම යුගයේ දීයි. මම දැන් නැවතත් පැමිණ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යතත්ත්වයෙන් ඔබලාව දේවතාවරුන් බවට පාරාදීසයේ, දෙව්ලොව පාලකවරුන් බවට පත් කරවීමටයි. මම ඔබලාට මෙම උරුමය දුන්නා පසුව ඔබට උපත් 84ක් ගැනීමට සිදු වුණා. දැන් ඔබගේ උපත් 84 අවසානයට පැමිණිලා, මමත් ඇවිල්ලා. එවිට ඔබට පළමු උපතේ සිට ඇරබීමට සිදු වේවි. මම ඔබගේ පරමාත්ම පියායි, මම ඔබට උගන්වනවා. තම දරුවන්ට ඉගැන්වීමට පරමාත්ම පියා මුදල් අය කරයි ද? කොහොමද ඔහු තම දරුවන්ගෙන් මුදල් අය කරන්නේ? එක පැන්සයකවත් ගාස්තුවක් ඔහු ගන්නෙ නැහැ. ඉතාමත් දුර බැහැර පරම දනව්වේ සිට ඔහු පැමිණෙන්නේ ඔබලාට ඉගැන්වීමටයි. මම සෑම දිනකම පැමිණෙන්නේ මෙම කාර්යය කිරීමටයි. කෙනෙකුගේ රාජකාරි ස්ථානය දුර බැහැර නම් තිබෙන්නේ. දිනපතා යාම් ඊම් කළ යුතු වෙනවා. බාබා ඥාන සාගරය බවත් ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ දැනුම ඔහු අපට දෙන බවත් ඔබ දන්නවා. පරමාත්ම දෙවියන් කියයි: අශාරීරික මම පරමාත්ම ජීවය වෙමි. ශ්‍රී ක්‍රිෂ්ණා නොවෙයි. ඔබලා දෙවියන් කියා සලකනා . ක්‍රිෂ්ණා, දෙවියන් විය නොහැකියි. ඔහු සම්පූර්ණ උපත් 84ම ගන්නවා. පරමාත්ම දෙවියන්ට තමන්ගේම කියා ශරිරයක් නොමැත. ඔබලා ජීවාත්මයන් වන්නාක් සේ ඔහු ද ජීවාත්මයකි. කෙසේවෙතත්, ඔබ ඔහුට ජීවාත්මයක් කියා පමණක් ඇමතුවහොත්, ඔහු හැම කෙනෙක්ම වගේ කෙනෙක් වේවි. මෙන්න මේ නිසා තමයි මට පරමාත්ම ජීවය කියා කියන්නේ. නාටක සැලැස්මට අනුව, ජීවය වන මගේ නම ශිවා යි. මම අශාරීරිකයි. මට කියන්නේ ශිව බාබා කියලයි. ඇත්තටම කියනවා නම් මට ඇත්තේ එක් නමකුයි, නමුත් ඔවුන් මට විවිධ නම් රාශියක් දී තිබෙනවා. මගේ නම රුද්‍රා නොවෙයි. ක්‍රිෂ්ණා අග්නි යාගය නිර්මාණය කළේ නැහැ. ඒ සියල්ල බොරු. මම ම පමණයි පැමිණ ඔබට ඇත්ත කියන්නේ. මා සැබවින්ම පැමිණ සිටින්නේ ඔබලාව සාමාන්‍ය මනුෂ්‍ය තත්වයෙන් නාරායන කරවීමටයි. මගේ නිවහන ඇත්තේ ඉතාමත් දුරිනුයි. මා පැමිණ ඔබට මෙම ශරිරය හරහා උගන්වනවා. මම මුලු දවස පුරාම මෙහි ඉඳගෙන ඉන්නේ නැහැ. මම දිගටම සෑම තැනකටම යනවා. මට අපහාස කිරීම නිසා, ඔබ අන්ත දුකට පත්වී ජරා ජීර්ණ වී සිටිනවා. ඇතැම් අය බ්‍රහ්ම හට ආදී දේව් කියාත්, තවත් පිරිසක් ආදම් කියාත් තවත් පිරිසක් මහාවීර කියාත් කියනවා. ඔබ කියන්නේ ප්‍රජාපිතා කියලයි. කල්ප බාගයක් පුරාවටම ඔබ මා සිහි කරමින් පැමිණියා. ඒ නිසා තමයි මට මෙම විදේශීය දේශයට පැමිණීමට සිදු වුණේ. සෑම කෙනෙක්ම සිටින්නේ අපිරිසිඳුව, අසතුටින්. සෑම කෙනෙක්ම අනාථයින්: ඔබට ස්වාමියෙක් භාරකරුවෙක් නැහැ. අනාථයින්ට ඉගැන්වීමට රජයක් මුදල් අය කරන්නේ නැහැ. මෙම අධ්‍යාත්මික ආණ්ඩුව ඉතාමත් විශාලයි. කිසිම කෙනෙක් අසීමිත පියාව දන්නේ නැහැ. මිනිස්සු මන්ත්‍ර ජප කිරිම්, තපස් දම් රැකීම් හා පින්දහම් කිරීම් රැසක්ම කරනවා. ඇයි ඒවා කරන්නේ කියා ඔවුන්ගෙන් ඇසුවහොත්. ඔවුන් කියාවි දෙවියන් ලඟට යාමටයි කියලා. මන්ත්‍ර ජප කිරීමෙන් හා තපස් දම් රැකීමෙන් එතැනට යා හැකියි කියා පිරිසක් සිතතා අතර තවත් පිරිසක් ග්‍රන්ථ කියවා යා හැකියි කියා සිතනවා. පරමාත්ම පියා කියනවා: ඒක එහෙම නොවෙයි. භක්ති කිරීමෙන්, ඔබලා තව තවත් අපිරිසිඳු වෙලා. ඔබගේ අත්තටු සිඳී ගිහින්. ඉතින් ඥාන තෙල ලැබෙන තෙක් පියාසර කළ නොහැකිව සිටිනවා. තෙල් නැතිනම් ඉන්ධන අවසන් නිසා ආලෝකය නිවී ගිහින්. මා පැමිණ ඔබලාව නැවත පුරවනවා. බාබා පැමිණ සිටිනා බව ඔබලා දන්නවා. මෙහිදී ඔබලා සතුටින් සිටිනවා. නමුත් ගෙදර ගිය සැතකින් සියල්ල අමතක වෙනවා. මෙම ඉගැන්වීමට මා ඔබගෙන් කිසිවක් අය කරන්නේ නැහැ. හාල් අතමිටක් දෙනවා කියා ඔබ කියනවා. භක්ති මාර්ගයේ දී ඔබ එක් හාල් මිටක් දී ඒ වෙනුවට යමක් ඊලඟ උපතේ දී ලබමින් සිටියා. පරමාත්ම පියා දැන් ඔබ ඉදිරියේම අසුන් ගෙන කිසිඳු අය කිරීමකින් තොරව ඔබලාට උගන්වන බව ඔබ දන්නවා. ඔබ ලඟ කිසිවක් නොමැති බව ඔහු දන්නවා. ඉතින් කොහොමද ඔහු යමක් ඉල්ලන්නේ? අනිකුත් ඉගෙනීම් වලදී විශාල වියදමක් දැරීමට ඔබට සිදු වෙනවා. විභාග රැසක් සමත් විය යුතුයි. මම ඔබට උගන්වන්නේ එකම එක දෙයකි. අලුත් අයත් පාසලට පැමිණෙන විට මම ඒ අයවත් එකතු කර ගන්නවා. ඔව්, ප්‍රමාද වී පැමිණි අයට ටිකක් වැඩිපුර උත්සාහයක් දැරීමට සිදු වේවි. ඒ වෙනුවට, එලෙස ප්‍රමාදවී පැමිණෙන අයට හොඳ කරුණු රැසක් ලැබෙනවා. ඉක්මනින් ඉගෙන ගන්නා අයට කිසි පාඩුවක් නැහැ. හොඳ අලුත් කරුණු රැසක් ලැබුණු විට ඔවුන් පෙර අයටත් වඩා ඉදිරියෙන් යනවා. පරමාත්ම පියා කියනවා: මුලදී පැමිණි බොහෝ අය දැන් පැත ගිහින්. ඔබ ප්‍රමාද වී පැමිණීම හොඳයි. මන්ද ඉතාමත් ගැබුරු කරුණු ඔබට දැන් දිගටම ලැබේවි. පරමාත්ම පියා කියනවා: ලෞකික අධ්‍යාපනයකුත් හදාරන්න. තම ශාරිරික ජීවිකාව සඳහා ව්‍යාපාරයක් ආදිය කළ හැකියි. නමුත් කිසිම සැකයකින් තොරව මා සිහි කර කල්ප චක්‍රයත් සිහි කරන්න. මෙය අමතක නොකළ යුතුයි. දැන් මෙය ඔබගේ උපත් 84ක අවසානය බව ඔබලා තේරුම් ගෙන තිබෙනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: මා සිහි කරන්න. තමෝප්‍රධාන් බවින් ඔබලා සතෝප්‍රධාන් වේවි. ඔබ ඔබගේ පියාත් සැමියාත් සිහි කරනවා. දැත්, මම තමයි සියලුම සැමියන්ගේත් සැමියා, සියලුම පියවරුන්ගේත් පියා. ඒ වගේම ඔබගේ ගුරුවරයා. මා ඔබගේ සියල්ලමයි. මම ඔබට සතුට දෙනවා. ඒ අපිරිසිඳු නැදැයින් ඔබව දුකට පත් කරනවා. ස්වර්ණමය යුගයේදී කිසිම කෙනෙක් ඔබට කිසිම දුකක් දෙන්නේ නැහැ. මා දැන් පැමිණ සිටින්නේ ස්ව්ර්ණම යුග රාජ්‍යයේ වාසනාව ඔබට දීමටයි. පරමාත්ම පියාගෙන් ඔබට මෙම උරුමය ලැබෙන්නේ සංගම යුගයේ දී පමණක් බව ඔබ දන්නවා. එය රඳා පවතින්නේ ඔබ දැන් කොපමණ දුරට ඉගෙන ගන්නවා ද යන්න මතයි. ඉගෙනීම ඉතාමත් පහසුයි. මෙය පහසු ඥානය මෙන්ම පහසු සිහි කිරීම ද වෙනවා. මරණය ඉදිරියේයි. මා පැමිණ සිටින්නේ ඔබ සෑම කෙනෙක්වම නිවහන වෙත ගෙන යාමටයි. මෙන්න මේ නිසා තමයි මට මරණයේත් මරණය කියා කියන්නේ. මරුවා ගෙන ගියා කියා කියනවා. මරණය පැමිණෙන්නේ ශරීරයටයි. ජීවාත්මයට නොවෙයි. ජීවාත්මයක් ශරීරයක් අතහැර දමා තවත් එකක් ගන්නවා. ජීවයක් තම චරිත කොටස රඟදක්වනවා. මේ සියල්ල දැන් එක් සැනකින් විනාශ වීමට ඇති බව ඔබලා දන්නවා. කිසිම කෙනෙකුට කිසිම කෙනෙක් වෙනුවෙන් අදෝනා දිය නොහැකි වන තරමේ මරණ ඇති වේවි. සෑම කෙනෙක්ම නිවස බලා යා යුතුයි. දුක් ලෝකයේ නැවත නැවතත් ඉපදීමට සිදුවන විට මිනිස්සු අඬනවා. ඔබ පරමාත්ම පියාට කතා කරන්නේ පැමිණ ඔබව ඔහු සමඟ ආපසු ගෙන යන්න කියලයි. දැන් ඒ බාබා පැමිණ සිටිනවා. ඔහු සෑම මිනිස් ජීවාත්මයක්වම නිවහන වෙත ගෙන යාවි. විනාශය සිදුවන විට, සෑම කෙනෙක්ම මිය යාවි: කිසිම කෙනෙක් ඉතිරි වන්නේ නැහැ. රජය තම තමන්ගේ සැලසුම් සාදනවා. මානව ලෝකය දිගටම වර්ධනය වෙනවා. කුඩාම කුඩා අතු රිකිල්ලේ පවා කොළ රැසක් මතු වෙනවා. ගස වැඩිවි, නමුත් එයටත් නියමිත කාලයක් තිබෙනවා. කල්ප වෘක්ෂයේ කාල පරාසය වසර සිය දහස් ගණනක් විය නොහැකියි. වන්දනීය දේවතාවරුන් බවට පත් කරවීම සඳහා පරමාත්ම පියා දැන් ඔබට උගන්වනවා. පරමාත්ම පියා පැමිණ පළමුවෙන්ම මුණගැසෙන්‍නේ ඔබලාවයි. අනිකුත් ආගම් පැමිණෙන්නේ පසුවයි. ඔබලා ස්වර්ණමය යුගයට යනවා. මා උගන්වන්නේ ඔබලාටයි. මම ඉතාමත් සරළව ඔබට කියන්නේ: පාරිශුද්ධ ලෝකයට යන්න ඕනේ නම් පාපයේ ගැලෙන්න එපා. ඉතින් ඇයි මං කියන දේ අහන්නේ නැත්තේ? වස නැතිව ඉන්න බැරිද? මගේ උපදෙස් පිළිපැද්දේ නැතිනම්, ඔබට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකියි. ඔබ ආසා කරන්නේ ක්‍රිෂ්ණ දේශයට යාමටයි. ඉතින් ඔබ ක්‍රිෂ්ණ රාජ්‍යයට යනවාද නැතිනම් පුරවැසියන්ගෙන් කෙනෙක් වෙනවාද? ක්‍රිෂ්ණා සමඟ සෙල්ලම් කරන්නේ රජ කුමර කුමරියන් පමණයි. පුරවැසියන් ඔහු සමඟ සෙල්ලම් කරන්නේ නැහැ. මමා බාබාත් ඉගෙන ගන්නවා. රාධේ හා ක්‍රිෂ්ණා විවාහයෙන් පසුව ලක්ෂ්මි තාරායන වන බව ඔබලා දන්නවා. රෝසරිය නිර්මාණය වන්නේ රාජ්‍යයේ කොටස් කරුවන් වන්නන්ගෙනුයි. අෂ්ඨ රෝසරියේ කෙනෙක් වන්න. අට නැතිනම් 108 කෙනෙක් හෝ වන්න. 16,108 කෙනෙක් හෝ වන්න. රාජයෝගාව මෙයයි. ඔබ, පරමාම පියාගේ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. ඒවගේම ඔබගේ පවුලේ අයටත් මෙය පැහැදිලි කර කියා දෙන්න. පරමාත්ම පියා ඔබට පැහැදිලි කර කියා දෙන්නේ අන් අයටත් පැහැදිලි කර දීමට යි. පැරණි ලෝකය විනාශ විය යුතුයි. පරමාත්ම දෙවියන් පැමිණි විට ඇති වන මහාභාරත යුද්ධයත් ඉතා ප්‍රසිද්ධයි. පරමාත්ම දෙවියන් පැමිණ ඔබට රාජයෝගාව ඉගැන්වූවා, දෙව් ලොව ස්ථාපනය කර අපාය විනාශ කළා. මේ එම කාලයමයි. නැවත වතාවක් රාජධානිය ස්ථාපනය වේවි. ස්වර්ණමය යුගයේ වෙන කිසිම ධර්මයක් නැහැ. භාරතය කිරුළ වී තිබුණා, ඉතාමත් ධනවත්ව තිබුණා. ක්‍රිස්තියානුවන් ඉතාමත් ධනවත් අය වුයේ මෙහිනුයි. මුස්ලිම්වරුනුත් ඔටුවන් පිටිත් මහා ධනස්කන්ධයක් සොමනාථ දේවාලයෙන් ගෙන ගියා. ඒ එක් දේවාලයක් පමණයි. භාරතයේ දේවාල ගණනාවක් තිබෙනවා. පරමාත්ම පියා මුලු ගසෙහිම රහස් ඔබට කියා දෙනවා. බිජය වත මා සිටින්නේ ඉහළිනුයි. මෙය උඩයට පෙරළුණු ගසකි. මම ධර්ම-ධරයි. ඔබ "පාරිශුද්ධකරුවාණනි, වඩිනු මැනව" කියා මට කන්නලව් කළා. ඒත් ඔහු නමක් රූපයක් නැති කෙනෙක් කියාත් කියනවා. රාවණ සෑම කෙනෙක්වම අන්ත මෝඩයින් කරවලා. තමන්ගේ පරමාත්ම පියා කවුද? කල්ප චක්‍රය කරකැවෙන්නේ කෙසේද යන්න දැන් ඔබට මතකයි. සෑම කෙනෙකුටම එකම අවබෝධය නැහැ. දෙදෙනෙකුට එකම අවබෝධය තිබෙන්න බැහැ. දෙදෙනෙකුගේ හැඩරුව ද එක සමාන වන්නේ නැහැ. එමනිසා, ඔය දරුවන් දැන් පරමාත්ම පියාට අයිති විය යුතුයි. ඔහු පරම පියා. පරම ගුරුවරයා හා සත්ගුරු වෙනවා. ඔහු කිසිම අය කිරීමක් නොකරන බව ඔබ දන්නවා. සිප්පි කටුවක තරම්වත් වියදමක් නොදරා ඔබ උපත් 21කට රාජධානියක් දිනා ගන්නවා. භක්ති මාර්ගයේ දී ඔබ දෙවියන්ගේ නාමයෙන් එක් එක් දේදුන්නා. ඒ වෙනුවට යමක් ඊලඟ උපතේ දී ලැබුවා. මා දැන් පැමිණ කෙළින්ම භාරතය දෙලොව කරවනවා. ඒ සඳහා වත සෑම වියදමක්ම දරුවන් විසින් දරනවා. ඒ වියදම දරන්නැයි කියා ඔහු කියන්නේ තමාගේම දරුවන්ට පමණයි. සෑම වියදමක්ම දැරීමට ඔහු ඉතාමත් හොඳින් මේ බ්‍රහ්මාව අල්ලා ගත්තා. ඔහු ඔහුට ඇතුලු වී ඔහුලවාම සියල්ල කරවා ගත්තා. ඔහු (බ්‍රහ්මා) ඉක්මනින්ම භාර වුණා. තමා සතුව තිබූ සෑම ‍දෙයක්ම ඔහු දුන්නා. බාබා කිව්වා: යාවකයෙක් වන්න මා ඔබව මොහු මෙන් රජ කුමරෙක් කරවන්නම්. පසුව ඔහුට දර්ශනයක් දුන්නා. එවිට ඔහු මේ සියල්ල තියාගෙන මම මොනවා කරන්න ද? කියා සිතුවා. විනාශය සිදු විය යුතුයි. බාබා කිව්වා: වඳුරෙක් සේ ඔබගේ අත මිට මොළවා ගන්න එපා. අත අරින්න. කී සැනින්ම ඔහු අත ඇරියා. මේ සෑම දරුවෙක් වෙනුවෙන්ම වන වියදම් වෙන කොහොම දරන්න ද? දරුවත් අගරජවරුන් වුණු අතර ආදීතමයා උපදේශක වුණා. ඉන් අදහස් වන්නේ ඔහු මුදල් සැපයීමට කෙනෙක් අල්ලා ගත්තා යන්නයි. ඔය දරුවන් වෙනුවෙන් බතියක් (සෑයක්) නිර්මාණය කළ යුතු වුණා. පාසලක් විවෘත කළා. දැන් ඔබලා දක්ෂයි. අන් අයටත් උගන්වනවා. බොහෝ අයට ඔබ යහපත සලසනවා. පරමාම පියා උපකාරකයායි. ඔහු ඔබ සෑම කෙනෙක්වම අපායෙන් මුදවා ගෙන දෙව් ලොවට ගෙන යනවා. වැඩි වැඩියෙන් උත්සාහ දැරෑ තරමට වඩාත් ඉහළ තත්ත්වයක් ඔබට දිනා ගත හැකියි. පුරවැසියන් බිහි කිරීම සඳහා ප්‍රදර්ශන පැවැත්වීමට ඔබට තව තවත් අදහස් ඒවි. පුරවැසියන් ගණනාවක් මතු වේවි. රජවරුන් හා රැජිණියන් සිටින්නේ ටික දෙනයි, නමුත් පුරවැසියන් ගණනාවක් සිටිනවා. සිටින්නේ එක් රජ කෙනෙක් හා රැජිණකි. එහි කිසිම සටනක් ආරවුලක් නැහැ. මරණය දැන් ඔබ ඉදිරියේ බව ඔය දරුවන් දන්නවා. වැඩි වැඩියෙන් යෝගාවේ සිටි තරමට ඔය ජීවාමයන් පාපී ජීවයන්ගෙත් පින්වත් ජීව බවට පත් වේවි. වෙන ක්‍රමයක් නැහැ. කීකරු දරුවන් තම මව හා පියාව අනුගමනය කරනවා. පියෙක් පාරිශුද්ධ වී නමුත් දරුවන් එසේ වුයේ නැතිනම් ඔවුන් අකීකරු දරුවන්ය. ඔබලා බැඳීම් ජය ගත්තත් විය යුතුයි. මගේ කියා සිටින්නේ එකම එක ශිව බාබා පමණයි, වෙන කිසිවෙක් නැත. ඔහුගෙත් ඔබ උරුමය ලබාවි. නව ලෝකය සඳහා පරමාත්ම පියාගෙන් උරුමය ලද යුතුයි. එමනිසා, අපිරිසිඳුවන්න එපා. පාරිශුද්ධ වීමෙන් තොරව ඔබට නව ලෝකයට යා නොහැකියි. උපතක් උපතක් පාසා කරන ලද පාප වෙනුවෙන් දඩුවම් විඳීමට සිදු වෙනවා. උපත් 63ක් තිස්සේ කළ පාපවලට දඩුවම් විඳිනවා වගේ දැනේවි. ගර්භාෂ සිරකුටියේදීත් දඬුවම් ලැබෙනවා. ස්වර්ණමය යුගයේ සිර කුටි නැහැ. ඒ දෙව් ලොවයි. පරමාත්ම පියා දැන් ඇතුලු වන්නේ සාමාන්‍ය ශරීරයකටයි. කිසිම කෙනෙකුට ඔහුව හඳුනා ගත නොහැකි වන්නේ ඒ නිසායි. පරමාත්ම පියා සමඟ යෝග වීමෙන් පමණයි ජීවාත්මය පාරිශුද්ධ වන්නේ. පරමාත්ම පියා කියනවා: මම අපිරිසිඳු ලෝකයේ තිබෙනා අපිරිසිඳු ශරීරයකට ඇතුලු වී ඔහුව අංක එකේ පාරිශුද්ධ ජීවය කරවනවා. ඔබටත් එය අදාලයි. ඔබත් පාරිශුද්ධ වෙනවා. ඔබලා පරමාත්ම පියාගේ දරුවන් වෙලා. ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේත් දරුවන් වන නිසා ඔබ: බාප්දාදා කියා කියනවා. පරමාත්ම පියා පහදා කියනවා: දැන් ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි. ශරීරයට කිසිම සහතිකයක් නැහැ. නොනවත්වාම පරමාත්ම පියා සිහි කර ස්වදර්ශනචක්‍රධාරී වන්න. මුලු දවස පුරාම මෙම සිතිවිලි තබා ගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්පූර්ණයෙන්ම බැඳීම් ජය ගත්තෙක් වන්න. එකම එක ශිව බාබාට මිස වෙන කිසිම කෙනෙකුට අයිති ‍‍නොවීමේ පාඩම හොඳින් ධාරණය කරගන්න. කීකරු දරුවන් වී මව හා පියාව අනුගමනය කරන්න.

2. ඔබ උපත් 21කටම රජ දහනක් දිනා ගන්නේ සිප්පි කටුවක තරම්වත් වියදමක් නොකර ඉගෙන ගන්නා අධ්‍යාපනය හැදෑරීමෙනුයි. එමනිසා, ආදරයෙන් ඉගෙන ගන්න. ස්වදර්ශන චක්‍රධාරි වන්න.

වරදානය:
ඔබ කෝටිපති ගුණයෙන් වාසනාවන්ත වී, ඔබේ එම ඉහළම වාසනාවේ සතුට හා කුල්මත්භාවය තුළ නිරන්තරයෙන් රැඳී සිටිත්වා.

ලොව පුරා සිටින ආගම් වල පියවරුන් හෝ 'ජගත්ගුරු' ලෙස හැඳින්වෙන කිසිවෙකුටත්, මව සහ පරම පියාගෙන් ලැබෙන මෙම අලෞකික උපත හෝ පෝෂණය හිමි නොවේ. ඔවුන්ට එම අලෞකික මව සහ පියා පිළිබඳ අත්දැකීමක් සිහිනයෙන් හෝ නොලැබෙන නමුත්, කෝටිපති වාසනාවන්ත උසස් ජීවාත්ම වන ඔබට දිනපතා මව සහ පියාගේ සෙනහස හා ස්මරණය ලැබීමටත්, ඔවුන් සමඟ සියලු ආකාරයේ සම්බන්ධතා පැවැත්වීමටත් භාග්‍යය හිමිව ඇත. සර්ව බලධාරී පියාම ඔය දරුවන්ගේ සේවකයා වන අතර සෑම පියවරකදීම සහචරයෙකු ලෙස සිය වගකීම ඉටු කරයි. එබැවින්, මෙම උසස් වාසනාවේ සතුට හා කුල්මත්භාවය තුළ රැඳී සිටින්න.

පාඨය:
ඔබේ ශරීරය සහ මනස නිරන්තරයෙන් සතුටින් තබා ගැනීම සඳහා, සතුට පිළිබඳ බලගතු සිතිවිලි ඇති කරගන්න.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

බාප්දාදා සැමවිටම මෙම ශ්‍රීමත් ලබා දෙයි: සෑම ජීවාත්මයක් කෙරෙහිම ඔබේ මනසෙහි නිරන්තරයෙන් සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම් පවත්වා ගන්න. ඔබට අපහාස කරන අයව ද උසස් කිරීමේ ආකල්පයක් ඇති කරගන්න. මෙය පිරිසිදු මනසක් තිබීමයි. ඔබ තුළ ඔබ ගැන හෝ අන් අය ගැන නිශ්ඵල සිතිවිලි ඇති විට, එය පිරිසිදු මනසක් තිබීම නොවේ. ඔබට පිරිසිදු මනසක් සහ පිරිසිදු, පැහැදිලි බුද්ධියක් ඇති විට, ඔබට 'ද්විත්ව-සැහැල්ලු' ස්ථිතියක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත. ඔබේ ස්ථිතිය පරම පියාගේ ස්ථිතියට සමාන කර ගැනීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.