31.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ තරම් වාසනාවන්ත වෙනත් අය නොමැත, මන්ද මුළු ලෝකයාම අඬ ගසන පියා, ඔබට
උගන්වන අතර, ඔබ ඔහු සමඟ කතා කරයි.
ප්රශ්නය:
ඥානයේ මහා
සයුර කැලතීමට දන්නා දරුවන්ගේ සළකුණු මොනවාද?
පිළිතුර:
දවස පුරාම ඔවුන්ගේ බුද්ධියේ ඇති සැලකිල්ල වන්නේ, සෑම කෙනෙකුටම මාර්ගය පෙන්වා,
ඔවුන්ට යහපතක් සිදුකරන්නේ කෙසේද කියා. ඔවුන් සේවය සඳහා දිගින් දිගටම අලුත් සැලසුම්
සාදයි. ඔවුන්ගේ බුද්ධිය තුළට සියලු ඥානය අඛණ්ඩව කාන්දු වෙයි. ඔවුන් කිසිම විටෙක
ඔවුන්ගේ කාලය අපතේ නොයවයි.
ඕම් ශාන්ති.
අශාරීරික පරම
පියා, පරමාත්ම ජීවය, ඔය දරුවන් ඉදිරියේ සිට කතා කරයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි.
උසස්ම වන්නේ දෙවියන් බව පැවසෙයි. ඔහුගේ වාසස්ථානයද උසස්ම තැනයි. වාසස්ථානය, ඉතා
සුප්‍රසිද්ධයි. අපි අශාරීරික ලෝකයේ නිවැසියන් බව, ඔය දරුවන් දන්නවා. මනුෂ්‍යයන් මේ
කිසිම දෙයක් නොදනී. දෙවි පියාණන් කතා කරයි. කතා කරන්නේ, අශාරීරික පරමාත්ම දෙවියන්
බව, ඔය දරුවන් හැර වෙනත් කිසිම මනුෂ්‍යයෙක් නොදනී. ඔහු අශාරීරික බැවින්, ඔහු කතා
කරන්නේ කෙසේද කියා, කිසිවෙකුගේ බුද්ධිය තුළට ඇතුළු නොවෙයි. මෙය නොදත් නිසා, ඔවුන්
ගීතාවේ ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබේ. ඔහු දැන් ඔය දරුවන්ට පෞද්ගලිකව කතා කරනවා.
ඔහු ඉදිරියේ පෞද්ගලිකවම නොසිට, ඔබට ඔහුට සවන් දිය නොහැක. ඇතැම් අය දුරක සිට සවන්
දෙන නමුත් එම විශ්වාසය නොමැත. මේවා දෙවියන්ගේ වදන් බව ඔවුන්ට ඇසෙයි. ඔබ මෙය
නිවැරදිවම දන්නවා. ශිව බාබා, පරමාත්ම දෙවියන්ය. බාබා මෙම ඥානය ඔබට ප්‍රායෝගික
අන්දමකින් පවසන බව ඔබ දන්නවා. ඔබගේ බුද්ධිය විගසින් උඩ ඉහළට යයි. උසස්ම-උසස්
ස්ථානයේ වාසය කරන කෙනා, ශිව බාබායි. ප්රභූවරයෙක් හෝ මහ රැජිණ පැමිණි විට, එම කෙනා
අහවල් ස්ථානයෙන් එම වෙලාවට පැමිණ ඇති බවත් මෙහි පැමිණ ඇති බවත් ඔබ දන්නවා. බාබා ඔබව
ඔහු සමඟ රැගෙන යාමට පැමිණ ඇති බවත් ඔය දරුවන් දන්නවා. අපි බාබා සමඟ ආපසු නිවසට
යනවා. අපි පරම දනව්වේ නිවැසියන්ය. ඔබට දැන් පරම පියාව සහ ඔබගේ නිවස සිහිවෙයි. පරම
පියා, ලෝකයේ නිර්මාණකරුයි. පියා පැමිණ, අශාරීරික ලෝකයේ, සූක්ෂම දේශයේ සහ භෞතික
ලෝකයේ රහස් ඔය දරුවන්ට විස්තර කර දී ඇත. අපගේ අනාගත උපත් 21 වෙනුවෙන් පියාගෙන් අපගේ
උරුමය හිමි කරගැනීම සඳහා, අප සැබවින්ම උත්සාහ දරන බව, ඔවුන්ගේ බුද්ධියේ ඇති අයට
පමණක්, මෙය වටහා ගැනීමට හැකි වෙයි. ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ කිසිදා උත්සාහ දැරීම
නතර නොකළ යුතුයි. ඔවුන්ගේ විභාගය පැවැත්වෙන තුරු ඉගෙන ගත යුතු බව, පාසැලක දරුවන්
දනී. උසස්ම විභාගය සමත් වීමේ අරමුණ සහ ඉලක්කය ඔවුන්ට ඇත. ඔවුන් එක් කොලීජියකින් පිට
වී, ඉන්පසුව දෙවැනි සහ තෙවැනි උසස් කොලිජී වලට යයි. ප්‍රධානතම දේ වන්නේ අඛණ්ඩව ඉගෙන
ගැනීමයි. වඩාත් උසස් විභාගයක් සමත්වීම ගැන, වැදගත් කෙනෙකුගේ දරුවෙක් අනිවාර්යයෙන්ම
සිතයි. ඔබ ශ්‍රේෂ්ඨ පියාගේ දරුවන් බව ඔබ දන්නවා. අප සියල්ලන්ම ශිව බාබාගේ දරුවන්
බව, ලෝකයේ කිසිවෙකු නොදනී. ඔය දරුවන් උසස්ම-උසස් පරම පියාගේ දරුවන්ය. ඔබ ඉතා වැදගත්
අධ්‍යාපනයක් හදාරයි. උසස්ම-උසස් ඉගෙනුම මෙය බව, ඔබ දන්නවා. ඔබට උගන්වන්නේ පරම
පියාය, එබැවින් ඔබ තුළ විශාල උද්යෝගයක් සහ සතුටක් තිබිය යුතුයි. ඔබට ඕනෑම කෙනෙකුට
මෙය පහදා දිය හැක. අපි ශ්‍රේෂ්ඨතම පියාගේ දරුවන්ය. අපි ශ්‍රේෂ්ඨතම සත්ගුරුගේ උපදෙස්
පිළිපදිනවා. ඔබ ගුරුවරයාගේ සහ ගුරූගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔවුන් අනුගාමිකයන්
යැයි තමන් ගැන කියයි. මෙහි, ඔබ පියාගේ උපදෙස්, ගුරුවරයාගේ උපදෙස් මෙන්ම ගුරූගේ
උපදෙස්ද පිළිපැදිය යුතුයි. ඔහු ඔබගේ පියා, ගුරුවරයා මෙන්ම ගුරූද බවත් ඔබ දන්නවා.
අපි අනිවාර්යෙන්ම ඔහුගේ උපදෙස් පිළිපැදිය යුතුයි. ඔහු එක්කෙනෙක් පමණයි. උසස්ම-උසස්
වන්නේ ශිව බාබා වන අතර කතා කරන්නේ ඔහුයි. බාබා ඔය දරුවන්ගෙන් විමසන්නේ ශිව බාබා කතා
කරනවාද? ශංකර් කතා කරනවාද? බ්‍රහ්ම කතා කරනවාද? විෂ්ණු කතා කරනවාද? (ශිවා සහ
බ්‍රහ්ම කතා කරන නමුත් විෂ්ණු සහ ශංකර් කතා නොකරන බව කෙනෙක් පැවසුවා). විෂ්ණුගේ
ස්වරූප දෙක, ලක්ෂ්මි සහ නාරායන බව ඔබ පවසයි, එබැවින් ඔවුන් කතා නොකරයිද? ඔවුන්
ගොළුයිද? (ඔවුන් ඥානය පවසන්නේ නැත). මා කතා කරන්නේ ඥානය ගැන නොවෙයි, නමුත් මා
විමසන්නේ, ඔවුන් කතා කිරීම ගැනයි. විෂ්ණු හෝ ලක්ෂ්මි සහ නාරායන කතා කරනවාද? ශංකර්
කතා නොකිරීම හරි, නමුත් ඉතිරි තිදෙනා කතා නොකරන්නේ මන්ද? ලක්ෂ්මි සහ නාරායන,
විෂ්ණුගේ ස්වරූප දෙකය, එබැවින් ඔවුන් නියත වශයෙන්ම කතා කරයි, එහෙම නේද? ශිව බාබා
අශාරීරික බව මිනිසුන් විශ්වාස කරයි, එබැවින් ඔහු කතා කරන්නේ කෙසේද කියා ඔවුන්
සිතයි. ශිව බාබා මෙම කෙනා තුළට ඇතුළු වී කතා කරන බව, ඔය දරුවන් දන්නවා. ඔහුව දරුකමට
හදාගත් බැවින්, බ්රහ්මද කතා කළ යුතුයි. ගිහිගේ අත්හල පසු, සන්යාසීන් ඔවුන්ගේ නම්
වෙනස් කරයි. ඔබද අත්හල අය බැවින් ඔබගේද නම් වෙනස් විය යුතුයි. ආරම්භයේදී බාබා ඔබලාට
විවිධ නම් ලබා දුන් නමුත්, අලුත් නම් ලබා දුන් අය පවා මිය ගිය බව ඔහු දුටුවා. ඔවුන්
ඥානය ඇසීමෙන් විශ්මයට පත් වූවන් විය ඔවුන් ඥානයට සවන් දුන්නා, එය අන් අයට පැවසූවා,
ඉන්පසුව පැන ගියා. එබැවින් බාබා දරුවන් කී දෙනෙකුට නම් ලබා දෙයිද? මේ දිනවල මායා
බොහෝ බලවත්ය. එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූ කල, එයට විෂ්ණුගේ දේශය යැයි කියු
බව, බුද්ධිය පවසයි. ඔබගේ බුද්ධිය තුළ මෙම අරමුණ සහ ඉලක්කය ඇත. විෂ්ණුගේ ස්වරූප දෙක
වන ලක්ෂ්මි සහ නාරායන, රාජධානිය පාලනය කරයි, එබැවින් ඔවුන් කතා නොකරන්නේ ඇයි? බාබා
කතා කරන්නේ, මෙහි සහ දැන් පිළිබඳව නොවෙයි. අශාරීරික කෙනාට කතා කළ හැක්කේ කෙසේද කියා
මිනිසුන් විමසයි. අශාරීරික කෙනා පැමිණෙන්නේ කෙසේද කියා ඔවුන් නොදනි. ඔවුන් ඔහුට
පාරිශුද්ධකරු යැයි කියයි. ඔහු, ඥානයේ මහා සාගරයයි, ජීවමාන ජීවාත්මය මෙන්ම සෙනෙහසේ
මහා සාගරයයි. සෙනෙහස, සිතිවිලි මඟින් දිරිගැන්වීමෙන් ඇති වන්නේ නැත. ඔහු මෙම කෙනා
තුළට ඇතුළු වී, ඔය දරුවන්ට සෙනෙහස දක්වයි, ඔබ පරම පියා, පරමාත්ම ජීවයගේ ඇකයට යන බව
පවසන්නේ මේ නිසාය බාබා මා කෑම කන්නේ ඔබත් සමඟයි, මා සවන් දෙන්නේ ඔබටයි.... බුද්ධිය
ඔහු වෙතට යයි. ශ්‍රී ක්‍රිෂ්ණා ඔබගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. පියා මෙහි අසුන්ගෙන
ඔය දරුවන්ට විස්තර කරයි. ඔබ තරම් භාග්‍යවන්ත වෙනත් අය නැත. ඔබ ඉතා ශ්‍රේෂ්ඨ චරිත
කොටස් ඇති නළුවන් බව ඔබ දන්නවා. මෙය නාටකයකි. මෙයට පෙර, ඔබ කිසිවක් දැන සිටියේ නැත.
පරම පියා දැන් මෙම කෙනා තුළට ඇතුළු වී ඇත, එබැවින් නාටක සැලසුමට අනුව, අපි ඔහුගේ
මාර්ගයෙන් සවන් දෙනවා. පියා පවසන්නේ මිහිරිතම දරුවනි, බාබා අශාරීරික බව ඔබ දන්නවා.
ඔහු ජීවාත්ම වන අපගේ පියාය. මෙම දේවල් කිසිම පත පොතක ලියා නැත. ඔබගේ බුද්ධි, දැන්
සීමා රහිත වී ඇත. ශිෂ්‍යයන් ඉගෙනගන්නා විට, සියලුම ඉතිහාසය සහ භූගෝලය ඔවුන්ගේ
බුද්ධියට ඇතුළු වෙයි. කෙසේවෙතත්, බාබා ඉන්නේ කොහිද කියා කිසිවෙකුගේ බුද්ධියේ නැත.
මෙය නිවැරදිව වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔබට ප්‍රායෝගික අන්දමකින් මෙම සතුටද
තිබේ. බාබා පරම දනව්වේ සිට පැමිණ, අපට උගන්වයි. දවස පුරාම ඔබලා අතරේ, හදවතින් හදවතට
මෙසේ කතා බහ කළ යුතුයි. ඥානය හැර වෙනත් දෙයක් කතා කිරීම යනු සියල්ල සම්පූර්ණයෙන්ම
විනාශ කරගැනීමයි. ඔබගේ සිරුරේ ජීවිකාව වෙනුවෙන් ඔබ වැඩපල ආදිය කළ යුතුයි. ඒ සමඟම ඔබ
මෙම ආධ්‍යාත්මික සේවයද කළ යුතුයි. මෙම භාරතය සැබවින්ම දිව්‍ය ලෝකය වූ බව ඔබ දන්නවා.
එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. දේවතාවන්ගේ සියලුම පිංතූර ගැන නිවැරදි ඥානය
ඔබ තුළ දැන් ඇත. ලක්ෂ්මි සහ නාරායනගේ අංක එකේ පිංතූරය ගෙන, ඒ ගැන සිතා බලන්න ඔවුන්
සැබවින්ම භාරත රාජධානියේ පාලනය කළා. එබැවින් තිබුණේ එක් ධර්මය පමණක්ය. රාත්‍රිය
අවසන් වී දිවාකල ආරම්භ විය, එනම්, කලි යුගය අවසන් වී, ස්වර්ණමය යුගය පැමිණියා. කලි
යුගය රාත්‍රිය වන අතර ස්වර්ණමය යුගය උදෑසනයි. ඔවුන්ගේ රාජධානිය හිමි කරගත්තේ කෙසේද
යන්නට, ඥානයේ මහා සයුර මතගාන්න. මෙවැනි කියමනකි ඔබ මුහුදට ගලක් විසි කළ විට එය කුඩා
රැළි ඇති කරයි. එබැවින් ඔබත් ගලක් විසි කර, මිනිසුන්ට විස්තර කළ යුතුයි. මේ ගැන
සිතන්න භාරතයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණා නේද? ඉන්පසුව භක්ති මාර්ගයේ දේවතාවන්ට
දේවාල තැනු අය ඔවුන්ය. ඉන්පසුව එම දේවාල කොල්ල කන ලදි. එය ඊයේ සිදු වූ දෙයක් වැනිය.
එය දැන් භක්ති මාර්ගයයි, එබැවින් නියත වශයෙන්ම එයට පසුව ඥානයේ මාවත තිබිය යුතුයි.
මේ සියලුම දේවල් දැන් ඔබගේ බුද්ධිය තුළ ඇත. පියා පැමිණ ඔබට ඔහුගේ ජීවිත කතාව කියයි.
ඔබට එය සිහි නොවන්නේ ඇයි? බාබා පැමිණ, අපට මේ සියලුම ඥානය පවසයි. ඔබ එය වටහාගැනීමද
අවශ්‍යයි. ඔබට ඕනෑම කෙනෙකුට එය පැවසිය හැක. අපගේ අරමුණ සහ ඉලක්කය මෙම පිංතූරයයි.
උසස්ම රජ සහ රැජිණ වූයේ, ලක්ෂ්මි සහ නාරායනය. භාරතය, දිව්‍ය ලෝකයව පැවතුණි. එය ඊයේ
සිදු වූ දෙයක් මෙනි. එබැවින් ඉන්පසුව ඔවුන් ඔවුන්ගේ රාජධානිය අහිමි කරගත්තේ කෙසේද?
ඔය දරුවන් මේ සියලුම ඥානයට සවන් දෙන නමුත් එය නිරන්තරයෙන් ඔබගේ බුද්ධිය තුළට කාන්දු
වන්නේ නැත. ඔබට එය මතක් වන්නේවත් නැත. ඔබට එය සිහි වූයේ නම්, ඔබට එය වෙනත් අයට
විස්තර කිරීමටද හැක. එය බොහෝ පහසුයි! ඔබ මෙහි පැමිණෙන්නේ ලක්ෂ්මි සහ නාරායන හා
සමාන වීමටයි. මෙය වසර 5000ක් පිළිබඳ කාරණාවක් බව ඔබට විස්තර කර දී තිබේ. ’ඈත ඈත
අතීතයේ‘ ට වඩා පැරණි දෙයක් තිබිය නොහැක. භාරතයේ මෙම කතාපුවත, පැරණිම එකය. සැබවින්ම
සත්‍ය කතා පුවත මෙය විය යුතුයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ කතාව මෙයයි. එය ඔවුන්ගේ රාජධානිය
විය. රාජධානිය තව දුරටත් නොපවති. කිසි කෙනෙක් එය ගැන කිසි දෙයක් නොදනී. එය අංක
පිළිවෙලට ඔබගේ බුද්ධිය තුළට කාන්දු වෙමින් තිබෙයි. පියා පවසන්නේ මා සිහි කරන්න.
කෙසේවෙතත්, කිසිවෙක් නිවැරදිව මා සිහි කරන්නේ නැත. පරම පියා, තිතක් වන අතර අපද
තිත්ය. මේ ටිකවත් ඔබගේ බුද්ධිය තුළ රැඳෙන්නේ නැත. මෙය ඉතා හොඳින් සමහරෙකුගේ බුද්ධිය
තුළට කාන්දු වෙයි. ඔබ අසුන්ගෙන කෙනෙකුට විස්තර කරන විට, එයට පැය හතරක් හෝ පහක් වුවද
ගත වනු ඇත. මේවා ඉතා ආශ්චර්යමත් කාරණාය. ඔවුන් අසුන්ගෙන සත්‍ය නාරායනගේ කතා පුවතට
සවන් දෙන විට, එයට උනන්දුවක් දක්වන අය, පැය දෙකක් හෝ තුනක් වුවත් අසුන් ගෙන එයට
සවන් දෙයි. මෙහිද එය එසේය මේ ගැන දැඩි උනන්දුවක් ඇති අයට, කොහොමත් වෙනත් කිසිවක්
ගැන සිතීමට නොහැකි වෙයි. මෙම දේවල් වටහාගැනීමට උත්සාහ දරමින් ඔවුන් විනෝදයක් ලබයි.
ඔවුන් මෙම දේවල් වලින් ආශ්වාදයක් ලබයි. මෙම සේවයේ නියැලී, වෙනත් සියලුම ව්‍යාපාර
ආදිය නතර කිරීමට උවමනාවක් ඔවුන්ට දැනෙයි. කෙසේවෙතත්, කිසිවෙකුට නිකම්ම එසේ අක්‍රියව
අසුන්ගෙන සිටිය නොහැක. ඔය දරුවන් සත්‍ය නාරායනගේ කතා පුවතට සවන් දෙමින් සිටිනවා.
ඔබගේ බුද්ධියෙන් ඉතා හොඳ දේවල් මතගෑවෙනවා. මෙම භාණ්ඩ භාරදීමට අප නිති සූදානමින්
සිටිනවා. සියලුම භාණ්ඩ සෑම විටෙකම සූදානමින් තිබිය යුතුයි. ඔබට ඕනෑම කෙනෙකුට මෙම
පිංතූරය පෙන්වා, ලක්ෂ්මි සහ නාරායන ඔවුන්ගේ රාජධානිය හිමි කරගත්තේ කෙසේද කියා
ඔවුන්ට විස්තර කළ හැක. බොහෝ වසර ගණනාවකට පෙර, ඔවුන් ලෝකයේ අධිපතියන් විය. එකල ලෝකයේ
ජනගහණය කෙතරම් වීද, එසේම දැන් කොපමණ ජනගහණයක් සිටිනවාද? ඔබ ඔවුන් වෙතට මේ අන්දමින්
එක් හෝ තව ගලක් විසි කළ යුතුයි, එවිට ඔවුන් ඥානයේ සාගරය දිගටම මතගානු ඇත. ඔවුන් මෙම
වංශයට අයත් නම්, විගසින් බලපෑමට ලක් වනු ඇත. ඔවුන් මෙම වංශයට අයත් නැත්නම්, ඔවුන්ට
කිසි දෙයක් නොවැටහෙන අතර ඔවුන් මෙහි සිට පිටව යයි. එය නාඩි ඇල්ලීම පිළිබඳ කාරණාවකි.
ඔබ මෙම මිහිරි ඥානය හැර, වෙනත් දෙයක් ගැන කතා නොකළ යුතුයි. ඔබ ඥානය හැර වෙනත් යමක්
ගැන කතා කරන්නේ නම්, එය අශුභ බවත් එහි සාරයක් නැති බවත් ඔබ වටහා ගත යුතුයි. සෑම
දෙයක් ගැනම ඇසීමට මහත් උනන්දුවක් දක්වන දරුවන් බොහොමයක් මට සිටිනවා. පියා විස්තර
කරන්නේ කිසිම අශුභ දෙයකට සවන් නොදෙන්න. යහපත් දේවල් වලට පමණක් සවන් දෙන්න. එසේ
නැත්නම් හේතු රහිතව, ඔබ තුළ ඇති සියලු සත්‍යය ඔබ විනාශ කර දමාවි. පරම පියා පැමිණ
ඔබට පවසන්නේ ඥානය පමණයි. ඔහු පවසන්නේ වෙනත් කිසිවක් ගැන කතා නොකරන්න. ඔබ ඉන් බොහෝ
කාලය අපතේ හරියි. ’අහවල් කෙනා මේ වගේ වන අතර ඔහු මේ දේවල් කරයි.‘ මෙය අශුභ බව
කියයි. ලෝකයාට එය වෙනම කාරණාවකි ඔබගේ සෑම තත්පරයක්ම ඉතා වටින්නේය. ඔබ කිසි විටෙක
එවන් දේ ඇසිය හෝ කතා නොකළ යුතුයි. එසේ කරනවා වෙනුවට වඩා හොඳ වන්නේ ඔබ අසීමිත පියාව
සිහිපත් කර විශාල ආදායමක් උපයා ගැනීමයි. ගොස් සෑම තැනකම පරම පියාගේ හැඳින්වීම ලබා
දෙන්න. මෙම ආධ්‍යාත්මික සේවය අඛණ්ඩව සිදු කරන්න. ඔබ සැබෑ මහා සටන්කාමීන්ය. දවස
පුරාම ඔබ සැලකිලිමත් විය යුත්තේ, මෙම මාවත පෙන්වීමට කෙනෙක් ඔබ වෙතට පැමිණිය යුතු
බවයි. පියා පවසන්නේ ඇල්ෆා වන මා සිහි කරන්න, එවිට ඔබට බීටා වන රාජධානිය හිමිවෙයි.
එය ඉතා පහසුයි! ඔබ ගොස් මේ අන්දමින් සේවය කළ යුතුයි. ඔය දරුවන් සේවයට බොහෝ අවධානයක්
යොමු කළ යුතුයි. තමන්ට සහ අන් අයට යහපතක් සිදු කරන්න. පියා මෙහි පැමිණ ඇත්තේ ඔය
දරුවන්ට විස්තර කිරීමටයි. ඔය දරුවන්ද මෙහි පැමිණ ඇත්තේ ඉගෙනගෙන ඉන්පසුව අන් අයට
ඉගැන්වීමටයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ඔබගේ කාලය අපතේ හැරීමට හෝ නිකම්ම චපාති පිසීමට
නොවෙයි. දවස පුරාම ඔබගේ බුද්ධිය ක්‍රියාත්මක විය යුත්තේ සේවය වෙනුවෙන්ය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට වැඩකට
නැති දේවල් ගැන කතා කරමින් හෝ ඒවාට සවන් දීමෙන් ඔබගේ කාලය අපතේ නොහරින්න. හැකි
පමණින් ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කරන්න.
2. ඔබට උගන්වන්නේ
කවුරුන්ද පිළිබඳව, නිරන්තරයෙන් උද්යෝගය සහ සතුට පවත්වාගන්න. කිසිම විටෙක උත්සාහ
දැරීම නතර නොකරන්න. ඔබගේ මුවින් ඥානයේ මිණි මුතු පමණක් මතු වීමට ඉඩ හරින්න.
වරදානය:
ඔබ
ප්‍රඥාවන්තව එකම අවස්ථාවක දී සේවා වර්ග තුනක්ම ඉටු කරමින් සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වේවා.
වර්තමාන කාලයට අනුව,
සිතිවිලි, වචන සහ ක්‍රියා යන අංශ තුන ඔස්සේ සේවාවන් එකම අවස්ථාවකදී සිදුවිය යුතුය.
වචනයෙන් සහ ක්‍රියාවෙන් සේවය කරන අතරම, පිරිසිදු සිතිවිලි සහ උසස් ආකල්ප පවත්වා
ගනිමින් මනසින් ද සේවය කිරීම අඛණ්ඩව සිදු කරන්න. එවිට ඔබට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත;
මන්ද ඔබේ මනස බලසම්පන්න වන විට ඔබේ වචන ද බලයෙන් පිරෙනු ඇත. එසේ නොමැති නම්, ඔබ
හුදෙක් සියල්ල ඔහේ කියවා ගිරවුන් මෙන් එය නැවත පවසමින් ඒ ගැන කතා කරන පණ්ඩිතයින්
වැනි අයෙකු බවට පත්වනු ඇත. 'ග්‍යානී ජීවාත්මයක්' හෙවත් ප්‍රඥාවන්ත තැනැත්තා සේවා
වර්ග තුනම එකම අවස්ථාවකදී ඉටු කරන අතර එමගින් සාර්ථකත්වයේ ආශිර්වාදය හිමිකර ගනී.
පාඨය:
තම වචන,
ක්‍රියා සහ දෘෂ්ටිය තුළින් සාමය, බලය සහ සතුටේ අත්දැකීම ලබා දීම ශ්‍රේෂ්ඨ
ජීවාත්මයන්ගේ ශ්‍රේෂ්ඨත්වයයි.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
කුඩා හෝමියෝපති පෙති
වලට දරුණු රෝගයක් සුව කළ හැකි වන්නා සේම, ඔබ මාස්ටර් සර්ව බලධාරී අධිකාරීන්ට ඔබේ
ආකල්පය සහ දෘෂ්ටිය තුළින් ඕනෑම අයෙකුගේ රළු සංස්කාර නම් රෝගය දුරු කළ හැකිය. එම
ඖෂධය "මම මෙම රෝගය දුරු කරන්නේ කෙසේද?" යැයි ප්‍රශ්න නොකරන්නා සේම, අන් අයව ඉහළ
නංවන ජීවාත්මයන් වන ඔබ ද මෙම ඥානයේ 'මාස්ටර් සූර්යයන්' බවට පත්වී, සියලු
ජීවාත්මයන්ගේ අපිරිසිදු සිතිවිලි සහ ආකල්ප දවා හැරීමේ සේවය කළ යුතුය. ඔබට අපහාස කරන
අයව ඉහළ නංවන්න.