29.03.25    Avyakt Bapdada      Sinhala Murli     25.10.2009    Om Shanti    Madhuban


සියළු සම්පත් වලින් පිරිපුන් වී, ඔබගේ මුහුණෙන් සහ චර්යාවෙන් ආධ්‍යාත්මිකත්වයේ දර්ශනයක් ලබා දෙන්න.


අද දින, සියළු සම්පත් ප්‍රදානය කරන්නා, ඔහුගේ සම්පත් වල පාලකයන් වන ඔහුගේ දරුවන්ව දකිනවා. සෑම දරුවෙක්ම සියළු සම්පත් වලින් පිරිපුන්ය, මන්ද පරාත්ම පියා ඔය සියළුම දරුවන්ට එකවර එකම සම්පත් ලබා දී තිබේ. ඉතිං බාප්දාදා ඇවිත් සිටින්නේ දරුවන් සහ පාලකයන් වන ඔහුගේ දරුවන්ව හමුවීමටයි. ඔය දරුවන් අඩ ගැසූ අතර ඔබගේ සෙනෙහස නිසා පරම පියා මෙහි පැමිණියා. බොහෝ සම්පත් තිබේ: ප්‍රථම සම්පත වන්නේ මෙම දැනුමේ ධනය වන අතර මෙම දැනුමේ ධනයෙන් ඔබ බොහෝ සේ සමෘද්ධිමත් වී ඇත. ඔබ මහා දානපතියන් බවට පත් වී නොකඩවා අන් අයට ප්‍රදානය කරයි. විවිධ බන්දන වල බැදී සිටි ජීවාත්ම, මෙම දැනුමේ සම්පත් මගින් එම බන්දන වලින් නිදහස් වී ඇත. බන්දන වල බැදී සිටීමේ සිට, ජීවාත්ම එම බන්දන වලින් මිදී ඇත. එ් සමගම යෝගාවේ සම්පත තිබේ, එනම්, එය මගින් ඔබට බොහෝ බල ලැබී ඇති සිහිපත් කිරීම. ඒ ආකාරයෙන්ම, ගුණධර්ම ධාරණය කිරීම මගින් ඔබ සියළු ගුණදම් අත්විද තිබේ, එනම්, ඔබට සම්පත් ලැබී ඇත. ඒවා සමගම, ධාරණය කිරීමේ බලයෙන්, සියළු දෙනාගේ සෙනෙහස් බලය තිබේ; සියළු දෙනාට ආදරණීය වීමේ සහ සියළු දෙනාට නොබැදී සිටීමේ බලයේ සම්පත ඔබට ලැබී ඇත. සියළු දෙනාගේ සෙනෙහසේ සම්පත ඔබ අත්විද තිබෙනවා; මෙයට අමතරව සියළුම බ්‍රහ්මින් සම්බන්දතා තුල අසීමිත සතුටේ සම්පතත් ඔබ අත්විද තිබෙනවා. කෙසේවෙතත් මේ සියළුම සම්පත් අතරින් විශේෂ සම්පත වන්නේ සංගම් යුග කාලයේ සම්පතයි. මෙම කලයේ සම්පතේ වැදගත්කම පිලිබද නිරන්තර අවධානයක් ඇති ජීවාත්ම, බොහෝ ලැබීම් වල අධිපතියන් වෙයි, මන්ද, සංගමයේ කාලය බොහෝ කෙටි වුනත්, මෙම කාලයේදී බොහෝ ලැබීම් හිමි වෙයි. සංගම යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ සහ උසස්ම ලැබීම වන්නේ, පියා, ගුරුවරයා සහ සත්ගුරූගේ ස්වරූපයෙන් ඔබට පරම පියාවම හමුවීමයි. සංගම යුගයේ මෙම කෙටි උපතෙදි, ඔබට උපත් 21කට ලැබීම් හිමි වෙයි; ඔබට තන් (සිරුර), මන් (මනස), ධන් (ධනය) සහ ජන් (සම්බන්දතා) යන සියළුම ලැබීම් තිබේ. අඩකට හෝ හතරෙන් තුනකට නොව, නමුත් සම්පූර්ණ උපත් 21 ටම, ඔබට මුළු උපත් 21කට සහතිකයක් තිබේ. වඩාත්ම වැදගත් දේ වන්නේ, සංගම යුගයේ සෑම තත්පරයක්ම බොහෝ වසර ගණනාවකට සමාන වීමයි. එබැවින් කතා කරන්න! ඔබ මේ සියළු සම්පත් වලින් පිරිපුන් නේද? ඔබ පිරිපුන් නේද? මේ නිසයි බාප්දාදා ඔබට නිරන්තරයෙන් කාලය ගැන සිහිකර දෙන්නේ. සමහර දරුවන් විශ්වාස කරන්නේ ඔවුන් විනාඩියක් දෙකක් වෙනත් දෙයක් ගැන සිතුවොත්, එවිට එය විනාඩි දෙකක් පමණක් බවයි. කෙසේ වෙතත් මේ කාලයේ වැදගත්කමට අනුව, එය විනාඩි දෙකක් නොවෙයි. එය සමාන වන්නේ මාස දෙකකට වත් නොවෙයි, නමුත් එය සමාන වන්නේ වසර දෙකකටයි. සංගම යුගයේ කාලයට මෙතරම් වැදගත්කමක් තිබේ. ඔබට සියළු බල, සියළු ගුණධර්ම, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස, බ්‍රහ්මින් පවුලේ සෙනෙහස සහ පෙර කල්පයේ දෙවියන්ගේ රාජධානියට අයිතිය, යන සියළුම ලැබීම් තිබේ. මෙම කෙටි යුගයෙදි ඔබට මේ සියළුම ලැබීම් තිබේ. වෙනත් කිසිම යුගයකදි ඔබට මේ සියළුම ලැබීම් නොමැත. ඔබට රාජධානියේ භාග්‍යය තිබෙයි; ඔබ සියළු දෙනාගේ රාජධානිය තිබෙයි. සතුට, සාමය, සෑම දෙයක්ම තිබෙයි, නමුත් පරමාත්ම දෙවියන් සමග හමුවීම්, අතීන්ද්‍රීය සතුට, බ්‍රහ්මින් පවුල සහ මුල, මැද සහ අවසානය පිලිබද මෙම දැනුම තිබෙන්නේ මෙම සංගම යුගයෙදි පමණයි. ඔබට සෑම කල්පයකදීම මෙය අඛණ්ඩව ලැබෙයි.

ඔය සෑම දරුවෙකුගේම මුහුණින් ඔබ සම්පත් කෙතරම් රැස් කරගෙන තිබෙන්නේද කියා බාප්දාදා දකිනවා. ඔබට සම්පත් ලැබී තිබෙනවා; ඔබ එක් එක් කෙනා ඔබගේ රැස් කිරීමේ ගිනුම කෙතරම් වැඩි කරගෙන තිබේද කියා ඔබගේ මුහුණින් සහ චර්යාවෙන් දිස්වෙයි. ඔබ කෙතරම් රැස් කරගෙන තිබෙනවාද කියා, ඔය සෑම කෙනෙක්ම දන්නවා. බාප්දාදාගේ හදවතේ ආශාව වන්නේ, ඔබට සම්පත් ලැබිය යුතු බවයි, නමුත් දැන් ඒවා ගැන කතා කිරීමට පමණක් කාලය නොවෙයි. ඔබගේ මුහුණු සහ චර්යා තුලින් ඔය ජීවාත්ම විශේෂ, අද්විතීය සහ පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබන බවට ප්‍රායෝගික අත්දැකීම ලබා දිය යුතුයි, මන්ද, ඔබ තව ප්‍රගතිය ලබත්ම සහ කාලය වෙනස් වන විට, ඔබගේ සේවය වචන වලින් පමණක් සිදු නොවෙයි. කාලය සංවේදී වන බැවින් මිනිසුන්ට පැමිණීමට එතරම් කාලය සාදා ගැනීමට නොහැකි වෙයි, නමුත් සියළු සම්පත් වලින් පිරිපුන් ඔබගේ මුහුණු සහ ක්‍රියාවෙන්, ඔවුන් දුර සිට ඔබගේ ආධ්‍යාත්මිකත්වය දකිවි. ඉතිං දැන් ඔබගේ එවන් උත්සාහය හෙලිදරව් කරන්න. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා: ඔහු සමූහයක කොටසක් වූ නමුත්, ඔහුගේ පෞරුෂත්වයේ දිස්නය දුර සිට අත්දැකීමට හැකි විය. ඒ අන්දමින්ම, බාප්දාදා ඔය ද්විත්ව විදේශිකයන්ව හදුන්වන්නේ දෙගුණයක උත්සාහ දරන්නන් ලෙසයි. එබැවින් අද බාප්දාදා ද්විත්ව විදේශික උපකරණ දැකීමෙන් සතුටු වනවා. ව්‍යාප්තිය වෙනුවෙන් ඔබ හොදින් උත්සාහ දරනවා. ඔබ සියළු දෙනාටම උපකරණ ජීවාත්මයන්ගෙන් ඉතා හොද පෝෂණය ලැබෙන අතර ඔබ සියළු දෙනාගේ එක් දෙයකට බාප්දාදා බොහෝ සේ ප්‍රිය කරනවා. එය නම් ඔය සියළුම ජීවාත්ම විශේෂයෙන් මධුබන් වලදි එකිනෙකාව මුණගැසීමට රැස්වීමක් පැවැත්වීමයි, මන්ද මධුබන්වල වාතාවරණය නැවුම් බවක් ගෙන ඒමට බොහෝ සේ උපකාරී වන අතර ස්ව-පරිවර්ථනය සහ මනසින් සේවය කිරීම යන එක වගකීමයි තිබෙන්නේ. එකිනෙකා සමග අත්දැකීම් බෙදා ගැනීමට ඔබට ඉතා හොද අවස්ථාවක් තිබෙනවා. බාප්දාදා ඔබට මේ වෙනුවෙන් සුබ පතනවා. දැන් තම තමන්ගේ ස්ථාන වලට ගිය පසු ආශ්චර්ය සිදු කරන්න. පරම පියා ප්‍රිය කරන අද්විතීය බවේ ප්‍රායෝගික අත්දැකීම ලබා දෙන්න, එමගින් ඔබට නොකඩවා මධුබන්වල නැවුම් බව එහිදී අත්විදීමට හැකි වෙයි. ඉතිං අද, විශේෂ, දෙගුණයක් උත්සාහ දරන කණ්ඩායමේ රැස්වීමයි; ටිකක් බලන්න! ඉන්දියාවේ මිනිසුන් ඔබට කෙතරම් සෙනෙහස දක්වන්නේද යත් ඔවුන් ඔබට ප්‍රථම අවස්ථාව ලබා දෙයි. ඉතිං ප්‍රථම අවස්ථාවේ ප්‍රතිඵලය වන්නේ ප්‍රථම අංකය හිමි කරගැනීමය. එය හොද බව දැනෙයි. ද්විත්ව විදේශිකයන් සහ දෙගුණයක් උත්සාහ දරන දරුවන් පරම පියාගේ විශේෂ නම්බු නාමයක් හෙලිදරව් කර ඇති බවත් බාප්දාදා ඔබට මින් පෙර කියා තිබේ, එමෙන්ම විදෙස් රටවල ස්ථාන බහුතරයක ඔවුන් පියාගේ දරුවන්ට මතුවීමට සලස්වා ඔවුන්ගේ භාග්‍යයේ පිංතූරයක් නිර්මාණය කර ඇත. මේ නිසයි සෑම තැනකම ඔවුන් බොහෝ සෙනෙහසින් උත්සාහ දරන්නේ, එමෙන්ම මේ මගින් ලොවට සෙත සලසන පරම පියාගේ කාර්යය හෙලිදරව් වෙමින් පවතිනවා. මේ නිසයි බාප්දාදා සෑම දරුවෙකුටම සුබ පැතුම් ලබා දෙන්නේ. අපූරුයි දරුව! අපූරුයි! දැන් පවා, බාබාගේ පණිවිඩය ලබා දීමේ සේවය, භාරතයේ සෑම කොනකම අඛණ්ඩව සිදු වන අතර ඒ අන්දමින්ම, ඉතිරි වී ඇති රටවල් වලට පණිවිඩය ලබා දීමේ උද්යෝගය ඔබට තිබෙනවා, මන්ද කාලයට සහතිකයක් නොමැත. ඔනෑම දෙයක් හදිසියේ සිදුවිය හැකි බව බාප්දාදා කල් තියා ඔබට කියා තිබේ, ඒ නිසයි ඔබ පණිවිඩය ලබා දීම සහ තමන්ගේ ප්‍රගතිය ගැන, යම්කිසි වෙලාවක නොව, දැන් සිතිය යුත්තේ. ඇත්ත වශයෙන් ‘යම් කිසි වෙලාවක’ යන වචන, බ්‍රහ්මින් ශබ්ද කෝෂයට නොගැලපෙන බව හැගී යයි, කියා, බාප්දාදා පවසා තිබේ. සිතිවිල්ල දැන් ඇති කර එසැනින් එය සිදු කරන්න! ‘මා ඒ ගැන බලන්නම්. මා එය කරන්නම්.’ කියා නොකියන්න. යමක් අනාගතයට කල් තැබීමේ භාෂාව භාවිතා නොකරන්න. ඔබගේ මම්මාද මේ අරමුණ තබාගත්තේ මේ නිසයි. ඇය සියළු දෙනාටම සිහිකර දුන්නේ: දැන් නොකරන්නේ නම් කිසිදා නොවෙයි.

ඉතිං, ද්විත්ව උත්සාහ දරන දරුවනි, ඔබ මේ දැන් යමක් සිදු කරන අයද, නැත්නම් යම් කිසි කලකදි එය කරන අයද? යම් දෙයක් මේ දැන් සිදුකර එය ප්‍රායෝගිකව පෙන්වන අය ඔබයි, කියා සිතන අය අත් ඔසවන්න! ‘මා නියත වශයෙන්ම එය සිදු කළ යුතුයි. මා එය කළ යුතුයි’, ‘මා යම් කිසි වෙලාවක එය කරන්නම්’ නොවෙයි. ‘මා එය කළ යුතුයි.’ මතකයේ තබාගන්න: තමන්ගේම වාර්ථාව තබා ගන්න. බාප්දාදා ඔබට මින් පෙරත් පැවසුවේ: රාත්‍රියේ ඔබගේ මුළු දවසේ වාර්ථාව බාප්දාදාට පැවසීමෙන් පසුව, ප්‍රථමයෙන් ඔබගේ ඔලුව හිස් කිරීමෙන් පසුව නින්දට යන්න, එවිට ඔබට හොදින් නිදා ගැනීමට හැකි වෙයි. මන්ද දිනපතා සිදුවන සියළු දේවල් පිලිබදව බාබාට පැවසීමෙන්, ඔබ පෙර දිනයේ බාබාට එය පැවසූ බව ඔබට ඊලග දිනයේ සිහි වෙයි, එමෙන්ම එම අවධානය ඔබට උපකාරී වෙයි. එවිට ඔබට ධර්මරාජ්ගේ දේශයට යාමට සිදු නොවෙයි. ඔබ ඒ වන විට බාප්දාදාට එය ලබා දී එය පරිවර්ථනය කර තිබේ, එබැවින් ඔබ ධර්මරාජ් දේශයට යාමෙන් බේරෙයි. දැන් ලබන වසරේ - කිසිවෙක් එය දැක නැහැ - නමුත් අරමුණ තබා ගන්න. වසරකදි නොව, නමුත් ඔනෑම කෙටි කාල වකවානුවකදි, හැකි තාක් විගසින්, ඔබගේ මුහුණින් සහ ක්‍රියාකාරකම් තුලින්, බාබාගේ හෙලිදරව්වේ බලාපොරොත්තුව ප්‍රායෝගිකව හෙලිදරව් කරන්න. ඔබට එඩිතරකම තිබෙනවාද? එසේ නම් අත් ඔසවන්න! ඔබට එඩිතරකම තිබෙනවාද? තිබෙනවාද? හොදයි. සුබ පැතුම්! සෑම දරුවෙක් තුලම තිබෙන විශ්වාසය සහ එඩිතරකමේ උනන්දුව සහ උද්යෝගය බාප්දාදා මේ දැන් දකිනවා. කෙසේවෙතත් ඔබ ගුවන්යානා වලින් ආපසු යන විට එය අඩු කර නොගන්න. එය නොකඩවා වැඩි කරගන්න. බාප්දාදා ඔබට ලබා දුන් අධිෂ්ඨානගත සිතිවිල්ලේ යතුර ඔබ සමග දිගටම තබා ගන්න. ‘මා එය මේ දැන් කළ යුතුයි’. අනාගතයේ යම් වෙලාවකදි නොව. ඒ කාලය දැන් ගෙවී ගොසින්. එය සිදු වෙයි; එය සිදු විය යුතුයි... එය සිදුවෙයි නොවෙයි; එය සිදුවිය යුතුමයි. බාප්දාදා ඔබට ලබා දී ඇති දෙගුණයක් උත්සාහ දරන්නෙක්, යන ඔබගේ නම්බු නාමය සෑම විටම මතකයේ තබාගන්න.

බාප්දාදාට ප්‍රතිඵලය ඇසුණා. බාප්දාදා ලබා දුන් සේවා සැලසුමට අනුව භාරතය සහ විදෙස් රටවල් ඊට අඩුවෙන් දෙයක් සිදු කර නැහැ. ස්ථාන බහුතරයක මෙම ආශිර්වාදය, උනන්දුවෙන් සහ උද්යෝගයෙන් භාවිතා කර ඇති අතර විවිධ ස්ථාන වලින් බාබාට නොකඩවා ප්‍රතිඵල ලැබෙයි. එය භාරතයේ දරුවන් වුනත් විදෙස් රටවල දරුවන් වුනත්, සෑම දෙයක්ම ප්‍රායෝගික ස්වරූපයකට දැමීම වෙනුවෙන් බාප්දාදා කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා.

ඔබ මේ වසරේ විශේෂයෙන් ප්‍රායෝගිකව සිදු කළ යුත්තේ කුමක්ද කියා බාප්දාදා ඔබට දැන් පවසා තිබේ: ඔබගේ මුහුණේ දීප්තිය දිස් විය යුතුයි. ඔබව කවුරු දුටුවත්, ඔබ හෙලිදරව්ව සදහා උපකරණ විය යුතුයි, ඔබ පරම පියාව හෙලිදරව් කළ යුතුයි, එබැවින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබගේ මුහුණු සෑම විටම සිනහමුසුව තබා ගන්න. සිතිවිලි හෝ ව්‍යාකූලත්වයක් නොතිබිය යුතුයි. බාප්දාදා ඔබට දැන් ව්‍යවහාර දෙකක් සිහි කිරීමට කියා තිබේ: මායාට පිටව යාමට සංඥා කරන්න, එමෙන්ම තමන් ආගන්තුක නිවසක සිටින බව අත්දකින්න. මේ ලෝකය ඔබට අයිති නැත; එය ආගන්තුක නිවසකි. ඔබ අනිවාර්යෙන් දැන් ආපසු නිවහනට යා යුතුයි. ඔබගේ මනසේ සහ බුද්ධියේ නිවහනේ දර්ශන දිස් විය යුතුයි. එවිට නිවහන මෙහි ඇති බව ඔබට ඉබේටම දැනෙයි. ඔබේ ගීතයක් තිබේ: අප දැන් නිවහනට යා යුතුයි. ඔබ භාරතයෙන් හෝ විදෙස් රටකින් වුනත්, දැන් මෙම අත්දැකීම ප්‍රායෝගිකව ලබා දෙන්න. අසීමිත නිරාශාව ඇති කරගන්න. කෙනෙකුගේ හදවත, ආගන්තුක නිවසකට බැදෙන්නට නොහැකිය. නිරන්තරයෙන් සිහියේ තබාගන්න: මා ආපසු යා යුතුයි. මා පෙරළා යා යුතුයි. ඔබ අතරේ පවත්වන හමුවීම් වලදි, මායාගේ බාධක හෝ ඔබගේ මනසේ ඇති නොයෙක් ආකාරයේ සිතිවිලි, අසීමිත නිරාශාව තිබීමෙන් සම්පූර්ණයෙන් අවසන් වනු ඇත. මායාගේ කුණාටු ඔබට තිලිණයක් වනු ඇත. එවිට ඔබ වෙතට පැමිණෙන සුළු ප්‍රශ්න පත්‍ර, ඔබට ප්‍රශ්න පත්‍ර මෙන් නොදැනෙනු ඇත, ඒවා ඔබගේ අත්දැකීම් වැඩි කිරීමට ලිෆ්ට් එකක් මෙන් දැනෙයි. තෑග්ග සහ ලිෆ්ට් එක. (gift and lift). ඔබට වැටහෙනවාද?

දැන් අසීමිත නිරාශාව ඇති කිරීමේ අරමුණ තබාගන්න, ඔබගේ එඩිතරකම, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් නොකඩවා පියාසර කරමින් අන් අයවත් පියාසර කරවන්න. එය දැන් පියාසර කිරීමට කාලයයි. ඔබගේ පියාපත් දුර්වල නොවන බව, සෑම විටම පරීක්ෂා කර බලන්න. ඔය ද්විත්ව විදේශිකයන්ගේ වර්ධනය දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔහුට දැන් දකින්න අවශ්‍ය කුමක්ද? සෑම දරුවෙක්ම පරම පියා හා සමානව පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීම, සියළු සම්පත් වලින් පිරිපුන්ව සහ ඔබට ලැබෙන සෑම ශ්‍රීමත් උපදෙක්ම අනුගමනය කිරීම අතින් අංගසම්පූර්ණ වීමයි. ඔබ එයට කැමතිද? ඔබ එයට කැමති නම්, ඔබට අත්පොලසන් ගැසිය හැක. අච්චා. සෑම දිනකම මෙම අත්පොලසන සිහි කරන්න. දිනපතා ඔබගේ මනසින් අත්පොලසන් ගසන්න. පිටතින් අත්පොලසන් ගසන්න එපා, නමුත් මනසින්. ඔබගේ ගෙදරවැඩ මෙයයි. අච්චා.

රටවල් 90 කින් සහෝදර සහෝදරියන් 2300ක් ඇවිත්. (ඔවුන් පැමිණි මහද්විපයට අනුව, මහද්වීප පහේ සහෝදර සහෝදරියන් සිට ගත්තා.) 1. අමරිකාව, කැනඩාව, කැරීබියානු රටවල්. 2. ඔස්ට්‍රේලියාව, ආසියාව, නවසීලන්තය, ෆීජී දූපත් 3. යුරෝපය, එක්සත් රාජධානිය, මැද-පෙරදිග 4. අප්‍රිකාව, දකුනු අප්‍රිකාව, මොරීශස් 5. රුසියාව, CIS, බෝල්ටික් කලාපය.

සියළුම ස්ථාන වල අය තුල ප්‍රගතියක් ඇති විය යුතු බවට සිතිවිල්ල ඇති වූ අතර ඔබ අතරේ ආධ්‍යාත්මික සුහද කතාබස්ද ඇති විය. බාප්දාදාට නොකඩවා තොරතුරු ලැබෙයි. දැන් නිති සූදානමින් සිටින අයගේ කණ්ඩායමක් සාදන්න. කොපමණ රටවල් සංඛ්‍යාවකින් දරුවන් පැමිණ සිටින්නේද, බාප්දාදා එම රටවල් වලට තෑග්ගක් ලබා දෙනවා. ලබා දෙන තෑග්ග ඒ වෙලාවට පෙනෙයි. සෑම ප්‍රදේශයකම ද්විත්ව උත්සාහ දරන දරුවන් කණ්ඩායමට බාප්දාදා පවසන්නේ: කලාපයක ඇති විවිධ නගරවල පිහිටි මධ්‍යස්ථාන කොපමණ තිබුණත්, මෙය, අංක එක වන ඔනෑම කණ්ඩායමකටයි. නිදසුනක් ලෙස අමරිකාවේ; අමරිකාව සමග කොපමණ නගර සහ රටවල් සම්බන්ද වී තිබේද, ඔවුන් සියළු දෙනාම තමන් අතරේ මෙය සාකච්ජා කර, ඔවුන් සියළු දෙනාම බාධක වලින් නිදහස්ව, නිති සූදානමින්, මායා පරාජය කරමින්, ආදරණීයව සහ සේවයේ සහයෝගශීලීව එහි සිටින බවට වැඩසටහනක් නිර්මාණය කළ යුතුයි. අංක එක වන අයට බාබා තෑග්ගක් ලබා දෙනවා. හොදයි එකක් නොවෙයි, බාබා තුන් දෙනෙකුට තෑගි ලබා දෙනවා. එක, දෙක සහ තුන - අංක තුනක්.

සාමාන්‍යයෙන් එය ලබා දෙන්නේ එක් කෙනෙකුට පමණයි, නමුත් ඔබ ද්විත්ව-උත්සාහ දරන්නන් නිසා තුන් දෙනෙකුට අවස්ථාව ලබා දෙනවා. ඔබ එයට කැමතිද? ඔව් ඔබට අත් වැනිය හැක. ඔබ එයට කැමතිද? ඔබට කෙතරම් කාලය අවශ්‍යද? තෑග්ග හිමි කරගැනීමට ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද කියා ඔය ගුරුවරුන් කිව යුතුයි. කතා කරන්න! (පෙබරවාරි වන විට) සියළුම රටවල ගුරුවරු අත් ඔසවන්න! එය හොදද? ඒ වන විට ඔබ සූදානමින් සිටියි නේද? එවිට බාප්දාදා තෑග්ගක් ලබා දෙනවා. ඉතා හොදයි. මේ සදහා ඔබට අත්පොලසන් ගැසිය හැක. අච්චා.

භාරතයටද වාරය පැමිණෙයි. දැන් එය ඔබගේ වාරයයි. බාප්දාදාටත් සතුටුයි. අපූරුයි තීව්‍ර උත්සාහ දරන දරුවන්! අපූරුයි! අච්චා. අපි දැන් කරන්න යන්නේ කුමක්ද? අච්චා.

එඩිතරකම, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් පියාසර කරන සෑම තැනකම සිටින ඔය සියළුම තීව්‍ර උත්සාහ දරන්නන්ට, ඇවිදින අයට නොවෙයි, නමුත් පියාසර කරන අයට, පරම පියා මෙන් පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට යන සහ බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින දරුවන්ට, නිරන්තරයෙන් පියා සමග ඒකාබද්ධ ස්වරූපය අත්විදින සහ එම ස්වරූපයෙන් උපකාර ලබා ගන්න අයට, පියාගේ බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ සෑම දරුවෙකුටම, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.

දාදීන්ට කතා කරමින්: ඔබ සියළු දෙනාම පියාට උපකාර කර තිබෙනවා නේද? දරුවන් සහ පියා යන දෙපිරිසගේම උපකාරයෙන් යග්යාව පැවතුන අතර නොකඩවාම පැවතෙයි. මේ සදහා ඔබත් උපකරණ නොවේද? ශාරීරික ස්වරූපයේදි, කෙනෙක් යමක් පැවසූ අතර අනෙක් කෙනා එය සිදු කළා. ඔබ එකිනෙකාට සහයෝගය ලබා දුන් අතර පියාසර කරයි. ඔබ පියාසර කිරීම දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. (එය දාදි ගුල්සාගේ ආශ්චර්යයක් බව, දාදී ජන්කි පැවසීය). ඇය කොහොමත් ඉන්නේ ඔබ සමගයි. උපකරණ වන ඔබ සියළු දෙනාම එක්කෙනෙක් ලෙස දිස් වීම, බාප්දාදාගේ පිවිතුරු ආශාවයි. ඔබ වෙනස් ලෙස දිස්වීම නොවෙයි, නමුත් සියළු දෙනාම එක්කෙනෙක් ලෙස දිස් විය යුතුයි. කෙනෙක් යමක් පැවසූ අතර තව කෙනෙක් ඇගේ අදහස ලබා දුන්නා, ඉන්පසුව ඔබ එකමුතු වුණා. යග්යාව තවමත් පවතින්නේ මේ නිසයි. එය ඔබ සියළු දෙනාගේ එකමුතුකමින් දිගටම පවතිනවා. පිටතින් එය නොපෙනෙන නමුත් ඔබගේ සිතිවිලි සහ අදහස් වලින් එකා මෙන් රැදී සිට, එමගින් ඉදිරියට ගමන් කරන්න, මන්ද සියළු දෙනාගේ බැල්ම දැන් තිබෙන්නේ ඔබ සියළු දෙනා මතයි. අච්චා.

වරදානය:
ඔබ නිරතුරුවම බලවත් ජීවාත්මයක් වී, ඔබගේ ශ්‍රේෂ්ඨ ආකල්පයෙන් වාතාවරණය පිවිතුරු කරත්වා.

තම ශ්‍රේෂ්ඨ ආකල්පය නිරන්තරයෙන් ස්ථාවරව රැදී තිබෙන අයව, කිසිම වාතාවරණයකින් හෝ චිත්ත තරංග මගින් චංචල කළ නොහැක. වාතාවරණයක් නිර්මාණය වන්නේ ඔබගේ ආකල්පයෙනි: ඔබගේ ආකල්පය උසස් නම්, වාතාවරණය පිවිතුරු වෙයි. සමහරු පවසන්නේ: මා මොනවා කරන්නද? වාතාවරණය එසේ වු නිසා, මගේ ආකල්පය එම වාතාවරණය නිසා කැලඹිල්ලට පත් වුණා. ඒ වෙලාවේ බලවත් ජීවාත්මයක් වනවා වෙනුවට ඔබ දුර්වල ජීවාත්මයක් විය. එබැවින්, ඔබගේ පොරොන්දුව අවධානයේ තබා ගැනීමෙන් ඔබගේ ආකල්පය ශක්තිමත් කරගන්න, එවිට ඔබ බලවත් වෙයි.

පාඨය:
ගුණධර්ම වල ප්‍රතිරුවක් වී, සියළු දෙනාව ගුණදම් වල ප්‍රතිරූ බවට පත් කිරීම යනු මහා දානපතියෙක් වීමයි.

අව්‍යක්ත සංඥාව: ඔබගේ විශ්වාසයේ අත්තිවාරම ශක්තිමත් කරගෙන නිරන්තරයෙන් නොබියව සහ සැහැල්ලුවෙන් රැදී සිටින්න.

එකිනෙකා කෙරෙහි සැබෑ සෙනෙහස පවත්වා ගන්න, එවිට ඔබ ආදරණීය ජීවාත්මයක් පිලිබදව කිසිවිටෙක පූර්ව නිගමනයකට නොපැමිණෙනු ඇත. ආදරණීය වදන්, සාමාන්‍ය වුවද, සාමාන්‍ය ලෙස නොදැනෙයි. සැහැල්ලුවෙන් පවසන ලද වචන, යම් හේතුවකට එම වදන් පැවසූ බව හැගෙයි. ඒවා අරුතක් නොමැති හෝ නිෂ්ඵල වදන් නොවෙයි. සෙනෙහස ඇති තැන, අනිවාර්යෙන් විශ්වාසය තිබෙයි. එබැවින් බ්‍රහ්මින් පවුල තුල, එකිනෙකා කෙරෙහි සෙනෙහස සහ විශ්වාසය තබා ගන්න, එමෙන්ම සම්පූර්ණයෙන් විශ්වාසනීය බුද්ධියක් තිබිය යුතුයි. ඔබට බ්‍රහ්ම පියාගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වන්නේ එවිට පමණයි.