28.12.25    Avyakt Bapdada      Sinhala Murli     18.03.2008    Om Shanti    Madhuban


“හේතුව” යන වචනය, “විසඳුම” යන වචනයට පරිවර්ථනය කර, මාස්ටර් මුක්ති දායකයෙක් වන්න.
සියලු දෙනාව පරම පියාගේ ඇසුරින් වර්ණවත් කිරීමෙන්
ඔවුන්ව පියා හා සමාන බවට පත් කිරීමේ හෝලිය සමරන්න.


අද, සියලු සම්පත් වල අධිපති වන පරම පියා, සියලු සම්පත් වලින් පිරුණු සෑම තැනකම සිටින ඔහුගේ සියලුම දරුවන්ව දකිනවා. සෑම දරුවෙක්ම, සියලු සම්පත්, කොපමණ ප්‍රමාණයක් රැස් කර තිබේද කියා දැකීමට ඔහු සතුටු වනවා. සෑම කෙනෙකුටම එකම වෙලාවේ එකම සම්පත් ලැබී තිබේ, නමුත් ඒ තිබියදී, එක් එක් දරුවාගේ රැස් කිරීමේ ගිණුම වෙනස්ය. කාලයට අනුව, සියලුම දරුවන් සියලු සම්පත් වලින් පිරිපුන්ව සිටීම දැකීමට බාප්දාදා පතයි, මන්ද, මෙම සම්පත් දැන් මෙම එක් උපතට පමණක් නොවෙයි; මෙම අවිනාශී සම්පත් ඔබ සමග බොහෝ උපත් ගණනාවක් තිබීමට යනවා. මෙකල සම්පත් ගැන ඔය සියලුම දරුවන් දන්නවා. ඒ ගැන ඔබ පැවසූ සැනින්, බාප්දාදා ඔබට ලබා දී ඇති සියලුම සම්පත් ඔබ ඉදිරියට පැමිණෙයි. සම්පත් ලැයිස්තුව ඔබ සියලු දෙනා ඉදිරියට ඇවිත් තිබෙනවා නේද? ඔබට සම්පත් ලැබී ඇති බව බාප්දාදා මින් පෙරද ඔබට පවසා තිබෙන නමුත් ඒවා රැස් කර ගැනීමට ඔබ භාවිතා කළ යුත්තේ කුමන ක්‍රමවේදයද? කෙනෙක් කෙතරම් දුරට උපකරණයක් වී, නිරහංකාර වන්නේද, ඒ ප්‍රමාණයට ඔහු හෝ ඇය එම සම්පත් රැස්කර ගනී. එබැවින් පරීක්ෂා කරන්න: උපකරණයක් වීමේ සහ නිරහංකාරී වීමේ ක්‍රමවේදයෙන් මගේ ගිණුමේ මා කෙතරම් සම්පත් රැස් කරගෙන තිබෙනවාද? මෙම සම්පත් රැස්කර, පිරිපුන් වී ඇති ජීවාත්මයකගේ ක්‍රියාකාරකම් සහ මුහුණේ පිරිපුන් ජීවාත්මයක් වීමේ ආධ්‍යාත්මික කුල්මත් බව ඉබේටම දිස්වෙයි. ඔවුන්ගේ මුහුණු වල ආධ්‍යාත්මික කුල්මත් බව සහ අභිමානය සෑම විටම දිදුලයි, එමෙන්ම ආධ්‍යාත්මික අභිමානය තිබෙන තරමට, ඔවුන් සැහැල්ලු අධිරාජවරු වෙයි. ආධ්‍යාත්මික අභිමානය, එනම්, ආධ්‍යාත්මික කුල්මත් බව, සැහැල්ලු අධිරාජයෙක් වීමේ ලක්ෂණයකි. එබැවින් තමන්ව පරීක්ෂා කරන්න: සැහැල්ලු අධිරාජයෙක් වීමේ මගේ විශ්වාසය සහ කුල්මත් බව, මගේ මුහුණේ සහ ක්‍රියාකාරකම් වල දිස්වනවාද? ඔබ සියලු දෙනාටම කැඩපතක් ලැබී තිබෙනවා නේද? එබැවින් ඔබගේ හදවත් කැඩපතේ තම මුහුණ පරීක්ෂා කරන්න. ඔබට කිසියම් කණස්සල්ලක් තිබෙනවාද? ‘කුමක් සිදුවෙයිද? එය කෙසේ සිදුවෙයිද? ඇතැම් විට මෙහෙම වෙයි...’ මෙවන් අන්දමේ කිසිදු සිතිවිල්ලක් ඔබ තුළ ඉතිරිව නැහැ නේද? සැහැල්ලු අධිරාජවරයෙකුට ඇති එකම සිතිවිල්ල වන්නේ: සිදුවන කුමක් වුනත් ඉතාම හොදයි, එමෙන්ම සිදුවීමට යන කුමක් වුනත් හොදම දේ වෙයි. මෙය ආධ්‍යාත්මික අභිමානය ලෙස හැදින්වෙයි; ආධ්‍යාත්මික අභිමානය යනු, ආත්ම-ගෞරවයක් ඇති ජීවාත්මයක් වීමයි. මිනිසුන් විනාශ වන ධනය උපයාගන්න ප්‍රමාණයට අනුව, කාලයට අනුව ඔවුන්ට ඒ තරමටම කණස්සලුද තිබේ. ඔබගේ දේවමය සම්පත් ගැන ඔබට කණස්සලු තිබෙනවාද? ඔබ සැහැල්ලුයි නේද? සම්පත් වල පාලකයන් වන සහ පරමාත්ම දෙවියන්ගේ දරුවන් වන අය, ඔවුන්ගේ සිහිනෙන් පවා නිරන්තර සැහැල්ලු අධිරාජවරුන්ය, මන්ද, මේ උපතේ පමණක් නොවෙයි, මෙම දේවමය නිධන් මෙම උපතේ මෙන්ම බොහෝ උපත් ගණනාවක් ඔවුන් සමග රැදී තිබෙන බවට විශ්වාසය ඔවුන්ට ඇති නිසා. මේ නිසයි තම බුද්ධියේ එවන් විශ්වාසය ඇති අය සැහැල්ලුවෙන් සිටින්නේ.

ඉතිං අද, බාප්දාදා සෑම තැනකම සිටින සියලුම දරුවන්ගේ රැස් කිරීමේ ගිණුම් දෙස බැලුවා. ඔබ රැස් කරගෙන ඇති සහ ඔබට රැස් කළ හැකි විශේෂිත ගිණුම් වර්ග තුනක් තිබෙන බව ඔබට මින් පෙරත් කියා තිබෙනවා. 1. ඔබගේ උත්සාහයන්ට අනුව සම්පත් එක්රැස් කර ගැනීම. 2. ආශිර්වාද ගිණුම. ආශිර්වාද ගිණුමේ රැස් කරගන්න අන්දම වන්නේ: ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා - තුනෙන්ම සේවය කිරීමේ කාර්යබහුලව සිටින අතර සහ අන් අය සමග නෑ සබදතා පවත්වන අතර - නිරතුරුවම තමන් සමග තෘප්තිමත්ව රැදී සිට අන් අයවත් නිරන්තරයෙන් තෘප්තිමත් කරන්න. තෘප්තිය, ආශිර්වාද ගිණුම වැඩි කරයි. 3. පුණ්‍යකර්ම ගිණුම. පුණ්‍යකර්ම ගිණුම වෙනුවෙන් ක්‍රමවේදය වන්නේ: ඔබගේ මනසින්, වදන් වලින්, ක්‍රියා මගින් සහ අන් අය සමග නෑ සම්බන්ධතා පවත්වමින් කුමන ආකාරයක සේවයක් සිදු කළත්, සෑම විටම පරහිතකාමී සහ අසීමිත ආකල්පයකින්, ස්වභාවයකින්, චේතනා සහ හැගීම් වලින් සේවය කරන්න. ඔබගේ ස්වභාවයෙන්, ඔබගේ යහපත් චේතනා සහ යහපත් හැගීම් වලින් සේවය කරන්න. එසේ කිරීමෙන් ඔබ ඉබේටම ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස් කර ගනි. එබැවින් පරීක්ෂා කරන්න. ඔබ පරීක්ෂා කරන අන්දම දන්නවාද? ඔබ දන්නවාද? මෙසේ කරන අන්දම නොදන්නා අය අත් ඔසවන්න! මෙය කරන අන්දම නොදන්න කිසි කෙනෙක් නැත, ඉන් අදහස් වන්නේ සියලු දෙනාම පරීක්ෂා කරන අන්දම දන්නා බවයි. ඉතිං ඔබගේ ගිණුම් තුනේ ඔබ කුමන ප්‍රතිශතයකට රැස් කරගෙන තිබෙනවාද කියා ඔබ පරීක්ෂා කළාද: තමන්ගේම උත්සාහයේ ගිණුම, ඔබගේ ආශිර්වාද ගිණුම සහ ඔබගේ පුණ්‍යකර්ම ගිණුම? ඔබ මෙය පරීක්ෂා කළාද? තමන්ව පරීක්ෂා කරන අය, අත් ඔසවන්න! ඔබ තමන්ව පරීක්ෂා කරනවාද? පළමු පේළියේ අය පරීක්ෂා කරන්නේ නැද්ද? ඔබ පරීක්ෂා කරන්නේ නැද්ද? ඔබ කුමක්ද කියන්නේ? ඔබ පරීක්ෂා කරනවා නේද? දැන් කාලයේ සමීපත්වය සීඝ්‍ර වේගයකින් ඉදිරියට ගමන් කරන බව, බාප්දාදා ඔබට දැනටමත් පවසා, ඔබට සංඥාවක් ලබා දී තිබේ. මේ නිසයි ඔබ නැවත නැවතත් තමන්ව පරීක්ෂා කළ යුත්තේ. සෑම දරුවෙක්ම රාජකීය දරුවෙක් ලෙස - රාජ යෝගීවරයෙක් සහ රාජකීය දරුවෙක් ලෙස දැකීමට බාප්දාදා ප්‍රිය කරයි. සෑම සියලු දරුවෙක්ම රාජකීය දරුවෙක්ය, යන ආධ්‍යාත්මික කුල්මත් බව පරමාත්ම දෙවියන් වන පියාට තිබේ. සෑම කෙනෙක්ම පරමාත්ම දෙවියන්ගේ දරුවෙක් වන අතර ස්ව-රාජ්‍යය සහ ලෝක රාජ්‍යය තිබේ.

ඔබට අඛණ්ඩව බාප්දාදාගෙන් නිධන් ලැබෙයි. මෙම නිධාන රැස් කරගන්නා අන්දම ඉතාම පහසුයි. එය ක්‍රමවේදයක් හෝ යතුරක් ලෙස හැදින්වුවත් ඔබ එය දන්නවා. රැස් කර ගැනීමට ඇති යතුර කුමක්ද? ඔබ එය දන්නවාද? තිත් තුන. ඔබ සියලු දෙනාටම මෙම යතුර තිබෙනවා නේද? තිත් තුන තබන්න, එවිට නිධන් වස්තු නොකඩවා එක්රැස් වෙයි. යතුර භාවිතා කරන අන්දම ඔය මව්වරු දන්නවාද? ඔය මව්වරු යතුරු බලා ගැනීමට දක්ෂයි නේද? එබැවින් ඔය මව්වරු සියලු දෙනාම මෙම තිත් තුනේ යතුර ප්‍රවේසමින් සගවාගෙන තිබෙනවාද? එය භාවිතා කරන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? මව්වරු කතා කරන්න! ඔබට යතුර තිබෙනවාද? එය තිබෙන අය අත් ඔසවන්න! යතුර සොරකම් කෙරෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් නිවසේ සෑම දේකටම ඇති යතුරු බලා ගන්න අන්දම ගැන මව්වරු ඉතා හොදින් දන්නවා. ඒ අන්දමින්ම, මෙම යතුරත් ඔබ සමග නිරන්තරයෙන් තිබෙනවා නේද?

ඉතිං, වත්මන් කාලයේදි කාලය සමීප නිසා, ඔය සෑම දරුවෙක්ම ඔබගේ සිතිවිලි, වචන සහ ප්‍රායෝගික ක්‍රියාවන්හි එක වචනයක් වෙනස් කරනවා දැකීමට බාප්දාදාට අවශ්‍යයි. ඔබට මෙම නිර්භීතකම තිබෙනවාද? එක වචනයක් පමණයි! සෑම දරුවෙක් තුළ, බාප්දාදාට ගෙන ඒමට අවශ්‍ය පරිවර්ථනය මෙයයි. තීව්‍ර උත්සාහ දරන්නෙකුගෙන් ඔබව නොකඩවා නොසැලකිලිමත් උත්සාහ දරන්නෙක් බවට පත් කරන්නේ එක වචනයකි. දැන් කාලයට අනුව, ඔබ සිදුකළ යුතු උත්සාහය කුමක්ද? තීව්‍ර උත්සාහය. සියලු දෙනාටම තීව්‍ර උත්සාහ දරන්නන්ගේ පේළියේ සිටීමට අවශ්‍යයි, නමුත් එක වචනයක් ඔබව නොසැලකිලිමත් කරයි. එම එක වචනය කුමක්ද කියා ඔබ දන්නවාද? එම වචනය වෙනස් කිරීමට ඔබ සූදානම්ද? ඔබ සූදානම්ද? සූදානම්ද? ඔබ සූදානම් නම් අත් ඔසවන්න. බලන්න, ඔබගේ ඡායාරූපය රූපවාහිනියේ පෙන්වනවා. ඔබ සූදානම්ද? සුබ පැතුම්. ඔබ වේගවත් උත්සාහයකින් එය වෙනස් කිරීමට යනවාද, නැත්නම් ඔබ මෙසේ කියනවාද, “මා එය යම් වෙලාවකදි කරන්නම්, එය යම් කිසි වෙලාවක සිදුවෙයි?” එය එහෙම නොවෙයි නේද? ඔබ සියලු දෙනාම දක්ෂ නිසා ඔබ සියලු දෙනාම එම වචනය දන්නවා ඇති. එබැවින් “හේතු” කියන එක් වචනය වෙනස් කර, “විසඳුම්” යන වචනය ඔබ ඉදිරියට ගෙන එන්න. ඔබ ඉදිරියට හේතුවක් (නිදහසට කාරණාවක්) පැමිණෙන විට හෝ ඔබ ඒ ගැන සිතන විට, ඔබට විසඳුමක් සොයා ගැනීමට නොහැකි වෙයි. එබැවින් ඔබගේ වචන වලින් පමණක් නොවෙයි, ඔබගේ සිතිවිලි වල පවා, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ “හේතු” යන වචනය “විසදුම” යන වචනයට වෙනස් කරනවා දැකීමටයි. බොහෝ විවිධ අන්දමේ හේතු තිබෙන අතර මේවා ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළට ඇතුළු වන විට ඒවා ඔබගේ තීව්‍ර උත්සාහයන්ට බන්දනයක් වෙයි. ඔබ සියලු දෙනාම බාප්දාදාට පොරොන්දු වුනේ: ඔහුගේ ලෝක පරිවර්ථන කාර්යයට ඔබ සියලු දෙනාම පරම පියාගේ සහකරුවන් වන බව, ඔබ සෙනෙහසින් පොරොන්දු විය. ඔබ පියාගේ සහකරුවන්ය. පරම පියා මෙය තනිවම නොකරයි; ඔහු දරුවන්ව ඔහු සමග රැගෙන එයි. ඉතිං ලෝක පරිවර්ථන කාර්යයේ, ඔබගේ කාර්යය කුමක්ද? සියලු ජීවාත්ම වෙනුවෙන් හේතු සහ කාරණා විසඳුම් බවට වෙනස් කිරීම. මේ දිනවල ජීවාත්ම බහුතරයක් දුකෙන් සහ අසාමයෙන් සිටින නිසා, ඔවුන්ට දැන් මුක්තිය අවශ්‍යයි. ඔවුන්ගේ දුකෙන්, අසාමයෙන් සහ සියලු බන්දන වලින් ඔවුන්ට මුක්තිය අවශ්‍යයි. මුක්තිය පිරිනමන්නන් කවුරුන්ද? පරම පියා සමගින් ඔය දරුවන්ද මුක්තිය ප්‍රදානය කරන්නන්ය. අද පවා ඔබගේ අජීව ප්‍රතිමා වලින් මිනිසුන් ඉල්ලන්නේ කුමක්ද? දැන් දුක සහ අසාමය වැඩි වීම දැක, ජීවාත්ම බහුතරයක් මුක්තිය පිරිනමන්නන් වන ඔය ජීවාත්ම සිහි කරමින් සිටියි. මනසින් ඔවුන් දුකින් සිටින අතර ඔවුන් කන්නලව් කරමින් සිටියි: ‘අහෝ මුක්තිය පිරිනමන්නනේ, අපට මුක්තිය ලබා දෙන්න!’ ඔබට ජීවාත්මයන්ගේ දුක සහ අසාමයේ කන්නලව්ව නොඇසෙයිද? මුක්තිය පරිනමන්නන් වන්න, නමුත් ප්‍රථමයෙන්, තමන්ව මෙම ‘හේතු’ යන වචනයෙන් නිදහස් කරගන්න, ඉන්පසුව විමුක්තියේ හඬ ඔබගේ දෙසවන් වල ඉබේටම රැව් පිළිරැව් දෙයි. පළමුව ඔබ ඇතුලාන්තයෙන් තමන් තුළ ඇති මෙම වචනයෙන් විමුක්තිය ලබා ගත් විට, ඉන්පසුව ඔබට අන් අයව මුදවා ගැනීමට හැකි වෙයි. දැන් දිනෙන් දින, මෙසේ කන්නලව් කරන ජීවාත්ම පෝලිමක් ඔබ ඉදිරියේ සිටීමට යයි, ‘අහෝ මුක්තිදායකයානෙනි, අපට මුක්තිය ලබා දෙන්න.’ කෙසේවෙතත් මේ වන තුරු, ඔබ බොහෝ හේතු දීමේ නිදහසට කාරණා පැවසීම නිසා, මුක්තියට දොරටු වැසී තිබේ. මේ නිසයි බාප්දාදා මෙම එක් වචනය ගැන කතා කරන්නේ, මෙය සමග වෙනත් දුර්වලත්වයේ වචනද තිබේ, නමුත් ප්‍රධාන වචනය හේතුය, එමෙන්ම එය සමග වෙනත් දුර්වලතාද තිබේ: ‘එයිසේ’ (මේ ආකාරයට), ‘වෙයිසේ’ (ඒ ආකාරයට), ‘කෙයිසේ’ (කෙසේද?) මේ වදන්ද එය සමග සම්බන්ධ වන අතර තවමත් දොරටු වැසී තිබීමේ හේතු මේවාය.

අද ඔබ සියලු දෙනා හෝලි සැමරීමට ඇවිත්. ඔබ සියලු දෙනාම සෙනෙහස් අහස්යානාවට නැග, මෙහි දුවගෙන ඇවිත්. ඔබ තුළ පරම පියා කෙරෙහි සෙනෙහස තිබේ, ඔබ පියා සමග හෝලි සැමරීමට පැමිණියේ ඒ නිසයි. සුබ පැතුම්! ඔබව සාදරයෙන් පිළිගන්නවා. බාප්දාදා ඔබට සුබ පතනවා. සෞඛ්‍යය එතරම් යහපත් නොමැති, රෝද පුටු වල සිටින සමහර අයද, එඩිතරකමින් මෙහි පැමිණ ඇති බව බාප්දාදා දකිනවා. බාප්දාදා මෙම දර්ශනය දකිනවා. ඔබ පංතියට සහ වැඩසටහන් වලට පැමිණෙන විට, සමහරු ඔවුන්ගේ මගපෙන්වන්නන්ව අල්ලාගෙන රෝද පුටු වලින් පැමිණෙයි. ඉතිං ඔබ මෙය හදුන්වන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් කෙරෙහි සෙනෙහස. තම හදවත් වල සෙනෙහස ඇති එවන් එඩිතර ආදරණීය දරුවන්ට බාප්දාදා විශේෂයෙන් බොහෝ ආශිර්වාද සහ සෙනෙහස ලබා දෙනවා. ඔබ එඩිතරව මෙහි පැමිණ ඇති අතර ඔබට පියාගෙන් සහ පවුලෙන් උපකාර ලැබෙයි. ඔබ සියලු දෙනාට ඉන්නට සුව පහසුකම් ඇති තැන් තිබෙනවාද? ඔබට නැවතීමට සැප පහසුකම් ඇති තැනක් ඇති අය අත් ඔසවන්න. විදේශිකයන්ට හොද තැනක් තිබෙනවාද? මෙය මේලාවක්. අනෙක් මේලාවල ඔබගේ ආහාර ගන්නා විට, අවට බොහෝ දුහුවිලි තිබේ. ඔබට හොද බ්‍රහ්ම භෝජන ලැබුණාද? ඔබට එය ලැබෙනවද? ඔව් ඔබ අත් වනනවා. නිදා ගැනීමට ඔබට අඩි තුනක ඉඩක් ලැබුණාද? ඔබට නැවත මෙවන් හමුවක් ලැබෙන්නේ සංගම යුගයේ වසර 5000කට පසුවයි. ඊට පෙර එය සිදු නොවෙයි.

ඉතිං අද බාප්දාදාට, සියලු දරුවන්ගේ රැස් කිරීමේ ගිණුම් බැලීමට සිතිවිල්ලක් ඇති විය. ඔහු ඒවා දැක ඇති අතර අනාගතයේද ඒවා දකියි. බාප්දාදා මිට පෙරත් ඔබට අනතුරු ඇගවීමක් ලබා දී තිබේ, රැස් කිරීමේ ගිණුම සහ රැස් කිරීමට ඇති කාලය, සංගම යුගයේ දැන් පමණක් බව. මෙම සංගම යුගයේ ඔබට අවශ්‍ය තරම් රැස් කරගන්න. මුළු කල්පයටම ගිණුම මේ කාලයේ රැස් කරගත හැක. මින් පසුව ඔබගේ රැස් කිරීමේ ගිණුම් සදහා බැංකුව වසා දමයි. එවිට ඔබ කරන්නේ කුමක්ද? මේ නිසයි බාප්දාදා තුළ දරුවන් කෙරෙහි සෙනෙහස තිබෙන්නේ, එමෙන්ම, නොසැලකිල්ල නිසා සමහර දරුවන්ට අමතක වී මෙසේ සිතන බව ඔහු දන්නවා, ‘එය සිදුවෙයි, මා ඒ ගැන බලන්නම්, මා එය කරනවා, මා ගමන් කරනවා’. ඔබ බොහෝ සතුටින් මෙසේ කියයි: ‘අප එය කරන බව ඔබට නොපෙනෙයිද? අප ගමන් කරනවා, අප වෙන කුමක් කරන්නද?’ කෙසේවෙතත්, ඇවිදීම සහ පියාසර කිරීම අතර විශාල වෙනසක් තිබේ. ඔබ ගමන් කරනවා, එබැවින් එයට සුබ පැතුම්, නමුත් දැන් ඇවිදින කාලය අවසන් වන අතර එය දැන් පියාසර කිරීමේ කාලයයි, මන්ද, ඔබට ඔබගේ ගමනාන්තයට ළගා වීමට හැකි වන්නේ එවිට පමණයි. ඔබ පරමාත්ම දෙවියන්ගේ දරුවෙක් වී, සාමාන්‍ය පුරවැසියන්ගෙන් කොටසක් වීම! පරමාත්ම දෙවියන්ගේ දරුවෙක් සාමාන්‍ය පුරවැසියෙක් වීම නිවැරදි බව හැගෙනවාද?

අද, ඔබ මෙහි පැමිණ සිටින්නේ හෝලි සැමරීමටයි, එබැවින් අතීතය අතීතයේම තබන්න. ඉතිං බාප්දාදාට අවශ්‍ය වන්නේ අද සිට, ඔබ අතීතය, අතීතයේම තැබිය යුතු බවයි. ඕනෑම හේතුවක් නිසා, යම් දුර්වලතාවයක් තවමත් ඉතිරිව ඇත්නම්, එසේ නම් මේ මොහොතේ සිට, අතීතය අතීතයේම තිබුණාවේ, එමෙන්ම තමන්ගේ චිත්‍රය ඔබගේ අවධානයේ තබාගන්න. තමන්ගේම චිත්‍ර ශිල්පියා වී, ඔබගේ සේයාරූව චිත්‍රයට නගන්න. සෑම දරුවෙකුගේම කුමන සේයාරුවද ඔහු ඉදිරියේ දකින්නේ කියා, බාප්දාදා ඔබට කිව යුතුද? ඔහු දකින්නේ කුමන සේයාරුවද කියා ඔබ දන්නවාද? දැන් ඔබ සියලු දෙනාම තමන්ගේ පිංතූරයක් ගත යුතුයි. තමන්ගේ පිංතූරයක් ගන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ශ්‍රේෂ්ඨ සිතිවිලි යන පෑනෙන්, දැන් තමන්ගේම පිංතූරය ඔබ ඉදිරියට ගෙන එන්න. ප්‍රථමයෙන් අභ්‍යාසය සිදු කරන්න, මනසේ අභ්‍යාසය. භෞතික ඉන්ද්‍රියන්ගේ අභ්‍යාසය නොවෙයි, නමුත් මනසේ අභ්‍යාසය. ඔබ අභ්‍යාසය සිදු කිරීමට සූදානම්ද? ඔබ සූදානම් නම් එකගතාවය පල කරමින් හිස වනන්න. බලන්න, වඩාත්ම ශ්‍රේෂ්ඨ සේයාරුව වන්නේ කිරුළක්, සිංහාසනයක් සහ තිලකයක් සහිත කෙනෙකි. ඉතිං තමන්ගේම සේයාරුව ඔබ ඉදිරියට ගෙන එන්න. අන් සියලුම සිතිවිලි පසෙක දමා, ඔබ සියලු දෙනා බාප්දාදාගේ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින අන්දම බලන්න. ඔබට මෙම සිහසුන තිබෙනවා නේද? වෙනත් කිසිම තැනක ඔබට මෙවන් සිහසුනක් නොලැබෙයි. එබැවින් පළමුව මෙම පිංතූරය ගන්න: විශේෂ ජීවාත්මයක් වන, ආත්ම-ගෞරවයක් ඇති ජීවාත්මයක් වන මා, බාප්දාදාගේ ප්‍රථම නිර්මාණයයි, ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වන මම, බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටිමි. ඔබ සිහසුනේ අසුන්ගෙන සිටිනවාද? එය සමගම, පරමාත්ම දෙවියන්ගේ නිර්මාණයක් වන ජීවාත්මයක් වීමේ අවධානයේ තිලකය තබන්න, මෙම වෘක්ෂයේ මුල් අතර අසුන්ගෙන සිටින පූර්වජයෙක් සහ වන්දනීය ජීවාත්මයක්. මෙම අවධානයේ තිලකය ඔබ තැබුවද? එයත් සමගම සැහැල්ලු අධිරාජයෙක් වන්න: මා බාප්දාදාට මගේ සියලුම කණස්සලු වල බර භාරකර තිබෙන අතර මම ආලෝකමත් සහ සැහැල්ලු කිරුළක් පැලද සිටිමි. එබැවින් මම, කිරුළක්, තිලකයක් සහ සිංහාසනයක් ඇති කෙනෙකි. මම පරමාත්ම දෙවියන් වන පියා විසින්, බොහෝ සේ ආදරය කරන ජීවාත්මයකි.

ඉතිං ඔබ තමන්ගේ මෙම පිංතූරය ගත්තද? ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබට ආලෝකමත් සහ සැහැල්ලු වීමේ මෙම කිරුළ පැලද සිටිය හැක. ඔබගේ ආත්ම-ගෞරවය සිහිවන ඕනෑම විටෙක, ඔබ කිරුළක්, තිලකයක් සහ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින ජීවාත්මයක් බව සිහියට නගා ගන්න. අධිෂ්ඨානයෙන් මෙම පිංතූරය ඔබ ඉදිරියට ගෙන එන්න. ආරම්භයේ ඔබට තිබුණු පුහුණුව ඔබට මතකද, එනම්, එක ව්‍යවහාරය පිළිබද අවධානය තිබීම: ‘මම කවුද?’ මම කවුද? නැවත නැවතත්, මෙය ඔබගේ අවධානයට ගෙන එන්න, ‘මා කවුද?’ එමෙන්ම පරමාත්ම දෙවියන්ගෙන් ඔබට ලැබුණු ආත්ම-ගෞරවයේ නම්බු නාම මතක් කරගන්න. මෙකල මනුෂ්‍යයන්ට, මනුෂ්‍යයන්ගෙන් නම්බු නාම ලැබෙයි, එමෙන්ම ඒ තිබියදි ඔවුන් ඒවාට විශාල වැදගත්කමක් ලබා දෙයි, කෙසේවෙතත්, ඔය දරුවන්ට පරම පියාගෙන් බොහෝ නම්බු නාම ලැබී තිබෙනවා. ඔබට බොහෝ ගෞරවය ලැබී තිබේ. සෑම විටම ඔබගේ බුද්ධියෙන් ආත්ම-ගෞරවයේ ලැයිස්තුව මතගාන්න. ‘මා කවුද?’ එම ලැයිස්තුව ඔබ ඉදිරියට ගෙන එන්න. මෙම කුල්මත් බව පවත්වාගන්න, එවිට ‘හේතුව’ යන වචනය මුසු වී, ඔබ සෑම ක්‍රියාවකටම විසදුමක් සොයා ගනීවි. ඔබ විසදුම්වල ප්‍රතිරුවක් වන විට, ඔබට පහසුවෙන් සියලු ජීවාත්මයන්ව මුදවා, ඔවුන්ට නිර්වාණ දේශයට, මුක්ති දේශයට යන මාර්ගය පෙන්වීමට හැකි වෙයි.

අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරගන්න. අධිෂ්ඨානගත සිතිවිල්ලක් ඇති කරගන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? අධිෂ්ඨානය ඇති විට, එවිට සාර්ථකත්වයට යතුර වන්නේ එම අධිෂ්ඨානයයි. ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වල, දුර්වලත්වය සුළු වශයෙන් වත් නොතිබිය යුතුයි, මන්ද, ඔබව පරාජය කිරීම මායාගේ වගකීමයි. කෙසේවෙතත්, ඔබගේ වගකීම කුමක්ද? ඔබගේ වගකීම වන්නේ මායාට පරාජය වීම නොව, පරම පියාගේ ගෙල වටා මල්දමක් වීමයි. ඉතිං ඔබ සියලු දෙනා මෙම සිතිවිල්ල ඇති කරගන්න: මා නිරන්තරයෙන් පරම පියාගේ ගෙල වටා ජයග්‍රාහී මල්දමක්මි. මම බාබාගේ ගෙල වටා මල්දමක්මි. මා පරම පියාගේ ගෙල වටා ජයග්‍රාහී මල්දමක්.

එබැවින්, ඔබ කවුරු වන්නේද කියා, බාප්දාදා ඔබට අත් ඔසවන්නට පැවසූ විට, ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? ඔබ රාමා සහ සීතා නොව, ලක්ෂ්මි සහ නාරායන වන බවට පිළිතුරු ලබා දෙයි. එබැවින් ලක්ෂ්මි සහ නාරායන බවට පත්වීමට සිටින අය, බාප්දාදාගේ ගෙල වටා ජයග්‍රාහී මල්දමේ පබුළුය. ඔබ වන්දනීය ජීවාත්මයි. ඔබගේ මල්දම භ්‍රමණය කිරීමෙන් බැතිමතුන් ඔවුන්ගේ ගැටළු අවසන් කරයි. ඔබ එවන් ශ්‍රේෂ්ඨ පබුළුය. එබැවින් ඔබ බාප්දාදාට අද ලබා දෙන්නේ කුමක්ද? ඔබ හෝලි වෙනුවෙන් යම් තෑග්ගක් දෙනවා නේද? ‘හේතු’ යන වචනය සහ ‘තෝ, තෝ’ (ඉතිං මේ දේ, ඉතිං අර දේ). ‘තෝ, තෝ’ කීමෙන් ඔබ ගිරව් (තෝටා) මෙන් වෙයි. එබැවින් ‘මේ වගෙයි, අර වගෙයි’ වැනි හේතු ලබා දීම මග හරින්න. කිසිම අන්දමක හේතුවක් ලබා නොදෙන්න, නමුත් විසදුමක් සොයා ගන්න, එපමණයි. අච්චා.

සමාන වීම සහ ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති කිරීම වෙනුවෙන් බාප්දාදා සෑම දරුවෙකුටම කෝටි ගුණයක් සුබ පැතුම් ලබා දෙනවා. සුබ පැතුම්, සුබ පැතුම්, සුබ පැතුම්! ඔබට කුල්මත් බව තිබෙනවා නේද, අප තරම් කෝටි ගුණයක් වාසනාවන්ත වන අය කවුද? මෙම කුල්මත් බවින් සිටින්න. අච්චා.

දැන් එක තත්පරයකදි ඔය සියලුම බ්‍රහ්මින්වරු, රාජයෝග පුහුණු වන අතර, ඔබගේ මනස එක්තැන් කළ හැකි පාලකයෙක් වන්න. ඔබට අවශ්‍ය කාලයක්, ඔබට අවශ්‍ය අන්දමට යම් දෙයක් මත මනස එක්තැන් කරන්න. මේ දැන් ඔබගේ මනස ඒකාග්‍රතාවයට පත් කරන්න. ඔබගේ මනසට එහෙ මෙහෙ සැරිසරා දගකාරකම් කිරීමට ඉඩ නොදෙන්න. ‘මගේ බාබා, මිහිරි බාබා, ආදරණීය බාබා’. මෙම සෙනෙහසින් සහ මෙම ඇසුරේ පැහැයෙන්, ආධ්‍යාත්මික හෝලි සමරන්න. (බාබා මෙම අභ්‍යාසය මෙහෙයවීය). අච්චා.

සෑම තැනකම සිටින, ඔය සියලුම ශ්‍රේෂ්ඨ, විශේෂ පූජනීය සහ උසස්ම දරුවන්ට, පරම පියා හා සමානව තමන් සියලු බලයන්ගෙන් පිරිපුන් මාස්ටර් සර්ව බලධාරී ජීවාත්ම බව නිරන්තරයෙන් අත්විදින අයට, මාස්ටර් මුක්තිදායකයන් වන සහ තමන්ද සියලු දුර්වලතාවයන්ගෙන් මුක්තිය ලබා, අන් ජීවාත්මයන්ට මුක්තිය ලබා ගැනීමට මගපාදන දරුවන්ට, නිරන්තරයෙන් ආත්ම-ගෞරව ආසනයේ අසුන්ගෙන සිටින අයට, අමරණීය වීමේ ආශිර්වාදයේ අත්දැකීමේ ප්‍රතිමූර්ති ලෙස සෑම විටම රැදී සිටින අයට, සෑම තැනකම සිටින එවන් දරුවන්ට, ඔවුන් බාබා ඉදිරියේ අසුන්ගෙන සිටියත්, දුර ඈත සිටින අතර සෙනෙහසේ මුසුවී සිටියත්, එවන් දරුවන්ට, සෙනෙහස සහ සිහි කිරීම. ඔවුන්ගේ උත්සාහ වෙනුවෙන් උනන්දුව සහ උද්යෝගයේ පුවත් ලබා දී ඇති දරුවන්ට, බාප්දාදාගේ හදවතින් බොහෝ සෙනෙහස සහ ස්මරණය සහ හදවතින් කෝටි කෝටි ගුණයක් සෙනෙහස සහ ස්මරණය. රාජධානියට සියලු අයිතිවාසිකම් ඇති සියලුම රාජයෝගී දරුවන්ට නමස්තේ.

වරදානය:
ඔබ පුණ්‍යාත්මයක් වී, සර්ව බලධාරියාගේ ආධාරයෙන් ජීවාත්මයන්ව සියලු සම්පත් වලින් සම්පූර්ණයෙන් පුරවන්න.

එම රජවරුන්ට (ආශා තිබුණු, තඹ යුගයට පසුව සිටි අය) දන් දීමට සහ පුණ්‍යකර්ම කිරීමට සම්පූර්ණ බලය තිබුණි. ඔවුන්ගේ අධිකාරිත්වයේ සම්පූර්ණ බලයෙන් ඔවුන්ට ඕනෑම කෙනෙක්ව, තමන්ට අවශ්‍ය කෙනෙක් බවට පත්කළ හැක. ඒ අන්දමින්ම, ඔය මහාදානපති, පුණ්‍යාත්මයන්ට, පරම පියාගෙන් ඍජුවම, පදාර්ථ සහ මායා ජයගන්නා අය වීමට විශේෂ බල අධිකාරිත්වයක් හිමි වී තිබේ. ඔබගේ පිවිතුරු සිතිවිලි වල පදනමට අනුව, ඔබට ඕනෑම ජීවාත්මයකට පරම පියා සමග සම්බන්ධතාවයක් ගොඩනැගීමට මගපාදා, ඔවුන්ව සියලු සම්පත් වලින් සම්පූර්ණයෙන් පිරවිය හැක. මෙම බල අධිකාරිත්වය නිවැරදි අන්දමට භාවිතා කරන්න, එපමණයි.

පාඨය:
ඔබ පරිසමාප්තිය සහ අංගසම්පූර්ණත්වය සමරන විට, කාලය, පදාර්ථ සහ මායා එවිට ඔබට සමුදෙයි.

අව්‍යක්ත සංඥාව: දැන් සම්පූර්ණ හා කර්මතීත් වීමේ ගැඹුරු සැලකිල්ල ඇති කරගන්න.

ඔබගේ මනස සහ බුද්ධිය කර්ම සිදු කිරීමේ බොහෝ කාර්යබහුලව ඇති වෙලාවේ, ඒවාට නැවතීමේ තිතක් තැබීමට උපදෙසක් දෙන්න. කර්ම සිදුකිරීමේ සියලු සිතිවිලිද නතර විය යුතුයි. මෙය එක තත්පරයකට හෝ පුහුණු කර ඉන්පසුව විටින් විට නොකඩවා සිදු කරන්න, මන්ද, එවිට තත්පරයකදි නැවතීමේ තිතක් තැබීමේ අවසන් සහතිකය ඔබට ලැබෙයි. එක් තත්පරයකදි සියලු විස්තාරණ, එහි සාරය තුළ මුසු කර, එම සාරයේ ප්‍රතිමූර්තියක් වන්න. මෙම පුහුණුව ඔබව කර්මතීත් කරවයි.