29.10.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අසිමිත පියා දැන් දරුවන් වන ඔබව ඔහුත් සමඟ රැගෙන යාම පිණිස පැමිණ සිටි. එමනිසා, දැන් පියාට අයිති වි ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
පියා තම දරුවන්ගේ වාසනාව උසස් කරලීම සඳහා දෙන උසස් උපදෙස් මොනවාද?

පිළිතුර:
සුමිහිරි දරුවනි, මරණය ළගාවීමට පෙර හැකි උපරිම තරමින් ස්මරණයෙහි යෙදිමට උත්සාහ දරන්න. මෙමඟින් තමයි ඔබ ආදායමක් ලබන්නේ. මගේ දරුවෙක් වූ පසු වැරදිමකින් හෝ කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා. මායාගේ කෙතරම් කුණාටු පැමිණියත් කිසිම විටෙක අපිරිසිඳුවන්න එපා.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් (පරම සත්‍යය) කතා කරයි. ශිව බාබා ඔබට කතා කරන බව දරුවන් තේරුම් ගන්නවා. ඔබ සංගම් යුගයේ සිටින අතර ශිව බාබා ඉදිරියේ පෞද්ගලිකවම ඉන්නවා. කලි යුගයේ මිනිස්සු, ශිව බාබා වෙනුවෙන් තනා ඇති පිළිම ලඟට ගොස් ඉඳගෙන ඉන්නවා. ඔබට මෙහි වෙනස තේරෙනවා. එහෙම නේද? අඩුම තරමින් ඔබගේ බුද්ධිය තුළ වැටි ඇති අගුල ටිකක් විවෘත කරන්න. ඔබ සජීවී ශිව බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනා බව ඔබට වැටහෙනවා. බාබා ඔබත් සමඟ මුහුණට මුහුණලා සාකච්ඡා කරනවා. ශිව බාබා බ්‍රහ්ම බාබා මාර්ගයෙන් ඔබට රාජයෝගා උගන්වන අතර අනෙක් පැත්තෙන් ශිව බාබාට මිනිස්සු වන්දනා කරනවා. ඔවුන් ඔහුව සොයාගෙන අමරනාථ සහ කාශි වලට යනවා. ඔබ නැවත නැවතත් ඔබ හා අසුන්ගෙන සිටින ශිව බාබා, උත්තරිතර පියා, උත්තරිතර ජීවය ලෙස හඳුන්වන ඔහුව අමතක කරන්නේ ඇයි? ඔහුගේ කිර්තිය බොහෝයි! ඔබ ඔහුට ’බාබා, බාබා!‘ කියා කතා කරනවා. ඔබ ශිව බාබාගේ උපදෙස් පිළිපදිනා බවත්, නැවත වතාවක් ලෝක පාලකයන් වූ ඔබගේ උරුමය ලබා ගන්නා බවත් ඔබ දන්නවා. අනෙක් මිනිස්සු දිගින් දිගටම පන්සල්, කෝවිල් ගානේ වන්දනාවේ යමින් අඳුරේ අතපත ගාමින් සිටිනා අතර, ඔබ ඔබගේ උරුමය ලබා ගන්නවා. මෙහි කෙතරම් වෙනසක් තිබෙනවාද කියා බලන්න! ඔබත් සමඟ සන්සන්දනය කරනා විට ඔවුන් සම්පූර්ණ නිවටයින්. ශිව බාබා කියනවා මා ඔබගේ කීකරු සේවකයායි. මා පැමිණ සිටින්නේ ඔබට උරුමයක් දීමටයි. ඔවුන් දිගින් දිගටම දෙවියන්ට, පියාට කතා කරනවා. මෙහිදි ඔබ පරමාත්ම දෙවියන්, පරම පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන ඔහුට සවන් දෙනවා. මෙහි ඉඳගෙන සිටින අතර මෙය ඔබගේ බුද්ධිය තුළට යනවා. ඉතින් ගෙදර ගිය විට ඔබ ඇයි මෙය අමතක කරන්නේ? මෙහිදි ඔබට, හිමිදිරිය වන අතර අනෙක් මිනිසුන්ට රාත්‍රියයි. ඔවුන් දිගින් දිගටම පීඩනයෙන් අඬන අතර ඔබ පෞද්ගලිකවම ඔහු ඉදිරියේ ඉඳගෙන සිටිනවා. ඔබ කියනවා මා ඔබත් සමඟ ඉඳගන්නවා, මා ඔබට සවන් දෙනවා. කොහොමනමුත්, ඔබ ගෙදර ගිය පසු මේ සියල්ල අමතක කරනවා. මායා බොහෝ බලවත්. ශිව බාබාගේ දරුවන් වූ පසු ඔබ වන්දනාකරුවන් ගෙන් වන්දනා ලැබීමට සුදුසු අය බවට පත්වීමට උත්සාහ කරනවා. නමුත් පිටට ගිය විට ඔබ නැවතත් වන්දනාකරුවන් බවට පත් වෙනවා! ඔබ දිගින් දිගටම ශිව බාබාගේ පිළිමය තිබෙන කෝවිල් වලට යනවා. මෙහිදි පියා විස්තර කරනවා දරුවනි, ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් පමණයි ඔබ උසස් තත්ත්වයට පත් වන්නේ. ප්‍රධානතම දෙය පාරිශුද්ධත්වයයි. ඔවුන් එම පිළිම වෙත යමින් කාශිවල තමන්ගේම ජීවිතය බිලි දෙනවා. මෙහිදි ඔබ සජීවි ලෙසම අසුන්ගෙන සිටිනවා. මෙහිදි ඔබ කාශි ගොස් ඔබගේ ජීවිතය පූජා කළ යුතු වන්නේ නැහැ. මෙහිදි තිබෙන්නේ ජීව මරණයක් අත්දැකිමකි. පියා කියනවා ශ්‍රීමත් අනුගමනය කරන්න! ඔබ මෙතනින් පිටවි පිටට ගිය සැණින් පියාව අමතක කරනවා. සමහරු පියාට ලියුමක්වත් ලියන්නේ නැහැ. සමහරු ඉන්නවා ඔවුන් පෞද්ගලිකව බාබා දැක නැති වුවත් ඔවුන් දිගින් දිගටම අමාරුවකින් ගැලවීමට ඕනෑම දෙයක් කිරිමට සුදානමින් බාබාට ලියුම් ලියනවා. නමුත් බාබාව දැක ඇති සමහරු, ඔහුව සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා. ඔබ අනිවාර්යෙන්ම ශිව බාබාට ඔබව කැප කළ යුතුයි. භක්ති මාර්ගයේ, මිනිස්සු ශිව බාබා හමුවීමට කාශි ගොස් තම ජීවිතය බිලි දුන්නා. නමුත් ඔවුනට ඔහුව හමුවීමට හැකි වූයේ නැහැ. පියා දැන් සජීවි ලෙසම මෙහි පැමිණ ඔබට කියනවා දරුවනි, මට අයිති වන්න. මා පැමිණ සිටින්නේ මාත් සමඟ ඔබව ගෙන යාම සඳහායි. පාරිශුද්ධත්වයට පත්වීමෙන් තොරව ඔබට එහි යාමට නොහැකියි. මා පැමිණ සිටින්නේ ඔබ පාරිශුද්ධත්වයට පත්කරවීමටයි. පියා, සැමට විමුක්තිය ලබා දෙන්නා, දැන් ඔබත් සමඟ අසුන්ගෙන සිටිනවා. ඔහු, ගීතාවේ දෙවියන් ඉගැන්වූ රාජයෝගා ඥානය ඔබට ලබා දෙනවා. ඔවුන් ක්‍රිෂ්ණාට දෙවියන් ලෙස අමතා තිබෙනවා. ගීතාවේ දෙවියන් ශිව බාබා බව ඔබ දන්නවා. ඔබ මෙසේත් ලියනවා බ්‍රහ්ම බාබා බාරේ, ශිව බාබා. පියා පෞද්ගලිකවම ඔබ ඉදිරියේ ඉඳගෙන විස්තර කරනවා. ඒත් ඔබ කුල්මත් බවක් අත්විඳින්නේ නැහැ. ඔහෝ! ශිව බාබා අපව ඔහුගේ උකුළට ගෙන තිබෙනවා! ඔහු අපව බාරගෙන තිබෙනවා! කොහොමනමුත්, ඔහු කිසිම කෙනෙක්ව මෙහි නවතා ගන්නේ නැහැ. දරුවන් දස දහස් ගණක් ඉන්නවා ඉතින් ඔහු ඒ සෑම දරුවෙක්ම මෙහි තියා ගන්නේ කොහොමද? මෙහි එතරම් ඉඩ නැහැ. පියා කියනවා ඔබ ගෙදර හිඳිමින් පියා සිහි කළ යුතුයි. ඔබ සියල්ලන්ටම වඩා සුමිහිරි වූ, අසීමිත පියාගේ දරුවන් බවට පත්ව තිබෙනවා. පියා විස්තර කරනවා දරුවනි, ඔබ රාග ගින්නෙහි ඉඳගැනිම නිසා පිළිස්සි මරණයට පත් වී තිබෙනවා. දැන් ඥානය නැමැති ගින්න මත අසුන්ගෙන දේවතාවන් බවට පත් වන්න. මිනිස්සු දේවතාවන් වන්දනා කරනවා. නමුත් ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. මෙය තමයි නාටකයේ දෛවය ලෙස හඳුන්වන්නේ. ඔබ සජීවි ශිව බාබා ඉදිරියේ අසුන්ගෙන සිටිනවා. ශිව බාබා බ්‍රහ්මා මාර්ගයෙන් විෂ්ණුගේ දේශය ස්ථාපනය කළා යන්න සිහිපත් වෙනවා. පියා විස්තර කරනවා: දරුවනි, කිසිම පාපාකාරි ක්‍රියාවක් කරන්න එපා. ශරිර අවධානයට පත්වන්න එපා. ඇවිදින විටත් ඔබ ඔබගේ මනමාලයා සිහිපත් කළ යුතුයි. චක්‍ර බාගයක් තිස්සේ ඔබ සිහිපත් කරමින් සිටියේ ඔහුයි. ඔහු දැන් ඔබගේ සේවය තුළට පැමිණ සිටිනවා. ඔහු තමයි ආධ්‍යාත්මික සමාජ සේවකයා. ඔහු ඔබට ආධ්‍යාත්මික සේවය උගන්වනවා. සමාජ සේවකයන්ගේත් ලොක්කන් ඉන්නවා. මොහු ආධ්‍යාත්මික වන අතර, අනෙක් අය මනුෂ්‍ය සමාජය වෙනුවෙන් සේවය කරන අයයි. ඔවුන් දැන් සෑම කෙනෙක්ටම කියනවා ගවයන් මරා දමන්න එපා කියලා. එකිනෙකා අතර රාගය නම් වූ කඩුව දැමීම ලොකුම ඝාතනය බව ඔබට ලියන්න පුළුවන්. ප්‍රථමයෙන්ම මෙය අවසානයක් කරන්න. මේ ගැන තමයි දෙවියන් කියා තිබෙන්නේ රාගය ඔබගේ ලොකුම හතුරා වන අතර එය මුල සිට අග දක්වාම ඔබට දුකම දෙනවා. ඔබ ගීතාචේ දෙවියන් අමතක කර තිබෙනවා. බාබා ඇත්තෙන්ම පුදුම වනවා. පළමුවෙන්ම ඔබ, දෙවියන් පාර්වතිට කතාව කීචේ අමරනාථහි කන්ද මුදුනේ කියා සිතා එහි ගියා. එක පාර්වති කෙනෙක්ට පමණක් එසේ කතාව කීමෙන් සිදුවන්නේ කුමක්ද? පියා විස්තර කරනවා ඔබ සියලුම දෙනා පාර්වතින්. ඔහු ඔබ සෑම කෙනෙක්ටම අමරණියත්වයේ කතාන්තරය පවසනවා. පියා පවසනවා දරුවනි, උපත් 84ක් ගැනිමේදි ඔබ මරණීය දේශය වෙත පැමිණ තිබෙනවා. අච්චා, ලක්ෂ්මි හා නාරායන ගියේ කොහේද? ඔවුන් නැවත ගියාද, නැත්නම් එම ආලෝකය මත ගිලුණාද? සුර්ය වංශයේ රජ සහ සේවකයන් ගියේ කොහේද? උපත් 84ක් ගන්නා අතරතුර අනිවාර්යෙන්ම ඔවුන් සතෝප්‍රධාන් තත්ත්වයේ සිට තමෝප්‍රධාන් තත්ත්වයට පත්වි තිබෙනවා. ශිව බාබා මෙහි අසුන් ගෙන බ්‍රහ්මා මාර්ගයෙන් ඔබට උගන්වන බව ඔබට වැටහෙනවා නේද? දරුවනි, මා දැන් ඔබගේ වාසනාව නිර්මාණය කිරිම උදෙසා පැමිණ සිටිනවා. ඉතින් ඇයි ඔබ ඔබගේ වාසනාවට පහර ගහන්නේ? අඩුම තරමින් ටිකක් හෝ තේරුම් ගන්න! මා පැමිණ සිටින්නේ ඔබ දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවීමටයි. ඔබ මගේ උපදෙස් පිළිපදින්නේ නැද්ද? ගෙදර ගිය පසු ඔබ මා සිහිපත් කිරිම අමතක කරන්නේ ඇයි? පියා නැවත නැවතත් ඔබට විස්තර කරනවා දරුවනි, ඔබ දැන් සංගම යුගයට අයත් වන අතර අනෙක් මිනිස්සු අයත් වන්නේ කලි යුගයටයි. ඔබ වන්දනියත්වයට සුදුසු අය වන අතර ඔවුන් වන්දනාකරුවන්. ඔබගේ අඳුරේ අතපත ගෑම් සියල්ලම අවසන් වී තිබෙනවා. මිනිස්සු ඔබව අදේවවාදින් ලෙස සැළකුවත් ඔබ කියනවා, ඔවුන් අදේවවාදින් කියා. ඔබ කිසිම භක්තියක් නොකරන නිසා තමයි ඔබ අදේවවාදින් වන්නේ කියා ඔවුන් කියනවා. ඔවුන් පියාව දන්නේ නැති නිසා, ඔවුන් අදේවවාදීන් යැයි ඔබ කියනවා. ඔබ පියා දන්නා නිසාත්, ඔහුගේ උරුමය ලබාගන්නා නිසාත් ඔබලා දේවවාදින් කියා ඔබ කියනවා. ඔවුන් මෙය නොදන්නා නිසා දිගින් දිගටම අඳුරේ අතපතගාමින් ඉන්නවා. බොහෝ මිනිස්සු කුම්භමේලාවට ගොස් දාන හා පුණ්‍ය ක්‍රියා කරනවා. පරම පියා දැන් කියනවා මේ සෑම දෙයක්ම නවතා දමන්න. ඔබ දැන් ඥානයේ සාගරය සොයාගෙන තිබෙනවා, ඉතින් තවත් කොහේ යන්නද? ඥානයේ ගංඟාවන් තිබෙනවා. ඔවුන් ඔබව ඥානයෙන් නැහැවීම සඳහා ඔබ ඥානයේ සාගරය වෙත ගෙන යනවා. බොහෝ හොඳ දරුවන් පියා ළඟට පැමිණ පසුව ගෙදර ගිය පසු නැවතත් කිලිටි වෙනවා. සමහරු පියාගේ උපදෙස් පිළිපදිනවා. ඔවුන් අහනවා බාබා, මම කොහොමද මගේ විනාශ වන සුළු ධනය ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්නේ? පසුව ඔවුන්ට විස්තර කෙරෙනවා ඔබ ගිලෙන්නට යන බෝට්ටුවකින් කෙතරම් දුරට ගැලවෙන්න යනවාද, මෙය හොඳයි. භාරතයට සේවය කිරිමට එය පාවිච්චි කර, ප්‍රයෝජනවත් ලෙස එය යොදවන්න. මධ්‍යස්ථානයක් විවෘත කරන්න. මේ පින්තූර තවත් බොහොමයක් නිර්මාණය කිරිමට තිබෙනවා. බාබාට මෙසේ කියන දරුවන් ඉන්නවා බාබා, ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි මා සිහිකරන්න, මම ඔබට උදව් කිරිමට සුදානම්. යගියාවට හොඳ වැඩ කරන්න ඔබට කෙනෙක් අවශ්‍ය නම් මට කතා කරන්න. බාබා කියනවා මම කිසිම කෙනෙක්ව සිහි කරන්නේ නැහැ. ඔබට අවශ්‍ය දෙයක් ඔබට කළ හැකියි. මම දානය කරන්නායි. මා පැමිණ සිටින්නේ භාරතය දිව්‍ය ලෝකයක් කිරිමටයි. ඔබත් දිව්‍ය ලෝකයට යනවා. ඔබ යම් දෙයක් ලබනවා නම් ඒ ලබන්නේ ඔබ කළ දේ අනුවයි. කොහොමනමුත්, ඔබගේ හිස මත තිබෙන පාප බර ඉවත් කළ යුතුමයි. එසේ නැති නම් බොහෝ සේ දඬුවම් විඳිමට සිදු වෙනවා. ඔබ දිව්‍ය ලෝකයට යයි. නමුත් දඬුවම් විඳිමට සිදු වුවහොත් තත්ත්වයක් ලැබීමට බැහැ. මෙය සිහිපත් වෙනවා දෙවියන් තම ධන ගබඩාව සෑම විටම පිරි ඉතිරි යාමට සකස් කළා. ඔහු කිසිම දෙයක් ගැන සන්තාපයට පත් වූයේ නැහැ. බාබා කියනවා ධන ගබඩාව එය විසින්ම පිරෙනවා. දරුවන් ශ්‍රීමත් අනුගමනය කළ යතුයි. මෙමඟින් පමණයි ඔබට ප්‍රයෝජනයක් ලද හැකි වන්නේ. මෙහි අඩුවක් වේයැයි කියා කිසිම විටෙක හිතන්න එපා. උදාහරණයක් ලෙස, ඔබ දිල්ලි යන විට අතර මගදි ඔබගේ කකුල කැඩුණොත් එහිත් යම් හොඳක් තිබෙනවා කියා හිතන්න. අඩුම ගණනේ ජීවය හෝ කැඩී නැහැනේ! කකුල කැඩිලා නමුත්, ඒකට කමක් නැහැ. මා ජීව වන ඔබට කතා කරනවා. පියා විස්තර කරනවා මෙය රාවණ්ගේ රාජ්‍යයයි. මේ නිසා තමයි ඔවුන් රාවණ්ගේ පඹයෙක් සාදා එය පුළුස්සන්නේ. අපි සිටියේ කෙසේද, අප කුමන තත්ත්වයකින්, කුමන තත්ත්වයකට පත් වී තිබෙන්නේද! ලෝකයේ තත්ත්තවය දෙස බලන්න! පියා දැන් ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා. එමනිසා, ඔබ ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුමයි. ඔබ කිසිම පාපාකාරි ක්‍රියාවක් නොකළ යුතුයි. ගෙදර සිටින අතරම පාරිශුද්ධත්වයට පත්වන්න. නොකඩවාම ඒ සත්‍ය නාරායනගේ කතාන්තරයට සවන් දෙන්න. එය එවන් වූ දිග කතාවක්! ඔබ මුලු සාගරයම තීන්ත බවට පත් කළත් ඥානයෙහි අවසානයක් නැහැ. ඉතින් ඔබ පරම පියාගේ උපදෙස් පිළිපැදිය යුතුයි. පරමාත්ම දෙවින්ගේ ශ්‍රීමත් අනුගමනය කිරිමෙන් ඔබ තමන්නේ රාජ්‍යය හිමිකර ගන්නා බවත්, තමන් මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වන බවත් ඔබ දන්නවා. මරණය දැන් ඔබ ඉදිරියේමයි. සමහරු එකපාරටම හෘදයාබාධයන්ට ලක් වෙනවා. සමහරු හදිසි අනතුරු වලින් මිය යනවා. පියා කියනවා ඔබ මිය යාමට ප්‍රථම බොහෝ සෙයින් උත්සාහයේ යෙදෙන්න. පියා සිහිපත් කරන අතරම ඔබගේ ආදායම ලබා ගන්න. අසිමිත පියාට වෙන්වීමෙන් පසුවත් ඔබ පාපයේ යෙදුණොත් ඒ ඒ පාපයන් වෙනුවෙන් සියදහස් වාරයක් දඬුවම් විඳින්න සිදුවෙනවා. එවිට මිනිස්සු කියන දේවලට ඔබට ලැජ්ජා සිතේවි. ශිව බාබා කියනවා මා ධර්මරාජ් ලවා ඔබට බොහෝ දඬුවම් කරනවා. ඒ වෙලාවට ඔහු කියන්නේ නැහැ මේ මගේ දරුවා කියලා. බොහෝ තද නීති තිබෙනවා. නීතිඥයකුගේ දරුවෙක් මැර වැඩක් කළහොත්, ඔහුට කරන්න දෙයක් නැහැ, දරුවා අනිවාර්යෙන්ම දඬුවම් අත්දැකිය යුතුයි. පියා සෑම දිනකම ඔබට විස්තර කරනවා දරුවනි, කිසිම විටෙක, කිසිම පාපාකාරි දෙයක් කරන්න එපා. ලොකුම පාපය වන්නේ පාපකාරි ක්‍රියායි. බොහෝ කුණාටු එයි, බොහෝ කිලිටි වූ දේ බොහොමයක් පිටස්තර තිබෙනවා. මෙය ගණිකා මඩමක්. උදාහරණයක් ලෙස ඔබ වැදගත් පුද්ගලයෙක්ට විස්තර කොට ඔහු ශිෂ්‍යයෙක් බවට පත්වුවහොත් අනෙක් මිනිස්සු කියයි බ්‍රහ්ම කුමාරීන්ගේ මැජික් එකට ඔහුත් අහුවුණා කියා. උසස් මිනිස්සු මෙහි පැමිණ ලියනවා ඇත්තෙන්ම ඔබ කියන්නේ ඇත්ත. ඇත්තටම ගිතාවේ දෙවියන් ක්‍රිෂ්ණා නොව ශිවායි. කොහොමනමුත්, ඔවුන් ගෙදර ගිය විගස සියලු දේ හමාරයි. බොහෝ සෙයින් උත්සාහ දැරිය යුතු වෙනවා. පරම පියා විස්තර කරනවා සුමිහිරි දරුවෙනි, මා අමතක කරන්න එපා. මායා බොහෝ බලවත්. පියාගේ ස්මරණය හරියට රසදිය වගෙයි, ඔබ ඉතා ඉක්මණින් ඔහුව අමතක කරනවා. පියා කියනවා ඔබ ගෙදර සිටිය හැකියි, නමුත් පාරිශුද්ධත්වයෙන් සිටින්න. ඔබ උත්සාහ දැරිය යුතුමයි. පියා දැඩි සෙනෙහසකින් සෑම දරුවෙක්ටම කියනවා දැන් මගේ දරුවෙක් බවට පත්වීමෙන් පසුව, කිසිම පාපකාරි ක්‍රියාවක් කරන්න එපා. ඔබ පියාව දන්නවා, එහේම නේද? ඔබ බුද්ධිය තුළ ලෝක චක්‍රය පිළිබඳ වූ රහස් තිබෙනවා. මහාචාර්යවරුන්, පඬිවරුන් හා මාස්ටර්වරුන් තමන් ශිවායි කියාගෙන තිබෙනවා, ඒ වගේම තමන්ට වන්දනා කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් සන්යාසින් හරිද්වාර් ගිහින් වාසය කරනවා. දවස පුරාම ඔවුන් මතුරනවා කාශිවල ශිවා තමයි ගංඟාවන් ගෙන එන ලෝක නායකයා. පරම පියා මෙහි ඉඳගෙන ඔබට හොඳින් විස්තර කරනවා. ඔහු අමරණිය වූ ප්‍රතිරුව යන්න සිහිපත් වෙනවා. එය සිහසුනක් නොව, අමරණීය සිහසුනයි. ඒවා ඔබගේ වාහන වනවා සේම මෙම රථය තමයි පියාගේ සිහසුන, අමරණිය ප්‍රතිරුව. බාබා කියනවා මමත් මෙම රථය ගෙන තිබෙනවා. නළලෙහි එක් පැත්තක ගෝලයාද, අනෙක් පැත්තේ ගුරුද සිටිනවා. මා අනිවාර්යෙන් පැමිණ ඔහුගේ පැත්තකින් ඉන්නවා. මමද තිතක්මි. මම ඒ තරම් ලොකු නැහැ. සුමිහිරි දරුවෙනි, මේ ඔබගේ සජීවී වූ ස්මරණයේ වන්දනා ගමනයි. බාප් සහ දාදා එක්ව සිටිනවා. විදුලි පණිවුඩ වල ඔහු අත්සන් කරන්නේ බාප්දාදා කියායි. කිසිම කෙනෙක්ට මෙය තේරුම් ගත නොහැකියි. ශිව බාබා ඔබගේ බාබායි. ප්‍රජාපිතා බ්‍රහ්මා ඔබගේ දාදායි. ඉතින් එක්වුණු විට බාප්දාදා වෙනවා. පරම පියා කියනවා මා දැන් මොහු මාර්ගයෙන් ඔබගේ උරුමය ලබාදීමට පැමිණ සිටිනවා. ශිව බාබා අයත් වන්නේ ඔබටයි. ප්‍රජාපිතා බ්‍රහ්මාත් සෑම දෙනාගේම පියායි. ඔබ ශිව බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගන්නවා. ඉතින් ඔහු මේ විදියට අත්සන් කරනවා. එහෙම නේද? අපව හඳුන්වන්නේ බාප්දාදා ලෙසයි. ශිව බාබා කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. එහෙත් මෙය ඔබගේ බුද්ධියට යන්නේ නැහැ. දසදහස් දෙනා ප්‍රදර්ශනවලට එනවා. ඔවුන්ගෙනුත් සමහර විට අටක් දහයක් පැමිණ වැඩි දුරට තේරුම් ගන්නවා. ඒ අතරින් ටිකෙන් ටික අඩුවී ඉතිරි වන්නේ දෙතුන් දෙනයි. මිලියන ගණනකින් අතමිටක් පමණක් ඉතිරි වනවා කියා කියනවා. එමනිසා, ඔබ බොහෝ ප්‍රදර්ශන පැවැත්විය යුතුයි, එමඟින් මිලියන ගණනකින් අතලොස්සක් මතු විය හැකියි. සමහරු අවුරුදු 4ක් 5ක් පැමිණ අතුරුදහන් වෙනවා; ඔවුන් පියාව දික්කසාද කර ගන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්පූර්ණයෙන්ම ඔබව ශිව බාබාට භාර කරන්න, එනම්, ජීව මරණයයි. ශ්‍රීමත් අනුගමනය කරන්න.

2. ඔබ ශිව බාබාගේ දරුවන් බවට පත්වී සිටිනවා. එමනිසා, කිසිම පාපාකාරි ක්‍රියාවක් කරන්න එපා. පාරිශුද්ධත්වයට පත් වී ඔබටම යහපතක් කරගන්න.

වරදානය:
ඔබ මෙම ඥානයේ ගැඹුරු අංශ වලට සවන් දෙන හා ඒවායේ ප්‍රතිමූර්තියක් බවට පත්වන, ඥානයෙන් පිරිපුන් ජීවාත්මයක් වේවා.

ඥානයෙන් පිරිපුන් ජීවාත්ම මෙම ඥානයේ සෑම අංශයක්ම අත්විඳියි. ඔබ එම කරුණු වලට සවන් දීමට සහ ඒවායේ ගැඹුර වටහා ගැනීමට ප්‍රිය කරනවා සේම, ඒවාට සවන් දීමෙන් නොනැවතී ඒවා ඔබ තුළම ඒකාබද්ධ කරගත යුතුය; එනම්, ඔබ ඒවායේ ප්‍රතිමූර්තියක් විය යුතුය. මෙම අභ්‍යාසය ද තිබිය යුතුය: "මම, ජීවාත්මය, අශාරීරීක වෙමි." ඔබ මෙය නිතර අසන නමුත්, අශාරීරීක අවස්ථාව අත්විඳිමින්ම ඊට සවන් දිය යුතුය. එම කරුණ කුමක්ද, එයම ඔබේ අත්දැකීම බවට පත් කරගන්න. මෙසේ කිරීමෙන් ඔබ ඔබේ ගිණුමේ පිරිසිදු සිතිවිලි රැස් කරගන්නා අතර, ඔබේ බුද්ධිය මේ කාර්යයේ නිරතව සිටින විට, ඔබට පහසුවෙන්ම නිශ්ඵල සිතිවිලි වලින් බැහැර වීමට හැකි වනු ඇත.

පාඨය:
මෙම ඥානය සහ අත්දැකීම යන ද්විත්ව බලය හිමි අය කුල්මත් යාචකයින් සහ පියාසර යෝගීන් වැනිය.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

ඕනෑම තත්ත්වයක් සම්බන්ධයෙන් හැඟීම් ඇති කර ගැනීම අසාර්ථකත්වයේ ලක්ෂණයකි. යමෙකු ඔබට කොතරම් අපහාස කළත්, ඔබේ දෘෂ්ටිය සහ ආකල්පය සැමවිටම එම පුද්ගලයා ඉහළ නැංවීමට විය යුතුය. ඔබට අයිතියක් ඇති ප්‍රමාණයටම, ඔබ අහංකාරයෙන් තොර වනු ඇත. මෙම අධ්‍යාත්මික මාර්ගයට පැමිණීමෙන් පසු ඇතිවන අහංකාරය පවා අත්හරින්න. එවැනි දෘෂ්ටියක් සහ අත්හැරීමේ ආකල්පයක් ඔබට ඇති විට, 'බාප්දාදා' ඔබේ සිහියෙහි පවත්වා ගැනීමට හැකි වන අතර ඔබේ මුවින් එවැනි වචන පිටවනු ඇත.