31.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, හිමිදිරි උදෑසනින් අවදි වී බොහෝ සෙනෙහසින් මෙසේ කියන්න: “බාබා, සුබ
උදෑසනක්.” ඔබ සතෝප්‍රධාන් වන්නේ මෙම සිහිපත් කිරීමෙන්ය.
ඕම් ශාන්ති.
පරම පියා පවසන්නේ : සුමිහිරි දරුවනේ, ඔබටත් එයම අදාල වෙයි, එනම්, ඔය ජීවාත්මත්
ශාන්තියේ ප්‍රතිරූපයි. ඔය සියලුම ජීවාත්මයන්ගේ ආදිතම ධර්මය ශාන්තියයි. ඔබ සාම දේශයේ
සිට මෙහි
පැමිණ, මෙම “කතානාදය” තුළට පැමිණෙයි. ඔබට ඔය භෞතික ඉන්ද්‍රියයන් ලැබෙන්නේ ඔබගේ චරිත
කොටස් රගපෑම සදහාය. ජීවාත්ම විශාල හෝ කුඩා වන්නේ නැත. විශාල හෝ කුඩා වන්නේ ශරීරයි.
පරම
පියා පවසන්නේ : මා ශාරීරික ජීවාත්මයක් නොවෙයි. ඔය දරුවන්ව පෞද්ගලිකව මුහුණට මුහුණලා
මුණගැසීමට මා පැමිණිය යුතුයි. නිදසුනක් ලෙස, ලෞකික පියෙක් විසින් නිර්මාණය කරන ලද
දරුවන්, තමන් පරම දනව්වේ සිට පැමිණ, උපතක් ගෙන, මව සහ පියාව මුණ ගැසීමට පැමිණි බව
නොකියයි. අළුත් ජීවාත්මයක් වෙනත් කෙනෙකුගේ සිරුරකට ඇතුළු වුනත්, පැරණි ජීවාත්මයක්
යමෙකුගේ සිරුරකට ඇතුළු වුනත්, එම ජීවාත්මය, මව සහ පියාව මුණගැසීමට පැමිණි බව
නොකියයි. ජීවාත්මයට ඉබේටම මවක් සහ පියෙක් ලැබෙයි. මෙහිදි, මෙය යම් අළුත් දෙයකි. පරම
පියා පවසන්නේ : මා පරම දනව්වේ සිට මෙහි පැමිණ ඇති අතර මා දැන් ඔය දරුවන් ඉදිරියේ
පෞද්ගලිකව සිටිනවා. මා ඔය දරුවන්ට මෙම දැනුම නැවත වරක් ලබා දෙනවා, මන්ද, මා
දැනුමින් පිරිපුන්, දැනුමේ සාගරය නිසා. මා එන්නේ ඔය දරුවන්ට රාජ යෝගාව ඉගැන්වීමටයි.
ඔබ දැන් සංගම යුගයේ සිටින අතර ඔබගේ නිවහනට යාමට තිබේ. එබැවින් ඔබ අනිවාර්යෙන්
පිවිතුරු විය යුතුයි. ඇතුලාන්තයේ, බොහෝ සතුට තිබිය යුතුයි. ඔහෝ! අසීමිත පියා
පවසන්නේ: මිහිරිතම
දරුවනේ, මා සිහිපත් කරන්න, එවිට ඔබ ලෝකයේ සතෝප්‍රධාන් අධිපතියන් වෙයි. පියා තුළ ඔය
දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ඔහු ගුරුවරයාගේ ස්වරූපයෙන් ඔබට උගන්වා, ඉන්පසුව
නිවහනට යනවා පමණක් නොවෙයි. ඔහු පියා මෙන්ම ගුරුවරයාය. ඔහු ඔබට අධ්‍යාපනයක් ලබා දෙන
අතර ඔබට සිහි කිරීමේ වන්දනා ගමනත් උගන්වනවා. ඔබව පාරිශුද්ධත්වයට පත් කර, ලෝකයේ
අධිපතියන් බවට පත් කරන පියා කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහස තිබිය යුතුයි. හිමිදිරි
උදෑසන අවදි වූ සැනින් ඔබ ප්‍රථමයෙන්ම “සුබ උදෑසනක්” කියා ශිව බාබාට කිව යුතුයි. ඔය
දරුවන් තමන්ගේ හදවතින් මෙසේ විමසිය යුතුයි: උදෑසන අවදි වීමෙන් පසුව, මා අසීමිත
පියාව කෙතරම් සිහි කරනවාද? ඔබ උදෑසනින් අවදි වී බාබාට “සුබ උදෑසනක්” කියා පවසා මෙම
දැනුම ආවර්ජනය කළ විට, ඔබගේ සතුටේ රසදිය කද ඉහළ නගියි. ප්‍රධාන දේ සිහිකිරීමය. මෙය
මගින් ඔබ අනාගතයට ඉතා වැදගත් ආදායමක් උපයා ගන්නවා; මෙම ආදායම ඔබට කල්පයෙන් කල්පයට
ප්‍රයෝජනවත් වෙයි. ඔබ බොහෝ ඉවසීමෙන්, පරිණත බවින් සහ වැටහීමෙන් යුතුව සිහිපත්
කිරීමේ සිටිය යුතුයි. සාමාන්‍ය ලෙසින් ඔබ බොහෝ සේ බාබාව සිහිපත් කරන බව කියන නමුත්
නිවැරදි සිහි කිරීමේ සිටීමට නම් උත්සාහයක් අවශ්‍යයි. පරම පියාව වැඩියෙන් සිහි කරන
අයට වැඩියෙන් ශක්ති ධාරාවක් ලැබෙයි, මන්ද, සිහි කිරීම පෙරළා සිහි කිරීම ගෙන දෙයි.
කාරණා දෙකක් තිබේ: යෝගාව සහ මෙම දැනුම. යෝගාව යන විෂය ඉතාම වැදගත්. ජීවාත්ම,
සතෝප්‍රධාන් වන්නේ යෝගාවෙන්ය. ස්මරණය නොමැතිව සතෝප්‍රධාන් වීම කිසිසේත්ම සිදුවිය
නොහැකි දෙයකි. ඔබ බොහෝ සෙනෙහසින් පියාව ඉතා හොදින් සිහි කරන්නේ නම්, ඔබට ඉබේටම
ශක්ති ධාරවක් ලැබී ඔබ නිරෝගී වෙයි. එම ධාරාවෙන් ඔබගේ ආයුෂත් දීර්ඝ වෙයි. ඔය දරුවන්
බාබාව සිහි කරන විට, ඔහු ඔබට බලවත් ආලෝකයක් ලබා දෙයි. (search light). සුමිහිරි
දරුවනේ, මෙය ස්ථිරව මතකයේ තබා ගන්න: ශිව බාබා අපට උගන්වනවා. ශිව බාබා, පාරිශුද්ධකරු
මෙන්ම විමුක්ති දායකයාය. විමුක්තිය යනු ඔහු ඔබට දෙව්ලොව ආධිපත්‍යය ලබා දෙයි. බාබා
බොහෝ මිහිරියි. ඔහු අසුන්ගෙන ඔය දරුවන්ට බොහෝ සෙනෙහසින් උගන්වයි. පරම පියා අපට
දාදාගේ මාර්ගයෙන් උගන්වනවා. බාබා අපට බොහෝ
සෙනෙහස ලබා දෙයි. ඔහු අපට කිසිදු අපහසුතාවයක් නොදෙයි. ඔහු සරළව පවසන්නේ : මා සිහි
කරන්න
එමෙන්ම චක්‍රය සිහි කරන්න. පියාගේ සිහිපත් කිරීම තුළින් ඔබගේ හදවත් වලට සිසිල් වීමට
ඉඩ දෙන්න.
ඔහුගෙන් ඔබට අති විශාල උරුමයක් ලැබෙන බැවින්, ඒකායන පියාගේ සිහිපත් කිරීම ජීවාත්මයට
වදයක්
විය යුතුයි. ඔය සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි: පරම පියා කෙරෙහි මා තුළ
කෙතරම්
සෙනෙහස තිබෙනවාද? මා තුළ කෙතරම් දුරට දිව්‍යමය ගුණධර්ම තිබෙනවාද? ඔය දරුවන් දැන්
කටු බවින් මල් බවට වෙනස් වෙනවා. ඔබ යෝගාවේ සිටින ප්‍රමාණයට අනුව, ඔබ කටු බවින් මල්
බවට වෙනස් වී, සතෝප්‍රධාන් වෙයි. බොහෝ දෙනෙක්ව කටු බවින් මල් බවට පරිවර්ථනය කරන අය,
සැබෑ සුවදවත් මල් බව කියයි; ඔවුන් කිසිවෙකුට අනින්නේ නැත. කෝපය, බොහෝ දෙනෙකුට දුක
ගෙන දෙන විශාල කටුවකි. කටු ලෝකයෙන් ඔය දරුවන් දැන් පසෙකට (වෙරළට) පියවර තබා තිබේ.
ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ. උයන් පල්ලෙක්, වෙනම බදුනකට මල් දමන ආකාරයෙන්, සංගම
යුගයේ ඔය මල්, වෙනම බදුන් වල තබා ඇත. ඔය මල් ඉන්පසුව දිව්‍යලෝකයට යන අතර කලි යුගී
කටු පිළිස්සී යයි. පියා පවසන්නේ : සුමිහිරි දරුවනේ, ඔබ තව බොහෝ දෙනෙකුට, වැඩියෙන්
යහපතක් සිදු කරන තරමට ඔබට වැඩි ප්‍රතිලාභයක් ලැබෙයි. ඔබ තව බොහෝ දෙනෙකුට මාවත
පෙන්වන්නේ නම්, ඔබට බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබගේ ඒප්‍රන, දැනුමේ මිණි
මුතු වලින් පුරවා, ඉන්පසුව ඒවා දන් දිය යුතුයි. දැනුමේ සාගරය, ඔබට බදුන් පුරා
මැණික් ලබා දෙයි. එම මැණික් දන් දෙන අය සියලු දෙනාගේ සෙනෙහස ලබයි. ඔය දරුවන්ගේ
අභ්‍යන්තරයේ බොහෝ සතුට තිබිය යුතුයි. නුවණැති දරුවන් මෙසේ කියයි: අපි බාබාගෙන්
සම්පූර්ණ උරුමය හිමි කරගන්නම්. ඔවුන් පියා මත මුළුමනින්ම එල්ලී සිටියි. ඔවුන්ට
ජීවිතය ලබා දෙන පියාව හමුවී ඇති බව ඔවුන් දන්නා බැවින්, පියා කෙරෙහි ඔවුන් තුළ බොහෝ
සෙනෙහස තිබේ. ඔහු ඔබට මෙම දැනුමේ කෙතරම් ආශිර්වාදයක් ලබා දෙන්නේද යත්, ඔබ සිටි
ආකාරයට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙයි. ඔබ දුගී බවින් ධනවත් වෙයි. ඔහු ඒ තරමට ඔබගේ
නිධන් ගබඩාව පුරවයි. ඔබ පරම පියාව සිහිපත් කරන ප්‍රමාණයට අනුව, ඒ තරමට සෙනෙහසක්
තිබෙන අතර ආකර්ෂණයක් තිබෙයි. ඉදිකටුවක් පිරිසිදු නම්, එය කාන්දමකින් ඇදගනී. ඔබ
පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන්, මළකඩ නොකඩවා ඉවත් වෙයි. ඒකායන පියා හැර වෙනත්
කිසිවෙක් සිහි නොකරන්න. පියා විස්තර කරන්නේ : සුමිහිරි දරුවනේ, නොසැලකිලිමත් වී,
වැරදීම් සිදු නොකරන්න. ස්ව-දර්ශන චක්‍රධාරීන්
සහ ප්‍රදීපාගාර වන්න. ඔබට ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වීමේ ඉතා හොද පුහුණුවක් තිබෙන
විට, එය ඔබ දැනුමේ සාගරයක් බවට පත්වී ඇති සේය. ශිෂ්‍යයන් ඉගෙනගෙන ගුරුවරුන් බවට
පත්වීම වැනිය. මෙයත්
ඔබගේ ව්‍යාපාරයයි. සියලු දෙනාව ස්ව-දර්ශන චක්‍රධාරියෙක් බවට පත් කරන්න, මන්ද, ඔබ
රජෙක් හෝ රැජිනක් වී ලොව පාලනය කරන්නේ එවිට පමණයි. පරම පියා පවසන්නේ : දරුවනේ, ඔය
දරුවන් නොමැතිව, මට වුවද අවිවේකී බවක් දැනෙනවා. කාලය පැමිණෙන විට, මා අවිවේකී වනවා:
මා දැන් යා යුතුයි. දරුවන් බොහෝ සේ අඩගසන අතර ඔවුන් බොහෝ දුකින් සිටියි. බාබාට
අනුකම්පාවක් ඇති වෙයි, ඔය දරුවන්ව සියලු දුක් වලින් නිදහස් කිරීමට මා පැමිණෙන්නේ මේ
නිසයි. ඔය දරුවන් දැන් ආපසු නිවහනට යා යුතුයි. ඉන්පසුව එහි සිට තම තමන්ම සතුටු
දේශයට යයි. එහිදි මා ඔබගේ සහකරු වන්නේ නැත. ඔබගේ මනෝ ස්ථිතියට අනුව ඔබ ආපසු යයි.
අච්චා.
ඔය ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට, මව, පියා, බාප්දාදාගෙන්
සෙනෙහස, ස්මරණය සහ සුබ උදෑසනක්. ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ
කියයි.
පාඨය:
අව්‍යක්ත
සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
ඔබ වචන වලින් සේවය
කරන විට, ඔබගේ කාලය සහ මුදල් ඔබ භාවිතා කරයි. ඔබ තුළ යම් කැලඹිල්ලක්ද ඇති වන අතර ඔබ
වෙහෙසටද පත් වෙයි. කෙසේවෙතත්, ඔබගේ ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින් සේවය කරන විට, ඒ සියල්ල
ඉතිරි වෙයි. එබැවින් ඔබගේ සිතිවිලි බලය වැඩි කරන්න. අධිෂ්ඨානයෙන් පිරි සිතිවිලි ඇති
කරන්න, එවිට හෙළිදරව්ව විගසින් සිදු වෙයි.
නාටකය පිළිබද ගැඹුරු
වැදගත් කරුණු (ධ්‍යාන ගත වූ පණිවිඩකරුවන් මාර්ගයෙන්)
1) මෙම අසීමිත
චිත්‍රපටියේ (නාටකයේ), මුළු ජීවිතය වෙනුවෙන් සියලුම දැනුම, එනම්, සෑම මනුෂ්‍ය
ජීවාත්මයකගේ තත්ත්වයට අනුව, සෑම ක්‍රියාවක්ම කල් තියා මුසු වී තිබේ. මුළු ජීවිතයේම
තොරතුරු සෑම ජීවාත්මයක් තුළම මුසුව ඇති බැවින්, එය කාලයට අනුව අඛණ්ඩව ඉස්මතු වෙයි.
තොරතුරු, එනම්, සෑම කෙනෙක් තුළ මුසුව ඇති ක්‍රියාදාමයට අනුකූලව, එක් එක් කෙනාගේ
අංගසම්පූර්ණත්වයේ ස්ථිතිය, නිවැරදි කාලයට අඛණ්ඩව මතුවෙයි, එයට අනුව ඔබ සෑම කෙනෙක්ම
සියල්ල දත් කෙනා (ජනීජනන්හාර්) බවට පත් වෙයි.
2) මෙම අසීමිත චිත්‍රපටියේ සෑම තත්පරයකදී සිදුවන රංගනය අළුත් නිසා, ඔබ මේ දැන් මෙහි
පැමිණි බව ඔබට හැගෙයි. සෑම තත්පරයකම රංගනය වෙනස්ය, එමෙන්ම පෙර කල්පයේ මොහොත, නැවත ඒ
ආකාරයෙන්ම සිදුවෙයි, නමුත් ඔබගේ ප්‍රායෝගික ජීවිතයේ ඔබ ගමන් කරන විට, ඔබට දැනෙන්නේ
එය අළුත් ලෙසය. මෙම වැටහීමෙන් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ඔවුන්ට මේ සියලු දැනුම
ලැබී ඇති බවත් ඔවුන්ට දැන් යා හැකි බවත්, කිසිවෙකුට කිව නොහැක. නැහැ. විනාශය සිදුවන
තුරු, සෑම ක්‍රියාදාමයක් මෙන්ම මේ සියලුම දැනුම අළුත්ය.
3) අසීමිත නාටකය තුළ, පෙර නියමිත වී ඇති ඉරණම, විශ්වාසයෙන් නිර්මාණය කර තිබේ. සමහරු
ඔවුන්ගේ දෛවය විනාශ කරගන්න අතර සමහරු ඔවුන්ගේ දෛවය නිර්මාණය කරගනී. මේ සියල්ල රදා
පවතින්නේ තමන් මතයි. මගේම සතුරා වන්නෙත් මිතුරා වන්නෙත් මම ම පමණයි. අප දැන් බොහෝ
විනෝදාත්මක සහ මිහිරි වී, අන් අයවත් ඒ හා සමාන බවට පත් කළ යුතුයි.
4) මෙම සීමාවක් නොමැති චිත්‍රපටියේ ඔබ යමක් දරා ගැනීම, පෙර කල්පයෙන් පැමිණි මිහිරි
සිහිනයක් වැනිය, මන්ද, ඔබට කිසිවක් සිදු වන්නේ නැත. ඔබට කරදර කළ ඕනෑම කෙනෙක් මෙසේ
කියයි: ‘මා මේ කෙනාට කරදර කිරීමට බොහෝ තැත් කළා, මා ඒ කෙනාට බොහෝ දුක් දුන්නා,
නමුත් ඔහු ඔහුගේ දිව්‍යත්ව එක්සත්භාවයේ, උත්තරීතර එක්සත්භාවයේ, ජයග්‍රාහි
පාණ්ඩවයෙක් ලෙස රැදී සිටියා.’ නියම වී ඇති ඉරණම කිසිවෙකුට වැලක්විය නොහැක.
5) මෙම සීමාවක් නොමැති චිත්‍රපටියේ විශ්මය දෙස බලන්න, ඔය පාණ්ඩවයන් ප්‍රායෝගික
ස්වරූපයෙන් මෙහි සිටින අතර ඔබගේ පැරණි ප්‍රතිමා සහ සලකුණුද මේ වනතුරු පවතිනවා. පරණ
ලිය කියවිලි, පැරණි ග්‍රන්ථ ශාස්ත්‍ර, ගීතාව ආදීය ඉතා ප්‍රවේසමින් තබා ගන්න අතර
ඒවාට විශාල ගෞරවයක් තිබේ. එවන් පැරණි දේවල් සෑම විටම පවතින නමුත් ඒ තිබියදි නව
නිපැයුම් සාදයි. පැරණි ගීතාව ප්‍රායෝගික ස්වරූපයකින් තිබුණු නමුත්, අළුත් ගීතාවක්
ලියන ලදි (නිර්මාණය කෙරුණි). අළුත් දෙයක් නිර්මාණය වන විට පැරණි එක නිමා වෙයි. මෙම
දැනුම ඔබගේ ජීවිතයට ප්‍රායෝගික ලෙස ධාරණය කරගැනීමෙන්, ඔබ දැන් දුර්ගා, කාලී ආදිය
බවට පත්ව ඇති. පැරණි අජීවි පිංතූර දැන් විනාශ වී, නව, ජීවමාන ස්වරූප ස්ථාපිත වෙයි.
6) මෙම අසීමිත චිත්‍රපටියට අනුව, සංගම යුගයේ මධුර කාල වකවානුවේ පාපයන් ජයගෙන
පාරාදීසියේ මිහිරි ලොතරැයිය හිමි කරගෙන ඇත්තේ ඔය විශේෂ ආදරණීය දේවතා දරුවන් පමණයි.
ඔබගේ නළල් කෙතරම් වාසනාවන්තද. මෙකල, ඔය පිරිමින් සහ ස්ත්‍රීන් මෙම අවිනාශී දැනුම
තුළින් ඔබගේ වන්දනීය දේවතා තත්ත්වය හිමිකර ගනිමින් සිටිනවා. මෙම ආශ්චර්යමත්
ස්වර්ණමය කාලය වන මෙම සංගම යුගයේ ආශ්චර්යමත් ක්‍රමවේදය එයයි.
7) පරමාත්ම දෙවියන් නොබැදි නිරීක්ෂක ලෙස නරඹමින් සිටිනවා: ඔවුන්ගේ නර්ථනය ඉදිරිපත්
කිරීම සදහා මා බොහෝ මුතු මැණික් සහ ආභරණ වලින් ඔවුන්ව සරසා, ලෝක වේදිකාව මතට ඔවුන්ව
පහළට යැව්වා: ඔවුන් දැන් ක්‍රියා කරන ආකාරය දෙස බලන්න. මගේ දිව්‍යමය දරුවන්ට මා රන්
සහ රිදී කාසී දී, ඔවුන්ට මෙසේ පැවසීය : මෙම මැණික් සහ ආභරණ පැළදගෙන, සතුටු
හැගීමකින් හිදිමින්, නොබැදි නරඹන්නන් ලෙස ක්‍රියා කරමින්, නොබැදි නරඹන්නන් ලෙස මෙම
නාටකය නරඹන්න, එහි සිර ගත නොවන්න. කෙසේවෙතත්, ඔබ රාජධානියේ භාග්‍යය කල්ප භාගයක්
අත්වින්ද අතර ඉන්පසුව ඔබම නිර්මාණය කළ මායා තුළ ඔබ කල්ප භාගයක් සිර විය. මා ඔබට
දැන් නැවත වරක් පවසන්නේ, මෙම මායාව අත්හරින්න. මෙම දැනුම මාවතේ, සියලු දූෂිත
ක්‍රියාකාරකම් වලින් ඉවතට හැරී, පාපයෙන් තොර වීමෙන්, ඔබ ආරම්භයේ සිට අවසානය දක්වා
දුකින් නිදහස් වී, උපතින් උපතට සාමය සහ සතුට හිමිකර ගනියි.
8) ඔබට වඩා උසස් මනෝ ස්ථිතියක සිටින කෙනෙකුගෙන් ඔබට අවවාද ලැබෙන විට, සියලු රහස්
දැන, එය පිළිගැනීමෙන් යහපතක් සිදු වෙයි. එහි තුළ ගැබ් වී ඇති රහස සහ අනිවාර්යෙන්
යම් යහපතක් ඇති බව දැන සිටින්න. මේ කෙනාගෙන් මට ලැබුණු කරුණ මුළුමනින්ම නිවැරදියි.
ඔබ බොහෝ සතුටින් එය පිළිගත යුතුයි, මන්ද, මා අතින් යම් අවස්ථාවකදි වැරදීමක් සිදු වී
ඇත්නම්, එවිට එම කරුණ මට සිහි වූ විට, මාව නිවැරදි කරගැනීමට මට හැකි වෙයි. මේ නිසයි
ඕනෑම අනතුරු ඇගවීමක් ලබා දෙන විට, අසීමිත බුද්ධියකින් එය පිළිගැනීමෙන්, ඔබට
ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වන්නේ.
9) ඔබ දැන් දිනපතාම ඇතුලාන්තයට යොමු වී සිට, යෝගාවේ සිටිය යුතුයි, මන්ද, ඇතුලාන්තයට
යොමූ වීමෙන්, ඔබට තමන් දෙස බැලීමට හැකි වෙයි. ඔබ තමන්ව දකිනවා පමණක් නොව, ඔබට තමන්ව
පරිවර්ථනය කිරීමටද හැකි වෙයි. ඉහළම මනෝ ස්ථිතිය මෙයයි. සෑම කෙනෙක්ම තමන්ගේ ස්ථිතියට
අනුකූලව උත්සාහ දරන්නෙක් බව ඔබ දන්නා බැවින්, කිසි කෙනෙක් ගැන තර්කයක් තිබිය නොහැක,
මන්ද, සෑම කෙනෙක්ම ඔහුගේ ස්ථිතියට අනුව උත්සාහ දරන්නෙකි. සෑම කෙනෙකුගේම මනෝ ස්ථිතිය
දැක, ඔවුන්ගෙන් ගුණදම් අහුලා ගන්න. ඔබට ඔවුන්ගෙන් ගුණදම් අහුලා ගත නොහැකි නම්,
ඔවුන්ව අත්හරින්න.
10) නිරන්තරයෙන් ඔබ ඉදිරියේ ඇති ඔබගේ උසස්ම අරමුණ දෙස බලා, ඉන්පසුව තමන් දෙස බලන්න.
ඔය සෑම කෙනෙක්ම තනි උත්සාහ දරන්නෙක්. තමන් වෙත අවධානය යොමු කර අඛණ්ඩව ඉදිරියට දිව
යන්න. අන් අය කුමක් කළත් කම් නැත, මා මගේ ස්වරූපය තුළ ස්ථාවරව රැදී සිටිය යුතු අතර
අන් අය දෙස නොබැලිය යුතුයි. මගේ බුද්ධියේ යෝගාවේ බලයෙන් ඔවුන්ගේ මනෝ ස්ථිතිය හැදින
ගත යුතුයි. ඔබට බොහෝ පරීක්ෂණ සියල්ලෙන් සමත් වීමට හැකි වන්නේ, ඇතුලාන්තයට යොමු වීමේ
ස්ථිතියෙන් පමණයි. අච්චා.