30.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා ඔබට උගන්වන්නේ ඔබව උසස්ම මිනිසුන් බවට පත් කරවීමටයි. පහත්ම මිනිසුන්ව සිට, උසස්ම මිනිසුන් බවට ඔබ දැන් පරිවර්ථනය වෙමින් සිටියි. උසස්ම මිනිසුන් වන්නේ දෙවි දේවතාවන්ය.

ප්‍රශ්නය:
ස්වර්ණමය යුගයේදී ඔබ නොකරන, මෙහිදී ඔය දරුවන් කරන උත්සාහය කුමක්ද?

පිළිතුර:
මෙහිදී ශරීරය පිළිබඳ සහ සියලුම ශාරීරික නෑදෑයන් පිළිබඳ අවධානය අමතක කිරීමට, ජීවාත්ම අවධානයට පත් වීමට සහ ශරීරය අත්හැරීමට, ඔබ බොහෝ උත්සාහ ගනී. ස්වර්ණමය යුගයේදී, ඔබ කොතැනක හෝ ඉඳගෙන සිටින අතර, කිසි උත්සාහයක් නොමැතිව, ඔබගේ ශරීර අත්හරියි. මෙම කාලයේදී ඔබ උත්සාහ ගනිමින් ‘මම ජීවාත්මයක්මි’ යන අභ්‍යාසයේ යෙදෙති. ඔබ මෙම පැරණි ලොව සහ ඔබගේ පැරණි ශරීරය අත්හැර අළුත් ශරීරයක් ගත යුතුව ඇත. ස්වර්ණමය යුගයේදී මෙම අභ්‍යාසයේ අවශ්‍යතාවයක් නැත.

ගීතය:
දුර ඈත දේශයේ වාසය කරන්නා නැවත වරක් විදේශයට පැමිණ සිටී...

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්හට වැටහෙනවා ‘නැවත වරක්’ කියන්නේ හැම චක්‍රයකටම පසු කියා. මෙය හැඳින්වෙන්නේ දුර දේශයේ වාසය කරන්නා නැවත වරක් විදේශයට පැමිණීම ලෙසයි. එම ඒකායන කෙනා පිළිබඳව පමණයි මෙසේ සිහිපත් වෙන්නේ. සියල්ලන්ම ස්මරණය කරන කෙනා ඒකායන ඔහු පමණයි. ඔහුට ස්වරූපයක් නොමැත: ඔහුටම කියා ස්වරූපයක් නොමැත. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට දේවතාවරුන් යැයි කියයි. ‘ශිව දෙවියන් කතා කරයි’ යැයි පැවසෙයි. ඔහු වාසය කරන්නේ උත්තරීතර නිවහනේය. සතුටු දේශයට පැමිණෙන්න කියා ඔහුට කිසිවිටෙකත් කතා කරන්නේ නැත. ශෝක දේශයට පැමිණෙන්න කියා පමණයි ඔහුට කියන්නේ. ඔහු පැමිණෙන්නේ සංගම් යුගයේදී පමණයි. ඔය දරුවන් දන්නවා මුළු ලෝකයෙන්ම උසස්ම අය වාසය කරන්නේ ස්වර්ණමය යුගයේ බව. එහි මධ්‍යම හෝ පහත් තත්ත්ව නොමැත. සියලුම මනුෂ්‍යයින්ගෙන් ශ්‍රේෂ්ඨතම අය වන්නේ ශ්‍රී ලක‍්ෂ්මි සහ ශ්‍රී නාරායනය. ඔවුන්ව එසේ කරවන්නේ ශ්‍රී ශ්‍රී ශිව් බාබා යැයි ඔබ කියයි. ශිව් බාබාට පමණයි ශ්‍රී ශ්‍රී කිව යුත්තේ. එහෙත් මේ කාලයේ සන්යාසිවරු ආදීන් ශ්‍රී ශ්‍රී යන නමින් තමන්ව හඳුන්වා ගනී. පරමාත්ම පියා දැන් පැමිණ මෙම ලෝකය ශ්‍රේෂ්ඨතම තත්ත්වයට පත් කරවයි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම මිනිසුන් වාසය කරන්නේ ස්වර්ණමය දේශයේය. පහත්ම අය සහ උසස්ම අය අතර වෙනස ඔබ වටහා ගන්නේ මෙම කාලයේදීය. පහත් මනුෂ්‍යයින් ඔවුන්ගේ පහත්කම පෙන්නුම් කරයි. ඔබ කුමන ආකාරයටද සිටියේ කියා ඔබට දැන් වැටහෙයි. ඔබ නැවත වතාවක් දිව්‍යලෝකයේ ශ්‍රේෂ්ඨතම වැසියන් බවට පත්වෙමින් සිටියි. මෙය සංගම් යුගයයි. මෙම පැරණි ලොව අනිවාර්යෙන්ම අළුත් වන බවට සහතිකයක් ඔබට ලැබී ඇත. පැරණි ලොව අනිවාර්යෙන්ම අළුත් වන අතර, අළුත් ලොව පැරණි වෙයි. අළුත් ලොවට ස්වර්ණමය යුගය සහ පැරණි ලොවට කලියුගය යැයි ද කියයි. පියා සැබෑ රත්‍රංය, සත්‍යය පවසන ඒකායන කෙනාය. ඔහුට සත්‍යය යැයි කියයි; ඔහු ඔබට කියන සෑම දෙයක්ම සත්‍යයි. පියා සර්ව ව්‍යාප්තයි යැයි කීම අසත්‍යයකි. පියා පවසන්නේ : අසත්‍ය දේට ඇහුම්කන් නොදෙන්න. නපුරු දේ අහන්න එපා! නපුරු දේ බලන්න එපා! ලෞකික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය වෙනත් කරුණකි. එයින් ලැබෙන සතුට තාවකාලිකයි. එම ජීවාත්මය, ඔහුගේ ඊළඟ උත්පත්තිය ගන්නා විට, ඔහු නැවත වරක් ඉගෙන ගත යුතුයි. එම සතුට තාවකාලිකයි. මෙම සතුට උපත් 21කට සහ පරම්පරා 21කට පවතී. සම්පූර්ණ ආයු කාලයක් ජීවත් වීම යනු එක පරම්පරාවකි. කිසි විටෙක අකල් මරණ එහි නැත. මෙහි අකල් මරණ සිදුවෙන සැටි බලන්න! දැනුම මාර්ගයේ වුවද ඔවුන් මිය යති. ඔබ දැන් මරණය ජය ගනිමින් සිටියි. ඔබ දැන් දන්නවා එය අමරණීය දේශය බවත් මෙය මරණීය දේශය බවත්. එහිදී මහළු වූ විට ඊළඟට වීමට යන දරුවාගේ දර්ශනයක් ලබා, ඔවුන් සිරුර අත්හරියි. මහළු විය අවසන් වී ශරීරය අත්හරියි. අළුත් ශරීරයක් ලැබීම හොඳයි; ඔවුන් කොතැනක හෝ සතුටින් සිටින අතර ශරීරය අත්හරියි. මෙහිදී, එවන් තත්ත්වයක ශරීරය අත්හැරීමට උත්සාහයක් අවශ්‍යය. මෙහිදී උත්සාහයක් අවශ්‍ය වන අතර, එහි දී එය සාමාන්‍ය දෙයකි. මෙහිදී තමන්ගේ ශරීරය පිළිබඳ අවධානය ඇතුළුව සෑම දෙයක්ම අමතක කළ යුතුයි. තමන්, ජීවාත්මයක් සේ සළකා, මෙම පැරණි ලෝකය අත්හැරිය යුතුයි. ඔබට අළුත් ශරීරයක් ලැබීමට ඇත. ඔය ජීවාත්මයන් සතෝප්‍රධාන්ව සිටි විට ලස්සන සිරුරක් ලදහ. ඉන්පසු රාගයේ ගින්න මත වාඩි වීමෙන් ඔබ තමෝප්‍රධාන් වී, අවලස්සන වී, අවලස්සන ශරීරයක් ලදහ. ඔබ ලස්සන ව සිට අවලස්සන වීය. ක්‍රිෂ්ණා ගේ නම ක්‍රිෂ්ණාය. එසේ නම් ඇයි ඔහුව ශ්‍යාම් සුන්දර් යැයි හඳුන්වන්නේ? (අවලස්සන සහ ලස්සන කෙනා). ක්‍රිෂ්ණා ගේ පිංතූර වල ඔහුගේ පැහැය තද නිලෙන් පෙන්වා ඇතත් එහි වැදගත්කම කිසි කෙනෙක් තේරුම් ගෙන නැත. ඔබ සතෝප්‍රධාන් ව සිටි විට ඔබද ලස්සනට සිටි බව ඔබ දැන් වටහා ගෙන ඇත. ඔබ දැන් තමෝප්‍රධාන් වී අවලස්සන වී ඇත. එම සතෝප්‍රධාන් අය හඳුන්වන්නේ සැමටම වඩා උතුම් අය ලෙසයි. තමෝප්‍රධාන් අය පහත් අය ලෙස හැඳින්වෙයි. පියා සදාකාලිකවම පාරිශුද්ධයි. ඔහු පැමිණෙන්නේ ඔබව ලස්සන කරවීමටයි. ඔහු චක්‍රයෙන් චක්‍රයට පැමිණෙයි, නොඑසේ නම් පැරණි ලොව අළුත් ලොව බවට කවුරු පරිවර්ථනය කරයිද? මෙම ලොව දැන් අපවිත්‍රයි, කිලිටියි. ලොවෙහි අන් කිසිවෙක් මෙම දේවල් නොදනී. පියා ඔබට උගන්වන්නේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින් බවට පත් කිරීමට බව ඔබට දැන් වැටහේ. ඔබ බ්‍රහ්මිණ්වරුන් වී ඇති අතර නැවත වරක් දෙවි දේවතාවරුන් බවට පත් වීමට යයි. ඔබ සංගම් යුගයේ බ්‍රහ්මිණ්වරුන්ය. මෙය සංගම් යුගය බව ලොවෙහි කිසිවෙක් නොදනී. එක් චක්‍රයක් වසර සිය දහස් ගණනක් පවතින බව ආගමික ග්‍රන්ථ වල ලියා ඇත. එබැවින් කලි යුගය තවමත් එහි ළදරු සමයේ පවතින බව ඔවුන් විශ්වාස කරති. ඔබ මෙහි පැමිණ සිටින්නේ ශ්‍රේෂ්ඨතම අය බවට පත්වීමටයි; කලියුගයේ අපවිත්‍ර අයව සිට, ස්වර්ණමය යුගයේ දෙවි දේවතාවරුන් බවට පරිවර්ථනය වීම සඳහා, මනුෂ්‍යයින්ව සිට දෙවි දේවතාවරුන් බවට පත්වීම සඳහා බව ඔබගේ හදවතට දැන් වැටහී ඇත. දෙවියන් අපිරිසිඳු ඇඳුම් සෝදන බව ග්‍රාන්ත් හී (සීක් ආගමික ග්‍රන්ථය) සඳහන් වී ඇත. එහෙත් ග්‍රාන්ත් ඉගෙනගන්නා අය එහි තේරුම නොදනී. පියා මෙම කාලයේ පැමිණ ලොවෙහි සෑම මනුෂ්‍යයෙකුම පිරිසිඳු කරයි. ඔබ දැන් වාඩි වී සිටින්නේ එම පියා ඉදිරිපිටයි. පියා මෙහි වාඩි වී ඔය දරුවන්හට විස්තර කර දෙයි. නිර්මාණකරු හෝ ඔහුගේ නිර්මාණය පිළිබඳ දැනුම වෙනින් කිසිවෙකුට නොමැත. පියා දැනුමේ සයුරයි. ඔහු සත්‍යයයි, සජීවී ජීවයයි, අමරණීය ඒකායනයයි. ඔහු උත්පත්තියට සහ පුනරුත්පත්තියට ඔබ්බෙන් සිටියි. ඔහු සාමයේ සයුරයි, සතුටේ සයුරයි, පාරිශුද්ධත්වයේ සයුරයි. පැමිණ ඔවුන්හට උරුමය ලබා දෙන්න යැයි ඔහුට කතා කරයි. පියා දැන් උපත් 21කටම පවතින උරුමයක් ඔබට ලබාදෙයි. මෙය අවිනාශි ඉගැන්වීමක් වන අතර ඔබට එය උගන්වන්නේ සදාකාලික පියායි. චක්‍රයෙන් භාගයකට ඔබ රාජධානිය හිමි කර ගන්නා අතර ඉන්පසු රාවණගේ රාජධානිය ආරම්භ වෙයි. චක්‍රයෙන් භාගයක් එය රාමාගේ රාජධානිය වන අතර චක්‍ර භාගයක් රාවණගේ රාජධානියයි. තම ජීවිතයට වඩා ආදරය කරන්නේ පියාට පමණයි, මන්ද, ඔහු පමණයි ඔබව දුකෙන් මුදවා අසීමිත සතුටට රැගෙන යන්නේ. ඔබ ජීවිතයටත් වඩා ආදරය කරන පාරලෞකික පියා ඔහු බව ඔබ විශ්වාස ඇතුව කියයි. ජීවාත්මයට, ජීවිතය (සජීවී ජීවය) යැයි කියයි. සියල්ලන්ව චක්‍ර භාගයකට දුකෙන් මුදවා ඔවුන්හට සතුට සහ සාමය ලබා දෙන පියා ඔහු බැවින්, සෑම මනුෂ්‍යයෙක්ම ඔහුව සිහිපත් කරයි. එබැවින් ජීවිතයටත් වඩා ඔහුහට ආදරය කරයි. ස්වර්ණමය යුගයේදී ඔබ නිරතුරුවම සතුටින් සිටින බව ඔබට වැටහේ. අන් සියල්ලන්ම සාම වාසස්ථානයට ආපසු යයි. ඉන්පසු රාජධානියේ ආරම්භයත් සමඟ දුක ආරම්භ වෙයි. මෙය සතුට සහ දුක පිළිබඳ නාට්‍යයකි. මෙහි එක් විනාඩියක් සතුටද, ඊළඟ විනාඩියේ දුක ද ඇති බව මිනිසුන් විශ්වාස කළත්, දිව්‍යලෝකය සහ අපාය එකිනෙකට වෙනස් බව ඔබට වැටහේ. පියා, රාමා, දිව්‍යලෝකය ස්ථාපිත කරයි. රාවණ ස්ථාපිත කරන්නේ අපායයි. වසරෙන් වසරට පුළුස්සා දමන්නේ ඔහුගේ පඹයෙකි, එහෙත් ඔවුන් ඔහුව පුළුස්සා දමන්නේ මන්ද? කුමක්ද ඔහු? ඔවුන් කිසිවක් නොදනි. එය කිරීමට ඔවුන්ට විශාල මුදලක් වැය වෙයි. ඔවුන් වාඩි වී කතන්දර බොහොමයක් කියයි. රාමාගේ බිරිඳ වූ සීතා දෙවඟන, රාවණ විසින් පැහැර ගෙන ගිය බව ඔවුන් කියයි. එය සැබැවින්ම සිදු වූ බව මිනිසුන් විශ්වාස කරති. ඔබ දැන් සියලු දෙනාගේම කාර්යභාරය දනී. මෙම දැනුම ඔබගේ බුද්ධියේ ඇත. මුළු ලොවෙහිම ඉතිහාසය සහ භූගෝලය කිසිම මනුෂ්‍යයෙක් නොදනි. එය දන්නේ පරමාත්ම පියා පමණයි. ලෝකයේ නිර්මාණකරු යැයි ඔහුට කිව නොහැක. ලෝකය කොහොමත් පවතින නමුත්, පියා පැමිණ ලෝක චක්‍රය කැරකෙන අන්දම පිළිබඳ දැනුම ලබාදෙයි. ලක‍්ෂ්මි සහ නාරායන භාරතයේ ඔවුන්ගේ රාජධානිය පාලනය කළෝය. ඉන්පසු සිදුවූයේ කුමක්ද? දෙවි දේවතාවන් කා සමඟ හෝ යුධ වැදුනාද? කොහෙත්ම නෑ. චක්‍ර භාගයකට පසු රාවණගේ රාජධානිය ආරම්භ වී, දෙවි දේවතාවරුන් පාපයේ මාර්ගයට වැටුනාහ. නමුත් ඔවුන් යුද්ධයකින් පැරදුණු බව එයින් අදහස් වන්නේ නැත. එය හමුදා, ආදිය පිළිබඳ ප්‍රශ්නයක් හෝ, යුද්ධ කිරීමෙන් ඔවුන් රාජධානිය ජය ගත්තේ හෝ, පරාජය වුණේ හෝ නැත. ඔබ ඔබගේ පාරිශුද්ධ රාජධානිය ස්ථාපිත කරන්නේ යෝගාවෙහි සිටීමෙන් සහ පාරිශුද්ධ වීමෙන්. තවද ඔබගේ දෑත් වල ඔබ කිසිදු ආයුධයක් තබා ගන්නේ නැත. මෙය දෙවරක් ප්‍රචණ්ඩත්වයෙන් තොර වීමයි. පළමුව ඔබ පාරිශුද්ධ වී ප්‍රචණ්ඩත්වයෙන් තොර වෙයි. දෙවනුව ඔබ කිසිවෙකුට දුකක් ඇති නොකරයි. සැමටම වඩා දරුණු ප්‍රචණ්ඩත්වය වන්නේ රාගයේ කඩුව භාවිත කිරීමයි. එය මුල සිට මැද හරහා අවසානය තෙක් දුක ඇති කරයි. දුක ආරම්භ වන්නේ රාවණගේ රාජධානිය ආරම්භ වීමෙනි. එවිට ලෙඩ රෝග ආරම්භ වෙයි. දැන් බොහෝමයක් ලෙඩ රෝග ඇති අතර එනිසා, නොයෙක් වර්ග වල ඖෂධ සොයාගෙන තිබේ. මිනිසුන් රෝගී වී ඇත. ඔබ යෝගා බලයෙන් උපත් 21කට රෝග වලින් තොර වෙයි. දුකක හෝ රෝගයක සළකුණක්වත් එහි නොතිබේ. ඔබ ඉගෙන ගන්නේ ඒ වෙනුවෙනි. ඔය දරුවන් දෙවි දේවතාවරුන් බවට පත් කිරීමට පරමාත්ම දෙවියන් ඔබහට උගන්වන බව ඔබට වැටහෙයි. මේ ඉගෙනුම ඉතා පහසුයි. මුළු චක්‍රයේම දැනුම ඔහු ඔබට පැය භාගයක, තුන් කාලක කාලයක් තුළදී විස්තර කර දෙයි. උපත් 84 ගන්නේ කුමන අයද කියා ඔබ දන්නවා. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියන්. ඔහු අශරීරිකයි, ඔහුගේ සැබෑ නම ශිවා යි. ඔහු සැමටම යහපත සලසන අතර සැමටම විමුක්තිය ලබා දෙයි. ඔහු වඩාත් ශ්‍රේෂ්ඨතම පියා වන අතර ඔබව වඩාත් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින් බවට පත් කරවයි. පියා ඔබට උගන්වා ඔබව දක‍්ෂයින් බවට පත්කර පවසන්නේ : ගොස් අන් අයට උගන්වන්න! බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ හට උගන්වන කෙනා ශිව් බාබාය. ඔහු බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඔබව හදාගෙන ඇත. ප්‍රජාපිතා බ්‍රහ්මා පැමිණෙන්නේ කොහේ සිටද? මිනිසුන් මේ පිළිබඳව අවුලට පත් වී ඇත. උපත් ගණනාවක අවසන් උපතේ, අන්තිම සමයේ ඔහුව හදාගත් බව කියැවේ. එහෙත් උපත් ගණනාවක් ගන්නේ කවුරුන්ද? සම්පූර්ණ උපත් 84ම ගන්නේ ලක‍්ෂ්මි සහ නාරායනය. ක්‍රිෂ්ණා, ලස්සන සහ අවලස්සන කෙනා යැයි පැවසෙන්නේ එබැවිනි. ඔහු ලස්සනට සිටි නමුත් ඉන්පසු අංශක දෙකක් (පාරිශුද්ධත්වයේ) අඩු වී ගියේය. දැන් නැවත වතාවක් ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන්, සතෝප්‍රධාන් බවට පරිවර්ථනය වන්නේ කෙසේද? පියා පවසන්නේ : මා ස්මරණය කිරීමෙන් ඔබ පාරිශුද්ධත්වයට පත්වෙයි. මෙය රුද්‍රාගේ දැනුමේ යාගහෝමය බවද ඔබ දන්නවා. යාගහෝමයකට බ්‍රහ්මිණ්වරු අවශ්‍යයි. ඔය දරුවන් සැබෑ බ්‍රහ්මිණ්වරුන්ය; සැබෑ ගීතාව කියා දෙන අයයි. ඒ නිසයි ඔබ ලියන්නේ: මෙය සැබෑ ගීතා පාඨශාලාවයි (ගීතාව ඉගෙන ගන්නා ස්ථානය) කියා. අනික් ගීතාවේ, ගීතාව කියා දුන් කෙනාගේ නම වෙනස් කර ඇත. ඔව් පසුගිය චක්‍රයේදී මෙම උරුමයට හිමිකම් කියු අය නැවතත් පැමිණ එම හිමිකම ලබා ගනී. ඔබගේ හදවතින් විමසන්න: මට සම්පූර්ණ උරුමයට හිමිකම් කීමට හැකි වේවිද? මිනිසුන් ඔවුන්ගේ ශරීර අත්හරින විට යන්නේ හිස් අතිනි. එම විනාශ වන ආදායම කිසිවෙකුටත් ගෙන යා නොහැක. කෙසේ වුවද ඔබ ශරීර අත්හැර යන විට, ඔබ යන්නේ දෑත් පුරවගෙනය මන්ද, ඔබ උපත් 21 කට ආදායමක් එකතු කරගන්නා බැවින්. මනුෂ්‍යයින්ගේ සෑම ධනයක්ම දුහුවිලි බවට පත් වීමට යයි. එබැවින් සෑම දෙයක්ම මාරු කර යවා, බාබාට නොදෙන්නේ ඇයි? බොහෝ දන් දෙන්නන් ඔවුන්ගේ ඊළඟ උපතේ දී ධනවත් වන්නේ තමා සතු සියල්ල මාරු කර හරින බැවිනි. ඔබ දැන් උපත් 21කට අළුත් ලෝකයට සෑම දෙයක්ම මාරු කර හරියි. ඔබ උපත් 21කට එහි ඵලය ලබයි. ඔබ සෑම දෙයක්ම මාරු කර හරින්නේ උපත් 21කටයි. පියා ලබා දෙන්නාය. මෙය නාටකයේ නියම වී ඇත. සෑම කෙනෙක්ම ඔවුන් කරන ක්‍රියාවන් අනුව ඵලයක් ලබයි. ඔවුන් වක්‍රානුසාරයෙන් දන් දී, පින් දහම් කර, ඒ වෙනුවෙන් තාවකාලික ඵලයක් ලබාගනී. මෙය කෙලින්මය. ඔබ දැන් සෑම දෙයක්ම අළුත් ලෝකයට මාරු කර හැරිය යුතුයි. මේ බ්‍රහ්මා දෙස බලන්න. ඔහු කෙතරම් නිර්භීත වූවාද? සෑම දෙයක්ම දෙන්නේ දෙවියන් කියා ඔබ කියයි. පියා පවසන්නේ : දැන් සෑම දෙයක්ම ආපසු මට දෙන්න, එවිට මම ඔබට ලෝක රාජධානිය ලබා දෙන්නම්. බාබා සෑම දෙයක්ම එක් ක‍්ෂණයකින් දුන්නේය; ඔහු ඒ ගැන සිතුවේ වත් නැත. ඔහු සෑම දේකම පූර්ණ බලතල ශිව් බාබාට ලබා දුන්නේය. ලෝක රාජධානිය තමන්ට ලැබීමට යන නිසා ඔහු කුල්මත් විය. ඔහුගේ දරුවන් ආදිය ගැන ඔහු සිතුවේ නැත. ලබා දෙන්නේ දෙවියන්, එබැවින් මා කිසි කෙනෙකුට වගකිව යුතු නැත. සෑම දෙයක්ම උපත් 21කට මාරු කර යවන්නේ කෙසේදැයි දැන ගැනීමට බ්‍රහ්ම පියා දෙස බලන්න. පියාව අනුගමනය කරන්න! ප්‍රජාපිතා බ්‍රහ්මා එය කළේය. දෙවියන්, පිරිනමන්නාය. ඔහු මේ කෙනාට අදහස් දුන්හ. ඔබද පැමිණ සිටින්නේ පියාගෙන් ඔබගේ රාජධානියේ උරුමය ලබා ගැනීමට බව ඔබට වැටහේ. දිනෙන් දින කාලය කෙටි වේ. අසන්නට පවා බැරි තරමේ ආපදා ඇති වේ! ව්‍යාපාරික ජනයා මරණයේ යක‍්ෂයින් පැමිණුනොත් කියා, තමන්ගේ හුස්ම නොහෙලා සිටියි. සමහරු නිලධරයෙකුගේ මුහුණ දුටු විට සිහිසන් නැතිව යයි. කාලය ගත වෙත්ම ඔවුන් බොහෝ කම්කටොලු ඇති කරයි. මිනිසුන්ට රත්රං ආදිය තබාගැනීම තහනම් වෙයි. ඉතිරි වන්නේ කුමක්ද? කිසි දෙයක් මිල දී ගැනීමට වත් ඔබට මුදල් නොමැති වෙයි. බැංකු සටහන්පත් ආදියද නොතිබෙයි. මුළු රාජධානියම පරිවර්ථනය වීමට යයි. අවසානයේදී මහත් ශෝකයෙන් මිනිසුන් මරණයට පත්වෙයි. මහා ශෝකයට පසුව සතුට ඇති වෙයි. මෙයට හේතුවක් නොමැති ලේ වැගිරීම යැයි කියයි. ස්වභාවික ව්‍යසන ද ඇති වෙයි. මේ සෑම දෙයක්ම සිදුවීමට පෙර පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමිකර ගන්න. එහෙ මෙහෙ ඇවිද්දත් ගමන් බිමන් ගියත් කමක් නැත. එහෙත් දිගටම පියා ස්මරණය කරන්න. එවිට ඔබ පාරිශුද්ධත්වයට පත්වෙයි. මහා ව්‍යසන සිදුවී මිනිසුන් කනස්සල්ලෙන් හඬ නඟයි. අවසානයේදී ශිව් බාබාව පමණක් ස්මරණය වන පරිදි ඔය දරුවන් බොහෝ සේ ස්මරණ අභ්‍යාසයේ දැන් යෙදිය යුතු වෙයි. ඔබගේ ශරීර අත්හරින විට ඔබ බාබාගේ ස්මරණයෙහි හිඳීවි. නෑදෑ හිත මිත්‍රාදීන් ස්මරණය නොකළ යුතුයි. මෙය අභ්‍යාස කළ යුතුයි. පියාව පමණක් ස්මරණය කොට නාරායන බවට පත්වන්න. මෙය බොහෝ සේ අභ්‍යාස කරන්න. නොඑසේ නම් බොහෝ සේ පසුතැවිලි වීමට සිදුවේ. ඔබ වෙනින් කෙනෙකු ස්මරණය කළහොත් ඔබ අසමත් වෙයි. ජයග්‍රහණයේ මාලාවට ඇතුළු වන්නේ සමත් වන අයයි. තමන් ගෙන් අසන්න: මම පියාව කොතරම් ස්මරණය කරනවාද? ඔබ වෙනයම් දෙයක් අල්ලා ගෙන සිටින්නේ නම් අවසන් මොහොතේදී එය ස්මරණය වෙයි. ඔබ කිසි දෙයක් අල්ලා ගෙන නොසිටින්නේ නම් ඔබට කිසි දෙයක් ස්මරණය වන්නේ නැත. පියා පවසන්නේ මට කිසිත් නොමැත. මෙය මාගේ නොවෙයි. ඒ දේ වෙනුවට මෙම දැනුම ගන්න, එවිට ඔබට උපත් 21කට උරුමයක් හිමි වන්නේය. එසේ නැතිනම්, ඔබට දෙව්ලොව රාජධානිය අහිමි වෙයි. ඔබ මෙහි පැමිණෙන්නේ පියාගෙන් ඔබගේ උරුමය හිමිකර ගැනීමටයි. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. නැතිනම් දඬුවම් විඳීමෙන් කර්ම ගනුදෙනු ඉවර කිරීමට සිදුවන අතර ඔබට උසස් ස්ථානයක් නොලැබෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ක්‍රිෂ්ණා ඔබගේ උකුලට ලැබෙයි. ක්‍රිෂ්ණා මෙන් ස්වාමියෙකු හෝ දරුවෙකු ඕනෑ බව ඔවුන් පවසයි. සමහරුන්ට මෙය හොඳින් වැටහෙන අතර තවත් සමහරු වැරදි දේවල් පවසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බ්‍රහ්ම බාබා ඔහු සතු සෑම දෙයක්ම මාරුකර හැරියා මෙන්, සිතිවිල්ලක් පවා ඇති නොකොට ශිව් බාබාට පූර්ණ බලතල පැවරූ සේම පියා අනුගමනය කොට උපත් 21කට ආදායමක් රැස් කරගන්න.

2. අවසානයේදී පියා හැර කිසිවෙක් ස්මරණය නොවන සේ ස්මරණ අභ්‍යාසයෙහි යෙදෙන්න. අපට කිසිවක් අයත් නොවේ; සෑම දෙයක්ම ශිව් බාබාගේය. ඇල්ෆා හා බීටා ස්මරණය කරන්න. මෙම අවධානය ඇතොත් ඔබ සමත් වී ජයග්‍රාහී මල් දාමයේ කොටසක් බවට පත් වනවා ඇත.

වරදානය:
ඔබ ලෝක පරිවර්ථකයෙක් ලෙස, ඔබගේ මනසට සම්පූර්ණ අවධානය යොමු කර, ඉහළ නගින ස්ථිතිය අත්විදිත්වා.

දැන් අවසන් නිමේශයන්හි, ලෝක පරිවර්ථනයට ඔබගේ මනසින් ඔබ උපකරණයක් විය යුතුයි. එබැවින් ඔබගේ මනසින් ඔබ එක සිතිවිල්ලක් වත් අපතේ හරින්නේ නම්, එවිටඔබ බොහෝ අහිමි කරගනී. එක සිතිවිල්ලක් වත් සාමාන්‍ය එකක් බව නොසිතන්න. වර්ථමානයේ සිතිවිලි වල ඕනෑම කැලඹිල්ලක්, විශාල කැලඹිමක් බව සැලකෙයි, මන්ද, කාලය දැන් වෙනස් වී ඇති අතර උත්සාහයේ වේගය වෙනස් විය යුතුයි. එබැවින් ඔබගේ සිතිවිලි වලට නැවතීමේ තිතක් අවශ්‍යයි. ඔබගේ සිතිවිලි වලට ඔබ මෙතරම් අවධානයක් යොමු කරන විට, එවිට ඔබගේ ඉහළ නැගීමේ ස්ථිතියෙන් ඔබට ලෝක පරිවර්ථකයෙක් වීමට හැකි වෙයි.

පාඨය:
ක්‍රියා සිදු කරන අතර යෝගාව අත්විදීම යනු කර්ම යෝගීවරයෙක් වීමය.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ඔබ සහ පියා: ඔබගේ ඒකාබද්ධ ස්වරූපය අත්විදින අතර ඔබගේ සුබ පැතුම්, ශ්‍රේෂ්ඨ හැගීම්, ශ්‍රේෂ්ඨ වදන්, ශ්‍රේෂ්ඨ දැක්ම සහ ශ්‍රේෂ්ඨ ක්‍රියා තුළින් නිරතුරුවම ලොවට සෙත සලසන්නෙකුගේ ස්වරූපය අත්දකින්න. එවිට ඔබට සියලු ගැටළු වලට තත්පරයකදි විසදුමක් සොයා ගැනීමට හැකි වෙයි. සෑම විටම එක් පාඨයක් මතකයේ තබා ගන්න: මා ගැටළුවක් වන්නෙත් නැහැ, කිසිදු ගැටළුවක් දුටු විට මා චංචල වන්නෙත් නැහැ. මා විසදුම් වල ප්‍රතිරුවක් වී, අන් අයටත් විසදුම් ලබා දෙනවා. මෙම අවධානය ඔබව විසදුම් වල ප්‍රතිරුවක් බවට පත් කරවයි.