30.09.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ ශරීරය නම් වූ ආකල්පය තුළ මිය යන්න, එනම්, ඔබගේ අපිරිසිඳු පැරණි ශරීරයට ඇති ආදරය බිඳ දමා ඒ එකම පියාට පමණක් ආදරය කරන්න.

ප්‍රශ්නය:
සංගම් යුගයේදී දරුවන් තුළ ඇති ස්වභාවික සෞන්දර්යය කුමක්ද?

පිළිතුර:
නිරතුරුව ඥානය නම් වූ මිණිමුතු වලින් අලංකාර වී සිටීම ඔබගේ ස්වභාවික සෞන්දර්යයයි. ඥාන මිණිමුතු වලින් අලංකාර වී සිටින අයගේ මුහුණු මල් මෙන් පිපෙනු ඇත. සතුටක් නැතිනම්, එහි අනිවාර්යෙන්ම අනෙකුත් පාපයන් පවා මතුවන්නා වූ කුමන හෝ ශරීර අවධානයෙන් යුතු හැසිරීමක් තිබිය යුතුයි.

ගීතය:
පළඟැටියන් සඳහා ආලෝකය දැල්වී ඇත.

ඕම් ශාන්ති.
මෙම ගීතයෙහි අර්ථය ඉතාමත් අසහායයි. සෙනෙහස නිර්මාණය කර තිබෙන්නේ කුමක් සඳහාද? (මිය යාමටයි.) ඔබගේ සෙනෙහස කා හටද? පරමාත්ම දෙවියන්ටයි, මන්ද, ඔබ මෙම ලෝකයට මියගොස් ඔහු වෙත යා යුතුයි! මෙවන් වූ තැනැත්තෙක්ට ඔබ කවදා හෝ ආදරය කර තිබෙනවාද, තමා ඔහු වෙනුවෙන් මිය යනවා යන සිතිවිල්ල ඇතිව (ආදරය නිසා) ? එසේනම් කෙනෙක් ආදරය කරන්න කැමති වෙයිද? මෙම ගීතයෙහි අර්ථය ඉතාමත් ලස්සනයි. පළඟැටියන් ආලෝකයට කැමතියි. ඔවුන් ඒ වටා කරකැවී පසුව මිය යනවා. පියා ළඟට පැමිණි පසු ඔබත් ඔබගේ ශරීරය අත්හළ යුතුයි. එනම්, පියාගේ ස්මරණයෙන් යුතුව ඔබ ඔබගේ ශරීරය අත්හරිනවා. ඔබ ආදරය කරන කෙනා නිසා ඔබ මිය යනවානම්, ඔහු ඔබගේ පරම හතුරෙක් බවට පත්වෙනවා. මේ නිසා තමයි මිනිස්සු බය. ඔවුන් දෙවියන් වෙත යාම සඳහා දාන දෙනවා. සමාජ සේවා කරනවා. වන්දනා ගමන් යනවා. කෙනෙක් මිය යාමට ආසන්නව සිටින විට මිනිස්සු ඔහුට කියනවා දෙවියන් සිහි කරන්න කියා. පරමාත්ම දෙවියන් ඉතා ප්‍රසිද්ධයි. ඔහු පැමිණි විට මේ මුළු පැරණි ලෝකයම විනාශ කර දමනවා. දරුවන් දන්නවා ඔබ මෙම විශ්වවිද්‍යාලයට පැමිණ සිටින්නේ පැරණි ලෝකයෙන් අළුත් ලෝකයට යාමට බව. පැරණි ලෝකය හඳුන්වන්නේ අපිරිසිඳු ලෝකය, අපාය ලෙසයි. පියා ඔබට නව ලෝකය කරා යාම සඳහා වූ මාර්ගය පෙන්වා දෙනවා ඉතා සරළ ලෙස මා පමණක් සිහිපත් කරන්න. මා දිව්‍ය ලෝකයේ දෙවියන්, පියායි. පුතුන් පියාගෙන් ධනය, දේපළ, නිවාස ආදී සියලු දේ ලබනවා. නමුත් දූවරුන් කිසිම උරුමයක් ලබන්නේ නැහැ. ඔවුන්ව වෙනත් නිවසකට යවනවා ඒ කියන්නේ ඔවුන් උරුමක්කාරයන් නොවන බවයි. මේ සියලුම ජීවයන්ගේ පියායි. සෑම කෙනෙක්ම ඔහු වෙත ගොස් මිය යා යුතුයි. පියා අනිවාර්යෙන්ම යම් මොහොතක මෙහි පැමිණ සෑම කෙනෙක්වම නිවස වෙත ගෙන යනවා, මන්ද, නව ලෝකයේ මිනිසුන් ඉන්නේ ඉතාම ස්වල්පයයි. පැරණි ලෝකයේ මිනිස්සු බොහොමයක් ඉන්නවා. නව ලෝකයේ මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. නමුත් එහි විශාල සතුටක් තිබෙනවා. පැරණි ලෝකයේ මිනිස්සු බොහොමයක් ඉන්නවා. ඒ වගේම දුකත් බොහොමයි. මේ නිසා තමයි ඔවුන් දිගින් දිගටම කෑගහන්නේ. භාරතයේ පියා ලෙස සැළකෙන මහත්මා ගාන්ධි පවා මෙසේ කිව්වා අහෝ පාරිශුද්ධකරුවාණනි, එන්න! ඔහු පියා ගැන කිසිවක් දැනගෙන සිටියේ නැහැ. පාරිශුද්ධකරු වන්නේ ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය බව ඔබ තේරුම් ගන්නවා. ඒ වගේම ඔහු තමයි මේ ලෝකයේ විමුක්තිදායකයාත් වන්නේ. මුළු ලෝකයාම රාමා හා සීතාව විශ්වාස කරන්නේ නැහැ. මෙය වැරැද්දක් (සීතාට අයත් රාමා පාරිශුද්ධකරු වන බව). මුළු ලෝකයාම ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය, විමුක්තිදායකයා මෙන්ම මාර්ගෝපදේශකයා වශයෙන් ද සළකනවා. ඔහු ඔබව දුකින් මුදවනවා. හොඳයි, ඔබට දුක් දෙන්නේ කවුද? පියාට ඔබට දුක් දිය නොහැකියි. මන්ද, ඔහු පාරිශුධකරුයි. ඔහු තමයි ඔබව පාරිශුද්ධත්වයේ ලෝකයට, සතුටේ දේශයට ගෙන යන්නා වන්නේ. මේ ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන් වන්නේ ඔබයි. පියා වගේම තමයි ඔහුගේ දරුවනුත්. භෞතික පියෙක්ට භෞතික දරුවන් ඉන්නවා. ඔබ ජිව වන බවත්, ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවය ඔබගේ උරුමය ලබාදීමට පැමිණ සිටින බවත් දරුවන් තේරුම් ගත යුතුයි. ඔබ ශිෂ්‍යයන් බව කිසිම විටෙක අමතක නොකළ යුතුයි. ශිව බාබා මධුබන්හී මුරලි කියවන බව සෑම දරුවකුගේම බුද්ධිය තුළ තිබෙනවා. ඔහු බට නළාවක් වාදනය කරන්නේ නැහැ. ක්‍රිෂ්ණාගේ නැටුම් හා බටනළා වාදනය ආදී සියලු දේ භක්ති මාර්ගයේ දේවල්. ක්‍රිෂ්ණා මුරලි එක වාදනය කරනවා කියා ඔබට කියන්න බැහැ. මුරලි එක වාදනය කරන්නේ ශිව බාබායි. හොඳ ගීත රචකයන් ගණනාවක් ඔබ ළඟට ඒවි. සාමාන්‍යයෙන් ගීත රචනා කරන්නේ පිරිමි අයයි. ඔබ භක්ති මාර්ගයේ ගීත ගායනා නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ශිව බාබා සිහිපත් කිරීම පමණයි. පියා කියනවා ඇල්ෆා නම් වූ මා සිහිපත් කරන්න. ශිවා කියන්නේ තිතක් පමණයි. ව්‍යාපාරිකයන් බින්දුවක් අඳින විට, එය ශිවා ලෙස හඳුන්වනවා. ඔවුන් ’1’ යනුවෙන් ලියා පසුව බින්දුවක් ලියනවා. එවිට එය 10 බවට පත්වනවා. පසුව තව බින්දුවක් යෙදීමෙන් එය 100 බවට පත්වනවා. ඉතින් ඒ ආකාරයෙන් ඔවුන් ධනවත් වනවා. එහි දුප්පත් මිනිස්සු ඇත්තේම නැහැ. සෑම කෙනෙක්ම සතුටින් ඉන්නවා. එහි දුකක් කියා නාමයක් වත් නැහැ. පියාගේ ස්මරණයෙන් ඔබගේ සියලු පාප ඉවත්ව යන අතර එමඟින් ඔබ බොහෝ ධනවත් බවට පත්වනවා. මෙය හඳුන්වන්නේ නියම පියාගෙන්, නියම ආදායමක් ලැබීම ලෙසයි. ඒ වගේම යන තැනකට ඔබට ගෙනයන්නට තිබෙන්නේත් මෙයම පමණයි. සෑම මනුෂ්‍යයෙක්ම හිස් අතින් ගෙදර ගියා වුවත්, ඔබ යන්නේ ඔබගේ දෑත් පුරවාගෙනයි. පියා සිහිපත් කර පාරිශුද්ධත්වයට පත්වන්න. පාරිශුද්ධත්වය තිබෙන තැන සාමය හා සමෘද්ධියත් තිබෙන බව පියා විස්තර කර තිබෙනවා. ජීව වන ඔබ මුලින්ම පාරිශුද්ධත්වයෙන් සිටි අතර පසුව අපිරිසිඳු වනවා. සන්යාසීන් පවා අර්ධ වශයෙන් පිරිසිඳුයි කියා හඳුන්වනවා. ඔබ සම්පූර්ණ අත්හැරීමක් කරනවා. ඔවුන් ළඟ කොපමණ සතුටක් තිබෙනවාද කියා ඔබ දන්නවා. ඔවුන් ළඟ පුංචි සතුටක් තිබෙන අතර පසුව තිබෙන්නේ දුකම පමණයි. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. භක්ති මාර්ගයේදී ඔවුන් හනුමන්ව වන්දනා කරන විට ඔවුන් ඔහුගේ දර්ශනයක් දකිනවා. චන්දිකා යන දේවතාවියගේ බොහෝ රැස්වීම් තිබෙනවා. ඇයගේත් පිළිරූ තිබෙනවා. ඔවුන් සිතන ඕනෑම දෙයක් ඔවුන්ගේ ඉදිරියෙහි දර්ශනය වනවා. කොහොමනමුත්, එමඟින් ඔවුන් ලබන්නේ මොනවාද? මෙවැනි බොහෝ රැස්වීම් තිබෙනවා. මන්ද ඔවුන් තම ජීවිතය ගෙන යන්නේ එමගිනි. ඒ සෑම දෙයක්ම ඔවුන්ගේ ව්‍යාපාරයයි. නාරායන බවට පත්වීමේ ව්‍යාපාරය හැර වෙන කිසිම ව්‍යාපාරයක් වටින්නේ නැහැයි කියා ඔවුන් කියනවා. නමුත් කලාතුරකින් හෝ කිසිම කෙනෙක් මෙම ව්‍යාපාරයෙහි යෙදෙන්නේ නැහැ. පියාට වෙන්වීමෙන් පසුව, ශරීරය ද ඇතුළුව සියලුම දේ ඔබ පියාට දිය යුතුයි. මන්ද, ඔබ දන්නවා ඔබට අළුත් ශරීරයක් අවශ්‍ය බව. පියා කියනවා ඔබට ක්‍රිෂ්ණාගේ දේශය වෙත යාමට පුළුවන්. නමුත්, ඒ ඔබගේ ජීවය තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වුවහොත් පමණයි. ක්‍රිෂ්ණාගේ දේශයේදී කිසිම කෙනෙක් මෙසේ කෑගහන්නේ නැහැ අහෝ විමුක්තිදායකයාණනි, එන්න. මේ පාපකාරී ජීවයන් වෙසෙන ලෝකයෙන් අපව නිදහස් කරන්න. පියා දැන් ඔබව ඔහුත් සමඟ ගෙදර ගෙන යාමට පැමිණ සිටින බව ඔබ දැන් දන්නනවා. එහි යාම හොඳයි. මිනිසුන්ට සාමය අවශ්‍යයි. සාමය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. ක්‍රියාවලින් තොරව කිසිම කෙනෙකුට සිටිය නොහැකියි. සාමය තිබෙන්නේ සාම දේශයේයි. පසුව ඔබ අනිවාර්යෙන්ම ශරීරයක් යොදාගෙන ක්‍රියාවන්හී යෙදිය යුතුයි. ස්වර්ණම යුගයේදී ඔබ ක්‍රියාවන්හී යෙදෙන අතරත් සාමකාමීව ඉන්නවා. සාමය නැතිවිට මිනිස්සු දුක අත්දකිනවා. මේ නිසා තමයි ඔවුන් සාමය ඉල්ලන්නේ. සාම දේශය ඔබගේ නිවහන බව ඔබ දරුවන් දැන් දන්නවා. ස්වර්ණම යුගයේදී, සාමය සතුට ආදී වූ සියලුම දේ තිබෙනවා. දැන් ඔබට සාමය පමණද අවශ්‍ය, නැතිනම් ඒ සියල්ලම ඕනෑද? ඔබ මෙහිදී දුක අත්දකින නිසා තමයි පාරිශුද්ධකරු වූ පියාට මෙහි එන්න කියා කියන්නේ. මිනිස්සු දෙවියන් ලබා ගැනීම සඳහා භක්ති කරනවා. මුලදී භක්තිය අවිනාශී තත්ත්වයක තිබුණු අතර පසුව එය විනාශී තත්ත්වයට පත්වෙනවා. ඒ විනාශ වන සුළු භක්තියේදී ඔවුන් කරන්නේ කුමක්ද කියා මඳක් බලන්න! ඉනිමගෙහි මෙය කෙතරම් පැහැදිලි ලෙස පෙන්නුම් කර තිබෙනවාද කියා බලන්න! කොහොමනමුත්, ප්‍රථමයෙන්ම ඔබ දෙවියන් කියන්නේ කවුද යන්න ඔප්පු කළ යුතුයි. ශ්‍රී ක්‍රිෂ්ණාව එම තත්ත්වයට පත් කරන්නේ කවුද? ඔහුගේ ඊට ප්‍රථම උපතේදී ඔහු කවුද? මෙය විස්තර කරන විට ඔබ බොහෝ උපක්‍රමශීලී විය යුතුයි. ඉතාමත් හොඳ සේවයක් කරන අයගේ හදවත සාක්‍ෂි දරණවා. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අය අනිවාර්යෙන්ම ඉදිරියට යනවා. එය තිබෙන්නේ අනුපිළිවෙලක් අනුවයි. සමහරුන්ට තිබෙන්නේ මෝඩ ඔළුවක්. ජීවය ශිව බාබාට කියනවා මාගේ බුද්ධිය මත වැටී ඇති අගුල අරින්න! පියා කියනවා මා පැමිණ සිටින්නේ ඔබගේ බුද්ධියේ අගුල ඇරීම සඳහායි. නමුත් ඔබගේ ක්‍රියා කොතරම් නරක වී තිබෙනවාද කියතොත්, එම අගුල විවෘත වන්නේත් නැහැ. ඉතින් බාබා මොනවා කරන්නද? ඔබ බොහෝ පාපයන් කර තිබෙනවා. ඒ ගැන බාබා මොනවා කරන්නද? ඔබ, ඔබගේ ගුරුවරයාට කිව්වොත් මට ඉගෙනගන්න බැහැයි කියා ගුරුවරයා මොනවා කරන්නද? ගුරුවරයෙක් දරුවෙකුට විශේෂ අනුකම්පාවක් කරන්නේ නැහැ. සමහර විට ඔහු ඔබට වැඩිපුර කාලය දෙයි. ඊට තහනමක් නැහැ. ඔබ පාවිච්චියට නොගන්නා බොහෝ ප්‍රදර්ශන කට්ටල තිබෙනවා. එමනිසා, ඉඳගෙන මෙය පුහුණු කරන්න. භක්ති මාර්ගයේ සමහරු ඔබට නව ගුණ වැල ගණන් කර කර ඉන්න දෙනවා. තවත් සමහරු මතුරමින් සිටීමට මන්ත්‍රයක් දෙනවා. මෙහිදී ඔබ දෙන්නේ පියාගේ හැඳින්වීමයි. ඔබ සිහි කළ යුත්තේ ඔබට උරුමයක් ලබා දෙන ඒ පියාම පමණයි. ස්වර්ණම යුගයේදී ඔබ, ඒ පාරලෞකික පියාගෙන් උරුමය ලබා හමාරයි. එමනිසා, එහිදී ඔබ ඔහුව සිහිකිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබ උපත් 21ක් සඳහා ඔබගේ උරුමය ලබා ගන්නවා. එමනිසා, පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය ලබා ගන්න. පියා කියනවා කිසිම විටෙක පාපයෙහි ගැලෙන්න එපා. ඔබ සූක්‍ෂම ලෙස හෝ පාපයෙහි රස බැලුවහොත් එය වර්ධනය වනවා. කෙනෙක් සිගරට් එකක් බිවූ පසු, ඔහු එම ආශ්‍රයෙන් වර්ණවත් වනවා. පසුව එම පුරුද්ද නතර කිරීම බොහෝ අපහසු වනවා. ඔවුන් බොහෝ සමාවට කරුණු ඉදිරිපත් කරනවා. ඔබ කිසිම පුරුද්දක් අළුතින් ඇති කර නොගත යුතු අතර, නරක පුරුදු සියල්ල නතර කර දැමිය යුතුයි. පියා කියනවා ජීවත්ව සිටින අතරම ශරීරය පිළිබඳ ඇති ආකල්පය ඉවත් කර දමා මා සිහිපත් කරන්න. දේවතාවන්ට භෝග් ලෙස සෑම විටම පූජා කරන්නේ පිරිසිඳු ආහාරයි. ඔබත් පිරිසිඳු ආහාර ගත යුතුයි. දැන් ඔය දරුවන් ඉතා සතුටින්, මලක් මෙන් සිටිය යුතුයි. ගැහැණු ළමයෙකු තම ස්වාමිපුරුෂයා සොයා ගත්විට, ඇයගේ මුහුණ පිපෙන්න පටන් ගන්නවා! ඇය අලංකාර අබරණ පැළඳ, හොඳ ඇඳුමින් සැරසුණු විට ඇය බැබලෙන්න පටන් ගන්නවා. ඔබ දැන් ඥාන සැරසිල්ලෙන් හැඩ ගැන්වෙයි. ස්වර්ණම යුගයේදී ඔබට ස්වභාව සෞන්දර්ය තිබේ. ක්‍රිෂ්ණාව සුන්දර් (ලස්සන) ලෙසින්ද හඳුන්වයි. රජ, රැජිණ, කුමාරවරුන්, කුමාරියන් සියල්ලන්ම ලස්සනයි. එහි සොබාදහම පවා සතෝප්‍රධාන්. ලක්ෂ්මී නාරායන මෙන් වූ ස්වභාවික සුන්දර බව කිසිවෙකුට මෙහිදී නිර්මාණය කළ නොහැකියි. මේ ඇස්වලින් කිසිවෙකුට ඔවුන් දැකිය නොහැකියි. ඔව්, ඔබ දර්ශන දකිනවා නමුත් එම දර්ශන මඟින් කිසිම කෙනෙක්ට ඔවුන්ගේ නියම ස්වරූපය නිර්මාණය කළ නොහැකියි. ඔව්, චිත්‍ර ශිල්පියෙක් එසේ දර්ශනයක් දැක ඒ මොහොතේදීම එය ඇන්දොත් එම ස්වරූපයම ගන්නට හැකි වෙයි. නමුත් එයත් බොහොම අමාරුවෙන්. එමනිසා, බාබා ඔබව රැගෙන යාමට දැන් පැමිණ සිටිනවා යන්න ගැන දරුවන් බොහෝ කුල්මත්භාවයට පත්විය යුතුයි. බාබාගෙන් ඔබ ඔබගේ උරුමය ලබා ගන්නවා. අපගේ උපත් 84 දැන් අවසානයකට පැමිණ තිබෙනවා. ඔබගේ බුද්ධිය තුළ එවන් වූ සිතිවිලි තිබෙන කල ඔබ සතුටක් අත්දකිනවා. පාපය පිළිබඳව ඔබ තුළ සූක්ෂම වූ හෝ සිතිවිල්ලක් ඇති නොවිය යුතුයි. පියා කියනවා රාගය තමයි ලොකුම සතුරා. මේ නිසා තමයි දෘපති කෑගැසුවේ. පියා කියනවා මට පමණක් සවන් දී අන් අයටත් මගේ මෙම ශ්‍රීමත් එක කියා දෙන්න. පියාගෙන් පුතු පෙන්නුම් කෙරෙන අතර පුතුගෙන් පියා පෙන්නුම් කෙරේ. පියා කවුද? ශිව පියායි. ශිවා සහ ඒ වටා ඇති පුංචි පුංචි පිළිම මෙහිදී සිහිපත් වනවා. ශිව බාබා ඔබට කියන සියලු දේ අනුගමනය කරන්න. ’පියා අනුගමනය කරන්න!’ මෙය ඔහුගේ කීර්තියයි. පියා කියනවා සුමිහිරි දරුවනි, මා අනුගමනය කර පාරිශුද්ධත්වයට පත්වන්න. මා අනුගමනය කිරීමෙන් පමණයි ඔබ දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත්වන්නේ. ඔබ ඔබගේ භෞතික පියාව අනුගමනය කරන විට උපත් 63ක් පුරා පහළට බැසගෙන එනවා. ඔබ දැන් මේ ලෝකයෙන් ඔබ්බෙහි සිටින පියාව සිහිපත් කර ඒ ඈත දනව්ව කරා යා යුතුයි. ඔබ පියා සමඟ යා යුතුමයි. පියා කියනවා සෑම මැණිකක්ම සිය දහස් ගණනක් වටිනවා. පියා සෑම දිනකම ඔබට විස්තර කරනවා සුමිහිරි දරුවනි, ප්‍රථමයෙන්ම පියවරුන් දෙදෙනාගේ හැඳින්වීම සැමටම ලබා දෙන්න. භෞතික පියෙක් ඔබට උරුමයක් දෙන්නේ අපිරිසිඳු වීමට වන අතර, මේ ලෝකයෙන් ඔබ්බෙහි සිටින පියා දෙන උරුමය, ඔබව පාරිශුද්ධත්වයට පත් කරනවා. මෙහි විශාල වෙනසක් තිබෙනවා. මෙලොවින් ඔබ්බෙහි සිටින පියා කියනවා පාරිශුද්ධත්වයට පත්වන්න. පාපයෙහි ගැලෙන අයව හඳුන්වන්නේ අපිරිසිඳු අය ලෙසයි. ඔබගේ දූත මෙහෙවර වන්නේ අපිරිසිඳු අයට පාරිශුද්ධත්වයේ මාර්ගය පෙන්වීමයි. මෙලොවින් ඔබ්බෙහි සිටින පියාත් ඔබට දැන් පාරිශුද්ධත්වයට පත්වීමට කියනවා. විනාශය ඔබ ඉදිරියේම තිබියදී ඔබ කළ යුත්තේ කුමක්ද? මෙලොවින් ඔබ්බෙහි සිටින පියා දෙන උපදෙස් ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි. ප්‍රදර්ශනවලදී ඔබ ඔවුන්ට මෙම පොරොන්දුව ලිවීමට දිය යුතුයි. මෙලොවින් ඔබ්බෙහි සිටින පියාව ඔබ අනුගමනය කරනවාද? ඔබ අපිරිසිඳුවීම නවත්වනවාද? ඔබ මෙසේ ලවිය යුතුමයි මීට වගකියන්නේ පියා පමණයි. ඔබටත් මීට වග කිව හැකියි. පාරිශුද්ධකරු හට එන්න කියා කෑ ගැසීමට ඔබ අපිරිසිඳු බවට පත්වන්නේ ඇයි? සෑම දෙයක්ම තීරණය වන්නේ පාරිශුද්ධත්වය මතයි. පියා එම ස්වර්ණම යුගයේ උරුමය ඔබට ලබා දෙන නිසා දරුවන්ගේ සතුට දිනෙන් දිනම වැඩි විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නරක, අපවිත්‍ර පුරුදු කිසිවක් අළුතින් පටන් ගන්න එපා. ජීවත්ව සිටින අතරම ඔබගේ ශරීරය කෙරෙහි ඇති ආකල්ප නැති කර දමන්න. මලක් මෙන් උද්යෝගිමත්ව ඉන්න.

2. මෙලොවින් ඔබ්බෙහි සිටින පියාව අනුගමනය කර පාරිශුද්ධත්වයට පත් වන්න. ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කිරීමට පොරොන්දුවක් දී අන් අයවත් එසේ කිරීමට පොළඹවන්න.

වරදානය:
ඔබ ජීවාත්ම අවධානයට පත්වී, සියලු පාප වලින් තොර වූ ඔබේ සුරදූත ස්වරූපය පහසුවෙන් අත්විඳිත්වා.

ජීවාත්ම අවධානයට පත්වන දරුවන් පහසුවෙන්ම සියලු පාපයන්ගෙන් තොර වේ. ඔබ ජීවාත්ම අවධානයේ ස්ථිතියේ සිටින විට, සියලු පාපයන්ගෙන් තොර වු ස්ථිතිය ඔබේ සිතිවිලි තුළ පවා අත්විඳිය හැකිය. මෙතරම් දුරට සියලු පාපයන්ගෙන් තොර වූවන් කිසිදු ආකාරයක අපවිත්‍රත්වයකට හෝ පංච මහා භූතයන්ගේ කිසිදු ආකර්ෂණයකට වසඟ නොවෙති; ඔවුන්ව 'සුරදූතයන්' ලෙස හැඳින්වේ. මේ සඳහා, භෞතික ශරීරය තුළ සිටියදීම, ඔබේ අශාරීරීක ජීවාත්ම-අවධානයේ ස්ථිතිය තුළ ස්ථාවරව සිටින්න.

පාඨය:
ඔබේ ජීවිතය තුළ අතීන්ද්‍රිය සුඛය අත්විඳීම සඳහා, විශේෂයෙන්ම 'අම්රිත් වේලා' තුළ එම හුදෙකලාවට සෙනෙහස දක්වන්න.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

බ්‍රාහ්මණ ජීවාත්ම සතුව දැනටමත් මෙම ඥානය පවතී; එබැවින් ඔබ ඔවුන් වෙනුවෙන් ක්‍රම දෙකකින් දානපතියන් විය යුතුය. පළමුවැන්න නම්, ජීවාත්මයන්ට අවශ්‍ය ඕනෑම ශක්තියක් ලබා දීම සඳහා ඔබේ මනස - එනම්, ඔබේ පිරිසිදු ආකල්ප සහ කම්පන මගින් ඔවුන්ට සහයෝගය දැක්වීම. දෙවැන්න නම්, ඔබේ ජීවිතයේ ක්‍රියාකාරකම් තුළ නිරන්තරයෙන් ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් වීමයි. ප්‍රායෝගික ආදර්ශයක් බවට පත්වෙමින් අන් අයට සහයෝගය දක්වන්න, එවිට ඔවුන්ට පහසුවෙන් ගුණධර්ම ධාරණය කර ගත හැකි වනු ඇත. මෙය 'ගුණධර්ම දානය කිරීම' ලෙස හැඳින්වේ. දානය කිරීම යනු සහයෝගය දැක්වීමයි.