31.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, නිරන්තරයෙන්ම “මන්මනභාව්” ව්‍යායාමය කළොත් ඔබ උපත් 21ක් පුරාවටම නොනිමි සුවයක් ලබනු ඇත.

ප්‍රශ්නය:
සත් ගුරුගේ කුමන උසස් උපදේශය (ශ්‍රීමත්) පිළිපැදීමට ද ඔබට අදෘශ්‍යමාන උත්සාහයක් අවශ්‍ය වන්නේ?

පිළිතුර:
සත්ගුරුගේ ශ්‍රීමත් නම්: සුමිහිරි දරුවනි, ඔබගේ ශරීරය අමතක කර දමා මා සිහි කරන්න. තමා ජීවයක් පමණක් බව සලකන්න. ජීව අවධානයේ සිටීමට උත්සාහ දරන්න. සෑම කෙනෙකුටම මෙම පණිවිඩය දෙන්න: අශාරීරික වන්න. තම ශරීරයත් සියලුම ශාරීරික ආගමුත් අමතක කර දැමූ විට පමණයි ඔබ පාරිශුද්ධත්වයට පත් වන්නේ. මෙම උපදේශය පිළිපැදීමට දරුවන් අදෘශ්‍යමාන උත්සාහයක් දැරිය යුතුය. මෙම අදෘශ්‍යමාන උත්සාහය දැරිය හැකි වන්නේ වාසනාවන්ත දරුවන්ට පමණයි.

ඕම් ශාන්ති.
තම සහෝදර සහෝදරියන්ට මෙම ව්‍යායාමය ඉගැන්වීම සඳහා දරුවන් මෙහි අසුන් ගෙන සිටිනවා. මේ කුමන ව්‍යායාමයද? මෙම ව්‍යායාමයේදී දරුවන් කිසිම දෙයක් කිව යුත්තේ නැහැ. සාමාන්‍යයෙන් කරනා භෞතික ව්‍යායාමයකදී, යමක් කිව යුතුයි. මේ උත්තරීතර ගුරුවරයායි. ඔහු ගීතාවේ දෙවියනුයි. ඔහු මෙහි අසුන් ගෙන දරුවන් වන ඔබලාට යෝගා ව්‍යායාමය උගන්වනවා. මෙම ව්‍යායාමයත් අදෘශ්‍යමානයි. සදා නිරෝගී සුවයෙන් සිටීම සඳහා සිසුන්ට ව්‍යායාම උගන්වනවා. මත්මනාභව් යන නමින් හදුන්වනා මෙම ව්‍යායාමයෙන් ඔබ උපත් 21 කටම නොනිමි සුවයක් ලබනා බව දරුවන් වන ඔබලා දන්නවා. ඔබ කවදාවත් රෝගී වන්නේ නැහැ. එමනිසා, මෙම ආධ්‍යාත්මික ව්‍යායාමය ඉතාමත් හොඳයි. පියා කියනවා: මත්මනාභව්. වෙන කිසිම දෙයක් කීමේ අවශ්‍යතාවයක් නැහැ. තමා ජීවයක් බව පමණක් සලකන්න. ජීව අවධානයට පත් වන්න. අඛණ්ඩව මේ තත්ත්ව යට පත් වෙනවා යනු පියාව සිහිපත් කිරීමයි. එමඟින් ඔබ සදා නිරෝගී සුවය ලබනු ඇත. මීට පෙර කල්පයේදීත් ඔබ මෙම ආධ්‍යාත්මික ව්‍යායාමයෙන් සදා නිරෝගී බව ලැබුවා. ආධ්‍යාත්මික පියා. උත්තරිතර පියා. උත්තරීතර ජීවය වන ශිවා පමණයි මෙම ආධ්‍යාත්මික ව්‍යායාමය උගන්වන්නේ. වන්දනාවට ලක් වෙන ඔහු පමණයි දෙවියන් කියා ඇමතෙන්නේ. මිනිස්සු "ඕම් නමෝශිවාය" කියලත් කියනවා. "බ්‍රහ්මා දෙවිඳුන්ට නමස්කාර වේවා" "උත්තරිතර ජීවය වන ශිවාට නමස්කාර වේවා" කියලත් මිනිස්සු කියනවා. ඔබට මෙම ව්‍යායාමය උගන්වන්නේ ශාරීරික මනුෂ්‍යයෙක් නොවෙයි. මේ උගන්වන්නේ බ්‍රහ්මාවත් නොවෙයි. නැහැ. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරින් කියා හැඳින්වුවත්, ඔබගේ ලියුම් වල ආමන්ත්‍රණය කරන්නේ බ්‍රහ්මම බාබා බාරේ ශිව බාබාට කියලයි. මිනිස්සු මේ තේරුම් ගන්නේ කෙසේද? මිනිසුන්ගේ පියා වන්නේ බ්‍රහ්මායි. එමනිසා, ලෝකයේ සිටිනා සියළුම මිනිසුන් ඔහුගේ දරුවන්ය. ඔහු පුරවැසියන්ගේ පියායි. මේ ව්‍යායාමය ඔබට උගන්වන කෙනා අශාරීරික පියායි. ඔහු අදෘශ්‍යමානයි. ඔහු අදෘශ්‍යමාන නිසා මිනිසුන්ට ඔහුව තේරුම් ගැනීමට මදක් අපහසු වී තිබෙනවා. බ්‍රහ්මාට දෙවියන් කියා කියන්න බැහැ. මෙහි ඔබලා යොදන වචනය නම් බ්‍රහ්මාගේ දරුවන් යන අරුත ඇති බ්‍රහ්ම කුමාර් හා කුමාරි යන වචනයයි. ඕනෑම කෙනෙක් පැමිණි විට, නව ලෝකයේ නිර්මාණකරුවන්නේ අශාරිරික පියා මිසක් බ්‍රහ්මා නොවන බව පැහැදිලි කර කියා දෙන්න. ඔහු බ්‍රහ්මා මාර්ගයෙන් නව නිර්මාණය බිහි කරනවා. මෙම ලෝකයෙන් එහා සිටිනා උත්තරීතර ජීවය වන උත්තරීතර පියා. බ්‍රහ්මා මඟින් නව නිර්මාණය බිහි කරනවා. එසේනම් එය උත්තරීතර ජීවයේ නිර්මාණයයි. බ්‍රහ්ම බාබා බාරේ ශිව බාබා කියා තමයි ඔබ ඔබගේ ලිපිය ආමන්ත්‍රණය කරන්නේ. එමනිසා, මෙයත් ඔහුව සිහිපත් කිරීමට ඇති මාර්ගයයි. ශිව බාබා ම බාබා මාර්ගයෙන් ඔබට උගන්වනවා. ඔහු ඉතාමත් සරළව ඔබට කියන්නේ මත්මනාභව්. වෙන කිසිම අපහසුතාවයක් ඔහු ඔබට දෙන්නේ නැහැ. ඔහු ඉතාමත් සරළව කියන්නේ. හොඳින් වර්ධනය වී සත්‍යයේ දේශයේ පාලකවරුන් බවට පත් වීමට ඔබට අවශ්‍ය නම්, සත්‍යයේ දේශය ස්ථාපනය කරනා සත්‍ය පියාව සිහිපත් කරන්න. අසීමිත පියා පැමිණ දරුවන් වන ඔබලාට කියනවා: මා සිහිපත් කළොත් ඔබගේ අකුසල් වලින් ඔබ මිදෙනු ඇත. ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරු කියා කියන්න බැහැ. මේ සම්බන්ධයෙන් කියවෙන විට උත්තරිතර ජීවය වන උත්තරිතර පියාගේ නම හැරෙන්න වෙන කිසිම නමක් භාවිත වෙන්නේ නැහැ. ඔහුව හැදින්වෙන්නේ දෙවියන්, පියා කියලයි. සැවොම ඔහුට කියන්නේ පියා කියලයි. ඉති එසේනම් ඔහු සර්ව ව්‍යාප්ත වන්නේ කෙසේද? සෑම කෙනෙකුවම නිදහස් කරවීම සඳහා ඔහු පැමිණෙන බව කිව්වත් මිනිස්සුන්ට මෙය තේරෙන්නේ නැහැ. එමනිසා, කල්පයට වැරදි කාලපරිච්ඡේදයක් සඳහන් කර තිබෙනවා. දරුවන් වන ඔබලා දැන් මෙම ව්‍යායාමය කළ යුතුයි. ඔබට දැන් දැනුම ලැබී තිබෙනවා. මෙහි සිටිනා විට. තමන් අශාරීරික පීවයක් බව සලකා පියාව සිහිපත් කළ විට ඔබගේ අකුසල් දුරුවී යනු ඇත. සිසුන් ඉදිරියේ ගුරුවරයෙක් අසුන් ගැනීම හරි දෙයක්. ව්‍යායාමයක් අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් විසින් ඉගැන්විය යුතුයි. ඇතැම් අය ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් අනිත් අය කණිෂ්ඨ ගුරුවරුන්. දැන් විභාග දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතාමත් ආදරණීය පියාව තමන් කෙතරම් දුරට සිහි කරනවාද කියා ඔබම දන්නවා. බ්‍රහ්ම ආදරණීයම කෙනා වෙන්නේ නැහැ. ආදරණියම කෙනා වෙන්නේ සෑම විටම පාරිශුද්ධ කෙනායි. ඉතාමත් ආදරණීයම කෙනා කවුද කියා දරුවන් වන ඔබලා දන්නවා. මිනිස්සු දෙවියන් සිහි කර: අහෝ දුක නැති කර සතුට දානය කරන්නාණනි කියා කන්නලව් කරනවා. ඒ වගේම ඔහු මුක්තිදායකයා. එනම් ඔබව දුකින් මුදවා ගන්නා කෙනා යන නමිනුත් හැදින්වෙනවා. දරුවන් වන ඔබලා තමා වෙනුවෙන්ම උත්සාහ දැරිය යුතුයි. නාටක සැලැස්මට අනුව, මෙම ලෝකය අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. එලෙස ලෝකය පාරිශුද්ධ වීමට නම් ලොකු ගින්නක් හට ගත යුතුයි. ඒ ගින්න හට ගන්නේ කෙසේද කියා ඔබ දන්නවා. විනාශයක් සිදුවීමෙන් තොරව ලෝකය පාරිශුද්ධ වෙන්න බැහැ. මෙය රුද්‍රාගේ ඨාන යාගයයි. රුද්‍රා හා ශිවා අතර වෙනසක් නැහැ. නමුත් ශිවා යන නම තමයි ප්‍රධානම නම. කොහොම නමුත්, මිනිස්සු තම තමන්ගේ භාෂා වලින් විවිධ නම් දී තිබෙනවා. ඔහුගේ සැබෑම නම ශිවා යි. මිනිස්සු ශිව ජයත්තියත් සමරනවා. ඒ ශිව ජයන්තිය භාරතයේ ඉතාමත් ප්‍රසිද්ධ එකක්. අසීමිත පියාගේ ජන්ම දිනයක් සමරන එකේ අනිවාර්යයෙන්ම ඔහු මෙහි සිටින්න ඇති. ශිව බබාගේ නම ඉතාමත් ප්‍රසිද්ධ එකක් බ්‍රහ්මා මාර්ගයෙන් දිව්‍ය ලෝකයේ ස්ථාපනය ඉටු කරන්නේ ඔහුයි. එමනිසා ඉහළම ඉහළ පියාව සිහි කළ යුතුයි. බබා ඉහළම ඉහළ කෙනා නොවෙයි. නමුත් ඇත්තෙන්ම කියනවා නම්, ඔහු ඒ තත්වයට පත් වෙනවා. පසුව ඔහුත් පහළට පැමිණෙනවා. බී.කේ. වරුන් වන ඔබලා සිටියේ පහළයි. නමුත් දැන් ඉහළම තත්වයට පත් වෙමින් සිටිනවා. පියාගේ නිවහන වන ඉහළම ඉහළ තැනට ඔබ යාවි. මේ කාලයේදී ඔබ ත්‍රිකාලදර්ශී බවට පත් වෙනවා. තමන් ස්වදර්ශන චක්‍රධාරීන් කියා ඔබලාම දැන් දන්නවා. ඔබලා බ්‍රහ්මාණ්ඩයත් ලෝකයේ මුල, මැද හා අගත් ගැන දන්නවා. සියළුම ජීවීන් සිටිනා තැන බ්‍රමාණ්ඩයයි. ජීව සිටින්නේ අශාරීරික ලෝකයේයි කියා පැහැදිලි කර කියා දිය හැකි වෙන කිසිම කෙනෙක් නැහැ. මෙහි ඇති ලෝකයත් බ්‍රහ්මාණ්ඩයත් එකිනෙකට වෙනස් දෙකක්. සාම දේශය කියාත් හැඳින්වෙන නිර්මාණ දනව්වේ තමයි ජීව සිටින්නේ. සෑම කෙනෙක්ම එයට කැමතියි. එහි සැබෑම නම නම් නිර්මාණ දේශය හෝ සාම දේශය යන්නයි. ජීවයේ ස්වරූපය සාමයයි. නිහඬ දේශයක් තිබෙනවා. එතනින් එහාට චලන දේශය තිබෙනා අතර ඉත් එහාට ඇත්තේ කථන දේශයයි. ඔබ චලන දේශය තුළ බොහෝ කාලයක් සිටින්නේ නැහැ. බොහෝ අයට නිහඬ දේශයේ සිටීමට සිදු වෙනවා. වෙන කිසිම තැනක් නැහැ. පියාවත් නිවහනත් සිහි කල විට, ජීවයත් ඒවා සිහිපත් කරන්නේ ඈත ඉහළ තැනකින්. මේ අතර මැද කලාපය ගැන ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. මිනිස්සුන්ට එපමණ දැනුමක් නැහැ. බ්‍රහ්මා, විෂ්නු හා ශංකර් සූක්ෂම ලෝකයේ සිටිනවා කියා ඔවුන් නිකම්ම කිවා වුණත් වෙන කිසිම කෙනෙක් ඔවුන්ගේ රැකියාව ගැන දන්නේ නැහැ. ඔවුන් උපත් 84ක් ගන්නවා. බ්‍රහ්මා විෂ්ණු වන අතර විශ්ණු බ්‍රහ්මා වෙනවා. මෙය අතරමැද යුගයයි: (ඉන්දියානු දින දර්ශනයට අනුව) ඉතාමත් කෙටි අධි මාසයක් පවතින්නාක් සේ මෙය ද ඇත්තේ ඉතාමත් කෙටි කාලයකටයි. දියමන්තියක් සේ ඔබව වටිනා කෙනෙක් බවට පත් කරවනා මෙම උපත ඉතාමත් උසස් උපතකි. ශුද්‍ර තත්වයෙන් බ්‍රහමින්වරයෙක් බවට පත් වීම ඉතාමත් උසස් උපතකි. බ්‍රහමින්වරුන් බවට පත් වුණු විට සීයාගේ උරුමයට අනිවාර්යෙන්ම හිමිකම් කියනවා. පියා කියනවා: දරුවනි. සෑම විටම මත්මනාභව් වී සිටින්න. දිගින් දිගටම පියාගේ පණිවිඩය සැමට ලබා දෙන්න. පියාව හැදින්වෙන්නේ දුතයෙක් ලෙසයි. වෙන කිසිම කෙනෙක් දුතයෙක් වන්නේ නැහැ. අන් අය කරන්නේ ඇවිත තම ආගම ස්ථාපනය කිරීම පමණයි. පාරිශුද්ධත්වයට පත් විය යුතුයි යන පණිවිඩය ඔබට දෙන පණිවිඩකරුවෙක් ලෙස සිටින්නේ එකම එක කෙනායි. අන් අය එන්නේ තම ආගම ස්ථාපනය කිරීමට පමණයි. ඔවුන් ඔබව ආපසු ගෙන යන මඟපෙන්වන්නන් නොවෙයි. ජීවන මුක්තිය දිය හැක්කේ එකම එක සත්ගුරුට පමණයි. උත්තරිතර පියා. උත්තරිතර ජීවය වන ශිවා පමණයි සත්‍යය කියා දී සත්‍ය මාවත පෙන්වා දෙන්නේ. දරුවන් වන ඔබලා ලොකු අදෘශ්‍යමාන උත්සාහයක් දැරිය යුතුයි. තමන් දැන් තම ශරීරය අමතක කර එකම එක පියාව පමණක් සිහි කල යුතුයි කියා දැන් ඔබ දන්නවා. ජීව වන ඔබලා තම ශරීර අතහැර දැමූ විට, ඔබ මුළු ලෝකයම අතහැර දමනා අතර ඉතිරි වන්නේ ජීවය පමණයි. පියා කියන්නේ ජීව අවධානයට පත් වුණු විට ඔබ ඔබගේ ඥාති හිතමිතුරන් සිහි කරනා එකක් නැහැ. මම ජීවයක් මා පියා සමඟ නිවහන වෙත යනවා. තමා වෙතට ඔබට ආ හැක්කේ කෙසේද කියා පියා ඔබට උපදෙස් දෙනවා. මේ බාබාත් ඉතාමත් ප්‍රසිද්ධයි. පියා මොහු හරහා සියළුම ජීවයන්ගේ මඟ පෙන්වන්නා වී මදුරු රෑනක් සේ සෑම කෙනෙක්වම ආපසු ගෙන යනවා. දරුවන් වන ඔබලාගේ බුද්ධියේ පමණයි මේ දැනුම තිබෙන්නේ. ඔබලා පාණ්ඩව හමුදාව වශයෙනුත් හැඳින්වෙනවා. පාණ්ඩවයින්ගේ පියා වන්නේ උත්තරිතර පියා, උත්තරීතර ජීවය වත ශිවායි, මිට පෙර කල්පයේදීත් කළ ආකාරයෙන්ම දරුවන් වන ඔබලාට මෙම ව්‍යායාම දැන් උගන්වන්නේ ඒ පියායි. විනාශය සිදු වන මොහොතේදී සියළුම ජීව තම ශරීර අතැර දමා නිවහන බලා ආපසු පිටත් වෙනවා. සත් යුගයේ ජීව ටික දෙනෙක් පමණක් සිටියාට එහි ඇත්තේ එකම එක අධිරාජ්‍යයක් පමණයි. දැන් අධිරාජ්‍ය ගණනාවක් ඇති අතර නැවතත් එකම එක රාජ්‍යයක් බිහි වේවි. දවස පුරා මෙම දැනුම ඔබගේ සිහියට ආවර්ජනය කර ගන්න. ප්‍රදර්ශන වලදී පැහැදිලි කර කියා දිය යුතුයි. නවදිල්ලිය ඇති කල තිබුණේ නව භාරතයයි. එකම එක ආදි සනාතන දෙවි දේවතා ධර්මයක් පමණයි තිබුණේ. හින්දු ධර්මය ආදි සනාතන ධමය නොවෙයි. බ්‍රමින්වරුන් වන අප දේවතාවරුන් වෙනවා. අනිත් ආගම් වල අය මෙය පිළිගන්නා එකක් නැහැ. පළමුවෙන්ම පැමිණෙන අය උපත් 84ක් ගන්නවා. මේ කරුණු තේරුම් ගැනීමට ඉතාමත් සරළ කරුණුයි. මේ නාටකය දැන් අවසන් වෙමින් පවතින බව දරුවන් වන ඔබලාගේ සිහියේ තිබෙනවා. සියළුනළුවත් දැන් මෙහි පැමිණිලා. ඔබලා දැන් ඔබගේ උපත් 84 අවසන් කර ඇති අතර නිවහන බලා ආපසු යා යුතුයි. මන්ද ඔබලා දැන් මහත් වෙහෙසට පත් වෙලයි ඉන්නේ. භක්ති මාර්ගය ඇත්තේ වෙහෙස වීමටයි. පියා කියනවා. දැන් මා සිහිපත් කර සෑම කෙනෙක්ටම පණිවිඩය ලබා දෙන්න: තම ශරීරය අමතක කර දමා පියාව සිහිපත් කරන්න. අශාරිරික වුණු විට ඔබ පාරිශුද්ධත්වයට පත් වේව්, මන්ද ඔබ සෑම කෙනෙක්ම නැවත නිවහන වෙතට යා යුතුයි. මරණය දැන් ඇත්තේ ඔබ ඉදිරියේමයි. දරුවන් වන ඔබලා නව පණක් ලැබීම සඳහා පියා ඉදිරියට පැමිණනවා. පියා දරුවත් වන ඔබලා ඉදිරියේම අසුන් ගෙන පැහැදිලි කරනවා: දරුවනි, ශාරීරික අවධානය අතහැර දමා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. මෙම පැරණි ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. එකම එක පියාව පමණක් සිහි කල විට ඔබ පාරිශුද්ධත්වයට පත් වී පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් බවට පත් වනු ඇත. කිසිදු උත්සාහයක් දැරුවේ නැතිනම් ඔබට කිසිදු ඵලයක් ලැබෙන්නේ නැත. එවිට දඩුවම් විදීමටයි සිදුවන්නේ. පියා කියනවා: දිගින් දිගටම තම ආදායම උපයමින් අන් අයට එයටම ආරාධනා කරන්න. සෑම කෙනෙක්ටම පියා වෙතට ඒමේ මාර්ගය පෙන්වා දෙන්න. දරුවන් වන ඔබලා කාරුණික විය යුතුයි. ඒ වගේම තම ඥාති හිතමිතුරන්ටත් යහපත උදා කර දෙන්න. මෙහිදී ඔබලාට ජීව අවධානයට පත් වෙන්න කියා කියා තිබෙනවා. ඔබට මහා මන්ත්‍රයක් දී තිබෙනවා. යෝගා ගින්නෙන් ඔබගේ අකුසල් සියල්ල දුරුවී යාවි කියා කියැවෙන පුරාතන යෝගාව ගැන පියාම පැමිණ ඔබට කියා දෙනවා. මීට පෙර කල්පයේ දීත් ඔබට මෙම සංසව ලැබුණා. පියා ඔබට සංඪ කර කියනවා: තමා ජීවයක් බව සලකා මා සිහි කරන්න. ඔබගේ පවුලේ අයත් සමඟ ගෙදරම ජීවත් විය හැකියි. මම ඔබ සරණ යමි කියා දෙයක් ගැන කියැවෙනවා. එහෙමත් සිදු වෙනවා. කෙනෙක් දුකට පත් වුණු විට තමාට වඩා බලවත් කෙනෙක් ලඟට ගොස් ඔහුගේ සරණ පතනවා. මෙය මෙහිදී සැබෑවටම සිදුවෙනවා. මහත් දුකක් ඇති විටෙක එය තවත් ඉවසිය නොහැකි අසරණම තත්ත්වයකට ඔබ පත් වුවහොත් අනිවාර්යෙන්ම බාබාගේ සරණ පතා මෙහි දුවගෙන එනවා. පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඔබට මුක්තිය දානය කරන්න බැහැ. පැරණි ලෝකය විනාශ වීමටයි යන්නේ කියා දරුවන් වන ඔබලා දන්නවා. ඒ සඳහා සියල්ල සුදානම් වෙමින් පවතිනවා. මේ පැත්තේ ස්ථාපනය සඳහා සියල්ල සූදානම් වෙමින් පවතින අතර අනිත් පැත්තෙන් විනාශය සඳහා සියල්ල සූදානම් වෙමින් පවතිනවා. ස්ථාපනය සිදු වුණු විට. අනිවාර්යයෙන්ම විනාශය සිදු වෙනවා. බාබා පැමිණ සිටින්නේ ස්ථාපනය සිදු කිරීමටත් එයින් ඔබ අනිවාර්යෙන්ම මොහු හරහා තම උරුමය ලබා ගන්නා බවත් ඔබ දැන් දන්නවා. කොහොම නමුත්, දිව්‍ය දර්ශන වලින් කිසිවක් ලබා ගන්න බැහැ. ගුරුවරයෙකුගේ දිව්‍ය ඥානයෙන්ම සියල්ල ඉගෙන ගැනීමට ඔබට හැකියි කියා ඔබ ගුරුවරයාට කියනවා ද? එලෙස සියල්ලම කල හැකි නම්, ශිව ජයන්තිය සැමරෙන්නේ ඇයි? එසේනම් ශිව ජයන්තියක් සැමරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔහු සියල්ලම දිව්‍ය ඥානයෙන් කරාවි. සියළුම ජීවයන්ගේ ඉපදුණු දවසක් තිබෙනවා. සියළුම ජීව ශරීරයකට ඇතුළු වෙනවා. ජීවයත් ශරීරයත් දෙකම එකට එකතු වුණු විට ජීවය තම චරිතය රඟදක්වනවා. ජීවයන්ගේ මුල්ම ධර්මය සාමයයි. ජීවය මඟින් දැනුම උකහා ගන්නවා. හොඳ හා නරක සංස්කාර ගෙන යන්නේ ජීවයයි. පියා දිව්‍ය ලෝකයේ නිර්මාණකරුයි. එහි ඇත්තේ පාරිශුද්ධත්වයම පමණයි. අපිරිසිදුතාවයක නාමයක්වත් එහි නැහැ. මෙය වස සාගරයක්. ඉතාමත් පැහැදිලිව ඔබට පහදා දී තිබෙනවා. ඒ වුණත් මෙය සෑම කෙනෙකුගේම සිහියේ රැදෙන්නේ නැහැ. කොහොම නමුත්, කාටවත් දොස් පවරන්නත් බැහැ. සෑම කෙනෙක්ම නාටක බන්ධනයේ බැඳිලයි සිටින්නේ. ඉතාමත් ඉහළ තැනක සිට ඔබ ඉණිමඟේ පහළට පැමිණ සිටින බව දැන් දන්නවා. තාටකයට අනුව අප පහලට පැමිණිය යුතුයි. පියා කියනවා: දැන් නැවතත් ඉහළ තැඟීමට උත්සාහ දරන්න. වසර දෙකක් තුනක් තිස්සේ ඉදලත් ඇතැම් අය වැටෙනවා. තමන් ලොකු වැරැද්දක් කර තමාට සෑහෙන සේ රිදවා ගෙන ඇති බව පසුව ඔවුන්ට වැටහෙනවා. මෙය කල්ප බාගයක රෝගයක්: පොඩි දෙයක් නොවෙයි. කල්ප බාගයක් පුරා ඔබ සිට ඇත්තේ රෝගාතුරවයි. කාම සැප විදිමින් සිටීම නිසා ඔබ රෝගී වෙලා. පියා පැමිණ ඔබට උත්සාහ දැරීමට උනන්දු කරවනවා. ක්‍රිෂ්ණාට යෝගේෂ්වර කියලත් කියනවා. දැන් මේ කල ඔබලා සැබෑ යෝගීන්. යෝගේෂ්වර ඔබට යෝග උගන්වනවා. ඒවගේම ඔබලා ගියාන්-ග්‍යානේෂ්වරත් වෙනවා. පසුව රාජ-රාජේෂ්වර (කුමර කුමරියන්) වෙනවා. දැනුම තුළින් ධනවත් වත ඔබලා යෝගාවෙන් කිසිදු රෝගයක් නැති නොනිමි සුවයක් ලබනවා. ඔබගේ සෑම දුකම කල්ප බාගයකටම ඉවත් කර දමනවා. එමනිසා, මේ සඳහා ඔබ කොයිතරම් දුරක උත්සාහයක් දැරිය යුතු ද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පාරිශුද්ධත්වයට පත් වීම සඳහා අශාරීරික වීම පුහුණු කරන්න. එකම එක පියාව සිහිපත් කළ යුතුයි යන පණිවුඩය සෑම කෙනෙක්ටම දෙන්න. ඔබගේ ශරීරය ඇතුළු සියල්ලම අමතක කර දමන්න.

2. යෝගේෂ්වර පියාගෙන් යෝගා ඉගෙන ගෙන සත්‍ය යෝගීවරයෙක් බවට පත් වන්න. දැනුමින් ධනවත් වී යෝගාවෙන් රෝග වලින් තොර නොනිමි සුවයක් ලබන්න.

වරදානය:
ඔබ උපකරණ ජීවාත්මයන්ගෙන් කර්ම යෝගීවරයෙක් වීමේ ආශිර්වාදය ලබා ගෙන, ඒ අනුව මාස්ටර් ආශිර්වාද දානපතියෙක් වේවා.

යම් දෙයක් ශරීරයෙන් කරන අන්දම ඔබ දුටු විට, ඔබට එය පහසුවෙන් කළ හැක, මේ නිසයි සියලුම ශ්‍රේෂ්ඨ උපකරණ ජීවාත්මයන්ගේ සේවයේ ප්‍රායෝගික ස්වරූපය, අත්හැරීම, සෙනෙහස සහ සහයෝගය දැකීමෙන් ඔබ දිරිමත් වූ විට, එය ඔබට ආශිර්වාදයක් වන්නේ. කාර්යය සිදුකරන විට උපකරණ ජීවාත්ම ධාරණය කරගත් ගුණධර්ම භාවිතා කරන අන්දම ඔබ දකින විට, එය ඔබට පහසුවෙන් කර්ම යෝගීවරයෙක් වීමට ආශිර්වාදයක් ලැබීම වැනිය. එවන් ආශිර්වාද නොකඩවා ලබා ගන්න අය, මාස්ටර් ආශිර්වාද දානපතියන් වෙයි.

පාඨය:
නමක් උපයා ගැනීමේ පදනමින් සේවය කිරීම යනු, උසස් තත්ත්වයක් හිමි කරගැනීමේදී, ඔබගේ නම පිටුපසට දැමීමයි.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පවිත්‍ර) වන්න.

පවිත්‍රත්වයේ ලක්ෂණය වන්නේ පිරිසිදුකම සහ සත්‍යයයි. දවස පුරා, ඔබ ඉඳගෙන සිටියත්, ගමන් කරමින්, කතා කරමින් හෝ භෞතික හෝ සූක්ෂම සේවය කරමින් සිටියත්, එය නිවැරදි අන්දමට නොකරන්නේ නම්, ඔබ එය සිදු කරන ආකාරයේ සුළු වෙනසක් හෝ ඇත්නම්, එයත් පිරිසිදුකම නොවෙයි, එනම් එය පවිත්‍රත්වය නොවෙයි. කෙනෙකුට දුක් දීම හෝ පාපකාරී ක්‍රියාවක් සිදු කිරීම එකම අපවිත්‍රතාවය නොවෙයි. කෙසේවෙතත්, ඔබ නිවැරදි ආකාරයට තමන් තුළ සත්‍යය සහ පිරිසිදුකම අත්දකින්නේ නම්, එවිට ඔබ පවිත්‍රයි.