30.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ ඇත්තේ, දැනුම තුළින්, ඔබව පිවිතුරු, සුවඳැති මල් බවට පත්
කිරීමටයි. ඔබ කටුවක් නොවිය යුතු අතර, ඔබ මෙම සමූහයටද කටු නොගෙන ආ යුතුයි.
ප්‍රශ්නය:
සිහිපත්
කිරීමේ වන්දනාවේ සිටීමට උත්සාහ දරන දරුවන්ගේ ලක‍්ෂණය කුමක්ද?
පිළිතුර:
සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන දරුවන්, බොහෝ සතුටින් සිටියි. ඔවුන් දැන් ආපසු
නිවසට ගොස්, ඉන්පසුව සුවඳැති මල් උයනට යන බව, ඔවුන්ගේ බුද්ධියේ රැඳී තිබේ. ඔවුන්
සුවඳවත් වී, එමෙන්ම සිහිපත් කිරීමේ වන්දනාවේ සිටීමෙන්, අන් අයවත් ඒ හා සමාන කරවයි.
ඕම් ශාන්ති.
උයනේ අධිපති
මෙහි අසුන් ගෙන සිටිනවා උයන්පල්ලා මෙහි සිටින අතර ඔය මල්ද මෙහි සිටියි. මෙය අළුත්
දෙයක්. අළුත් කෙනෙකුට මෙම දේවල් ඇසුණේ නම්, අප කුමක් ගැනද මේ කතා කරන්නේ කියා ඔහුට
සිතෙයි. උයනේ අධිපති, මල් ආදින් මොනවාද? ඔවුන් එවන් දේවල් ගැන ග්‍රන්ථ වල කිසි
විටෙක අසා නැත. ඔය දරුවන් දැන් දන්නා අතර, ඔබ උයනේ අධිපති මෙන්ම තොටියාවද සිහිපත්
කරයි. ඔබව එතෙර කරන්නට ඔහු දැන් මෙහි පැමිණ සිටියි. පියා පවසන්නේ සිහිපත් කිරීමේ
වන්දනාවේ සිටින්න. ඔබ කොතෙක් දුර පැමිණ තිබේද, එමෙන්ම ඔබ කෙතරම් ප්‍රමාණයකට ඔබගේ
සතෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබේද කියා තමන්ව පරීක‍්ෂා කර බලන්න. ඔබගේ ස්ථීතිය
සතෝප්‍රධාන් වන තරමට, ඔබ දැන් ආපසු නිවසට යන බව ඔබගේ අවධානයේ තිබෙයි. ඔබ කෙතරම්
දුරට ලඟා වී තිබේද, යන සියල්ල රඳා පවතින්නේ, සිහිපත් කිරීමේ වන්දනාව මතයි. ඔබගේ
සතුටද නොකඩවා ඉහළ රැඳී තිබෙයි. ඔබ වැඩියෙන් උත්සාහ දරණ තරමට, ඔබ වැඩියෙන් සතුට
අත්විඳියි. විභාග පැවැත්වෙන දිනයන්හිදී, ඔවුන් ලකුණු කොපමණ ප්‍රමාණයකින් සමත් වීමට
යනවාද කියා ශිෂ්‍යයන්ට වැටහෙයි. මෙහිද ඒ හා සමානය ඔබ කෙතරම් සුවඳ වී තිබේද, එමෙන්ම
ඔබ අන් අයව කෙතරම් සුවඳවත් කරන්නේද කියා, ඔබ එක් එක් කෙනා දන්නවා. මෙය කටු කැලයක්
බවත්, එය මල් උයනක් බවත් සිහි කර තිබේ. මුස්ලිම්වරුන්ද අල්ලාගේ උයන ගැන කතා කරති.
එහි උයනක් තිබෙන බවත්, එහි යන අයට දෙවියන්ගෙන් මලක් ලැබෙන බවත් ඔවුන් විශ්වාස කරයි.
ඔහු ඔබගේ මනසේ ආශාවන් ඉටු කරයි. ඔහු මලක් කඩා දෙනවා නොවෙයි, නමුත් කෙනෙකුගේ
බුද්ධියේ ඇති කුමන හෝ දෙයක දර්ශනයක් ඔහු ලබා දෙයි. මෙහි කිසිම දෙයක් දර්ශන මත රඳා
නොපවති. භක්ති මාර්ගයේ ඔවුන් දර්ශනයක් ලබා ගැනීම සඳහා, තමන්ගේම ගෙල වුවද සිඳගනී.
මීරාට දර්ශනයක් ලැබුණු අතර, එමනිසා, ඇයට බොහෝ සේ ගෞරව දක්වයි. එය භක්ති මාර්ගයයි.
භක්තිය චක්‍රයෙන් භාගයක් පැවතිය යුතුයි. එම කලට දැනුම නොමැත. වේදයන් ආදියට බොහෝ
ගෞරවයක් ඇත. වේදයන් ඔවුන්ගේ ජීවිතය බව ඔවුන් කියති. සියලුම වේද සහ ග්‍රන්ථ,
තිබෙන්නේ, භක්ති මාර්ගයට බව ඔබ දැන් දන්නවා. භක්තිය විශාල ලෙසින් ව්‍යාප්ත වී තිබේ.
එම වෘක‍්ෂය විශාලයි. දැනුම, බීජයයි. ඔබ දැන් දැනුම තුළින් පිවිතුරු සහ පිරිසිදු
වෙමින් සිටිනවා. ඔබ සුගන්ධවත් වනවා. මෙය ඔබගේ උයනයි. මෙහි කිසිම කෙනෙක් පාපයේ
ගැලෙන්නේ නැති නිසා, මෙහි කිසි කෙනෙකුට කටුවක් යැයි නොකියයි. එබැවින් මෙම උයනේ එකදු
කටුවක් වත් නොමැති බව කියයි. කටු සිටින්නේ කලි යුගයේය. මෙය දැන් වඩාත්ම ශුභදායක
සංගම යුගයයි. මෙහි කටු සිටින්නේ කෙසේද? මෙහි කිසියම් කටු සිටින්නේ නම්, ඔවුන්
තමන්ටම පාඩුවක් සිදුකරගනී, මන්ද මෙය ඉන්ද්‍රගේ රාජ සභාවයි. මෙහි අසුන් ගෙන සිටින්නේ
දැනුමේ සුරංගනාවන්ය. දැනුමේ නර්ථනය සිදු කරන සුරංගනාවන් ඔවුන්ය. ප්‍රධාන
සුරඟනාවන්ගේ (මැණික්) නම්, සඳහන් වෙයි මැණික් නවය ලෙසින් සිහි කරන්නේ ඔවුන්වය.
කෙසේවෙතත්, ඔවුන් කවුරුන්ද කියා කිසි කෙනෙක් නොදනී. පියා පවසන්නේ මෙපමණයි මා සිහි
කරන්න! ඔය දරුවන්ට දැන් මෙම වැටහීම ඔබගේ බුද්ධිය තුළ තිබේ. එමෙන්ම උපත් 84 හි
චක්‍රයද ඔබගේ බුද්ධිය තුළ තිබේ. ග්‍රන්ථ වල ඔවුන් උපත් මිලියන 8.4 ක් සඳහන් කර
තිබේ. පියා, ඔය සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තුළ නැතිවී දැන් හමුවූ දරුවන්ට, ඔබ
උපත් 84 ක් ගෙන ඇති බව පහදා දී තිබේ. දැන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්න. එය
බොහෝ පහසුයි! දෙවියන් ඔය දරුවන්ට කතා කරයි නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න! ඔබට
සුවඳැති මල් වීම සඳහා, තමන් ජීවාත්මයක් බව සලකා පියාව සිහි කරන්න. කටු නොවන්න. මෙහි
සෑම කෙනෙක්ම බොහෝ මිහිරි මල්ය, කටු නොවෙයි. ඔව් මායාගේ කුණාටු එයි. මායා කෙතරම්
බලවත්ද යත් ඇයට ඉතා ඉක්මනින් ඔබව සිරගත කිරීමට පුළුවන. එවිට ඔබ කළ දේට, ඔබට
පසුතැවිලි වීමට සිදුවෙයි. ඔබ උපයාගත් සියලු දේ එවිට ඔබට නැති වනු ඇත. මෙය
උද්‍යානයකි. උද්‍යානයක ඉතා හොඳ මල් තිබේ. මූගල් උද්‍යානයේ ඉතා හොඳ මල් මෙන්, මෙම
උයනේද, ඇතමෙක් අංක එකේ මල් බවට පත් වෙමින් සිටිනවා. සෑම කෙනෙක්ම ඒවා දැක බලා ගැනීමට
එහි යයි. ඔබව දැකීමට කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැත. ඔය කටු වලට, ඔවුන්ගේ මුහුණු
පෙන්වීමට, ඔවුන් මෙහි පැමිණෙන්නේ කුමකටද? දෙවියන් කිලිටි වස්ත්‍ර සෝදන බව සිහි කර
තිබේ. බාබා සීක්වරුන්ගේ ග්‍රන්ථ ආදිය කටපාඩම් කළේය. තවද ඔහු දිගින් දිගටම ග්‍රන්ථ
හඬ නගා කීවේය. වයස අටේ සිට, ඔහු හිසේ සුම්බරයක් බැඳගෙන, සීක් දේවස්ථානයකට
(ගුරුද්වාරා) වී සිටියේය. දේවස්ථානය බලා ගැනීම තිබුණේ සම්පූර්ණයෙන්ම ඔහුගේ භාරයේ.
’කිලිටි වස්ත්‍ර සේදීම‘හි අරුත දැන් ඔබට වැටහෙයි. සියලුම ප්‍රශංසාව අයත් වන්නේ
බාබාට පමණයි. පියා දැන් මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඉතා හොඳ මල්
මෙහි ගෙන එන්නට කියා, ඔහු ඔබට කියයි. ඉතා හොඳ මල් රැගෙන එන අයත් හොඳ මල් ලෙස
සැලකෙයි. ඔබ සෑම කෙනෙක්ම කියන්නේ ඔබ ශ්‍රී ලක‍්ෂ්මි හෝ නාරායන් වන බවයි. එබැවින්
ඉන් අදහස් වන්නේ ඔබ රෝස මල් බවයි. එබැවින් පියා පවසන්නේ අච්චා, ඔබගේ මුවේ රෝස මලක්
පිපේවා! (එය සැබෑ වේවා). එබැවින් දැන් නිරන්තර රෝස මලක් වීමට උත්සාහ දරන්න. බොහෝ
දරුවන් සිටියි බොහෝ පුරවැසියන් නිර්මාණය වනවා. එහි රජ, රැජින සහ පුරවැසියන් සිටියි.
රජවරුන්ටම එම බලය තිබෙන නිසා, ස්වර්ණමය යුගයේ උපදේශකයන් නොමැත. ඔවුන්ට
උපදේශකයෙකුගෙන් අවවාද ලබා ගැනීමට අවශ්‍ය නොවෙයි. එසේ නැත්නම් උපදේශකවරයා රජුට වඩා
උසස් යැයි සැලකෙයි. එහි දෙවි දේවතාවන්ට උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නැත. උපදේශකවරුන්
සිටින්නේ මිනිසුන් අපවිත්‍ර වූ විටයි. මෙය බලපාන්නේ භාරතයට පමණයි. රජවරුන්,
රජවරුන්ට හිස නමන වෙනත් දේශයක් නැත. මෙහි පෙන්වන්නේ, දැනුම මාවතේ අය, වැඳුම් ලබන්නට
සුදුසු බව සහ අඥාන මාවතේ අය, වඳින්නන් බවයි. ඔවුන් ද්විතව කිරුළු පළන් අය වන අතර
මෙහි අය එක් කිරුලක් පළන් අයයි. භාරතය තිබුණු තරම් පිවිතුරු දේශයක් තවත් නොමැත එය
පාරාදීසිය, දිව්‍ය ලෝකය විය. ඔබ ඉගෙන ගන්නේ එහි යාමටයි. ඔබ දැන් මල් විය යුතුයි.
උද්‍යානයේ අධිපති දැන් පැමිණ ඇත. උයන් පල්ලාද මෙහි සිටියි. උයන් පල්ලන්
අංකානුරූපයි. මෙය, කටු තිබිය නොහැකි උද්‍යානයක් බවද ඔය දරුවන්ට වටහා ගත හැක. කටු
දුක ඇති කරයි. පියා කිසිවෙකුට දුක නොදෙයි. ඔහු දුක නැති කරන්නා සහ සතුට
පිරිනමන්නායි. බාබා බොහෝ මිහිරියි! ඔය දරුවන් තුළ පියා කෙරෙහි සෙනෙහස තිබේ. පියා
තුළද ඔය දරුවන් කෙරෙහි සෙනෙහස තිබේ, එහෙම නේද? මෙය ඉගෙනුමකි. පියා පවසන්නේ මා ඔබට
උගන්වන්නේ, ප්‍රායෝගිකවයි. මෙම කෙනාද ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අන් අයට උගන්වන්න,
ඔවුන්ටත් කටු වලින් මල් බවට වෙනස් වීමට හැකි වන පරිදි. ඔය දරුවන් මෙකල මහා
දානපතියන් වූ නිසයි, භාරතය, මහා දානපතියෙක් ලෙස සිහි කෙරෙන්නේ. ඔබ අවිනාශී දැනුමේ
මිණි මුතු, දන් දෙති. ඔය ජීවාත්ම, රූප් සහ බසාන්ට් (දැනුමේ මිණි මුතු වස්සන යෝගාවේ
ප්‍රතිරූප) බව, බාබා විස්තර කර ඇත. බාබාද රූප් සහ බසාන්ට්ය. ඔහුට සියලුම දැනුම
තිබේ. උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, දැනුමේ සාගරයයි, ඔහු බලධාරියායි. ’සියලුම
සාගර, තීන්ත බවට හැරවූවත්, මුළු දැනුමම ලියන්නට නොහැකි වෙයි‘ කියා කියමනක්
තිබෙන්නේ, ඒකායන පියා, දැනමේ සාගරය නිසයි. ’තත්පරයකදී ජීවන මුක්තිය‘ ද සිහි කර ඇත.
ඔබට කිසිදු ග්‍රන්ථයක් ආදිය නොමැත. පණ්ඩිතයෙකුගේ කතාවකට සවන් දීමට මිනිසුන් යන විට,
ඔහු ඉතා උගත් බලධාරියෙක් බව ඔවුන්ට වැටහෙයි. ඔහු සියලුම වේද සහ ග්‍රන්ථ කට පාඩමින්
හදාරා තිබෙනු ඇත. එබැවින් ඔහු එම සංස්කාර ඔහු සමඟ රැගෙන ගොස්, කුඩා කල්හිම ඒවා
හැදෑරීම ආරම්භ කරයි. ඔබ සංස්කාර රැගෙන නොයයි. ඔබ රැගෙන යන්නේ, ඔබගේ ඉගෙනුමෙහි
ප්‍රතිඵලයයි. ඔබගේ ඉගෙනුම අවසන් වන විට, ප්‍රතිඵල නිකුත් කරනු ලබන අතර ඉන්පසුව ඔබ
ඔබගේ තත්ත්වය හිමි කර ගනි. එහි සිටින කෙනෙකුට මෙම දැනුම ලබා දීමට හැකි වන පරිදි, ඔබ
මෙම දැනුම ඔබත් සමඟ රැගෙන යන්නේ නැත. මෙහිදි, මෙය ඔබගේ ඉගෙනුමයි. මෙහි ප්‍රතිලාභය
ඔබට ලැබෙන්නේ නව ලෝකයේදීය. මායාද ශක්තියෙන් අඩු නැති බව, බාබා ඔය දරුවන්ට විස්තර කර
ඇත. ඔබව අවමානයට පත් කිරීමේ ශක්තිය මායාට ඇති බැවින් ඔබ ඇයට ප්‍රශංසා නොකරයි. ඇය
දුක ගෙන ඒමේදි බලවත් නොවේද? පියා බලවත් වන්නේ සතුට දීමේදීය. මේ නිසයි ඔහු
ප්‍රශංසාවට ලක් වන්නේ. මෙම නාටකය පෙර නියම වූවකි. ඔබ සතුට අත්විඳින අතර ඔබ දුක ද
අත්විඳියි. ජය ලබන්නේ කවුද, පරාජය වන්නේ කවුද, කියා ඔබ වටහා ගත යුතුයි. පියා භාරතයේ
පැමිණෙන අතර ඔහුගේ උපන් දිනය භාරතයේ සැමරෙයි. ශිව බාබා පැමිණියේ කවදාද, එමෙන්ම ඔහු
පැමිණි විට කළේ කුමක්ද කියා, කිසිවෙකු නොදනී. එහි සියලු නාමය සහ සලකුණු නැති වී
ගොසින්ය. ක්‍රිෂ්ණා, දරුවාගේ නම ඇතුලත් විය. ඇත්ත වශයෙන්ම ආදරණීය පියාගේ ප්‍රශංසාව
ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාවට වඩා වෙනස්ය. එම කෙනා අශාරීරික වන අතර මෙම කෙනා ශාරීරිකයි.
ක්‍රිෂ්ණාව වර්ණනා කරන්නේ, සියලුම ගුණධර්ම වලින් පිරි ඇත කියායි. ඔබ එම අන්දමින්ම
ශිව බාබාව ප්‍රශංසා නොකරනු ඇත. ගුණධර්ම ඇති කෙනෙකුට දුර්වලතාවයන්ද තිබෙනු ඇත. මේ
නිසයි පියාගේ ප්‍රශංසාව අන් සියලුම දෙනාගේ ප්‍රශංසාවට වඩා වෙනස් වන්නේ. පියාට,
අමරණීය ප්‍රතිරුව යැයි කියයි. අපත් අමරණීය ප්‍රතිරූපයි. ජීවයකට මරණය අත්විඳිය
නොහැක. මෙය අමරණීය ජීවයේ සිහසුනයි. අපගේ බාබා, අමරණීය ප්‍රතිරුවයි. මිය යන්නේ
සිරුරයි. අමරණීය ප්‍රතිරුව මෙහි කැඳවනු ලබයි. ස්වර්ණමය යුගයට ඔහුව කැඳවනු නොලබන්නේ,
එහි සතුටම පමණක් තිබෙන නිසාය. මේ නිසයි සෑම කෙනෙක්ම දුක ඇති කල්හි දෙවියන් සිහි කරන
බවත් කිසි කෙනෙක් සතුට ඇති විට දෙවියන් සිහි නොකරන බවත් සිහි කර ඇත්තේ. රාවනගේ
රාජධානියේ බොහෝ දුක තිබේ. පියා ඔබව දෙව්ලොව අධිපතියන් බවට පත් කරවනවා. ඉන් පසුව
චක්‍රයෙන් භාගයක්ම කිසි කෙනෙක් කන්නලව් කරන්නේ නැත. භෞතික පියෙක්, ඔහුගේ දරුවා
සරසා, ඔහුගේ උරුමය ලබා දී, විශ්‍රාම යයි. ඔහු සෑම දෙයක්ම ඔහුගේ දරුවන්ට ලබා දී මෙසේ
කියයි අප දැන් සත්සංගමයකට යනවා (ආධ්‍යාත්මික හමුව). අපට කෑමට යමක් දිගටම එවන්න,
එපමණයි. එම බාබා එසේ නොකියනු ඇත. එම කෙනා කියන්නේ සුමිහිරිතම දරුවනි, මා ඔබට ලෝකයේ
ආධිපත්‍යය ලබා දී, ඉන්පසුව විශ්‍රාම යනවා. මා මෙසේ කියන්නේ නැත මට යමක් කෑමට එවන්න!
ඔවුන්ගේ භෞතික දෙමාපියන්ව බලා ගැනීම, භෞතික දරුවන්ගේ යුතුකමයි. ඔවුන් කෑමට යමක් වෙන
කොහෙන් ලබා ගන්නද? මෙම පියා කියන්නේ මා පරහිතකාමී සේවකයාය. කිසිම මනුෂ්‍යයෙකුට
පරහිතකාමී විය නොහැක. ඔවුන් සාගින්නේ මිය යනු ඇත! මා සාගින්නේ මිය යන්නේ නැත. මම
සෑම දෙයකම ඵලය විඳීම, ඉක්මවා සිටිමි. මා ඔය දරුවන්ට ලෝක ආධිපත්‍යය ලබා දී, ඉන්පසුව
ගොස් විවේක ගන්නවා. මගේ චරිත කොටස අවසන් වනවා. ඉන්පසුව එය නැවතත් භක්ති මාර්ගයේ
ආරම්භ වනවා. මෙම නාටකය පෙර නියම වූවක්. පියා මෙතැන අසුන් ගෙන එහි රහස් ඔබට විස්තර
කර දෙනවා. ඇත්ත වශයෙන්ම දිගම චරිත කොටස් වන්නේ ඔබගේ ඒවාය. එබැවින් ඔබට ත්‍යාගයක්
ලැබිය යුතුයි. මා විවේක සුවයෙන් සිටින අතර, ඔබ බ්‍රහ්මාන්ද් වල අධිපතියන් මෙන්ම
ලෝකයේද අධිපතියන් වනවා. ඔබගේ නාමය ශ්‍රේෂ්ඨත්වයට පත් වනවා. මෙම නාටකයේ රහස් දන්නේ
ඔබ පමණයි. ඔබ දැනුමේ මල්ය. බාහිර ලෝකයේ එකදු කෙනෙක්වත් මෙය නොවේ. දිවා රාත්‍රිය
මෙන් වෙනසක් තිබේ ඔවුන් රාත්‍රියේ සිටින අතර, ඔබ දිවා කලට යනවා. මෙකල, ගස් සිටුවීමේ
උත්සව පවත්වනවා. දෙවියන්, දැන් මනුෂ්‍ය වෘක‍්ෂයේ අංකුරය සිටුවමින් සිටිනවා. බලන්න,
පියා සිදුකරන විශ්මය දෙස - ඔහු මනුෂ්‍යයින්ව දේවතාවන් බවට, යාචකයන් රජ කුමරුන් බවට
පරිවර්ථනය කරනවා. ඔබ දැන් අසීමිත පියා සමඟ වෙළඳ ගිවිසුමක් කිරීමට පැමිණ සිටිනවා. ඔබ
කියන්නේ බාබා, මාව යාචකයෙකුගෙන් රජ කුමරෙක් බවට වෙනස් කරන්න. ශිව බාබා පවසන්නේ මෙම
කෙනා ඉතාමත් හොඳ ගනුදෙනු කරුවෙකි. ඔබ ඔහුට දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා
යැයිද කියයි. මෙවන් තවත් පරිත්‍යාගයක් නැත. ඔහු සතුට පිරිනමන්නායි. පියා පවසන්නේ මා
ඔබට භක්ති මාර්ගයේද සතුට ලබා දෙනවා. දර්ශන ආදිය, නාටකයේ නියම වී තිබේ. පියා දැන්
මෙතැන අසුන් ගෙන ඔහු කරන සෑම දෙයක්ම පහදා දෙයි. ඔබ තව තව දියුණුවත්ම, ඔහු දිගින්
දිගටම තව වැඩියෙන් විස්තර කර දෙනු ඇත. අවසානය වන විට, ඔබ ඔබගේ අංකානුරූප කර්මතීට්
තත්ත්වයට ලඟා වනු ඇත. මේ සෑම දෙයක්ම නාටකයේ නියම වී තිබුණත්, ඔබට උත්සාහ දැරීමට
දිරි ගන්වයි පියාව සිහි කරන්න! සත්‍ය වශයෙන්ම මහා භාරත යුද්ධය සිදුවීමට තිබේ. සෑම
කෙනෙක්ම මිය යයි. ඉන්පසුව, භාරතයේ ජනතාව වන ඔබලා පමණක් මෙහි ඉතිරි වී, ලෝකය පාලනය
කරයි. පියා දැන් පැමිණ සිටින්නේ ඔබට උගන්වන්නයි. දැනුමේ සාගරය වන්නේ ඔහුම පමණයි.
මෙය නාටකයක්. මේ පිළිබඳව කිසිම අවුලක් නොතිබිය යුතුයි. මායා, කුණාටු රැගෙන එයි.
පියා විස්තර කරන්නේ ඒවාට බිය නොවන්න. කිලිටි සිතිවිලි බොහොමයක් එයි. බාබා ඔබව දරු
කමට හදාගත් විට, එයද සිදුවෙයි. ඔබව හදාගන්නා තුරු, මායා ඔබත් සමඟ එතරම්ම සටන්
කරන්නේ නැත. කුණාටු පැමිණෙන්නේ ඔබව දරුකමට හදාගත් පසුවයි. මේ නිසයි පියා පවසන්නේ
ඔබව දරු කමට හදාගෙන තිබෙන්නේ කවුරුන්ද යන්න ගැන ප්‍රවේසම් වන්න. කෙනෙක් දුර්වල නම්,
ඔහු පුරවැසියක් වී නවතියි. රාජකීය තත්ත්වයක් හිමි කරගැනීම හොඳයි. එසේ නැත්නම්, ඔබට
සේවිකාවක් හෝ දාසියක් වීමට සිදුවෙයි. සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රාජධානි දැන්
ස්ථාපනය වෙමින් පවතිනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. රූප් සහ
බසාන්ට් වන්න. දැනුමේ අවිනාශී මැණික් දන් දී, එනයින් මහා දානපතියෙක් වන්න. ඔබගේ මෙම
ඉගෙනුම, අන් අයට කියා දෙන්න.
2. කිසිම දෙයක් ගැන
බිය නොවන්න, ව්‍යාකූලත්වයට පත් නොවන්න. තමන්ව රැක බලාගෙන, ඔබ කුමන වර්ගයේ මලක්ද
කියා, තමාගෙන්ම විමසන්න. ඔබ තුළ කිසිම දුර්ගන්ධයක් නොමැතිද කියා පරීක‍්ෂා කර බලන්න.
වරදානය:
ඔබ බලයේ
ප්‍රතිමූර්තියක් වී, දුර්වලතාවයන්ගේ යකඩ යුගී කන්ද අධිෂ්ඨානයෙන් අවසන් කරත්වා.
අධෛර්යයට පත්වීමට,
ඕනෑම සංස්කාරයකින් හෝ අහිතකර තත්ත්වයකින් බලපෑමට ලක්වීමට, ඕනෑම පුද්ගලයෙකුට හෝ
භෞතික සැප පහසුවකට ආකර්ෂණය වීමට: සියලු දුර්වලතා වලින් යුත් යකඩ යුගී කන්ද ස්ථිර
අධිෂ්ඨානයෙන් සදහටම අවසන් කරන්න, එනම්, එම දේවල් ජයගත්තෙකු වන්න. ජයග්‍රහණය ඔබේ ගෙල
වටා මල් දාමයයි. මෙම අවධානයෙන් යුතුව, එමඟින් බලයේ නිරන්තර ප්‍රතිමූර්තියක් වන්න.
මෙය ඔබේ සෙනෙහසේ ප්‍රතිචාරයයි. සකාර් බාබා තම මනෝ ස්ථිතිය තුළින් කුළුණක් වීමෙන්
ඔබට මෙය පෙන්වූ ආකාරයටම, ඔබත් පියාව ඒ ආකාරයෙන්ම අනුගමනය කර සියලු ගුණධර්මයන්ගේ
කුළුණක් බවට පත්වන්න.
පාඨය:
පහසුකම් ඇත්තේ
සේවය සඳහා මිස විවේකය සහ සුවපහසුවට ඇළුම් කරන්නන් වීමට නොවේ.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
කොතැනක හෝ පරමාණු
බෝම්බයක් පිපිරෙන විට, එහි විකිරණ සෑම කෙනෙකුටම පැතිරෙයි. ඒ පරමාණු බෝම්බයක් වන අතර
මෙය ආත්ම විඥානයේ බෝම්බයකි. එහි බලපෑම බොහෝ ආත්මයන් ආකර්ෂණය කර ගන්නා අතර පැමිණෙන
පුද්ගලයින් සංඛ්‍යාව පහසුවෙන් වැඩි වේ. එබැවින්, සමූහය තුළ ආත්ම විඥානයේ පුහුණුව
වැඩි කරන්න. අවධානයේ ප්‍රතිමූර්තියක් වන්න, එවිට වාතාවරණය බලවත් වේ.