29.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම සිදුවීමක් ඉදිරියේම ඉවසීමෙන් සිටින්න. නින්දාව ප්‍රශංසාව, ජය පරාජය
දෙකම ඉදිරියේ සමබරතාවය රැක ගන්න. අන් අයගෙන් ඇසෙන දේ කෙරෙහි විශ්වාසය තබන්න එපා.
ප්‍රශ්නය:
වර්ධනීය
අවස්ථාවේ ඉදිරියටම යාම සඳහා ජීවය විසින් අනුගමනය කළ යුතු පහසුම ක්‍රමය කුමක්ද?
පිළිතුර:
එකම එක පියාට මිසක් වෙන කිසිම කෙනෙක්ට ඇහුම්කන් නොදෙන්න. අනවශ්‍ය කතාබහ හා අනවශ්‍ය
ලෙස අන් අය ගැන සිතමින් තම කාලය අපතේ නොයවනා විට ජීවාත්මය නිරන්තරයෙන්ම පියාසර
තත්ත්වයක් අත්දකිනු ඇත. වැරදි දේ වලට අහුම්කන් දිමෙන් හා වැරදි දේ විශ්වාස කිරිමෙන්
ඉතාමත් හොඳ දරුවන් පවා ඇද වැටෙනවා. අන්න ඒ නිසා ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි.
ඕම් ශාන්ති.
ඔය මිහිරිතම
දරුවන් දැන් දන්නවා තමන් කල්ප භාගයක් පුරාම පියාව සිහිපත් කරමින් සිටියා. රාවණ්ගේ
රාජ්‍යය ආරම්භ වූ කාලයේ සිටම ඔබ පියාව සිහිපත් කරමින් සිටින බව ඔබ දන්නවා. මුළු
කල්ප භාගයම ඔහුව ඔබ සිහිපත් කරමින් සිටියේ නැහැ. ඔබ ඔහුව සිහිපත් කළේ ලොකු දුකක්
දැණුනු විටෙක පමණයි. භක්ති මාර්ගයේදි ඔබ පරිහාණියට ඇද වැටෙමින් පැමිණි බව ඔබ
දන්නවා. නාටකයේ රහස් දැන් ඔබ බුද්ධිය තුළ තිබෙනවා. වෙන කිසිම දෙයක් කියන්න අවශ්‍ය
නැහැ. ඔබ දැන් පරම පියාට අයිති වි සිටිනවා. ඔබ දැන් ඔහුගේ බුදලයේ කොටස් කරුවන් බවට
පත්වි සිටිනවා. භෞතික ඉන්ද්‍රියන් සමඟ කරන්න කිසිම දෙයක් නැහැ. භක්ති මාර්ගයේදි
මිනිසුන් විවිධ යාගහෝම පවත්වනවා. තපස්යා කරනවා. නොයෙකුත් දානමාන කරමින් පල්ලි පනසල්
වලට වන්දනා ගමන් යමින් පුණ්‍ය ක්‍රියා කරනවා. කොහේ ගියත් වන්දනා ස්ථාන හා දේවාල
රාශියක් තිබෙනවා. මුලු භාරතය වටාම සංචාරය කර සියලු වන්දනා ස්ථාන දැක බලා ගනිමින්
පැමිණෙන කෙනෙක් කිසිම තැනකින් සොයා ගත හැකි වෙන එකක් නැහැ. කෙනෙක් එසේ සංචාරය කළත්
ඒ සංචාරයෙන් ඔහුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. බාහිර ලෝකය තුළ නොයෙකුත් ආරවුල් ඇති
වෙනවා. මෙතන කිසිම ආරවුලක් නැහැ. ගීත ගායනා කිරීමේ හා අත්පුඩි ගැසීමේ කිසිම
අවශ්‍යතාවයක් නැහැ. බලන්න මිනිස්සු කරන දේවල් දෙස! සිරිත් විරිත් රාශියක් තිබෙනවා.
මෙහිදි දරුවන් වන ඔබ විසින් කළ යුත්තේ ඉතාමත් සරළව පියාව සිහිපත් කිරිම පමණයි. වෙන
කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නිවසේ ජීවත් වන ගමන් අනෙකුත් දේ කරගෙන යන
අතරතුරේදි, පරමාත්ම පියාව පමණක් සිහිපත් කරන්න. තමන් දැන් දේවතාවරුන් බවට පත්වෙන බව
ඔබ දන්නවා. එහිදි දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. ඔබගේ ආහාර පානත් පිරිසිදු විය
යුතුයි. ඔබ ආහාර වර්ග 36ක් ලබනු ඇත. මෙහි ඔබ ඉතාමත් සරළව ජීවත් විය යුතුයි. අනවශ්‍ය
තරමේ උසස් බවකිනුත් තොරොව, අනවශ්‍ය ලෙසින් සරළ වීමකිනුත් තොරොව. සෑම සිදුවීමක්
අබියසම ඉවසීමෙන් සිටින්න. සෑම දෙයක්ම ඉවසිය යුතුයි නින්දාව ප්‍රශංසාව, ජය පරාජය,
රස්නය සීතල සියල්ල ඉවසිය යුතුයි. වතුරවත් සොයා ගන්න බැරි කාලයක් උදා වේවි. කිසිම
දෙයක් සොයා ගන්න බැරි වේවි. සූර්යයා පවා තද රස්නයක් ගෙන ඒවි. සෑම දේම තමෝප්‍රධාන්
වෙනවා. මෙම ලෝකය තමෝප්‍රධාන්ය. මහා භුත පවා තමෝප්‍රධාන් වෙලා, ඇති කරන්නේ දුකමයි.
ජය හෝ පරාජය යන කිසිම දේක ඔබ පැටලිය යුත්තේ නැහැ. ඉතාමත් ඉක්මණින් කලබලයට පත්වෙන අය
රාශියක් සිටිනවා. ඇතැම් අවස්ථාවලදි ඇතැම් අය අනෙකුත් අයට නොයෙකුත් ආකාරයේ වැරදි
දේවල් කියනවා. නොයෙකුත් විදියේ කතාන්දර නිර්මාණය කර තිබෙනවා. එක්කෙනෙක් තවත්
කෙනෙකුට කියාවි බාබා කියනවා ඔබ ඉතාමත් ශරීර අවධානයෙනුයි සිටින්නේ, බාහිර ආටෝප
වැඞ්යි කියලා. එසේ ඇසුණු විට ඔහුට උණ ගැනෙයි. නින්ද යන්නේ නැති වේවි. මෙම කල්ප
භාගයේ මනුෂ්‍යයින් ඉතාමත් ඉක්මණින් අන් අයගේ ඇඟ රත්වන දෙයක් දි ඔහුව සුදුමැලි කරවා
දැමීමට තරම් ශක්ති ඇති අයයි. පියා කියනවා එවන් අනවශ්‍ය දේවල් වලට ඇහුම්කන් දෙන්න
එපා. පියා කවදාවත් කිසිම කෙනෙක් අපහාසයට පත් කරවන්නේ නැත. පියා ඔබට සැම දේම කියා
දෙන්නේ හුදෙක් ඒ සියල්ල ඔබට පැහැදිලි කර දිය යුතු නිසයි. එකිනෙකාට වැරදි දේවල්
කීමෙන් හොඳ දරුවන් පවා විනාශ වී යනවා. පසුව ඔවුන් ද්‍රෝහින් බවට පත් වී, එවන්
අනවශ්‍ය කතා සෑම තැනම පතුරනවා. භක්ති මාර්ගයේ ඔවුන් නිර්මාණය කර ඇති සියලු කතන්දර
දෙස බලන්න. ඔබ දැන් ඥානය ලබා තිබෙන නිසා, ’අහෝ රාමා!’ හෝ ’අහෝ දෙවියනි!’ කියා කෑ
ගසන්නේ නැහැ. එවන් දේ කියමින් කෑ ගසන්නේ භක්ති මාර්ගයේදියි. ඔබගේ දෙතොල තුළින් එවන්
වචන පිට නොවිය යුතුයි. පියා ඉතාමත් සරළව කියනා දේ නම් සුමිහිරි ආදරණිය දරුවනි, ජීව
අවධානයට පත් වන්න! ඔහු ඔබට කරුණු පැහැදිලි කර කියා දෙන්නේ ඉතාමත් ආදරයෙනි. වෙන
කිසිම කෙනෙක්ට ඇහුම් කන් දෙන්න එපා. අන් අය ගැන වූ අනවශ්‍ය සිතවිලි තබා ගන්න එපා.
එකම දෙයක් හොඳට ස්ථාවර කර ගන්න මම ජීවාත්මයක්. ජීවාත්මය අවිනාශීය, ශරීරය විනාශවන
සුලුය. සංස්කාර උකහා ගන්නේ ජීවාත්මයයි. දරුවන් වන ඔබ දැන් ජීව අවධානයට පත් විය
යුතුයි. තඹ යුගයේ පටන් ඔබ රාවණ්ගේ රාජ්‍යයේ සිටියේ ශරීර අවධානයෙනුයි. ජීව අවධානයට
පත්වීමට ඔබට එතරම් වේලාවක් ගත වෙන්නේ අන්න ඒ නිසයි. තමන් දැන් තමන්ගේ අසීමිත පියාව
සොයාගෙන තිබෙනා බව නැවත නැවතත් ඔබගේ සිහියට ඇතුලු විය යුතුයි. පියා ඔබට සෑම
කල්පයකදීම උරුමය ලබාදෙනවා. ඔබ දැන් ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔහු ගැන
ප්‍රශංසාවන් රාශියක් තිබෙනවා මව හා පියා වන්නේ ඔබමයි. ඔහු අපට සියලු සබඳතාවල සතුට
ලබා දෙනවා. සියලුම සබඳතාවල මිහිරි බව ඔහු ලඟ තිබෙනවා. අන් සියලුම ඥාතීන් හා මිතුරන්
ඔබට ගෙන එන්නේ දුකම පමණයි. සෑම කෙනෙක්ටම සතුට ලබා දෙන්නේ පියා පමණයි. ඔහු පෙන්වා
දෙන මාවත ඉතාමත් පහසුයි තමා ජීවාත්මයක් බව සලකා ඔබේ පරමාත්ම පියා වන මාව සිහිපත්
කරන්න. පියා පැහැදිලි කර කියා දෙනවා මෙය අලුත් දෙයක් නොවෙයි. සෑම වසර 5000කට වතාවක්
තමන් පරම පියා ලඟට පැමිණෙන බව ඔබ දන්නවා. ඔහු සන්යාසි කෙනෙක් වත්, පූජකවරයෙක් වත්
නොවෙයි. ඔබ සිටින්නේ සන්යාසි කෙනෙක් සමඟවත්, පූජකවරයෙක් සමඟවත් නොවෙයි. එසේ නමුත්
පියා කියනවා ඔබගේ නිවසේ වගකීම් සෑම එකක්ම සම්පූර්ණ කරන්න, නැති නම් ලොකු කරදර ඇති
වේවි. උපක්‍රමශීලිව සෑම කෙනෙක්ම ආශ්‍රය කරන්න. සෑම කෙනෙකුටම සෙනෙහසින් තේරුම් කර
කියා දෙන්න බලන්න, විනාශය සඳහා කාලය ඉතාමත් ආසන්නයි. මෙම යක්ෂ ලෝකය දැන් විනාශ
වීමටයි යන්නේ. ඔබ දැන් දේවතාවන් බවට පත්විය යුතුයි. දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න.
ලොකු සෙනෙහසකින් සෑම දෙයක්ම කියා දෙන්න. දේවතාවන් සුදු ළූණු, රතු ළූණු වැනි දේවල්
ආහාරයට ගන්නේ නැහැ. අපි සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිට දේවතාවන් බවට පත් වෙනවා. ඉතින්
අපි කෙහොමද එවැනි දේ ආහාරයට ගන්නේ? ඒවා අත්හරින ලෙසට ඔබට උපදෙස් දි තිබෙනවා. අපි
එවැනි දේ ආහාරයට ගන්නේ නැහැ. ඔබට දිව්‍යමය ගුණධර්ම ගැන කියා දෙන අසීමිත පියාව දැන්
ඔබ සොයාගෙන සිටිනා නිසා ඔබ සියලුම දිව්‍යමය ගුණධර්ම වලින් සම්පූර්ණ විය යුත්තේ
මෙහිදීයි. ඔබ දැන් එම තත්ත්වයට පත් වුවහොත් අනාගත නව ලෝකය පැමිණේවි. මෙය හරියට
රාත්‍රියට පසු දහවලත්, දහවලට පසු රාත්‍රියක් එනවා වගෙයි. මෙය රාත්‍රිය අවසන්වන
වකවානුව නිසා දිව්‍යමය ගුණධර්ම උකහා ගත යුතුයි. ඉන් පසු පැමිණෙන්නේ උදෑසනයි. ඔබ සෑම
කෙනෙක්ම තම තමන් පරික්ෂා කර ගත යුතුයි. පියා හැම දේම දන්නවා කියා සිතන්න එපා. ඔබ ඔබ
ගැන සිතා බැලිය යුතුයි. තමාගේ ගුරුවරයා, තමා ගැන සියලුම දේ දන්නවා කියා ශිෂ්‍යයෙක්
කියන එකක් නැහැ. විභාග දින ලංවන විට තමන් විභාගයෙන් සමත් වෙන්නේ කොයි තරම් දුරකටද,
කුමන විෂයන් තුළ තවමත් සුළු දුර්වලතා ඇත්ද කියා ඔවුන්ටම දැන ගත හැකියි. ඇතැම්
විෂයන් වලින් ඔබ ලකුණු ගත්තේ අඩුවෙන් වුවත් පොදුවේ සම්පුර්ණයෙන්ම විභාගයෙන් සමත්
වීමට ඔබට හැකියි. ඔබට මෙය තේරෙනවා. ඉතින් එමනිසා, ඔබ තමන් සම්බන්ධයෙන් පරික්ෂා කර
බැලිය යුතුයි මට තවමත් අඩු මොනවාද? මම ඉතාමත් මිහිරි වී ඇත්ද? සෑම කෙනෙක්ටම
සෙනෙහසින් කියා දෙන්න ජීවාත්ම වන අපගේ පියා උත්තරිතර ජීවාත්මය වන උත්තරිතර පියායි.
ඔහු මනුෂ්‍යයෙක් බවට පත් වන්නේ නැහැ. අපි අශාරීරික කෙනාව දෙවියන් යනුවෙන්
හඳුන්වනවා. නිර්මාණකරු වන පරමාත්ම දෙවියන් කියා, සිටින්නේ ඒකායන කෙනා පමණයි. අන්
සෑම කෙනෙක්ම නිර්මාණයයි. කිසිම කෙනෙක්ට නිර්මාණයෙන් කිසිම උරුමයක් ලබා ගන්න බැහැ.
එය නීතිය නොවෙයි. මුලු නිර්මාණයටම ගැලවීම ලබා දෙන කෙනා වන්නේ නිර්මාණකරු වන එකම එක
පියා පමණයි. සියලුම සන්යාසින් හා පූජකවරුන් මේ තුළ අන්තර්ගතයි. සියලුම දෙනා
ජීවයන්ය. ඔව් හොඳ වගේම නරක මනුෂ්‍යයොත් සිටිනවා. උසස් පහත් නිළතල තිබෙනවා.
සන්යාසින් තුළත් මෙය එක් ක්‍රමයකට තියෙනවා. ඇතැම් අය හිඟා කනවා, ඒ වගේම තවත් සමහර
අය ලඟට අනිත් අය ඇවිත් දණින් වැටෙනවා. දරුවන් වන ඔබ ඉතාමත් උසස් විය යුතුය! ඉතාමත්
මිහිරි වන්න. කෝපයෙන් කතා කරන්න එපා. හැකි උපරිම ආකාරයෙන් සෑම දෙයක්ම සෙනෙහසින්
කරන්න. තමන්ගේ දරුවන් තමන්ට කරදර කරනවා කියා ඇතැම් අය කියනවා. කොහොමනමුත්, අද දවසේ
සිටිනා දරුවන් ඒ වගෙයි. සෙනෙහසින් ඔවුන්ට සෑම දෙයක්ම කියා දෙන්න. කාලය ඒ වගෙයි. පිට
සිටිනා මිනිසුන් ඉතාමත් නරකයි. අසීමිත පියා දැන් කියනවා පිළිම කිසිවක් තබා ගන්න
අවශ්‍ය වන්නේ නැහැ! වෙහෙස වෙන්න අවශ්‍ය නැහැ. ශිවාගේ පිළිමයක් වත් තියා ගන්නේ ඇයි?
ඔහු ඔබේ පියාය. දරුවන් තම පියාගේ පිංතුරයක් තම ගෙදර තියාගෙන සිටියාද? පියාට ඕනෑම
වෙලාවක පැමිණිය හැකියි. පියා කියනවා මම දැන් මෙතනට පැමිණ සිටිනවා නේද? ඉතින් එසේ
නම් පිංතුර කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. මෙහි සිට දරුවන් වන ඔබට පැහැදිලි කර කියා
දෙනවා. ඔබ කියනවා බාප්දාදා දෙස බලන්න. පියා අශාරීරිකයි. ඔහු දකින්න බැහැ.
බුද්ධියෙන් ඔහු ගැන තේරුම් ගත හැකියි. පියා කියනවා මම මොහුට ඇතුලු වී දැනුම ලබා
දෙනවා. වෙන කොහොමද මම එන්නේ? ක්‍රිෂ්ණාගේ ශරිරයට ඔහු ඇතුළු වන්නේ කෙසේද?
සන්යාසින්ගේ ශරීර වලට ඇතුඑ වෙන්නවත් ඔහුට බැරි වුණා. පළවෙනි අංකය වූ කෙනා තුළට මම
ඇතුල් වෙමි. ඔහු දැන් සිටින්නේ අවසන් අංකයේය. ඔබත් හොඳින් ඉගෙන ගෙන පළවෙනි තැන ලබා
ගත යුතුයි. ගුරුවරයාත් එම කෙනායි, ඔහුව හඳුන්වන්නේ ඥානයේ සාගරය කියායි. ඔබ ඉතාමත්
හොඳ දැනුමක් ලබා ගන්නවා. සාම දේශය තමාගේ නිවහන වන බවත් සතුටේ දේශය ඔබේ අධිරාජ්‍යය
බවත් ඔබ දන්නවා. දුකින් පිරි දේශය රාවණ්ගේ අධිරාජ්‍යයයි. පියා කියනවා මිහිරි
දරුවනි, දැන් ඔබගේ නිවහන වන සාමයේ දේශය හා සතුටේ දේශය සිහිපත් කරන්න. දුකින් පිරි
දේශයේ බැඳීම් සියල්ල අමතක කර දමන්න. වෙන කිසිම කෙනෙක්ට මෙය කියන්න බැහැ, ඒ වගේම
නිවස වෙතට කිසිම කෙනෙක්ට යන්නත් බැහැ. නාටකය අතරමැදදී කිසිම කෙනෙක්ට නිවස බලා යන්න
බැහැ. අහවල් අහවල් අය බ්‍රහ්ම ලෝකය හා එකතු වුණා කියා හෝ නිර්වාණය වෙත ගියා කියා
කියූ විට, ඇත්තෙන්ම නම් කිසිම කෙනෙක් එලෙස එහි යන්නේ නැහැ. පියාද, සියල්ලන්ගේම
අධිපති ද වන්නේ එකම එක උත්තරිතර ජීවය වන උත්තරිතර පියා පමණයි. සියලුම ආදරවන්තියන්ගේ
එකම එක ආදරවන්තයා ඔහුයි. ඒ භෞතික ආදරවන්තයින් හා ආදරවන්තියන් එකිනෙකාව සිහිපත් කරනා
අතර ඔවුනොවුන්ගේ රූපය එකිනෙකාගේ සිහියට එනවා. දිගින් දිගටම එකිනෙකාව සිහිපත් කරනවා.
ඔවුන් එක උපතක ආදරවන්තයින් හා ආදරවන්තියන්ය. ඔබ උපතක් උපතක් පාසා ආදරවන්තියන් හා
ආදරවන්තයන් වශයෙන් එන අයයි. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. සරළව පියා සිහිපත්
කරන්න. ආදරවන්තයාට හෝ ආදරවන්තියට අනෙක් කෙනාගේ රූපය තමා ඉදිරියේ මැවී පෙනෙන්න පටන්
ගන්නවා. ඒ රූපය දැක අන් සියලු කාර්යන් නවතා දමනවා. එලෙස මැවුණු රූපය නැතිවි ගිය පසු
නැවතත් වැඩ කරන්න පටන් ගන්නවා. මෙතන එවන් දෙයක් නැහැ. ජීවාත්මය තිතක්, උත්තරිතර
ජීවාත්මයත් තිතක්. තමා ජීවයක් බව සලකා පියා සිහිපත් කරන්න. මේ සඳහා උත්සාහයක් දැරිය
යුතුයි. කිසිම කෙනෙක් මෙය පුහුණු කරන්නේ නැහැ. ඔබ ජීවාත්මය ගැන ඥානය ලබා තිබෙනවා.
එනම්, ජීව තම තමන් ගැන අවබෝධයක් ලබා තිබෙනවා. උත්තරිතර ජීවයත් සිටිනවා. බාබා පැමිණ
මොහුගේ නළලේ රැඳෙනා බව ඔබ දන්නවා. ඔහුට අයත් ස්ථානය ඇත්තේ මෙතැනයි. ශරිරය තුළ ජීවය
සිටින්නේ කොතැනදැයි කියා ඔබට කියන්න බැහැ. ජීවයේ ප්‍රධානම ස්ථානය නළලයි. පරම පියා
කියනවා මම තිතක්. මම පැමිණ මොහු තුළ රැඳෙනවා. ඔබට කියන්නවත් බැහැ. පියා අසුන් ගෙන
සෑම දෙයම ඔබට කියා දෙනවා. මාත් ඔහු කියනා දේවලට ඇහුම් කන් දෙනවා. ඔහු කරන පැහැදිලි
කිරිම් ඉතාමත් නිවැරදියි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතින බව දේවි දේවතා ධර්මයට
අයත් අය තේරුම් ගනිවී. පළමුව ස්ථාපනයත් දෙවනුව විනාශයත් සිදු වේවී. වෙන කිසිම ආගමික
නායකවරයෙක් මෙය කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ තමන්ගේ ආගම ස්ථාපනය කිරිම පමණයි. පසුව එම
ධර්මය වර්ධනය වෙනවා. මෙතන, ඔබ දරන්නේ කොපමණ දුරක උත්සාහයක්ද, ඒ තරම් දුරකට අනාගතයේ
දි ඔබ උසස් තත්ත්වයක් ලබනු ඇත. ඔබ ඔබගේ අනාගත උපත් 21 සඳහා තම උරුමය දිනා ගන්නා අතර
එමනිසා, එවන් වූ උත්සාහයකුත් ඔබ දැරිය යුතුයි. එය ඉතාමත් පහසුයි. යෝගා කිරිමත්
ඉතාමත් පහසුයි. ඔබගේ පාප විනාශ වී යන්නේ මෙමඟින් පමණයි. පියා කියනවා සෑම කල්පයකදීම
මා පැමිණ දරුවන් වන ඔබව පාරිශුද්ධත්වයට පත් කරවන බවට සහතික වෙනවා. එහි එකම එක
අපිරිසිදු කෙනෙක් වත් නැහැ. දැනුම ඉතාමත් සරළයි. උපත් 84ක චක්‍රය වටා තමන් ගමන්
කරන්නේ කෙසේද යන්නත් ඔබගේ සිහියේ තිබෙනවා. තමන් උපත් 84ක චක්‍රය වටා ගොස් පැමිණ
සිටිනා බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුයි. විශ්වාසයක් ඇති තැන ජයග්‍රහණය ලැබෙනවා.
තමන් උපත් 84ක් ගත්තාද, අඩුවෙන් ගත්තාද කියා අසන්න එපා. ඔබ බ්‍රහමිණ්වරුන් වී
සිටිනා එකේ තමන් උපත් 84ක චක්‍රය වටා ගොස් සිටිනා බවට ඔබ තුළ විශ්වාසයක් තිබිය
යුතුයි. මෙම පැහැදිලි කිරිම ඉතාමත් පහසුයි. පියා මේ සෑම පිංතූරයක්ම නිර්මාණය කළේ
දිව්‍යමය දර්ශන මඟින් බව දරුවන් වන ඔබට කියා දි තිබෙනවා. ඔහු ඒවා නිවැරදි කරළත්
තිබෙනවා. ආරම්භයේදි බාබා බරණැස හුදෙකලාව සිටිනා කාලයේදි එවන් පිංතූර බිත්තිවල
අඳින්න පුරුදුව සිටියා. ඉන් අදහස් වෙන්නේ කුමක්දැයි කියා ඔහු දැනගෙන සිටියේ නැහැ.
නමුත් ඉන් සතුටක් ලැබුවා. දර්ශන ලැබුණු විට ඔහුට නිකම් දැනෙන්නේ තමන් පියාසර කර
යනවා වගෙයි. සිදුවන්නේ කුමක්දැයි කියා ඔහුට තේරුණේ නැහැ. ආරම්භයේදි නිර්මාණය කළ
පිංතූර නවීකරණය කර ඇති බව ඔබ දන්නවා. මීට පෙර කල්පයේදි සිදුවුණු ආකාරයෙන්ම දැන්
අලුත් පිංතුර දිගටම නිර්මාණය වේවි. බලන්න ඉණිමඟ පෙන්වන පිංතූරය කෙතරම් ලස්සනද
කියලා! එය පැහැදිලි කරදීම ඉතාමත් පහසුයි. පසුව එන අය වඩාත් පහසුවෙන් සෑම දේම තේරුම්
ගන්නවා. අලුතින් පැමිණෙන අය හුදෙක් දින හතකින් සෑම දේම සරළව තේරුම් ගන්නවා. පැරණි
අයටත් වඩා හොඳින් ඔවුන් ඉදිරියට යනවා. මීට පෙර එන්න පුලුවන් වුණා නම් තවත් හොඳයි
කියා ඇතැම් අය කියනවා. ඒ ගැන බයවෙන්න එපා. මීට පෙර ඇවිත් බාබාව අතහැර ගියා නම්
එහෙම, උදාවෙන තත්ත්වය කුමක්ද? පසුව එන අය ඉතාමත් පහසුවෙන් සිහසුන දිනා ගන්නවා.
මුලදී පැමිණ ඇති ඇතැම් අය තවදුරටත් මෙහි ඉතිරි වී නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ
වෙලා. අවසානයේදි ඔබට එකිනෙකා සමත් වී තිබෙන ආකාරය දැන ගැනිමට ලැබේවි. අලුතින්
පැමිණි අය, පැමිණි සැනෙකින්ම සේවය හා සම්බන්ධ වෙනවා. පැරණි අය එතරම් දෙයක් කරන්නේ
නැහැ. අලුතින් පැමිණි දියණියන් බාබාගේ හදවත නැමැති සිහසුනේ ඔවුන් කරනා සේවය නිසා
අසුන් ගන්නවා. පැරණි අයගෙන් බොහෝ දෙනෙක් දැන් අවසන්. අන්න ඒ නිසා තමයි බාබා කියන්නේ
බ්‍රහමිණ් කුලයේ ඉතාමත් ආකර්ෂණීය සැරසිලි පවා, දැනුමෙන් පුදුමයට පත්වුණු අය පවා,
එයට ඇහුම් කන් දි පසුව පැන ගොස් තිබෙනවා. සිහිපත් කරමින් සිටි දේවල් දැන්
ප්‍රායෝගිකවම ක්‍රියාත්මක වෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබව
පරික්ෂා කර බලන්න. තමන් ඉතාමත් මිහිරි බවට පත් වි ඇත්දැයි පරික්ෂා කර බලන්න. මට අඩු
මොනවාද? මම සියලු ගුණධර්ම උකහාගෙන තිබෙනවාද? ඔබගේ හැසිරීම දේවතාවන්ගේ හැසිරීමක් බවට
පත් කරවා ගන්න. අපිරිසිදු ආහාර පාන අත් හරින්න.
2. කිසිම අනවශ්‍ය
දේකට ඇහුම්කන් දෙන්නවත්, ඒවා පතුරුවන්නවත් එපා. ඉවසන්න.
වරදානය:
ඔබ, ඔබගේ
අවධානය, ආකල්පය සහ දැක්ම අලෞකික කර, සියලු ආකර්ෂණ වලින් නිදහස් වේවා.
මෙවන් කියමනකි: “ඔබගේ
සිතිවිලි කෙබඳුද, ඔබගේ ලෝකය එසේ වෙයි.” ලෝකය අළුත් කිරීමට උපකරණ වන විශේෂ
ජීවාත්මයන්ගේ සෑම සිතිවිල්ලක්ම දැන් ශ්‍රේෂ්ඨ විය යුතුයි, එනම්, ඒවා අලෞකික කරගන්න.
ඔබගේ අවධානය, ආකල්පය සහ දැක්ම යන සියල්ල අලෞකික වූ විට, මේ ලෝකයේ කිසිම පුද්ගලයෙක්
හෝ භාණ්ඩයකට ඔබව ආකර්ෂණය කළ නොහැක. යම් දෙයක් ඔබව ආකර්ෂණය කරන්නේ නම්, ඔබගේ
ආධ්‍යාත්මිකත්වයේ යම් දෙයක් අනිවාර්යෙන්ම අඩුයි. අලෞකික (ආධ්‍යාත්මික) ජීවාත්ම
සියලු ආකර්ෂණ වලින් නිදහස්ය.
පාඨය:
පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහස සහ ඔහුගේ බල ඔබගේ හදවත තුළ මුසුකර ගන්න, එවිට ඔබගේ මනස කිසි විටෙක
අවුල් නොවෙයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
සම්පූර්ණ සත්‍යය
පදනම් වී ඇත්තේ පාරිශුද්ධත්වය මතයි. පාරිශුද්ධත්වය නොමැති නම්, නිරන්තර සත්‍යය
තිබිය නොහැක. එකම අපවිත්‍රතාවය, කාමයේ පාපය පමණක් නොවෙයි, මන්ද එයට වෙනත් සහකරුවන්ද
සිටියි. එබැවින් සැබවින්ම පිවිතුරු වීම යනු, අපවිත්‍රතාවයේ නමක් හෝ සලකුණක් පවා
නොතිබීමයි.