29.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ වර්තමාන උපත ඉතාමත් වටිනාම වූ උපතයි. පාරිශුද්ධත්වයට පත් වී සාමාන්‍ය
මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරයෙක් වීම සඳහා ඔබ උත්සාහ දැරිය යුත්තේ මෙම උපතේදියි.
ප්‍රශ්නය:
දෙවියන්ගේ
දරුවන් කියා තමාව හඳුන්වා ගන්නා අයගේ ප්‍රධානම ධාරණාව කුමක්ද?
පිළිතුර:
ඔවුන් එකිනෙකා සමග ජීවත් වන්නේ කිරියි පැණියි වගේයි. කවදාවත් ඔවුන් ලුණු වතුර වගේ
වෙන්නේ නැහැ. ශාරීරික අවධානයේ සිටිනා මිනිසුන් වැරදි දේවල් කතා කරමින් සැම විටම
රණ්ඩු සරුවල් වෙනවා. දරුවන් වන ඔබලා තුළ එවන් පුරුදු නොතිබිය යුතුයි. මෙහිදී ඔබලා
දිව්‍යමය ගුණධර්ම උකහා ගෙන තමාගේ කර්මාතීත් තත්ත්වය ළඟා කර ගත යුතුයි.
ඕම් ශාන්ති.
දරුවන් වන
ඔබලාට පියා පළමුවෙන්ම කියන්නේ : ජීවාත්ම අවධානයට පත්වන්න! තමා ජීවාත්මයක් බව
සලකන්න. ගීතාව ආදියේ කුමන ආකාරයක දෙයක් සඳහන්ව තිබුණත් ඒ සියලුම ග්‍රන්ථ අයිති
වන්නේ භක්ති මාර්ගයටයි. පියා කියනවා : මම දැනුමේ සාගරයයි. දරුවන් වන ඔබලාට මම දැනුම
කියා දෙනවා. ඔහු කියා දෙන දැනුම කුමක්ද? ලෝකයේ, එනම්, නාටකයේ මුල, මැද හා අග
පිළිබඳව වූ දැනුම ඔහු කියා දෙනවා. මෙය ඉතිහාසය හා භූගෝලය පිළිබඳ වූ හැදෑරීමයි.
භක්ති මාර්ගයේ කිසිම කෙනෙක් ඉතිහාසය හෝ භූගෝලය හදාරන්නේ නැහැ; ඒ ගැන කතා කරන්නේ වත්
නැහැ. සන්යාසීන් හා පූජකවරුන් තමයි ග්‍රන්ථ හදාරන්නේ. බාබා නම් දරුවන්ට දැනුම කියා
දීමට පෙර කිසිම ග්‍රන්ථයක් හදාරන්නේ නැහැ. ඔහු මෙම දැනුම තුළින් සාමාන්‍ය මිනිසුන්ව
දේවතාවරුන් බවට පත්කරවනවා. ඔබ මෙහි පැමිණෙන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන්
දේවතාවරුන් බවට පත්වීමටයි. ඔබලා මිනිසුන් ඔවුනුත් මිනිසුන්. මිනිස්සු “අහෝ
පාරිශුද්ධකරුවාණෙනි!” කියා කන්නලව් කරනවා. දේවතාවරුන් පාරිශුද්ධයි; ඔවුන් ඉදිරියේ
හිස නමනා අනිකුත් සියලුම මිනිසුන් අපිරිසිදුයි. ඔවුන්, තමන් අපිරිසිදු අය කියාත්
දේවාතාවරුන් පාරිශුද්ධ අය කියාත් සළකනවා, නමුත්, දේවතාවරුන් පාරිශුද්ධ වූයේ කෙසේද?
ඔවුන්ව පාරිශුද්ධ කෙරෙව්වේ කවුද? කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. එමනිසා, පියා
පැහැදිලි කර කියා දෙනවා : තමා ජීවාත්මයක් බව සලකා පියාව සිහිපත් කරන්න. මෙයට
උත්සාහයක් අවශ්‍යයි. ශාරීරික අවධානයට පත් නොවන්න. ජීවාත්ම අවිනාශි වන අතර ජීවාත්මය
තුළ සංස්කාර පටිගතවී තිබෙනවා. ජීවාත්ම තමාගේ හොඳ හා නරක සංස්කාර තමා සමග ගෙන යනවා.
මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ : දැන් ජීවාත්ම අවධානයට පත්වන්න. කිසිම කෙනෙක්
තමන්ගේ ජීවාත්මය ගැන දන්නේ නැහැ. අන්ධකාර මාර්ගය ඇරඹෙන්නේ රාවණගේ රාජ්‍යය ඇරඹුණු
විටයි. එවිට සෑම කෙනෙක්ම ශාරීරික අවධානයට ලක්වෙනවා. පියා මෙහි අසුන්ගෙන සියල්ල
පැහැදිලි කරනවා. තමන් දැන් පැමිණ සිටින්නේ කා ළඟට දැයි කියා ඔබ දැන් දන්නවා. ඔබ
පැමිණ සිටින්නේ මොහු ළඟට නොවෙයි. මා මොහු තුළට ඇතුලු වෙනවා. මෙය ඔහුගේ උපත් ගණනාවේ
අවසානම උපතයි. කොයි වගේ උපත් ගණනාවක්ද? කල්ප භාගයක් පුරා පිරිසිදු උපත් තිබුණු අතර
ඉතිරි කල්ප භාගය පුරා තිබුණේ අපිරිසිදු උපත් බව ඔබට කියා දී තිබෙනවා. එමනිසා,
මොහුත් අපිරිසිදුයි. බ්‍රහ්මා තමාව දේවතාවරයෙක් ලෙස හඳුන්වා ගන්නේ නැහැ. ප්‍රජාපිතා
බ්‍රහ්මා දේවතාවරයෙක් වශයෙන් සිටි බව මිනිස්සු විශ්වාස කරනවා. මෙන්න මේ නිසා තමයි
ඔවුන් කියන්නේ: “දේව බ්‍රහ්මාට නමස්කාර වේවා” කියල. බාබා කියනවා : අපිරිසිදුව සිටි
බ්‍රහ්මා, ඔහුගේ උපත් ගණනාවක අවසානයේ දී පාරිශුද්ධත්වයට පත්වී පසුව දේවතාවරයෙක්
වෙනවා. ඔබලා බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියනුයි. ඔබලා බ්‍රහ්මින්වරුන් වන අතර
බ්‍රහ්මාත් බ්‍රහ්මින්වරයෙක්. දේවතාවරයෙක් කියා ඔහුට කතා කරන්නේ කවුද? බ්‍රහ්මාව
හඳුන්වන්නේ බ්‍රහ්මින්වරයෙක් වශයෙනුයි. දේවතාවරයෙක් ලෙස නොවෙයි. මෙම බ්‍රහ්මා
පාරිශුද්ධත්වයට පත්වුණු විටවත් විෂ්ණු වීමට පෙර, එනම්, ලක්ෂ්මි නාරයන වීමට පෙර
දේවතාවරයෙක් කියා කියන්නේ නැහැ. ඔබලා බ්‍රහ්මින්වරුනුයි. පළමුවෙන්ම මම ඔබලාව ශුද්‍ර
තත්ත්වයෙන් බ්‍රහ්මීන්වරුන් බවට පත්කරවනවා. පසුව බ්‍රහ්මින් තත්ත්වයෙන් ඔබලාව
දේවතාවරුන් බවට පත්කරවනවා. ඔබගේ මෙම වර්තමාන උපත ඉතාමත් වැදගත්ම උපතයි. කර්ම
වේදනාවන් පවා තිබුණා වුනත් බාබා කියන්නේ : දැන් තමා ජීවාත්මයක් බව සළකන්න. අඛණ්ඩව
ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. ඔබගේ පාප දුරුවී යන්නේ මෙම පුහුණුව ඇතිවිට පමණයි.
තමා ශාරීරික කෙනෙක්ය කියා සලකමින් ඔබට ඔබගේ පාප දුරුකර ගැනීමට හැකිවන්නේ නැහැ.
අශාරීරික ජීව බ්‍රහ්මින්වරුන් නොවේ. ශරීර ඇතිවිට පමණයි ඔවුන් බ්‍රහ්මින්, දේවතා හෝ
ශුද්‍ර තත්ත්වයට පත්වන්නේ. පියාව සිහිකිරීමට උත්සාහයක් දැරිය යුතුයි. මේකත්
හඳුන්වන්නේ පහසු යෝගාව කියලයි. පියා කියන්නේ : මෙම යෝගාව ඉතාමත් පහසුයි. ඔබගෙන්
ඇතැම් අයට මෙය ඉතාමත් අපහසු දෙයක්. ශාරීරික අවධානයට පත්වීම නිසා ඔබට නැවත නැවතත්
පියාව අමතක වෙනවා. ජීවාත්ම අවධානයට පත්වීමට ටික කාලයක් ගත වෙනවා. පියාව සිහිකිරීමේ
කාර්යයේ අඛණ්ඩව ස්ථාවරව සිටීමට තවමත් ඔබලාට බැහැ. ඔබ ඔබගේ කර්මාතීත් තත්ත්වයට
පත්වුණහොත් මෙම ශරීරයේ ඉඳීමට ඔබට බැහැ. ජීවාත්ම වන ඔබලා සම්පූර්ණයෙන්ම
පාරිශුද්ධත්වයට පත්වුන විට,ඔබලා සැහැල්ලු වන අතර කෂණයකින් ශරීරය අතහැර දමා යනවා.
පාරිශුද්ධ ජීවාත්මයකට අපිරිසිදු ශරීරයක ඉඳීමට බැහැ. මෙම දාදා සියල්ල ජයගෙන කියා
කියන්න බැහැ. ඔහුත් කියනවා: ස්මරණය සඳහා ලොකු උත්සාහයක් අවශ්‍යයි. ශාරීරික අවධානය
නිසා තමයි ඔබලා නිතර සණ්ඩු සරුවල් වෙමින් වැරදි වචන පවා කථා කරන්නේ. ජීවාත්ම වන අප
සෑම කෙනෙක්ම සහෝදරයින්. ජීවාත්මයට කිසිවක් සිදුවන්නේ නැහැ. සියලු පටලැවිලි ඇති වී
ඇත්තේ ශාරීරික අවධානය නිසයි. දරුවන් වන ඔබලා දැන් ජීවාත්ම අවධානයට පත්විය යුතුයි.
දේවතා වරුන් කිරියි පැණියි වගේ ජීවත් වෙනවා වගේ ඔබලාත්, එකිනෙකා සමග ජීවත් වන විට
කිරියි පැණියි වගේ ජීවත් විය යුතුයි. කවදාවත් ලුනු වතුර වගේ වෙන්න එපා. ශාරීරික
අවධානයේ සිටිනා මිනිසුන් වැරදි දේ කියමින් සෑම විටම රණ්ඩු සරුවල් වෙනවා. දරුවන් වන
ඔබලා තුළ එවන් පුරුදු නොතිබිය යුතුයි. මෙහිදී දේවතා වරුන් බවට පත්වීමට නම් ඔබලා
දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. ඔබ දැන් තම කර්මාතීට් තත්ත්වයට පත්විය යුතුයි.
ඔබගේ ශරීරයත්, මෙම ලෝකයත් දැන් පැරණි හා තමෝප්‍රධාන් බව ඔබට වැටහෙනවා. පැරණි දේ හා
පැරණි සබඳතා කෙරෙහි ඔබ තුළ නිරාශාවක් ඇති විය යුතුයි. ශාරීරික අවධානයේ සෑම පැත්තක්ම
අතහැර දමන්න. තමා ජීවාත්මයක් බව සලකා පියාව සිහිපත් කරන්න, එවිට, ඔබගේ පාප දුරු වී
යනු ඇත. දරුවන් රැසක් ස්මරණය යන කාරණයේදී පරාජයට පත් වෙනවා. දැනුම පැහැදිලි
කිරීමේදී ඔවුන් ඉතාමත් දක්ෂ අය වන නමුත් ස්මරණය සඳහා ඔවුන් දැඩි උත්සාහයක් දැරිය
යුතුයි. ඉතාමත් වැදගත් විභාගයක් තිබෙනවා. කල්ප බාගයක් පුරා පැරණි භක්තිවන්තයින් ලෙස
සිටි අයට පමණයි මෙම කරුණු අවබෝධ කර ගත හැක්කේ. ප්‍රමාද වී භක්ති මාර්ගයට පැමිණි අය
එතරම් දෙයක් තේරුම් ගන්නේ නැහැ. පියා මෙම ශරීරයට ඇතුළු වී කියන්නේ : මම සෑම වසර
5000කට වතාවක්ම පැමිණෙනවා. නාටකයේ මගේ චරිතය රඟපෑමට මා පැමිණෙන්නේ එකම එක වතාවයි.
මේ එම සංගම යුගයමයි. යුද්ධය ඉදිරියේම ඇත. මෙම නාටකය වසර 5000ක එකකි. චක්‍රයේ තවමත්
වසර 40,000 ක් තිබෙනවා නම් කුමක් සිදුවෙයිද? දෙවියන් පැමිණියත් තමන් ග්‍රන්ථ මාර්ගය
අතහරින්නේ නැහැයි කියා මිනිස්සු කියනවා. වසර හතලිස්දහසකට පසු පැමිණෙන්නේ කුමන
දෙවියන්දැයි කියා ඔවුන් දන්නේ නැහැ. ක්‍රිෂ්ණා දෙවියන් පැමිණේවි කියා ඇතැම් අය
විශ්වාස කරනවා. ඉදිරියට යන විට ඔබගේ නම තවත් ප්‍රසිද්ධ වේවි. කොහොමනමුත්, ඔබ තුළත්
ඒ තත්ත්වය තිබිය යුතුයි. එකිනෙකා සමග දැඩි සෙනෙහසකින් ඔබ ජීවත් විය යුතුයි. ඔබලා
බාබාගේ දරුවන්ය. ඔබලාව හඳුන්වන්නේ සත්‍යයේ සහායකයින් ලෙසයි. අපිරිසිදු භාරතය
පාරිශුද්ධ කිරීමට අපි උදව් කරනවා කියා ඔබලා කියනවා. බාබා, ඔබගේ ශ්‍රීමත් අනුගමනය කර
අපි සෑම කල්පයකදීම ජීවාත්ම අවධානයට පත්වෙනවා, ඒ වගේම එම යෝගා බලයෙන් අපගේ පාප
දුරුකර ගන්නවා. යෝගා බලය යනු නිහඬතාවයේ බලයයි. නිහඬතාවගේ බලයත් විද්‍යාවේ බලයත් අතර
දිවා රෑ වගේ වෙනසක් තිබෙනවා. තවත් ඉදිරියට යන විට තවත් දර්ශන රැසක් ඔබට ලැබේවි.
මුලදී දරුවන් රැසකටම දර්ශන ලැබුණා. එම චරිතය රඟදැක්වූ අය තවදුරටත් මෙහි නැහැ; මායා
ඔවුන්ව කා දමලා. ඔබ යෝගාවේ නොසිටිනා විට මායා ඔබව කා දමනවා. පරමාත්ම දෙවියන් තමාට
උගන්වනවායි කියා ඔබ දන්නා නිසා විනයානුකූලව ඔබ ඉගෙන ගත යුතුයි. නැතිනම්, ඔබට
හිමිවන්නේ ඉතාමත් පහළ තත්ත්වයකි. බොහෝ දඬුවම් විදීමටද ඔබට සිදුවනු ඇත. උපත් ගණනාවක්
පුරා මා පාපකාරීව සිටියා කියා ඔවුන් කියනවා. සත් යුගයේ රාවන ගේ රාජ්‍යය නැහැ.
එමනිසා, එහි කිසිම පාපායක් සම්බන්ධ කතාවක් ඇතිවන්නේ කෙසේද? එය සම්පූර්ණයෙන්ම
පාපයෙන් තොර රාජ්‍යයක්. එය රාමාගේ රාජ්‍යය වන අතර මෙය රාවණගේ රාජ්‍යයයි. මේ කාලයේ
සිටිනා සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්. දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ මට්ටම පරීක්ෂා
කර බැලිය යුතුයි. ඔබගෙන්ම අසාගන්න: මා බාබාගේ ස්මරණයේ කෙතරම් දුරට සිටිනවාද ?
කෙතරම් දුරට මා දිව්‍යමය ගුණධර්ම උකහා ගෙන තිබෙනවාද? ප්‍රධානම දෙය තමා තුළ කිසිම
දුර්ගුණයක් නැති බවට තමාවම පරීක්ෂා කර ගැනීමයි. මගේ කෑම, බීම කොයි වගේද? මා අනවශ්‍ය
දේ කථා කරනවාද? මා අනවශ්‍ය ලෙස බොරු කියනවාද? තමාගේ බඩ වියත සඳහා බොරු කීමට
සිදුවෙනවා. දානයක් දුන් විට තම පාප දුරුවී යනවා කියා මිනිස්සු විශ්වාස කරනවා.
කෙනෙක් හොඳ ක්‍රියාවක් කළ විට ඔහුට එහි හොඳ ඵලය ලැබෙනවා. කෙනෙක් රෝහලක් විවෘත
කළහොත් ඔහුට ඊළඟ උපතේදී හොඳ ශරීර සෞඛ්‍යයක් ලැබෙනවා. කෙනෙක් පාසැලක් ඉදිකළහොත්
හොදින් ඉගෙනගන්න පුළුවන් වේවි. නමුත් පාපයන්ගෙන් බේරීමට හැකිවන්නේ කෙසේද? ඒ සඳහා,
ගංගා වලට ගොස් ස්නානය කළ යුතුයි කියා ඔවුන් සිතනවා. මුදල් දානය කරනා ඕනෑම කෙනෙක්
ඔහුගේ ඊළඟ උපතේදී එහි ඵලය ලබනා නමුත්, ඔහුගේ පාප දුරුවෙනවා කියා දෙයක් එහිදී
සිදුවන්නේ නැහැ. එය හුදෙක් මුදල් ගණුදෙනුවක් පමණයි. දෙවියන්ගේ නාමයෙන් දානය කළා
නම්, දෙවියන් ඒ සඳහා තාවකාලික ඵලයක් ලබා දෙනවා. මෙහිදී ඔබලා පාරිශුද්ධව සිටිය
යුතුයි. පියාව සිහිකරනවා ඇරෙන්න ඔබට පාරිශුද්ධ වීමට වෙන කිසිම ක්‍රමයක් නැහැ.
පාරිශුද්ධ අයට අපිරිසිදු ලෝකය තුළ සිටින්න බැහැ. මිනිස්සු දෙවියන් ගේ නාමයෙන් දාන
දෙනවා. දෙවියන් කියනවා : මා දැන් ඔබව පාරිශුද්ධත්වයට පත්කරවීම සඳහාම පැමිණ සිටිනවා.
මම තමයි දාන පතියා; ඔබ මට දුන් දෙයට මා ප්‍රති උපකාරයක් දක්වනවා. මම මා වෙනුවෙන්
කිසිවක් තියා ගන්නේ නැහැ. මෙම ගොඩනැගිලි ආදිය තනා ඇත්තේ දරුවන් වෙනුවෙනි. සන්යාසීන්
ලොකු ලොකු මාලිගා ආදිය තමා වෙනුවෙන් තනනවා. මෙහි, ශිව බාබා තමාවෙනුවෙන් කිසිම දෙයක්
හදන්නේ නැහැ. ඔහු කියනවා : ඔබගේ ගණුදෙනුව සෘජුවම සිදුවන දෙයක් නිසා උපත් 21ටම නව
ලෝකයේදී එහි ඵලය ඔබට ලැබෙනවා. ඔබ දුන් සෑම මුදලක්ම යෙදවෙන්නේ ඔබ වෙනුවෙන්මයි. මම
භක්ති මාර්ගයේදීත් දානපතියා වන අතර දැනුත් දානපතියාමයි. එය වක්‍රාකාරව සිදුවන්නක්
වන නමුත් මෙය සෘජුවම සිදුවෙයි. බාබා කියනවා : ඔබ ළඟ තිබෙන සෑම මුදලක්ම අන් අයට යහපත
ගෙනදීම සඳහා මධ්‍යස්ථානයක් විවෘත කිරීමට යොදවන්න. මමත් මධ්‍යස්ථාන විවෘත කරනවා.
දෙන්නේ දරුවන් වන ඔබයි, මා උදව් කරන්නේත් දරුවන් වන ඔබටමයි. මා පැමිණ මොහුගේ ශරීරයට
ඇතුළු වෙනවා. මම මාගේ කාර්ය කරගන්නේ මොහු හරහායි. මා දිව්‍යලෝකයට යන්නේ නැහැ. මේ
සියල්ල ඔබටයි. මා අභෝක්තායි (කිසිඳු අත්දැකීමක් අත් නොවිදින්නා). මා කිසි දෙයක්
ගන්නේත් නැහැ. මගේ කකුල් ළඟ වැද වැටෙන්න කියා කියන්නේත් නැහැ. දරුවන් වන ඔබගේ
ඉතාමත් කීකරුම සේවකයා මමයි. ඔහු ඔබගේ මව, පියා වගේම ඔබගේ සියල්ලම වෙන බවත් ඔබට
තේරෙනවා. ඔහු අශාරීරිකයි. ගුරු කෙනෙක් තමාගේ මව හෝ පියා කියා ඔබ කවදාවත් කියනා එකක්
නැහැ. ගුරු කෙනෙක්ව හඳුන්වන්නේ ගුරු කියලයි. ගුරුවරයෙක්ව හඳුන්වන්නේ ගුරුවරයෙක්
ලෙසයි. නමුත් ඔබ ඔහුට මව හා පියා කියා කයනවා. පියා කියනවා : මම සෑම කල්පයකදීම එක්
වරක් පැමිණෙනවා. සෑම මාස 12ට වරක්ම ඔබ ශිව ජයන්තිය සමරනවා. නමුත් ශිව බාබා ආවේ
කවදාද, ඔහු පැමිණි පසු කළේ කුමක්ද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. බ්‍රහ්මා, විෂ්ණු හා
ශන්කර් ගේ රාජකාරිය ගැනවත් ඔවුන් දන්නේ නැහැ. එම රූපයේ ඉහළින් තිබුණු ශිව බාබාගේ
රූපය ඔවුන් ඉවත් කරලා. ශිව බාබා තමයි කරන්කරවන්හාර්. ඔහු බ්‍රහ්මා හරහා ක්‍රියා
කරනවා. බාබා මොහුගේ ශරීරයට ඇතුළු වී ඔබ විසින් කළ යුතු දේ පෙන්වන්නේ කෙසේද කියා
දරුවන් වන ඔබලා දන්නවා. ඔහුම මොහුට කියනවා : ඔබත් ඒ වගේ කළ යුතුයි. පළමුවෙන්ම
හොඳින් ඉගෙනගන්න. බාබා ව සිහිපත් කර දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. ඔහුගේ ජීවාත්මය
කථා කරනවා සේ මොහුත් කියනවා: මමත් බාබාව සිහිපත් කරනවා. බාබා මාත් සමගම සිටිනවා වගේ
තමන් දැන් නව ලෝකයේ පාලකවරුන් බවට පත් වීමට යනවා යන්න ඔබගේ සිහියේ තිබෙනවා. එමනිසා,
ඔබගේ හැසිරීමත් කෑම බීමත් වෙනස් විය යුතුයි. පාප සියල්ල අත් හල යුතුයි. ඔබ මෙහිදීම
අළුත් වෙනසක් විය යුතුයි. ඔබ කෙතරම් දුරට තමාව උසස් කරගෙන තිබෙනවාද කියන එක මත
ශරීරය අතහැර ගිය පසු ඔබ උසස් පවුලක උපත ලබාවි. පවුල් පවා ඇත්තේ එක් පිළිවෙලකටයි.
මෙහිදීත්, ඇතැම් අය ඉතාමත් හොඳ පවුල්වලට අයිති අයයි. සහෝදරයින් හතර පස් දෙනෙක් එකටම
ජීවත් උනත් කවදාවත් සණ්ඩු සරුවල් වෙන්නේ නැහැ. තමන් අමරණීය දේශය වෙතට එනම්, මරණය
විසින් තමාව කා නොදමනා දේශය වෙතට යමින් සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා. බිය
පිළිබඳ ප්‍රශ්නයක් මෙහිදී නැහැ. මෙහි දවසින් දවස බය වැඩි වෙනවා. ඔබට පිටතට යාමටත්
බැරි වේවි. ඉතාමත් ටික දෙනෙක් පමණයි මෙම දැනුම ඉගෙන ගන්නේ කියා ඔබත් දන්නවා. ඇතැම්
අයට මෙය හොදින් තේරුම් ගත හැකි අතර ඒක ඉතාමත් හොඳ බවත් ලියනවා. එවන් දරුවනුත්
අනිවාර්යෙන්ම පැමිණේවි. අධිරාජ්‍යයක් ස්ථාපනය විය යුතුයි. ඉතිරි වී ඇත්තේ ඉතාමත්
ටික කාලයයි. ස්මරණ වන්දනාවේ තරඟ කරනා උත්සාහවන්ත දරුවන්ව පියා හරියට ප්‍රශංසා
කරනවා. ප්‍රධානම කාරණය ස්මරණයයි. ඔබගේ සියලුම පැරණි ගිණුම් පියැවෙන්නේ මෙම
ස්මරණයෙනුයි. ඇතැම් දරුවන් බාබාට ලියනවා: බාබා, මම සෑම දිනකම මෙතරම් පැය ගණනක්
බාබාව සිහි කරනවා. එවිට බාබා හිතනවා, ඔහු ඉතාමත් හොඳ උත්සාහ වන්තයෙක් කියලා. ඔබ
උත්සාහ දැරිය යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ : එකිනෙකා සමග සණ්ඩු සරුවල්
වෙන්න එපා. සත්තු තමයි එහෙම කරන්නේ. සණ්ඩු සරුවල් වීම ශාරීරික අවධානයයි. එමගින් ඔබ
පියාගේ නම අගෞරවයට ලක් කරනවා. සත්ගුරුව අපහාසයට ලක් කරනා කෙනෙක්ට අවසානය කරා යා
නොහැකියි කියා කියන්නේ පියා ගැනයි. කොහොමනමුත්, පූජකවරුන් එය තමාට අයිති කරගෙන
තිබෙනවා. ඔවුන් තමන්ට ශාප කරයි කියා කාන්තාවන් තුළ තියෙන්නේ බයක්. තමන් දැන්
සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වෙනවා කියා ඔබ දන්නවා. අමරණීයත්වයේ
සැබෑ කථාන්දරයට ඔබ දැන් අහුම් කන් දෙනවා. ඔබ කියනවා : ශ්‍රී ලක්ෂ්මි හා ශ්‍රී
නාරායනගේ තත්ත්වය දිනා ගැනීමට අපි මෙම පාසලට පැමිණෙනවා. වෙන කොහේවත් එහෙම කියන්නේ
නැහැ. අපි දැන් නිවස බලා යා යුතුයි. මේ සඳහා අවශ්‍ය ප්‍රධානම උත්සාහය ස්මරණයයි.
කල්ප බාගයක් පුරාම ඔබලාට කිසිම ස්මරණයක් තිබුණේ නැහැ. මෙම එකම එක උපතේදී ඔබ දැන්
බාබාව සිහි කළ යුතුයි. ඔබ විසින් දැරිය යුතු උත්සාහය මෙයයි. ස්මරණය සමගින් ඔබ
දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. කොහොමනමුත්, කිසියම් හෝ පාපාකාරි ක්‍රියාවක්
කළහොත් 100% ක දඬුවම් විදීමට සිදුවෙනවා. උත්සාහ දරා වර්ධනය විය යුතුයි. ශරීරය හරහා
ඉගෙන ගෙන නීතිඥයින් හා වෛද්‍යවරුන් බවට පත්වන්නේ ජීවාත්මයයි. ලක්ෂ්මී හා නාරායන
තත්ත්වයන් ඉතාමත් උසස්. පසුව ඔබට බොහෝ දර්ශන ලැබේවි. ඉහළම ඉහළ වංශයට අයත් උසස්
බ්‍රහමින්වරුන් ඔබලායි. ඔබලා ස්වදර්ශන චක්‍රය කරකවන්නනුයි. කල්පයකට පෙරත් ඔබ මෙම
දැනුමට ඇහුම්කන් දුන්නා. අසා සිටීමෙන් තත්ත්වයක් දිනා ගත්තා. පසුව මෙම දැනුම නැති
වී ගියා. ඒ සියලුම ග්‍රන්ථ අදාල වන්නේ භක්ති මාර්ගයටයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තමාවම
පරීක්ෂාකර බලමින් තමාගෙන්ම අහන්න : මම කොතෙක් දුරට බාබාව ස්මරණය කරමින් සිටිනවාද?
කෙතරම් දුරට මා දිව්‍යමය ගුණධර්ම උකහා ගෙන තිබෙනවාද? මා තුළ කුමන හෝ ආකාරයක
දුර්වලතාවයක් තිබෙනවාද? මගේ ආහාර පාන, ක්‍රියාවන් හා හැසිරීම රාජකීයද? මම අනවශ්‍ය
දේ ගැන කථාබස් කරනවාද? මම බොරු කියනවාද?
2. ඔබගේ ස්මරණ
වාර්තාව වැඩිදියුණු කරගැනීමට නම් තමා ජීවාත්මයක් වශයෙන්, සහෝදරයින් වශයෙන් සැලකීම
පුරුදු පුහුණු කරන්න. ශාරීරික අවධානයෙන් ඈත්ව සිටින්න. තමා සඳහා ඉතාමත් අඛණ්ඩ හා
ස්ථාවර තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට කාලය යොදා ගන්න.
වරදානය:
ඔබ මායා පරාජය
කරන සහ ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අයෙක් වී, පංච මහා භූතයන් සහ අවගුණ පහ ඔබගේ
සේවකයන් බවට පත්කර ගනිත්වා.
සත් යුගයේ ලෝක
අධිරාජයාගේ සහ ලෝක අධිරාජිනියගේ රාජකීය ඇදුමේ සළුපට අල්ලන්නේ දාසියන්ය. ඒ අන්දමින්ම
සංගම යුගයේ ඔය දරුවන් මායා පරාජය කරන්නන් සහ ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අය, යන
නම්බු නාම ඇදුමින් සැරසී සිටිය යුතුයි. එවිට පංච මහා භූතයන් සහ පංච පාපයන්, පිටුපස
සිට ඔබගේ ඇදුම අල්ලා සිටියි, එනම්, ඒවා ගමන් කරමින් ඔබට යටත් වෙයි. මේ සදහා
අධිෂ්ඨානයේ බඳ පටියෙන් ඔබගේ නම්බු නාම ඇදුම තද කරගන්න, විවිධ ඇදුම් ආයිත්තම් සහ
ආභරණ වලින් සැරසී පියා සමග සිටින්න. එම පාපයන් සහ පදාර්ථ එවිට පරිවර්ථනය වී ඔබගේ
සහයෝගී සහකරුවන් වෙයි.
පාඨය:
ඔබ විස්තර කරන
ගුණධර්ම සහ බල තුළ ගිලී සිටින්න. ශ්‍රේෂ්ඨතම අධිකාරිත්වය අත්දැකීම්ය.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ඔබ පරම පියා සමග
ඒකාබද්ධ වී සිටින බව සැලකීමෙන්, සර්ව බලධාරියා ඔබගේ සහකරු වෙයි. එබැවින් නැසෙන සුළු
සහකරුවෙක් සිටීම පිළිබද සිතිවිල්ලක් ඔබට තව දුරටත් ඇති නොවෙයි. හිරු ඉදිරියේ
අන්ධකාරයට සිටිය නොහැකි සේම, සර්ව බලධාරියා ඉදිරියේ මායාගේ කිසිම නිෂ්ඵල
සිතිවිල්ලකට සිටිය නොහැක. ඔබට පහර දීමට පෙර, ඕනෑම සතුරෙක් ප්‍රථමයෙන් ඔබව හුදකලා
කරයි, එබැවින් කිසිම විටෙක තනි නොවන්න.