29.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ මුල්ම ස්වභාවය මත ස්ථාවර වී එකිනෙකා හට ‘ඕම් ශාන්ති’ කියා සෙනෙහසින් යුතුව පවසන්න. මෙයද එකිනෙකා හට ගෞරව කිරීමකි.

ප්‍රශ්නය:
භක්ති මාර්ගයේ මෙන්ම මෙහිදීත් පියාට ආහාර පිළිගැන්වීමේ ක්‍රමයක් තිබෙන්නේ ඇයි?

පිළිතුර:
මන්ද, මෙය ද ඔහුට ගෞරව කිරීමක් වන නිසයි. ඔබ දන්නවා ශිව බාබා අශාරීරික, ඒ වගේම කිසිම දෙයක් අත්දකින්නේ නැති වුවත්, ඔහු කිසිම දෙයක් ආහාරයට ගත්තේ නැති වුවත්, සුවඳ ඔහු වෙත ළඟාවන බව. සැමටම විමුක්තිය ලබා දෙන්නා පරමාත්ම පියායි. පාරිශුද්ධකරු වන්නේත් ඔහුමයි. එමනිසා, ඔහුට අනිවාර්යෙන්ම ආහාර (භෝග්) පිළිගැන්විය යුතුයි.

ගීතය:
අපගේ වන්දනා ගමන අසහාය වූවකි!

ඕම් ශාන්ති.
’ඕම් ශාන්ති‘ යන වචනය දරුවන්ගේ හදවත්වලින් නැඟී ආවා. ඔබ කෙනෙක්ට ’නමස්තේ‘ කියන්නා සේම එම මිනිසාත් ඔබට ’නමස්තේ‘ කියා කියනවා. මෙහිදී පියා ඔබට කිව්වා ’ඕම් ශාන්ති‘. ඉතින් ’ඕම් ශාන්ති‘ යන්න, මෙම ජීවයත් ඇතුළුව සෑම දරුවෙක් තුළින්ම මතුවනවා. ඕම් ශාන්ති යනු, මා නම් වූ ජීවය සාමයේ ප්‍රතිමූර්තියක්ය යන්නයි. මෙයට ඔබ පිළිතුරක් දිය යුතුමයි. මෙය පිළිතුරක් තමයි. වෙන කිසිම කෙනෙක්ට තේරුමකින් යුතුව මෙය කියන්න බැහැ. පියා, ඥාන සූර්යයා, ’ඕම් ශාන්ති‘ කියා කියනවා. ඥාන චන්ද්‍රයාත් ’ඕම් ශාන්ති‘ කියා කියනවා. ඥාන තාරකාවනුත් ’ඕම් ශාන්ති‘ කියා කියනවා. මේ තාරකාවන්හී සෑම කෙනෙක්ම අන්තර්ගතයි. දරුවන් දැන් ඔබගේ මුල්ම ස්වභාවය දන්නවා. ඔබ සාමයේ ප්‍රතිමූර්තීන්. ඒ වගේම සාම දේශයේ වැසියන් බවත් දන්නවා. ඔබ ජීවය ගැන හොඳින් දන්නවා යන විශ්වාසය ඔබ තුළ තිබෙනවා. එය නිවැරදිව කියා තියෙනවා උසස් ජීවයක්, පාපකාරී ජීවයක්. ජීවයක් තම ශරීරය අතහැර තවත් එකක් ගන්නවා. කොහොමනමුත්, කිසිම කෙනෙකුට ජීවය පිළිබඳ වූ නිවැරදි අවබෝධයක් නැහැ. මා වන ජීවය ඉතාමත් කුඩායි! ජීවයක් උපත් 84ක කොටසක් රඟ දක්වනවා. ඔබ හෝ වෙන කිසිම කෙනෙක් හෝ මේ ගැන දැන සිටියේ නැහැ. දරුවන් වන ඔබ දැන් පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනවා. ඔබ පියාව ඔබට අයිති කර ගන්නවා. දරුවන් තම උරුමය ලබා ගැනීම උදෙසා පියාව තමන්ට අයිති කර ගන්නවා. දරුවන් දන්නවා ජීවයන් වන ඔබගේ ඒ අසීමිත වූ පියා මේ බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී තිබෙන බව. ඔහු බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී සිටින අතර ඒ ආදී සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරනවා. ආදී සනාතන දෙවි දේවතා ධර්මය, එනම්, සූර්ය වාංශික රාජ්‍යය මීට ඉහත කල්පයේදීත් ස්ථාපිත වූවා. පියා සෑම චක්‍රයකදීම මෙම ස්ථාපිත කිරීම කරනවා. ඔහුව හඳුන්වන්නේ පරමාත්ම දෙවියන් ලෙසයි. සෑම කෙනෙක්ම දෙවියන්ගෙන්, පියාගෙන් තම දුක ගලවා සතුට ලබා දෙන්න කියා අයදිනවා. ඔබ සතුට ලබා ගත් කල එය ඉල්ලන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී ඔබ අසතුටින් සිටින නිසා එය ඉල්ලනවා. මෙහිදී, බාබා ඔබට සියලුම දේ දෙන නිසා එහිදී ඔබට කිසිම දෙයක් ඉල්ලීම අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා තමයි සත් යුගයේදී කිසිම කෙනෙක් පියාව සිහි කරන්නේ නැත්තේ. දරුවන් වන ඔබව, ඒ සතුටු දේශයේ පාලකයන් බවට පත් කරවන බව පියා ඔබට විස්තර කර දී තිබෙනවා. දරුවන් දන්නවා මේ බාබාගෙන් ඔබ නැවතත් ඒ සතුටු දේශයේ උරුමය ලබන බව. ඔබ අසීමිත වූ පියාගෙන් අසීමිත වූ සතුටක් ලබනවා. ඔබට විස්තර කර දී තිබෙනවා මේ භක්ති මාර්ගය දිගින් දිගටම ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව. මේ මනුෂ්‍ය ලෝක ගසෙහි නිර්මාණය, පැවැත්ම හා විනාශය සිදුවන්නේ කෙසේද කියාත් ඔහු විස්තර කරනවා. එනම්, ඔහු මෙම නාටකයේ මුල, මැද හා අග ගැන විස්තර කරනවා. භෞතික ලෝකය මෙහි තිබෙනවා. එය තමයි, අශාරීරික ලෝකය. දරුවන් දැන් දන්නවා මේ සම්පූර්ණ චක්‍ර භාගය තුළම ඔබ භක්තියෙහි යෙදෙමින් සිටි බව. මේ තමයි කලි යුගයේ අවසානය. ඔබ උරුමය ලබන්නේ මේ සංගම යුගයේදී පමණයි. දරුවන් දැන් ඉන්නේ සංගම යුගයේ බව ඔබ ඉතාමත් පැහැදිලි ලෙස වටහා ගත යුතුයි. දරුවන් වන ඔබ පමණයි මෙය තේරුම් ගන්නේ. අනෙක් අයට ඔබ මෙම හැඳින්වීම ලබා දෙන තුරු ඔවුන් එය වටහා ගන්නේ නැහැ. පැරණි ලෝකය වෙනස් වී අළුත් ලෝකයක් බවට පත්වූ කල සංගම් යුගය අනිවාර්යෙන්ම එනවා. මේ මුළු ලෝකයම පරණයි. එය හඳුන්වන්නේ කලි යුගය ලෙසයි. ඔබත් දන්නවා මුලදී මේ මුළු ලෝකයේම තිබුණේ එකම එක ආගමක් පමණක් බව. නව ලෝකයේ තිබුණේ භාරත දේශය පමණයි. ඒ වාගේම එහි සිටියේ ඉතාමත්ම කුඩා මිනිසුන් කොට්ඨාශයක් පමණයි. දිව්‍ය ලෝකය ලෙස හඳුන්වන්නේ ඒ නව ලෝකය පමණයි. නව ලෝකයේ නව භාරතය තිබුණු බව මෙයින් ඔප්පු වනවා. දැන් පැරණි ලෝකයේ පැරණි භාරතය තිබෙනවා. නව ලෝකයේ නව භාරතය හා නව දිල්ලිය තිබිය යුතු බව ගාන්ධිජීත් කිව්වා. ලක්ෂ්මී හා නාරායනගේ රාජ්‍යයන් තිබුණේ නව භාරතයේයි. දැන් එම භාරතයේම රාවණ්ගේ රාජ්‍යය තිබෙනවා. ඔබ, නව ලෝකය, නවදිල්ලිය කියාත් ලිවිය යුතුයි. මෙම කාල පරිච්ඡේදයේ සිට, මෙම කාලපරිච්ඡේදය දක්වා ඇත්තේ මොහුගේ අධිරාජ්‍යයයි. මෙය විස්තර කළ හැක්කේ ඒ නව ලෝකය නිර්මාණය කරන තැනැත්තාට පමණයි. ඔහු බ්‍රහ්මා මාර්ගයෙන් ඒ සත් යුග නව ලෝකය ස්ථාපනය කරනවා. ඒ වගේම ඔබ මෙහි පැමිණ ඔබගේ උරුමය ලබා ගන්නවා. පියා ඔබට නොයෙකුත් ක්‍රම කියා දෙනවා. ඒ කියන්නේ ඔහු ඔබව උත්සාහ දැරීමට පොළඹවනවා. ඔබ ඔහුව පෞද්ගලිකවම හමුවීම සඳහා මෙහි එනවා. ඒ වාගේම ඔබත් මෙහි අසුන්ගෙන සිටින අතර ඉගෙන ගන්නවා. ඔබට පෞද්ගලිකවම ගොස් ඔහුව හමුවීමේ ආශාවක් තිබෙනවා. එහිදී තවත් මනුෂ්‍යයෙක්ව පෞද්ගලිකවම මුණගැසීමට යන්නේ මනුෂ්‍යයෙක්මයි. ඔබ කියනවා ඔබ මෙහි එන්නේ ශිව බාබා හමුවීමට කියා. ඔබ කියනවා ඔහු අශාරීරිකයි. ජීවයන් වන අපත් අශාරීරිකයි. අපත් අපගේ චරිත කොටස් රඟපෑම උදෙසා මෙහි එනවා. නමක් තිබෙන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන්ම නළුවෙක් වනවා. පරමාත්ම දෙවියන්ටත් නමක් තිබෙනවා. අශාරීරික වූ ශිවා, දෙවියන් ලෙස හඳුන්වනවා. වෙන කිසිම කෙනෙක්ව දෙවියන් ලෙස හැඳින්විය නොහැකියි. දෙවියන් ලෙස සිහිපත් වන්නේ ඒ අශාරීරික තැනැත්තා පමණයි. ඔහු වන්දනීයත්වයට ලක්වන අතර ජීවයනුත් වන්දනීයත්වයට පාත්‍ර වනවා. මිනිසුන් රුද්‍රාගේ යාග ගින්නක් පවත්වා මැටිවලින් පිළිම තනනවා. ඔබට ඒවා ගල්වලින් හෝ මැටිවලින් තැනිය හැකියි. ඒවා මැටිවලින් තනන කල, කැඩීම ඉතා පහසු වන අතර නැවත තැනීමත් පහසු වනවා. ලෝකයා මේවා ගැන දන්නේ නැහැ. බොහෝ ජිවයන් රුද්‍රාගේ යාග ගින්නෙහි වන්දනීයත්වයට ලක්විය හැකියි! දරුවන් බොහොමයක් ඉන්නවා! සෑම භක්තිවන්තයෙක්ම දෙවියන්ගේ දරුවෙක් වන අතර ඔවුන් පියාව සිහිපත් කරනවා. ශිව බාබා එන්නේ භාරතයට පමණක් බව බාබා විස්තර කර තිබෙනවා. භක්තිවන්තයින් සලිග්‍රාමයන් (කුඩා පිළිම) සාදමින් දෙවියන්ගේ උදව්කරුවන් වන ඔය දරුවන් ටික දෙනාට වන්දනා කරනවා. එහි කුඩා හා විශාල යාගහෝම තිබෙනවා. බොහෝ ධනවත් මිනිසුන් විශාල ගිනි යාග නිර්මාණය කරනවා. ඔවුන් සිය දහස් ගණන් පිළිම තනනවා. එය කුඩා යාගයක් නම් ඔවුන් නිර්මාණය කරන්නේ පිළිම පන් දහසක් හෝ දස දහසකි. ව්‍යාපාරිකයා කෙසේද, ගිනි යාගයත් ඒ අනුව වන අතර, ඔහුට බොහෝ සලිග්‍රාම් නිර්මාණය කළ හැකි වනවා. ඔවුන් එක ශිවා කෙනෙක් තනවන අතර අනෙක් සියල්ල කුඩා සලිග්‍රාමයන් වනවා. එවිට එපමණ බ්‍රහමින් දරුවන් සංඛ්‍යාවකුත් අවශ්‍ය වනවා. ඔබ බොහෝ දෙනා ගිනි යාග දැක තිබෙනවා. ඔබ දන්නවා, බාබා දරුවන් වන ඔබට සේවය කරන බව. පසුව අපි අන් අයට සේවය කරනවා. ඒ නිසා තමයි අපව වන්දනීයත්වයට ලක්වන්නේ. ඔබ දැන් වන්දනීයත්වයට ලක්වීමට තරම් බලවත් වනවා. ජීවය කියනවා බාබා, ඔබ සදා වන්දනීයත්වයට ලක්වන්නෙක්. ඔබ අපවත් වන්දනීයත්වය ලැබීමට තරම් බලවත් වු අය බවට පත්කරවනවා. වන්දනීයත්වයට පාත්‍ර විය හැකි ජීවයන් වන ඔබ ශරීරයක් ගත් කල ඔබව වන්දනීයත්වයට පාත්‍රවන දේවතාවන් ලෙස හඳුන්වනවා. ජිවය තමයි වන්දනා ලැබීමට සුදුසු වන්නේත්, වන්දනාකරුවෙක් බවට පත්වන්නේත්. පරම පියා එන්නේ එකම අවස්ථාවකදී පමණයි. පසුව පියා නැවතත් දරුවන්ට උගන්වන්නේ නැහැ. ජීවය තමයි සවන් දෙන්නේ. ජීවය තම ශරීරය මාර්ගයෙන් සවන් දෙන්නා සේ උත්තරීතර පියා, උත්තරීතර ජීවය මෙම ශරීරයේ සහය ලබාගෙන මොහු මාර්ගයෙන් සවන් දෙනවා. ඔහු අපට මොහු මාර්ගයෙන් රාජයෝගා උගන්වනවා. ඔහුට ඔහුටම කියා ශරීරයක් නැහැ. බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර්ට පවා තම සූක්‍ෂම ශරීර තිබෙනවා. මෙහිදී සෑම ජීවයකටම තමන්ට කියා ශරීරයක් තිබෙනවා. මෙය තමයි භෞතික ලෝකය. ශිව බාබා අශාරීරිකයි. ඔහු තමයි ඥාන සාගරය, සතුටේ සාගරය සහ සෙනෙහසේ සාගරය වන්නේ. ඔහු පැමිණ අපිරිසිඳු වී සිටින සෑම කෙනෙක්වම පිරිසිඳු කරවනවා. මෙහිදී කිසිම පෙළඹවීමක් ගැන ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. මම එවැනි පෙළඹවීමකින් ඔබව පිරිසිඳු කරවනවා නම් මෙම වාහනයේ සහාය ලබා ගන්නේ මොකටද? ශිව දේවාලය ඉදිරිපිට ඔවුන් ගොනෙක් පෙන්නුම් කරනවා. මනුෂ්‍යයින්ගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම ගලක් බවට පත්ව තිබෙන නිසා, ශිවා ඉදිරියේ ගොනෙක් පෙන්නුම් කරන්නේ ඇයි ද යන්න තේරුම් ගන්නේ නැහැ. ඔවුන් (ජදඅියැා) ගව මඩුව යන නම ඇසූ නිසා එහි ගොනෙක් තැනුවා! ගොනාව දැක්කුවේ කවුද? සත් යුගයේ ක්‍රිෂ්ණා ජීවය ස්ථාපිත වනවා. ඔහු මොකටද තිරිසනකුගේ ශරීරය තුළට යන්නේ? ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. එහි සිටියේ එක් ද්‍රෘපති කෙනෙක් පමණක් නොවේ. මේ ආකාරයෙන් කෑගසන බොහෝ දෙනා ඉන්නවා. ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණා සාරි බෙදා දෙන ආකාරයේ නාට්‍යයක් තනා තිබෙනවා. නමුත් ඔවුන් ඒ කිසිම දෙයක අර්ථය දන්නේ නැහැ. දරුවන් දැන් තේරුම් ගන්නවා ඔබ උපත් 21ක් පුරා කිසිම දෙයක් සමඟ පටලැවෙන්නේ නැති බව. මේ කාලයේදී සිදු වූ දේවල් පෙන්වීම සඳහා ඔවුන් පෙන්වා ඇති කාල පරිච්ජේදය දෙස බලන්න. භක්ති මාර්ගයේ කතා බොහොමයක් තිබෙනවා. ඒ සෑම කතාවක්ම සදාකාලිකයි කියා ඔවුන් කියනවා. නැවත නැවතත් උපත් ගනිමින් සිටියදී ඔවුන් ඒවාට සවන් දුන්නා. ඔවුන් කියනවා සදාකාලිකවම ඒවා දිගින් දිගටම සිදු වූ දේවල් කියලා. නමුත් එය ආරම්භ වූයේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. රාවණ්ගේ රාජ්‍යය පටන් ගන්නේ කවදාද කියා හෝ ඔවුන් දන්නේ නැහැ. මේ ගැන කිසිම සඳහනක් නැහැ. ඔබ බොහෝ සෙයින් සේවයෙහි යෙදෙනවා. කෙසේවෙතත්, ඉර, හඳ හා තරු කොහොමත් ස්ථාපිත වනවා. ඒවා සත් යුගයේ මෙන්ම මේ කාලයේදීත් ස්ථාපිත වනවා. ඒවා වෙනස් විය නොහැකියි. ඔබ දැන් උපකරණ බවට පත්ව සිටිනවා. භාරතය දැන් වැටී සිටින අන්ධකාරයෙන්, ආලෝකය වෙත රැගෙන ආ යුතුයි. අඳුර ලෙස හඳුන්වන්නේ භක්තියයි. ඔබව ප්‍රශංසනීයත්වයට ලක්වන්නේ පොළවේ තාරකාවන් ලෙසයි. තාරකාවන් තිබේනම් සූර්යයා හා චන්ද්‍රයා ද තිබිය යුතුයි. මෙය තමයි ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමන. මේ මරණීය දේශයට ඔබ නැවතත් නොඑන ආකාරයේ වන්දනා ස්ථානයකට තමයි ඔබ මේ යන්නේ. මෙය දැන් මරණයේ දේශය වන අතර, අමරණීයත්වයේ දේශය විය යුත්තේත් මෙහිමයි. මරණයේ දේශය ආරම්භ වන්නේ තඹ යුගයත් සමඟයි. ඔබ දැන් ඒ අමරණීයත්වයේ දේශය කරා යාම උදෙසා මේ අමරණීයත්වයේ සත්‍ය කතන්දරයට සවන් දෙනවා. ජීවයන් වන ඔබගේ වන්දනා ගමන අසහාය වූවක් බව ඔබට වැටහෙනවා. මෙහි අසුන්ගෙන සිටියදීම ඔබ වන්දනා ගමනේ යාමට උත්සාහ කරනවා. ඔබගේ පාපයන් නැති වී යන්නේ ස්මරණයෙන්ම පමණයි. මිනිසුන් වන්දනා ගමන් යනවා, නමුත් ඔවුන්ගේ පාපයන් නැති වි යන්නේ නැහැ. සමහර මිනිසුන්ගේ ඉතා බලවත් වූ පුරුද්දක් තමයි මත්පැන් පානය කිරීම. ඔවුන් ඒවා රහසේ ගෙන යෑමට තරම් පුරුදු වී සිටිනවා. අද කාලයේ වන්දනා ගමන්වල බොහෝ කිලිටි මිනිසුනුත් සිටිනවා. ඔවුන් සියලුම දෙනා අපිරිසිඳුයි! පූජකවරුන් අපිරිසිඳු වනවා සේ ඒ වන්දනාකරුවනුත් අපිරිසිඳුයි. මාර්ගෝපදේශකයන් ඔබව වන්දනා ගමනක ගෙන යනවා. නමුත්, ඔවුන් පවා අපිරිසිඳුයි. ඔබ පාරිශුද්ධත්වයෙන් ඉන්නවා. නියම බ්‍රහමිණ්වරුන් වන්නේ ඔබයි. ජීවයන් වන ඔබ පාරිශුද්ධත්වයෙන් ඉන්නවා. ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි යෙදීම මඟින් ඔබ පාරිශුද්ධත්වයට පත්වනවා. ඔබ සතෝප්‍රධාන් විය යුතුයි. බාබා නැවත නැවතත් ලියනවා සුමිහිරි දරුවනි! මේ ජීවයන් හට ලියන ශිව බාබායි. ඔහු කියනවා මා සිහිපත් කරන්න. එවිට ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වී සතෝප්‍රධාන් ලෝකයේ පාලකයන් බවට පත්වනු ඇත. මේ එකම එක උපදෙස තමයි ප්‍රධානම වූ දෙය වන්නේ. එය ඉතාමත් පහසුයි. ස්මරණයෙන් පමණයි ඔබගේ පාපයන් නැතිකර දැමිය හැකි වන්නේ. ඔබ ස්මරණයෙහි යෙදුනේ නැතිනම් පාපයන් නැතිකර දැමීමට නොහැකි වන අතර දඬුවම් ද විඳීමට සිදුවනවා. බාබා ඔබට කියනවා ඔබ යන ඕනෑම තැනක ඔබට ආදායමක් අත්කර ගත හැකියි. ඔබ මොනවා කළත්- කෑවත්, ඇවිදින්නට ගියත් -ඒ සෑම විටෙකම ශිව බාබාව සිහිපත් කරන්න. මෙය තමයි ඔබගේ ආදායම. දරුවන්ට මෙය තවත් පහසුයි! අවධානය ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රීනාථ කෝවිලේ ඔවුන් ශ්‍රීනාථගේ ස්මරණයේ සිට ඔහුට ආහාර පූජා කරනවා. එය ගල් පිළිමයක් පමණයි. ඔබ ආහාර පිළිගැන්විය යුත්තේ කාටද? මේ සඳහා උරුමය තිබෙන්නේ ඒ එකම එක ශිව බාබාට පමණයි. සැමටම විමුක්තිය දානය කරන්නාත් ඔහුයි. පාරිශුද්ධකරුත් ඔහුයි. පියා කියනවා මා එය පිළිගන්නේ නැහැ. ඔබ මට වතුරත්, ආහාරත් පූජා කරනවා. ඇයි? මම අශාරීරිකයි. මම කිසිම දෙයක් අත්දකින්නේත් නැහැ. ඔබ ඇයි මා වන්දනා කරන්නේ? ඔබ මා ඉදිරියේ ආහාර තබනවා. නමුත් භක්තිවන්තයින් මට ආහාර පූජා කර ඔවුන්ම ඒවා බෙදාගෙන කනවා. ශිව බාබාට ඔබ අනිවාර්යෙන්ම ආහාර පිළිගැන්විය යුතු බව ඔබ දන්නවා. පසුව ඔබ අතරම ඒවා බෙදාගෙන කනවා. මෙය හරියට ඔහුට ගෞරවයක් කරන්නා හා සමානයි. අපි ශිව බාබාට ආහාර පිළිගන්වනවා. මෙය ශිව බාබාගේ ගබඩාවයි. අනිවාර්යෙන්ම ඔබ ගබඩාව අයිති තැනැත්තාට ආහාරය පූජා කළ යුතුයි. ඔබ ආහාර පූජා කළත්, දරුවන්ම තමයි ඒවා කන්නේ. මේ බ්‍රහ්මා එය කනවා, නමුත් මම කන්නේ නැහැ. කොහොමනමුත්, මම අනිවාර්යෙන්ම එහි සුවඳ ආග්‍රහණය කරනවා. ’ඔබ ඉතාමත් හොඳ ආහාර සූදානම් කර තිබෙනවා‘. එසේ කීමට මට ඉන්ද්‍රිය තිබෙනවා. මේ බ්‍රහ්මාට එය ආහාරයට ගත හැකියි. මන්ද, මෙම ශරීරය ඔහුගේ නිසයි. මා කරන්නේ දරුවන්ව අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්කිරීම සඳහා ඔහු තුළට පැමිණ ඔහුගේ කට පාවිච්චි කිරීම පමණයි. මිනිසුන් ගෞමුඛ් (ගව මුඛය) ගැන කතා කරනවා. එහි ඇත්තම ගොනෙක් ඉන්නවා. ඔබ දන්නවා ඔහු මොහු මාර්ගයෙන් ඔබව අයත් කර ගන්නා බව. ඔහු මවත් වනවා, පියාත් වනවා. කොහොමනමුත්, මව්වරුන්ව රැකබලා ගන්නේ කවුද? එමනිසා, නාටක සැළැස්මට අනුව එහි උපකරණය හැටියට සරස්වතියව යොදාගනු ලැබුවා. ඔබගේ ගුරූ වන මව ගැනත් ප්‍රශංසනීයත්වයක් තිබිය යුතුයි. පළමුවන ගුරු වන මොහු බොහෝ ප්‍රසිද්ධ ගුරු බ්‍රහ්මා කියා කීම නිවැරදියි. පියා කෙසේද, දරුවනුත් ඒ ආකාරයමයි. බ්‍රහමිණ්වරුන් වන ඔබත් නියම ගුරූන් බවට පත්වනවා. ඔබ සෑම කෙනෙකුටම දිව්‍ය ලෝකය වෙත වූ නියම මාර්ගය පෙන්වා දෙනවා. ජීවය මෙම මුඛය මාර්ගයෙන් ඔබට මඟ පෙන්වනවා ’ඔබ මන්මනාභව වේවා, මධ්‍යජීභව වේවා‘. පියා, මව, දරුවන්, සියලුම දෙනා පෙන්වන්නේ එකම මාර්ගයයි. මෙහිදී ඔබ මුහුණට මුහුණලා සිටින විට ස්මරණය තිබෙනවා. පසුව ඔබ සියලු දෙනා ගෙදර ගිය කල, බොහෝ දෙනා මෙය අමතක කරනවා. ඔබ බාබා ළඟට පැමිණ සිටින නිසා මෙහිදී සතුට අත්දකිනවා. බාබා කියනවා ස්වදර්ශන චක්‍රධාරී බවට පත්වන්න. අනෙක් අයටත් මෙම ක්‍රමය කියා දෙන්න: විමුක්ති දේශයත්, පියාත්, ඔහුගේ උරුමයත් සිහිපත් කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම කෙනෙක්ටම හා පියාට නියම ගෞරවය දෙන්න. පරමාත්ම පියා කිසිම දෙයක් අත්දකින්නේ නැති වුවත් ඔබව ජීවත් කරවන්නා වූ ගබඩාව අයිති ඒකායන ඔහුට, ප්‍රථමයෙන් ඔබ ඔබගේ ආහාරය පූජා කළ යුතුයි.

2. වන්දනීයත්වයට සුදුසු වීම උදෙසා දෙවියන්ගේ සහකරුවන් බවට පත්වන්න. සේවයේදී පියාගේ සහකරුවෙක් බවට පත්වන්න. ජීවාත්මය සහ ශරීරය දෙකම පිරිසිඳු වූ කල ඔබ වන්දනීයත්වයට සුදුසු වනු ඇත.

වරදානය:
ඔබට සහ අන් සියල්ලන්ටම නීති ගරුක වී ඔබ නීති සම්පාදකයෙකු සහ නවලොව නිර්මාණකයෙකු වේවා.

තමන්ට නීතිගරුක වන අය අන් අයට ද නීතිගරුක වේ. ඕනෑම නීතියක් කඩ කරන අයට අන් අයට කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමට පෙළඹවිය නොහැක. එබැවින්, ඔබම පරීක්ෂා කර බලන්න: උදෑසන සිට රාත්‍රිය දක්වා, මගේ සිතිවිලි, වචන, ක්‍රියා, සම්බන්ධතා, අන් අයට සහයෝගය දැක්වීමේ දී සහ සේවය කිරීමේ දී, මම කිසියම් ආකාරයකින් නීතියක් කඩ කරනවාද? නීති සම්පාදකයින් නීති කඩ කරන්නන් විය නොහැක. මේ අවස්ථාවේ නීති සම්පාදකයින් සාමය ඇති කරන්නන්, නවලොව නිර්මාණකයින් බවට පත්වේ.

පාඨය:
ක්‍රියා කරන අතරතුර, එම ක්‍රියාවන්ගෙන් කිසිදු ආකාරයකින් හොඳ හෝ නරක බලපෑමකට හසු නොවීම කර්මතීත් අවධියයි.

අව්‍යක්ත සංඥාව: ගිණිකන්දක මනෝ ස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න.

ගිණි කන්දක වැනි ස්මරණයක් තබා ගැනීම සඳහා, ඔබේ මනස සහ බුද්ධිය යන දෙකටම බලවත් තිරිංගයක් සහ හැසිරවීමේ බලය අවශ්‍ය වේ. මේවා තිබීමෙන්, ඔබේ බුද්ධියේ බලය සහ වෙනත් ඕනෑම ශක්තියක් අපතේ නොයනු ඇත, නමුත් ඒ වෙනුවට එක්රැස් වේ. ඔබ මේවා රැස් කරන තරමට, ඔබේ විචාර බුද්ධිය සහ තීරණය කිරීමේ ශක්තීන් ඒ අනුව වැඩි වේ. මේ සඳහා, විශේෂයෙන් අනෙකුත් සියලුම සිතිවිලි වල ඕනෑම ව්‍යාප්තියක් අවසන් කරන්න, එනම්, අසුරා ගැනීමේ බලය උකහා ගන්න.