30.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මායා වන සතුරා ඔබ ඉදිරියේ සිටියි. එමනිසා, ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතුය. ඔබ
ඉදිරියට යන අතරේ මායාගේ උගුලට අසුවේ නම් ඔබගේ වාසනාවේ රේඛාව මකා ගන්නවා ඇත.
ප්‍රශ්නය:
රාජයෝගී
දරුවන්ගේ ප්‍රධාන කාර්යය කුමක්ද?
පිළිතුර:
ඔබගේ ප්‍රධාන කාර්යය වන්නේ ඔබ ඉගෙනගෙන අන් අයට ඉගැන්වීමය. ඔබ පරමාත්ම දෙවියන්ගේ
උපදෙස් වලට යටත් වේ. කැලෑවකට යෑමට ඔබට අවශ්‍ය නැත. ඔබගේ පවුලේ අයත් සමඟ ජීවත් වන
අතර නිශ්ශබ්දව හිඳ පියා ස්මරණය කරන්න. ඔබගේ මුළු ඉගෙනුමම ඇල්ෆා සහ බීටා යන වචන දෙක
වටා වේ.
ඕම් ශාන්ති.
පියාට බ්‍රහ්මා තුළිනුත් සුබ උදෑසනක් දරුවනි යැයි කිව හැකිය. කෙසේවෙතත්, ඔබ දරුවන්
ද පියාට පිළිතුරු දිය යුතුය. මෙහි ඇත්තේ පියාගේ සහ දරුවන්ගේ සම්බන්ධයයි. නවකයන්
ශක්තිමත් වන තෙක් ඔවුන් නොකඩවා යම් දෙයක් හෝ තවෙකක් ගැන අසයි. මෙය ඉගෙනුමකි.
’දෙවියන් කථා කරයි‘ යැයි ලියා ඇත. පියා අශාරීරික වේ. මෙම බාබාද මෙය ඔබ දරුවන්ට
තහවුරු කරන්නේ, මෙය අන් අයට විස්තර කරදීම සඳහාය, මන්ද පිටත ඇත්තේ මායාගේ බලය වේ.
මෙහි එසේ නොවේ. පසු ගිය චක්‍රයේ ඔවුන්ගේ උරුමය ලබාගත් අය නිතැතින්ම එන බව පියා දනි.
ඔබ අහවල් අහවල් කෙනා මෙය අත්හැර නොයා යුතුය හෝ අහවල් කෙනා තබා ගත යුතු යැයි සිතීම
නොවේ. ඔහු යනවා නම් යයි. මෙය ජීවත්ව සිටිමින් මරණයට පත්වීමය. පියා ඔබව හඳුනා ගනී.
හඳුනා ගන්නේ නිසැකවම උරුමයක් දිමටය. දරුවන් ද දෙමව්පියන් ලඟට පැමිණෙන්නේ උරුමයක
අශාව නිසාය. ධනවත් අයෙකුගේ දරුවෙක් දුප්පත් අයෙකු කවදා හෝ හඳුනා ගනීද? ඔහුගේ සියලු
ධනය, දේපොල ආදිය දමා යන්නේ කෙසේද? යම් කෙනෙකු හඳුනා ගන්නේ ධනවත් අයයි. බාබා අපට
පාරාදීසයේ රජකම දෙන බවත් ඔබ දැන් දනී. අප ඔහුට අයිති නොවන්නේ මන්ද? සෑම දෙයකම
පෙළඹවීමක් ඇත. යම් කෙනෙකු කොපමණ ඉගෙන ගන්නේද එම ලෙසට පෙළඹවීමක් ඇත. පියා ඔබව හඳුනා
ගන්නේ ඔබට අසීමිත උරුමයක් දිමට බව ඔබ දනී. මම වසර 5000කට පෙර ඔබලා හඳුනා ගත්තා සේම
නැවත එසේ කරමි යැයි පියා පවසයි. බාබා මම ඔබගේය, වසර 5000කට ඉහතදීද මම ඔබගේ වූවෙමි
යැයි ඔබත් පවසයි. ප්‍රායෝගිකව බොහෝ බ්‍රහ්ම කුමරුන් සහ බ්‍රහ්ම කුමාරීන් ඇත.
ප්‍රජාපිතා ද ප්‍රසිද්ධය. ඔබ ශුද්‍රයෙකුගෙන් බ්‍රහමිණ් කෙනෙකු නොවූයේ නම් ඔබට
දේවාතාවක් විය නොහැක. ඔබ දරුවන්ගේ බුද්ධියේ මෙම චක්‍රය නොකඩවා භ්‍රමණය වේ. අප
ශුද්‍රයින්ව සිට දැන් බ්‍රහමිණ්වරුන් වී ඇත. නැවත දේවතාවරුන් වන්නේය. අප ස්වර්ණම
යුගයේදී රජ කරයි. එමනිසා, මෙම පැරණි ලොව නිසැකවම විනාශ වී යනවා ඇත. සම්පූර්ණ
විශ්වාසය නොමැති අය අත හැර යති. වැටෙන දරුවන් බොහෝ ඇත. මෙයද නාට්‍යයේ තීරණය වූ
දෙයකි. මායා, සතුරා ඔබ ඉදිරිපිට සිටගෙන සිටී. ඇය දෙසට ඔබව ඇද ගනී. මායාට හසු නොවන්න
යැයි පියා නැවත නැවත ඔබට තහවුරු කරවයි. නොඑසේ නම් ඔබ ඔබගේ වාසනාව මකා ගන්නවා ඇත. අප
මීට පෙර හමු වී ඇත්ද? මෙය ඔබගෙන් ඇසිය හැක්කේ පියාට පමණි. කිසිවෙකුට එසේ ඇසීමට
නුවණක් නොමැත. මම ගීතාව නැවත වරක් කීමට පැමිණිය යුතුය. ඔබව රාවණ්ගේ සිර කුටියෙන්
නිදහස් කිරිමට ද මම පැමිණිය යුතු යැයි පියා පවසයි. අසීමිත පියා විස්තර කරන්නේ
අසීමිත කරුණු වේ. දැන් රාවණ්ගේ රාජධානියයි. එය චක්‍රයේ කල්ප භාගයකට පෙර ආරම්භ වූ
අපවිත්‍ර රාජධානියක් වේ. රාවණ් හිස් දහයක් සමඟත්, විෂ්ණු අත් හතරක් ඇතිවත් පෙන්නුම්
කරයි. එවැනි මනුෂ්‍යයන් සිටිය නොහැකිය. මෙය (අත් සතර) ගෘහස්ථ මාර්ගය පෙන්නුම් කරයි.
විෂ්ණු තුළින් පෝෂණය ඔබගේ අරමුණ සහ ඉලක්කය වේ. විෂ්ණු දේශයට ක්‍රිෂ්ණාගේ දේශය යැයි
ද කියයි. ක්‍රිෂ්ණාට අත් දෙකක් පමණක් ඇති ලෙස පෙන්විය හැක. මනුෂ්‍යයින්ට කිසිවක්
වටහා ගැනීමට නොහැකිය. පියා එකක් නෑරම සියලු දේම විස්තර කරයි. එම සියල්ලම භක්ති
මාර්ගය වේ. ඔබට දැන් මේ ඥානය ඇත. ඔබගේ ඉලක්කය හා අරමුණ වන්නේ සාමාන්‍ය
මනුෂ්‍යයෙකුගෙන් නාරායන් වීමටය. මෙම ගීතා පාඨශාලාව නිසැකවම ජීවන් මුක්තිය ලබා
ගැනීමට වේ. බ්‍රහමිණ් වරුන් නිසැකවම අවශ්‍ය වේ. මෙය රුද්‍රාගේ ඥාන යාග ගින්න වේ.
ශිවාට රුද්‍රාද කියයි. මෙම ඥානය නමැති යාග ගින්න ක්‍රිෂ්ණාගේද හෝ ශිවාගේදැයි පියා
දැන් අසයි. ශිවාට උත්තරීතර ජීවය යැයි ද ශංකර් දේවතා යැයි ද කියයි. ඔවුන් ශිවා හා
ශංකර් එකට කර ඇත. දැන් පියා පවසයි මම මේ කෙනාට ඇතුළු වුනෙමි. ඔබ දරුවන් බාප්දාදා
යැයි කියයි. ඔවුන් ශිවශංකර් යැයි කියයි. ඥාන සාගරය එකම කෙනා වේ. බ්‍රහ්මා ඥානය
තුළින් විෂ්ණු වන බව ඔබ දැන් දනියි. පිංතූරය නියම ලෙස නිර්මාණය කර ඇත. බ්‍රහ්මාගේ
පෙකණිය තුළින් විෂ්ණු මතු විය. මෙහි තේරුම කිසිවකුට තේරුම් ගැනීමට නොහැකිය. ග්‍රන්ථ
අත ඇතිව බ්‍රහ්මා පෙන්නුම් කර ඇත. දැන් ග්‍රන්ථවල සාරය පවසන්නේ පියාද හෝ බ්‍රහ්මාද?
මේ කෙනාද මාස්ටර් ඥාන සාගරය වේ. ගැණිය නොහැකි තරම් පිංතූර සාදා ඇත, එහෙත් ඒවා
නියමාකාරයෙන් නැත ඒ සියල්ලම භක්ති මාර්ගයට අයත් ඒවාය. අත් අටක් හෝ දහයක් ඇති
මනුෂ්‍යයින් නොමැත එයින් පෙන්නුම් කරන්නේ ගෘහස්ථ මාර්ගය වේ. රාවණ්ගේ තේරුමද පෙන්වා
ඇත. කල්ප භාගයක් රාත්‍රිය, රාවණ්ගේ රාජධානිය වේ. කල්ප භාගයක් දහවල, රාමාගේ රාජධානිය
වේ. පියා සෑම දෙයක්ම විස්තර කරයි. ඔබ සියලු දෙනාම එකම පියාගේ දරුවන් වේ. පියා
බ්‍රහ්මා තුළින් විෂ්ණුගේ දේශය ස්ථාපනය කරන අතර ඔබට රාජයෝගා උගන්වයි. ඔහු රාජයෝගා
උගන්වනු ලබන්නේ සංගම් යුගයේදී පමණි. තඹ යුගයේදී ගීතාව කිවේ යැයි කීම වැරදිය. පියා
සත්‍යය පවසයි. බොහෝ අයට බ්‍රහ්මා හෝ ක්‍රිෂ්ණාගේ දර්ශන ලැබේ. ඔවුන් බ්‍රහ්මාව සුදු
වස්ත්‍රයක් ඇඳ සිටිනවා දකී. ශිව බාබා තිතක් වේ. ඔවුන්ට තිතක දර්ශනයක් ලැබුණේනම්,
ඔවුන්ට කිසිවක් නොවැටහෙනවා ඇත. ඔබ මම ජීවයක්මි යැයි කියයි. එසේ නම් එම ජීව සත්තාව
දුටු අය කවුද? කිසිම කෙනෙකු නොවේ. එයද තිතකි. ඔබට මෙය වැටහෙනවා නොවේද? භක්ති හැඟීම්
ඇතිව යම් කෙනෙකුට වඳින්නේද ඔවුන්ට එම කෙනාගේ දර්ශනයක් පමණක් ලැබේ. ඔවුන් වෙනත්
රූපයක් දැක්කේ නම් ඔවුන් ව්‍යාකුල වනවා ඇත. යම් කෙනෙකු හනුමන්ට වඳින්නේ ද ඔහුට
හනුමන් පමණක් පෙනෙනු ඇත. ගනේෂ්ට වඳිනා කෙනෙකු ගනේෂ් පමණක් දකී. පියා පවසයි මම ඔබලා
බොහෝ ධනවත් කෙරුවෙමි. දියමන්ති සහ වටිනා මැණික් ඔබ්බවන ලද මාලිගා තිබුණි ඔබට ගැණිය
නොහැකි ධනයක්ද තිබුණි. ඒ සියල්ල නැති කර ගත්තේ කොතැනදීද? දැන් ඔබලා දුෂණය වී ඇති
නිසා ඔබලා හිඟා කයි. පියාට මේවා සියල්ලම කිව හැක. දැන් පියා පැමිණ ඇති නිසා අපි
නැවතත් ලෝක පාලකයන් වන බව ඔබ දරුවන් වටහාගෙන ඇත. මෙම අමරණිය නාට්‍යය දෛවෝපගත වේ.
සෑම කෙනෙකුම නාට්‍යයට අනුව ඔහුගේ කොටස රඟපායි. යම් කෙනෙකු ශරීරය අතහැර වෙන ශරීරයක්
ගන්නේ නම් ඒ ගැන වැලපීමෙන් ඇති ඵලය කුමක්ද? ස්වර්ණම යුගයේදී ඔබ නොවැලපේ. ඔබ දැන්
ඇලීම ජය ගනි. ලක්‍ෂ්මී සහ නාරායන් යන අය ඇලීම ජය ගත් අධිරාජ්‍යවරුන්ය. එහිදි ඇලීම
නොමැත. පියා නොකඩවා විවිධ කරුණු විස්තර කරයි. පියා අශරීරිකය. මනුෂ්‍යයන් ඔහුට නමක්
හෝ ස්වරුපයක් නොමැති යැයි නිකම්ම කියයි. කෙසේවෙතත්, නමක් හෝ ස්වරූපයක් නොමැති
කිසිවක් නැත. ’අහෝ දෙවියනි! අහෝ දෙවි පියාණෙනි!‘ ඔවුන් හඬ නඟා කතා කරනවා නොවේද?
එමනිසා, ඔහුටද නමක් හෝ ස්වරූපයක් ඇත. ලිංගමයකට, උත්තරීතර ජීවය, ශිවා සහ ශිව් බාබා
කියාද කතා කරයි. ඔහු ඇත්තෙන්ම බාබා නොවේද? බාබාට දරුවන්ද සිටිය යුතුය. අශරීරික
ජීවයන් පමණක් අශරීරික කෙනාට බාබා කියයි. ඔහුගේ කෝවිලට ගිය විට ඔවුන් ඔහුට ශිව් බාබා
යැයි කියයි. ඉන් පසු ගෙදර ගිය විට ඔවුන්ගේ පියාටද බාබා කියයි. ශිව බාබා යැයි
ආමන්ත්‍රණය කරන්නේ මන්දැයි ඔවුන්ට වැටහී නැත. ඇල්ෆා සහ බීටා යන වචන දෙකින් පියා
උසස්තම ඥානය උගන්වයි. ඇල්ෆා සහ බීටා යන වචන දෙක මතක් කිරීමෙන් රාජ්‍යය ඔබට සතු වේ.
මෙය ඉතා විශාල විභාගයකි. මනුෂ්‍යයින් උසස් විභාගයක් සමර්ථ වූ විට ඔවුන්ට ඔවුන්ගේ
පළමුව උගත් දැනුම අමතක වේ. ඔවුන් නොකඩවා ඉගෙනගෙන අවසානයේදි ඔවුන්ගේ බුද්ධියේ සාරය
ඉතිරි වේ. මෙහිදී ද එසේමය. ඔබ නොකඩවා ඉගෙනගනී අවසානයේ දී පියා පවසන්නේ මන්මනභව්!
එවිට ශරීර අවධානය කැඩී යයි. ඔබ ’මන්මනභව්‘ යන පුරුද්ද පුහුණු කර ඇත්නම් අවසානයේ ඔබට
පියා සහ උරුමය සිහි වේ. මෙය ප්‍රධානම දෙය වේ. එය ඉතාමත් පහසුය! මේ දිනවලදී අනිත්
ඉගෙනිම් වලදී ඔවුන් කුමන දේවල් උගනීදැයි කවුරු දන්නේද? රජ කෙසේද, ඔහු කියන ලෙස
ඔහුගේ සිරිත් විරිත්ද වේ. පෙරදී බර කිරුවේ ටොන් සහ රාත්තල් වලිනි. දැන් එය කිලෝ
ආදියෙන් වේ. බොහෝ වෙන්වූ දේශ සෑදී ඇත. දිල්ලි වල දී ඔබට රුපියලකට ගත හැකි දෙයක්
බොම්බායේ රුපියල් දෙකක් වේ, හේතුව දේශ වෙන්ව ඇති නිසාය. ඔවුන්ගේ දේශයේ අයව
කුසගින්නේ තැබිය නොහැකි යැයි සියලු දෙනාටම වැටහේ. බොහෝ සටන් ආදිය කරයි..! බොහෝ
ව්‍යාකූලතා ඇත! භාරතය බොහෝ ධනවත් විය. ඉන් පසු උපත් 84 චක්‍රය වටා යෑමෙන් දුප්පත්
විය. ඉතාමත් වටිනා දියමන්තියක් වැනි උපතක් නොවටිනා කවඩි වෙනුවෙන් නැති විය යැයි
කියා තිබේ. ඔබ කවඩිවලට ඔබවම මරා දමන්නේ මන්ද? අවම වශයෙන් දැන් පාරිශුද්ධ වී
පියාගෙන් ඔබගේ උරුමය ලබා ගන්න! ඔවුනුත් අඬ ගසයි අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න!
පැමිණ අපව පාරිශුද්ධ කරන්න! එයින් ඔප්පු වන්නේ ඔබ පාරිශුද්ධව සිටි බවත්, දැන් ඔබ
එසේ නැති බවත්ය. දැන් නිසැකවම මෙය යගඩ යුගය වේ. මම පාරිශුද්ධ ලොව නිර්මාණය කළ විට
අපවිත්‍ර ලොව නිසැකවම විනාශ විය යුතු යැයි පියා පවසයි. රුද්‍රාගේ ඥානය නමැති ගිනි
යාගයෙන් මෙම මහා භාරත යුද්ධය දැල් වූයේ මේ නිසාය. මෙම විනාශය ද නාට්‍යයේ තිරණය වී
ඇත. පළමුවෙන්ම බාබාට දර්ශනයක් ලැබුණි. ඔහුට උසස් රාජධානියක් ලැබීමට යන හෙයින් ඔහු
බොහෝ සතුටු වන්නට විය. ඉන් පසු ඔහුට විනාශයේ දර්ශනයක් ද දුන්නේය. මන්මනභව්,
මධ්‍යාජිභව්. මේවා ගීතාවේ වචන වේ. ගීතාවේ සමහර කියමන් සුදුසු වේ. පියා මෙසේද කියයි
මම මෙම දැනුම ඔබට පවසන්නෙමි. ඉන් පසු එය අතුරුදහන් වෙයි. ලක්‍ෂ්මී හා නාරායන්ගේ
රාජධානිය තිබෙන කල අන් කිසිම ආගමක් නොතිබුණු බව කිසිවකු දන්නේවත් නැත. එකල ජනගහනය
බොහෝ අඩුවන්නට ඇත! දැන් එය බොහෝ විශාලය! එමනිසා, මෙම වෙනස් වීම විය යුතුය. විනාශය ද
අවශ්‍ය වේ. මහා භාරත යුද්ධය ඇති වේ. දෙවියන් ද එතැන සිටින්නට ඇත. ඔවුන් ශිවාගේ උපන්
දිනය සමරයි. ශිව් බාබා පැමිණ කුමක් කළේද? ඒ දෙයවත් ඔවුන් නොදනී. පියා දැන් විස්තර
කරයි ගීතාව තුළින් ක්‍රිෂ්ණා ජීවයට රජකමක් ලැබුණි. ඔබ දේවතාවන් කරවන මව සහ පියා
ගීතාව වේ. ක්‍රිෂ්ණා ගීතාව දේශනා නොකළ බවට පෝස්ටරයේ පෙන්නුම් කරන්නේ මේ නිසා වේ.
ක්‍රිෂ්ණා ගීතාවේ දැනුම තුළින් රාජයෝගා ඉගෙන ගත්තේය. ඉන් පසු ඔහු එසේ විය. හෙට ඔහු
නැවතත් ක්‍රිෂ්ණා වේ. ඔවුන් ශිව බාබාගේ නම වෙනුවට ක්‍රිෂ්ණාගේ නම භාවිත කළේය.
එමනිසා, පියා විස්තර කරයි ඔබට වැරදි දේවල් කියා ඔබව දැන් රැවටිය නොහැකි බව දැන් ඔබේ
සිතේ තහවුරු කර ගන්න. ඔවුන් බොහෝ දේවල් අසයි පව් නැතිව මෙම ලොව පවතින්නේ කෙසේද? මෙය
කෙසේ වේද? අහා, එය පාපයෙන් තොර ලොවක් බව ඔබම කියයි. ’සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර‘
යැයි ඔබ කියනවා නොවේද? එසේනම්, එය පව් ඇති ලොවක් වන්නේ කෙසේද? ඔබට අසීමිත පියාගෙන්
අසීමිත ස්වාධිපත්‍යයක් ලැබෙන බව ඔබ දැන් දනි. එසේනම්, ඔබ එවැනි පියෙකු සිහි
නොකරන්නේ මන්ද? මෙය අපවිත්‍ර ලොවකි. සිය දහස් ගණන් කුම්භමේලාවට යති. ඉන් පසු එහි එක
ගංඟාවක් අදෘශ්‍යමාන යැයි ඔවුන් කියයි. දැන්, ගංඟාවක් සැඟවිය හැකිද? මෙතැන ද ඔවුන්
ගව්මුඛයක් (එළදෙනකගේ මුඛය) සාදා ඇත. ගංඟානම් ගඟ මෙහි ගලයි යැයි ඔවුන් පවසයි.
කෙසේවෙතත්, ගංඟානම් ගඟ සාගරයට ගලයිද හෝ ඔබ වෙත කන්දකට එයිද? භක්ති මාර්ගයේ බොහෝ
පැකිලී වැටෙයි. ඥානය, භක්තිය, ඉන් පසු නිරාශාව වේ එකක් සීමිත නිරාශාවය අනෙක අසීමිත
නිරාශාවය. සන්යාසීන් ඔවුන්ගේ ගෙදර අතහැර වනාන්තරයකට ගොස් ජීවත් වේ. මෙතැන එවැන්නක්
නොවෙයි. ඔබ මුළු ලොවම ඔබගේ බුද්ධියෙන් අත්හරී. ඔබ රාජයෝගී දරුවන්ගේ ප්‍රධාන කාර්යය
ඉගෙනගැනීම සහ ඉගැන්වීමය. රාජයෝගා, වනාන්තරයක ඉගැන්විය නොහැක. මෙය පාඨශාලාවකි. ශාඛා
එයින් මතු වේ. ඔබ දරුවන් රාජයෝගා උගනී. ශිව බාබා සමඟ ඉගෙනුම ලබන බ්‍රහ්ම කුමාරයන්
සහ බ්‍රහ්ම කුමාරියන්, සියලු දෙනාටම උගන්වයි. එකම ශිව බාබාට හිඳගෙන සියලු දෙනාටම
ඉගැන්විය නොහැකිය. එමනිසා, මෙය පාණ්ඩව ආණ්ඩුව වේ. ඔබ, දෙවියන්ගේ විධානයන් යටතේ වේ.
මෙහි ඔබ එවන් ශාන්තියකින් අසුන් ගෙන සිටියි පිටත බොහෝ කලබැගෑනි හා වියවුල් ඇත. පියා
පවසයි පස් පව් දානය කරන්න, එවිට එම අඵල ඉවත්ව යනවා ඇත. ඔබ මගේ වන්න, එවිට මම ඔබගේ
සියලුම ආශාවන් ඉෂ්ඨ කරමි. ඔබ දැන් සතුටු දේශයට යන බවත් දුක් දේශයට ගිණි ඇවිලෙන බවත්
ඔබ දරුවන් දනී. සමහර දරුවන් ද විනාශයේ දර්ශන දැක ඇත. දැන් ඉතිරිව ඇත්තේ ඉතා කෙටි
කාලයක් පමණි. එමනිසා, ඔබ ස්මරණ වන්දනාවේ බහුල වූයේනම්, ඔබගේ පව්වලින් නිදහස් වී
උසස් තත්ත්වයක් ලබනවා ඇත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන්
ඔබගේ සම්පූර්ණ උරුමය ලබා ගැනීමට, ජීවතුන් අතර සිටිමින් මරණයක් ලබා ගන්න. දරුකමට හදා
ගත්තෙකු වන්න. ඔබගේ උසස් වාසනාව කිසිදා අවලංගු කර නොගන්න.
2. වැරදි දේවලට සවන්
දී සැක ඇති කර නොගන්න. ඔබගේ විශ්වාසය යාන්තමටවත් සෙලවීමට ඉඩ නොහරින්න. දුක් දේශය
ගිණි ගන්නවා ඇත. එමනිසා, ඔබගේ බුද්ධියේ යෝගාව එයින් ඉවත් කර ගන්න.
වරදානය:
ඔබ විශේෂ
ජීවාත්මයක් වී, විශේෂතා ස්වරූපයෙන්, ඔවුන්ට ප්‍රාණය-දෙන ඖෂධය දීමෙන්, සිහිසුන්ව
සිටින අයට පියවි සිහිය ලබා දෙත්වා.
සියලු ජීවාත්මයන්ට
ශ්‍රේෂ්ඨ අවධානය සහ විශේෂතා, යන ප්‍රාණය-ලබා දෙන ඖෂධය දෙන්න, එවිට ඔවුන් සිහිසුන්
බවින් පියවි සිහියට පැමිණෙයි. විශේෂතා ස්වරූපයෙන් ඔවුන් ඉදිරියේ කැඩපතක් තබන්න. අන්
අයට මතක් කර දීමෙන් ඔබ විශේෂ ජීවාත්මයක් වෙයි. ඔබ අන් අයට ඔවුන්ගේ දුර්වලතා ගැන
පවසන්නේ නම්, ඔවුන් එය සැගවීමට හෝ පසෙකට දැමීමට තැත් කරයි, නමුත් ඔබ ඔවුන්ගේ
විශේෂතා ගැන ඔවුන්ට කියන්නේ නම්, ඔවුන් ඉබේටම තමන්ගේම දුර්වලතා අත්දකිවි. සිහිසුන්ව
සිටින අයට පියවි සිහිය ලබා දීමට මෙම ප්‍රාණය-දෙන ඖෂධය භාවිතා කරන්න. පියාසර කර, අන්
අයට පියාසර කිරීමට මගපාදන්න.
පාඨය:
ඔබගේ සිතිවිලි
වලින් පවා නම, ගරු බුහුමන්, සම්මාන සහ පහසුකම් අත්හැරීම යනු ශ්‍රේෂ්ඨ අත්හැරීමක්.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
උපකරණ බවට පත් වී ඇති
ඔය දරුවන්, ඔබගේ සිතිවිලි වලට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔබ පාපකාරී සහ නිෂ්ඵල
සිතිවිලි වලින් නිදහස්ව සිටින විට, ඔබගේ බුද්ධියට හොද තීරණ ගැනීමට හැකි වන අතර ඔබ
හොද තීරණ ගන්නා විට, ඔබට සෑම දෙයක්ම පහසුවෙන් විසදීමට හැකි වෙයි. සියල්ල විසදීම
වෙනුවට ඔබම නොකඩවා නිදහසට කාරණා කියන්නේ නම්, ඔබව අනුගමනය කරන අයත් සෑම සිදුවීමකදීම
නොකඩවා නිදහසට කාරණා ලබා දෙයි.