30.08.26 Avyakt Bapdada
Sinhala
Murli 13.04.2011 Om Shanti Madhuban
සංස්කාර වල ආදාහන
උත්සවය පැවැත්වීමට,
යෝගා බලයේ ඔබගේ ගිණි කන්දේ ගින්න, භාවිතා කරන්න.
ඔබගේ හැසිරීමෙන්, මුහුණෙන්, ද්‍රිෂ්ඨියෙන්, ආකල්පයෙන් සහ සිතිවිලි වලින්
පරම පියාව හෙළිදරව් කරන්න.
අද දින, දරුවන්ගේ
සෙනෙහස, ඔවුන් වෙතට සෙනෙහස් සාගරය, ගෙන ඒමට මඟ පෑදුවා. ඔබගේ හදවත් තුළ පියා කෙරෙහි
ඔය දරුවන්ට සෙනෙහස තිබීම ගැන බාප්දාදා සතුටු වන අතර මෙම සෙනෙහස නිරන්තරයෙන් තිබීමේ
පදනමින්, ඔබ අනිවාර්යෙන්ම පියාට සමාන වෙයි. කොහොමනමුත්, බාප්දාදා සෙනෙහස යන විෂයෙන්
ඔය දරුවන්ව ඉදිරියෙන් තබා ඇත. අද, ඔය දරුවන් ඔහුව ඔබගේ සෙනෙහස් රැහැනින් බැඳගෙන,
සෙනෙහස් සාගරය විශේෂයෙන් මධුබන් වලට කැඳවා තිබේ. එවන් සෙනෙහස නිරන්තරයෙන් ඉස්මතුව
තබා ගන්න. ඔය දරුවන්ගේ හදවත්වල සෙනෙහස, නිරන්තරයෙන් හදවත සනසන්නා, පරම පියා වෙතට
නොකඩවා ළඟා වන නමුත් එය නියත වශයෙන්ම අංක පිළිවෙලයි. පරම පියා ආශා කරන්නේ, මෙම
සෙනෙහසේ සලකුණ විය යුත්තේ, හදවත් සනසන්නා, නිරන්තරයෙන් සෑම දරුවෙකුගේම හදවත තුළ
සිටිය යුතු බව, කිසිම දරුවෙක් තනිව නොසිටිය යුතු බව, ඔබ සියලු දෙනාම බද්ධ වී සිටිය
යුතු බවයි. ඔබ නිරන්තරයෙන් බද්ධ වී සිටින්නේද, නැත්නම් ඔබ විටෙක තනි වන්නේද කියා,
පරීක්ෂා කර බලන්න. ඔබ තනි වන විට, මායා ඇගේ අවස්ථාව ගන්න අතර බාප්දාදා මෙසේ පවසන්නේ
මේ නිසයි: හදවත් සනසන්නා නිරන්තරයෙන් ඔබගේ හදවතේ තැන්පත්ව සිටිය යුතුයි. මෙය සත්‍ය
සහ නිරන්තර සෙනෙහස ලෙස හැඳින්වෙයි. ඔබ විටෙක තනි වනවාද, නැත්නම් ඔබ නිරන්තරයෙන්
බද්ධ වී සිටිනවාද? සෑම දරුවෙක්ම වී ඇති පොරොන්දුව කුමක්ද? ඔබ එකට සිටිමේ, ඔබ එකට
ආපසු නිවහනට යෑමේ සහ ඔබ රාජධානිය පාලනය කිරීමට එකට පැමිණෙන බවට ඔය මධුබන් නිවාසීන්ට
විශේෂයෙන් කුල්මත් බවක් තිබේ. ඒ අන්දමින්ම මෙහි අසුන්ගෙන සිටින එම බොහෝ, බොහෝ, බොහෝ
ආදරණීය උපකරණ දරුවන් ඔවුන්ගේ හදවත් වලින් පියාට පොරොන්දු වී ඇත්තේ - බහුතරයකට එය
ප්‍රායෝගික ස්වරූපයකින්ද - ඔබ නිරන්තරයෙන් බද්ධ ස්වරූපයෙන් සිටින බවයි. කෙසේවෙතත්,
එය අංක පිළිවෙලයි. බාප්දාදාට අවශ්‍ය වන්නේ, සෑම මහාරතී උපකරණ දරුවෙක්ම, ඔවුන්ගේ
මුහුණු වලින් පරම පියාගේ දර්ශනයක් පිරිනැමිය යුතු බවයි, ඔවුන්ගේ මුහුණු සහ
හැසිරීමෙන්, ආලෝකයෙන් පිරුණු, පියාගේ ආදරණීය සහ අද්විතීය හැසිරීමේ දර්ශනයක්,
ඔවුන්ගේ මුහුණු සහ හැසිරීමෙන්, නොකඩවා පිරිනැමිය යුතු බවයි.
ඔබ බ්‍රහ්ම පියාව
දුටුවා. අවසානය දක්වාම, සෑම මුරලියකම, ශ්‍රීමත් වලට අනුව බ්‍රහ්ම බාබා, කී වතාවක්
‘බාබා, බාබා’ කියා පැවසුවාද? එය පමණක් ගණන් කර බලන්න! සෑම මුරලියකම ඔහු බොහෝ
වතාවක්, ‘බාබා, බාබා’ කියන අතර ඔහුගේ මුහුණින්, රුපයෙන්, වචන සහ විශේෂයෙන් ඔහුගේ
දෑස් සහ නළලෙන් පරම පියාව හෙළිදරව් කළා. ඔය සියලුම දරුවන් මෙය අත්දැක තිබෙනවා. ඔබ
බ්‍රහ්ම පියා දෙස බලන විට ඔබ අත්දකින්නේ කුමක්ද? බාප්දාදා. කිසිවෙක් “පියා” යන වචනය
පමණක් නොකියයි, නමුත් සෑම කෙනෙකුගේම දෙතොල් වලින් මතු වන්නේ “බාප්දාදා” යන වචනයයි,
මන්ද ඔවුන්ව අත්දකින්නේ එකටයි. ඒ ආකාරයෙන්ම පියාව අනුගමනය කරන්න. ඔබ දෙස බලන ඕනෑම
කෙනෙකුට ඔබගේ මුහුණින්, වචන වලින්, හැසිරීමෙන් සහ ද්‍රිෂ්ඨියෙන් ඉබේටම පරම පියාව
සිහි විය යුතුයි. ඔබගෙන් බහුතරයකට ඔබගේ මුහුණින්, වචන වලින් සහ ක්‍රියා වලින් පියාව
හෙළිදරව් කිරීමේ සිතිවිල්ල ඇති වූ බව, පියා දැන් දුටුවා. එබැවින් පියාව අනුගමනය
කරන්න. බ්‍රහ්ම පියා නිරන්තරයෙන් ඔහුගේ හැසිරීමෙන්, මුහුණින්, ද්‍රිෂ්ඨියෙන්,
ආකල්පයෙන් සහ සිතිවිලි වලින් පරම පියාව හෙළිදරව් කළා. ඔබ සියලු දෙනාම එය අත්දුටුවා.
ඔබ දෙස බැලුවේ බ්‍රහ්ම පියා පමණක් නොවෙයි. ඔබ දෙස බැලුවේ බාප්දාදාය. හේතුව? බ්‍රහ්ම
පියා නිරන්තරයෙන් පරම පියාව ඔහුගේ දෑස් සහ නළලේ මුසු කළ නිසා. ඔබගේ දෑස්, මුව සහ
හැසිරීම, බාප්දාදා ඔබ තුළ මුසු වී ඇති සේ, හෙළිදරව් කළ යුතුයි. ඔබගේ සෑම වචනයකම,
ඔබට උගන්වන කෙනාව අත්විඳිය යුතුයි: ඔහු කුමක් කීවත්, ඈ කුමක් කීවත්, ඔවුන්ට
උගන්වමින් ඔවුන්ව බලයෙන් පුරවන ඒකායන කෙනා, සර්ව බලධාරියාය, පරමාත්ම දෙවියන්ය. මේ
පරමාත්ම දෙවියන්ගේ දරුවන්. මේ පරමාත්ම දෙවියන්ගේ ශිෂ්‍යයන්. ඔවුන් පරමාත්ම දෙවියන්ව
අනුගමනය කරන දෙවියන්ගේ අනුගාමිකයන් නොවෙයි, නමුත් සෑම පියවරකදීම ප්‍රකෝටි ගණනක්
නිර්මාණය කරගන්න අයයි. දැන් කාලය පවා ඔබට සහයෝගය ලබා දීමට සූදානම්ය. සිදුවීම් වෙනස්
වන අතර මෙම සිදුවීම්, සියලු දෙනාගේ ස්ව-කැමැත්තට විරුද්ධව වුනත් සියලු දෙනාට
පරමාත්ම දෙවියන්ව සිහි කර දෙයි. එබැවින් එකක් කාලය වන අතර අනෙක උපකරණ කණ්ඩායම්
දෙකේම විශේෂත්වයන්ය. මෙම රැස්වීමට පැමිණ ඇති කණ්ඩායම, පෙර-සකස් කරන ලද කණ්ඩායමකි.
මෙහි පැමිණ ඇති ඔය
දරුවන් බහුතරයකට ඔබගේ හදවත් තුළ උනන්දුව සහ උද්යෝගය තිබෙන බව බාප්දාදා දැක තිබේ:
අපි අනිවාර්යෙන් පරම පියාව හෙළිදරව් කරනවා - ඔබගේ මුහුණින්, ඔබගේ මුහුණේ චරිතයෙන්,
වචන වලින්, ඕනෑම ජීවාත්මයකට ඔබගේ ඇති නෑ සබඳතාවයෙන්. මෙකල, ඔබගේ මනසේ යහපත සළසන
හැඟීම් වලින් ඔබ ජීවාත්මයන්ට සේවය කිරීමෙන්, ජීවාත්ම ඔබ සමග සම්බන්දධතාවයකට පැමිණෙන
අතර ඔබ සමග සම්බන්ධතාවයකට පැමිණීමට ඔවුන්ට අවශ්‍යයි. බාප්දාදා ඔබට ලබා දුන්, ඔබගේ
මනසින් සේවය කිරීමේ කාර්යයේදි, ඔබ යෝග්යුක්තව සිටිමින් ඔබගේ මනසින් සේවය කිරීම
පුහුණු කරන විට, ඔබ අනිවාර්යෙන් මෙම චිත්ත තරංග වලට, කවුරුන් හෝ වෙතට ළඟා වීමට
මගපාදන බව, දැක තිබේ. කොහේ හෝ තැනක සිට ආලෝකයේ කිරණ සහ සතුටේ සහ සාමයේ රළ, ඔවුන්
වෙතට පැමිණෙන බව ඔවුන්ට දැනෙන නමුත් ඒවා පැමිණෙන්නේ කොහේ සිටද කියා ඔවුන්ට පැහැදිලි
නැත. මෙම කිරණ සහ රළ පැමිණෙනවා, නමුත් ඒවා පැමිණෙන්නේ බාප්දාදාගේ භාරතයේ දරුවන්ගෙන්
බව ඔවුන්ට පැහැදිලි නැත. එසේ වුනොත් ඔවුන් සියලු දෙනාම මෙහි දුවගෙන එයි. ඔවුන්ට එය
පැහැදිලි වන සේ, දැන් එම ජීවාත්ම මතට ඊටත් වඩා බලවත් කිරණ යොමු කරන්න. ඒවා ඔවුන්
වෙත ළඟා වනවා. එය ආරම්භ වුණා පමණයි. ඇතැම් කිරණ ඔවුන්ගෙන් සමහරු වෙත සුළුවෙන් ළඟා
වීම ඇරඹී ඇත. දැන් මෙය තව බලවත් කරන්න. මෙහිදි බාධාවක් ඇති කරන දේ, ඔවුන් වෙතට
පැහැදිලිව ළඟා නොවීමට හේතුවක් වන්නේ, ඔබ යෝගාවේ සිටින නමුත්, ඔබ අම්රිත් වේලාවට
අසුන් ගන්න නමුත්, ගිණි කන්දක් වැනි යෝගාව නොතිබීමයි. මේ නිසා, ඔබ මේවා යවන
බැතිමතුන්ට සහ ජීවාත්මයන්ට ඒවා එතරම් පැහැදිලිව නොලැබෙයි. දෙවනුව, ඔබට ගිණි කන්දක
ගින්නේ යෝගා බලය, නොතිබීම හෝ අඩු නිසා, අතර මැදදී බාධාවක් ඇති කරන සංස්කාර අවසන් කළ
නොහැක. සංස්කාර පරිවර්ථනය කිරීමට ඔබ උත්සාහ දරයි, එමෙන්ම මෙම සංස්කාර මිය යයි,
නමුත් ඒවා පිළිස්සෙන්නේ නැත. රාවන මරා දමනවා පමණක් නොවෙයි, ඔහු මිය ගිය පසු ඔහුව
පුළුස්සා දමන සේ, මන්ද, ඔහුව මරණයට පත් කළ පසුවත් ඔහුගේ සිරුර ඉතිරි වෙයි. ඒ
අන්දමින්ම, ඔබ අම්රිත් වේලාවේ සිහි කිරීමේ අසුන් ගනී, නමුත් ගින්නක ස්වරූපයේ යෝගාව,
ගිණි කන්දක ගින්දර ස්වරූපයේ අඩුවක් තිබේ. ඔබ හමුවක් සමරයි, හදවතට සමීප කතාබහක
යෙදෙයි, එමෙන්ම ඔබගේ ජීවිතයේ ඇති දේවල් ගැනත් ඔබ කතා කරයි. ඔබට නිරන්තර යෝගාවේ
ගින්නක් තිබෙයි. ඔබ නියත වශයෙන්ම සංස්කාර මරා දමයි, එමෙන්ම එම සංස්කාර මිය යයි,
නමුත් ඒවා විටින් විට නැවතත් ඉහළට නැගී එයි. ඒවා පිළිස්සුණු විට, ඒවාගේ නම සහ
සලකුණු අවසන් වෙයි. දැන් ඔබගේ හදවතට සමීප කතාබස් වලදී පවා ඔය සියලුම දරුවන් පවසන්නේ
ඔබට තිබීමට අවශ්‍ය තරම් නොමැති බවයි.
බාප්දාදා අද සංඥාවක්
ලබා දෙනවා, මන්ද අද දින විශේෂ මහාරතී දරුවන් රැස්වීමට පැමිණ සිටින අතර මධුබන්
නිවාසීන්ද සිටිනවා. මධුබන් වල තිබෙන්නේ කුමක්ද? මධුබන් යනු බාබාය. ඔබ ‘මධුබන්’ කියන
විට සියලු දෙනාටම සිහි වන්නේ කුමක්ද? මධුබන් වල බාබා. එබැවින් මධුබන් වල අය මෙම
විශේෂ අවධානය යොමු කළ යුතුයි. ඔබ ‘මධුබන්’ කියන විට, ඔබට මධුබන් වල බාබාව සිහි
වෙනවාද? මධුබන් වල වාසය කරන අය දෙස සියලු දෙනාම බලන්නේ කුමන ද්‍රිෂ්ඨියකින්ද?
මධුබන් වල අය අත් ඔසවන්න! බොහෝ දෙනෙක් සිටිනවා. පහළ (ශාන්තිවාන්) වුනත් ඉහළ (පාණ්ඩව
භවන්, ග්‍යාන් සරෝවර් ආදිය) වුනත්, අද සමූහයේ උපරිම සංඛ්‍යාව මධුබන් වාසීන්ය.
මධුබන් වල සෑම නිවැසියෙකුගේම මුහුණින් සහ චරිතයෙන්, බාබා සහ බාබා පමණක්ම දිස්වන
විශ්මය, මධුබන් වාසීන් අනිවාර්යෙන් පෙන්වීම ගැන බාප්දාදා සතුටු වනවා. පරම පියා
සිදුවීමේදි දිස්විය යුතුයි, මන්ද, මධුබන් වලදී යග්යාවට සේවය කිරීමෙන් බොහෝ බලය
(බල්) සහ ඵලය (ෆල්) ලැබෙයි. එය ලබා ගැනීමට අවශ්‍ය අයට එය ලබා ගත හැක; ඔබට
අනිවාර්යෙන් එය ලැබෙයි. ඔබගේ සංස්කාර දෙස බැලීමට සහ සංස්කාර සුසංයෝග කිරීමට ඔබ
වැඩිපුර, නිරන්තර, අවධානය යොමු කිරීමට අවශ්‍යයි. මධුබන් වල සෑම දරුවෙක් කෙරෙහිම
බාප්දාදා තුළ විශේෂ සෙනෙහසක් තිබේ. ඇයි? පරම පියාම නිර්මාණය කළ යග්යාවට සේවය කිරීමට
ඔබ තමන්ව කැප කළ නිසා. ප්‍රථමයෙන් මධුබන් වාසීන්ට ඔවුන් සිදුකළ උත්සාහයන්ගේ ඵල
ලැබෙන අතර දෙවනුව, මධුබන් වලට පැමිණෙන බ්‍රහ්මින් ජීවාත්ම හෝ අළුත් ජීවාත්මයන්ට
සේවය කිරීම යනු, යග්යාවට සේවය කිරීමයි: එය සාමාන්‍ය සේවයක් නොවෙයි. යග්යාවට සේවය
කිරීම වෙනුවෙන් ඔබට අතිරික්ත පුණ්‍යකර්ම ලැබෙයි. බාප්දාදාගෙන් ලැබුණු ශ්‍රීමත් වලට
අනුව අම්රිත් වේලාවේ සිට රාත්‍රී කාලය දක්වා, මධුබන් වල ඕනෑම නිවැසියෙක් නිවැරදිව
ගමන් කරන්නේ නම්, එවිට ඔහුට අනිවාර්යෙන් ඉන් අතිරික්ත පුණ්‍යකර්ම ලැබෙයි. මධුබන් වල
අය මෙය දැන සිටියත් නැතත්, හෝ ඔවුන් නොසැලකිලිමත්ව සිටියත්, කෙසේනමුත්, ඔවුන්ගේ
සේවයේ පුණ්‍යකර්මය ඔවුන්ට අනිවාර්යෙන් ලැබෙයි. මධුබන් වාසියෙක් වීම සාමාන්‍ය දෙයක්
නොවෙයි. කෙනෙක් කුමන ආකාරයේ කාර්යයක් සිදු කළත්, ඔහු පිරිසිදු කිරීම් සිදු කළත්,
එවන් සාමාන්‍ය කාර්ය වුවද, ඔබට බොහෝ පුණ්‍යකර්ම නිර්මාණය කරගැනීමට මඟපාදයි, මන්ද,
එය පරම පියා විසින් නිර්මාණය කරන ලද යග්යාවයි. සියලු දෙනාටම පරමාත්ම දෙවියන්ගේ
සෙනෙහස ලැබෙන්නේ, මෙම යග්යාවෙන්, මෙම මධුබන් වලින්ය, මේ නිසයි, පියා මෙහි හැර වෙනත්
කිසිම ස්ථානයකට නොයන්නේ. පරම පියාගේ පැමිණීම, ඔබව මුණගැසීම සහ අන් අයට ඔහුව මුණ
ගැසීමට මඟපෑදීමේ පරම පියාගේ චරිත කොටස, මධුබන් වල පටිගත වී තිබේ. මධුබන් වල ඔය සෑම
නිවැසියෙක්ම, ඔබගේ පුණ්‍යකර්ම ගිණුම දැන සිටිය යුතුයි, එමෙන්ම එය හඳුනාගත යුතු අතර
එම මහා ලැබීමේ ප්‍රතිමූර්තියක් විය යුතුයි. කුමක් සිදුවුනත්, එම දේ ජ්‍යෙෂ්ඨයන්
වෙතට ළඟා වීමට මඟ පෑදීම ඔබගේ යුතුකමයි, මන්ද, ඔවුන් වෙත එය ළඟා කරවීම යනු එය ඔබගේ
හදවතින් ඉවත් කිරීමයි. ඉන්පසුව ඔබගේ වගකීම අවසන්ය. ඒ පිළිබඳව කිසිවක් සිදුනොවන බව
ඔබ සිතන්නේ නම්, එවිට ඔබ මෙයින් පාපයක් රැස් කර නොගනී; එය වගකීම දරන අයගේ පාපය
වෙයි. ඔබට තිබෙන්නේ සැහැල්ලුවෙන් සිටීම පමණයි. ඔබගේ වගකීම වන්නේ ඔවුන්ට ඒ පිළිබඳව
පැවසීමයි. කෙසේවෙතත්, සිදු වූ දේ සහ සිදු නොවූ දේ පිළිබඳව සිතීම, මේ දේ සිදු නොවූයේ
මන්ද, එය සිදු නොවූයේ ඇයි, ඔබ ඒ ගැන කණස්සලු විය යුතු නැහැ, එසේ වුනොත් ඔබට තව
වැඩියෙන් නිෂ්ඵල සිතිවිලි ඇති වෙයි. ඔබගේ වගකීම ඉටුකර එය ඔවුන් වෙතට ළඟා වීමට
සලස්වන්න, එපමණයි. එය ඔවුන් වෙත ළඟා විය යුතුයි, එමෙන්ම චාරිත්‍රය සහ ක්‍රමවේදයට
අනුව එය ඔවුන් වෙතට ළඟා විය යුතුයි. මන්ද අවසානයේ, ඔබ මධුබන් වාසීන් වන
බ්‍රහ්මණයන්. ඔබ උසස් වන අතර ඔබගේ තත්ත්වය ඔබ දන්නවා, ඔබ කෙබඳු අන්දමේ කාර්යයන්
සිදු කරන්නේද යත්, ඔබ සිදු කරන කාර්යයන් අන් අය දකින විට, ඔවුන්ද එය ඉගෙන ගනී.
මධුබන් වාසීන් පිළිබඳව සියලු දෙනා තුළ බොහෝ විශ්වාසයක් තිබේ. එබැවින් එම විශ්වාසය
ඇති අයට එම විශ්වාසයේ ඵලය පෙන්වන්න. මධුබන් වල දරුවන් අතරින්, විනය රීති සමග, තමන්
මත උත්සාහ දරන සමහරු සිටින බව බාප්දාදා දන්නවා, ඔවුන් තුළ පරම පියා කෙරෙහි සෙනෙහස
ඇති අතර ඔහුට සහයෝගය ලබා දෙයි. බාප්දාදා ආශා කරන්නේ: මධුබන් වාසීන් වෙනුවෙන්
බාප්දාදාගේ ආශාව වන්නේ කුමක්ද? මධුබන් නිවැසියෙක් වන පියාගේ සෑම දරුවෙක්ම, යග්යාවට
ආදරණීය සහ සහයෝගී විය යුතු අතර ඔවුන්ගේ හැසිරීම තුළින් සියලු දෙනාට පරම පියාගේ
හැඳින්වීම ලබා දිය යුතුයි: “මධුබන් වාසීන් වන අපට විශාල භාග්‍යයක් තිබේ!” ඔබගේ
භාග්‍යය හෙළිදරව් කරන්න, මන්ද ඔබ යග්යාවේ නිවාසීන්. පරමාත්ම දෙවියන් ප්‍රථමයෙන්ම
නිර්මාණය කළේ කුමක්ද? ඔහු යග්යාව නිර්මාණය කළා, එමෙන්ම යග්යාවේ භූමිය මධුබන්ය. ඔබ
මධුබන් වල ප්‍රශංසාව දන්නවා නේද? මධුබන් වල වර්ණනාව දන්නා අය අත් ඔසවන්න! බාප්දාදා
මෙහි බලනවා (රූපවාහිනියේ දකිනවා). අච්චා, බොහොම හොඳයි.
දරුවන් උපකරණ වී ඇති
බව දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබ අවධානය යොමු කරනවා, නමුත් ඔබ අවධානය යොමු කර,
ඔවුන්ව තෘප්තිමත් කර, තෘප්තියේ කිරණ ලොවට ළඟා වීමට සැලැස්විය යුතුයි. උපකරණ වී ඇති
අය, මෙම කාර්යයත් සිදු කළ යුතුයි. මෙයට හේතුව වන්නේ උපකරණ වන අයට තමන්ගේම
උදව්කරුවන් සිටීමයි. ඔවුන්ගේ සංස්කාර පරිවර්ථනය කිරීමට මඟපෑදීම සඳහා ඔබට ටිකක්
උත්සාහ දැරීමට සිදුවෙයි. ඔබ ඔවුන්ට සේවය කිරීමට මඟපාදන අතර ඔවුන්ගෙන් බහුතරයකට
ඉඳුම් හිටුම් සහ ආහාර පාන මධ්‍යස්ථානය ලබා දෙයි. පැමිණෙන ඕනෑම කෙනෙක් පළමුව
වාතාවරණයෙන් ආකාර්ෂණය වන ආකාරයට, ඔවුන් පියාගෙන් බලය ගෙන ඔබගේ සේවා ස්ථානයේ එවන්
වාතාවරණයක් නිර්මාණය කරන ආකාරයට, දැන් ඔවුන්ව එවන් බලයෙන් පුරවන්න. මෙයට හේතුව දැන්
සියලු දෙනාට අවශ්‍ය වන්නේ, ඔවුන් පැමිණි විගස යම් අත්දැකීමක් ලැබෙන අන්දමට යම්
උත්සවයක් තිබිය යුතු බවයි, එය දැකීමෙන් පමණක්ම ඔවුන්ට යම් අත්දැකීමක් ලබා ගැනීම
සඳහා. ඔවුන් සවන් දීම අත්දකිනවා, එමෙන්ම ඔවුන් යෝගාව අත්දකිනවා, නමුත් ඔවුන්
වාතාවරණයත් අත්විඳිය යුතුයි. උපකරණ වී ඇති ජීවාත්ම, මෙයට අවධානය යොමු කළ යුතුයි:
ඔබගේ විශේෂ සේවය මෙයයි. ඔබම යෝග්යුක්තව රැඳී සිට, වාතාවරණයේ හොඳ ස්ථිතියක් පවත්වා
ගන්නේ නම්, එය ඉබේටම සේවා ස්ථානය මත බලපෑමක් ඇති කරයි. බාප්දාදාගේ සහ ජ්‍යෙෂ්ඨ
උපකරණයන්ගේ බලපෑම, වාතාවරණයේ සහ කම්පන තරංග වල තිබේ. බාප්දාදා අවට ඇති වාතාවරණය,
වෙනස් වෙයි. එබැවින් සෑම දරුවෙක්ම වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි, මන්ද, ඔබගේ
මධ්‍යස්ථාන වල වාතාවරණය ඔබ වෙනස් කළ විට පමණයි, ලෝකයේ වාතාවරණය වෙනස් වන්නේ. එය
සිදුවන්නේ ඔබගේ සේවා ස්ථාන වලිනි. ඔබ උත්සාහ දරයි, ඔබට මෙම අරමුණ තිබේ, නමුත් ඔබ
දැන් මෙම අරමුණ ඊටත් වඩා බලවත් කළ යුතුයි. මෙකල ඔබගේ මුහුණින් සහ චිත්ත තරංග වලින්
මිනිසුන්ට ඔබව වටහාගත හැක. ඔවුන්ගේ බුද්ධිය රකුසු බුද්ධි වල බලපෑමට හසුවන නමුත්
ඔවුන් මෙම දැනුමේ බලපෑමටද ලක් වෙයි. මේ නිසයි රැස්වීමට මෙහි පැමිණ ඇති සියලු දෙනා,
ඔබ සෑම කෙනෙකුටම වගකීමක් තිබේ. එසේ නැත්නම් රැස්වීමට ඔබගේ නම ඉදිරිපත් කළේ ඇයි? ඔබට
නිර්භීතකම තිබෙනවා, මේ නිසයි ඔබගේ නම ඇතුලත් කළේ. එබැවින් දැන් ඔබගේ වගකීම හෙළිදරව්
කරන්න. එය කිරීමට ඔබ කැමතියි. එය කිරීමට ඔබ උත්සාහ දරන බව බාප්දාදා දන්නවා, නමුත්
දැන් ඔබගේ උත්සාහය තව ටිකක් වැඩි කරන්න. ඔබට වැටහෙනවාද?
දැන් බාප්දාදාට සියලු
දෙනාගේ ප්‍රතිඵලය දැකීමට අවශ්‍යයි. මධුබන් අය මෙන්ම රැස්වීමට පැමිණි අය වුනත්,
බාප්දාදාට දෙපිරිසෙන්ම ප්‍රතිඵල දැකීමට අවශ්‍යයි. ජගදම්බා සිදුකළ විශේෂ උත්සාහය
වුනේ: පියා යමක් පැවසූ අතර ජගදම්බා එය සිදු කළා. ඔබගේ දීදීගේ වදන් වුනේ: අප දැන්
ආපසු නිවසට යා යුතුයි, අපි නිවහනට යා යුතුයි. ඔබගේ දාදීගේ සිතිවිල්ල වුනේ: අප දැන්
කර්මතීට් විය යුතුයි. ඇය කර්මතීට් වීම ගැන පංති පැවැත්වූ අතර කර්මතීට් වීමට ඇය
උද්යෝගය ලබා දුන්නා. හිඳ, පිටව ගිය ඔබගේ පාණ්ඩවයන්ටද මෙම සිතිවිල්ල තිබුණා:
පාණ්ඩවයන් වන අප සියලු දෙනා ජයග්‍රාහී බව කියයි. පාණ්ඩවයන්ට තිබුණු මෙන්ම තවමත්
තිබෙන අරමුණ වන්නේ, සිහිවටනය වන්නේ ජයග්‍රාහී පාණ්ඩවයන්, බවයි. පාණ්ඩවයන් ගැන ඔබ
කතා කරන විට ඔබට සිහි වන්නේ කුමක්ද? ජයග්‍රහණය. අනෙක් පැත්තේ අසීමිත සේනාවක් සිටි
නමුත්, ‘පාණ්ඩවයන්’ යන වචනය ඔබට සිහිවන විට, ඔබට සිහි වන්නේ ජයග්‍රහණයයි. පාණ්ඩවයන්
පස් දෙනෙක් සිටි නමුත් ඔවුන් ජය ලැබුවා. වාතාවරණය කෙබඳු අන්දමක එකක් වුනත්, අසීමිත
සේනාවේ වාතාවරණය තිබුණි, නමුත් පාණ්ඩවයන් ජයග්‍රහණය කළේ පාණ්ඩවයන්ගේ පියාගේ
ශ්‍රීමත් වලින් වන අතර ජයග්‍රහණය කීර්තිමත් කළා. දැන් එම පාණ්ඩවයන්ම ජයගෙන ඇති අතර
අන් අයටත් ජයගැනීමට මඟපාදනවා. පාණ්ඩවයන් දැක බාප්දාදා සතුටු වනවා. ඔහු
සතුටු වන්නේ කුමක්
නිසාද? ඔබ ශක්තීන්ගේ සහකරුවන් වීම ගැන. ශක්තීන්ට ඔබගේ සහයෝගය ලබා දී, ඔවුන්ව
ඉදිරියට ගමන් කරවීමට ඔබ සහකරුවන්ය. පරම පියා ශක්තීන්ට ශිව ශක්තීන් වීමේ මන්ත්‍රය
ලබා දී, ඔවුන්ව බද්ධ කළ සේම, ඔවුන්ගේ විශේෂත්වයට අනුව පාණ්ඩවයන්, ශක්තීන්ට සහයෝගය
දීමට සහ ඔවුන්ව ඉදිරියේ තැබීම හොඳින් සිදු කරයි. ඔවුන් නිරන්තරයෙන් හොඳම අය වෙමින්
සිටින අතර ඉදිරියට ගමන් කරනවා. අච්චා.
අද ඔබගේ සෙනෙහස දැක,
බාප්දාදා ඔබ සියලු දෙනාට සෙනෙහසේ මල්දම පළඳවනවා. දැන්, ඔබ සියලු දෙනාමත් සරළව
එකිනෙකාට සෙනෙහස සහ සහයෝගයේ මල්දම පැළඳවිය යුතුයි. බාහු වල මල්දමක් නොවෙයි, නමුත්
එකිනෙකාට ඔබගේ හදවතේ සහයෝගයේ මල්දම පළඳවන්න. ඔය සෑම දරුවෙකුගේම සාක්කුවේ සහයෝගයේ
නෝට්ටු තිබිය යුතු බව බාප්දාදා ඔබට මින් පෙරද පවසා ඇත. ඔබගේ සාක්කු පිරී තිබිය
යුත්තේ සහයෝගයේ නෝට්ටු වලින්ය, වැරදීම් වල නෝට්ටු වලින් නොවෙයි. යම් තැනකට සහයෝගය
අවශ්‍ය බව ඔබ දකින ඕනෑම විටෙක, සහයෝගයේ නෝට්ටුවක් සරළව ලබා දෙන්න. ඔබගේ සාක්කුවේ
ඒවා තිබෙනවාද? ඔබට සහයෝගයේ නෝට්ටු තිබෙනවාද? ඒවා පිරිලද? ඔබගේ සාක්කු පිරී තිබේ.
ඒවා හිස් නැහැ නේද? ඔබ සරළව සහයෝගයේ නෝට්ටුවක් ලබා දෙන්න, එවිට ඔවුන් ආශිර්වාද මල්
දමක් ඔබට පළඳයි.
පෙර ගමන් ගිය ඔබගේ
කණ්ඩායමේ (advance party) විශේෂ ජීවාත්ම සහ සූක්ෂම කලාපයේ නිවැසියෙක් වන පියා, බලා
සිටිනවා. ඔවුන්ගේ සිතිවිල්ල ඔබ වෙතට ළඟා වනවාද? ඔවුන් දිනයක් ඉල්ලා සිටිනවා. ඔබගේ
ජ්‍යෙෂ්ඨ දාදීන් සහ දාදාවරු දිනයක් ලබා දෙන තුරු බලා සිටිනවා. ඔබ ඔවුන්ට දිනයක් ලබා
දෙනවාද? දෙනවාද? ඉදිරි පේළියේ අසුන්ගෙන සිටින අය කතා කරන්න! ඔබ දිනයක් දෙනවද?
නැත්නම් “ඉඳලා බලන්න” කියා ඔබ කියනවාද? මේ වෙනුවෙන් ඔය සෑම කෙනෙක්ම සිදු කිරීමට
යන්නේ කුමක්ද? ඔය සෑම කෙනෙක්ම ඔබගේ ඉතිරිව ඇති සංස්කාර ආදාහනය කළ යුතුයි, එවිට එම
කාලය සමීපයට පැමිණෙයි. කාලය සමීපයට ගෙන ඒමට ඇති එකම ක්‍රමය මෙයයි. බාධා ගෙන එන්නේ
ඉතිරිව ඇති සංස්කාරයි. ලබන ඍතුවේ ආරම්භයට පෙර තව දින ඉතිරිව තිබේ, බොහෝ දින ඉතිරිව
තිබේ. සෑම දිනකම එක් හෝ වෙන සංස්කාරයක් ආදාහනය කරන්න. ඒවා එකින් එක නොකඩවා ආදාහනය
කරන්න; ඒ තරම් දින ගණනාවක් ඉතිරිව තිබෙනවා. බාප්දාදා ලබන ඍතුවේ පැමිණෙන විට, ඔබගේ
සංස්කාර ආදාහනය කළා කියා, ඔබගේ අත් ඔසවන බව හැඟෙන්නේ කාටද? මෙසේ හැඟෙන අය, අත්
ඔසවන්න! ඒවා ආදාහනය කර ඇති බව? ඔබ අත් ඔසවනවා. බාප්දාදා කල් තියා ඔබට බොහෝ, බොහෝ,
බොහෝ සුබ පැතුම් ලබා දෙනවා. අච්චා.
වරදානය:
ඔබ තීව්‍ර
උත්සාහ දරන්නෙක් වී, අලසකමේ බොහෝ විවිධ ස්වරූප අවසන් කර, නිරන්තරයෙන් උද්යොගිමත්
වේවා.
වර්ථමානයේ, මායා ඔබට
අලසකමේ විවිධ ස්වරූප වලින් පහර දෙයි. අලසකම විශේෂිත වූ අවගුණයක් වන අතර එය අවසන්
කිරීමට ඔබ නිරන්තරයෙන් උද්යෝගයෙන් රැඳී සිටිය යුතුයි. ආදායමක් උපයාගැනීමේ උද්යෝගය
ඔබට තිබෙන විට, ඔබගේ කම්මැලිකම අවසන් වන අතර එබැවින් ඔබ කිසිම විටෙක ඔබගේ උද්යෝගයට
අඩු වීමට ඉඩ නොදිය යුතුයි. ‘මා ඒ ගැන සිතන්නම්. මා එය කරන්නම්, මා අනිවාර්යෙන් එය
කරන්නම්, එය සිදුවෙයි’ යන සියල්ල කම්මැලිකමේ ලක්ෂණයි. අලසකමින් පිරි ඒ සියලුම
දුර්වල සිතිවිලි අවසන් කර, මෙසේ සිතන්න: “මට කිරීමට කුමක් තිබුණත්, එමෙන්ම කිරීමට
කෙතරම් තිබුණත්, මා එය දැන්ම සිදු කළ යුතුයි.” එවිට ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් බව
කියයි.
පාඨය:
සැබෑ සේවාධාරි
ජීවාත්මයක් යනු, සිතිම සහ ක්‍රියාව සමාන වන කෙනෙකි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.
පවිත්‍රත්වයේ දැල්ල
නිරන්තරයෙන් ශ්‍රේෂ්ඨව සහ දල්වා තබා ගන්න. සුළු කැලඹීමක් වත් නොතිබිය යුතු අතර ඔබ
නොසැලී රැඳී සිටිය යුතුයි. ඔබගේ පවිත්‍රත්වයේ දැල්ල වඩාත් නොසැලී තිබෙන තරමට, සියලු
දෙනාට වඩාත් පහසුවෙන් පරම පියාව හඳුනා ගැනීමට හැකි වන අතර පවිත්‍රත්වය ජය ගනී.
පවිත්‍රත්වයේ පෞරුෂත්වය ඔබගේ අවධානයේ නිරන්තරයෙන් ඉස්මතුව තබා ගන්න. ඔබගේ අවධානය,
ඔබගේ බලයේ පදනම වන අතර බලය ඇති තැන මායාට පැමිණිය නොහැක. බලවත් ජීවාත්මයක් වෙතට
මායා පැමිණීම, කිසිසේත් සිදු විය නොහැක්කක්.