29.06.25    Avyakt Bapdada      Sinhala Murli     31.12.2005    Om Shanti    Madhuban


නව වසරේ දී, ඔබේ පැරණි සංස්කාර යෝගා ගින්නෙහි පුළුස්සා දමා,
බ්‍රහ්ම පියා මෙන් අත්හැරීම, තපස්‍යා සහ සේවයෙහි අංක එක වන්න.


අද, බාප්දාදා, ඔබ සැමට සෑම තැනකින්ම, බාබා ඉදිරිපිට පෞද්ගලිකව වාඩි වී සිටියත්, ඔහුගේ හදවතට සමීපව දුරින් වාඩි වී සිටියත්, සුබ පැතුම් වර්ග තුනක් ලබා දෙයි. පළමුව, නව ජීවිතයට සුබ පැතුම්, දෙවනුව, නව යුගයට සුබ පැතුම් සහ තෙවනුව, මෙම අලුත් අවුරුදු දිනයට සුබපැතුම්. ඔබ සැම මෙහි පැමිණ ඇත්තේ අලුත් අවුරුද්දට සුබ පැතුම් දීමට සහ ගැනීමටයි. ඇත්ත වශයෙන්ම, ඔබ බ්‍රාහ්මණ ජීවාත්ම පමණක් සැබෑ හදවතකින් සතුටේ සුබ පැතුම් ගෙන සුබ පැතුම් ලබා දෙයි. අදට විශාල වැදගත්කමක් ඇත. එය සමුගැනීමක් (විදායි) සහ සුබපැතුම් (බදායි) ද වේ. එය සමුගැනීමේ සහ සුබ පැතුම් වල සංගම් යුගයයි. අද සංගම් දිනය ලෙස හැඳින් වේ. සංගම් යුගයේ ප්‍රශංසාව ඉතා ශ්‍රේෂ්ඨයි. සංගම් යුගයේ ප්‍රශංසාව නිසා, පැරණි වසරේ සහ අලුත් අවුරුද්දේ සංගම් ඉතා උත්කර්ෂවත් ලෙස සමරන බව ඔබ සැම දනී. සංගම් යුගයේ ප්‍රශංසාව නිසා තමයි පැරණි අවුරුද්දේ සහ අලුත් අවුරුද්දේ සංගම් ප්‍රශංසාව තියෙන්නේ. ගංගා දෙකක් හමු වන සංගම් ස්ථානයක් ගැනත් ප්‍රශංසාවක් තියෙනවා. ගංගාවක් සාගරයක් හමුවන සංගම් ස්ථානයක් ගැනත් ප්‍රශංසාවක් තියෙනවා. කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨතම ප්‍රශංසාව වන්නේ මේ සංගම් යුගයයි, ඉතාමත් සුබ යුගයයි, එහි දී ඔබ වාසනාවන්ත බ්‍රහ්මණ ජීවාත්ම වාඩි වී සිටිනවා. ඔබට මේ කුල්මත්භාවය තියෙනවා නේද? ඔබ ජීවත් වන්නේ කුමන කාලපරිච්ඡේදයකදැයි ඔබෙන් ඇසුවොත්, ඔබ ජීවත් වන්නේ යකඩ යුගයේ ද නැතහොත් ස්වර්ණමය යුගයේ ද යන්න, ඔබ කුල්මත් වී කුමක් පිළිතුරු දෙයි ද? මේ අවස්ථාවේ දී, අපි ජීවත් වන්නේ ඉතාමත් ශුභ දායක සංගම් යුගයකයි. ඔබ යකඩ යුගයේ නැත; ඔබ සිටින්නේ සංගම් යුගයේය. මෙම සංගම් යුගයට විශේෂ ප්‍රශංසාවක් ඇත්තේ ඇයි? එයට හේතුව පරමාත්ම දෙවියන් සහ දරුවන් අතර හමුවීම දැන් සිදුවන බැවිනි: එක් රැස්වීමක් සිදු වේ, වෙනත් කිසිදු යුගයක සිදු නොවන රැස්වීමක් සිදු වේ. ඉතින්, ඔබ මේ මේලාවේ සැමරීමට පැමිණ තිබෙනවා නේද? ඔබ සියලු දෙනාම මේ මේලාව සැමරීමට බොහෝ වෙනස් ස්ථාන වලින් පැමිණ ඇත. ඔබ කවදා හෝ ඔබේ සිහින තුළ පවා මේ ගැන සිතුවාද, ඔබ ජීවාත්මයන්ට එවැනි වාසනාවක් නාට්‍යයේ සටහන් වේවි කියලා? එය පටිගත කර ඇති අතර එය සටහන් කර ඇත්තේ ජීවාත්මයන්ට උත්තරීතර ජීවාත්මය හමු වීමටයි. සෑම දරුවෙකුගේම වාසනාව දැකීමෙන් පියා ද සතුටු වේ. වා! වාසනාවන්ත දරුවනි, වා! ඔබේ වාසනාව දුටු විට, ඔබ ස්වයංක්‍රීයව ඔබේ හදවතින්“වා! වා!” ගීතය ගායනා කරනවා නේද? වා මා (මම) වා! වා, මගේ වාසනාව! වා!වා, මගේ බාබා! වා! වා, මගේ බ්‍රාහ්මණ පවුල! වා!

ඉතින්, මේ සංගම අවස්ථාවේ දී, ඔබ සමුගත යුතු දේවල් ගැන ඔබම සිතා තිබේද? ඔබ සැම ඒ ගැන සිතුවාද? ඔබ සැමට සැමදා ඔවුන්ට සමුදිය යුතුයි, මන්ද ඔවුන්ට සැමදා සමු දීමෙන්, ඔබට සැමදා සතුටින් සැමරීමට හැකි වනු ඇත. ඔබේ මුහුණ දුටු විට, ඔබ ඉදිරිපිටට එන ඕනෑම ජීවාත්මයකට එම සුබ පැතුම් ලබාගෙන ඔවුන් සතුටු වෙයි. සැම විටම හදවතින් සුබ පැතුම් ලබා ගෙන සහ දානය කරන කෙනෙකු කෙබඳුද? සංගම යුගයේ දේවදූතයෙක්. මෙය සෑම කෙනෙකුගේම උත්සාහයක් නේද? බ්‍රාහ්මණයෙකුගෙන් දේව දූතයෙකු වීමට සහ දේව දූතයෙකුගෙන් දේවත්වයක් ලැබීම . ඔබ ඔබේ පවුලේ සහ ඔබේ ක්‍රියාවන්හි සියලු ආකාරයේ සිතුවිලි සහ බර පියාට දී තිබෙනවා නේද? ඔබ ඔහුට බරක් දී තිබේද නැතහොත් ඔබ සමඟ තවමත් කුඩා බරක් ඉතිරිව තිබේද ? මෙයට හේතුව, සුළු බරක් පවා ඔබට දේව දූතයෙකු වීමට ඉඩ නොදෙන අතර, පියා ඔබේ දරුවන්ගෙන් බර ගැනීමට පැමිණ ඇති බැවින්, ඔබේ බර ඔහුට දීම දුෂ්කරද? එය දුෂ්කරද පහසුද? තමන් තම බර භාර දී ඇතැයි සිතන අය, ඔබේ දෑත් ඔසවන්න! ඔබ එය දී තිබේද? ප්‍රවේශම්වන්න, ප්‍රවේශමෙන් සලකා බැලීමෙන් පසු ඔබේ අත ඔසවන්න. ඔබ බර දී තිබේද? අච්චා. ඔබ එය ලබා දී තිබේද? සුභපැතුම්! ඔබ එය දී ඇත්නම්, බොහෝ සුභපැතුම්! නැති අය ඒක තියාගෙන ඉන්නෙ මොකටද? ඔබ බරට ආදරෙයිද? ඔබ බරට කැමතිද? බලන්න, බාප්දාදා ඔබ හැමෝටම ළමයි කියන්නේ මොකටද? අහෝ මගේ නිදහස් අධිරාජ්‍ය දරුවනේ. කෙනෙක් තමන්ගේ බර ගැන කරදර වෙනවා. පියා බර ඉවත් කිරීමට පැමිණ ඇත, මන්ද පියා දකිනවා ඔබ දරුවන් උපත් 63ක් තිස්සේ ඔබේ බර උසුලා ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා බරවී ඇති බව. එබැවින්, පියා ආදරයෙන් ඔබේ බර ඔහුට භාර දෙන ලෙස දරුවන්ට පවසන බැවින්, ඔබ තවමත් ඒවා අල්ලාගෙන සිටින්නේ ඇයි? ඔබ බරට කැමතිද? සියල්ලටම වඩා සියුම් බර වන්නේ පැරණි සංස්කාර වල බරයි. බාප්දාදා මේ අවුරුද්දේ සෑම දරුවෙකුගේම වාර්තා දුටුවේය, මන්ද දැන් එය වසරේ අවසානයයි. ඔබත් අවුරුද්ද සඳහා ඔබේම වාර්තාව පරීක්ෂා කරගන්න. බාප්දාදා දැක්කේ මොකක්ද? සමහර දරුවන්ට, මේ පැරණි ලෝකය කෙරෙහි ඇති ඔවුන්ගේ ආකර්ෂණය ටිකක් අඩු වී ඇති බව. පැරණි සබඳතා කෙරෙහි ඇති මෙම ආකර්ෂණය ද අඩු වී ඇත, නමුත් බහුතරයකට, පැරණි සංස්කාර වල බර තවමත් පවතී. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, මනස හරහා වේවා - මනසෙහි අපිරිසිදු සිතුවිලි නොමැත - නමුත් නිෂ්පල සිතුවිලි වල සංස්කාර ප්‍රතිශතය තවමත් දෘශ්‍යමාන වේ. එය ඔබේ වචන වලින් දදෘශ්‍යමාන වේ. සබඳතා සහ සම්බන්ධතා වලදී ද, එක් සංස්කාරයක් හෝ තවත් සංස්කාරයක් තවමත් දෘශ්‍යමාන වේ.

ඉතින්, අද, සුබ පැතුම් සමඟින්, බාප්දාදා ඔබ සියලු දරුවන්ට මෙම සංඥාව ලබා දෙනවා: තවමත් ඉතිරිව ඇති මෙම සංස්කාරය යම් අවස්ථාවක දී ඔබව පරාජය කරන අතර, අවසානයේ දී එය ඔබව පරාජය කිරීමට උපකරණයක් වනු ඇත. එබැවින්, අද, සංස්කාර ආදාහන උත්සවය පවත්වන්න. ඔබ සෑම කෙනෙකුම ඔබේම සංස්කාර දන්නවා; ඔබට ඒවා අත්හැරීමට අවශ්‍යයි, ඔබට ඒවා එපා වී ඇත, නමුත් ඔබ ඒවා සදහටම පරිවර්තනය කිරීමේ දී දැඩි උත්සාහ දරන්නෙක් නොවේ. ඔබ උත්සාහ කරනවා, නමුත් ඔබ දැඩි උත්සා දරන්නෙක් නොවේ. මෙයට හේතුව කුමක්ද? ඔබට දැඩි උත්සාහයක් දැරීමට නොහැකි වන්නේ ඇයි? හේතුව මෙයයි: ඔබ රාවණා මරා දමනවා සේම, ඔබ රාවණා මරා දමනවා පමණක් නොව ,ඔබ ඔහුව පුළුස්සා දමයි, ඒ ආකාරයෙන්ම, ඔබ සංස්කාර මරා දැමීමට උත්සාහ කරන අතර, ඔවුන් පවා ටිකක් සිහිසුන් වේ. කෙසේවෙතත්, ඔවුන් පිළිස්සෙන්නේ නැති නිසා, ඔවුන් ඉඳහිට සිහිසුන්ව සිටීමෙන් අවදි වේ. මේ සඳහා, ඔබේ පැරණි සංස්කාර ආදාහන උත්සවය (සංස්කාර - පුද්ගලයෙකු මිය ගිය විට අවසන් උත්සවය) පවත්වා, ඒවා අලුත් අවුරුද්දේ යෝග ගින්නෙන් පුළුස්සා දැමීමට අධිෂ්ඨානශීලීව අවධානය යොමු කරන්න. මේ අලුත් අවුරුද්දේ ඔබ කළ යුත්තේ කුමක්දැයි ඔබ අසනවා, නේද? සේවය පිළිබඳ ප්‍රශ්නය වෙනස් කාරණයක්, නමුත් පළමුව එය ඔබටම අයත් කාරණයකි.ඔබට යෝග තියෙනවා, මොකද බාප්දාදා ඔබ දරුවන් යෝග අභ්‍යාස කරනවා පවා දකිනවා. ඔබ අම්රිත් වේලාවේ දී බොහෝ උත්සාහයක් දරනවා, නමුත් ඔබේ යෝග තපස්‍යය දැඩි ගින්නක ස්වරූපයෙන් නොවේ. ඔබ නිසැකවම බාබාව යම් සිහිපත් කරනවා, ඔබට හදවතින්ම කතා කරන බොහෝ දේ තිබෙනවා, ඔබ බාබාගෙන් බලය ලබා ගැනීමටත් පුරුදු වෙනවා, නමුත් ඔබ ඔබේ ස්මරණය එතරම් බලවත් කර නැහැ, ඔබට සමු දීමෙ සිතුවිල්ල තිබුණා නම්, ඔබට ඇත්තටම එයට සමුදීමට හැකි වේවි. ඔබ යෝග ගින්නක ස්වරූපයෙන් යෝග භාවිතා කරන්නේ නැහැ. එබැවින්, ඔබේ යෝග බලවත් කරන්න. විශේෂිත සංස්කාර පුළුස්සා දැමීමට අධිෂ්ඨානයෙ බලය විශේෂයෙන් අවශ්‍ය වේ. ඔබ කුමන ආකාරයක ස්ථාවර වීමට කැමතිද, ඔබ කොපමණ කාලයක් එහි ස්ථාවර වීමට කැමතිද, එක් සිතුවිල්ලක් පිළිබඳ අවධානය යොමු කරන්න , එවිට ඔබට එය පුළුස්සා දැමීමට හැකිවනු ඇත. මෙය යෝග ගින්න ලෙස හඳුන්වනු ලබන අතර, එහි සියලු නාම සහ ලක්ෂණ අවසන් වේ. ඔබ යමක් මරා දැමූ විට, මළ සිරුර තවමත් පවතී. එය පුළුස්සා දැමූ විට, එහි සියලු නාම සහ ලක්ෂණ අවසන් වේ. එබැවින්, මෙම වසරේ, ඔබේ යෝගය බලවත් අවධියකට ළඟා වීමට ඉඩ දෙන්න. ඔබ කුමන රැඳී සිටීමට කැමතිවුවත්, ඔබ මාස්ටර් සර්ව බලධාරීන් යම් දෙයක් විනාශ කිරීමට එම බලයට නියෝගයක් නිකුත් කලත්, එම බලය ඔබේ නියෝගයට කීකරු නොවිය හැකිය. ඔබ මාස්ටර් ලා. ඔබ ඔබව මාස්ටස්ලා ලෙස හඳුන්වන්නේ නැද්ද? මාස්ටර් කෙනෙක් නියෝගයක් නිකුත් කරන විට බලය නොපැමිණෙන්නේ නම්, ඒ තැනැත්තා මාස්ටර් කෙනෙක්ද? බාප්දාදා දැන් පවා දැකඇති පරිදි, එක් පැරණි සංස්කාරයක හෝඩුවාවක් ඇති අතර එම ලක්ෂණය සෑම විටම පරම්පරාවක් නිර්මාණය කරයි, එය ඔබව එය ක්‍රියාවට නැංවීමට පොළඹවයි. එවිට ඔබට සටන් කිරීමට සිදු වේ. එබැවින්, කාලයට අනුව, බාප්දාදා දරුවන්ගේ වර්තමාන සටන් ආකාරයට කැමති නැත. බාප්දාදා සෑම දරුවෙකුම මාස්ටර් කෙනකුගේ ස්වරූපයෙන් දැකීමට කැමතියි. ඔබ නියෝගයක් නිකුත් කරන විට, එම බලය පැමිණිය යුතුය.

ඉතින්, මේ වසරේ ඔබ වෙනුවෙන් කළ යුතු දේ ඔබ අසා තිබේද? බලවත්, නිදහස් අධිරාජයන් වීම සෑම කෙනෙකුගේම අරමුණයි. ඔබ සෑම කෙනෙකුගෙන්ම විමසූ විට, ඔවුන් පවසන්නේ කුමක්ද? අපි ලෝකයේ රාජ්‍යයට හිමිකම් කියන්නෙමු; අපි රාජ්‍යයට අයිතියක් ඉල්ලා සිටිමු. ඔබ ඔබව රාජයෝගීන් ලෙස හඳුන්වයි. ඔබ ප්‍රජායෝගීන් (ප්‍රජාව බවට පත් වන යෝගීන්) ද? මේ මුළු ලෝකයේම ප්‍රජා යෝගීන් එක් රැස් කරන කෙනෙක් සිටීද? රාජයෝගීන් නොවන ප්‍රජායෝගීන් සිටින කෙනෙක් සිටීද? ගුරුවරුනි, එවැනි කෙනෙක් සිටීද? ඔබේ කේන්ද්‍රයේ සිටින කිසිවෙකු ප්‍රජායෝගීන්ද? ඔබසැමට රාජයෝගීන් යැයි කියනු ලැබේ. ඔබ කිසිවෙක් ප්‍රජායෝගීන් ලෙස ඔබේ දෑත් ඔසවන්නේ නැත. ඔබ එයට කැමති නැත, නේද? පියාට ද මෙම ප්‍රබොධය තිබේ. සංගම් යුගයේ දී, සෑම දරුවෙකුම රාජකීය දරුවෙකු බව බාප්දාදා පවසයි. වෙන කිසිම පියෙකුට මෙතරම් ප්‍රබොධමත්ව තම සෑම දරුවෙකුම රජෙක් යැයි පැවසිය නොහැක. කෙසේවෙතත්, බාප්දාදා පවසන්නේ ඔහුගේ සෑම දරුවෙකුම ස්වයං-ස්වෛරී රජෙක් බවයි. ඔබ ප්‍රජායෝගීන් වීම සඳහා ඔබේ දෑත් ඔසවා නැත; එබැවින් ඔබ රජවරු නේද? කෙසේවෙතත්, ඔබ යමෙකුට එන්න කියා අණ කළත් ඔහු නොපැමිණෙන තරමට දුර්වල රජෙකු නොවිය යුතුය. දුර්වල රජෙකු නොවන්න. පිටුපස වාඩි වී සිටින අය කවුද? ඔබ රාජයෝගීන් බව විශ්වාස කරන අය, ඔබේ දෑත් ඔසවන්න! සමහරු ගැලරියේ පවා වාඩි වී සිටිති. (අද, ශාලාවේ සහ ගැලරියේ සහෝදර සහෝදරියන් 18,000 ක් සිටිති.) බාප්දාදා ඔබව දකියි. ගැලරියේ වාඩි වී සිටින අය, ඔබේ දෑත් ඔසවන්න!

ඉතින්, දැන්, මෙය අවසාන වාරය ආරම්භ කරනු ඇත. ඉතින් බාප්දාදා දැන් ඔබට මාස තුනක් දෙනවා. හරිද? බාබා ඔබට ගෙදර වැඩ දෙනවා, ඔබට වරින්වර ලබා දෙන ගෙදර වැඩ අවසාන පත්‍රිකාවේ රැස් කරනු ලැබේ. එබැවින්, මාස තුනක් සඳහා ඔබ එක් එක් කෙනා ඔබේ වාර්තාවන් පරීක්ෂා කළ යුතුයි. මම, මාස්ටර් සර්වබලධාරී, මගේ භෞතික අවයව හෝඕනෑම බලයක් ඇණවුම් කළ විට, එම නියෝගය ප්‍රායෝගිකව පිළිපැදිනවා ද නැද්ද? ඔබට මෙය කළ හැකිද? පළමු පේළියේ වාඩි වී සිටින අයට මෙය කළ හැකිද? ඔබේ දෑත් ඔසවන්න! අච්චා. මාස තුනක් තිස්සේ, ඔබේ පැරණි සංස්කාර කිසිවක් ඔබට පහර දීමට ඉඩ නොදෙන්න. නොසැලකිලිමත් නොවන්න! රාජකීය නොසැලකිලිමත්කම අවසානයේ එය සිදුවනු ඇතැයි සිතමින් එන්න ඉඩ නොදෙන්න. ඔබ බාප්දාදා සමඟ ඉතා මිහිරි සංවාද පවත්වයි. ඔබ මෙසේ කියයි: “බාබා, කරදර නොවන්න, මම ඒ බවට පත් වෙමි.” බාප්දාදා කුමක් කරයිද? ඔහු මෙයට සවන් දී සිනාසෙයි. කෙසේවෙතත්, ඔබ මේ මාස තුන පුරාම එසේ කතා කළහොත්, බාප්දාදා ඔබව විශ්වාස නොකරනු ඇත. ඔබ මෙයට එකඟද? ඔබේ දෑත් ඔසවන්න! රැස්වීමේ සිටින නිසා පමණක්නොව, ඔබේ හදවතින්ම ඔබේ අත ඔසවන්න. “මම එය කළ යුතුයි; මට ඉවසා සිටිය යුතු දේ හෝ මට අත්හැරිය යුතු දේ කුමක් වුවත්, එය වැදගත් නොවේ. මම අනිවාර්යයෙන්ම මෙය කළ යුතුයි.” එය ස්ථිරද? ගුරුවරුනි, ඔබ මෙය කිරීමට යනවාද ?

අච්චා. ඔටුනු පැළඳ සිටින මේ දරුවන් කුමක් කරයිද ? (ඔටුනු පැළඳ සිටින කුඩා දරුවන් බාප්දාදා ඉදිරිපිට වාඩි වී සිටිති.) ඔබ ඉතා හොඳ ඔටුනු පැළඳ සිටී. ඔබත් මෙය කළ යුතුයි. අච්චා. බලන්න, දරුවන් පවා අත් ඔසවමින් සිටිති. ඔබ එය නොකළහොත් අපි කුමක් කළ යුතුද? ඔවුන්ටත් එය කියන්න. එසේනම්, බාප්දාදා ඔබට එක වාරයකටවත් පැමිණීමට ඉඩ නොදෙනු ඇත, මක්නිසාද යත් බාප්දාදා දකිනවා කාලය බලා සිටින බව. ඔබ කාලය එනතුරු බලා සිටින අය නොවේ; ඔබ ඔබම සූදානම් කරන අතර කාලය ඔබ එනතුරු බලා සිටී. ස්වභාවධර්මය, සතෝප්‍රධාන අංග, ඔබටත් ආරාධනා කරයි. එබැවින්, මාස තුන තුළ, තවමත් ඉතිරිව ඇති ඕනෑම සංස්කාරයක් පරිවර්තනය කිරීමට ඔබේ බලවත් අවධිය භාවිත කරන්න. ඔබ මාස තුනක් අවධානය යොමු කරන්නේ නම්, එම පුහුණුව අනාගතය සඳහා ද සංවර්ධනය වනු ඇත. පරිවර්තනය සඳහා ක්‍රමය ඔබ ඉගෙන ගත් පසු, එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ කාලය එනතුරු බලා සිටිය යුතු නැත. විනාශය කවදා සිදුවේද? විනාශය කවදා සිදුවේද? ඔබ සැම මෙය ඔබේ මිහිරි අභ්‍යන්තර සංවාදයෙ දි කතා කරයි. මම නොදනිමි කවදා විනාශය සිදු වෙයි ද කියලා. එය වසර දෙකකින් හෝ දහයකින් සිදුවේද? තව වසර කීයක් ඉතිරිව තිබේද?” ඔබ කාලය එනතුරු බලා සිටිය යුත්තේ ඇයි? කාලය ඔබ එනතුරු බලා සිටී. ඔබ පියාගෙන් දිනය කියන්නැයි ඉල්ලා සිටින්නේ, කුමන වසර දැයි කියා ඔබටපවසන්නද? “ඒ සඳහා වසර 10ක්, අවුරුදු 20ක් ගත වේද? ඒ සඳහා වසර කීයක් ගත වේද?”

බාප්දාදා ඔබ දරුවන්ගෙන් ප්‍රශ්නයක් අසයි: ඔබ සියලු දෙනාම පියාට සමාන වී තිබේද? අපි තිරරෙදි අරින්නද? නැතහොත්, තිර රෙදි ඇරියේ නම්, යමෙකු ඇගේ කොණ්ඩය පීරමින් සිටීද, යමෙකු ඇගේ මුහුණට ක්‍රීම් ආලේප කරයිද? ඔබ සැම විටම සූදානම් නම් සහ ඔබේ සංස්කාර අවසන් වී ඇත්නම්, තිර රෙදි ඇරීමට බාප්දාදාට කිසිදු කාලයක් ගත නොවනු ඇත. අඩුම තරමින් පළමුව සැම විටම සූදානම් වන්න! “මම ඒ බවට පත් වෙමි, මම ඒ බවට පත් වෙමි”යනුවෙන් පවසමින් ඔබ දිගු කලක් පියා සතුටු කර ඇත. දැන්, තව දුරටත් එසේ නොකරන්න. එය සිදුවිය යුතුයි. ඔබ එය කළ යුතුයි. ඔබ සැම පියාට සමාන වීමට ඔබේ දෑත් ඔසවන්න. ඒවා ඔසවන්න අවශ්‍ය නැහැ. බ්‍රහ්ම පියාණන් දෙස බලන්න. ඔබ ශාරීරික ස්වරූපයෙන් බ්‍රහ්ම පියා අනුගමනය කරනු ඇත, නේද? පියා බ්‍රහ්ම මෙය පෙන්නුම් කළේ අත්හැරීමෙන්, තපස්‍ය කිරීමෙන් සහ ශාරීරික ස්වරූපයෙන් අවසාන මොහොත දක්වා ප්‍රායෝගිකව සේවය කිරීමෙන්ය. ශිව පියාට අවසාන දිනය දක්වා උසස් අනුවාද යන් කථා කිරීමට ඉඩ දීමේ තම යුතුකම ඔහු ඉටු කළේය. ඔබට අවසාන මුරලි මතකද, නේද? වචන තුනේ ආශිර්වාදය ඔබට මතකද? (අශරීරක, නිකෙලෙස්, නිරහංකාරී.) එය මතක තබා ගන්නා අය, ඔබේ දෑත් ඔසවන්න! අච්චා, සෑම කෙනෙකුටම එය මතකයි. සුභ පැතුම්! ඔහුට අවසාන දිනය දක්වා අත්හැරීමක් තිබුණි. ඔහු තම පැරණි කාමරය අත්හැරියේ නැත. දරුවන් බ්‍රහ්ම පියාගෙන් (නව ගොඩනැගිලි වල ජීවත් වීමට) බොහෝ ආදරයෙන් ඉල්ලා සිටියත්, ඔහු දරුවන් වෙනුවෙන් සියල්ල නිර්මාණය කළ අතර ඔහු විසින්ම කිසිවක් භාවිත කළේ නැත. ඔහු සෑම විටම පාන්දර 2.30 හෝ 3.00ට අවදි වී තමා වෙනුවෙන් තපස්‍ය කළේය. ඔහු තම සංස්කාර පුළුස්සා දැමුවේ එලෙසිනි, මන්ද ඔහු කර්මතීත්, අව්යක්ත සහ දේවදූතයෙකු බවට පත් වූයේ එලෙසිනි. ඔහු සිතන ඕනෑම දෙයක් ප්‍රායෝගිකව කිරීමෙන් එය පෙන්නුම් කළේය. ඔහුගේ කතා කිරීම, සිතීම සහ කිරීම යන සියල්ල සමාන විය. පියා අනුගමනය කරන්න. අවසාන මොහොත දක්වාම ඔහු තම කාර්යයේ කාර්ය බහුල විය. ඔහු ලිපි ලිව්වා. ඔහු ලිපි කීයක් ලිව්වාද? ඔහු සේවය කිරීම නතර කළේ නැත. පියා අනුගමනය කරන්න. ඔහු අඛණ්ඩව මහා පරිත්‍යාගශීලියෙක් විය, හුදෙක් මහා පරිත්‍යාගශීලියෙක් පමණක් නොව, අවසාන මොහොත දක්වාම නිරන්තර (අඛණ්ඩ) මහා පරිත්‍යාගශීලියෙකුගේ ප්‍රායෝගික ස්වරූපය පෙන්නුම් කළේය. අවසාන මොහොත දක්වාම, ඔහු කිසිදු භෞතික සහයෝගයක් නොමැතිව තම තපස්වි ස්වරූපයෙන් වාඩි විය. දැන්, ඔබ දරුවන් වාඩි වීමට සහාය ලබා ගනී, නමුත් බ්‍රහ්ම පියා ආරම්භයේ සිට අවසානය දක්වා තපස්වි ස්වරූපයක් තබා ගත්තේය. ඔහු කණ්නාඩි පැළඳ සිටියේ නැත. මෙය සියුම් බලයකි. ආධාරයෙන් නිදහස්. ශරීරය පැරණි වන අතර, දිනෙන් දින දේශගුණය, වාතය සහ ජලය දූෂණය වෙමින් පවතී, මේ නිසා බාප්දාදා ඔබෙන් සහාය ලබා ගන්නේ ඇයි හෝ ඔබ කණ්නාඩි පළඳින්නේ ඇයි කියා අසන්නේ නැත. ඔබට ඒවා පැළඳිය හැකිය. කෙසේවෙතත්, ඔබ ඔබේ අවධිය නිසැකවම බලවත් කළ යුතුය. ඔබ මුළු ලෝකයටම සේවය අවසන් කර තිබේද? බාප්දාදා ඔබෙන් ප්‍රශ්නයක් අසයි: ලෝක යහපත සඳහා වූ සේවය සමාප්ත වී ඇති බවට ඔබ සැම සෑහීමකට පත්වේ ද? ඔබ එසේ ද? ලෝක යහපත සඳහා වූ කාර්යය සම්පූර්ණ වී ඇති බව විශ්වාස කරන අය, ඔබේ දෑත් ඔසවන්න! එකෙක්වත් නැද්ද? ඉතින්, විනාශය සිදුවිය යුතු යැයි ඔබ පවසන්නේ කෙසේද? ඔබ තවමත් ඔබේ කාර්යය සම්පූර්ණ කර නැත.

සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, ඔවුන්ගේ ධෛර්යය නිසා බාප්දාදාගෙන් මිලියන ගණනක උපකාර ලැබීමට සුදුසු දරුවන්ට, මේ කාලයේ නිරන්තරයෙන් ජයග්‍රාහී මැණික් වන ජයග්‍රාහී දරුවන්ට සහ සෑම චක්‍රයකම ජයග්‍රහණය කර ඇති, දැන් සිටින සහ සෑම චක්‍රයකම නියත වශයෙන්ම ජයග්‍රාහී දරුවන්ට, එකම පියාට නිරන්තරයෙන් අයත් වන සහ ආකර්ෂණයන් දෙකෙන්ම නිදහස් - ඔවුන්ගේ ලෝකයට හෝ පැරණි සංස්කාර වලට ආකර්ෂණය නොවන, පියාට නිරන්තරයෙන් සමාන එවැනි දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ නිරන්තර අවධානය යොමු කිරීම මගින් දීර්ඝ කාලයක් පුරා ජයග්‍රාහී වී ජයග්‍රාහී මාලාවේ ඇමිනෙත්වා.

දීර්ඝ කාලයක් පුරා ජයග්‍රාහී වූ අය ජයග්‍රාහී මාලාවේ පබළු බවට පත්වේ. ජයග්‍රාහී වීමට නම්, නිරන්තරයෙන් පියා ඔබ ඉදිරියේ තබා ගන්න: “පියා ක‍ළ ඕනෑම දෙයක් මා කළ යුතුයි.” සෑම පියවරකදී ම, පියාගේ සිතිවිලි මොනවාද දරුවන්ගේ සිතිවිලි ද එයම වේ, පියාගේ වචන මොනවාද දරුවන්ගේ වචනද එයම වේ; එවිට පමණක් ඔබ ජයග්‍රාහී වනවා ඇත. මෙම අවධානය සෑම විටම දිය යුතුය, මක්නිසාදයත්, එවිට පමණක් ඔබට රාජධානියේ වාසනාව සෑම කල්හිම ලැබෙනු ඇත, මන්ද, ඔබේ උත්සාහය කෙතරම්ද ඔබේ ඵලය එයට අනුව වේ. ඔබ සෑම විටම උත්සාහ කළහොත්, සෑම විටම රාජධානියේ වාසනාව ඔබට ලැබෙනු ඇත.

පාඨය:
සේවයේ නිරන්තරයෙන් සිටීම සෙනහසේ සැබෑ සාක්ෂියයි.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

කෙනෙකු කැඩපතක් ඉදිරිපිට සිටගෙන සිටින විට, ඔහුට තමාව දැකගත හැකිය. එලෙසම, ඔබේ ජීවාත්ම අවධාන ස්ථිතියේ කැඩපත, ඔබේ බලය ඉදිරිපිටට පැමිණෙන ඕනෑම ජීවාත්මයකට තත්පරයකින් ඔහුවම දැකගත හැකිය. ඔබේ සෑම ක්‍රියාවකම සහ ඔබේ හැසිරීම තුළ ආධ්‍යාත්මික ආකර්ෂණය තිබිය යුතුය. පිරිසිදු, නිර්මල සහ ජීවාත්ම අවධානයේ බලය ඇති ජීවාත්මයන් නිසැකවම සෑම කෙනෙක්වම ආකර්ෂණය කරයි.